"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
93 පේළිය:
වළවේගඟට බැස්සයි ගෝමරඇත්තූ
 
ස්වාභාවික වෘක්ෂලතා කලාපයේ පැවති නොඉඳුල් වනය(virgin forest) මිනිසාගේ අසීමාන්තික මැදිහත්වීමෙන් හෙලි පෙහෙලිවන්නට වූයේ ශ්‍රීලංකා ඉතිහාසයේ මධ්‍යකාලීන යුගයේ ඇරමීමත් සමග වගේ බව ඉතිහාස පුවත් විමසනවිට පැහැදි‍ලි වේ. රොබට් නොක්ස්ගේ වාර්තාවන් විමසනවිටද මහනුවරින් බැහර එහි නිරිතදිග කොටස් ඝනවනාන්තරයෙන් වැසී තිබුණ බව පැහැදිලිවේ. අප්‍රමාණ ලෙස පාරවල් ිබුණද ඒ සෑම එකකම යායුත්තේ එකාපස්සේ එකා ගමන්කිරීමෙන් පමණක් බව ද ගංගා හරහා පාලම් නොතිබුණ බවක්ද නොක්ස් කියයි. පුරාණ පුස්කොල ලේඛනයේ හමුවන '''ගැට්ටපාන වන්නිරාල''' සහ '''කොට්ටයාකන්දේ වන්නිරාල''' වැනි චරිත වලට නම්පටබැඳ ඇත්තේ ඔවුන් කැළයේ අධිපතිත්වය දරන අයසේ හැඟවෙන අයුරෙනි. නොඉඳුල් වනයට අත තැබීම ඉමහත් පරෙස්සමින් කළ බවට සාධකයක් වන්නේ ගමරාලවරුන් අතර නොව වන්නිරාලවරුන් පිරිසක්ද සිටි ඇති බවට සාධක හමුවීමෙනි. එකල වන්නිකරය යනුවෙන් මේ පෙදෙසද හඳුන්වන්ට ඇති බව මේ අනුව සිතිය හැකිය. ක්‍රි.ව. 1382 ම්ලවරට ඉදි කළ දේවාලය මැදගම වනාන්තරයේ තිබූ මැදගම දේවාලය විය. එය වනයෙන් වැසී ගොස්තිබුණු තරම කෙතරම් ද යත් ඒ ආසන්න උස්බිමේ පිහිටි නුගවෘක්ෂය යට සේනා සංවිධානයේ යෙදී සිටි රජුට පවා පළමුවරට හඳුනාගන්ට ලැබුණේ සංඛනාදයක් ඇසීමෙනි. ඒ නාදය අනුව කළ විමසීමෙන් පසුව සෙනෙවිවරුන් විසින් දේවාලය ගැන පවැසීමත් තම අපේකෂාව පරිදි යුද්ධය දිනුවොත් "මෙතන දෙවියන්ට නුවරක් කරවා ගමුත් පුදවමියි" භාරවීමෙන්ද හෙිවන්නේ ඒවනවිටත් මෙය වනාන්තරයක් වශයෙන්ම තිබූ බවයි. මේ කාලය පුරාණ ලේඛනයේද දැක්වෙන ලෙස 1582 වේ. ඒ අනුව මේ පෙදසේ කැළය ඉඳුල්වීම හරි හැටි ඇරඹී ජනාවාස බිහිවන්නට වූයේ 1582 න් පසුව බව කිවහැකිය. දේවාලය සඳහා පරිශ්‍රය ගොඩ නැගීමේදී "බින්දවා තුර මුලුත් උදුරා සතරවීදිය තනා අවටින." වශයෙන් කන්දකුමාර සිරිතේ දැක්වුනද එය කර ඇත්තේ ඉවක් බවක් නොමැතිව නොවන බව පසුකාලීනව වනයේ ඇති වූ වෙනස්කම් සාක්ෂි දරයි. දේවාල පරිශ්‍රයට ආසන්න කැළය වනස්පති ගනයේ ඔෂධමය ගස්වලින්ද දේවාල පරිශ්‍රය බෙහෙත් පැළෑටිවලින්ද සමන්විත වන ආකාරයෙන් සැලසුම් වී තිබුණ බවද මනාව පැහැදිලිවන සාක්ෂි ලැබේ. මේ වෙනස සිදුව පැවති ආකාරය පහතින් විස්තර වේ.
 
සැළසුම් කළ පුරාණ ඔසු උයනක්.......? උග්ගල් අලුත්නුවර ...!
 
ස්වාභාවික නොඉඳුල් වන ගහනය නිමවන සීමාව පුරාණයේ වැවූ කළැවැනි තත්වයකට පත්වන ආකාරය හැකි මේ පුරාණ දේවාල පරිශ්‍රය ළංවද්දී දක්නට හැකිය. අතීතයේ සිට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් කැකුණ, පේරවර්ග, කොතල හිඹුටු, හිඹුටු, “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල්, කැළැ කෙසෙල් හෙවත් ඇට කෙහෙල් වැල් වැල්රුක් අත්තන හා මාවේවැල්, හීන් වේවැල් ද බහුලවූ අතර, දෙල්, කොස්, කැළෑ දෙල්, ගොරක, පොල්, තල්, පුවක්, අඹ, සුදුහඳුන්, කෙසෙල්,නාරං වර්ග, හල්, දොඩම් සහ මුරුංගා වැනි දේ අතරින් සමහරක් සෘජුවම ආහාර සඳහා ද ඖෂධ වර්ග වෙනුවෙන්ද පලොල්, රණවරා, ඇහැළ, නා, කහට, නෙල්ලි, අරළු, බුළු, දෘතරාෂ්ට්‍ර,වල්ලපට්ට,කුඩුදවුල, මී,තල්, පොල්, පුවක්, උක් , කොහොඹ, රුක්අත්තන වැනි විශාල ඖෂධීය ශාඛ වශයෙන් ප්‍රයොජනවත් ඒවා ද විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය ද අඩි 3ක් හෝ 4 ක් පමණ ලඳු කැළෑවකින් වැසී තිබෙනු දක්නට හැකිවිය.මේ තත්වය 1980 දශකය දක්වාම විය. පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ වසරේ පෙරහර එනතුරු කුඩා ලන්දක් වැවෙයි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ දී මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණක් බව පෙනී යයි. මෙහි සෑම ගෙවත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල්, ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහිම සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.) මේ ශාඛ සමගම සර්වාංග හෙළ වෙදවරුන්, හෙළ වින්නඹුමාතාවන්, යම්යම් රෝග සඳහා විශෙෂඥ හෙල වෙදුන්ද විය. එම වෙදකම් තවමත් සුරැකි තිබීම ඇතැම්විට වාසනාවක්. එහි නරක ලක්ෂණය වී ඇත්තේ නිධානවේදය පිරිහී යමින් ඔෂධ වට්ටෝරු පමණක් ඉතිරි වන ලකුණු ඇති බවය. කලින් සඳහන් කළ අක්ෂි වෛද්‍ය මැණික්අප්පු මහතා සතුව තිබූ රෝත නිධානවේදයේ සමහර කොටස් අතුරුදහන්ව ගොසිනි. එතුමාගේ දියණිය පියාගේ ඇවෑමෙන් අදටත් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ අක්ෂිවෛද්‍ය සේවයේ නියැලෙන්නීය. ඇයට සිය පියාගේ රෝගනිධාන සෙවීමේ ක්‍රමය තමා ලාබාලව සිටිහෙයින් සම්පූර්ණයෙන් ලබාගන්නට අවස්ථාව නොලැබුණ බව කියන්නීය. මේ වෛද්‍යවරයා අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ නාහිමි සමිඳුන් සිය ඇස් සඳහා වෙදකම් ගෙන ප්‍රශංසාවට ලක්විය. මහනාහිමිසඳුන්ගේ අනුදැනුමෙන් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ සේවයට පත්ව වයෝවෘද්ධව අභාවප්‍රාප්ත වනතුරුම මේ වෛද්‍යවරයා සේවයේ නිරත විය. මේ හැර නොයෙකුත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු ද ප්‍රදේශයේ වූහ. හෙල සම්ප්‍රදාය අනුව ප්‍රසූතියේ දී විශේෂ සමත්කම් දැක්වූ කාන්තාවන්ද 1960 දශකය වනතුරු වූහ. දැනටත් ඔවුන්ගේ දස්කම් පිළිබඳ ජනතා මතකයේ ඇති දේවල් හාස්කම් වැනි ඇදහිය නොහැකි දේවල් වේ.
බහුලව හීන් බැවිල සහ මහ බැවිල වශයෙන් හඳුන්වන බැවිල වර්ග
බහුලව හීන් තෝර සහ මහ තෝර ඇත්තෝර වශයෙන් සියලුම තෝරවර්ග
බහුලව හීන් බොටියා සහ මහ බෝටියා
බහුලව කටුතම්පලා සහ රත්තම්පලා වැනි තම්පලාවර්ග
බහුලව ගෙඳ හා බිම් හීන් කූර මහකූර ඇතුළු කූරවර්ග
මුකුණුවැන්න වර්ග, ගොටුකොලවර්ග
ගොඩ කොහිල, නික, රට එඬරු
වේලා, කටු අනෝදා සහ වල් අනෝදා
සන්නිනායම්, මදුරුතලා සහ රටතලා
වැටහිර හෙවත් පත්පාඩගම්
ඉරවේරිය හා ඒකාවේරිය
උඩහළු වැල් සහ පෙනෙල වැල්
පින්න
ගොකටු
මෑල්ල
බිංපොල් හා බිංතල්
දැනට ඉතා දුර්ලභ බිංකොහොඹ
එළවරා
පිල වර්ග
කරල්හැබ
සම්මැට්ටිය
හීන් රත්මල්
වල්ලූණු
හෙන්දිරික්කා
කොහිල ගාල්
බුත්සරණ
සියලුම හබරල වර්ග
රත්මල්
හෙන්දිරික්කා
සමන්පිච්ච,ගැටපිච්ච ඇතුළු පිච්ච වර්ග
ඉද්ද වල්ගම්මිරිස් කුඩුමිරිස්
නිදිකුම්බා
ආදි රාශියකි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. 1980 ට පෙර වසර වල මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ. බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය.