"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
92 පේළිය:
රාජසබාවෙන් කරුණා ලැබගත්තූ
වළවේගඟට බැස්සයි ගෝමරඇත්තූ
 
ස්වාභාවික වෘක්ෂලතා කලාපයේ පැවති නොඉඳුල් වනය(virgin forest) මිනිසාගේ අසීමාන්තික මැදිහත්වීමෙන් හෙලි පෙහෙලිවන්නට වූයේ ශ්‍රීලංකා ඉතිහාසයේ මධ්‍යකාලීන යුගයේ ඇරමීමත් සමග වගේ බව ඉතිහාස පුවත් විමසනවිට පැහැදි‍ලි වේ. රොබට් නොක්ස්ගේ වාර්තාවන් විමසනවිටද මහනුවරින් බැහර එහි නිරිතදිග කොටස් ඝනවනාන්තරයෙන් වැසී තිබුණ බව පැහැදිලිවේ. අප්‍රමාණ ලෙස පාරවල් ිබුණද ඒ සෑම එකකම යායුත්තේ එකාපස්සේ එකා ගමන්කිරීමෙන් පමණක් බව ද ගංගා හරහා පාලම් නොතිබුණ බවක්ද නොක්ස් කියයි. පුරාණ පුස්කොල ලේඛනයේ හමුවන '''ගැට්ටපාන වන්නිරාල''' සහ '''කොට්ටයාකන්දේ වන්නිරාල''' වැනි චරිත වලට නම්පටබැඳ ඇත්තේ ඔවුන් කැළයේ අධිපතිත්වය දරන අයසේ හැඟවෙන අයුරෙනි. නොඉඳුල් වනයට අත තැබීම ඉමහත් පරෙස්සමින් කළ බවට සාධකයක් වන්නේ ගමරාලවරුන් අතර නොව වන්නිරාලවරුන් පිරිසක්ද සිටි ඇති බවට සාධක හමුවීමෙනි. එකල වන්නිකරය යනුවෙන් මේ පෙදෙසද හඳුන්වන්ට ඇති බව මේ අනුව සිතිය හැකිය. ක්‍රි.ව. 1382 ම්ලවරට ඉදි කළ දේවාලය මැදගම වනාන්තරයේ තිබූ මැදගම දේවාලය විය. එය වනයෙන් වැසී ගොස්තිබුණු තරම කෙතරම් ද යත් ඒ ආසන්න උස්බිමේ පිහිටි නුගවෘක්ෂය යට සේනා සංවිධානයේ යෙදී සිටි රජුට පවා පළමුවරට හඳුනාගන්ට ලැබුණේ සංඛනාදයක් ඇසීමෙනි. ඒ නාදය අනුව කළ විමසීමෙන් පසුව සෙනෙවිවරුන් විසින් දේවාලය ගැන පවැසීමත් තම අපේකෂාව පරිදි යුද්ධය දිනුවොත් "මෙතන දෙවියන්ට නුවරක් කරවා ගමුත් පුදවමියි" භාරවීමෙන්ද හෙිවන්නේ ඒවනවිටත් මෙය වනාන්තරයක් වශයෙන්ම තිබූ බවයි. මේ කාලය පුරාණ ලේඛනයේද දැක්වෙන ලෙස 1582 වේ. ඒ අනුව මේ පෙදසේ කැළය ඉඳුල්වීම හරි හැටි ඇරඹී ජනාවාස බිහිවන්නට වූයේ 1582 න් පසුව බව කිවහැකිය. දේවාලය සඳහා පරිශ්‍රය ගොඩ නැගීමේදී "බින්දවා තුර මුලුත් උදුරා සතරවීදිය තනා අවටින." වශයෙන් කන්දකුමාර සිරිතේ දැක්වුනද එය කර ඇත්තේ ඉවක් බවක් නොමැතිව නොවන බව පසුකාලීනව වනයේ ඇති වූ වෙනස්කම් සාක්ෂි දරයි. දේවාල පරිශ්‍රයට ආසන්න කැළය වනස්පති ගනයේ ඔෂධමය ගස්වලින්ද දේවාල පරිශ්‍රය බෙහෙත් පැළෑටිවලින්ද සමන්විත වන ආකාරයෙන් සැලසුම් වී තිබුණ බවද මනාව පැහැදිලිවන සාක්ෂි ලැබේ.