"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
116 පේළිය:
# දේවාභරණ දෝලිය දකුණු පසින් අලංකාර ලෙස නිළ ඇඳුමෙන් සැරසුන කපු නිළමේවරුන්ද, දෝලියට ආවරණ සලසන පලිහවඩන පංගුවේ පලිහ දරන්නාද, චාමර රැගත් චාමර පංගුවේ අයද, අලත්ති පංගුවේ සහ දිග්ගේ නැටම්පංගුවේ කාන්තා පිරිසද සහ වෙනැන්නැහැ පංගුවේ හෙල්ල රැගත් හෙවනැන්නැහැ වරුද වෙති දෝලිය වැඩමවනු ලබන්නේ ඉහළින් අල්ලන ලද උඩුවියනක් යටිනි.
# මේ සියල්ල පෙරටු කර ගෙන අත්තන්යක මොහොට්ටාල නිළමේ සහ සෙසු මොහොට්ටාලවරුද ගමන් කිරීම අනිවාර්ය දසුනකි. මේ අය වෙනුවෙන්ද දෙපසින් අත්පන්දම් රැගත් අය වෙති සෙසු බැතිමතුන් වැනි අය ගමන්ගන්නේ ඊටත් පිටුපසිනි.
මෙසේගමන්ගන්නා පෙරහර දේවාලයදේවාල මාල්ගය පැදකුණු කරමින් මළුව වටා පැමිණ හේවිසි මණ්ඩපයේ නැගෙනහිර දොරටුවෙන් පිවිස එතැනින් දිග්ගෙයටපිවිසේදිග්ගෙයට පැමිණෙ. දෝලා කරුවන් වැඩසිටින මාලිගයේ මහ දොරටුව අබියස දක්වා ගොස් රැඳී සිටින අතර එතැන්සිට රන්සළු පංගුවේ ඇත්තන් එලන ලද පාවාඩ මතට එන කපු මහතා දේවාභරණ දෝලියන් රැගෙන දේවාලයකතුළට වැඩමවනු ලබයි. මේ අවස්ථාවේද උඩුවියන අල්ලා ගෙන සිටිති. අනතුරුව සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ '''ආලත්ති තේවාවය.''' මෙය නියමිත '''මණ්ඩාවන්හි''' ( පිත්තල තැටි විශේෂයකි) පහන්තිරතබාපහන්තිර තබා දල්වා වැඩසිටින මාලිගයේ මහදොරටුව ඉදිරිපසඉදිරිපසට එල්ලවන පරිදි පහන් කරකවමින් කෙරෙන '''ස්ත්‍රී රංගනයකි'''. ඒ සඳහා හොරණෑව දවුල සහ තම්මැට්ටම යන්යන උපකරණ භාවිතයෙන් කෙරෙන '''අලංකාර රිද්මයානුකූල වාදනයටවාදනයකි'''. ඒ අනුව මේ ආලත්ති බෑම හෙවත් ආලත්ති තේවාව සිදුවේ. එය දෙවියන්ට ආවැඩීම පිණිස කෙරෙන ආසිරි පැතීමේ පූජාවක ස්වරූපයක් ගනී. එයින් අනතුරුව '''දිග්ගේ නැටීම නම් වූ තවත් ස්ත්‍රීලාලිත්‍ය රංගනයක්රංගනය පැවැත්වේ'''. ඒ සඳසඳහා දවුල වැයීමට විශේෂ ශිල්පියකු ඇති අතර කයිතාලම් රිද්මයානුකූලව වැයීම ද සිදුවේ. කවිකාර පංගුවේ ඇත්තන් ගයන ගායනාවක මේ නැටමු පිළිබඳ තොරතුරු සඳහන්ය. මේ සමග ඇති කවිය බලන්න.

බුද්ධ හස්තය අමෘත හස්තය බ්‍රහ්ම හස්තය නංතමා
හස්තිහස්තය ලලිත හස්තය මයුරහස්තය නංතමා
මත්ස්‍ය හස්තය ආදි සත්විඳ හස්ත නැටුමේ මනරමා
වීර විකුමැති නරනිඳුන් පෙර පුරුදු කළෙ දිග්ගෙයි නැටීමා

දිග්ගේ නැටුම නිමවනවාත් සමගම තාලම්පට හා කයිතාලම්පට වේගවත් තාල රිද්මයකට අනුව වයමින් කිවිකාර පංගුවේ ශිල්පීහු කවිගායන් කරති. එම කවි හා උක්ත දිග්ගේ නැටුම සිදු කෙරෙන්නේද වැඩසිටින මාලිගයේ මහදොරටුව අබියස ඒ දෙස බලා බැවින් කපු මහතා හැර අන් කිසිවකුට ඍජුව ඉදිරිපස සිට නැරඹීමට නොහැකි වෙයි. මේ රැඟුමදේවාලයේ දිග්ගේ නැටුම් රංගනය ස්ත්‍රීන් අට දෙනකු ඉදිරිපත් කළ අතරබව මහාචාර්ය පී.ඊ පීරිස් වැනි විද්වතුන් ද එකල දැක ඇතත්ර අද වන විට එය සිව් දෙනකුට සීමාවී පවතී. එය '''අත් ප්‍රධානව ඉදිරිපත් කරන හස්ත නැටුමක්''' බව කවිකාර පංගුවේ ගායනයකින්දඉහත ගායන‍යෙන්ද පැහැදිලිවේ. කවිගායනා වන්හි අන්තර් ගතය වන්නේද දෙවියන්ට ආසිරි පිණිස මංගලම් කවි හා ප්‍රශස්ති ගායනා ද දේවාලයේ හා කඳදෙව් රජ උපත පිළිබඳ තොරතුරු වේ. කවිකාරපංගුව හා ද්ග්ගේනැටුම් පංගුව එකම ශිල්පී ශ්‍රේණියකට වැටෙන හෙවත් එකම කුලයකට අයත් රාජකාරි වේ.මේ පිළිබඳ වැඩි විස්තර අදාල පරිච්ඡෙදයේ දැක්වේ.) '''මෙලෙස පළමු දින පළමු කුඹල් පෙරහරේ නිමාව සිදුවන අතර අනතුරුව දියවඩන් තේවය හා පුරාණයේ මුළුතැන් තේවයතේවයත් පවත්වා නැවත ද දෙවන කුඹල් පෙරහරක් පැවැත්වීම උග්ගල් අලුත්නුවරට විශේෂ වූ චාරිත්‍රයකි.''' එය සිදුවන්නේද කලින් ආකාරයටමය. එයින් අනතුරුවද මුළුතැන් තේවාව සිදු වේ. එහෙත් අද පළමු පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන් තේවයෙන්තේවය පමණක් පවත්වා පසුව දෙවන පෙරහර පැවැත්වීමබැසීම සිදුවනසිදුවේ. අතර මුළුතැන් තේවය සිදුවන්නේ එයින් පසුවය. මුළුතැන් තේවයෙන් පසුව නැවත දියවඩන්තේවය පැවැත්වේ. දියවඩන් තේවය යනු ‍දිය හෙවත් පැන් වැඩහිටින මාලිගයට වැඩමවීමය මේ වැඩමවීම මුළුතැන් රාල විසින් සිදුකරන්නේ මුකවාඩම් සහතව පාවාඩ මතිනි. මහදොරටුවෙන් ඇතුළුවන මුළුතැඅන් රාල විසින් ඒවා බත්තන නිළමේට භාර දෙන අතර ඒ අය විසින් දේවියන්ට පුද කරන බව පැවසේ. දියවඩන්තේවයෙන් පසුව පිටතට ගෙන එන පූජාකරන ලද බත් හැඳින්වෙන්නේ මුළුතැන්බත් යනුවෙනි. ඒවා පාවඩේබත් ලෙස ද ව්‍යවහාර වේ. පාවඩේබත් වැළඳීම දෙවියන්ට කෙරෙන පින්පෙත් පැමිණවීමක් බැවින් එය බැතිමතුන්ටද ආශීර්වාදයක්. එහෙයින් ඒවා ලබා ගැනීමට බැතිමතුන් අතර දතරගකාරි බවක් දක්නට හැකිය. මුළුතැන් බත් නිළවශයෙන් පළමුවම රාජකාරි කරුවන් අතර බෙදාහැරේ. ඇතැම්විට සමහරු එය බැතිමතකුගේ ලෙඩකු වැනි අය වෙනුවන් පරිත්‍යාග කරනු දක්නට හැකි තත්තවයකි. ඉතා පිරිසිදුව සිටින අය මේ බත් මහත් ආශාවෙන් වළඳන අතර ලෙඩුන්ට දීමෙන් ලෙඩ සුව වන බවද ඇදහේ. මේවා බෙදනු ලබන්නේ තටුකොල පංගුවේ ඇත්තන් ගෙන එන ලද පත්කොලවලින් සකස් කළ ගොටුවලිනි. ලේඛකයාගේ අත්දැකීම වන්නේ එය ඉතා රසවත් බවය. සැබවින්ම ගුණදායක බවද අත්දැකීමය.( මුළුතැන් වැඩීම පිළිබඳ පරිච්ඡේදය බලන්න)
මෙලෙස දින පහක් පුරා දිනකට දෙවරක් බැගින් කුඹල් පෙරහර පැවැත්වීම චාරිත්‍රය වෙයි. කෙසේවතුදු වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර හා මහ පෙරහර කෙම්මුර දිනයක බසින පරිදි සකස් වීම පිණිස කුඹල් පෙරහර ඇතැම්විට දින 4 ක් පමණක් පැරවත්වේ. තවත් විටෙක මෙය දින පහ පවත්වා වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර දින 4 ක් පැවැත්වෙන අවස්ථාවන් දැකිය හැකිය.