"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
111 පේළිය:
මීට අමතරව නයියන්ඩි නැටුම තුළ කතරගම දෙවියන්ට ගැයෙන '''ප්‍රශස්ති හා යාදිනි''' ද ඇතුලත් කවි ගැයේ. මෙම නැටුම හා ගායනාවන් ද මේ '''දේවාලයටම ආවේනික සම්ප්‍රදායයක්''' පිළිබිඹු කරයි. '''උග්ගල් අලුත්නුවර මේ නැටුම් ඇතැම් විටෙක දැකිය හැකි හැකි තවත් ස්ථානයක් වන්නේ සොරගුණය දේවාලයයි.''' 1970 දශකයේ පවා සොරගුණ දේවාලයට ගොස් මේ නැටුම් ඉදිරිපත් කළේ මේ ගමේ ඇත්තන්ම වීම විශේෂත්වයකි. මේ ගැන ඒ අය විමසීමේදී ලේඛකයාට පැහැදිලි කරදුන්නේ මෙහි වැඩවසන්නේද කතරගම දෙවියන් බවත් සොරගුණ ඇත්තන් හා '''අම්මුඩුව කතරගම දේවාලයේද''' මොහොට්ටාල නිළමේවරුන් ඉල්ලා සිටියොත් එම ස්ථාන දෙකේම ද නැටුම් ඉදිරිපත් කිරීම හා ඊට සුදුසු මිල ලබා ගැනීම වරදක් නොවන බවය. මේ ප්‍රකාශ අනුව පැහැදිලිවන තවත් වැදගත් ඓතිහාසික කාරණයක් වන්නේ සොරගුණ හා අම්මඩුව දේවාල උග්ගල් අලුත්නුවර දේවාලයේ පරිවාර දේවාල හෝ උප දේවාල දෙකක් බවකි.(මේ ප්‍රදේශයේ පවතින මතයන් හා සොරගුණ දේවාල තුඩපතේ ලිඛිත තොරතුරු ද අම්මඩුව දේවාල පුරාවෘතයද විමසන විට මෙය සහාසික ප්‍රකාශයක් නොවන බව පෙනේ) මේ අවස්ථා හැර අන්කවර අවස්ථාවක් සඳහා ඉල්ලා සිටියත්, ප්‍රසාංගික වේදිකාවක් වැනි ස්ථානයකට හෝ මේ අය කැඳවිය නොහැකිය. එසේ කළොත් එය '''දේව උදහස ලැබීමට හේතුවක් විය හැකිය''' යන බිය මේ අයතුළ තදින් මුල්බැසගත් එකකි. ඒ අයගේ බලවත් විශ්වාසය හා ප්‍රකාශය වන්නේ ඒවා මිනිසුන්ට පෙනුනත් '''තමන් ඉදිරිපත් කරන්නේ දෙවියන්ට පමණක් ''' බවය. ඇත්තෙන්ම සාමාන්‍ය නිරීක්ෂකයකුට මේ නැටුම් පැත්තෙන් හා පිටුපසින් සිට බලනවාට වඩා යමක් කළ නොහැකිය. ඒවා දේවාභරණ වැඩමවන දෝලිය දෙසට හා දේවාභරණ වලට මුහුණලා ඉදිරිපත්වන දේවයාතිකා විශේෂයක් වැනිය. චාමර දරන අය, කපුනිළමේවරයා සහ දෝලි වැඩමවන අය පමණක් එම නැටුම් ඉදිරිපස සිට නිරීක්ෂණය කරන්නට වරම් ලද්දාක් මෙනි. අත්තනායක මෙ‍ොහට්ටාල නිළමේට සහ බස්නායක නිළමේට වුව මේ නැටුම් දැකිය හැක්කේ එකත්පස්ව සිට පෙනෙන කෝණයකින් පමණි.
මේ නැටම් නිමවන විට පත්තින් දේවාල පෙරහර නිමකළ හේවිසි කරුවන් පැමිණ ඇති බැවින් පෙරහර ගමනාරම්භවේ.
# දේවාලයේ නිල කොඩි වූ කුකුලා කොඩි හෙවත් සැවුල් කොඩි දෙක පෙරමුණෙ ගමන්ගන්නා දේවාල නිළ කොඩිය වූ කුකුලා කොඩි දෙක (පෙර කාලයේදී රාවණා කොඩිය ගෙනගයමුත්ගෙනගිය මුත් එය අස්ථානලතවීමඅස්ථානගතවීම නිසා දැන් ඇත්තේ කුකුලා කොඩි දෙක පමණක් බවත් මේ අය කියති. රාවනා කොඩියට සිදුවූයේ '''"පරෙස්සමට තැබූ දේ ෑලියාවට යාමක්"''' බව මේ ඇත්තෝ කියති. (වැඩිදුර තොරතුරු දේවාලය රැකගැනීමේ ප්‍රයත්න පරිචේඡෙදය බලන්න)
# දෙපසින් බඩහැල පංගුවේ ඇත්තන් විසින් රැගෙන යන '''පුන්කලස් දෙක''' වැඩමවේ. ඒවා සුද්දහළු පංගුව විසින් දෙන පිරුවටවලින් ආවරණය කර පොල්මල් පමණක් පිටතට පෙනෙන පරිදි ඇති බව පෙනේ.
3 අනතුරුව# දේවාල නිළ හේවිසිකණ්ඩායම, දවුල් දෙක, තම්මැට්ට්න් දෙක, හොරණෑ දෙක ඒ සමගමසමග සන්ධිස්ථානවලදී පෙරහර හැරෙද්දී හඩනැංවීද පිණිස හක්ගෙඩිකරුවෝ සහ තුරම්පේත්තු පිඹින අය වෙත්ද වෙති දෝලිය ඉදිරිපසින්ම නීලපන්දම රැගෙන යන අතර ආලොක්ආලොක කිරීම පිණිස අත්පන්දම් හා කොප්පරා පන්දම් කීපයක් රැගෙනයාමද දක්නට හැකිය.
4 දේවාභරණ දෝලිය දකුණු පසින් අලංකාර ලෙස නිළ ඇඳුමෙන් සැරසුන කපු නිළමේවරුන්ද දෝලියට ආවරණ සලසන පලිහවඩන පංගුවේ පලිහ දරන රාජකාරි ඇත්තාද චාමර රැගත් චාමර පංගුවේ අයද හෙල්ල රැගත් හෙවනැන්නැහැ වරුද වෙති දෝලිය වැඩමවනු ලබන්නේ ඉහළින් අල්ලන ලද උඩුවියනක් යටිනි.
5 මේ සියල්ල පෙරටු කර ගෙන අත්තන්යක මොහොට්ටාල නිළමේ සහ සෙසු මොහොට්ටාලවරුද ගමන් කිරීම අනිවාර්ය අංගය වේ.
මේ සේ ගමන්ගන්නා පෙරහර දේවාලය පැදකුණු කරමින් මළුව වටා පැමිණ හේවිසි මණ්ඩපයේ නැගෙනහිර දොරටුවෙන් පිවිස එතැනින් දිග්ගෙයටපිවිසේ. දෝලා කරුවන් වැඩසිටින මාලිගයේ මහ දොරටුව අබියස රැඳී සිටින අතර එතැන්සිට රන්සළු පංගුවේ ඇත්තන් එලන ලද පාවාඩ මතට එන කපු මහතා දේවාභරණ දෝලියන් රැගෙන දේවාලයකතුළට වැඩමවනු ලබයි. අනතුරුව සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ ආලත්ති තේවාවය. මෙය නියමිත මණ්ඩාවන්හි ( පිත්තල තැටි විශේෂයකි) පහන්තිරතබා දල්වා වැඩසිටින මාලිගයේ මහදොරටුව ඉදිරිපස පහන් කරකවමින් කෙරෙන ස්ත්‍රී රංගනයකි. ඒ සඳහා හොරණෑව දවුල සහ තම්මැට්ටම යන් උපකරණ භාවිතයෙන් කෙරෙන රිද්මයානුකූල වාදනයට අනුව මේ ආලත්ති බෑම හෙවත් ආලත්ති තේවාව සිදුවේ. එය දෙවියන්ට ආවැඩීම පිණිස කෙරෙන ආසිරි පැතීමේ පූජාවක ස්වරූපයක් ගනී. එයින් අනතුරුව දිග්ගේ නැටීම නම් වූ තවත් ස්ත්‍රීලාලිත්‍ය රංගනයක්. ඒ සඳ දවුල වැයීමට විශේෂ ශිල්පියකු ඇති අතර කයිතාලම් රිද්මයානුකූලව වැයීම ද සිදුවේ. ඒ නිමවනවාත් සමගම තාලම්පට හා කයිතාලම්පට වේගවත් තාල රිද්මයකට අනුව වයමින් කිවිකාර පංගුවේ ශිල්පීහු කවිගායන් කරති. එම කවි හා උක්ත දිග්ගේ නැටුම සිදු කෙරෙන්නේද වැඩසිටින මාලිගයේ මහදොරටුව අබියස ඒ දෙස බලා බැවින් කපු මහතා හැර අන් කිසිවකුට ඍජුව ඉදිරිපස සිට නැරඹීමට නොහැකි වෙයි. මේ රැඟුම ස්ත්‍රීන් අට දෙනකු ඉදිරිපත් කළ අතර අද වන විට එය සිව් දෙනකුට සීමාවී පවතී. එය අත් ප්‍රධානව ඉදිරිපත් කරන හස්ත නැටුමක් බව කවිකාර පංගුවේ ගායනයකින්ද පැහැදිලිවේ. කවිගායනා වන්හි අන්තර් ගතය වන්නේද දෙවියන්ට ආසිරි පිණිස මංගලම් කවි හා ප්‍රශස්ති ගායනා ද දේවාලයේ හා කඳදෙව් රජ උපත පිළිබඳ තොරතුරු වේ. මෙලෙස පළමු දින පළමු කුඹල් පෙරහරේ නිමාව සිදුවන අතර අනතුරුව දියවඩන් තේවය හා පුරාණයේ මුළුතැන් තේවය පවත්වා නැවත ද දෙවන කුඹල් පෙරහරක් පැවැත්වීම උග්ගල් අලුත්නුවරට විශේෂ වූ චාරිත්‍රයකි. එය සිදුවන්නේද කලින් ආකාරයටමය. එයින් අනතුරුවද මුළුතැන් තේවාව සිදු වේ. එහෙත් අද පළමු පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන් තේවයෙන් පසුව දෙවන පෙරහර පැවැත්වීම සිදුවන අතර මුළුතැන් තේවය සිදුවන්නේ එයින් ද පසුවය. මුළුතැන් තේවයෙන් පසුව නැවත දියවඩන්තේවය පැවැත්වේ. දියවඩන් තේවය යනු ‍දිය හෙවත් පැන් වැඩහිටින මාලිගයට වැඩමවීමය මේ වැඩමවීම මුළුතැන් රාල විසින් සිදුකරන්නේ මුකවාඩම් සහතව පාවාඩ මතිනි. මහදොරටුවෙන් ඇතුළුවන මුළුතැඅන් රාල විසින් ඒවා බත්තන නිළමේට භාර දෙන අතර ඒ අය විසින් දේවියන්ට පුද කරන බව පැවසේ. දියවඩන්තේවයෙන් පසුව පිටතට ගෙන එන පූජාකරන ලද බත් හැඳින්වෙන්නේ මුළුතැන්බත් යනුවෙනි. ඒවා පාවඩේබත් ලෙස ද ව්‍යවහාර වේ. පාවඩේබත් වැළඳීම දෙවියන්ට කෙරෙන පින්පෙත් පැමිණවීමක් බැවින් එය බැතිමතුන්ටද ආශීර්වාදයක්. එහෙයින් ඒවා ලබා ගැනීමට බැතිමතුන් අතර දතරගකාරි බවක් දක්නට හැකිය. මුළුතැන් බත් නිළවශයෙන් පළමුවම රාජකාරි කරුවන් අතර බෙදාහැරේ. ඇතැම්විට සමහරු එය බැතිමතකුගේ ලෙඩකු වැනි අය වෙනුවන් පරිත්‍යාග කරනු දක්නට හැකි තත්තවයකි. ඉතා පිරිසිදුව සිටින අය මේ බත් මහත් ආශාවෙන් වළඳන අතර ලෙඩුන්ට දීමෙන් ලෙඩ සුව වන බවද ඇදහේ. මේවා බෙදනු ලබන්නේ තටුකොල පංගුවේ ඇත්තන් ගෙන එන ලද පත්කොලවලින් සකස් කළ ගොටුවලිනි. ලේඛකයාගේ අත්දැකීම වන්නේ එය ඉතා රසවත් බවය. සැබවින්ම ගුණදායක බවද අත්දැකීමය.( මුළුතැන් වැඩීම පිළිබඳ පරිච්ඡේදය බලන්න)