"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
77 පේළිය:
'''<big>කුඹල් පෙරහර</big>'''
 
මාසෙ‍ පෝයගිය ගිය පෑලවියට (අමාවක දින හෙවත් මසෙ පෝය දිනට පසුදින) කුඹල් පෙරහර පැවැත්වීම ආරම්භ කෙරේ. එදින උදෑසන සිදුවන බස්නායක නිළමේ ගේ ප්‍රධානත්වයෙන් දේවාල පරිශ්‍රයේ සිදුවන ප්‍රධාන කටයුත්ත වන්නේ කඩබිම් වෙන්දේසියයි. ලේඛකයා නිරන්තර අත්දැක ඇත්තේ මෙදින ගැමියන් අතර ඇතිවන තරගයේදී සිදුන රන්ඩුවලආරවුල් ස්වරූපයකි.බඳු ගැටුම් කාරී තරගය මළුවේ විදානේ මේ තත්වය විග්‍රහකරන්නේ සුරඅසුර යුද්දයේ ආරම්භක නිරූපනය සේය.ඔහුගේ මතය පරිදි පෙරහරේ එක් සංකේතාර්ථයක් වන්නේ ද එම යුද්දයද සිහිපත් කරමින් සුරයන් ගේ ජයග්‍රහනය සැමරීමකි. මේ වෙන්දේසියේදී බොහෝ වටවිට එකම පවුලේ අය අතර පවා ඇතිවන්නේ ආරවුල් සහිත ගැටුම් කාරී ස්වභාවයකිබවක් ඇතිවේ. එය මෑතදී පමණක් නොව ඉතා ඈතදී පවා එසේම වූ බව පැවසේ. මෙහිදී නරක අය යැයි එක් ප්කෂයක් විසින් හඳුන්වන ප්‍රතිවිරුද්ද අයට ට '''දේවක්කේඩුව''' ඇතිවන බවක් පවසනු ඇසිය හැකිය. එහෙත් එසියලුමමේ සියලුම ගැටුම් දිය කැපීමත් සමග නිමාවන බවත් පෙරසේම පවුල් බැඳීම් ශක්තිමත්ව තහවුරුවන බවත් මළුවේ විදානේ ගේ විග්‍රහයට ඇතුලත්ය. ලේඛකයා ගේ අත්දැකීම අනුව ද වෙන්දෙසි ගැටුම්ඒවා තාවකාලික ආරවුල් පමණක් බව පෙනීගොස් ඇති ස්වභාවයකිපෙනීයයි.
සවස '''හෙන්දිරික්කාමල් පිපෙන වෙලාවට''' (ප.ව. 4.00 ට පමණ) '''“හැන්දෑදුරවාදනය”''' දේවාලයෙන් ඇසෙයි. ‍එය දවුල් තම්මැට්ටන් සහ හොරණෑව යන උපකරණ යොදාගනිමින් මහ හඬින් වැයෙන හේවිසියකි.
සෙසු නොපැමිණි අයට පෙරහර තේවා(පෙරහර සම්බන්ධ කටයුතු) සිහිපත් කිරීමට නැවත කරන සිහි කැඳවීමක් බඳුය. මේ දක්වා දේවාලයට නොපැමිණි අය වෙත්නම් දේවාලයට යුහුසුළුව එන බව මෙහිදී දක්නට ලැබේ. සියලුම රාජකාරි ඇත්තෝ දේවාලයට පැමිණ '''පළමුවෙන්ම බුදුන් වැඳ පන්සිල් ගෙන දෙවියන්ට පින්දීම සිරිතය'''. චෛත්‍යය බෝධිය හා විහාරගෙට ගොස් බුදුන් වැඳීම, පෙරහර සඳහා කරන අසන්නතම සූදානම බඳුය. ටිකවේලාවකින් නැවතත් හැන්දෑදුරවාදනය හා උංගිරි තේවය හෙවත් '''හුන්කිරි තේවය''' සිදු කෙරේ. හුන්කිරි තේවය යනු දේවාලයට ගිතෙල් හා පොල්තෙල් වැඩමවීම වේ. (තේවාවාදන පිළිබඳ ‍පරිච්ඡෙදය බලන්න) පැමිණෙන රාජකාරිකරුවන් සියලු දෙනා පිළිබඳ විමසා බලමින් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විධිවිධාන සැලසීම කෙරෙන්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විසිනි. '''ගණිත පංගුව''' භාර රාජකාරි ඇත්තා තමන්ට නියමිත ස්ථානයේ, එනම් දිග්ගෙයට පිවිසෙන දොරටුවේ දකුණු පසින් හමුවන කුළුණ පිටුපස '''“පෑතැටිය”''' තබා ඒ පිළිබඳ නිරීක්ෂනාක්ෂිය යොමු කරගෙන සිටින ආකාරය සෑම පෙරහර දිනවලම දක්නට ලැබෙන විශේෂ ලකුණකි. '''එම කුළුණ ඉදිරිපස ඇත්තේ අත්තනායක නිළමේ ට වාඩිවීම සඳහා පැනවූ මිටි ආසනයයි'''. විශේෂතම කාණය වන්නේ '''දේවාලයේ වාඩිවීසිටීමේ අවසරය ඇත්තේ අත්තනායක මො‍ෙහාට්ටාල නිළමේට පමණකි'''. ඒ වරම '''“දේවකාරිය”''' හෝ '''“රාජකාරිය”''' සඳහා එන කවරකුටවත් නැති එකකි. බස්නායක නිළමේවරයා වුවද දේවාලයට පැමිණියොත් සිටිය යුත්තේ හිටගෙනය. පෙරහර බැසීමට (දේවාලයෙන් පිටවීමට) නියමිත සුබ වේලාව දැන සිටින්නේ අත්තනායක මොහොට්ටාල නිළමේ විදානෙ වරයා කපුමහතා සමග ඇතුළු කට්ටලේ අය වැනි වගකිවයුත්තෝ කීපදෙනෙක් පමණි. '''නැකත රහසක් වශයෙන් තබා ගැනීම පෙරසිරිතය.''' නියමිත වේලාවේ සුබ මොහොත එළඹීමට ආසන්න වෙත්ම ගණිත පංගුවේ රාජකාරි ඇත්තා විසින් ඒ බව අත්තනායක නිළමේට දැනුම් දීමත් එමගින් විදානෙට දැනුම් දීමත් නියමිත නිළ කාර්යයි. මේ දැනුම් දීම් කටවචනයෙන් නොව විශේෂිත සංඥා මගින් හැඟවේ. ඒ අනුව තමාට නියමිත කුළුණ අසලට යන '''මළුවේ විධානේ පෙරහර සඳහා ආඥාව නිකුත් කරයි'''. එය මහ හඬින් කෙරෙන දැඩි නියෝගයකි. ඒ සඳහා නියමිත සාම්ප්‍රදායික වදන්මාලාව අදත් එලෙසම භාවිත වේ. ඒ විධානය මෙ පරිදිය. '''“ගංදෙකේ නිලමක්කාරයෝ ඇවිල්ල ඉන්නවද ...? ආලත්ති ඉලංගංවලින් ඇවිල්ල ඉන්නවද...? නීලපන්දම අරන්වරේන්..... රාජකාරියට ලැහැත්ති වෙයල්ලා...”''' මේ විධානය මහා හඬින් නිකුත්වීම සමග දේවාලයතුළ පැතිරයන්නේ දැඩි නිහඬතාවයකි. මේ අවස්ථාවේ අත්තනායක මොහොට්ටාල නිළමේවරයා ආසනය මත වාඩිවී සිය '''නිළ යෂ්ටිය'''( බස්තම) තබා ගෙන සිටී. මේ සමගම '''හෙවනැන්න්හැවරු''' බැතිමතුන් නිසා දිග්ගේ දොරටුව හා හේවිසි මණ්ඩපයේ ඉදිරිපස දක්වා මග ඉඩ ලබාගැනීම පිණිස තම හෙල්ල ඉදිරියට දිගු කර '''“සංහි‍ෙඳ් සංහි‍ෙඳ්”''' වශයෙන් හඬ නගයි. එය තේරුම් නොගන්නා බැතිමතුන් හෝ දරුවන් වෙත්නම් සෙසු අය රහසින් ඉවත්විය යුතු බව තේරුම් කර දෙති. ඉතා යුහුසුළුව පැමිණෙන '''“නීලපන්දම”''' භාර (නිලපන්දම හෙවත් official torch ) රාජකාරි ඇත්තා දේවාලයේ '''ඇතුළු කට්ටලයට'''(වැඩසිටින මාලිගයට) පිවිසෙන මහ දොරකඩ අබියස (Shrine room door) එය බිමතබා තෙවරක් '''“පසඟපිහිටුවා”''' නිහඬව නමස්කාර කරයි. ඒ විගසම '''“ගංදෙකේ නිලමක්කාරයන්”''' ද පැමිණ පේලියට සැදී පසඟපිහිටුවා නමස්කාරකරති. පරිසරය තවමත් නිහඬය. ශාන්තිමණ්ඩපයට හෙවත් හේවිසි මණ්ඩපයට පිවිසෙන පඩි පෙළ අබියසට පැමිණෙන '''“වාහල් බෙරකරු”''' එම බෙරය වාදනය කරන්ට පටන්ගනී. එය අප සාමාන්‍යයෙන් දකින සබරගමු සම්ප්‍රදායේ ඇති දවුල , තම්මැටිටම, උඩරට බෙරය හෝ පාත රට බෙරය ද නොවේ. '''මද්දලයට තරමක සමානකමක් ඇති මේ දේවාලයේ මේ තේවාව සඳහාම ආවේනික විශේෂ බෙරයකි.''' බොල්තුඹයේද මෙවැනි වාහල් බෙරයක් ඇතිමුත් එය හෝ සොරගුණය දේවාලයේ දක්නට ඇති බෙරයට සමානවන්නක් ද නොවේ. වැයෙන පදයේ සාමානකමක් ද නොපෙනේ. එහි වාදන පදය පහත පරිදි අදාල රාජකාරි ඇත්තා දක්වයි.
 
''''''ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක ...ජිං ජිං කුන්දත් තාකඩ ජිංතක......//////////////////////''''''
 
යනුවෙන් දැක්වෙන පදය මේ අවස්ථාවේ නැවතනැවතත් නොකඩවාම වාදනය වීම සිදුවේ. ඇසෙන්නේ එම හඬ පමණි. ක්‍රමයෙන් මුළු පරිසරයම නිහඬතාවයට පත්ව මේ හඬ පමණක් ඇසේනට වේ. 50 සහ 60 දශකවල ඉතා මැනවින් පැවති මේතත්වය අද පවා කිසියම් ප්‍රමාණයකට දැකිය හැකිය. මේ විශේෂ බෙරයේ හඬ කෙතරම් පැතිරේද යත් මහ පෙරහරේදී පවා දේවාලයෙන් පිටත පහත පරිශ්‍රයේ සිටින සිටින බැතිමතුන්ට පමණක් නොව ඈත ගෙවල්වලට පවා නින්නාද වෙමින් ඇසෙමින් පැතිරයයි. '''ඈතින් පවා සිටින බොහෝ බැතිමතුන්ගේ දෑත් ඉහළට ඔසවා වැන්දවීමට මේ හඬ සමත්ය.''' වාහල් බෙරය වාදන ආරම්භයේදී දේවාලය තුළ දැකිය හැක්කේ උඩුවියන අල්ලන අය සහ ඒ සම්බන්ධ සෙසු අය සූදානම්වන ආකාරය සහ දෝලාගෙනයන අය සන්සුන්ව සූදානම්වීම, සෙසු වාදන ශිල්පීන්ද සූදානම්ව තමන්ට නියමිත ස්ථානවල රැඳී සිටීම වැනිතත්වයක් පමණි. අත්තනායක මොහොට්ටාල නිළමේවරයාද නැගී සිට දෙවියන්ට නමස්කාර කිරීමට සූදානම්ව සිටී. වැඩසිටින මාලිගයේ මහ දොරටුවේ තිරය මෑත්වෙමින් දේවාභරණ සෙසු අයට යන්තමින්න් හෝ පෙනෙන විගසම මහත් හඬනගම්න '''හක්ගෙඩිය හා තුරම්පේත්තු හඬ පැතිරයයි'''. වාහල් බෙර නාදය ඒ සමගම නවතී. ස්කනාදය තුරම්පේත්තුනාදයද හේවිසි හඬ ද සමග රාව නැගෙද්දී කපුමහතා විසින් දේවාලභරණ ඉතා යුහුසුළුව දෝලියේ තැන්පත් කරයි. මේ අවස්ථාව ප්‍රකට වීම වැලැක්වීමට මෙන් පලිහදරන්නා චාමර සලන්නා සහ ඉදිරිපස පිරිසිදු කරන පිණිස හඳුන් කිරිපැන් ඉසින වට්ටෝරු රාල හා මග අතුගාන මළුවේ විදානේ ද නිසා දසුන වැසී යයි. ඒ මොහොතේම දේවාලයේ පෙරහර ගමන්කරවන හේවිසි කණ්ඩායමේ දවුල් තම්මට්ටන් හා හොරණෑ වාදනය ද සිදුවේ. මෙසේ මහදොරටුවෙන් දිග්ගෙයට පිවිසුනු පෙරහර දිග්ගේ දොරටුවෙන් නික්මෙන්නේ ගණිත පංගුවේ ඇත්තා විසින් '''ඔහු අසලම එල්වා ඇති ඝණ්ඨාරය නාද කිරීම''' සමගය. කුඹල් පෙරහරේ පළමු පෙරහර දින මහ හඩින් '''කාලතුවක්කු නාදය''' පිටවන්නේද මේ මොහොතේය. කාලතුවක්කුව දැල්වීම '''“ගෙබලන පංගුවේ”''' ඇත්තන්ගේ රාජකාරියේ කොටසකි. එම ඝණ්ඨාරය ගණිත පංගුවේ ඇත්තා විසින් හැර අන්කිසිවකු විසින් කවර විටකදී හෝ වාදනය නොකෙරේ. මෙතෙක් විස්තර කළ ක්‍රියා පිළිවෙලට තවත් අංග එකතුවෙමින් දේවේලේ පෙරහර හා මහා පෙරහර දිනවල තේවා සකස්වේ. තවත් අංග එකතුවනවා මිස මේ ප්‍රධාන අංග අඩුවීමක් ඒ කිසිදු අවස්ථාවක සිදු නොවේ. කුඹල් පෙරහර හෙවත් තවත් විටක ගැමියන් හඳුන්වන පරිදි '''මළුවේ පෙරහර දින පහක්''' පැවැත්වේ. විශේෂත්වය වන්නේ සුදුරෙදි වලින් වසාගත් පුන්කලස් දෙකක් (පොල්මල් පිටතට පෙනෙන පරිදි) '''පෙරහර පෙරමුණේම කුඹල් රාජකාරි ඇත්තන් විසින් ගෙනයාම වෙයි'''. පෙරහර දිග්ගෙයි දොරටුවෙන් නික්ම හෙවිසි මණ්ඩප‍ෙය් දකුණු දොරටුව හෙවත් රජමහා විහාර පරිශ්‍රයට පිවිසෙන දොරටුවෙන් නික්ම එම මිදුලට සම්ප්‍රාප්ත වී නවතී. මේ සමගම පත්තිනි දේවාලය වටා පැදකුණු කරමින් පෙරහර පළමවු පැවැත්වීම සිදුකිරීම පිණිස රාජකාරි හෙවිසි කණ්ඩායම පත්තිනි දේවාලයට යති. පත්තිනි දේවාලය ඇත්තේ කතරගම දේවාලයට ඉදිරිපසින් මීටර 75 ක පමණ දුරකින් වීම මීට හේතුව විය හැකිය. වෙනත් දේවාල වල පත්තිනි දේවාලය ද මෙම පරිශ්‍රයේම පවතිනමුත් මෙහි ඇත්තේ වෙනම ස්ථානයක වීම මීට හේතුව වේ. කෙසේවුවද පත්තිනි දේවාභරණ සහිත පෙරහර පළමුවෙන් පැවැත්වීම හෙවත් ගමන් කිරීම ලංකාවේ දේවාල පෙරහර සම්ප්‍රදායේ දක්නට හැකි විශේෂ ලක්ෂණයකි. එසේ පත්තිනි දේවාල පෙරහර නිම කර අදාල හේවිසි කරුවන් පැමිණෙන තෙක් කතරගම දේවාල ආභරණ දෝලි සහ සෙසු අයද ඉදිරියේ වෙනත් සාම්ප්‍රදායික රාජකාරි ප්‍රසංගයක් පැවැත්වේ. එහි පළමු අංගය වන්නේ '''“දැකුම් අත්නැටීම”''' යන විශේෂාංගයයි. ඒ සඳහා වාදනය වන්නේ සබරගමු දවුල වන අතර වාදනය කරනු ලබන්නේ '''කරපේ වාදන ශිල්පීන්''' විසිනි. ඒ අය දේවාලයේ පෙරහර ගමන් කරවන හේවිසි කණ්ඩායමට අයත් පිරිස නොව මේ සාම්ප්‍රදායික නැටුම් වාදන සඳහාම වෙන් වූ විශේෂිත ශිල්පී පරම්පරාවකි. '''දැකුම් අත් නැටීම''' හෙවත් තවත් විටෙක ඒ අය විසින්ම හඳුන් වන පරිදි '''“දෙවියන් දකින අත”''' නැටුම යනු මුලින්ම ඉදිරපත්වන අයිතමය වෙයි.
 
කන්දමුදුනට බැන්ද ආසනයට
රන්ද මයුරා පිට කන්ද සුරපති වඳිම් මුල් කොට
යනාදී වශයෙන් ඉදිරිපත්වන එම ගායනයෙන් හැඟවෙන්නේද එය මුලින්ම කරන රංගනය හා මුලින්ම කරන නමස්කාරය යන්නය. මේ ආකාරයට කෙරෙන දැකුම් අත්නැටීමේ පදය හා එම නැටුම් සම්ප්‍රදාය අන් තැනෙක දැකිය නොහැකි මේ දේවාලයට පමණක් ආවේනික එකකි. දැකුම්අත් නැටීමෙන් අනතුරුව '''කෝලක්කාරපංගුවේ''' නැටුම් ඉදිරිපත්වන අතර එහි ගායන අන්තර්ගතය හා නැටුම් විලාසිතාවද '''කෝලම් හෙවත් විහිළු කරන ස්වරූපයක් ගනී.''' ඉදිරිපත්වන ගායනයේ දී
 
ඇරලිවැරලි දිවිසම්ගෙන ඉනවට කර අඳිතේ........ ආඬි ඇවිත් මේ සබයේ නටතේ
 
වැනි පදවල අරුත වන්නේද එය කෝලම් කිරීමක් බවය. '''කතරගම දෙවියන් විහිළුවලට කැමති බවත් තමන් විහිළු කිරීමෙන් එතුමාණන්වහන්සේ සතුටු වන බවත් මේ දේවාල රාජකාරි ඇත්තන්ගේ මතය වෙයි.''' නයියන්ඩිකාර පංගුවේ නැටුම් ද ඒ සමගම ඉදිරිපත්වෙයි. නයියන්ඩි නැටුමේදී කෙරන ගායනා අතර කන්දකුමාරසිරිතේ එන කවි ද මහනුවර සමයේ පසුකාලීනව රචනා කර ඇතැයි සිතිය හැකි නිර්මාණයන් ද වෙයි. ඒ අතර නිතරම පාහේ කියවෙන කවියක් වන්නේ
'''එකල්යාපානිරිඳු යුදයට ගොසින් තෙවරක් පැරදුනේ...........
සහ
දිමුත්යාපා එභූපාරජු සෙනග ගනිමින් වැඩම කරමින..........'''
යන කවි දෙක වෙයි.
නයියන්ඩි නැටුම තුළ කතරගම දෙවියන්ට ගැයෙන '''ප්‍රශස්ති හා යාදිනි''' ද ඇතුලත් කවි ගැයේ. මෙම නැටුම හා ගායනාවන් ද මේ '''දේවාලයටම ආවේනික සම්ප්‍රදායයක්''' පිළිබිඹු කරයි. උග්ගල් අලුත්නුවර මේ නැටුම් සමහර විටෙක දැකිය හැකි හැකි තවත් ස්ථානයක් වන්නේ සොරගුණය දේවාලයයි. 1970 දශකයේ පවා සොරගුණ දේවාලයට ගොස් මේ නැටුම් ඉදිරිපත් කළේ මේ ඇත්තන්ම වීම විශේෂත්වයකි. මේ ගැන ඒ අය විමසීමේදී ලේඛකයාට පැහැදිලි කරදුන්නේ මෙහි වැඩවසන්නේද කතරගම දෙවියන් බවත් සොරගුණ ඇත්තන් හා අම්මුඩුව කතරගම දේවාලයේද මොහොට්ටාල නිළමේවරුන් ඉල්ලා සිටියොත් එම ස්ථාන දෙකේම ද නැටුම් ඉදිරිපත් කිරීම හා ඊට සුදුසු මිල ලබා ගැනීම වරදක් නොවන බවය. මේ හැර අන්කවර අවස්ථාවක ඉල්ලා සිටියත් ප්‍රසාංගික වේදිකාවක් වැනි ස්ථානයකට මේ අය කැඳවිය නොහැකිය. එසේ කළොත් එය '''දේව උදහස ලැබීමට හේතුවක් විය හැකිය''' යන බිය මේ අයතුළ තදින් මුල්බැසගත් එකකි. ඒ අයගේ බලවත් විශ්වාසය හා ප්‍රකාශය වන්නේ ඒවා මිනිසුන්ට පෙනුනත් '''තමන් ඉදිරිපත් කරන්නේ දේවියන් වෙනුවෙන් උන්වහන්සේ උදෙසා පමණක්''' බවය. ඇත්තෙන්ම සාමාන්‍ය නිරීක්ෂකයකුට මේ නැටුම් පැත්තෙන් හා පිටුපසින් සිට බලනවාට වඩා යමක් කළ නොහැකිය. ඒවා දේවාභරණ වැඩමවන දෝලිය දෙසට හා දේවාභරණ වලට මුහුණලා ඉදිරිපත්වන දේවයාතිකා විශේෂයක් වශයෙන් සැලකීම ඊට හේතුවය. චාමර දරන අය කපුනිළමේවරයා සහ දෝලි වැඩමවන අය පමණක් එම නැටුම් ඉදිරිපස සිට නිරීක්ෂණය කරන්නට වරම් ලද්දාක් මෙනි. අත්තනායක මෙ‍ොහට්ටාල නිළමේට සහ බස්නායක නිළමේට වුව මේ නැටුම් දැකිය හැක්කේ එකත්පස්ව සිට පෙනෙන කෝණයකින් පමණි.
මේ නැටම් නිමවන විට පත්තින් දේවාල පෙරහර නිමකළ හේවිසි කරුවන් පැමිණ ඇති බැවින් පෙරහර ගමනාරම්භවේ.
# පෙරමුණෙ ගමන්ගන්නා දේවාල නිළ කොඩිය වූ කුකුලා කොඩි දෙක (පෙර කාලයේදී රාවණා කොඩිය ගෙනගයමුත් එය අස්ථානලතවීම නිසා දැන් ඇත්තේ කුකුලා කොඩි දෙක පමණක් බවත් මේ අය කියති.
2 ඊ ළඟට දෙපසින් බඩහැල පංග්වේ ඇත්තන් විසින් රැගෙන යන පුන්කලස් දෙක වැඩමවේ. ඒවා සුදුදහළු පංගුව විසින් දෙන පිරුවටවලින් ආවරණය කර පොල්මල් පමණක් පිටතට පෙනෙන පරිදි ඇති බව පෙනේ.
3 අනතුරුව දේවාල නිළ හේවිසිකණ්ඩායම දවුල් දෙක තම්මැට්ට්න් දෙක හොරණෑ දෙක ඒ සමගම සන්ධිස්ථානවලදී හඩනැංවීද පිණිස හක්ගෙඩිකරුවෝ සහ තුරම්පේත්තු පිඹින අය වෙත් දෝලිය ඉදිරිපසින්ම නීලපන්දම රැගෙන යන අතර ආලොක් කිරීම පිණිස අත්පන්දම් හා කොප්පරා පන්දම් කීපයක් රැගෙනයාමද දක්නට හැකිය.
4 දේවාභරණ දෝලිය දකුණු පසින් අලංකාර ලෙස නිළ ඇඳුමෙන් සැරසුන කපු නිළමේවරුන්ද දෝලියට ආවරණ සලසන පලිහවඩන පංගුවේ පලිහ දරන රාජකාරි ඇත්තාද චාමර රැගත් චාමර පංගුවේ අයද හෙල්ල රැගත් හෙවනැන්නැහැ වරුද වෙති දෝලිය වැඩමවනු ලබන්නේ ඉහළින් අල්ලන ලද උඩුවියනක් යටිනි.
5 මේ සියල්ල පෙරටු කර ගෙන අත්තන්යක මොහොට්ටාල නිළමේ සහ සෙසු මොහොට්ටාලවරුද ගමන් කිරීම අනිවාර්ය අංගය වේ.
මේ සේ ගමන්ගන්නා පෙරහර දේවාලය පැදකුණු කරමින් මළුව වටා පැමිණ හේවිසි මණ්ඩපයේ නැගෙනහිර දොරටුවෙන් පිවිස එතැනින් දිග්ගෙයටපිවිසේ. දෝලා කරුවන් වැඩසිටින මාලිගයේ මහ දොරටුව අබියස රැඳී සිටින අතර එතැන්සිට රන්සළු පංගුවේ ඇත්තන් එලන ලද පාවාඩ මතට එන කපු මහතා දේවාභරණ දෝලියන් රැගෙන දේවාලයකතුළට වැඩමවනු ලබයි. අනතුරුව සිදුවන ප්‍රධාන කාර්යය වන්නේ ආලත්ති තේවාවය. මෙය නියමිත මණ්ඩාවන්හි ( පිත්තල තැටි විශේෂයකි) පහන්තිරතබා දල්වා වැඩසිටින මාලිගයේ මහදොරටුව ඉදිරිපස පහන් කරකවමින් කෙරෙන ස්ත්‍රී රංගනයකි. ඒ සඳහා හොරණෑව දවුල සහ තම්මැට්ටම යන් උපකරණ භාවිතයෙන් කෙරෙන රිද්මයානුකූල වාදනයට අනුව මේ ආලත්ති බෑම හෙවත් ආලත්ති තේවාව සිදුවේ. එය දෙවියන්ට ආවැඩීම පිණිස කෙරෙන ආසිරි පැතීමේ පූජාවක ස්වරූපයක් ගනී. එයින් අනතුරුව දිග්ගේ නැටීම නම් වූ තවත් ස්ත්‍රීලාලිත්‍ය රංගනයක්. ඒ සඳ දවුල වැයීමට විශේෂ ශිල්පියකු ඇති අතර කයිතාලම් රිද්මයානුකූලව වැයීම ද සිදුවේ. ඒ නිමවනවාත් සමගම තාලම්පට හා කයිතාලම්පට වේගවත් තාල රිද්මයකට අනුව වයමින් කිවිකාර පංගුවේ ශිල්පීහු කවිගායන් කරති. එම කවි හා උක්ත දිග්ගේ නැටුම සිදු කෙරෙන්නේද වැඩසිටින මාලිගයේ මහදොරටුව අබියස ඒ දෙස බලා බැවින් කපු මහතා හැර අන් කිසිවකුට ඍජුව ඉදිරිපස සිට නැරඹීමට නොහැකි වෙයි. මේ රැඟුම ස්ත්‍රීන් අට දෙනකු ඉදිරිපත් කළ අතර අද වන විට එය සිව් දෙනකුට සීමාවී පවතී. එය අත් ප්‍රධානව ඉදිරිපත් කරන හස්ත නැටුමක් බව කවිකාර පංගුවේ ගායනයකින්ද පැහැදිලිවේ. කවිගායනා වන්හි අන්තර් ගතය වන්නේද දෙවියන්ට ආසිරි පිණිස මංගලම් කවි හා ප්‍රශස්ති ගායනා ද දේවාලයේ හා කඳදෙව් රජ උපත පිළිබඳ තොරතුරු වේ. මෙලෙස පළමු දින පළමු කුඹල් පෙරහරේ නිමාව සිදුවන අතර අනතුරුව දියවඩන් තේවය හා පුරාණයේ මුළුතැන් තේවය පවත්වා නැවත ද දෙවන කුඹල් පෙරහරක් පැවැත්වීම උග්ගල් අලුත්නුවරට විශේෂ වූ චාරිත්‍රයකි. එය සිදුවන්නේද කලින් ආකාරයටමය. එයින් අනතුරුවද මුළුතැන් තේවාව සිදු වේ. එහෙත් අද පළමු පෙරහර ගෙවදීමෙන් අනතුරුව දියවඩන් තේවයෙන් පසුව දෙවන පෙරහර පැවැත්වීම සිදුවන අතර මුළුතැන් තේවය සිදුවන්නේ එයින් ද පසුවය. මුළුතැන් තේවයෙන් පසුව නැවත දියවඩන්තේවය පැවැත්වේ. දියවඩන් තේවය යනු ‍දිය හෙවත් පැන් වැඩහිටින මාලිගයට වැඩමවීමය මේ වැඩමවීම මුළුතැන් රාල විසින් සිදුකරන්නේ මුකවාඩම් සහතව පාවාඩ මතිනි. මහදොරටුවෙන් ඇතුළුවන මුළුතැඅන් රාල විසින් ඒවා බත්තන නිළමේට භාර දෙන අතර ඒ අය විසින් දේවියන්ට පුද කරන බව පැවසේ. දියවඩන්තේවයෙන් පසුව පිටතට ගෙන එන පූජාකරන ලද බත් හැඳින්වෙන්නේ මුළුතැන්බත් යනුවෙනි. ඒවා පාවඩේබත් ලෙස ද ව්‍යවහාර වේ. පාවඩේබත් වැළඳීම දෙවියන්ට කෙරෙන පින්පෙත් පැමිණවීමක් බැවින් එය බැතිමතුන්ටද ආශීර්වාදයක්. එහෙයින් ඒවා ලබා ගැනීමට බැතිමතුන් අතර දතරගකාරි බවක් දක්නට හැකිය. මුළුතැන් බත් නිළවශයෙන් පළමුවම රාජකාරි කරුවන් අතර බෙදාහැරේ. ඇතැම්විට සමහරු එය බැතිමතකුගේ ලෙඩකු වැනි අය වෙනුවන් පරිත්‍යාග කරනු දක්නට හැකි තත්තවයකි. ඉතා පිරිසිදුව සිටින අය මේ බත් මහත් ආශාවෙන් වළඳන අතර ලෙඩුන්ට දීමෙන් ලෙඩ සුව වන බවද ඇදහේ. මේවා බෙදනු ලබන්නේ තටුකොල පංගුවේ ඇත්තන් ගෙන එන ලද පත්කොලවලින් සකස් කළ ගොටුවලිනි. ලේඛකයාගේ අත්දැකීම වන්නේ එය ඉතා රසවත් බවය. සැබවින්ම ගුණදායක බවද අත්දැකීමය.( මුළුතැන් වැඩීම පිළිබඳ පරිච්ඡේදය බලන්න)
මෙලෙස දින පහක් පුරා දිනකට දෙවරක් බැගින් කුඹල් පෙරහර පැවැත්වීම චාරිත්‍රය වෙයි. කෙසේවතුදු වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර හා මහ පෙරහර කෙම්මුර දිනයක බසින පරිදි සකස් වීම පිණිස කුඹල් පෙරහර ඇතැම්විට දින 4 ක් පමණක් පැරවත්වේ. තවත් විටෙක මෙය දින පහ පවත්වා වීදි පෙරහර හෙවත් දෙවේලේ පෙරහර දින 4 ක් පැවැත්වෙන අවස්ථාවන් දැකිය හැකිය.