"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
68 පේළිය:
 
'''<big>කප්සිටුවීම හා අණබෙර යාම </big>'''
 
පුරාණයේ කප්සිටුවන ලද දිනයේ සිට පෙරහර ඇරඹීම සිරිත වුවද වර්තමානයේ පෙරහර පැවැත්වීම කප් සිටුවා මාසතුනක් ඇතුළත ඉටුකිරීම වරදක් නොවන බව පිළිගැනේ. එහෙත් කප්සිටුවන දිනයේ සිටම පෙරහර පැවැත්වීම කළයුතුම බව පැරැන්න්ගේ අදහසයි. එසේ නොකිරීම නිසා විවිධ අතුරු ආන්තරා සිදුවන බව පැරණි මොහොට්ටාලවරු කියති. ඒ නිසා ඇසල පෙරහර ඇසල මාසයේම කළ බව සඳහන් නමුත් 1970 දශකයේ සිට පවතින කළමනාකරණ දුෂ්කරතා නිසා ඇසල මාසයේම පෙරහර කිරිම කළ නොහැකිව පවතී. ඇතැම්විට පෙරහර ඔක්තෝබර් මාසයේ මාසෙපෝය දිනට පසුවුනු දින සිට පැවැත්වෙන අවස්ථා ද දක්නට ලැබෙන්නේ එහෙයිනි. (මෙහිදක්වා ඇත්තේ 1950 දශකය දක්වා පෙරහර කරන ලද ආකාරය වේ. සමාජගතිකත්වය වේගවත් වුවද අද පවා පෙරහර සම්පුදාය වෙනස්ව ඇත්නම් ඒ ඉතා සුළු වශයෙනි. ප්‍රචාරක කටයතු වැනි ඇතැම් අංග කාලීන වෙනස්කම් අනුව නවතාක්ෂණික ක්‍රම අනුව වෙනස්වී ඇත. උදාහරණ ලෙස එකල තිබූ අණ බෙරය අද පුවත්පත් දැන්වීම රූපවාහිනී ප්‍රඡාරය හා අලවන දැන්වීම් බවට පත්ව පවතී.) ඇසල මාසය එළඹෙන්ට පෙර පෙරහර වෙනුවෙන් නැකත් සෑදීම සිදුවෙයි. එය සිදුවන්නේ බස්නායක නිළමේ මූල්කත්වයෙන් අත්තනායක මොහොට්ටාල නිළමේ අතපත්තු මොහොට්ටාල නිළමේ වැනි විධායක මට්ටමේ අයගේ සාකච්ඡාව පරිදිය. එසේ තීරණ ගැනීමෙන් අනතුරුව අත්තනායක නිළමේගේ නියමය පරිදි මළුවේ විදානෙ විසින් ගණිත පංගුවට නැකත් සාදා දෙන ලෙස පණිවුඩය දෙයි. '''සකස්වන සුබ නැකත සේ මාසෙ පෝය පසුවුනු දින උදෑසන වෛතාල වෙලාවට උදාවන සුබ මොහොත ගැනීම අනිවාර්ය ලක්ෂණයකි.''' අද වුවද එය එමස්මය. මෙසේ පණිවුඩ දෙන්නකු සේ කටයුතු කිරීම නිසා '''මළුවේ විදානේ''' නිළය '''“මළුවේ පණිවුඩකරු”''' ලෙස ව්‍යවහාරවන අවස්ථාවන්ද වේ. සකස් කරන ලද නැකත් අත්තනායක මොහොට්ටාල මගින් බස්නායක නිළමේට භාර දෙයි. ඇසල මාසය එළඹීමත් සමග මූලික ප්‍රචාරයන් අලුත්නවර හා නළුවෙල යන දේවාලගම් දෙකේ ද පිදවිලි ගම්වලද සිදුවේ. ඒ කටයුතු සැල‍ෙසන්නේ අත්තනායක නිළමේ සහ අනෙකුත් මොහොට්ටාලවරු අතර සාකච්ඡා කර අතපත්තු මොහොට්ටාල පෙරමුණ ගනිමිනි මෙහිදී ක්‍රියාත්මක නිලධාරින් වන්නේ '''ගම්විදානෙවරු හා අණබෙරකරු''' යන අයයි. ඇතැම් විට එම කටයුතු අධීක්ෂණය පිණිස අතපත්තු මොහොට්ටාල ද යන අවස්ථාවන් වේ. එක් එක් ගම් වල දේවාල රාජකාරි සම්බන්ධීකරණය පිණිස ඒ ගමට විශේෂිත ගම්විදානෙ වරු ද වෙති. (ගම්විදානෙ යනුවෙන් සාම්ප්‍රදායික රාජකාරි තනතුරක් වුවද එය 1870 ලේඛනගත නොවීම නිසා වර්තමානයේ ගැටළුකාරී තත්ත්ව ද දක්නට ලැබේ.) අණබෙරකරු සමග අදාල විදානේවරු සිය ගම සිසාරා යමින් බැතිමතුන් අතර නිළ පණිවුඩය හා රාජකාරි කරුවන්ට නියෝග විසුරුවා හරිති. '''“................දවසේ ඇහැල මහපෙරහරට කප් සිටුවනු ලබන බවද ...දින සිට ......... දින දක්වා කුඹල් පෙරහරත් ......දින සිට .... දින දක්වා දෙවේලේ පෙරහරත්..........දින සිට ......දින දක්වා මහපෙරහර පවත්වා.........දින උදෑසන දියකැපීමත් සිදුවන බව එහි අඩංගු පණිවුඩය වන අතර සිට සියලු රාජකාරි කරුවන් පංගු රැහීම සඳහා ........ දින සිට පැමිණිය යුතුය”''' යනු අණබෙරකරුගේ පණිවුඩයේ අන්තර්ගත ‍ප්‍රධාන තොතුරු වේ.