"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
69 පේළිය:
 
<big>කප්සිටුවීම හා අණබෙර යාම </big>
 
පුරාණයේ කප්සිටුවන ලද දිනයේ සිට පෙරහර ඇරඹීම සිරිත වුවද වර්තමානයේ පෙරහර පැවැත්වීම කප් සිටුවා මාසතුනක් ඇතුළත ඉටුකිරීම වරදක් නොවන බව පිළිගැනේ. එහෙත් කප්සිටුවන දිනයේ සිටම පෙරහර පැවැත්වීම කළයුතුම බව පැරැන්න්ගේ අදහසයි. එසේ නොකිරීම නිසා විවිධ අතුරු ආන්තරා සිදුවන බව පැරණි මොහොට්ටාලවරු කියති. ඒ නිසා ඇසල පෙරහර ඇසල මාසයේම කළ බව සඳහන් නමුත් 1970 දශකයේ සිට පවතින කළමනාකරණ දුෂ්කරතා නිසා ඇසල මාසයේම පෙරහර කිරිම කළ නොහැකිව පවතී. ඇතැම්විට පෙරහර ඔක්තෝබර් මාසයේදමාසයේ මාසෙපෝය දිනට පසුවුනු දින සිට පැවැත්වෙන අවස්ථා දක්නට ලැබෙන්නේ එහෙයිනි. (මෙහිදක්වා ඇත්තේ 1950 දශකය දක්වා පෙරහර කරන ලද ආකාරය වේ. සමාජගතිකත්වය වේගවත් වුවද අද පවා පෙරහර සම්පුදාය වෙනස්ව ඇත්නම් ඒ ඉතා සුළු වශයෙනි. ප්‍රචාරක කටයතු වැනි ඇතැම් අංග කාලීන වෙනස්කම් අනුව නවතාක්ෂණික ක්‍රම අනුව වෙනස්වී ඇත. උදාහරණ ලෙස එකල තිබූ අණ බෙරය අද පුවත්පත් දැන්වීම රූපවාහිනී ප්‍රඡාරය හා අලවන දැන්වීම් බවට පත්ව පවතී.) ඇසල මාසය එළඹෙන්ට පෙර පෙරහර වෙනුවෙන් නැකත් සෑදීම සිදුවෙයි. එය සිදුවන්නේ බස්නායක නිළමේ මූල්කත්වයෙන් අත්තනායක මොහොට්ටාල නිළමේ අතපත්තු මොහොට්ටාල නිළමේ වැනි විධායක මට්ටමේ අයගේ සාකච්ඡාව පරිදිය. එසේ තීරණ ගැනීමෙන් අනතුරුව අත්තනායක නිළමේගේ නියමය පරිදි මළුවේ විදානෙ විසින් ගණිත පංගුවට නැකත් සාදා දෙන ලෙස පණිවුඩය දෙයි. '''සකස්වන සුබ නැකත සේ මාසෙ පෝය පසුවුනු දින උදෑසන වෛතාල වෙලාවට උදාවන සුබ මොහොත ගැනීම අනිවාර්ය ලක්ෂණයකි.''' අද වුවද එය එමස්මය. මෙසේ පණිවුඩ දීමදෙන්නකු සේ කටයුතු කිරීම නිසා '''මළුවේ විදානේ''' නිළය '''“මළුවේ පණිවුඩකරු”''' ලෙස ව්‍යවහාරවන අවස්ථාවන්ද වේ. සකස් කරන ලද නැකත් අත්තනායක මොහොට්ටාල මගින් බස්නායක නිළමේට භාර දෙයි. ඇසලමාසයඇසල මාසය එළඹීමත් සමග මූලික ප්‍රචාරයන් අලුත්නවර හා නළුවෙල යන දේවාලගම් දෙකේ ද පිදවිලි ගම්වලද සිදුවේ. ඒ කටයුතු සැල‍ෙසන්නේ අත්තනායක නිළමේ සහ අනෙකුත් මොහොට්ටාලවරු අතර සාකච්ඡා කර අතපත්තු මොහොට්ටාල පෙරමුණ ගනිමිනි මෙහිදී ක්‍රියාත්මක නිලධාරින් වන්නේ '''ගම්විදානෙවරු හා අණබෙරකරු''' යන අයයි. ඇතැම් විට එම කටයුතු අධීක්ෂණය පිණිස අතපත්තු මොහොට්ටාල ද යන අවස්ථාවන් වේ. එක් එක් ගම් වල දේවාල රාජකාරි සම්බන්ධීකරණය පිණිස ඒ ගමට විශේෂිත ගම්විදානෙ වරු ද වෙති. (ගම්විදානෙ යනුවෙන් සාම්ප්‍රදායික රාජකාරි තනතුරක් වුවද එය 1870 ලේඛනගත නොවීම නිසා වර්තමානයේ ගැටළුකාරී තත්ත්ව ද දක්නට ලැබේ.) අණබෙරකරු සමග අදාල විදානේවරු සිය ගම සිසාරා යමින් බැතිමතුන් අතර නිළ පණිවුඩය හා රාජකාරි කරුවන්ට නියෝග විසුරුවා හරිති. '''“................දවසේ ඇහැල මහපෙරහරට කප් සිටුවනු ලබන බවද ...දින සිට ......... දින දක්වා කුඹල් පෙරහරත් ......දින සිට .... දින දක්වා දෙවේලේ පෙරහරත්..........දින සිට ......දින දක්වා මහපෙරහර පවත්වා.........දින උදෑසන දියකැපීමත් සිදුවන බව එහි අඩංගු පණිවුඩය වන අතර සිට සියලු රාජකාරි කරුවන් පංගු රැහීම සඳහා ........ දින සිට පැමිණිය යුතුය”''' යනු අණබෙරකරුගේ පණිවුඩයේ අන්තර්ගත ‍ප්‍රධාන තොතුරු වේ.
ඇසලමාසයේ අමාවක දින ගෙවීයන දින උදාවීමට පෙර කප් සිටුවීම හෙවිසි නාද මධ්‍යයේ සිදුවේ. එය සිදුවන්නේ වෛතාලවේලාවට යෙදෙනෙ සුබ මොහොතෙනි. කප්ගස සඳහා අඩි පහක පමණ ඍජු කඳක් ඇති '''දෙබලයක් සහිත (කරුවක් සහිත) කොස් අත්තක්''' යොදා ගැනීම මෙහි සිරිත වේ. මෙම කප්ගස '''අහරතලාව''' හොවත්හෙවත් '''ආරශාලාවේ''' සිටුවනු ලන අතර එය වටා කොටුවක් බැඳ එම කොටුව '''ගොක්සැරසිලි''' මගින් අලංකාර කර ආවරණයක් යෙද වේ. දෙබල මතින් දෙපසට වඑල්ලීඑල්ලී තිබෙන පරිදි ලෙලි සහිත අමු '''පොල් ගෙඩි දෙකක්''' එල්ලෙන අතර දෙබල මත පහනක් දැලවීමද කප්ගස වටා සුවඳ වර්ග සහිතව ලදපස්මල් ඉසිනබවද කියවේ. (ලදපස්මල් යනු..................ය) කප්සිටුවීම සඳහා කප්ගහ වැඩමවන්නේ ද සිටුවන්නේද කප්ගස ගලවා ආපසු වැඩමවන්නේද මළුවේ විදානෙ විසිනි. පෙරහර නිමවීමෙන් දිනහතකට පසුව උදාවන වෛතාල වේලාවට මේ කප් ගස මළුවේ වේ විදානෙ විසින් හේවිසි නාද මධ්‍යයේ වැඩමවා ගෙන ගොස් දියකපන පොකුණට දැමීම මෙහි සිරිතය. පුරාණ ලේඛනයේ දැක්වෙන්නේ කප් සිටුවීම '''“ඉඹුල්පේ දෙවනැන්නැහැ”''' නමැති විශේෂිත අයෙකු මගින් සිදු වූ බවකි. අද එවැනි තනතුරක් හෝ ව්‍යවහාරයක් අද දක්නට නොලැබේ. මෙවැනි වැදගත් පූජනීය කාර්යයන් සඳහා '''මළුවේ විදානෙ''' මූලිකත්වය ගන්නා බැවින් '''දෙවනැන්නැහැ''' යනු මළුවේ විදානෙට භාවිත වූ ‍පුරාණ නාමය විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය.
 
මේ සියලු කටයුතු වල ඇත්තේ අපූරු සංකේතාර්ථයන්ය. කප්සිටුවීමේ අරුත හා එහි සංකේත පිළිබඳ විග්‍රහයේදී විද්වතුන් විවිධ මතවාද දැක්වෙනදක්වන බව පෙනේ. මෙවැනි මත අතර සිත්ගත් මතවාදයක් වන්නේ '''එය මනුෂ්‍යවර්ගයාගේ චිරපැවැත්මේ හා සෞභාග්‍යයයේ උදාව සංකේතවත් කෙරෙන බවයි.''' පෘථිවිය හෙවත් පොළව “මහිකාන්තාව”යි'''“මහිකාන්තාව”'''යි. අහස හෝ වායු ගෝලය '''“ඊශ්වර හෙවත් පිරිමියා”''' සංකේතවත් කෙරෙයි. දෙබලයක් සහිත කිරි ගසේ ඒලලෙන පොත්ත සහිත පොල් ගෙඩි දෙක ගැන සිතන්න. ඒවා එකිනෙක ගැටගසා ඇත්තේද පොත්තෙන්පොත්ත ඉිතිරිවනසේ භාගයට ඉරාගත් පට්ටා දෙකකිනි. ඒ ආසන්නයේ වටා එල්ලෙන ගොක් රැහැන් හා පොලව මත වෛතාල වේලාවට සිටුවීම '''පෙරහර නිමවීමෙන් දින හතකට පසුව පොකුණට ගෙනවැඩමවාගෙන යාම''' වැනි සිදුවීම් දාමය පිළිබඳ සංකේතාර්ථ විමසන ඇතැම් විද්වතකුඇතැමෙක් එය ස්ත්‍රී පුරුෂ සංසර්ගය සිහිගන්වන බව ද, දරුවන් නමැති මාහැඟි උතුම් සම්පත පහළ කර ගැනීම සංකේතවත් කරන බව පවසති. මනුෂ්‍යවර්ගයා ඇතුළු සත්වසංහතියේ චිරපැවැත්ම සහතික වන්නේ ස්ත්‍රී පුරුෂ සහවාසයෙනි. එ බැවින් ඒ සියල්ල පූජනීය කාර්යයන් වශයෙන් පෙරදිග වැසියෝ සැලකූහ. අහස - පොලව ඉර - හඳ වැනි ස්වාභවික සම්පත් දෙවියන් ලෙස සැලකීම ද මෙවැනි සංකේතවත් අර්ථ සැපයීම හා ඒ සියල්ල පූජනීය කාර්යයන් සේ සැලකීම පෙරදිග උරුමය වේ. මේ අනුව සිතන විට මුළුමහත් පෙරහර උත්සව ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියේ පැවැත්ම උදෙසා ස්වාභාවිකවමස්වාභාවිකව සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය සංකේතවත් කරන බවට මතයක් සේ ගැනීම වුව ද හැකිය. අලුතෙන් විවාපත් යුවලකට යහන්ගතවීම හා සහවාසය සඳහා ද සුබනැකත් සාදා දීම පුරාණ සිරිත විය. කප්සිටුවීමෙන් අනතුරුඅනතුරුව, කාක්කා අඬනවාත් සමගම (පාන්දර 5.00ට පමණ) වාගේ දේවාල මහ දොරටුව ඉදිරිපිට සිට තම්මැට්ටම් පංගුවේ ඇත්තන් වයන '''“පුරප්පට්ටු වාදනය”''' ප්‍රදේශය පුරා පැතිරයයි. එහි පදයේ හඬ අර්ථගන්වන ගමේ ඇත්තෝ ඒ වයන්නේ '''“දැන් දන් වරෙන්! අද හවසට වරෙන් මහ පෙරහර පවත්තන්ඩ... දැන් දැන් වරෙන් !දැන් දැන්වරෙන්!! දැන් වරෙන්!!!”''' යනුවෙන් ප්‍රකාශ කරති. පුරප්පට්ටු වාදන පදය කුමක්ද යන්න තෝරා ගැනීමට ලේඛකයා ශිල්පියා විමසමින් ගත් උත්සාහය අසාර්ථක විය. තමමුතුන්මිත්තන්තම මුතුන්මිත්තන් කළ වාදනය අනුකරණය කරනු විනා තමන් එහි පදයපද නොදන්නා බව පවසනු‍පවසනු ලැබිණි. බෙහෝ දෑ පෙරසිරිත අනුව යමින් කරනවා විනා ඒවායේ අර්ථ විග්‍රහයන් හෝ වැඩිදුර යම්යම් තොරතුරු නොදැනීම රාජකාරිමණ්ඩලයේ ස්වභාවය මෙනිවැන්න. එහෙත් '''පෙරසිරිත''' ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරගැනීමට දක්වන දැඩි සැලකිල්ල සියලු දෙනාතුළම පාහේ දක්නට හැකි ලක්ෂණයක් බැවින් ඒවා වෙනස්වී ඇත්නම් එය ඉතා සුළුවෙන් බව නිගමනය කළහැකිවේ. තමන් දේව උදහසට ලක්වේය යන බිය නිසා හිතුවක්කාර ලෙස වෙනසක් කිරීමට යමෙකු නොපෙළඹේ. එවැනි අවස්ථා පිළිබඳ ලැබූ දඬුවම් පිළිබඳ උදාහරණ ද ඔවුහු දක්වති.