"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
68 පේළිය:
1870 කොමසාරිස් ලේඛනයේ සඳහන් පූජ්‍ය ගංගොඩඅරාවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගේ කටයුතලෛස දක්වා ඇත්තේ “විහාරයේ නිතර රැඳී සිටීම හා උදය දහවල කිරි ආහාර පූජා කිරීම හා උදය සවස මල් පහන් පූජා කිරීම” වශයෙනි. එහි අංක 6 යටතේ මෙම විහාරයේ නඩත්තුව සඳහා වෙන් කර ඇති ඉඩම් පංගු ද දැක්වේ. රජමහා විහායක් වශයෙන් වෙන් කළ විශාල විහාරගමක් නුවූවද ඉහත කී ලෙස විධිමත්ව ලේඛනගතවී තිබීමම විහාරයේ පැවති ඓතිහාසික වටිනාකම පෙන්වා දෙනු ලබයි. මහනුවර රාජධානිසමයේ ලියැවුනු අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ කෘතියක් හැටියට සැලකෙන '''“විහාරඅස්න”''' හෙවත් '''“නම්පොත”''' එකල පැවති අධ්‍යාපන කේන්ද්‍රස්ථාන වූ පන්සල් හෝ පිරිවෙන් වල මූලික පෙළ පොත විය. හෝඩිය ඉගෙනීමෙන් පසුව ශිෂ්‍යයා “විහාර අස්න” හෙවත් “නම් පොත” වනපොත් කළ යුතුවේ. එහි එකල ප්‍රකටව පැවති '''ලංකාවේ ‍පූජනීය ස්ථාන 267 අතර “උග්ගල් අළුත්නුවර”''' ද අඩංගුව ඇති සිද්ධස්ථාන නාමයකි. 1870 විහාරය වෙනුවෙන් කැපව සිටි '''ගංගොඩඅරාවේ ධම්මානන්ද හිමියන්''' උපැවිදිවී බැහැරව යාමෙන් පසුව රජමහාවිහාර කටයුතු සඳහා වැඩම කර ඇත්තේ මාමල්ගහ ජිනජෝතිකාරාමයේ විහරාධිපතිව සිටි '''පූජ්‍ය දික්කාපිටියේ සීලානන්ද හිමි පාණන්වහන්සේ විසිනි'''. උන්වහන්සේ වසර 17 ක් පමණ එම කටයුතු කර ඇති බව ද කියවේ. 1883. 08. 08 දින පැමිණි සබරගමුවේ සුදු දිසාපතිවරයකු වූ '''එච්.වෙස්ගේ''' දින සටහන් වල උග්ගල් අලුත්නුවර රජමහා විහාර‍ෙය් බුදුපිළිමය හා විහාර ගෙය ගැන තොරතුරු දැක්වෙන අතර එයින් පිටත තිබූ නටබුන්ව ඇති දේවාල ගොඩනැගිලි ගැන ද කියවේ. 1940 සංශෝධිත මුද්‍රණයක් වූ '''හපුතලේ අඟලේ සිතියමේ මෙම ස්ථානය සටහන්ව ඇත්තේ උග්ගල් අලුත්නුවර රජමහා විහාර නාමය අවධාරණය කරමිනි.''' 1915 සිට වසර ගණනාවක් මෙහි ආගමිකවතාවත් හෝ උත්සව ගැන තොරතුරු ලබා ගැනීම අපහසුය. 1933 අලුතෙන් පත්ව ආ බස්නායක නිළමේවරයාට පරිසරය නැවත ගොඩනගා රාජකාරි කරුවන් සොයා ගොස් පුනරුත්ථාපන කටයුතු වල නිරතවන්ට සිදුවීමෙන්(සිඩ්නි එල්ලාවල යුගය ගැන පරිචේඡෙදය බලන්න) පැහැදිලිවන්නේ 1915 සිට එළඹුන වකවානුව අභාග්‍යසම්පන්න කාලයක්ව තිබුණු බවය. රජමහා විහාරය හා දේවාලයේ පිරිත් නිළය වෙනුවෙන් වෙන් වෙන්ව වැඩ සිටි දෙනමක් වුව ද ඒ කිසිදු කටයුත්තක් සඳහා හිමිනමක් ඒ වනවිට සිට නැති බව හෙලි වේ. '''සිඩ්නි එල්ලාවල නිළමේතුමා''' සහ ගමේ දැනුමැතියන් ද එකතුව උළුගල රජමහා විහාරයේ වැඩ සිටි '''පූජ්‍ය මුරුතවෙල ධම්මරත්න හිමිපාණන්''' වැඩම කර ඇත්තේ එහෙයිනි. එයින් පසුව නැවතත් සෞභාග්‍යමත් කාලයක් උදාවිය. මොළමුරේ නින්දගමට අයත් දේවාලයට ආසන්න ඉඩමක් සඟ සතු කොට පූජාකරන ලදුව එහි ලොකුහාමුදුරුවන්ට පන්සලක් ඉදිකරවා දීමෙන් ගමට මහා සංඝරත්නයේ මගපෙන්වීම නොඅඩුව සැලසීමට පියවර ගත් බව 1933 සිට 2004 දක්වා සිටි අත්තනායක මොහොට්ටාල මෙන්ම අතපත්තු මොහොට්ටාල නිළමේවරයකු වූ '''ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර මහත්මා''' ඇතුළු වැඩිහිටියෝ පවසති. උන්වහන්සේ විසින් උළුගල රජමහාවිහාරයට '''කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ පූජාකරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව'''ද උග්ගල් අලුත්නුවර රජමහා විහාරයට වැඩමවා තැන්පත් කර ආගමිකවතාවත් වලට ඉඩ කඩ සලස්වන ලදුව ඒ වනවිට ගරාවැටීමට ළංව තිබූ විහාරගෙය අලුත්වැඩියා කර නව බුදුපිළිමයක්ද තනවන ලද බව උක්ත පන්සල වූ විවේකාරාම විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතිව වැඩසිටින '''ශාස්ත්‍රවේදී පූජ්‍ය උනපාන සරණංකර හිමිපානෝ''' ප්‍රකාශ කරති. මේ අනුව බෞද්ධ ප්‍රබෝධය හා දහම් අධ්‍යාපනය ද ගම තුළ නැවත පුනරුත්ථපනය වී උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සමග උග්ගල් අලුත්නුවර රජමහා විහාරය ද බැබලෙන සිද්ධස්ථානයක් බවට පත්වූ බව පෙනේ.
 
<big>කප්සිටුවීම</big>
 
පුරාණයේ කප්සිටුවන ලද දිනයේ සිට පෙරහර ඇරඹීම සිරිත වුවද වර්තමානයේ පෙරහර පැවැත්වීම කප් සිටුවා මාසතුනක් ඇතුළත ඉටුකිරීම වරදක් නොවන බව පිළිගැනේ. එහෙත් කප්සිටුවන දිනයේ සිටම පෙරහර පැවැත්වීම කළයුතුම බව පැරැන්න්ගේ අදහසයි. එසේ නොකිරීම නිසා විවිධ අතුරු ආන්තරා සිදුවන බව පැරණි මොහොට්ටාලවරු කියති. ඒ නිසා ඇසල පෙරහර ඇසල මාසයේම කළ බව සඳහන් නමුත් 1970 දශකයේ සිට පවතින කළමනාකරණ දුෂ්කරතා නිසා ඇසල මාසයේම පෙරහර කිරිම කළ නොහැකිව පවතී. ඇතැම්විට පෙරහර ඔක්තෝබර් මාසයේද පැවැත්වෙන අවස්ථා දක්නට ලැබෙන්නේ එහෙයිනි. (මෙහිදක්වා ඇත්තේ 1950 දශකය දක්වා පෙරහර කරන ලද ආකාරය වේ. සමාජගතිකත්වය වේගවත් වුවද අද පවා පෙරහර සම්පුදාය වෙනස්ව ඇත්නම් ඒ ඉතා සුළු වශයෙනි. ප්‍රචාරක කටයතු වැනි ඇතැම් අංග කාලීන වෙනස්කම් අනුව නවතාක්ෂණික ක්‍රම අනුව වෙනස්වී ඇත. උදාහරණ ලෙස එකල තිබූ අණ බෙරය අද පුවත්පත් දැන්වීම රූපවාහිනී ප්‍රඡාරය හා අලවන දැන්වීම් බවට පත්ව පවතී.) ඇසල මාසය එළඹෙන්ට පෙර පෙරහර වෙනුවෙන් නැකත් සෑදීම සිදුවෙයි. එය සිදුවන්නේ බස්නායක නිළමේ මූල්කත්වයෙන් අත්තනායක මොහොට්ටාල නිළමේ අතපත්තු මොහොට්ටාල නිළමේ වැනි විධායක මට්ටමේ අයගේ සාකච්ඡාව පරිදිය. එසේ තීරණ ගැනීමෙන් අනතුරුව අත්තනායක නිළමේගේ නියමය පරිදි මළුවේ විදානෙ විසින් ගණිත පංගුවට නැකත් සාදා දෙන ලෙස පණිවුඩය දෙයි. මෙසේ පණිවුඩ දීම නිසා විදානේ නිළය “මළුවේ පණිවුඩකරු” ලෙස ව්‍යවහාරවන අවස්ථාවන්ද වේ. සකස් කරන ලද නැකත් අත්තනායක මොහොට්ටාල මගින් බස්නායක නිළමේට භාර දෙයි. ඇසලමාසය එළඹීමත් සමග මූලික ප්‍රචාරයන් අලුත්නවර හා නළුවෙල යන දේවාලගම් දෙකේ ද පිදවිලි ගම්වලද සිදුවේ. ඒ කටයුතු සැල‍ෙසන්නේ අත්තනායක නිළමේ සහ අනෙකුත් මොහොට්ටාලවරු අතර සාකච්ඡා කර අතපත්තු මොහොට්ටාල පෙරමුණ ගනිමිනි මෙහිදී ක්‍රියාත්මක නිලධාරින් වන්නේ ගම්විදානෙවරු හා අණබෙරකරු යන අයයි. ඇතැම් විට එම කටයුතු අධීක්ෂණය පිණිස අතපත්තු මොහොට්ටාල ද යන අවස්ථාවන් වේ. එක් එක් ගම් වල දේවාල රාජකාරි සම්බන්ධීකරණය පිණිස ඒ ගමට විශේෂිත ගම්විදානෙ වරු ද වෙති. (ගම්විදානෙ යනුවෙන් සාම්ප්‍රදායික රාජකාරි තනතුරක් වුවද එය 1870 ලේඛනගත නොවීම නිසා වර්තමානයේ ගැටළුකාරී තත්ත්ව ද දක්නට ලැබේ.) අණබෙරකරු සමග අදාල විදානේවරු සිය ගම සිසාරා යමින් බැතිමතුන් අතර නිළ පණිවුඩය හා රාජකාරි කරුවන්ට නියෝග විසුරුවා හරිති. “................දවසේ ඇහැල මහපෙරහරට කප් සිටුවනු ලබන බවද ...දින සිට ......... දින දක්වා කුඹල් පෙරහරත් ......දින සිට .... දින දක්වා දෙවේලේ පෙරහරත්..........දින සිට ......දින දක්වා මහපෙරහර පවත්වා.........දින උදෑසන දියකැපීමත් සිදුවන බව එහි අඩංගු පණිවුඩය වන අතර සිට සියලු රාජකාරි කරුවන් පංගු රැහීම සඳහා ........ දින සිට පැමිණිය යුතුය” යනු අන්තර්ගත ‍ප්‍රධාන තොතුරු වේ.
ඇසලමාසයේ අමාවක දින ගෙවීයන දින උදාවීමට පෙර කප් සිටුවීම හෙවිසි නාද මධ්‍යයේ සිදුවේ. එය සිදුවන්නේ වෛතාලවේලාවට යෙදෙනෙ සුබ මොහොතෙනි. කප්ගස සඳහා අඩි පහක පමණ ඍජු කඳක් ඇති දෙබලයක් සහිත (කරුවක් සහිත) කොස් අත්තක් යොදා ගැනීම මෙහි සිරිත වේ. මෙම කප්ගස අහරතලාව හොවත් ආරශාලාවේ සිටුවනු ලන අතර එය වටා කොටුවක් බැඳ එම කොටුව ගොක්සැරසිලි මගින් අලංකාර කර ආවරණයක් යෙද වේ. දෙබල මතින් දෙපසට වඑල්ලී තිබෙන පරිදි ලෙලි සහිත අමු පොල් ගෙඩි දෙකක් එල්ලෙන අතර දෙබල මත පහනක් දැලවීමද කප්ගස වටා සුවඳ වර්ග සහිතව ලදපස්මල් ඉසිනබවද කියවේ. (ලදපස්මල් යනු..................ය) කප්සිටුවීම සඳහා කප්ගහ වැඩමවන්නේ ද සිටුවන්නේද කප්ගස ගලවා ආපසු වැඩමවන්නේද මළුවේ විදානෙ විසිනි. පෙරහර නිමවීමෙන් දිනහතකට පසුව උදාවන වෛතාල වේලාවට මේ කප් ගස මළුවේ වේ විදානෙ විසින් හේවිසි නාද මධ්‍යයේ වැඩමවා ගෙන ගොස් දියකපන පොකුණට දැමීම මෙහි සිරිතය. පුරාණ ලේඛනයේ දැක්වෙන්නේ කප් සිටුවීම “ඉඹුල්පේ දෙවනැන්නැහැ” නමැති විශේෂිත අයෙකු මගින් සිදු වූ බවකි. අද එවැනි තනතුරක් හෝ ව්‍යවහාරයක් අද දක්නට නොලැබේ. මෙවැනි වැදගත් පූජනීය කාර්යයන් සඳහා මළුවේ විදානෙ මූලිකත්වය ගන්නා බැවින් දෙවනැන්නැහැ යනු මළුවේ විදානෙට භාවිත වූ ‍පුරාණ නාමය ද විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය.
 
මේ සියලු කටයුතු වල ඇත්තේ අපූරු සංකේතාර්ථයන්ය. කප්සිටුවීමේ අරුත හා එහි සංකේත පිළිබඳ විග්‍රහයේදී විවිධ මතවාද දැක්වෙන බව පෙනේ. මෙවැනි මත අතර සිත්ගත් මතවාදයක් වන්නේ එය මනුෂ්‍යවර්ගයාගේ චිරපැවැත්මේ හා සෞභාග්‍යයයේ උදාව සංකේතවත් කෙරෙන බවයි. පෘථිවිය හෙවත් පොළව “මහිකාන්තාව”යි. අහස හෝ වායු ගෝලය “ඊශ්වර හෙවත් පිරිමියා” සංකේතවත් කෙරෙයි. දෙබලයක් සහිත කිරි ගසේ ඒලලෙන පොත්ත සහිත පොල් ගෙඩි දෙක ගැන සිතන්න. ඒවා එකිනෙක ගැටගසා ඇත්තේද පොත්තෙන් භාගයට ඉරාගත් පට්ටා දෙකකිනි. ඒ ආසන්නයේ වටා එල්ලෙන ගොක් රැහැන් හා පොලව මත වෛතාල වේලාවට සිටුවීම පෙරහර නිමවීමෙන් දින හතකට පසුව පොකුණට ගෙන යාම වැනි සිදුවීම් දාමය පිළිබඳ සංකේතාර්ථ විමසන ඇතැම් විද්වතකු එය ස්ත්‍රී පුරුෂ සංසර්ගය සිහිගන්වන බව ද, දරුවන් නමැති මාහැඟි උතුම් සම්පත පහළ කර ගැනීම සංකේතවත් කරන බව පවසති. මනුෂ්‍යවර්ගයා ඇතුළු සත්වසංහතියේ චිරපැවැත්ම සහතික වන්නේ ස්ත්‍රී පුරුෂ සහවාසයෙනි. එ බැවින් ඒ සියල්ල පූජනීය කාර්යයන් වශයෙන් පෙරදිග වැසියෝ සැලකූහ. අහස - පොලව ඉර - හඳ වැනි ස්වාභවික සම්පත් දෙවියන් ලෙස සැලකීම ද මෙවැනි සංකේතවත් අර්ථ සැපයීම හා ඒ සියල්ල පූජනීය කාර්යයන් සේ සැලකීම පෙරදිග උරුමය වේ. මේ අනුව සිතන විට මුළුමහත් පෙරහර උත්සව ක්‍රියාවලිය මනුෂ්‍ය සංහතියේ පැවැත්ම උදෙසා ස්වාභාවිකවම සිදුවන ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය සංකේතවත් කරන බවට මතයක් සේ ගැනීම වුව ද හැකිය. අලුතෙන් විවාපත් යුවලකට යහන්ගතවීම හා සහවාසය සඳහා ද සුබනැකත් සාදා දීම පුරාණ සිරිත විය. කප්සිටුවීමෙන් අනතුරු, කාක්කා අඬනවාත් සමගම (පාන්දර 5.00ට පමණ) වාගේ දේවාල මහ දොරටුව ඉදිරිපිට සිට තම්මැට්ටම් පංගුවේ ඇත්තන් වයන “පුරප්පට්ටු වාදනය” ප්‍රදේශය පුරා පැතිරයයි. එහි පදයේ හඬ අර්ථගන්වන ගමේ ඇත්තෝ ඒ වයන්නේ “දැන් දන් වරෙන්! අද හවසට වරෙන් මහ පෙරහර පවත්තන්ඩ... දැන් දැන් වරෙන් !දැන් දැන්වරෙන්!! දැන් වරෙන්!!!” යනුවෙන් ප්‍රකාශ කරති. පුරප්පට්ටු වාදන පදය කුමක්ද යන්න තෝරා ගැනීමට ලේඛකයා ශිල්පියා විමසමින් ගත් උත්සාහය අසාර්ථක විය. තමමුතුන්මිත්තන් කළ වාදනය අනුකරණය කරනු විනා තමන් එහි පදය නොදන්නා බව පවසනු ලැබිණි. බෙහෝ දෑ පෙරසිරිත අනුව යමින් කරනවා විනා ඒවායේ අර්ථ විග්‍රහයන් හෝ වැඩිදුර යම්යම් තොරතුරු නොදැනීම රාජකාරිමණ්ඩලයේ ස්වභාවය මෙනි. එහෙත් පෙරසිරිත ඒ ආකාරයෙන්ම සුරක්ෂිත කරගැනීමට දක්වන දැඩි සැලකිල්ල සියලු දෙනාතුළම පාහේ දක්නට හැකි ලක්ෂණයක් බැවින් ඒවා වෙනස්වී ඇත්නම් එය ඉතා සුළුවෙන් බව නිගමනය කළහැකිවේ. තමන් දේව උදහසට ලක්වේය යන බිය නිසා හිතුවක්කාර ලෙස වෙනසක් කිරීමට යමෙකු නොපෙළඹේ. එවැනි අවස්ථා පිළිබඳ ලැබූ දඬුවම් පිළිබඳ උදාහරණ ද ඔවුහු දක්වති.