"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
66 පේළිය:
 
උග්ගල් අලුත්නුවර බෞද්ධ පූජනීය ස්ථානයක් සේද වන්දනාමානනයට පත් ස්ථානයක්ව පැවතී ඇති බවට සාධක බොහෝය. කෙසේ වුද මෙහි අද පවා පැවැත්වෙන ආගමික කටයුතු වල විශේෂත්වය වන්නේ බෞද්ධ හා හින්දු සම්ප්‍රදායේ මිශ්‍රණයක ලක්ෂණ තිබීමය. '''එය අපූරු ආගමික සහයෝගීතාවක්ද පිළිබිඹු කරයි'''. බෞද්ධ සැදැහැවතුන් සියලු දෙනාම දේවාලය ද වන්දනා කර දෙවියන්ට පින් දෙන අතර දේවාල වතාවත්වල යෙදෙන සියලු දෙනාම චෛත්‍යය බෝධීන් වහන්සේ හා විහාරගෙය වන්දනාකර බුදුන්ට මුල්තැන දී දේවාල වතාවත්වල නිරත වෙති. දෙවියන් ඉදිරියේ යාතිකා කරන කපුමහතා ද පන්සිල් ගෙන බුදුන් වඳිමින් කරණීයමෙත්ත සූත්‍රය සජ්ඣායනාකර දෙවියන්ට පින් දී '''දේව යාතිකා''' කරන බව අදත් දක්නට හැකි ලක්ෂයකි. කතරගම දෙවියන් ශාසනාරක්ෂක වරම් ලැබූ මහේශාඛ්‍ය දෙවියන් සේ බුද්ධාගම රැකගනිමින් බෞද්ධ වූ තමන්වද රැකගන්නා බව බැත්මත්තු විශ්වාස කරති. එහෙයින් නිතර පින් කර දෙවියන්ට පින් අනුමෝදන් කරවිය යුතු බව අදහති. මේ සඳහා දේවාල මළුව තුළ ස්ථාපනය කර ඇති චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළු ත්‍රිවිධ පූජාවස්තූන්ට කිරි ආහාර පූජාකිරීම උදය හා දහවල ද හවසට දැහැත් ගිලන්පස ද ත්‍රිවිධ බෝධීන් උදෙසාම පූජා කිරීම සාමාන්‍ය දෛනික පිළිවෙත විය.
1870 කොමසාරිස් ලේඛනයේ සඳහන් පූජ්‍ය ගංගොඩඅරාවේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ගේ කටයුතලෛස දක්වා ඇත්තේ “විහාරයේ නිතර රැඳී සිටීම හා උදය දහවල කිරි ආහාර පූජා කිරීම හා උදය සවස මල් පහන් පූජා කිරීම” වශයෙනි. එහි අංක 6 යටතේ මෙම විහාරයේ නඩත්තුව සඳහා වෙන් කර ඇති ඉඩම් පංගු ද දැක්වේ. රජමහා විහායක් වශයෙන් වෙන් කළ විශාල විහාරගමක් නුවූවද ඉහත කී ලෙස විධිමත්ව ලේඛනගතවී තිබීමම විහාරයේ පැවති ඓතිහාසික වටිනාකම පෙන්වා දෙනු ලබයි. මහනුවර රාජධානිසමයේ ලියැවුනු අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ කෘතියක් හැටියට සැලකෙන '''“විහාරඅස්න”''' හෙවත් '''“නම්පොත”''' එකල පැවති අධ්‍යාපන කේන්ද්‍රස්ථාන වූ පන්සල් හෝ පිරිවෙන් වල මූලික පෙළ පොත විය. හෝඩිය ඉගෙනීමෙන් පසුව ශිෂ්‍යයා “විහාර අස්න” හෙවත් “නම් පොත” වනපොත් කළ යුතුවේ. එහි එකල ප්‍රකටව පැවති '''ලංකාවේ ‍පූජනීය ස්ථාන 267 අතර “උග්ගල් අළුත්නුවර”''' ද අඩංගුව ඇති සිද්ධස්ථාන නාමයකි. 1870 විහාරය වෙනුවෙන් කැපව සිටි '''ගංගොඩඅරාවේ ධම්මානන්ද හිමියන්''' උපැවිදිවී බැහැරව යාමෙන් පසුව රජමහාවිහාර කටයුතු සඳහා වැඩම කර ඇත්තේ මාමල්ගහ ජිනජෝතිකාරාමයේ විහරාධිපතිව සිටි '''පූජ්‍ය දික්කාපිටියේ සීලානන්ද හිමි පාණන්වහන්සේ විසිනි'''. උන්වහන්සේ වසර 17 ක් පමණ එම කටයුතු කර ඇති බව ද කියවේ. 1883. 08. 08 දින පැමිණි සබරගමුවේ සුදු දිසාපතිවරයකු වූ '''එච්.වෙස්ගේ''' දින සටහන් වල උග්ගල් අලුත්නුවර රජමහා විහාර‍ෙය් බුදුපිළිමය හා විහාර ගෙය ගැන තොරතුරු දැක්වෙන අතර එයින් පිටත තිබූ නටබුන්ව ඇති දේවාල ගොඩනැගිලි ගැන ද කියවේ. 1940 සංශෝධිත මුද්‍රණයක් වූ '''හපුතලේ අඟලේ සිතියමේ මෙම ස්ථානය සටහන්ව ඇත්තේ උග්ගල් අලුත්නුවර රජමහා විහාර නාමය අවධාරණය කරමිනි.''' 1915 සිට වසර ගණනාවක් මෙහි ආගමිකවතාවත් හෝ උත්සව ගැන තොරතුරු ලබා ගැනීම අපහසුය. 1933 අලුතෙන් පත්ව ආ බස්නායක නිළමේවරයාට පරිසරය නැවත ගොඩනගා රාජකාරි කරුවන් සොයා ගොස් පුනරුත්ථාපන කටයුතු වල නිරතවන්ට සිදුවීමෙන්(සිඩ්නි එල්ලාවල යුගය ගැන පරිචේඡෙදය බලන්න) පැහැදිලිවන්නේ ඒ වකවානුව කිසියම් අභාග්‍යසම්පන්න කාලයක් එළඹ තිබුණු එකක් වශයෙනි. රජමහා විහාරය හා දේවාලයේ පිරිත් නිළය වෙනුවෙන් වෙන්ව වැඩ සිටි දෙනමක් වුව ද කිසිවකු හෝ ඒ වනවිට සිට නැති බව හෙලි වේ. '''සිඩ්නි එල්ලාවල නිළමේතුමා''' සහ ගමේ දැනුමැතියන් ද එකතුව උළුගල රජමහා විහාරයේ වැඩ සිටි '''පූජ්‍ය මුරුතවෙල ධම්මරත්න හිමිපාණන්''' වැඩම කර ඇත්තේ එහෙයිනි. එයින් පසුව නැවතත් සෞභාග්‍යමත් කාලයක් උදාවිය. මොළමුරේ නින්දගමට අයත් දේවාලයට ආසන්න ඉඩමක් සඟ සතු කොට පූජාකරන ලදුව එහි ලොකුහාමුදුරුවන්ට පන්සලක් ඉදිකරවා දීමෙන් ගමට මහා සංඝරත්නයේ මගපෙන්වීම නොඅඩුව සැලසීමට පියවර ගත් බව 1933 සිට 2004 දක්වා සිටි අත්තනායක මොහොට්ටාල මෙන්ම අතපත්තු මොහොට්ටාල නිළමේවරයකු වූ '''ඒ.එම්.එස්.එම්. පුංචිබණ්ඩාර මහත්මා''' ඇතුළු වැඩිහිටියෝ පවසති. උන්වහන්සේ විසින් උළුගල රජමහාවිහාරයට '''කීර්ති ශ්‍රී රාජසිංහ සමයේ පූජාකරන ලද කිරිගරුඬ බුද්ධ ප්‍රතිමාව'''ද උග්ගල් අලුත්නුවර රජමහා විහාරයට වැඩමවා තැන්පත් කර ආගමිකවතාවත් වලට ඉඩ කරඩකඩ සලස්වන ලදුව ඒ වනවිට ගරාවැටීමට ළංව තිබූ විහාරගෙය අලුත්වැඩියා කර නව බුදුපිළිමයක්ද තනවන ලද බව උක්ත පන්සලේ වර්තමාන විහාරාධිපතිව වැඩසිටින '''පූජ්‍ය උනපාන සරණංකර හිමිපානෝ''' ප්‍රකාශ කරති. මේ අනුව බෞද්ධ ප්‍රබෝධය හා දහම් අධ්‍යාපනය ද ගම තුළ නැවත පුනරුත්ථපනය වී උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය සමග උග්ගල් අලුත්නුවර රජමහා විහාරය ද බැබලෙන සිද්ධස්ථානයක් බවට පත්වූ බව පෙනේ.