"උග්ගල් අලුත්නුවර/මහා පෙරහර මූලාරම්භය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
59 පේළිය:
පළමු පෙරහර අදින් වසර 428 කට පමණ පෙර පැවැත්වූ බව පුරාණ ලේඛනයේ විස්තර අනුව පෙන්වා දිය හැකිය. දාගැබ විහාරගෙය ඇතුළු බෞද්ධ පූජනීය ගොඩනැගිලි හා දේවාලය ද සතරරවීදිය වාහල්කඩ සතරද අඩංගු පරිශ්‍රය ගොඩනැගීම හා පරිපාලන විධිවිධාන සැලසීම ආදී වැඩ කටයුතු නිමවන විට ශකවර්ෂ 1505 ඇසලමාසය එළඹ තිබුණි. බාරය සම්පූර්ණ කිරීම පිණිස ඇසල මාසයේ මහා පෙරහර පැවත්විය යුතු විය. '''“.......ඇසල මස අවඅමා මාසය ගතව පෑලවියලත් බ්‍රහස්පතින්දා අමෘතයෝග වූ පුසේ නැකතින් මෙම දින රෑ වූ විසිතුන් පැයට ඉඳුරු දෙසට අභිමුඛව '''ඉඹුල්පේ දෙවනැන්නැහැ''' අතින් මගුල් කප ප්‍රතිෂඨා කර හිඳුවා පහලොස් දවසක් පෙරහැර මංගල්‍ලය සිද්ධ කරවා වදාරමින් නිකිනි මස පුරපසලොස්වක් ලත් බ්‍රහස්පතින්දා රෑ පාන්දර සිකුරාදාට එලිවෙන '''වෛතාල වේලාවට''' නැගෙනහිරට අභිමුඛව දිය කපන මංගල්‍යය සිද්ධ කොට '''ජලනීරෝහියෙන්''' වැඩම කර ආසිරිවාද මඟලන් පවත්වා සමහර කළ සේක්වා......”''' වශයෙන් ලේඛනයේ දැක්වෙන විස්තරය අනුව ක්‍රි.ව.1583 ජුලි මාසයේ අමාවක පෝය දිනට පසු දින ඉඹුල්පේ දෙවනැන්නැහැ අතින් පෙරහර වෙනුවෙන් '''“කප් සිටුවීමේ මංගල්‍යය”''' කර ඇත. ඒ බ්‍රහස්පතින්දා දිනක රාත්‍රී 3. 30 ට පමණ යෙදුනු අමෘත යෝගයේ පුසේ නැකත අනුවය. එයින් පසුව දින පහලවක් පෙරහර මංගල්‍යය සිදු කර සිකුරාදාට එළිවෙන්නට තිබියදී වෛතාල වේලාවට නැගෙනහිර දෙස බලා දියකපන මංගල්‍යය සිදු කර '''“ජල නීරොහියෙන්’''' පැමිණ ආශිර්වාද මංගල්‍යය සිදු කර නිම කර ඇත. මෙහිදී දක්වා ඇති '''ජලනීරෝහියෙන් පැමිණ''' යන යෙදුම කුමණ කටයුත්තක් සඳහා ව්‍යවහාර වූවක්ද යනු සොයාගැනීම අපහසුය. එය " ප්‍රසාංගික ක්‍රීඩාවක් හෝ නැටුමක් විය හැකිය" යන අනුමානයට පැමිණිය හැක්කේ මේ ලේඛනයේම අන්තැනක රජතුමා '''නීරෝහී කෙලියේ''' යෙදෙමින් වැඩම කළ බව දැක්වෙන යෙදුමක් ඇති හෙයිනි. ඉතා දුර්ලභ වූ මේ ක්‍රීඩාව හෝ නැටුම පිළිබඳ විග්‍රහ කරන මහාචාර්ය පුන්චිබණ්ඩාර ශූරීන් එය ජලය ආශ්‍රිත ක්‍රීඩාවක් සේ සොරගුණ දේවාලයේ ඇසල පෙරහරේ දියකපන මංගල්‍ය‍යේ සිදුවීම් ඇසුරින් දක්වන නමුත් මෙම දේවාලයේ දිය කැපීමේ අවස්ථාව සොරගුණ සම්ප්‍රදායට වඩා හැම අතින්ම වෙනස් හෙයින් එවැනි නිගමනයකට පැමිණිමද අපහසුය. මෙහි දිය කැපීමේ අවස්ථාවේ හෝ පසුව වුවද එම පොකුණ ශුද්ධ ස්ථානයක් හා ජලය ශුද්ධ ජලය ලෙස සැලකේ. දිය කපන පොකුණේ ජලය හෝ පොකුණ හෝ කවර අවස්ථාවකවත් මිනිසුන්ගේ භාවිතයෙන් ඉඳුල් නොකෙරේ. ඒ අනුව ජල නීරෝහියෙන් යනු පොකුණේ ජලය ලබා ගෙන කරන්නක් විය නොහැකිය. දියකැපූ පසුව පෙරහර උතසවය අවසන් කර ඇත්තේ "ආසිරිවාද මඟලන්" පැවැත්වීමෙන් පසුවය. වර්තමානයේ දිය කැපීමේ පෙරහරත් සමග දේවියන්ටත් පෙරහර කළ නිලකරුවන්ටත් ආසිරි පත්මින් එන ගරායකුන් දක්නට ලැබේ. පෙරහරත් සමග එසේ එන ගරායකුන් මග දිගට කෝලම් විසුළු පාමින් එන අතර සියලු හඬ පරයා හූ කියමින් එන අවස්ථාවන් ද වෙයි. ඒ සමගම කොස්උරුප්පය හා වල්ලි දේවාලයට ගෙවදින විටත් මහදේවාලයට ගෙවදින විටත් '''“පස්වාන් දහසකට ආයුබෝ!කප්පාන්තිරයකට ආයු බෝ! ඉරහඳ පවතිනාතෙක් ආයු බෝ!“''' යනුවෙන් ආසිරි පතනු දක්නට හැකිය. මේ ආසිරිපැතීම් දේවියන් උදෙසාද රාජකාරි කරුවන් උදේසාද මෙන්ම බැතිමතුන් හා නරඹන අය සියලුදේනා වෙනුවෙන්ද සිදුවේ. මෙහිදී බුරුල්ල කොල හෝ අඹ කොල සහත අතු ඉදිරියට සැලීමක්ද නිරීක්ෂණය කළ හැකිය. '''“නීරෝහි කෙලිය“''' යන්න වර්තමානයට හැඩගැසී ඇත්තේ මෙලෙසද යනු සිතා බැලිය යුත්තකි. පෙරහර දියකැපූ දින රාත්‍රීයෙදී පැවැත්වෙන යාගය ද ගරායකුම නම් වෙයි. පළමුව දෙවියන්ට හා කපුමහතා ඇතුළු ඇතුල් කට්ටලේ රාජකාරි කරන නිළමේවරුන්ටත් දෙවනුව බස්නායක නිළමේ සහ ඔහුගේ ලියන මහතාටත් ඉන් පසුව වීදියවටා යමින් සියලුදෙනාටත් අවසානයට දේවාභරණ වැඩමවූ අලියා සහ ඇත්ගොව්වාටත් යටකී ලෙසටම ආසිරි පතා පෙරහර නිමා වේ. '''"ආසිරිවාද මඟලන්"''' පැවැත්වීම යනු මේ කටයුත්ත බව සිතිය හැකිය. පුරාණ ලේනයේ දක්වා ඇති විස්තරයට වඩා අද පෙරහර වෙනස් වන්නේ ස්වල්ප වශයෙනි. එදා මෙන්ම අදත් අමාවකට පසු දිනයේ පෙරහර ආරම්භකර, දින පහ‍ලොවක් පෙරහර පවත්වා පසලොස්වක ගිය පෑලවිය දිනයේ පාන්දර දිය කැපීමේ මංගල්‍යය හා එදින රාත්‍රී ගරායක් ශාන්තිකර්ම මංගල්‍යය පැවැත්වේ.(පෙරහර මංගල්‍යය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වෙන පරිච්ඡෙදයක විස්තර කෙරේ.)
 
== '''රජමහා විහාරයේ සහ දේවාලයේ දෛනික කටයුතු හා වාර්ෂික උත්සව''' ==
 
'''අලුත්සහල් මංගල්‍යය'''