"උග්ගල් අලුත්නුවර/උග්ගල් අලුත්නුවර ඉතිහාසය හා භූගෝලීය පරිසරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
''')
 
යනුවෙන් භූවිෂමතාව හා ජලවහන රටාව ගැන විස්තර කෙරෙන '''මෙතෙක් කල් නුදුටු නුවර''' නම් වූ පුරාණයේ ඉදිකළ ගම් පියස හෙවත් '''අලුත්නුවර'''(උග්ගල් අලුත්නුවර ගම) , ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ, මූදු මට්ටමේ සිට මීටර් 300 ක් උස සටහන් කෙරෙන මධ්‍ය කදුකරයේ දකුණේ පිහිටි ප්‍රධාන වශයෙන් ගිණිකොණ දෙසට විහිදෙන කඳුරැලි බිමක් සහිත සාරවත් භූමි ප්‍රදේශයක් වන මහවලතැන්න සානුවේ පිහිටි එකකි. වඩා නිශ්චිතව දක්වනවිට, '''මහවල තැන්න සානුවේ ගිණිකොණට බර ඊසාන දිග සීමාව උග්ගල් අලුත්නුවර දේවාලගමට පිහිටීම දුන් භූගෝලිය ප්‍රදේශයයි.''' ලෝකයම ගෙන එහි නිරපේක්ෂ පිහිටීම උත්තරාක්ෂාංශ6.684210431505406 හා නැගෙනහිර දේශාංශ 80.7469366537781 වශයෙන් නිශ්චය කළ හැකිය. ක්‍රි.ව.1712 දී (ශකවර්ෂ 1630 දී) කන්දකුමාර සිරිත රචනා කළ දේවාලයේ පුරාණ කපු මහතකු වූ බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන් උග්ගල් අලුත්නුවර භූගෝලීය පරිසරය විස්තර කළේ ඉහත කවියේ දැක්වෙන ලෙසිනි. එකල ඔහු දුටු භූවිෂමතාවන් හා ජලවහන රටාවන් මැනවින් දැක්වීමට උක්ත කවියෙන් වෑයම් කර ඇත්තේය. කොළඹ සිට බදුල්ල මාර්ගයේ (A5) කිලෝමීටර 151 කණුව අසලින් දකුණට හැරී මීටර 500 ක් පමණ එන කෙනෙකුට උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය හා රජමහා විහාරය හමුවේ. දේවාලය ආසන්නයට පැමිණ අවට පරිසරය නිරීක්ෂණය කරන විට තමා පැමිණ සිටින්නේ සතර අතින්ම උස්බිම් වලින් වට වූ වර්ග කිලෝමීට ¼ ක් පමණ විශාල සම භූමි භාගයකට බව හැඟීයයි. එහෙත් වඩා හොඳින් සොයා බලන විට පහත් බිමේ සිටින්නකුට තෙමහලක් සේ පෙනෙන ලෙසින් බැමි බඳවා සුරක්ෂිත වන පරිදි දේවාල මළුව සකස් කරවා ඇත්තේ තෝරාගත් උස්බිමක් වටා ශක්තිමත් අත්තිවාරමකින් සවිගන්වා වටා බැමි බැඳීමෙන් බව පැහැදිලි වෙයි. පරිශ්‍රයේ පූජනීය ස්මාරක වටා ගමන්ගන්නා පෙරහර මග වටා දිග මීටර 560 කි. එය කිලෝමීටර ½ කට වඩා වැඩි දුරකි. සැලසුම් කර නිර්මාණය කර ඇති පරිශ්‍රයේ බට හිරබටහිර පෙරහර මග ආසන්නයෙන්ම වන පරිදි හා උතුර දෙස සීමාවට කිට්ටු වන පිණිස ඉදිකර ඇති උඩ මළුවේ බැමි මීටර් 42 ක් දිග ද 14 ක් පළල ද වන ආකාරයෙන් දළ වශයෙන් ඍජු කෝණාකර එකක් වෙයි. පහතින්ම ඇති උඩ මළුව සවිගන්වන බැමි නැගෙනහිර පසින් මීටර් 70 ක් ද බටහිර පසින් මීටර් 80 ක් ද උතුරු දෙසින් මීටර් 50 ක් ද දකුණු සීමාව හෙවත් දේවාලයේ ඉදිරිපස මීටර් 40 ක් ද වශයෙන් අද දැකිය දිස්වෙයි. මේ බැමිවලින් සවි ගැන්වී ඇති දේවාල මළුව හැරෙන විට ඉතිරි නිර්මිත භූමි පරිසරය ද දළ වශයෙන් සමභූමයක් බවට පත් කළ එකකි. වඩා හොඳින් බලන විට එහෙත් එයද ස්වාභාවික නිමැවුමක් නොව සකස් කළ එකක් බව තේරුම් යයි.
 
 
86 පේළිය:
# වැල් රුක්අත්තන
ලෙස වටිනා ඖෂධීය හා කාර්මික නිෂ්පාදන වටිනාකම් සහිත "වේ" වැනි විටිනා වැල්වර්ග ප්‍රධානවෙයි. සමනළවැව ඉදිවීමත් සමග මේ වෘක්ෂ ලතා වර්ග බොහොමයක් කැපී විනාශ මුඛයට ගිය අතර “වෘක්ෂ දේවතාවුන් වහන්සේලා වැඩහිටිය ගස්පවා පෙරලා දැමුව එක නම් හොඳකට සිද්ධ වෙච්ච දෙයක් නොවෙයි” ආදි දෑ කියමින් මේ වනස්පති වෘක්ෂ සිඳී යාම දකිම්න ගැමි‍යෝ කම්පාවූහ. මේ ඇත්තෝ පරිසරයට මහත් භක්තියක් දැක්වූ එය ඇදහූ අය වෙති. මෑත අතීතයේ වර්ධනය කරගත් ආකල්ප අනුව හැඩගැසුන, එනම් 1889 න් පමණ පසුව ස්ථාපනය වූ බටහිර ආකෘතියේ පාසල් අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය යටතේ ගොඩ නැගී ඇති චින්තනය අනුව '''ගස්වැල්වලට වැඳීම මුලාවක් ලෙස දකිමින් සිනහවට ලක්කළෝ වඩා නුවනැත්තෝ වූහ. සත්‍යය එයද ?''' යනුවෙන් ප්‍රශ්න කිරීමට කාලය පැමිණ ඇතුවා වැන්න. ගසක් කපා දැමීම පැය කිපයක් ඇතුලත කළ හැකි වුවද වනස්පති වෘක්ෂයක් ඒ තත්ත්වයට පැමිණීමට ගතවන කාලය, ඒවායින් මිනිසා සහ සත්ව ප්‍රජාව වෙත ලැබෙන අමිල සේවාව ගැන සලකන විට වැඳුම්පිදුම් ලැබීමට නුසුදුසු නොවේ. ඔවුහු ගස්වැල් එක්තරා අපූරු ජීවියෙක් බව අලුතෙන් හඳුන්වා දීමට පෙර සිටම දැන සිටියේ " අපූරු ජීවියෙක් වශයෙන් පමණක් නොව තමන්ට පිහිට වන ජීවමානව පෙනෙන දෙවියෙක් වශයෙනි, දේවි දේවතාවුන් වහනසේ ලා වැඩ සිටින විමානයන් වශයෙනි. '''“මෛමතය”''' යනුවෙන් හඳුන්වා දෙන පොත් පිංච ඉදිරිපත් කරමින් ගමේ දැනමුත්තකු (සාමවිනිසුරු ඒ.ජී. අල්විස් මහතා වැනි අය) ගසක් කැපිය යුතු ආකාරය ලේඛකයා සමග විස්තර කළේ සිදුවන ශාඛ විනාශය ගැන කම්පාව පළ කරමිනි. තම ප්‍රයෝජනය සඳහා ගසක් කපා ගැනීම හා හේනක් එළි කර ගැනීම සඳහා කැළෑ කොටසක් එළි කර ගැනීමේ ලා පිළිපදින චාරිත්‍ර සමූහයක් හෙතෙම විස්තර කරයි. '''“මායාමතය”''' ලෙස ආනන්ද කමාරස්වාමි ගේ විමසුමට ලක් වූ ග්‍රන්ථය ද මේ කියන '''“මෛමතයම”''' විය හැකිය. දැනට මදාරා ශාඛයක් මහවලතැන්නේ චන්ද්‍රසේකරාරාමයේ දැකිය හැකිය. එය මල්මදාරා නොවන බවට මතයක් ද පවතී. ඉහත කියවෙන ඓතිහාසික මල්මදාරා ශාඛය ඉංග්‍රීසි පාලන අවදියේ සිටි සබරගමුවේ දිසාපතිවරුන් නිරීක්ෂණය හා අධ්‍යයනය පිණිස වරින්වර පැමිණිබව ඔවුන් තබා ඇති දිනසටහන් මගින් තහවුරු වෙයි.
පුරාණයේ සිටම වී ගොවිතැන තමන් විශේෂායනය වූ ශිල්පයට අනුව කළ නිෂ්පාදනයන්ට අමතරව සෑම දෙනාම නිරත වූ ආර්ථික කටයුත්තකි. වී ගොවිතැන පමණක්ය එක් කුලයකට සීමා නොවීය. දෙනගංඔය, වළවේ ගඟ සහ පිටවල ආර වැනි ප්‍රධාන ජල ප්‍රවාහයන්ට සම්බන්ධවීමට ගලා බසින උල්පත් වලින් ගලා එන කුඩා ජල ධාරාවන්හි නිම්න ඒවායේ මෝයයන්ට ආසන්නවත්ම දෙපස අස්වද්දාගත් කුඹුරු වලට ජලධාරාවන්ගේ ඉහළින් බඳින ලද අමුණු සහ ඒ අනුව සකස් කළ ඇළ මාර්ග මගින් සම්පාදනය කරගත් ජලයෙන් වී වගාව සරුවට කළ අතර දේවාලයට සම්බන්ධ රාජකාරි කුඹුරු ඉඩම් ප්‍රමාණය සමනළ වැව ඉදිවනතුරු අක්කර 800 ඉක්මවා තිබුණි. ජුලි මස (ඇසල මස) දේවාලයේ මහා පෙරහර මංගල්‍යයෙන් අනතුරුව හේනක් සකස් කර ගැනීම සඳහා අවධානය යොමු වෙයි. මහ කැළෑව ඒ සඳහා භාවිත කළ බවට සාධකහමු නොවේ. කුඹුරට ආසන්නයේ රාජකාරි පංගුව සේ ලැබුණු ගොඩ ඉඩම් ඒ සඳහා භාවිත වී ඇත. මීට අමතරව තිබූ වගාවන් අතර කිතුල් තල් කොස් දෙල් පොල් පුවක් සහ කෙසෙල් අඹ උක් ගස් වැනි වගාවන් සරුවට කළ හැකි පරිසරයක් වූ බව මේ ඡේදයේ ඇති පළමු කවිය ද පෙන්වා දෙයි. ස්වාභාවික වනසතුන් අතර වලසා කොටියා සහ ඇතා කුළු හරකාද විය. මෙයින් හීලෑවූ ගවයන් මගින් දේවාලයේ පට්ටිකාරපංගුවේ ගවයන් රෑනක්ම වී ඇති අතර එක් එක් අයභාරයේ සිටි ගවගහනය සම්පතක් විය. ඇතා පෙරහරට එකල ද අත්‍යවශය වී ඇත.විටෙක මිනිසාට ළංව ස්වාභාවිකව මෙන් කීකරු වී සිටි බවට තොරතුරුද ජනකතා අතර හමුවේ. එැවිනි සතුන් ගැමියන්ගේ ආදරය දිනාගත්තන් වී ඇති බවට ජනකවි ද හමුවේ. මෙහි ඇතුන් පිළිබඳව ප්‍රදේශයේ ඇති කලාත්මක අගයෙන් අනූන ජනකවියක් පහත දැක්වේ.
 
කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ