"උග්ගල් අලුත්නුවර/කතරගම දේවාලය හා මැදගම දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== '''උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය බවට පත්වූයේ ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
 
84 පේළිය:
 
මෙලෙස තමන් කරවන නව දේවාලයට කෙත්මුත්තෙට්ටු වෙල් තුන් භාගයයි යනුවෙන් ප්‍රසිද්ධ කළ රජතුමා මැදගම දේවාලයට නුදුරුව ඇති '''මාලිගා ගොඩැල්ලේ ගමන් මාලිගාවට''' පැමිණ ඇත. '''මාලිගා ගොඩැල්ල නමින් අද පවා හඳුන්වන ස්ථානයක්''' දේවාලයට ආසන්නයේ ඇත. අද එම උස්බිම ප්‍රදේශයට හා දේවාලයට ජලය සපයන ටැංකිය ඉදි කිරීම සඳහා ප්‍රයෝජනයට යොදවා ඇත. එම ප්‍රදේශයේ පුරාණ ගොඩ නැගිල්ලක් තිබූ බවට ඉඟි කෙරෙන ගඩොල් කැබලි හැඩ ගන්වන ලද ගල් හා වලං කැබලි ඇතුළු සුන් බුන් දක්නට ලැබිණි. පුරාණ ලේඛනයේ සඳහන් වන "........... පළමුවෙන් තිබ්බ මැදගම දේවාලෙට නුදුරුව මාලිගා ගොඩ වැඩහිටගෙන දෙවියන් වහන්සේට නුවර කරවඬ ගොඩැලිතුනක් '''පේකර'''පුදා රාත්‍රියේ නැගෙනහිරින් දෙව් රුවක් '''සරහාබුරුහීන්නට''' වැඩ රාමසැරයක් අරිනවා සොප්නයෙන් දැක පිබිද එලිවුනු බව දැක වදාල කල්හි තලකඳක් පමණ අතු පොඩිව ගිනි ගෙන දා අලු අඟුරු රාසි පිට වැඩහිටිනවා දැක....." යන විස්තරය අනුව මාලිගාගොඩැල්ලේ නැවතුනු රජතුමා දේවාලය කරවීම සඳහා සුදුසු විය හැකි උස් ස්ථාන තුනක් සූදානම් කර ඇත්තේය. එය පේකිරීම යන්නේ අදහසයි. උග්ගල් අලුත්නුවර හෙවත් එවකට මැදගම වනාන්තරය නම් වූ ප්‍රදේශයේ දක්නට ලැබෙන උස්බිම් අතරින් මැදගම දේවාලයට නුදුරුව ඇති උස්බිම් තුනක් තෝරාගත්තත් දේවාලයට ඉදිකිරීමට සුදුසුම උස්බිම නිශ්චය කර තෝරා ගැනීමට එකවරම අපහසු වී ඇත. එය තෝරාගෙන ඇත්තේ රජු දුටු සිහිනයක් මගිනි. රාත්‍රියේ නැගෙනහිර දෙසින් පිහිටි '''සරහාබුරු හීන්නට(වර්තමාන ව්‍යවහාරය හැරෑබුරු හීන්නය)''' පැමිණි දෙවියන් විදින ලද '''“රාමසැරයක්”''' උස්බිම මත පිහිටි විශාල නුගවෘක්ෂයට වැදී ගිනි ගන්නවා පෙනුනි. රාමසැරය යනු රාත්‍රියේ දෙවියන් ගමන් ගන්නා බව දැන්වෙන සංකේතයක් සේ පෙදෙස් වැසියෝ අදහස් කරති. දැනුදු රාත්‍රියේ ගමන්ගන්නා “රාමසැර” දකින අය අය බො‍හෝ වෙති. වේගයෙන් පොළව දෙසට කඩා වැටෙමින් ගමන්ගන්නා උල්කාපාත ගැමියා හඳුන්වන්නේ ද රාමසැර යනුවෙනි. හීනය දැකීමෙන් පිබිදුනු රජතුමා ඒ වන විට එලි වී ඇති බව දුටුවා සේම උස්බිම මත ඇති '''නුග වෘක්ෂය''' ගිනිගෙන අළුවී ඇති බව ද දැනගන්ට ලැබීමෙන් එහි ගොස් බැලූ විට අළු හා අඟුරු මත ඇති ස්වර්‍ණායුධය දැක මහත් සේ භක්තියෙන් හා සතුටින් ඔද වැඩී ගොස් මැදගම දේවාලයේ තේවාවන්හි නියුතුව සිටින '''නාරායන අප්පුහාමි''' ගෙන්වා නව දේවාලය ඉදි කරන තුරු මැදගම දේවාලයට දේවාභරණ වැඩමවන ලෙස නියම කර ඇත. මේ පුවත පිළිබඳව වඩා විස්තරාත්මක තොරතුරු මුඛපරම්පරාවෙන් පැමිණි කතා තුළ දැක්වේ. මේ කතාන්තරය විසිතුරු ලෙස '''විස්තරාත්මකව කීමට භාරතරත්න කපුමහතා ද රන්සළු පංගුවේ කරොලිස් මහතා වැනි දැනමුත්තෝද වෙනත් පැරැන්නෝද සමත් වෙති.''' මේ උස්බිම අන්කවරක් හෝ නොව රජතුමා ගිමන් හැරීම පිණිස හා යුද සේනාව ඇමතූ ස්ථානය ලෙස ද යොදවාගත් සුවිසල් නුග සෙවනයි. එම නුගය දා හළුව ගොස් ඒ අළු මත ස්වර්‍ණායුදය තිබෙනවා දැක රජතුමා දුන් නියෝගය අනුව නාරායන අප්පුහාමි එය වැඩමවා ගැනීම පිණිස අවශ්‍ය '''පිරුවට (මනාව පිරිසුදු කරන ලද සුදු රෙදි)''' ගෙනෙන ලෙස එක් පවුලක පිරිසට දැන්වීය. ඒ අය ගෙනා පිරුවට දේවාභරණය වැඩම වීම පිණිස දැම්ම වහාම ගිනිගෙන දැවී ගියේය. ඒ පරම්පරාවේ අය එතැන්සිට ''' “දාහළුගේ”''' යන නමින් ප්‍රකාශයට පත්විය. එම වාසගම සහිත අය අද ද උග්ගල් අලුත්නුවර වෙසෙති. එම පිරුවට දැවී ගිය හෙයින් වෙනත් පුවුලකට අයත් පිරිසක් කැඳවන ලදුව ඒ අය විසින්දැමූ පිරුවට '''අළුපාට විය.''' (සමහරවිට කළුපාට වුනා විය හැකිය යනු ලේඛකයාගේ අදහසකි. ) ඒ අය '''“සුද්දහළුගේ”''' යන නමින් ප්‍රකාශවිය. සුද්දහළුගේ යන වාසගම සහිත අය ද අදත් වෙසෙති. තවත් පවුලක් මගින් පිරුවට ගෙන්වන ලද අතර ඒ අයගේ පිරුවට වලට උපද්‍රවයක් නොවී දේවාභරණ වැඩමවීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකි විය. ඒවා රන්වන් වර්‍ණ වූ බව කියනු ලැබේ. එම පිරිස එතැන් සිට '''“රන්හළුගේ”''' නමින් ප්‍රසිද්ධ විය. රන්හළුගේ වාසගම සහිත පරම්පරාව අද ද වෙසෙත්. දේවාභරණ වැඩමවීම, සධාතුක කරඩුව වැඩමවීම සඳහා පියවිලි හෙවත් පාවාඩ එලීම, දේවාලයේ වියන් බැඳීම් පමණක් නොව දේවාභරණ වෙනුවෙන් සලු සැපයීම සහ නානුමුර මංගල්‍යයේ '''“රහස් රාජකාරි”''' නියමව ඇත්තේ ද මේ රන්හළු පංගුවේ හෙවත් තවත් අය ඇතැම්විට ව්‍යවහාර කරන පරිදි රත්නහළු පංගුවේ ඇත්තන්ට පමණි. එවැනි සිරිතක් ඇති වූයේ යට කී සිද්ධි දාමය නිසා බව ද කියනු ලැබේ. මෙසේ දේවා භරණ සුරක්ෂිතව හා ගෞරවාන්විතව තැබීම පිණිස සුදුසු ස්ථානයකට වැඩමවනු ලැබීමෙන් අනතුරුව නව දේවාල සංකීර්ණය ගොඩනැගීම ඇරඹී ඇත්තේය. අලුතෙන් ඉදි කරන ලද දැනට ඇති දේවාලයේ වැඩහිටින මාලිගයේ බිම එදා දැවීගිය නුගයේ අළු සියල්ල තැන්පත් කර තබා ඇති බවද ඒ මත ආසන ගොඩ නගා ඇති බවද තම පරම්පරාගත කතාවන්හි පවතින්නේයයි කපු මහතා මොහොට්ටාල නිළමේ වරු ඇතුළුව දේවාලයේ සියලු රාජකාරි ඇත්තෝ බලවත් විශ්වාසයෙන් යුතුව පවසති.
 
 
{{chapnav|මැදගම දේවාලය|නව දේවාලය ගොඩ නැගීම}}