"උග්ගල් අලුත්නුවර/මැදගම දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'== '''මැදගම දේවාලය යනු කුමක් ද ?''' == ඉහත ‍දක්වන ලද ජන...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
10 පේළිය:
 
සූරිය මහ රජු ඉහත කියන සිව් දෙනා දේව තේවා වෙනුවෙන් කටයුතු කිරීමට නියම කළ සේවකයන් වූහ. මැද්දදේසෙන් ගොඩ බැස්ස රංගනාථ මංගලනාථ බ්‍රාහ්මණ වරු දෙදෙනා දේවාලයේ වගකිවයුතු කපුනිළමේවරු හා භාරකරුවන් බවට ප්‍රකාශයට පත් කර ඇතිබව ලේඛනය අනුව නිගමනය කළ හැකිය. මෙහිදී නාගරදේවීට "....'''"මුළුතැන්රතනපොති"''' කියන නමකුත් වදාරමින්..." යන්නේ ඇඟවෙන්නේ නාගර දේවිට නම්බුනාමයක් හෙවත් ගෞරව නාමයක් ද පරි නමා ඇති බවකි. මේ නාගරදේවී සම්බන්ධ විසිතුරු ජනකතාවක් ද වෙයි. එය වෙනම ඡේදයක දැක්වේ. මෙිදී විශේෂ කාරණයක් වශයෙන් දේවාලයේ මුළුතැන් තේවාව ඒ කාලයේ ඉටු කර ඇත්තේ කාන්තාවන් විසින්ද යනු විමසීම වටී. නාගර දේවී සමග වල්ලි දේවීද යනුවෙන් තවත් කාන්තාවකගේ නම මෙහිදී සටහන්ව ඇත්තේය. මෙසේ දේවාලයේ තේවාවන් හා පූජාවන් නිසි පරිදි ඉටු කිඍමට අවශ්‍ය පුද්ගලයන් පත් කිරීම ඇතුළු සියලු විධිවිධාන සලසා සූරිය මහ රජු වැඩ සිටි '''රජමහනුවරට''' සිය සේනාව ද සමග ආපසු ගිය බව පුරාණ තල්පතේ ද ජනවහරේ ද සඳහන්ය. සූරිය මහ රජු යන්වෙන් පුරාණ ලේඛකයා ලියා ඇත්තේ එකල තිබූ ව්‍යවහාරය අනුව රාජවංශය යන නිගමනයට ඇතැමකු පැමිණෙති. එකල තිභු ජනවහර අනුව නම් ඔහුට ලැබුණෙ රජුගේ වංශයේ නම විය හැකියයි සිතතොත් මේ රජමහනුවර යන්නෙන් ගම්පල රාජධානිය අදහස් වේ. මේ ආකාරයට රජු පස්වන භුවනෙකබාහු විය හැකිය යන නිගමනයට බොහෝ අය පැමිණෙති. සූර්යරජමහනුවර යනුවෙන් අදහස් කළේ මැද්දෙගම යයි මීට පෙර සඳහන් කළ රජවරුන්ගේ ආරක්ෂිත මාලිගයක් තිබූ මැද්දේගම නම් එය උග්ගල් අලුත්නුවර සිට කිලෝ මීටර් 15 ක් පමණ නුදුරේ ඇති ස්ථානයක් බැවින් එහි සිටියේ සූරිය නම් වූ ප්‍රාදේශීය රජකු විය හැකිය කෙසේ හෝ දේවාලකරණයෙන් පසුව රජු නැවත පැමිණි අවස්ථාවක් සඳහන් නොවේ. මේ අනුව සූරිය මහරජු යනු කවුද යන්න උග්ගල් අලුත්නුවර සම්බන්ධයෙන් පවතින හරි හැටි නොවිසඳුන ගැටළුවකි. එහෙත් උග්ගල් අලුත්නුවර වර්තමාන දේවලයට පෙර ගොඩනැගූ දේවාලයක් තිභු බව ද එය මැදගම දේවාලය නම් වූ බවද පිළිගැනිමට කිසිදු බාධකයක් ඒ නිසා ඇති නොවේ. සියලු කරුණු සැලකිල්ලට ගන්නා විට මැදගම දේවාලය යනු කුමක්ද යන්න ගැටළුවක් නොවේ.
 
{{chapnav|උග්ගල් අලුත්නුවර දේවාලයේ මුල් නම|කතරගම දේවාලය හා මැදගම දේවාලය}}
"https://si.wikibooks.org/wiki/උග්ගල්_අලුත්නුවර/මැදගම_දේවාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි