"උග්ගල් අලුත්නුවර/ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ සිට අනාවරණය වන ඉතිහාසයකට ආලෝකය ලැබෙයි. මේ අවදිය ගම්පල රාජධානියේ 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන සූරියමහ රජු යන්නේ භාවිතව ඇත්තේ රජවරුන් තමන් හඳුන්වාගත් “සූර්ය පළපත” යන අදහස වන්නේ නම් සමහරවිටක “මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය” යන අනුමානයට පැමිණිය හැකිය. 5 වන බුවනෙකබාවන් සීතාවක ගමේ ආරම්භකයා වශයෙන් කටයුතු කළ රජතුමා බවට තොරතුරු අනාවරණය කෙරන මහාචාර්ය රිසිමන් අමරසිංහයන්ගේ පර්යේෂණ(බලන්න, මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන්ගේ සීතාවක ඓතිහාසික රාධානි යුගය පිළිබඳ පර්යේෂණ මගින් අනාරණය කර ඇති තොරතුරු අනුව රචනා කර ඇති අගනා පර්යේෂණ නිබන්ධනය "සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්" 1998 කර්තෘ ප්‍රකාශනය) ද සැලකිල්නේ කියවනවිට මැදගම වනාන්තරය විදේශ සතුරු උවදුරු වලදී ස්වාභාවික රැකවරණ ලැබිය හැකි ප්‍රදේශයක් ලෙස පැවති නිසා මේ රජුගේ අවධානය යොමුවන්නට ඇතැයි සිතීම සාධාරණය. විදේශ සතුරු ආක්‍රමණ වල බලපෑම ප්‍රධාන හේතුවක් වීම නිසා රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙමින් පැවති යුගය වූ මෙකල මැදගම වනාන්තරය රජදරුවන්ගේ රැකවරණයට වැදගත් වූ ප්‍රදේශයකි. තවත් අතකින් 13 සියවසේ සිට දිවයිනේ විවිධ ස්ථාන කේන්ද්‍ර කරගත් පාලකයන් ගණනාවක් සිටි බව ඉතිහාස පුවත් පෙන්වා දෙයි. ප්‍රධාන රජවරුන් වෙනුවෙන් “රහස් මාලිගා” පිහිටුවා ගැනීම මේ කාල වකවානුවේ අවත්‍යවශ්‍ය වූවකි. ඇතැම් විටෙක ප්‍රදේශ භාරව සිටි අය ස්වාධීනව කටයතු කළ අතර තවත් විටෙක මහනුවර,කෝට්ටේ සහ සීතාවක වැනි යුගයන්හි සිටි රජවරුන් යටතේ සිටි පාලකයන් සේ වූහ. කඳුකර රජ පෙළපතක් ගැන වෙනම ම තොරතුරු ද මේ සමයේ දක්නට හැක්කේ ඒ නිසා විය හැකිය. ගඩලාදෙනිය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් පැහැදිලිවෙයි. ඒ අනුව "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" යනු පවතින්ට ඇති ප්‍රාදේශීය රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ මෙන්ම අලගියවන්න මුකවෙටි රචනා කළැයි සැලකෙන "කුස්තන්තීනු හටන" අනුවද අනුමාන කළ හැකිය. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු අලුත්නුවරට ආසන්නව ඊට උතුරෙන් දෙතනගල කඳු පාමුල සැඟව පිහිටි බළන්ගොඩ පින්නවලට කිට්ටුව පිහිටි මැද්දේගම බව තහවුරු වන තොරතුරු ඇත්තේය. එය පුරාණ රාජධානියක්ව තිබියදී කොන්සතන්තීනු ද සා නොරොඤ්ඤා විසින් ගිනිබත්කර වනසා රජදරුවන් පළවා හැරි ආකාරය ගැන විස්තර කුස්තන්තීනු හටනේ දැක්වෙයි. රොබට් නොක්ස් එදාහෙලදිව ගැන කරන විස්තර වල මහනුවර රාජධානියෙන් නිරිත දිග පෙදෙස් ඝන වනාන්තරයෙන් වැසී තිබුණ බවත්, වනය හෙලි කිරීම තහනම් කර ඒවා පාලනයට නිලධාරීන් පවා පත්කරතිබුණ බවත් හෙලිවෙයි. ඒ අනුව 1660 වැනි කාලයක වුව ද මේ පෙදෙස පැවත ඇත්තේ ඝනවානන්තරයට මැදිව බව පෙනේ. පාරවල් විශාල සංඛ්‍යාවක් වුවද එකම පාරකවත් දෙදෙනකුට පේලි ගැසී යාමට නොහැකිබවත් එක්කෙනා පස්සේ එක්කෙනා බැගින් ආයුතු බවත් රොබට් නොක්ස් කියයි. රටේ අස්සක් මුල්ලක් නෑර රොබට් නොක්ස් ඇවිද ගියද කිසි දිනක මැදගම වනාන්තර පෙදෙසට පැමිණ ඇති බවක් නොකියවේ. 1385 යට කී සූරිය මහරජතුමා මැදගම දේවාලය කර ඇත්තේ ගැට්ටොපාන වන්නිරාල්ත් මැදගම බණ්ඩාරත් සැලකළ පුවත අනුවය. මේ මැදගම දේවාලය ඉදි ක‍ෙළ් 5 වන බුවනෙක බාවන් වන්නේ නම් පුරාණ ලේඛනයේ සඳහන් “මැදගම බණ්ඩාර” යනු එවකට තිබූ මැද්දේගම රහස් මාලිගයේ සිටි ප්‍රාදේශීය නායකයා විය හැකිය. "ගැට්ටපාන වන්නිරාල" යනු මැදගම දේවාලයට ආසන්නයේ පදිංචිව සිටි වනාක්ෂක නිළධරියා විය හැකිය. මෙහි දැක්වෙන "බඩහැලවන්නියා" සහ "කදිරසිංහතන්ත්‍රියා" ද එකල සිටි ප්‍රධානින් බව ලේඛනය අනුව නිගමනය කළ හැකිය.
කදිරමල් නාච්චිරා සහ පොන්නමල් නාච්චිරා යනුවෙන් නම් සඳහන් පිරිසක් ද එකල සිටි බව ලේඛන පෙන්වා දෙයි. මෙහි නාච්චිරා යනු දෙමළ බසින් හැඳින්වෙන “නාච්චිලේ” යන වදනින් බිඳී ආවක් නම් මේ අය දකුණු ඉන්දීය යකඩ හා වානේ තාක්ෂණය මෙරට දී භාවිත කළ අයගෙන් පැවත එන පිරිසක් විය හැකිය. මෙහිලා වැදගත් වන කාරණය නම් උග්ගල් අලුත්නුවර දේවාලයට නුදුරින් ගිණිකොණ දිගින් පිහිටි හටන්පල ගමේ අදත් පුරාණ යකඩ හා වානේ ශිල්පීන් පදිංචිව සිටිති. විශේෂයෙන් පිහිය, මන්න , කැත්ත, නාරස්සන හා ඉල්ලම්කූරු වැනි ආයුධ මෙන්ම කෘෂිකාර්මික ආම්පන්න සකස් කිරීමේ විශෙෂ සමත් කම් ඇත්තන් බව ප්‍රදේශයේ මෙන්ම තදාසන්න නගරයේද ප්‍රසිද්ධ අය වෙති. ඔවුන් ළඟ ඇති ඒ ඒ කටයුත්තට අදාල උපකරණ වලට ගැලපෙන සේ වානේ පණ පෙවීමේ ක්‍රමශිල්පය අදත් දුර්ලභ වූවකි. මේ අය පිළිබඳ විස්තර යකඩ හා වානේ කර්මාන්තය පිළිබඳ වෙන පරිච්ඡේදයක දැක්වේ. මේ අයද පුරාණ ලේඛනය අන්ව ප්‍රදේශයේ මුල්ම පදිංචි කරුවන් අතර සිටි අය සේ ගිනිය හැකිය. භාරතරත්න කපු මහතා පැවසූ ජනකතාවන්හි දැක්වෙන පරිදි කගරගම වන්දනාවේ යමින් සිටි සිරිපරාම,මංගල නාත බ්‍රාහ්මණ, රංගනාත බ්‍රාහ්මණ, නාගර දේවී සහ පරවරදාසා ඇතුළු පිරිස පිරිසක් තාවකාලිකව මේ පෙදෙසේ නවාතැන් ගත්හ. පුරාණ ලියවිල්ලේ මේ පුවත දැක්වෙන්නේ “මැද්දදේසෙන් ඇවිත් මැදගම වාඩිපදිංචිලා සිටි බ්‍රාහ්මණ පරිසක්” ලෙසය. උදෑසන මුව දෝවනය පිණිස දැන් “අන්දරමුල්ල” නමැති ප්‍රදේශයේ එකල තිබූ වැවට “පැන්සනහනු” පිණිස ගියා නම් ඔවුන්ගේ තාවකාලික නවාතැන්පල ගැට්ටපාන වන්නිරාලගේ නිවස ආසන්නයේ වුනා විය හැකිය. වැවක් තිබුණෙ නම් ඒ වනවිටත් කෘෂිකර්මය ජීවනෝපාය කරගත් සුළු පිරිසක් හෝ වූ බව සිතිය හැකිය. ලේඛනයේ ඇති පුවත් සනාථ කරමින් ජනකතාවේ ද ගැට‍ෙනටුල යට ගල්ලෙනගැන කියවේ. එය ගල්වත්ත ප්‍රදේශයේ දැනට ඇති ගල්ලෙන පෙදෙස් වැසියෝ පෙන්වා දෙති. එම ගල්ලෙන ආසන්න පෙදෙස වැසියන් තම පෞද්ගලික ප්‍රයෝජනයන් පිණිස කිසිවිට භාවිත කිරීමට බියවෙති. මෙකල සූරිය මහ රජු විසින් ඉදි කළ “දේවාලයට පඬුල්ලා” දුන් පිරිස අතර “තටු කොල කළූ” සහ “පොල්බොක්කේ අරුමක්කාරයා” යන අය ද වෙති. වැදගත්ම කාරනයක් වන්නේ තටුකොල පංගුවේ ඉඩම් ඇත්තේද දේවාල‍ෙය් තටුකොල රාජකාරි පංගුව භාර අය දනුදු පදිංචිව සිටින්නේ මේ ගල්ලෙන ආසන්නයේ ඇති “මාළුකාරවත්ත” නම් ස්ථානයේමය. පොල්බොක්කේ අරුමක්කාරයා යනු කවරෙක්දැයි සිතීම අපහසුය. පොල්බොක්ක යනු ඕපනායක ආසන්නයේ පිහිටි පුරාණ ගමකි. එහි ඉඩම් හිමියෝ අලුතුනුවර වෙති. මේ ගල් ලෙනට තරමක් ළඟ පදිංචි කරුවන් වන තවත් පිරිසක් සක් පිඹීම ස්මබන්ධ රාජකාරිය භාර ඇත්තෝ වෙති. උග්ගල් අලුත්නුවර දේවාලයේ සක් පිඹීමේ නාද රටාව අති විශේෂ නාදමාලාවකින් යුතුය. එය සාමාන්‍යයෙන් අසන්ට ලැබෙන අන්දමේ එකක් නොවේ. ඒ සඳහාම වූ විශේෂ ශිල්පීය පුහුණුවක් අවශ්‍යමය. දිවයිනේ අන් කිසිම තැනෙක “නොඇසූ ශෛලියකින් හා රිද්මයකින් සක් පිඹින හඬ” අදත් මේ දේවාලයේ දැකිය හැකිය. එය සබරගමුව නැටුම් කලාවේ බළන්ගොඩ සම්ප්‍රදායට අයත් ගාහක වන්නමේ තාලය හා නාදරටාව බව උග්ගල් අලුත්නුවර දේවාලයේ රාජකාරි නයියන්ඩි නැටුම් ශිල්පයේ විශෙෂ දැනුමැත්තකු සේ සැලකෙන, 84 වියේ පසුවන එන්.කේ.නන්දෝරිස් මහතා පවසයි. (මේ අයගේ වැඩි විස්තර වෙනමම පරිච්ඡේද මගින් ඉදිරියේදී ලියවෙයි.)මේ පෙදෙස ජනාවස වීමේදී ආරම්භක මුල් පදිචංකරුවන් ලෙස සිතාගත හැක්කේ මේ අයයි.
 
== දේවාල කටයුතු පරිපාලන විධිවිධාන හා මහා පෙරහර මූලාරම්භය(Distinguished ‍Festival ) ==
 
යුද්ධයට පෙර රජතුමාගේ භාරය වී ඇත්තේ '''"...සැපසේ දිනා එන්ඩ ඇරියොත් කන්දස්වාමීන් වහන්සේට මෙතන නුවරක් කරවා ඊට ගමුත් පුදවා දවස තුන්වේලේ දන් මුළුතැන් සිද්ධ කරවා ඇසල මාසේට පෙරහැර කරවන හැටියට බාරවෙමින්...."''' ආදී වශයෙන් කොස් පැළයේ රන්පනම් දහසක පඬුරු බැඳීමෙන් පො‍ොරන්දු වී තිබුණි. ඒ අනුව අලුතේන් නුවරක් ඉදි කර ඉමහත් ගෞරවයෙන් යුතුව අලුතෙන් ගොඩ නැගූ දේවාලයට ආභරණ වැඩමවීමේ මංගල්‍යය සිදු කිරීමෙන් රජුගේ භාරය සම්පූර්ණ නොවීය. භාරවී ඇති පරිදි ගම්බිම් පිදීම කලින්ම, එනම් අතරමගදීම ඉටු කළත්, ඉදිරි පැවැත්ම තහවුරු කිඍිම සඳහා විධිමත් පරිපාලන රටාවක් ස්ථාපනය කිරීමත් ඒ අනුව පෙරහර කරවා පෙන්වීමත් කළයුතුව තිබුණි. මේ සඳහා සැලසූ විධිවිධාන විශ්මය දන්වන ආකාරයෙන් අදද ක්‍රියාත්මක වෙයි. එම පරිපාලන සැලසුම අනුව සිදුවන දේවාල ක්‍රියාදාමය අද වන විට පෙර සිරිත ඉටුකීරීම ලෙස ස්ථාපනය වී ඇත්තේය. එය රටට දායාද වූ විශිෂ්ට සංස්කෘතික උරුමයක් සේ පවතී. 1870 විහාර දේවාලගම් පනත මගින් මේ සම්ප්‍රාදය ලේඛන ගත කිරීමට උත්සාහ ගෙන ඇතත් එය අසම්පූර්ණ නිසා එක් අතකින් බාධකයක් වුවද, තමන්ගේ පෙරසිරිත ලිඛිත වගන්තියකින් පැනවෙන විධානයකට වඩා බලසම්පන්න බව අදහන පිරිස තවමත් විශාල බැවින් ද එය තම පරම්පරාවේ සාඩම්බර උරුමය ලෙස සලකන ආකල්ප සහිත තරුණ පිරිසක් ජනිත වෙමින් පවතින හෙයින්ද ඉිදිරිය අඳුරු නැති බව පෙනීයයි.1870 විහාර දේවාලගම් පනත මගින් මේ සම්ප්‍රාදය ලේඛන ගත කිරීමට උත්සාහ ගෙන ඇතත් එය අසම්පූර්ණ එකක් බවට පත්ව ඇත. එකල සිටි මේ ඇත්තන් විසින් තම රාජකාරියේ හරය ප්‍රකාශ කළා පමණක් වැනිය. තම රාජකාරියේ වැදගත් භුමිකාවන් රාජකාරි රහස් ලෙස තබාගත් බව පෙනේ. අද ද '''තමාගේ ඇවෑමෙන් හිමි කර දිමට තෝරාගත් ඥාතියාට හැර පවුලේ අන් අයට හෝ නොපවසයති'''. තමාගේ ඇවෑමෙන් රාජකාරිය හිමිවන අයට ද පිටස්තර දී ඉගැන්වීමක් නොකෙරේ. '''එය රාජකාරිය කරන සැබෑ අවස්ථාවේදී අත්දැක ඉගෙනගන්නට අවස්ථාව සලසාදීම පමණි.''' එහෙයින් තමන්ව යටත් කරගෙන සිටි පරදෙශීන් වූ ඉංග්‍රීසි රජයේ නියෝජිතයන් හමුවේ තම රාජකාරියේ ස්වභාවය මුළුමනින්ම ප්‍රකාශ නොකිරීම පුදුමයක් නොවේ. එක් අතකින් එය අද තත්ත්වයට බාධකයකි. මෙහිදී '''පෙරසිරිත''' යන්න '''ලිඛිත වගන්තියකින් පැනවෙන විධානයකට වඩා බලසම්පන්න බව''' පෙනි යයි. එය විශේෂිත ලක්ෂණයකි . කෙසේ වුව ද දේවාලයේ තමන්ට හිමි රාජකාරිය, තම පරම්පරාව සතු සාඩම්බර උරුමය ලෙස සලකන තරුණ පිරිසක් ද ජනිත වෙමින් පවතින හෙයින් සම්ප්‍රදායේ ඉදිරිය අඳුරු බවක් තවම පෙනෙන්නේ නැත.
පරිපාලන විධිවිධාන සැලසීමේදී පුරාණ ලේඛනයේ දැක්වෙන දෑ එය සාරාංශකර පහත දැක්වෙන සේ සැකසිය හැකිය. “.......දේවාලේ දහ අටක් තේවාව සිද්ධ කරන පිනිස
{| class="wikitable"
|-
| 1 || නාහැල්ලේ කිරි අම්මා වදාපු අම්මාප්පුහාම්වරු || 7
|-
| 2 ||යාපා මහවාසල රජ්ජුරුවන්ට දුක්ගන්නා කමට පැමිණ සිටිය හත් දෙනා අතරින් ||2
|-
| 3 ||මෙහි සිටි අයගෙන් කපුබත්වඩ නිල || 2
|-
| 4 ||නවරත්න ගණිතයා || 1
|-
| 5 ||කුමුද්‍රා හේනයා || 1
|-
| 6 ||මුළුතැන් (පිරිමි හෝ කාන්තා) ||2
|-
| 7 || තේවකාරයෝ ||14
|-
| 8 ||ගබඩායට අය උපදවන ||7
|-
| 9 || ඉළඟන් ආරක්ෂක අව්දැරීමට බලය ලත් අය || 2
|-
| 10 || සිඟාරක්කාරයෝ || 10
|-
| 11 ||බත්ලබයෝ || 12
|-
| 12 || බඩහැලයෝ || 2
|-
| 13 || උළු ඇන කැපූ ආචාරියෝ || 2
|-
| 14 || කුලතොවිල් කාරයෝ ||5
|}
 
මේ අනුව විශේෂ තනතුරු ධාරින් 69 ක් ඇති බව පෙනීයයි. පිදවිලිගම් වලින් එන අනෙකුත් අය ද ඇතුළුව මුළු කාර්ය මණ්ඩලය 99 ක් බව දැනමුත්තෝ පෙන්වා දෙති. ඒවායින් සමහරක් සමනළ වැව ව්‍යාපාරය නිසා රාජකාරිය සඳහා ලැබී තිබූ ඉඩම් අහිමිවීම හා එම රාජකාරි කරුවන් ප්‍රදේශයෙන් ඉත් ඈත පෙදෙස්වල පදිංචියට යාම නිසා දැනට අභාවයට ගොසින් පවතී. දැනට ඉතිරිව ඇති පරවේනි රාජකාරි ප්‍රමාණය 40 ක් පමණ බව අත්තනායක මොහොට්ටාල නිළමේවරයා පවසයි.
මේ විශේෂිත තනතුරු සමහරක් හා ඒවායේ භූම්කාව මතභේදයන්ට ලක් නොවී විග්‍රහ කිරීම තරමක් උගහටය. (ඒවා වෙන පරිච්‍ඡේදයක විමසෙනු ඇත.) ඒ නිසා මෙහි සඳහන් ඇතැම් තනතුරකට අයත් භූමිකාවක් කුමක්ද යන්න හරිහැටි නිශ්දය කළ නොහැකි බව පමණක් මේ මොහොතේ සටහන් කෙරේ. උදාහරණ වශයෙන්"බත්ලබයෝ" යනු කවුද යන්න හරිහැටි හඳුනාගත නොහැකිය.මෙහි අංක 1 සිට 14 දක්වා ඇත්තේ වගකිවයුතු නිළධාරී මණ්ඩලය වන අතර මහවාසලට වගකීම බැඳී තිබුණ නිල ලත් අය දෙදෙනෙක් රජුගේ කාර්ය මණ්ඩලයෙන්ම පත් කර තිබුණ බවක් ද පෙනේ. ඒ අය රජුගේ දුක්ගන්නා කමට පැමිණ සිටි අයගෙන් පත් කළ බැවින් ඔවුහු රජ පවුලට ළඟම සම්බන්ධ කම් තිබූ අය බව නිගමනය කළ හැකිය. නාහැල්ලේ කිරිඅම්මා වදාපු අම්මාප්පුහාමිවරු වශයෙන් දැක්වෙන්නේ ද එකල සිටි රටේ වගකිවයුතු වැදගත් පරිම්පරා වල අය බව පෙනේ. එකල “අප්පුහාමි” යන ව්‍යවහාරය අයත්ව ඇත්තේ එවැනි වැදගත් අය හඳුන්වන පදයක් වශයෙනි. මෙහිදී වැදගත්කම යනු තම ආත්මගෞරවයට හානිකර නොගෙන අභිමානවත් අයුරින් දිවිපෙවෙත ගත කරන අය වෙති. කැප්පෙට්ටිපොල,මද්දුමබණඩාර,කිවිලේ ගෙදරමොහෙට්ටාල දෙමෝදර මොහොට්ටාල අල්ලෙපොල නිළමේ වැනි බැබලෙන වීරචරිතාපදාන විමසා බලන විට මනාව වටහාගත හැකිය.ඔවුහු සිය උරුමය හා සංස්කෘතිය වෙනුවෙන් දිවිපිදූ අය වෙති. 1819 මේ ප්‍රදේශයට පැමිණි රොබට් බ්‍රවුන්රිග්ගේ රාජකීය වෛද්‍යවරයා හමුවේ මේ දේවාලයේ නිළමේවරයකු පැමිණ කළායයි වාර්තා කර ඇති ප්‍රකාශය සැලකිල්ලෙන් විමසන්න. ඔහු තමන්ගේ වර්ගපරම්පරාවන් ඉංග්‍රීසීන් මගින් සමූලඝාතනයට ලක්ව මුළුමහත් වර්ගයාම අසරණව සිටි අවස්ථාවක වුවද ජෝන් ඩේවිහමුවේ ප්‍රකාශ කර ඇත්තේ ඌවේ වැසියා ඉංග්‍රීසින්ගේ දුර්දාන්ත ක්‍රියාකලාපය හමුවේ දුක්විඳින බව හා එය අමනොඥ වැඩක් බව හැඟවෙනප්‍රකාශයක් මිස මේ රාජකීයයා හමුවේ තමාට කිසියම් පෞද්ගලික ලාභ ප්‍රයොජන ලබා ගැීමේ කතාවක් නොවේ.
දේවාලෙ තේවාව ඇතුළු මුරජාමවලට( දේවාලයේ දිවාරාත්‍රි ආරක්ෂක සේවය) අවශ්‍ය අය වෙනම පත් කර ඇත. වලේබොඩ, පල්ලෙකන්ද, දියඉන්න,ගලගම නින්දගම් නමයක් පුදවා පොල්ලමුරේගම ඇතුළුව හතිස් අටක් ගම් පුදවා අවශ්‍ය වියදම් සඳහා ආදායම් මාර්ග සැලසුවාක් මෙන්ම ඒ සඳහා වෙනම නිළ මඩුල්ලක් ද ස්ථාපනය කර ඇත. මේ ඇතැම් ගමක් හඳුන්වා ඇත්තේ එම තේවාවේම නමිනි. උදාහරණ පහක් පමණක් පහත වගු සටහනේ දැක්වේ. (මේ සම්බන්ධ වැඩි විස්තර හා තොරතුරු කුලක්‍රමය හා රාජකාරි පරිච්ඡෙදයේ බලන්න )
 
{| class="wikitable"
|-
! ගම් ප්‍රදේශයේ නම !! නියමිත රාජකාරිය හෝ දේවාල තේවාව
|-
| බුලත්පංගුව || දේවාලයට බස්නායක නිළමේට හා රදලවරුන්ට බුලත් ගෙන ඒම පෙරහර දිනවල දැනුදු සිදුවේ
|-
| සුදුහකුරු පංගුව || දේවාලයට හා ඉහත කී අයට නෑඹුල් මලේ (මුලින්ම හටගත් කිතුල් මලේ)පැනිමගන් සකස් කළ හකුරු සැපයීම
|-
| පැනිපංගුව || දේවාලයට හා ඉහත කී අයට පැනි ගෙනඒම(කිතුල් පැනි)දැනුදු පෙරහර දිනවල සිදුවේ
|-
| අලංකාරපංගුව || දැනුදු මහ පෙරහරේ දේවාභරණ රථය සැරසීමට හා අරංගුවට දෝතළු මල් ගෙන එන්නේ මේ ප්‍රදේශයෙනි
|-
| හටන්පල || දේවාලයට අවශ්‍යවන ආයුධ සාදන රාජකාරිය දැනුදු සිදුවේ.
|}
 
දේවාලයේ දෛනික පිරිසිදු කම(සනීපාරක්ෂක සේවාව වැනි කර්යයන් සකේතවත් කරන අතුගෑම) මුළුතැන් බෙදීම සඳහා අවශ්‍ය කෙසෙලේකොල සැපයීම වැනි ඉතා සුළු කාර්යයේ සිට දෙවියන් වැඩමවීම දක්වා උසස්ම කටයුතු වෙන වෙනම ස්ථාපනය වී ඇත්තේය. සාමාන්‍ය පරිපාලනය පමණක් නොව ආදයම් පරිපාලනය, මූල්‍ය විනය පවත්වා ගැනීම පිණිස දෛනික හා වාර්ෂක විගණන ය වැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පවා විධිවිධාන සැලසී ඇත්තේ විශ්මයට පත්වන අයුරෙනි. සියලුම කටුයුතු ඉතා සැලකිල්ලෙන් සැලසුම් කර "ඔව්" සහ "නැත" වශයෙන් පෙළ ගස්වා සකස් කළ ගැලීම් සටහනක් (flow chart) මත සැකසූ පරිගණ මෘදුකාංගයක් (computer programme) පිළියෙල කර සකස් වී ඇති බව පෙනී යයි. ඒ නිසා මේ සම්ප්‍රදාය 1582 සිට 2011 දක්වාම වසර 429 කි තිස්සේ නිරුපද්‍රිතව පැවතිනි. 1818 ජාතික විමුක්තිසටන නිර්දය ලෙස මර්ධනය කර දැමීම 1848 දෙවන විමුක්තිසටන නිර්දය ලෙස මර්ධනය කර දැමීම, මුඩුබිම් පනත් මගින් ඉඩම් පවරාගැනීම නිසා අහිමිවීම, 1915 යුද්ධ නීතය පනවා පෙරහර පැවැත්වීම පවා තහනම් කර දැමීම වැනි දේ පරිගණක මෘදුකාංගයකට එන බියජනක වෛරස ආක්‍රමණයන් වැනි විය.(a virus attack) එවැනි වෛරස හමුවේ වුද නොනැසී පැවතුන මෘදුකාංගයක් සේ එය ස්ථාවරව පැවතිනි. බටහිරකරණයේ අනිශ්ඨ ඵලවිපාක පමණක් නොව පරිසර තත්ත්ව ඇගයීම් පදනම් කර නොගත් සමනළ වැව ව්‍යාපෘතිය වැනි නූතන සංවර්ධන වැඩසටහන් හමුවේ වුවද තවමත් මේ සම්ප්‍රදාය, මේ සටහන තබන මොහොත දක්වාත් ස්ථාවරව පැවතීම විශ්මය දනවන සැලසුමක් නිසා ඇති වූ ප්‍රතිඵලයක් නොවන්නේද ?
 
<big>'''පළමු මහා පෙරහර'''</big>