"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

== ''' සැළසුම් කළ පුරාණ ඔසු උයනක් උග්ගල් අලුත්නුවර ... ?''' ==
 
ස්වාභාවික නොඉඳුල් වෘක්ෂලතා ගහනය නිමවන සීමාව වැවූ කළැවලින් යුතු වැනි දේවාල පරිශ්‍රය ළංවද්දී දක්නට හැකිය. පුරාණයේ සිට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් කැකුණ, පේරවර්ග, කොතලහිඹුටු, හිඹුටු, “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල්, කැළැ කෙසෙල් හෙවත් ඇට කෙහෙල් වැල් වැල්රුක් අත්තන හා මාවේවැල් ද බහුලවූ අතර, දෙල්, කොස්, කැළෑ දෙල්, ගොරක, පොල්, තල්, පුවක්, අඹ, කෙසෙල්,නාරං වර්ග, හල්, දොඩම් සහ මුරුංගා වැනි දේ සෘජුවම ආහාර සඳහා ඖෂධ වර්ග වෙනුවෙන්ද පලොල්, රණවරා, ඇහැළ, නා, කහට, නෙල්ලි, අරළු, බුළු, දෘතරාෂ්ට්‍ර,වල්ලපට්ට,කුඩුදවුල, මී,තල්, පොල්, පුවක්, උක් , කොහොඹ, රුක්අත්තන වැනි විශාල සෘජුවම ඖෂධීය ශාඛ ළවශයෙන් ප්‍රයොජනවත් ඒවා ද විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය (1980 දශකය දක්වාම) පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ වසරේ පෙරහර එනතුරු කුඩා ලන්දක් වැවෙනු දක්නට ලැබිණි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ ලා මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණක් බව පෙනී යයි. මෙහි සෑම වත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල්, ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහි සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.) මේ ශාඛ සමගම සර්වාංග හෙළ වෙදවරුන්, හෙළ වින්නඹුමාතාවන්, යම්යම් රෝග සඳහා විශෙෂඥ හෙල වෙදුන්ද විය. එම වෙදකම් තවමත් සුරැකි තිබීම ඇතැම්විට වාසනාවක්. එහි නරක ලක්ෂණය වී ඇත්තේ නිධානවේදය පිරිහී යමින් ඔෂධ වට්ටෝරු පමණක් ඉතිරි වන ලකුණු ඇති බවය. කලින් සඳහන් කළ අක්ෂි වෛද්‍ය මැණික්අප්පු මහතා සතුව තිබූ රෝත නිධානවේදයේ සමහර කොටස් අතුරුදහන්ව ගොසිනි. එතුමාගේ දියණිය පියාගේ ඇවෑමෙන් අදටත් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ අක්ෂිවෛද්‍ය සේවයේ නියැලෙන්නීය. ඇයට සිය පියාගේ රෝගනිධාන සෙවීමේ ක්‍රමය තමා ලාබාලව සිටිහෙයින් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්ට අවස්ථාව නොලැබුණ බව කියන්නීය. මේ හැර නොයෙකුත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටි අතර දැනට ඇත්තේ ඔවුන්ගේ හාස්කම් පිළිබඳ ජනතා මතකයේ ඇති දේවල් පමණි.
 
# බහුලව හීන් බැවිල සහ මහ බැවිල වශයෙන් හඳුන්වන බැවිල වර්ග
# සමන්පිච්ච,ගැටපිච්ච ඇතුළු පිච්ච වර්ග
# ඉද්ද වල්ගම්මිරිස් කුඩුමිරිස්
# නිදිකුම්බා
# හල්
 
ආදි රාශියකි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. 1980 ට පෙර වසර වල මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ . බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය.
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7896" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි