"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

== ''' සැළසුම් කළ පුරාණ ඔසු උයනක් උග්ගල් අලුත්නුවර ... ?''' ==
 
ස්වාභාවික නොඉඳුල් වෘක්ෂලතා ගහනය නිමවන සීමාව වැවූ කළැවලින් යුතු වැනි දේවාල පරිශ්‍රය වියළංවද්දී දක්නට හැකිය. පුරාණයේ සිට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් කැකුණ, පේරවර්ග, කොතලහිඹුටු, හිඹුටු, ල් “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල්, කැළැ කෙසෙල් හෙවත් ඇට කෙහෙල් වැල් වැල්රුක් අත්තන හා මාවේවැල් ද තිබූබහුලවූ අතර, දෙල්, කොස්, කැළෑ දෙල්, ගොරක, පොල්, තල්, පුවක්, අඹ, කෙසෙල්,නාරං වර්ග, දොඩම් සහ මුරුංගා වැනි දේ සෘජුවම ආහාර සඳහා ඖෂධ වර්ග වෙනුවෙන්ද පලොල්, රණවරා, ඇහැළ, නා, කහට, නෙල්ලි, අරළු, බුළු, දෘතරාෂ්ට්‍ර,වල්ලපට්ට,කුඩුදවුල, මී,තල්, පොල්, පුවක්, උක් , කොහොඹ, රුක්අත්තන වැනි විශාල සෘජුවම ඖෂධීය ශාඛ ළවශයෙන් ප්‍රයොජනවත් ඒවා ද විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය (1980 දශකය දක්වාම) පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ වසරේ පෙරහර එනතුරු කුඩා ලන්දක් වැවෙනු දක්නට ලැබිණි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ ලා මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණක් බව පෙනී යයි. මෙහි සෑම වත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල්, ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහි සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.) මේ ශාඛ සමගම සර්වාංග හෙළ වෙදවරුන්, හෙළ වින්නඹුමාතාවන්, යම්යම් රෝග සඳහා විශෙෂඥ හෙල වෙදුන්ද විය. එම වෙදකම් තවමත් සුරැකි තිබීම ඇතැම්විට වාසනාවක්. එහි නරක ලක්ෂණය වී ඇත්තේ නිධානවේදය පිරිහී යමින් ඔෂධ වට්ටෝරු පමණක් ඉතිරි වන ලකුණු ඇති බවය. කලින් සඳහන් කළ අක්ෂි වෛද්‍ය මැණික්අප්පු මහතා සතුව තිබූ රෝත නිධානවේදයේ සමහර කොටස් අතුරුදහන්ව ගොසිනි. එතුමාගේ දියණිය පියාගේ ඇවෑමෙන් අදටත් රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂඥ අක්ෂිවෛද්‍ය සේවයේ නියැලෙන්නීය. ඇයට සිය පියාගේ රෝගනිධාන සෙවීමේ ක්‍රමය තමා ලාබාලව සිටිහෙයින් සම්පූර්ණයෙන් අධ්‍යයනය කරන්ට අවස්ථාව නොලැබුණ බව කියන්නීය. මේ හැර නොයෙකුත් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිටි අතර දැනට ඇත්තේ ඔවුන්ගේ හාස්කම් පිළිබඳ ජනතා මතකයේ ඇති දේවල් පමණි.
 
# බහුලව හීන් බැවිල සහ මහ බැවිල වශයෙන් හඳුන්වන බැවිල වර්ග
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි