"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

# රුක්අත්තන
# එරමුදු වර්ග
ආදී ලෙස පළමු පන්තියේ දැවමය වටිනාකම් සහිත ශාඛ මෙන්ම ඖෂධීය ශාඛ ලැයිස්තුවක්ම ඉදිරිපත් කළ හැකිය. මෙහිදී සටහන් කර ඇත්තේ වඩා බහුල වශයෙන් දක්නට හැකි වූ ශාඛ හා වැල්වර්ග වෙයි. අරළු, බුළු, නෙල්ලි, පලොල් සහ ගොරක වැනි ශාඛ යායයන් වශයෙන් පැතිර ගොස් තිබුණි. ඇතැම්විට ඒවා වඩා වටිනා ඖෂධීය ශාඛ වශයෙන් භාවිත වීම නිසා වගා කිරීමට ද පෙළඹුනා විය හැකිය. මරංශාඛය ද මෙවැනි යායන් වශයෙන් පැතිර තිබේ. මෙහිදී විශේෂිත වූවකි. කුඩුමිරිස් වැල ද මෙහිලා විශේෂයෙන් දක්නා ලද යකඩ උනු කිරීමේදී කුඩුමුරිස් වැල ද දර වශයෙන් භාවිතයට ගැනුනි. කුඩුමිරිස්, මරං වැනි ශාඛ වල දරවර්ග කිසියම් අනුපාතයක් අනුව යකඩ වානේ නිෂ්පාදනයේදී යොදා ගත් ආකාරය ආනන්දකුමාරස්වාමිගේ නිරීක්ෂණයන්ට ද හසුව ඇත. ඉතා දුර්ලභ සමහරවිට මේ ප්‍රදේශයේ පමණක්ම තිබූ “මල්මදාරා” ශාඛයද මෙහි සටහන් කළ යුත්තකි. එය පූජනිය ශාඛයක් වශයෙන් සැලකුණකි. එය "Historical Malmadara tree" යනුවෙන් නම් කර 1940 අඟලේ සිතියමේ කෝන්ගහමංකඩ ආසන්නයේ කටුපත්ඔය හා දියවිනි ඔය යාවන ස්ථානයේ සටහන් කර තිබේ.
# වේ වැල් වර්ග (මාවේ වැල්, හීන් වේවැල් )
# වෙනිවැල්,
# වැල් රුක්අත්තන
ලෙස වටිනා ඖෂධීය හා කාර්මික නිෂ්පාදන වටිනාකම් සහිත "වේ" වැනි විටිනා වැල්වර්ග ප්‍රධානවෙයි. සමනළවැව ඉදිවීමත් සමග මේ වෘක්ෂ ලතා වර්ග බොහොමයක් කැපී විනාශ මුඛයට ගිය අතර “වෘක්ෂ දේවතාවුන් වහන්සේලා වැඩහිටිය ගස්පවා පෙරලා දැමුව එක නම් හොඳකට සිද්ධ වෙච්ච දෙයක් නොවෙයි” ආදි දෑ කියමින් මේ වනස්පති වෘක්ෂ සිඳී යාම දකිම්න ගැමි‍යෝ කම්පාවූහ. මේ ඇත්තෝ පරිසරයට මහත් භක්තියක් දැක්වූ එය ඇදහූ අය වෙති. මෑත අතීතයේ වර්ධනය කරගත් ආකල්ප අනුව හැඩගැසුන, එනම් 1889 න් පමණ පසුව ස්ථාපනය වූ බටහිර ආකෘතියේ පාසල් අධ්‍යාපනයෙන් ලද ශික්ෂණය යටතේ ගොඩ නැගී ඇති චින්තනය අනුව '''ගස්වැල්වලට වැඳීම මුලාවක් ලෙස දකිමින් සිනහවට ලක්කළෝ වඩා නුවනැත්තෝ වූහ. සත්‍යය එයද ?''' යනුවෙන් ප්‍රශ්න කිරීමට කාලය පැමිණ ඇතුවා වැන්න. ගසක් කපා දැමීම පැය කිපයක් ඇතුලත කළ හැකි වුවද වනස්පති වෘක්ෂයක් ඒ තත්ත්වයට පැමිණීමට ගතවන කාලය, ඒවායින් මිනිසා සහ සත්ව ප්‍රජාව වෙත ලැබෙන අමිල සේවාව ගැන සලකන විට වැඳුම්පිදුම් ලැබීමට නුසුදුසු නොවේ. ඔවුහු ගස්වැල් එක්තරා අපූරු ජීවියෙක් බව අලුතෙන් හඳුන්වා දීමට පෙර සිටම දැන සිටියේ " අපූරු ජීවියෙක් වශයෙන් පමණක් නොව තමන්ට පිහිට වන ජීවමානව පෙනෙන දෙවියෙක් වශයෙනි, දේවි දේවතාවුන් වහනසේ ලා වැඩ සිටින විමානයන් වශයෙනි. '''“මෛමතය”''' යනුවෙන් හඳුන්වා දෙන පොත් පිංච ඉදිරිපත් කරමින් ගමේ දැනමුත්තකු (සාමවිනිසුරු ඒ.ජී. අල්විස් මහතා වැනි අය) ගසක් කැපිය යුතු ආකාරය ලේඛකයා සමග විස්තර කළේ සිදුවන ශාඛ විනාශය ගැන කම්පාව පළ කරමිනි. තම ප්‍රයෝජනය සඳහා ගසක් කපා ගැනීම හා හේනක් එළි කර ගැනීම සඳහා කැළෑ කොටසක් එළි කර ගැනීමේ ලා පිළිපදින චාරිත්‍ර සමූහයක් හෙතෙම විස්තර කරයි. '''“මායාමතය”''' ලෙස ආනන්ද කමාරස්වාමි ගේ විමසුමට ලක් වූ ග්‍රන්ථය ද මේ කියන '''“මෛමතයම”''' විය හැකිය. දැනට මදාරා ශාඛයක් මහවලතැන්නේ චන්ද්‍රසේකරාරාමයේ දැකිය හැකිය. එය මල්මදාරා නොවන බවට මතයක් ද පවතී. ඉහත කියවෙන ඓතිහාසික මල්මදාරා ශාඛය ඉංග්‍රීසි පාලන අවදියේ සිටි සබරගමුවේ දිසාපතිවරුන් නිරීක්ෂණය හා අධ්‍යයනය පිණිස වරින්වර පැමිණිබව ඔවුන් තබා ඇති දිනසටහන් මගින් තහවුරු වෙයි.
පුරාණයේ සිටම වී ගොවිතැන තමන් විශේෂායනය වූ ශිල්පයට අනුව කළ නිෂ්පාදනයන්ට අමතරව සෑම දෙනාම නිරත වූ ආර්ථික කටයුත්තකි. වී ගොවිතැන පමණක්ය එක් කුලයකට සීමා නොවීය. දෙනගංඔය, වළවේ ගඟ සහ පිටවල ආර වැනි ප්‍රධාන ජල ප්‍රවාහයන්ට සම්බන්ධවීමට ගලා බසින උල්පත් වලින් ගලා එන කුඩා ජල ධාරාවන්හි නිම්න ඒවායේ මෝයයන්ට ආසන්නවත්ම දෙපස අස්වද්දාගත් කුඹුරු වලට ජලධාරාවන්ගේ ඉහළින් බඳින ලද අමුණු සහ ඒ අනුව සකස් කළ ඇළ මාර්ග මගින් සම්පාදනය කරගත් ජලයෙන් වී වගාව සරුවට කළ අතර දේවාලයට සම්බන්ධ රාජකාරි කුඹුරු ඉඩම් ප්‍රමාණය සමනළ වැව ඉදිවනතුරු අක්කර 800 ඉක්මවා තිබුණි. ජුලි මස (ඇසල මස) දේවාලයේ මහා පෙරහර මංගල්‍යයෙන් අනතුරුව හේනක් සකස් කර ගැනීම සඳහා අවධානය යොමු වෙයි. මහ කැළෑව ඒ සඳහා භාවිත කළ බවට සාධකහමු නොවේ. කුඹුරට ආසන්නයේ රාජකාරි පංගුව සේ ලැබුණු ගොඩ ඉඩම් ඒ සඳහා භාවිත වී ඇත. මීට අමතරව තිබූ වගාවන් අතර කිතුල් තල් කොස් දෙල් පොල් පුවක් සහ කෙසෙල් අඹ උක් ගස් වැනි වගාවන් සරුවට කළ හැකි පරිසරයක් වූ බව මේ ඡේදයේ ඇති පළමු කවිය ද පෙන්වා දෙයි. ස්වාභාවික වනසතුන් අතර වලසා කොටියා සහ ඇතා කුළු හරකාද විය. මෙයින් හීලෑවූ ගවයන් මගින් දේවාලයේ පට්ටිකාරපංගුවේ ගවයන් රෑනක්ම වී ඇති අතර එක් එක් අයභාරයේ සිටි ගවගහනය සම්පතක් විය. ඇතා පෙරහරට එකල ද අත්‍යවශය වී ඇත.විටෙක මිනිසාට ළංව ස්වාභාවිකව මෙන් කීකරු වී සිටි බවට තොරතුරුද ජනකතා අතර හමුවේ. එැවිනි සතුන් ගැමියන්ගේ ආදරය දිනාගත්තන් වී ඇති බවට ජනකවි ද හමුවේ. මෙහි ඇතුන් පිළිබඳව ප්‍රදේශයේ ඇති කලාත්මක අගයෙන් අනූන ජනකවියක් පහත දැක්වේ.
 
කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ
අතමිණි බැඳ පය මිණි බැඳ ජයගත්තූ
රාජසබාවෙන් කරුණා ලැබගත්තූ
වළවේගඟට බැස්සයි ගෝමරඇත්තූ
 
== ''' සැළසුම් කළ පුරාණ ඔසු උයනක් උග්ගල් අලුත්නුවර ... ?''' ==
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7893" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි