"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

පුරාණයේ සිටම වී ගොවිතැන තමන් විශේෂායනය වූ ශිල්පයට අනුව කළ නිෂ්පාදනයන්ට අමතරව සෑම දෙනාම නිරත වූ ආර්ථික කටයුත්තකි. වී ගොවිතැන පමණක්ය එක් කුලයකට සීමා නොවීය. දෙනගංඔය, වළවේ ගඟ සහ පිටවල ආර වැනි ප්‍රධාන ජල ප්‍රවාහයන්ට සම්බන්ධවීමට ගලා බසින උල්පත් වලින් ගලා එන කුඩා ජල ධාරාවන්හි නිම්න ඒවායේ මෝයයන්ට ආසන්නවත්ම දෙපස අස්වද්දාගත් කුඹුරු වලට ජලධාරාවන්ගේ ඉහළින් බඳින ලද අමුණු සහ ඒ අනුව සකස් කළ ඇළ මාර්ග මගින් සම්පාදනය කරගත් ජලයෙන් වී වගාව සරුවට කළ අතර දේවාලයට සම්බන්ධ රාජකාරි කුඹුරු ඉඩම් ප්‍රමාණය සමනළ වැව ඉදිවනතුරු අක්කර 800 ඉක්මවා තිබුණි. ජුලි මස (ඇසල මස) දේවාලයේ මහා පෙරහර මංගල්‍යයෙන් අනතුරුව හේනක් සකස් කර ගැනීම සඳහා අවධානය යොමු වෙයි. මහ කැළෑව ඒ සඳහා භාවිත කළ බවට සාධකහමු නොවේ. කුඹුරට ආසන්නයේ රාජකාරි පංගුව සේ ලැබුණු ගොඩ ඉඩම් ඒ සඳහා භාවිත වී ඇත. මීට අමතරව තිබූ වගාවන් අතර කිතුල් තල් කොස් දෙල් පොල් පුවක් සහ කෙසෙල් අඹ උක් ගස් වැනි වගාවන් සරුවට කළ හැකි පරිසරයක් වූ බව මේ ඡේදයේ ඇති පළමු කවිය ද පෙන්වා දෙයි.
 
== ''' සැළසුම් කළ පුරාණ ඔසු උයනක් උග්ගල් අලුත්නුවර ... ?''' ==
 
පුරාණයේ සිට දේවාල පරිශ්‍රයට ආසන්නයේ ළඳු කැළෑවල බහුල වශයෙන් කැකුණ ගස් හා පේරවර්ග හිඹුටු වැල් “නෝනපලං” යනුවෙන් හැඳින්වූ පැෂන්පෲට් වැල් කැළැ කෙසෙල් ලෙස හැඳින් වූ ඇට කෙහෙල් වැල් ද තිබූ අතර දෙල් කොස් වැනි දේ ආහාර සඳහා ද පලොල් රණවරා ඇහැළ නා කහට නෙල්ලි අරළු බුළු දෘතරාෂ්ට්‍ර වැනි විශාල ඖෂධීය ශාඛ ද විය. දේවාල පෙරහර මගින් සීමාවන පූජාභමි පරිශ්‍රය 1980 දශකය දක්වාම පෙරහර නිම වීමෙන් අනතුරුව ඊ ළඟ පෙරහර එනතුරු කුඩා ලන්දක් දක්නට ලැබිණි. එහි දක්නට ලැබුණේ හෙල වෙදකමේ ලා මහත්සේ උපයෝගීකරගත් ඖෂධීය පැළෑටි පමණක් බව පෙනී යයි. මෙහි සෑම වත්තකම දක්නට හැකිවූ කැකුණ ගස්වල ගෙඩි වලින් ලබාගත් තෙල් ගෙවල් අඳුර දුරු කරන පහන් සඳහාත් පෙරහර මග එළියකරන පන්දම් වැටි සඳහාත් උපයෝගී කරගත් බව කියවේ. කැකුණ පන්දමේ ආලෝකය ඇස්වලට ගුණදායක ඔසුවක් වන බව මෙහි සිටින පුරාණ වෙදදුරන් පළකරන වැදගත් මතයකි.(කළකට පෙර වියෝ වූ පුරාණ පාරම්පරික අක්ෂි වෛද්‍ය මැණික් අප්පුමහතා ගේ ප්‍රකාශයකි.)
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි