"උග්ගල් අලුත්නුවර/හැඳින්වීම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
1 පේළිය:
==හැඳින්වීම==
සියලු බොදු හා හින්දු බැතිමතුනගේ ද භක්ත්‍යාදරය දිනාගත් තවත් පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයක් වශයෙන් 1950 හා 60 දශකයේ මහත් ප්‍රසිද්ධියටපත්වූ බවට සාධක ඇති උග්ගල් අලුත්නුවර, පසු කාලයේ තරමක් අමතකව ගියා වැන්න. එකල ඉන්දීය මහාරාජාවරුන් පවා මෙහි පෙරහර උත්සවයට සහභාගීවීම පිණස පැමිණියහ. 1970 දශකයේ සිට දේවාලයට අයත් ඉඩම්වල බහුලව (දැනටත්) පහළවන්නට වූ මැණික් සම්පත් කෙරේ වැඩි අවධානයක් යොමු වීම මේ ස්වභාවයට මූලික හේතුව වූ බව පෙනේ. එහෙත් අදවනවිට තත්වය වේගයෙන් වෙනස් වෙමින් දේවාලය රජමහා විහාරය හා එහි වත් සිරිත් කෙරේ නැවතත් තදින් අවධානය යොමුවෙමින් පවතින බව පෙනී යයි. වර්තමානයේ උග්ගල් අලුත්නුවර ඓතිහාසික ගම්මානයට ළඟා වීම පහසු එකකි. දේවාලය දක්වාම වාහනයකින් ළඟා විය හැකිය. බළන්ගොඩ සිට ගමන් ආරම්භ කෙරෙන දේවාලය කරා එන බස් ද ඇත. කොළඹ සිට බදුල්ල බලා දිවෙන ප්‍රධාන පාරේ පැමිණ රත්නපුර පැල්මඩුල්ල හා බළන්ගොඩ නගර පසු කර යන විට කිලෝමීටර් 151 කණුව අසළ දී හමුවන මංසන්ධියකි. එයින් දකුණට දිවෙන අතුරු මාවතකි. එමගින් මීටර 430 ක් පැමිණි විට දකුණු දෙසට හැරෙන දේවාල මාවතේ දුර මීටර 120 ක් පමණි. එසේ පැමිණි විට උග්ගල් අලුත්නුවර ගම්මානයේ එතිහාසික ස්මාරක, එනම් ඓතිහාසික දේවාලය හා රජ මහා විහාර ගොඩනැගිලි සමග දුටුවන් ආකර්ශනය කරගන්නා නිර්මිත පරිශ්‍රය හමුවේ. වාර්ෂිකව පවත්වන ඇසල මහා පෙරහර ගමන්ගන්නා මග වටා දිග කිලොමීටර් 1/2 කටත් වඩා වැඩිය.(මීටර් 560 කි.) දැනට මෙය අලුත්නුවර ග්‍රාම නිළධාරි කොට්ඨාසයට සීමාවී ඇති නමුදු මෙම ලේඛනයේදී සලකන සීමාව ඊට වඩා පුළුල් එකකි. උග්ගල් අලුත්නුවර ලෙස සදහන් ඓතිහාසික ප්‍රදේශය ග්‍රාමනිලධාරී වසම් කිපයකින් සැදුම්ලත් විශාල එකක් විය. දේවාල පරිශ්‍රයේ පිහිටීම නිරපේක්ෂව දක්වතොත් උත්තර අක්ෂාංශ6.684210431505406 රේඛාව සහ නැගෙනහිර දේශාංශ 80.7469366537781 රේඛාව හමුවන ප්‍රදේශය වෙයි. කලින් කී පරිදි 1970 දශකයෙන් පසු උග්ගල් අලුත්නුවර වඩා අවධානය යොමුව ප්‍රසිද්ධව ගියේ වටිනා මැණික් ලැබෙන පෙදෙසක් වශයෙනි. හදිසියේ පහළවන්නට වූ මුදල් නිසා දේවාල පරිශ්‍රය හා ගොඩනැගිලි නවීකරණය ද ඉක්මන්වූ ප්‍රදේශයේ සංස්කෘතික දායාදයන්හි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ අවධානය අඩු වුනා වැනිය. අප්‍රමාණ භක්තිය නිසා පුරාවස්තු පිළිබඳ අනවබෝධයෙන් ප්‍රතිසංස්කරණ සිදුවි ඇති බව පෙනේ. ඒ නිසා දේවාලය රජමහා විහාරය ආශ්‍රිත ගොඩනැගිලි ද පරිශ්‍රයද පුරාවස්තු සංරක්ෂණයට වඩා ප්‍රතිසංස්කරණය වෙමින් නවීකරණයට හසුවී ඇති බව පෙනේ. එහෙයින් නුවර යුගයේ (මධ්‍යකාලීන ලංකාවේ) කලාශිල්ප පිළිබඳ හැදෑරීමට ප්‍රයෝජනවත් භෞතික නිර්මාණ රාශියෙන් දැනට නොඉඳුල්ව ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. දේවාල සංකීර්ණය හා ඊට අයත් පරිශ්‍රය 1998 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කළයුතු පුරාවස්තුවක් බවට ප්‍රකාශවිය. ඒ නිසා අනවබෝධයෙන් සිදුවෙමින් පැවති හානිය දැන් අවම වී ඇත. භෙෳතික නිර්මාණ පිළිබඳ තත්ත්වය එසේ වුවද පුරාණ පරම්පරාවන්ගෙන් පැවත එන පවුල් විසින් රැකගෙන එන සිරිත් සම්ප්‍රදායයන් තවමත් නිරුපද්‍රිතය. ආවේනික පුරාණ නැටුම්, ගායනා සහ වාදන ආදී පුරාණ ශිල්පීය සම්ප්‍රදායයන් අජීවී වස්තූන් මෙන් ස්ථාවර නොවේ. සමාජ ගතිකත්වය හමුවේ වේගවත්ව වෙනස්වෙමින් යාම නවතා ලීම අපහසුය. එසේ වුවද මේ ඓතිහාසික දේවාලයේ විශේෂත්වය වන්නේ අදවනවිටත් ඉතිරිවී ඇති පුරාණ පරම්පරාවන්හි ඇත්තන්ගේ පවතින අකලංක බැඳීම
<nowiki>ශලුත්සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සද කාලේ
|