"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

ආදියයි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. 1980 ට පෙර වසර වල මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ . බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය.
 
== '''ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර බිහිවීම''' ==
 
මැදගම වනාන්තරය යනුවෙන් මධ්‍යකාලීන යුගයේ ලේඛනගතව හා ව්‍යවහාරයේ ඇති මේ පෙදෙස පුරාණයේ සිට සැඟව පැවතුනා වැනිය. ජාතික ඉතිහාසය හදාරන්නට උපකාරවන ප්‍රකට ලේඛනයන්හි, මේ ප්‍රදේශයේ පුවත් සෙවීම අසීරුය. සමහරවිට තවමත් අප්‍රකටව ඇති පුරාණ ග්‍රන්ථයක් වූ "උත්තරවිහාරවංශය" හෝ "උත්තරවිහාරට්ඨ කතාව" වැනි ග්‍රන්ථතුළ මේ ප්‍රදේශය පිළිබඳව සටහන් තිබෙනවා වන්නට පුළුවන. උග්ගල් කල්තොට, බුදුගල පධානගර, තංජන්තැන්න, කූරගල හා හඳගිරිය වැනි පෙදෙස්වල දක්නට ලැබෙන ඇති ක්‍රි.පූ. 2 හෝ 3 වැනි සියවස්වලට ගිනිය හැකි නටබුන් හා ගිරි ලිපි ලෙන් ලිපි ආදියෙන් අනාවරණය වන තොරතුරු හරිහැටි හඳුනාගන අර්ථකථනය කරමින් පෙළ ගැසිය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර තවම හමුව නොමැත. වරින්වර අපගේ පුරාණ පොත් පත් ගිනිතැබූ අවස්ථා පිළිබඳ වාර්තාවන් ඉතිහාසය හමුවන හෙයින් බොහෝ ඉතිහාස පුවත් සැඟව පැවතීම අරුමයක් නොවේ. උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ප්‍රදේශයේ පුරාවිද්‍යාතමක කැනීම් කර නැත. මතුපිටින් ප්‍රකටව පෙනෙන පුරාවිද්‍යාත්මක සම්පත් මධ්‍යකාලීන යුගයට වඩා පැරණි නොවේ. ඉහත සඳහන් කර ඇති පුරාණ ලේඛනයන් ද මහනුවර රාජධානි සමයට ගැනෙන ඒවා වෙයි. එහෙත් මෙය ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් ‍පුරාණ බිම්කඩක් බැවින් ද ශිෂටාචරවත් මිනිසුන් සිටි බව හැඟවෙන තදාසන්න පෙදෙස් ගැන ද සලකන විට ප්‍රාග්ඓතිහාසික තොරතුරු අනාගතයේදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහාචාර්ය දැරණියගල ශූරීන් වැනි විද්වතුන්ගේ ගවේශන මගින් බළන්ගොඩ පෙදෙස ඉතා අතිතයේ සිටම මිනිස් වාසභූමියක්ව පැවති බව පෙනීයයි. එහෙයින් උග්ගල් අලුත්නුවර ප්‍රාග් ඉතිහාසගත තොරතුරු හරිහැටි අනාවරණය කර ගැනීම අනාගතයට භාරවන්නකි.
දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ
 
වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ සිට අනාවරණය වන ඉතිහාසයකට ආලෝකය ලැබෙයි. මේ අවදිය ගම්පල රාජධානියේ 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන '''සූරියමහ රජු''' යන්නේ භාවිතව ඇත්තේ රජවරුන් තමන් හඳුන්වාගත් '''සූර්ය පොළපත''' යන අදහස වන්නේ නම් සමහරවිටක මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය. 5 වන බුවනෙකබාවන් සීතාවක ආරම්භකයා වශයෙන් කටයුතු කළ රජතුමා බවට අනාවරණය කෙරන මහාචාර්ය රිස්මන් අමරසිංහයන්ගේ පර්යේෂණ(බලන්න, මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන්ගේ සීතාවක ඓතිහාසික රාධානි යුගය පිළිබඳ පර්යේෂණ මගින් අනාරණය කර ඇති තොරතුරු අනුව රචනා කර ඇති අගනා පර්යේෂණ නිබන්ධනය "සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්" 1998 කර්තෘ ප්‍රකාශනය) ද සැලකිල්නේ කියවනවිටමැදගම වන්න්තරය වැනි ස්වාභාවික රැකවරණ ලබිගත ැකි ප්‍රදේශයක් ලෙස පැවති නිසා මේ රජුගේ අවධානය යොමුවන්නට ඇතැයි සිතීම සාධාරණය. සතුරු ආක්‍රමණ නිසා රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙමින් පැවති යුගය වූ මෙකල මැදගම වනාන්තරය රජදරුව්නගේ රැකවරණයට වැදගත් වූ ප්‍රදේශයකි. කෙසේ වුවද කඳුකර රජ පෙළපතක් ගැන වෙනමම තොරතුරු ද මේ සමයේ දක්නට හැකි බව ගඩලාදෙනිය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් පැහැදිලිවෙි. ඒ අනුව "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" පවතින්ට ඇති ප්‍රාදේශීය රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ මෙන්ම අලගියවන්න මුකවෙටි රචනා කළැයි සැලකෙන "කුස්තන්තීනු හටන" අනුවද අනුමාන කළ හැකිය. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු අලුත්නුවරට ආසන්නව ඊට උතුරෙන් දෙතනගල කඳු පාමුල සැඟව පිහිටි බළන්ගොඩ පින්නවලට කිට්ටුව පිහිටි '''මැද්දේගම''' ද විය හැකිය. එය පුරාණ රාජධානියක්ව පිහිටා තිබී කොන්සතන්තීනු ද සා නොරොඤ්ඤා විසින් ගිනිබත්කර වනසා රජදරුවන් පළවා හැරි ආකාරය ගැන විස්තර කුස්තන්තීනු හටනේ දැක්වෙයි. රොබට් නොක්ස් එදාහෙලදිව ගැන කරන විස්තර වල මහනුවර රාජධානියෙන් නිරිත දිග පෙදෙස් ඝන වනාන්තරයෙන් වැසී තිබුණ බවත්, වනය හෙලි කිරීම තහනම් කර ඒවා පාලනයට නිලධාරීන් පවා පත්කරතිබුණ බවත් හෙලිවෙයි. ඒ අනුව 1660 වැනි කාලයක වුව ද මේ පෙදෙස පැවත ඇත්තේ ඝනවානන්තරයට මැදිව බව පෙනේ. තවද පාරවල් විශාල සංඛ්‍යාවක් වුවද එකම පාරකවත් දෙදෙනකුට පේලි ගැසී යාමට නොහැකිබවත් එක්කෙනා පස්සේ එක්කෙනා බැගින් ආයුතු බවත් රොබට් නොක්ස් කියයි. රටේ අස්සක් මුල්ලක් නෑර රොබට් නොක්ස් ඇවිද ගියද කිසි දිනක මැදගම වනාන්තර පෙදෙසට පැමිණ ඇති බවක් නොකියවේ. 1385 යට කී සූරිය මහරජතුමා මැදගම දේවාලය කර ඇත්තේ ගැට්ටොපාන වන්නිරාල්ත් මැදගම බණ්ඩාරත් සැලකළ පුවත අනුවය. මේ 5 වන බුවනෙක බාවන් නම් මැදගම බණ්ඩාර යනු එවකට තිබූ මැද්දේගම රහස් මාලිගයේ සිටි ප්‍රාදේශීය නායකයා විය හැකිය. ගට්ටපාන වන්නිරාල යනු මැදගම දේවාලයට ආසන්නයේ පදිංචිව සිටි වන්රක්ෂක නිළධරියා විය හැකිය.
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7876" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි