"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
170 පේළිය:
ආදියයි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. 1980 ට පෙර වසර වල මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ . බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය.
 
'''== '''ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර ==බිහිවීම''' ==
 
මැදගම වනාන්තරය යනුවෙන් මධ්‍යකාලීන යුගයේ ලේඛනගතව හා ව්‍යවහාරයේ ඇති මේ පෙදෙස පුරාණයේ සිට සැඟව පැවතුනා වැනිය. ජාතික ඉතිහාසය හදාරන්නට උපකාරවන ප්‍රකට ලේඛනයන්හි, මේ ප්‍රදේශයේ පුවත් සෙවීම අසීරුය. සමහරවිට තවමත් අප්‍රකටව ඇති පුරාණ ග්‍රන්ථයක් වූ "උත්තරවිහාරවංශය" හෝ "උත්තරවිහාරට්ඨ කතාව" වැනි ග්‍රන්ථතුළ මේ ප්‍රදේශය පිළිබඳව සටහන් තිබෙනවා වන්නට පුළුවන. උග්ගල් කල්තොට, බුදුගල පධානගර, තංජන්තැන්න, කූරගල හා හඳගිරිය වැනි පෙදෙස්වල දක්නට ලැබෙන ඇති ක්‍රි.පූ. 2 හෝ 3 වැනි සියවස්වලට ගිනිය හැකි නටබුන් හා ගිරි ලිපි ලෙන් ලිපි ආදියෙන් අනාවරණය වන තොරතුරු හරිහැටි හඳුනාගන අර්ථකථනය කරමින් පෙළ ගැසිය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර තවම හමුව නොමැත. වරින්වර අපගේ පුරාණ පොත් පත් ගිනිතැබූ අවස්ථා පිළිබඳ වාර්තාවන් ඉතිහාසය හමුවන හෙයින් බොහෝ ඉතිහාස පුවත් සැඟව පැවතීම අරුමයක් නොවේ. උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ප්‍රදේශයේ පුරාවිද්‍යාතමක කැනීම් කර නැත. මතුපිටින් ප්‍රකටව පෙනෙන පුරාවිද්‍යාත්මක සම්පත් මධ්‍යකාලීන යුගයට වඩා පැරණි නොවේ. ඉහත සඳහන් කර ඇති පුරාණ ලේඛනයන් ද මහනුවර රාජධානි සමයට ගැනෙන ඒවා වෙයි. එහෙත් මෙය ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් ‍පුරාණ බිම්කඩක් බැවින් ද ශිෂටාචරවත් මිනිසුන් සිටි බව හැඟවෙන තදාසන්න පෙදෙස් ගැන ද සලකන විට ප්‍රාග්ඓතිහාසික තොරතුරු අනාගතයේදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහාචාර්ය දැරණියගල ශූරීන් වැනි විද්වතුන්ගේ ගවේශන මගින් බළන්ගොඩ පෙදෙස ඉතා අතිතයේ සිටම මිනිස් වාසභූමියක්ව පැවති බව පෙනීයයි. එහෙයින් උග්ගල් අලුත්නුවර ප්‍රාග් ඉතිහාසගත තොරතුරු හරිහැටි අනාවරණය කර ගැනීම අනාගතයට භාරවන්නකි.
"https://si.wikibooks.org/wiki/උග්ගල්_අලුත්නුවර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි