"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

ආදියයි. ඊ ළඟ ඇසළ මස තෙක් වැවෙන මේවා පෙරහර කිට්ටු වනවිට ඵලදරා නව පැළෑටි ජනිත කිරීම පිණිස මැලවී යමින් තිබෙනවා වැනිය. අත්තනායක මොහොට්ටාල නම් වූ දේවාලයේ විධායක මණ්ඩලයේ ප්‍රධානයා හැර අන් සෑම රාජකාරි ඇත්තන්ටම පෙරහරේ සාම්ප්‍රදායික විශ්ෂිත රාජකාරියට අතිරේකව තවත් කටයුත්තක් පැවරී තිබූ බව 1870 කොමසාරිස් ලේඛනය ද පෙන්වා දෙයි. මෙය පංගුරැහිම යනුවෙන් හැඳින්විනි. “පෙරහරට පෙරාතුව වීදියේ හත්රියනක් රැහැලා සුද්ද කිරීම” යනුවෙන් නියමව ඇත්තේ ඉහත පැළැටි සහිත බිම පෙරහරට සූදානම් කිරීම පිණිසය. පෙරහරින් පසුව එන වප් වැස්සත් සමග බිම වැටී සුදුසු පරිදි පදම්ව තිබූ ඉහත කී ඖෂධ පැළෑටි දළුලා නවමු ලෙස වැඩීම සුලභ ලක්ෂණයක් වශයෙන් තිබූණි. ගැමියන්ට මැල්ලුම් හා සලාද වර්ග පිළිලෙ කිරීම පිණිස අවැසි දෑ ද වෙදැදුරන්ට බෙහෙත් වර්ගද නෙලා ගැනීමට අවස්ථාව ලැබෙයි. 1980 ට පෙර වසර වල මෙසේ ඵලා නෙලන ගැමියන්ද ඖෂධ වර්ග නොලා ගන්නා වෛද්‍යවරුන්ද දේවාල පරිශ්‍රයේ සුළභ විය. මෙතෙක් විස්තර කළ තොරතුරු අනුව දේවාල පරිශ්‍රය “පැරැන්නන් ඇති කර තිබූ ඔෂධ උද්‍යානයක් විය හැකිය” යන නිගමනයකට පැමිණීම අපහසු නොවේ . බිම්මට්ටම හෝ අඩි 3 ක් හෝ 4 කට වඩා උස නොයන ඔෂධීය පැළෑටි පූජා භූමියේද දෙමට, පලොල්, කහට, අරළු, බුළු සහ ගම්මාළු වැනි වනස්පති ඔෂධීය ශාඛ තදාසන්න වතුවලද වවා තිබුණා වැනිය.
 
'''== ජනාවාසවීම සහ ප්‍රාග්ඓතිහාසික උග්ගල් අලුත්නුවර =='''
== ඉතිහාස පුවත ==
 
මැදගම වනාන්තරය යනුවෙන් මධ්‍යකාලීන යුගයේ ලේඛනගතව හා ව්‍යවහාරයේ ඇති මේ පෙදෙස පුරාණයේ සිට සැඟව පැවතුනා වැනිය. ජාතික ඉතිහාසය හදාරන්නට උපකාරවන ප්‍රකට ලේඛනයන්හි, මේ ප්‍රදේශයේ පුවත් සෙවීම අසීරුය. සමහරවිට තවමත් අප්‍රකටව ඇති පුරාණ ග්‍රන්ථයක් වූ "උත්තරවිහාරවංශය" හෝ "උත්තරවිහාරට්ඨ කතාව" වැන්නක්වැනි තුළග්‍රන්ථතුළ මේ ප්‍රදේශය පිළිබඳව සටහන් තිබෙනවා වන්නට පුළුවන. උග්ගල් කල්තොට, බුදුගල පධානගර, තංජන්තැන්න, කූරගල හා හඳගිරිය වැනි පෙදෙස්වල දක්නට ලැබෙන ඇති ක්‍රි.පූ. 2 හෝ 3 වැනි සියවස්වලට ගිනිය හැකි නටබුන් හා ගිරි ලිපි වලින්ලෙන් ලිපි ආදියෙන් අනාවරණය වන තොරතුරු පවා හරිහැටි හඳුනාගන අර්ථකථනය කරමින් පෙළ ගැසිය හැකි සාහිත්‍යමය මූලාශ්‍ර තවම හමුව නොමැත. වරින්වර අපගේ පුරාණ පොත් පත් ගිනිතැබූ අවස්ථා පිළිබඳ වාර්තාවන් ඉතිහාසය හමුවන හෙයින් බොහෝ ඉතිහාස පුවත් සැඟව පැවතීම පුදුමයක්අරුමයක් නොවේ. උග්ගල් අලුත්නුවර ආශ්‍රිත ප්‍රදේශයේ පුරාවිද්‍යාතමක කැනීම් කර නැතත්නැත. මතුපිටින් ප්‍රකටව පෙනෙන පුරාවිද්‍යාත්මක සම්පත් මධ්‍යකාලීන යුගයට වඩා පැරණි නොවේ. හමුවීඉහත සඳහන් කර ඇති ඉහතපුරාණ ලේඛනයන් ද මහනුවර රාජධානි සමයට ගැනෙන ඒවා වේවෙයි. එහෙත් මෙය ප්‍රාග් කේම්බ්‍රීය යුගයට අයත් ‍පුරාණ බිම්කඩක් බැවින් ද ශිෂටාචරවත් මිනිසුන් සිටි බව හැඟවෙන තදාසන්න පෙදෙස් ගැන ද සලකන විට ප්‍රාග්ඓතිහාසික තොරතුරු අනාගතයේදී අනාවරණය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මහාචාර්ය දැරණියගල ශූරීන් වැනි විද්වතුන්ගේ ගවේශණගවේශන මගින් බළන්ගොඩ පෙදෙස ඉතා අතිතයේ සිටම මින්ස්මිනිස් වාසභූමියක්ව පැවති බව පෙනීයයි. තවමඑහෙයින් උග්ගල් අලුත්නුවර ආශ්‍රිතව ඇති ගල්ලෙන් තුළ පුරාවිද්‍යා ගවේශණ සිදුව නැති බැවින් ප්‍රාග් ඉතිහාසගත තොරතුරු හරිහැටි අනාවරණය කර ගැනීම අනාගතයට භාරවන්නකි.
ක්‍රි.ව.1385 හෙවත් ශකවර්ෂ 1304 සූරිය මහරජතුමා විසින් මැදගම වනාන්තරයේ කතරගම දෙවියන් උදෙසා මෙහි මුල්ම දේවාල ගොඩනැගිලි කර ඇති බව පුරාණ ලියවිල්ලේ සඳහන් වෙයි.
ක්‍රි.ව.1385 හෙවත් ශකවර්ෂ 1304 සූරිය මහරජතුමා විසින් මැදගම වනාන්තරයේ කතරගම දෙවියන් උදෙසා මෙහි මුල්ම දේවාල ගොඩනැගිලි කර ඇති බව පුරාණ ලියවිල්ලේ සඳහන් වෙයි. ශලුත් සකන් තුන්සියවරුසෙට හිමි දුරුතු මසේ පුර සඳකාලේ.. වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ තොරතුරු වලින් ඉතිහාසයට ආලෝකය ලැබෙයි. මේ අවදිය 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන සූරියමහ රජු යන්නේ භාවිතව ඇත්තේ සූර්ය පොළපත යන අදහස නම් සමහරවිටක මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය. කෙසේ වුවද කඳුකර රජ පෙළපතක් ගැන වෙනමම තොරතුරු ද මේ සමයේ දක්නට හැකි බව ගඩලාදෙනිය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් හෙලිවේ. "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ දක්නට ලැබෙයි. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු අලුත්නුවරට උතුරෙන් පිහිටි පින්නවල ආශ්‍රීතව පිහිටි මැද්දේගම ද යනු විමසීම වටී.
 
ශලුත්සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සද‍ කාලේ
ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද මාලේ
දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ කාලේ
දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ
 
වශයෙන් ගමේ ප්‍රකට ජන කවිය ද ජනප්‍රවාදයේ පවතින ජනකතාවන්ද අනුව ගම්පල රාජධානි සමයේ සිට අනාවරණය වන ඉතිහාසයකට ආලෝකය ලැබෙයි. මේ අවදිය ගම්පල රාජධානියේ 5 බුවනෙකබාවන් රජකළ සමයයි. මෙහිදී කියවෙන '''සූරියමහ රජු''' යන්නේ භාවිතව ඇත්තේ රජවරුන් තමන් හඳුන්වාගත් '''සූර්ය පොළපත''' යන අදහස වන්නේ නම් සමහරවිටක මේ 5 බුවනෙකබාවන්ම විය හැකිය යන අනුමානයට පැමිණිය හැකිය. 5 වන බුවනෙකබාවන් සීතාවක ආරම්භකයා වශයෙන් කටයුතු කළ රජතුමා බවට අනාවරණය කෙරන මහාචාර්ය රිස්මන් අමරසිංහයන්ගේ පර්යේෂණ(බලන්න, මහාචාර්ය රිසිමන් අමරසිංහ ශූරීන්ගේ සීතාවක ඓතිහාසික රාධානි යුගය පිළිබඳ පර්යේෂණ මගින් අනාරණය කර ඇති තොරතුරු අනුව රචනා කර ඇති අගනා පර්යේෂණ නිබන්ධනය "සීතාවක උන්නතියේද අවනතියේද සමහර අංශ පිළිබඳ විමර්ශනයක්" 1998 කර්තෘ ප්‍රකාශනය) ද සැලකිල්නේ කියවනවිටමැදගම වන්න්තරය වැනි ස්වාභාවික රැකවරණ ලබිගත ැකි ප්‍රදේශයක් ලෙස පැවති නිසා මේ රජුගේ අවධානය යොමුවන්නට ඇතැයි සිතීම සාධාරණය. සතුරු ආක්‍රමණ නිසා රාජධානි නිරිත දිගට සංක්‍රමණය වෙමින් පැවති යුගය වූ මෙකල මැදගම වනාන්තරය රජදරුව්නගේ රැකවරණයට වැදගත් වූ ප්‍රදේශයකි. කෙසේ වුවද කඳුකර රජ පෙළපතක් ගැන වෙනමම තොරතුරු ද මේ සමයේ දක්නට හැකි බව ගඩලාදෙනිය වැනිස්ථානවල ඇති ශිලා ලිපිවලින් පැහැදිලිවෙි. ඒ අනුව "මැදගම්නුවර" හෝ "මැද්දෙගම්නුවර" පවතින්ට ඇති ප්‍රාදේශීය රාජධානියක් පිළිබඳ ඉඟි පුරාණ ලියවිල්ලේ මෙන්ම අලගියවන්න මුකවෙටි රචනා කළැයි සැලකෙන "කුස්තන්තීනු හටන" අනුවද අනුමාන කළ හැකිය. මේ මැදගම්නුවර හෝ මැද්දේගම්නුවර යනු අලුත්නුවරට ආසන්නව ඊට උතුරෙන් දෙතනගල කඳු පාමුල සැඟව පිහිටි බළන්ගොඩ පින්නවලට කිට්ටුව පිහිටි '''මැද්දේගම''' ද විය හැකිය. එය පුරාණ රාජධානියක්ව පිහිටා තිබී කොන්සතන්තීනු ද සා නොරොඤ්ඤා විසින් ගිනිබත්කර වනසා රජදරුවන් පළවා හැරි ආකාරය ගැන විස්තර කුස්තන්තීනු හටනේ දැක්වෙයි.
නිර්නාමික පරිශීලක
"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7874" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි