"උග්ගල් අලුත්නුවර" හි සංශෝධන අතර වෙනස්කම්

:* [[/හැඳින්වීම/]]
 
 
== '''හැඳින්වීම''' ==
සියලු බොදු හා හින්දු බැතිමතුනගේ ද භක්ත්‍යාදරය දිනාගත් තවත් පූජනීය ඓතිහාසික සිද්ධස්ථානයක් වශයෙන් 1950 හා 60 දශකයේ මහත් ප්‍රසිද්ධියටපත්වූ බවට සාධක ඇති උග්ගල් අලුත්නුවර, පසු කාලයේ තරමක් අමතකව ගියා වැන්න. එකල ඉන්දීය මහාරාජාවරුන් පවා මෙහි පෙරහර උත්සවයට සහභාගීවීම පිණස පැමිණියහ. 1970 දශකයේ සිට දේවාලයට අයත් ඉඩම්වල බහුලව (දැනටත්) පහළවන්නට වූ මැණික් සම්පත් කෙරේ වැඩි අවධානයක් යොමු වීම මේ ස්වභාවයට මූලික හේතුව වූ බව පෙනේ. එහෙත් අදවනවිට තත්වය වේගයෙන් වෙනස් වෙමින් දේවාලය රජමහා විහාරය හා එහි වත් සිරිත් කෙරේ නැවතත් තදින් අවධානය යොමුවෙමින් පවතින බව පෙනී යයි. වර්තමානයේ උග්ගල් අලුත්නුවර ඓතිහාසික ගම්මානයට ළඟා වීම පහසු එකකි. දේවාලය දක්වාම වාහනයකින් ළඟා විය හැකිය. බළන්ගොඩ සිට ගමන් ආරම්භ කෙරෙන දේවාලය කරා එන බස් ද ඇත. කොළඹ සිට බදුල්ල බලා දිවෙන ප්‍රධාන පාරේ පැමිණ රත්නපුර පැල්මඩුල්ල හා බළන්ගොඩ නගර පසු කර යන විට කිලෝමීටර් 151 කණුව අසළ දී හමුවන මංසන්ධියකි. එයින් දකුණට දිවෙන අතුරු මාවතකි. එමගින් මීටර 430 ක් පැමිණි විට දකුණු දෙසට හැරෙන දේවාල මාව‍තේ දුර මීටර 120 ක් පමණි. එසේ පැමිණි විට උග්ගල් අලුත්නුවර ගම්මානයේ එතිහාසික ස්මාරක, එනම් ඓතිහාසික දේවාලය හා රජ මහා විහාර ගොඩනැගිලි සමග දුටුවන් ආකර්ශනය කරගන්නා නිර්මිත පරිශ්‍රය හමුවේ. වාර්ෂිකව පවත්වන ඇසල මහා පෙරහර ගමන්ගන්නා මග වටා දිග කිලොමීටර් 1/2 කටත් වඩා වැඩිය.(මීටර් 560 කි.) දැනට මෙය අලුත්නුවර ග්‍රාම නිළධාරි කොට්ඨාසයට සීමාවී ඇති නමුදු මෙම ලේඛනයේදී සලකන සීමාව ඊට වඩා පුළුල් එකකි. උග්ගල් අලුත්නුවර ලෙස සදහන් ඓතිහාසික ප්‍රදේශය ග්‍රාමනිලධාරී වසම් කිපයකින් සැදුම්ලත් විශාල එකක් විය. දේවාල පරිශ්‍රයේ පිහිටීම නිරපේක්ෂව දක්වතොත් උත්තර අක්ෂාංශ6.684210431505406 රේඛාව සහ නැගෙනහිර දේශාංශ 80.7469366537781 රේඛාව හමුවන ප්‍රදේශය වෙයි. කලින් කී පරිදි 1970 දශකයෙන් පසු උග්ගල් අලුත්නුවර වඩා අවධානය යොමුව ප්‍රසිද්ධව ගියේ වටිනා මැණික් ලැබෙන පෙදෙසක් වශයෙනි. හදිසියේ පහළවන්නට වූ මුදල් නිසා දේවාල පරිශ්‍රය හා ගොඩනැගිලි නවීකරණය ද ඉක්මන්වූ ප්‍රදේශයේ සංස්කෘතික දායාදයන්හි පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ අවධානය අඩු වුනා වැනිය. අප්‍රමාණ භක්තිය නිසා පුරාවස්තු පිළිබඳ අනවබෝධ‍යෙන් ප්‍රතිසංස්කරණ සිදුවි ඇති බව පෙනේ. ඒ නිසා දේවාලය රජමහා විහාරය ආශ්‍රිත ගොඩනැගිලි ද පරිශ්‍රයද පුරාවස්තු සංරක්ෂණයට වඩා ප්‍රතිසංස්කරණය වෙමින් නවීකරණයට හසුවී ඇති බව පෙනේ. එහෙයින් නුවර යුගයේ (මධ්‍යකාලීන ලංකාවේ) කලාශිල්ප පිළිබඳ හැදෑරීමට ප්‍රයෝජනවත් භෞතික නිර්මාණ රාශියෙන් දැනට නොඉඳුල්ව ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. දේවාල සංකීර්ණය හා ඊට අයත් පරිශ්‍රය 1998 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කළයුතු පුරාවස්තුවක් බවට ප්‍රකාශවිය. ඒ නිසා අනවබෝධයෙන් සිදුවෙමින් පැවති හානිය දැන් අවම වී ඇත. භෙෳතික නිර්මාණ පිළිබඳ තත්ත්වය එසේ වුවද පුරාණ පරම්පරාවන්ගෙන් පැවත එන පවුල් විසින් රැකගෙන එන සිරිත් සම්ප්‍රදායයන් තවමත් නිරුපද්‍රිතය. ආවේනික පුරාණ නැටුම්, ගායනා සහ වාදන ආදී පුරාණ ශිල්පීය සම්ප්‍රදායයන් අජීවී වස්තූන් මෙන් ස්ථාවර නොවේ. සමාජ ගතිකත්වය හමුවේ වේගවත්ව වෙනස්වෙමින් යාම නවතා ලීම අපහසුය. එසේ වුවද මේ ඓතිහාසික දේවාලයේ විශේෂත්වය වන්නේ අදවනවිටත් ඉතිරිවී ඇති පුරාණ පරම්පරාවන්හි ඇත්තන්ගේ පවතින '''අකලංක බැඳීම''' හෙවත් '''දේවාලයේ රාජකාරි''' වල බලය නිසා රැකී ඇති පාරමිපරික ඥාණසම්භාරයේ අපූර්වත්වය ගවේශනය කරන්නකුට හමුවන මහගු නිධානයක් වැනිය. දැනට මේ පුරාවස්තු සංකීර්ණය, ගම්මානය හා එහි සම්ප්‍රදායන් ගැන අප රටේ උසස්පෙළ දරුවන් කරන හැදෑරීම් විශ්වවිද්‍යල ප්‍රාථමික උපාධිය සදහා සිසුන් සකස් කිරීමට වෑයම් කරන නිබන්ධන මගින් වන අනාවරණයන්ට පමණක් බොහෝ විට සීමා වී පවතී. ඒ නිසා ශ්‍රීලංකාව තුළ වැඩිවශයෙන් ප්‍රචලිත නොවූ වා විය හැකිය. එහෙත් මහාචාර්ය ජුලිප්(එංගල්න්තය) වැනි විදේශ වියතුන්ගේ යොමුවීම අඩුවක් වී නොමැත. '''කෙසේ වුවද ජාතියේ සාඩම්බර සංකේතයක් වූ මෙහි පිහිටි රජමහා විහාරය හා පුරාණ කුඩා කරතගම් දේවාලයත් හා එහි අතීත සම්ප්‍රදායනුත් ඉදිරියටත් පවත්වා ගැනීමට ගමේ වර්තමාන තරුණ කොටස් උත්සුක වීම දක්නට හැකි ධනාත්මක ලක්ෂණයකි.''' උසස් පෙළ හා සාපෙළ ඉගෙනුම ලබන ගම හා ආසන්න ගම්වල ද බළන්ගොඩ නගරයේ පාසල් වල දරුවන් ගෙන් බොහෝ දෙනෙක් ද සිය අධ්‍යයන වර්ගයේ ව්‍යාපෘති සඳහා මෙම කතරතම් දේවාලය, රජමහා විහාරය හා එහි පුරාණ සම්ප්‍රදායනුත් හැදෑරීමට යොමුවීම දක්නට ලැබීමෙන් එය පැහැදිලි වෙයි.
 
ශලුත්සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මසේ පුර සද‍ කාලේ
ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැදමාලේ
දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍ර පුරය බදු ඒ කාලේ
දිලුත් ඒ දික්පති සූරිය නෙරපති කෙරව්ව මැදගම දේවාලේ
 
යනු 2007 දී අභාවප්‍රාප්ත වූ දේවාලයේ ප්‍රධාන කපුමහතකුව සිටි මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරරත්න බණඩාර මහතා ද නිතර කියූ කවියකි.ගම්පල රාජධානි සමයේ ශකවර්ශ 1304(ක්‍රි.ව.1382)''' "සූරිය නෙරපති"''' විසින් කළ මැදගම දේවාලයක් ගැන මෙසේ ප්‍රදේශයේ පවතින මේ ජනකවි හා ජන කතා මගින් හෙලිවේ. එය දේවාලයේ පැවති එහි තොරතුරු අඩංගු කළ '''ලේකම් මිටියේ තිබූ පුස්කොල ලේඛනයක''' ද දැක්වේ.(රචනා හෛලිය හා භාෂාවිලාශය අනුව එය මහනුවර යුගයට අයත් ලියවිලිලක් බව සිතිය හැකිය.) එම ලේඛන‍ෙය් තොරතුරුම '''කන්දකුමාර සිරිත''' නම්වූ මහනුවර සමයේම ලියාවී ඇති කාව්‍ය සංග්‍රහයකින්ද ප්‍රදේශයේ ඇති ජනකතා සහ දේවාලයේ යාතිකා සහ ආවතේව ආදියේදී ගැයෙන කවි වලින්ද තහවුරුවේ. ඒවා අනුව උක්ත කවියේ සඳහන් මැදගම දේවාලයට වූ භාරය ඔප්පු කිරීම පිණීස දැනට විද්‍යාමාන දේවාලය කරවා ඇති බව පෙනී යයි.
 
එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක් පැරදුනේ
සියල් සිව්රඟ සෙනග ගනිමින් තුන්වෙනුව වඩිනා දිනේ
එකල් මැදගම යන ගමේදී සක් නදක් අසමින් වනේ
විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක්දැයි වදහල තැනේ
 
යන කවිය ද නිතර ගැයෙන එකකි. සමහර රාජකාරි කරුවකු එය තෙවරක් පැරදී සිව්වෙනුව යුද්දයට ගිය අවස්ථාවක් සේ ද ගයති. වර්තමාන දේවාලය ඇත්තේ කවිවල කියවෙන මැදගම දේවාලයේ අත්තිවාරම් සේ නිගමනය කළ හැකි පාෂාණ අතුරා ගිල්වා ඇති ස්ථානයට මීටර 75 කට පමණ උතුරු දෙසිනි. ඉහත මූලාශ්‍රවලින් පැවසෙන ආකාරයට නව දේවාලය කරවා ඇත්තේ '''"යාපා මහරජු"''' විසිනි. පුරාණ ලේඛනයේ ඒ ක්‍රි.ව. 1582 සේ දැක්වෙයි. මේ ආකාරයට සඳහන් වන '''සූරිය''' හා '''යාපා''' යන රජවරුන්, අප අතර ප්‍රකාශිත සිංහල රාජවලියට අයත් අය නොවෙති. ජාතික ඉතිහාසය අනාවරණයවන මහාවංශය රාජවලිය මූලාශ්‍රග්‍රන්ථවල ද පැහැදිලිව සෙවිය නොහැකි අය වෙති. ඒ පිළිබඳ වෙනම විමර්ශනය කිරීම පසුවට තබන්ට අවසරය ලේඛකයා ඉල්ලා සිටී. 1582 සිට ම පෙරහහර මංගල්‍යය ඇතුළු කාර්තික මංගල්‍ය 4 ක් වාර්ෂිකව පවත්වා ඇති තර ඒවා කඩවන්නට ඇත්තේ 1818 සිංහලේ විමුක්ති සටන් පැවති වසර හා 1915 ඇතිවූ අරගල මැඩීමට යුද්ධ නීතිය පනවා පෙරහර තහනම් කළ වසර වල පමණක් බව පෙනීයයි. 1989 හා 1990 වර්ෂ මේ ප්‍රදේශ භීතියෙන් ඇලලී ගිය ද පෙරහර ඇතුළු කාර්තික මංගළ්‍යයන් නියමිත අවදියේ ඇඳිරි නීතිය පැවතියද, එය නොමැති අවස්ථාවන් සොයාගනිමින් ඉටු කිරීමට වගකිවයුත්තන් සේම රාජකාරි ඇත්තෝ ද වග බලාගත්හ. එහෙයින් මෙම පෙරහර අඛණ්ඩව පැවැත්වීම මහත් වගකීමක් ඉටු කිරීමක් සේ සලකන බව පෙනී යයි.
1870 ඉංග්‍රීසි ආණඩුව විසින් විහාර දේවාලගම් පිළිබඳ පත්කළ කොමසාරිස් මණ්ඩල මගින් 1870 විහාර දේවාලගම් පණත අංක 4 යටතේ දේවාලයේ එක් එක් රාජකාරි සම්ප්‍රදාය, ඒවා ඉටුකළයුතු එක් එක් පුද්ගල නම සහිතව පරම්පරාව, ඒ සඳහා වෙන් කළ රාජකාරි පංගු ප්‍රමාණය(ගොඩමඩ ඉඩම්පංගු ප්‍රමාණ) ලේඛන ගත කර ඇති බැවින් ඒ අවදියේ මේ සම්ප්‍රදායයන් ඉටුකළ ආකාරය පිළිබඳ කදිම චිත්‍රයක් මවාගත හැකිය. එක් එක් රාජකාරි පරම්පරාව තම සම්ප්‍රදායික වත්පිළිවෙත් අඛණඩව පවත්වා ගෙන පැමිණිම නිසා අපගේ පාරම්පරික ඥාණ සම්භාර‍ෙය් අසිරිය හා අගය පිළිබඳ තොරතුරු රාශියක් ලැබිය හැකිය. (ආනන්දකුමාරස්වාමි විද්වතා විසින් සිය මධ්‍යකාලීන සිංහල කලාහි අඩංගු කර අනාවරණය කරන යකඩ වානේ කර්මාන්තය පිළිබඳ විස්තර මෙහිලා දැක්විය හැකි වැදගත්ම උදාහරණයකි. ඔහුට මෙහි සිටි පාරම්පරිකශාස්ත්‍රවන්තයන් විසින් අමු යකඩ වලින් ලෝකයේ ඉස්තරන්ම වානේ නිස්සාරණය කරනු දක්නට හැකිව ඇත. එසේ නිෂ්පාදිත වානේ නිදර්ශක එංගලන්තයේ රාජකීය පර්යේෂණායතනයේ(Royal institute) දී කරන ලද සසඳා බැලීම්වලින් ෂෙපීල්ඩ් වානේ අභිබවායන කාබන් අනුපාතයන් පිළිබඳ විස්තර ඉදිරිපත් කර ඇත්තේ විශ්මයට පත් වෙමිනි. ඉතා මෑත දී එනම් 1990 දශකයේ එංගලන්ත පුරාවිද්‍යාඥවරියක වූ ජුලිප්ට මෙහි පැවති පාරම්පරික තාක්ෂණය අනුව යකඩ උනුකිරීම සඳහා දැනුම දුන්නේද ‍මෙහි සිටින ශිල්පීන්ම විසිනි. ජුලී මහත්මිය සිය පර්යේෂණ වාර්තාවල සටහන් කළා දැයි හරි හැටි ලේඛකයාට සෙවීමට අවස්ථාව තවම නොලැබුණත්, යපස්මගින් පාරමිපරික ක්‍රම අනුව යකඩ උනු කිරීම සඳහා''' සුදුසු දැව අනුපාතයන් අනුව අවශ්‍ය අඟුරු''' සකස් කර දුන්නේ තමන් විසින් බව දැනටත් '''උග්ගල් අලුත්නුවර හටන්පල''' ප්‍රදේශයේ ජීවත්ව සිටින එලියෙස් මහතා පවසයි. එම ප්‍රදේශයේ පවතින කම්හල්වල තොරතුරු ගවේශන සඳහා එන විදේශ විද්වතුන් අදත් බහුලය.)යකඩ වානේ පමණක් නොව විවිධ ක්ෂෙත්‍රයන්හි මේ ප්‍රදේශයේ භාවිතයේ පැවති පාරම්පරික දැනුම මිල කළ නොහැකි එකක් බව පෙනේ. ඉන්දීය ආයූර්වේදය හෝ බටහිර වෙදකමට හසුනොවූ නිධාන වේද ක්‍රම හා ඔෘෂධ වර්ග ද ඇතුලත් හෙළ වෙදහෙදකමේ මහිමයට නිදසුන් තවමත් පවතී.
 
== '''උග්ගල් අලුත්නුවර ඉතිහාසය අනාවරණය කරගැනීමට උපකාර වන ප්‍රාථමික මූලාශ්‍ර''' ==

සංස්කරණ

1,194

ක්

"https://si.wikibooks.org/wiki/විශේෂ:MobileDiff/7872" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි