"ගණ දෙවි හෑල්ල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
10 පේළිය:
 
==ගණපති යාදින්න==
 
1.ආයුබෝ වන සෙතා
 
1.*<poem>ආයුබෝ වන සෙතා
ඉසුරු වරමින් යුතා
උමාගන දළ නෙතා
ඉසුරු එබිසෝ වෙතා
2.</poem>*<poem>ගැබැ කුමර හටගතා
දිනෙන් දින මෝරතා
දොළ උපත හටගතා
රස මියුරු ගෙන දෙතා
3.</poem>*<poem>එදොළ සංසිඳුවතා
එසත් මස පිරිගතා
දෙතන පුඩු කළු වෙතා
කිරිබරින් සිටගතා
4.</poem>*<poem>නවසඳෙව් රුවිනිතා
දසඑකඩ මස වෙතා
විලිරදය පහරිතා
ගුරුදිනේ බිහිවෙතා
5.</poem>*<poem>රේවතිය මෙ නකතා
කඳකුමරු නම ලතා
ඔවුන් පුත් ගණපතා
ඔහුට තෙද බල ඇතා
6.</poem>*<poem>තෙද නුවණ විකුමැතා
රකුසනට බලවතා
නරයනට සිරි දෙතා
සුරිඳුනට අගපතා
7.</poem>*<poem>එ සිවුසැට සිල්පයට
වැඩි සිල්ප දසට රට
නිපුණ කරවන ලෙසට
මෙ වැනි ගණදෙවිඳු හට
8.</poem>*<poem>වැඩ ඉන්න නිසි ලෙසට
මාලිගාවක් සොඳට
කරවන්න නියම කොට
ගණිත ඇදුරකු ළඟට
9.</poem>*<poem>යවා පණිවිඩ එවිට
ගෙන්නවා එ නුවරට
බිමක් බලවා සොඳට
එ බිම සමකැරැ සතුට
10.</poem>*<poem>ඇදුරුවරු එතැන සිට
කපා කප් සොඳ රඟට
ආවඩා දෙපස සිට
මගුල් කපගෙන අතට
11.</poem>*<poem>වඩ වඩා සෙනෙහසින්
මගුල් කප සිටුවමින්
දමා යට තලාදින්
වනා පරහල උමන්
12.</poem>*<poem>වෙළා නන බැඳ තදින්
එරන් උළු සොයොව මින්
පදනම ද ගලතෙලෙන්1
මුදුන කොත් සිටුවමින්
13.</poem>*<poem>බිත්ති මැටි පද ලමින්
සුණුපදම් ලා ඔපින්
මකර රුව හංසයන්
ගවර දිවි සිංහයන්
14.</poem>*<poem>මොනරු හා ගිරවනුත්
කොබෙය්යන් කුකුළනුත්
පරෙවි සොඳ කොවුලනුත්
ඇඳ බිත්තිවල මෙ සිත්
15.</poem>*<poem>සිත්තරකු ගෙන්වනා
ආසනේ තනමිනා
උඩුවියන් බඳිමිනා
වටතිර ද අදිමිනා
16.</poem>*<poem>සේර අඩි තනමිනා
වලුමල් ද බඳිමිනා
නොයෙක් රුවනින් මනා
සඳුන් මණ්ඩප තනා
17.</poem>*<poem>දෙවි රුවක් තනමිනා
සොඬ තලු ද මුක තනා
ඉස ඔටුනු දරමිනා
ගජතකුගෙ හිස මෙනා
18.</poem>*<poem>දෙ දළ කන්තල තනා
නළල අඩසඳ මෙනා
දෙබැම දේදුනු මෙනා
රුවින් සඳසේ මනා
19.</poem>*<poem>නුවන් නිලුපුල් මෙනා
දෙතොල දළ පබලිනා
ගහණ රන් අකුසෙනා
මුකය රත් පියුමෙනා
20.</poem>*<poem>සවන් දෙක දිළිසෙනා
දෙවුර රන් තොරණිනා
දෑත් දිළි ගනරනා
ඇඟිලි රන් පළු මෙනා
21.</poem>*<poem>පිට ද රන් පලසිනා
ළමැද පිට බබළනා
දෙ තන රන් කුඹු මෙනා
උදර කළසක් මෙනා
22.</poem>*<poem>සිහිනිඟද බබළනා
ඉඟට සළු බරණිනා
වටොර රඹකඳ මෙනා
දෙදන රන් බුබුලෙනා
23.</poem>*<poem>කෙංඩ දුනු කැකුලෙනා
පතුල් පියුමක් මෙනා
ළමැද රන් පාටිනා
විසි නිය ද බබලනා
24.</poem>*<poem>සුරිඳු රජ විලසිනා
දෙවිරුව ද බබළනා
ආසනේ ඉඳුවනා
බලා සුබ මොහොතිනා
25.</poem>*<poem>පහන් දුම් මල් ගෙනා
සුවඳ සඳුනෙන් තනා
ඇමතිවරු සිටගෙනා
පල්ලි නම් තබමිනා
26.</poem>*<poem>අග්ගලා කොමලිනා
තලකැරලි විලඳිනා
මල් කැවුම් රොටියෙනා
වෙල්ලවැසුමුත් තනා
27.</poem>*<poem>පුලුප් බෝජන තනා
ලාලුයක් පැටියෙනා
කිරි උංඩ පූ තනා
අත්සුණු ද ඉසිමිනා
28.</poem>*<poem>මොර හිඹුටු දම් පනා
අඹ දඹ ද ඇටඹිනා
පලු වීර ඩෙබරිනා
කදලි විලිකුම් මනා
29.</poem>*<poem>උක් සකුරු රස තනා
වැලද වරකා ගෙනා
දීකිරි ද වෙඬුරෙනා
මෙසේ බෝජන තනා
30.</poem>*<poem>මෙවැනි ගණදෙවිඳු හට
රන් කෙංඩියක් අතට
රන්තලිය තබා සිට
මුව සුද්ද කැර එවිට
31.</poem>*<poem>වළඳවා සතුටු කොට
කපුරු බුලතුත් සොඳට
සිත් සමා කැර එවිට
උදහසක් නොවී මට
32.</poem>*<poem>අදහසක් ඇතුව සිට
අවසරය දෙන් මෙ මට
පින් සිද්ද වෙයි ඔබට
දෙවන් සිල්පය මෙ මට
33.</poem>*<poem>ගෙන්වා ගුරු ඇදුරු
පය සෝදවා එගුරු
වතක් අඳවා සොඳුරු
උසෙක ඉඳවා මහරු
34.</poem>*<poem>තනා පස් රස මියුරු
කුසුම් සැම ඇඟ තැවරු
දෙවා බුලතුත් කපුරු
නමා හිස දෙපය ගුරු
35.</poem>*<poem>ගුරුන් දෙස බලමිනේ
වැඳ වැටී එම දෙනේ
අවසරය ඇරගෙනේ
දැකුම් දී දකිමිනේ
36.</poem>*<poem>සෝඩිය ද ගෙනතිනේ
කියා සිත් ලෙස දැනේ
පිල්ලම් ද කියමිනේ
වැල්ලේ ද ලියමිනේ
37.</poem>*<poem>නම් ගමුත් කියමිනේ
සැහැලි පොත් කියමිනේ
වදන්කවි කියමිනේ
බුද්දගජ්ජය දැනේ
38.</poem>*<poem>එ පස් වා මෙ පස්වා!
දහස් කල් රකීවා!
දිනේ මතු දිනේවා!
දිනේවා දිනේවා! </poem>
 
 
ගණපති යාදින්න නිමි.
 
"https://si.wikibooks.org/wiki/ගණ_දෙවි_හෑල්ල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි