Content deleted Content added
 
72 පේළිය:
 
මේ ලෝකෙ අපි අහන්නට කැමති දේවල් ම හැමෝම කියන්නෙ නෑ නෙ? බලන්න, අපි අහන්නට අකැමැති, කොච්චර රළු - කඨෝර වචන මිනිස්සු කියනව ද? අහගෙන ඉන්න කොට හරියට කනට උලකින් අනින්නා ව‍ගේ. ඒ දේවල් ඇහෙනව කියලා, අපට පුළුවන් ද අපේ කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න? එහෙම නැතිනම් මිනිස්සුන්ගෙ කටවල් වහන්න යන්න පුළුවන් ද? පුළුවන් කමක් ඇත්තෙ නැහැ. මේ ලෝකෙ තුළ අසත්පුරුෂයන් සිටින තාක් කල් ඒ ගොල්ලො නරක වචන, අසභ්‍ය වචන කථා කරාවි. හිත කම්පාවට පත් වෙන වචන, හිත් රළු වෙන වචන කථා කරාවි. ඒව නවත්වන්න බැහැ. අපිට කරන්න පුළුවන් එක ම එක දෙයයි. ඒ තමයි, එබඳු වචනයක් ඇහෙන වෙලාවට අපේ හිත වෙනසකට පත් නොකරගෙන සිටීම. '''"න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි.''' - 'අනිත් මිනිස්සු මට මොන විදියෙ නපුරු වචන කියල බැන්නත්, අනිත් මිනිස්සු මා පිළිබඳ මොන විදියට පිළිපැද්දත් මගේ හිත විපරීත වෙන්නෙ නැහැ. මම ඒ අයට විරුද්ධ ව පාපී වචනයක් මගේ මුවින් ප්‍රකාශ කරන්නෙ නැහැ.' '''"හිතානුකම්පී ච විහරිස්සාමි, මෙත්තචිත්තෝ න දෝසන්තරෝ"''' - 'මම ඒ අය ගැන හිතානුකම්පා ඇතිව වාසය කරනව, මෛත්‍රී සිත් ඇතිව වාසය කරනව, මම ද්වේෂයක් ඇති කර ගන්නෙ නෑ.' මෙන්න තව කෙනෙක් රළු වචනයක් කියල බනින වෙලාවට, තව කෙනෙක් අපිට විරුද්ධ ව ක්‍රියාත්මක වෙන වෙලාවට අපි වැඩ කරන්න ‍ඕනෙ කොහොමද කියල බුදු හාමුදුරුවො කියා දීපු හැටි.
 
අන්න එ් විධියට වැඩ කරන්න අපි පුරුදු ෙවනව නම් අෙප් ජීවිතයට එළෙඹන ෙබාෙහා් ප්‍රශ්න වලට සාර්ථක ව විසඳුම් ෙසායා ගන්නට අපිට ශක්තිය ලැෙබනවා.
"https://si.wikibooks.org/wiki/පරිශීලක:කුසලඤාණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි