Content deleted Content added
70 පේළිය:
 
අපි අපේ සැප වින්දනය උදෙසා නොයෙක් නොයෙක් දේවල් අසන්නට පුරුදු වෙලා තියෙනවා. අප ප්‍රිය කරන්නා වූ ගීතයක් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය වන වෙලාවට, අපි සියලුම වැඩ නවත්තලා සාවධානව ඒ ගීතය අසාගෙන සිටිනවා. අප ප්‍රිය කරන පුද්ගලයකුගේ හඬක් ඇසුණම, එබන්දකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණම, අප කරන්නා වූ කටයුත්තත් පසෙක ලා ඒ පුද්ගලයා සමඟ සංවාදයේ නිරත වෙනවා. මේ කුමක් නිසා ද? මිහිරි හඬවල් අසන්නට අපි බොහොම කැමැති යි. නමුත්, අපි ඒ විධියට අහන ඒ මිහිටි හඬවල් තුළින් කවර නම් ශ්‍රවණයක් ද අපට පසුව සැනසීම පිණිස හේතු වුණේ? බොහෝ වේලාවට අපි යම් හඬකට ලෝභයෙන්, ඇල්මෙන් සිටියා නම් ආපස්සට හැරිල බලන හැම වෙලාවක ම ඒ ලෝභය - ඇල්ම නිසා, එහෙමත් නැත්නම් ඒ ප්‍රියජනක වූ අරමුණ අපට නොලැබී යාම නිසා, දුක් වේදනාවක් විතරයි අපට උරුම වන්නෙ. මෙන්න මේ නිසා, යමක් අහන කොට අපට හැකියාව තියෙන්න ඕනෙ, අසන දේ පිළිබඳ ඇල්මෙන් තොර ව ඒක අහන්නට. ඒ වගේ ම තමයි, කොච්චර අමිහිරි, අපි කොච්චර අහන්නට අකමැති වචනයක් අපට අහන්නට සිදු වුණත්, එතනදි ද්වේෂයක් - ගැටීමක් නැති ව ඒ හඬ අහන්නට අපට ශක්තිය තිබෙන්නට ඕනෙ.
 
මේ ලෝකෙ අපි අහන්නට කැමති දේවල් ම හැමෝම කියන්නෙ නෑ නෙ? බලන්න, අපි අහන්නට අකැමැති, කොච්චර රළු - කඨෝර වචන මිනිස්සු කියනව ද? අහගෙන ඉන්න කොට හරියට කනට උලකින් අනින්නා ව‍ගේ. ඒ දේවල් ඇහෙනව කියලා, අපට පුළුවන් ද අපේ කන් දෙකේ ඇඟිලි ගහගෙන ඉන්න? එහෙම නැතිනම් මිනිස්සුන්ගෙ කටවල් වහන්න යන්න පුළුවන් ද? පුළුවන් කමක් ඇත්තෙ නැහැ. මේ ලෝකෙ තුළ අසත්පුරුෂයන් සිටින තාක් කල් ඒ ගොල්ලො නරක වචන, අසභ්‍ය වචන කථා කරාවි. හිත කම්පාවට පත් වෙන වචන, හිත් රළු වෙන වචන කථා කරාවි. ඒව නවත්වන්න බැහැ. අපිට කරන්න පුළුවන් එක ම එක දෙයයි. ඒ තමයි, එබඳු වචනයක් ඇහෙන වෙලාවට අපේ හිත වෙනසකට පත් නොකරගෙන සිටීම. '''"න චේව මේ චිත්තං විපරිණතං භවිස්සති, න ච පාපිකං වාචං නිච්ඡාරෙස්සාමි.''' අනිත්
"https://si.wikibooks.org/wiki/පරිශීලක:කුසලඤාණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි