කුසලඤාණ
Joined 4 ජූනි 2010
Content deleted Content added
No edit summary |
|||
1 පේළිය:
කුසල්නැණ සදහම් ග්‍රන්ථමාලා - 2
Line 63 ⟶ 62:
අපේ ජීවිත වලට සැප සහ දුක කියන දෙක විටින් විට, විටින් විට පෙරළි පෙරළී එනවා. සැප සම්පත්තියෙන් පිරිලා සැනසිල්ලෙන් ජීවත් වෙන කාලෙදි අපි කල්පනා කරනවා, අනේ මං තරම් වාසනාවන්තයෙක් මේ ලෝකෙ තවත් ඇත්තෙ නැහැ කියලා. දුක් කරදර, වේදනාවන්, පසුතැවිලි අපේ පසු පස්සෙන් හඹාගෙන එනකොට, ජීවිතයේ මීට වඩා දුකක් විඳින කෙනෙක් තවත් ඇත්තෙ නැහැ; මම තරම් කාලකණ්ණි අවාසනාවන්තයෙක් තවත් ඇත්තෙ නැහැ නේද කියලා අපිට කල්පනා වෙනවා. මේ කල්පනාවන් දෙක ම පුහුදුන්කම නිසා, ධර්මය හරිහැටි නොදන්නාකම නිසා අපිට ඇතිවෙන හැඟීම්. අපි හරිහැටි ධර්මයක් දැනගෙන හිටිය නම්, සැප සම්පත්ති වලින් වෙළිල ඉන්න කාලෙදි වත්, දුක් පීඩාවන්ගෙ ගැළිල ඉන්න කාලෙදි වත් හිතන්නෙ නැහැ, මේ ලෝකෙ ඉන්න ඉහළම පුද්ගලයා මම යි, එහෙමත් නැත්නම් පහළ ම පුද්ගලයා මම යි කියලා. ධර්මය දැන ගන්න - දැන ගන්න ජීවිතය පිළිබඳ ව අපට තියන දැක්ම, අවබෝධය පුළුල් වෙනවා. ඒ අවබෝධය පුළුල් වෙනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා, මේ ලෝකෙ ජීවත් වෙන මා හා සමාන වූ හැම දෙනාට ම විඳින්නට සිද්ධ වෙන, අත් හරින්නට බැරි යම් යම් අද්දැකීම් තියනවා. ඒ අද්දැකීම් අතර සැපදායක අද්දැකීමුත් තිබෙනවා, ඒ වගේ ම තමයි, දුක්ඛදායක අද්දැකීමුත් තිබෙනවා කියන කාරණාව.
|