Content deleted Content added
63 පේළිය:
‍ අපේ ජීවිත වලට සැප සහ දුක කියන දෙක විටින් විට, විටින් විට පෙරළි පෙරළී එනවා. සැප සම්පත්තියෙන් පිරිලා සැනසිල්ලෙන් ජීවත් වෙන කාලෙදි අපි කල්පනා කරනවා, අනේ මං තරම් වාසනාවන්තයෙක් මේ ලෝකෙ තවත් ඇත්තෙ නැහැ කියලා. දුක් කරදර, වේදනාවන්, පසුතැවිලි අපේ පසු පස්සෙන් හඹාගෙන එනකොට, ජීවිතයේ මීට වඩා දුකක් විඳින කෙනෙක් තවත් ඇත්තෙ නැහැ; මම තරම් කාලකණ්ණි අවාසනාවන්තයෙක් තවත් ඇත්තෙ නැහැ නේද කියලා අපිට කල්පනා වෙනවා. මේ කල්පනාවන් දෙක ම පුහුදුන්කම නිසා, ධර්මය හරිහැටි නොදන්නාකම නිසා අපිට ඇතිවෙන හැඟීම්. අපි හරිහැටි ධර්මයක් දැනගෙන හිටිය නම්, සැප සම්පත්ති වලින් වෙළිල ඉන්න කාලෙදි වත්, දුක් පීඩාවන්ගෙ ගැළිල ඉන්න කාලෙදි වත් හිතන්නෙ නැහැ, මේ ලෝකෙ ඉන්න ඉහළම පුද්ගලයා මම යි, එහෙමත් නැත්නම් පහළ ම පුද්ගලයා මම යි කියලා. ධර්මය දැන ගන්න - දැන ගන්න ජීවිතය පිළිබඳ ව අපට තියන දැක්ම, අවබෝධය පුළුල් වෙනවා. ඒ අවබෝධය පුළුල් වෙනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා, මේ ලෝකෙ ජීවත් වෙන මා හා සමාන වූ හැම දෙනාට ම විඳින්නට සිද්ධ වෙන, අත් හරින්නට බැරි යම් යම් අද්දැකීම් තියනවා. ඒ අද්දැකීම් අතර සැපදායක අද්දැකීමුත් තිබෙනවා, ඒ වගේ ම තමයි, දුක්ඛදායක අද්දැකීමුත් තිබෙනවා කියන කාරණාව.
 
මේ ලෝකෙ දුක් විඳින සෙසු මිනිසුන් හා සත්වයන් දිහා බලන කොට, යම් කාලෙක අපට මහා තදබල දුකක් විඳින්න සිදු වෙලා තිබුණා වුණත්, අපි විඳපු ඒ දුක් වේදනා කොච්චර පුංචි ද කියලා අපට වැටහෙන්න පටන් ගන්නවා. අපි වගේ නොවෙයි, අපට වඩා ඉතා ම දැඩි වූ, ඉතා ම වෙහෙසකර වූ දුක් වේදනාවන් විඳපු මිනිස්සු අපි අතරෙ ඕනෑතරම් සිටිනවා. අන්න, ජීවිතේට ප්‍රශ්නයක් ඇති වෙලා, දුකක් වේදනාවක් ඇති වෙලා ඔබ වැටෙන්න යන වෙලාවට, කම්පාවෙන් පීඩිත වෙලා ඉන්න වෙලාවට, සංසන්දනය කරලා බලන්න මේ ලෝකෙ ජීවත් වෙන අනිත් මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක තමන්ගෙ ජීවිතය. එතකොට අපිට තේරෙනවා, අපි විඳින වේදනාව එච්චර ලොකු එකක් නොවෙයි කියන කාරණය. අන්න ‍ඒ අවස්ථාවෙදි, මේ ලෝකය තුළ දුකක් කියල දෙයක් තියනවා, හැබැයි ඒ දුක සදාකාලික වූවක් නොවෙයි, මමත් දුක් වේදනාවන් විඳිනවා, විඳලා තියනවා, හැබැයි ඒ හැම දුකක් ම තාවකාලික යි, හැම දුකකින් ම එතෙර වීමක් තියනවා කියන මෙන්න මේ අවබෝධයට ඔබ පත් වෙනවා.
මේ ලෝකෙ දුක්
 
 
"කරුමෙ" තමයි සියල්ලට ම මුල...
 
අපේ ජීවිතවල නිමක් නැති කරදර, ප්‍රශ්න අප වෙතට ගලාගෙන එනකොට, අපි කියන්න පුරුදු වෙලා සිටිනවා, "අනේ, මං කරපු කරුමෙක මහත" කියලා. හැබැයි, ජීවිතේ සැපෙන් සතුටින් තියන වෙලාවක නම් අපි කවදාවත් කියන්නෙ නැහැ, 'අනේ මං කරපු කරුමෙක මහත' කියලා. හැබැයි ඒ සැපය කියන එක ලැබෙන්නෙත් කරුමෙ නිසා ම තමයි. අපි කරුමෙට වරද පටවන්නෙ අපට දුක වේදනාව ලැබෙන වෙලාවට යි. අපිට සැපය සතුට ලැබෙන වෙලාවට අපි හිතන්නෙ නැහැ, 'මම සසරෙදි කරපු ඉතාම ශක්තිසම්පන්න උසස් කුසලයක් නිසා තමයි ‍මට මේ සැප සම්පත්ති ලැබුණෙ' කියලා. මෙන්න මේක නිසා සැප දුක කියන දෙක හමුවෙදි මඩේ හිටවපු ඉන්නක් වගේ වෙන්නෙ නැතුව, නගරයක් මැද සිටවපු ඉතාම ශක්තිමත් ඉන්ද්‍රඛීලයක් වගේ නොසැළී සිටින්නට ශක්තිය ලබා ගන්නට අපට උපකාර වන්නෙ උතුම් සද්ධර්මය යි. මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කිරීම තරම් උසස් ශ්‍රවණයක්, ශ්‍රේෂ්ඨ වූ ශ්‍රවණයක් මේ ලෝකෙ තවත් ඇත්තෙ නෑ.
 
අපි අපේ සැප වින්දනය උදෙසා නොයෙක් නොයෙක් දේවල් අසන්නට පුරුදු වෙලා තියෙනවා. අප ප්‍රිය කරන්නා වූ ගීතයක් ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය වන වෙලාවට, අපි සියලුම වැඩ නවත්තලා සාවධානව ඒ ගීතය අසාගෙන සිටිනවා. අප ප්‍රිය කරන පුද්ගලයකුගේ හඬක් ඇසුණම, එබන්දකුගෙන් දුරකථන ඇමැතුමක් ලැබුණම, අප කරන්නා වූ කටයුත්තත් පසෙක ලා ඒ පුද්ගලයා සමඟ සංවාදයේ නිරත වෙනවා.
"https://si.wikibooks.org/wiki/පරිශීලක:කුසලඤාණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි