"ඊසොප්ගේ උපදේශ කථා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව පිටුව: == බල්ලා හා සෙවනැල්ල == බල්ලෙකුට මස් කැබැල්ලක් ලැබී එය නිවෙසට ගෙන ගො...
 
No edit summary
1 පේළිය:
== '''බල්ලා හා සෙවනැල්ල''' ==
 
== බල්ලා හා සෙවනැල්ල ==
 
බල්ලෙකුට මස් කැබැල්ලක් ලැබී එය නිවෙසට ගෙන ගොස් සාමයෙන් භුක්ති විඳිමි යැයි සිතුවේය. මෙසේ යන ඌ හට දියපහරක් හරහා දමා තිබූ ඒදණ්ඩක් මතින් යෑමට සිදුවිය. ඌ ඒදණ්ඩ මතින් දියපහර කරණය කරත්ම, පහළවූ දිය මත උගේම ඡායාව දිටීය. ඒ ඌ දුටුවේ තවද මස් කැබැල්ලක් දරාගත් තවද බල්ලෙකු යැයි සිතූ ඌ එයද හිමි කරගනිමී යැයි අදිටන් කරගති. එනිසා දියේ වූ ඡායාව වෙත ගොරවමින් බුරන්නට වූ අතර එසේ කිරීමට මුව විවර කරත්ම උගේ මුවෙහි වූ මස් කැබැල්ල ගිලිහී දියට වැටී ගිලී ගොස් අහිමි ව ගියේය.
 
‍ඡායාවෙහි‍'''ඡායාවෙහි දකින දේ හිමි කර ගැනීමට යාමෙන් අත ඇති දේ අහිමි නොකර ගන්න.'''
 
 
== '''සිංහයා හා මීයා''' ==
 
දිනෙක සිංහයෙක් නිදියමින් සිටින විටෙක මීයෙක් ඌගේ සිරුර මතින් එදෙසට මෙදෙසට දුවන්නට විය; වැඩි වේලාවකට පෙර මේ නිසා අවදිවූ සංහයා උගේ විසල් අත්ල දිගුහැර මීයා අල්වා උගේ බියකරු මුව විවර කර මීයා ගිල දැමීමට සැරසුණි. "සමාව දුන මැනවි, රාජෝත්තමයාණනි," යැයි කුඩා මීයා බියෙන් මුසපත්ව හඬ නැගීය: "මා හට මේ වතාවට සමාව දෙන්න, මම කිසිදා එය අමතක නොකරමි: කවුරුන්ද දන්නේ මෙයට ප්‍රතිඋපකාර වශයෙන් යම් දිනෙක මට ඔබට කුමක් කරන්නට ලැබෙයිද කියා?" මීයා තමාහට උදවු කිරීමට ඇති හැකියාව ගැන සිතමින් සිංහයාට කෙතරම් විනෝදයට පත් වූවාදයත්, සිය අත්ල දිගහැරි ඌ මීයා නිදහස් කලේය. ටික කලකට පසුව, රජතුමා වෙත ඌ පණපිටින් අල්වා ගෙන ගොස් තෑගිකරමී යැයි සිතූ දඩයක්කාරයන් ඇටවූ උගුලකට අසුවූ සිංහයා ගසක බඳිනු ලදුව දඩයක්කාරයෝ ඌ රැගෙන යා හැකි රථයක් සෙවුමට නික්ම ගියහ. එවිටම මෙම ස්ථානය පසුකරමින් සිටි මීයා, සිංහයා වැටී සිටි දුඃඛිත තත්ත්වය දෑක, වහා පැමිණ කැලේ රජා බැඳ දමා තිබූ මහා රැහැන් සපා දමා බැමි ලිහීය. "මම එදා කී කථාව නිවැරැදි නොවේද?"
කුඩා මීයා විමසා සිටියේය.
 
'''කුඩා මිතුරන් යම් දිනෙක මහා මිතුරන් බවට පසක් විය හැක'''
"https://si.wikibooks.org/wiki/ඊසොප්ගේ_උපදේශ_කථා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි