"සද්ධර්ම රත්නාවලිය- xiii" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 43.250.240.235 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Sandc ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
 
271 පේළිය:
කෙ සේ ද යත් —
 
රජගහ නුවර එක් ස්සොළොස් හැවිරිදි විතර වූ සිටු දුවණි කෙනෙක් විශිෂ්ට වූ රූප ශොභා‍වක් ඇත්තාහ. ඉතා ප්රාෂසාදාවහයෝ ය. ඒ වයස පිරී සිටි ස්ත්රීටහු ද යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂ‍යන් කෙරෙහි ලොල් කම් ඇත්තෝ ය. උන්ගේ දෙ මව් පියෝ ද උන් මිථ්යාෙචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මේයට පාවා දී ලා සත් මාල් මාලිගාවේ උඩු මාලේ ශ්රීා යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටොපයට සිර ගෙයක ලූවා සේ ලූහ. එක් කුල දරුවකු සොර කමක දී අල්වා ගෙන පිටි තල හයා බැඳ ගෙන සැමිටිවලින් මර - මරා මිනී මරණ තැනට ගෙන යෙති. ඒ සිටු දුවණියෝ ද මහත් වූ කොලාහල නිසා මේ කිම් දෝ හෝ’ යි මතු ම‍ාලේ සිට බලන්නෝ මරණට ගෙන යන තැනැත්තවු දැක ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌ ම පතා බතු ත් නො කා යහනට නැඟීලා වැද හොත්තෝ ය.
 
මුසුප්පපුව ව වැදහොත් නියා ව මෑණියෝ දැක කුමක‍දැ’ යි විචාරා මරන්ට ගෙන යන තැනැත්තවුන් දැක උන් කෙරෙහි ඇලුම් ඇති නියාව ත් උන් ලදො ත් මුත් නො ලදොත් ජීවත් වීම නැති නියාව ත් කී කල්හි ‘පුතණ්ඩ, එ සේ සිතන්නේ හැයි ද? මුඹ වර්ධන ව සිටියවුන් හෙයින් ගෙයි තබා ගෙන හිඳුමෝ ද? ජාති ආදීන් සරි සමාන තැනකට පාවා දිය හැක්කැ’යි කිවු ය. අපට ‘අනික් කවුරුනු ත් නො කැමැත්තේ ය. මුන් නො ලදො ත් මියමි’ කිවු ය. මෑණියෝ නො එක් ලෙස කියා ත් ගිවිස්වා ගත නො හී පියාණන්ට කිවු ය. උයි ත් කියා ගිවිස්වා ගත නො හී කළමනා කිම් දෝ හෝ යි සිතා ඒ සොරු මරන්ට ගෙන යන තැනැත්තවුන්ට මසු දහසක් සොරා යවා ‘තෙල් හැර ගෙන තුලු නො මරා අපට අවනු මනව’යි කියා යවූ ය. එයි ත් ගිවිස ඌ සිටාණන්ට හැර ලා අනිකකු මරා පියා ‘සොරු මරා පීම්හ’යි රජ්ජුරුවන්ට කිවු ය. සිටාණෝ ත් තමන්ගේ දුවණියන් අර්ථි ව ඌ ම කැමති හෙයින් මරණින් ගැළවුණු තැනැත්තවුන්ට සරණපාවා දුන්හ.
333 පේළිය:
 
එ හෙයින් නුවණැත්තවුන් විසින් ලැදි සටන් ආදී වූ සෙසු සටන් හැර විවසුන් නමැති අතින්, මාර්ග් ඥාන නමැති කඩු ගෙන කෙලෙස් සතුරන් හා සටනට ම නියැළී හින්ද යුතු.
 
 
==97. අනර්ත්ථු විචාළ බමුණන්ගේ වස්තුව==
"https://si.wikibooks.org/wiki/සද්ධර්ම_රත්නාවලිය-_xiii" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි