සිංහල විමානවස්තු ප්‍රකරණය- ii

චිත්රන ලතා වර්ගිය

දාසී විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රිකරණයෙහි චිත්ර ලතාවර්ගගයෙහි දාසී විමාන වස්තුව නම් කවරැයක්:- දිව්යල බ්රේහ්ම නමැති වංස සමූහයා විසින් එලඹියයුතුවූ පියුම් විලක් වැනිවූ භාග්යරවත් බුදුරජාණන්වහන්සේ එක්සමයෙක්හි සැවැත්නුවර ජෙතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි සැවැත්නුවර වසන්නාවූ එක්තරා උපාසකකෙනෙක් බොහෝ උපාසකවරුන් සමග විහාරයට ගොස් බණ අසා ඉක්බිති සියලු පිරිස නැහි ගියකල බුදුන් කරා එළඹැ නමස්කාරකොට එකත්පස්ව හිඳ දක්වනුයේ, “ස්වාමීනි, මම මෙතැන්පටන් සඞඝයාට නිරන්තරයෙන් බත් සතරක් සිංහල විමාන වස්තු ප්ර කරණය. 59

දෙමි”යි කීයේය. එකල්හි භාග්ය‍වත් බුදුරජාණන්වහන්සේ ප්රපස්තානුකූල වශයෙන් බණ වදාරා වදාළ බණෙහි සිත සමාදන් කරවා සමාදන් කළ ප්රෙතිපත්තියෙහි සිත තියුණු කරවා ඒ දානය සංඝයාට දෙවූසේක. ඉක්බිති උපාසකයා බුදුන් වැඳ අවසර ගෙන එයින් නැගී උපාසක වරුන්ගේ ආරාධනා පිළිගෙන සංඝයා නියමකොට දක්වා දෙන්නාවූ බත් උදෙසන තෙරුන්වහන්සේ කරා ගොස් වැඳ කියන්නේ, “ස්වාමීනි, මාගේ ගෙයි සෙට පටන් නිරන්තරයෙන් බත් සතරක් තබා මා විසින් සඞඝයාට දෙනු ලැබෙයි. සෙට පටන් සඞඝයා වහන්සේ මාගේ ගෙට නිරන්තරයෙන් වඩනාසේක්වා”යි කියා බත් උදෙසන තෙරුන්වහන්සේට ආරාධනාකොට ඉක්බිති තමන්ගේ ගෙට ගොස් දාසිය කැඳවා කියන්නේ, “මම විහාරයට ගොස් බණ අසා සතුටු සිත් ඇතිව, සඟහට සිරන්තරයෙන් බත් සතරක් දෙමි’ කියා ආරාධනා කෙළෙමි. එසේහෙයින් තී විසින් සැම කලම නොපමාවිය යුතු ය”යි කීයේය. ඒ දාසී වනාහි ශිලසම්පන්න වන්නීය. ශ්ර ද්ධා ඇති හෙයින් විශෙෂයෙන්ම කුශල් කැමැත්තීය. එබැවින් එබසට සතුටුව ඒ වචනය මුදුණෙන් පිළිගෙන දවසින් දවස කල් බලා නැඟී ප්රඑණීතවූ අත්තපාන ඛාද්යාදභොජ්යාදදී සියලු භොජන විකෘතිය පිළියෙළකොට ඉක්බිති ගෙයක් හැම ද සුවඳ පිරිබඩලා අසුන් පණවා භික්ෂුයන් වැ‍ඩිකල අසුන්වල වඩා හිඳුවා නමස්කාර කොට ගඳදුම් මල්පහන් ආදියෙන් පුදා නිරන්තරයෙන් සතුටුවී සකස්කොට අහර වළඳවන්නීය. ඉකිබිති එක් දවසක් කරණ ලද අහරකිස ඇති භික්ෂුකන් කරා එලඹැ නමස්කාරකොට චිචාරන්නී, “ස්වාමීනි, ජාතිජරාමරණාදී දුකින් මිදීමට කවර හෙතුවකින් පිළිවන්දැ?”යි විචාළීය. එකල්හි භික්ෂු හු දාසියට සරණයද පඤ්චශීලයද දී ඉක්බිති ශරීර ස්වභාව දක්වා කායගතාසති වශයෙන් ප්රලතික්කූල මනසිකාර කර්මිස්ථානයන් කියා අනිත්යතතා ප්ර්තිසංයුක්ත ධර්ම්කථාවෙන් බණ වදාළාහුය. ඉක්බිති ඒ ස්ත්රීා එතැන් පටන් සොළොස් අවුරුද්දක් නොකඩකොට සිල් රක්ෂාතකරන්නී අතුරතුරෙහි සිහි නුවණින්යෙදී කමටහන් මෙනෙහිකරන්නී එක්දවසක් ධර්මාශ්රරවණ සත්ප්රා්ය ලැබ ඥානපරිපාකයට ගිය බැවින් විදර්ශෙනාවඩා සෝවාන් ඵලයෙහි පිහිටියාය. ඒ ස්ත්‍ී‍ෙතොමෝ එයින් පසු නොබෝ කලකින් කාලක්රිඵයාකොට තවුතිසා දෙව්ලොව සක්දෙව් මහ රජාණන්ට වල්ලභවූ පරිචාරිකාවක්ව උපන්නීය. පඤ්චාඞඝික තූය්ය්ජාය භාණ්ඩ ගත් සැටදහසක් පමණ නළු නාටකයන් විසින් පිරිවරණ ලදුව ලක්ෂායක් දෙවඟනන් හා සමග මහත්වූ දිව්යාටනුභාවයෙන් දිළිහි දිළිහී මහත් දිව්ය ශ්රීම සම්පත් අනුභවකරන්නී සමගිව සතුටුව සහ



60 සිංහල විමාන වස්තු ප්රයකරණය.

පිරිවරින් නන්දනනොද්යාිනාදියෙහි ක්රීයඩා කෙරෙමින් හැසිරෙයි. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන්වහන්සේ යට කියනලද ක්රීමයෙන් දෙවචාරිකාවෙන් වඩනාසේක් ඒ දිව්යාේඞගනාව දැක ඈ විසින් ගිය දවස කළාවූ කුශලකර්මාය ලොකයාහට ප්රාකාශකරවනු කැමතිව “අපි සක්කොව දෙවි‍න්දොඑ” යනාදී ගාථා‍වලින් විචාළසේක.

“ අපි සක්කොව දෙවින්‍ෙන ා රම්මෙ චිත්තලතාවනෙ සමන්තා අනුපරියාසි නාරීගණපුරක්ඛතා, ඔභාසෙන්තී දිසා සබ්බා ඔසධී විය තාරකා”

යනුහෙයින්, “චිත්රාත නම් දිව්යාිඞගනාවගේ කුශලකර්ම්යෙන් පහළවූ හෙයින්ද බොහෝසේම නොයෙක් එළු පල්ලවයෙන් හා මලින් ගැවසීගත්තාවූ කල්ප ලතාවනයෙන් ගැවසීගත් හෙයින් චිත්ර ලතාවනයයි කියනලද අතිරම්යශවූ උයන්හි දෙව්ලොව දෙවියන් පිරිවරා අඩුතුන් කෙළක් පුරඟනාවන් හා සමග උයන් කෙළියට වන් ශක්රනයාමෙන් හාත්පසින් ගැවසීගත්තාවූ දිව්යන ස්ත්රීඋ සමූහයා මධ්ය යෙහි ජොතිමත්ව බබලන්නෙහිය. තවද සියලු තාරකාවන් අභිභවා ජොතිමත්ව බබලන්නාවූ ඔසධී තාරකාවක්සේ ශරීරාලොකයෙන් දශදිග් එකාලොක කෙරෙමින් බබලන්නෙහිය. එම්බා දෙවතාදුව, තී මෙබඳු වර්ණොණසම්පත් පරිවාරසම්පත් ආදීවූ මේ සියලු සම්පත් ලැබීමට කරණලද කුශල කර්මරය කවරේදැ?”යි විචාළ සේක. මුගලන් මහතෙරුන් වහන්සේ විසින් විචාරණලද වචනය මුදුණෙන් පිළිගත් ඒ දෙවතාදුව මේ මතු කියන ගාථාවන්ගෙන් කුශල කර්මදය ප්ර්කාශකළාය.

“ අහං මනුස්සෙසු මනුස්සභුතා දාසී අහොසිං පරපෙස්සියා කුලෙ. උපාසිකා චක්ඛුමතො, ගොතමස්ස යසස්සිනො, තස්සා මෙ නික්ඛමො ආසි සාසනෙ තස්ස තාදානො, කාමං භිජ්ජතුංය කායො, නෙව අත්ථෙයත්ථන සත්ථෙනං” පෙ-

යනුහෙයින්, “ස්වාමීනි, මම මීට පූර්වථජාතියෙහි මනුෂ්යසයන් අතුරෙන් අනුන්ගේ ගෙදර දාසියක්ව බැලමෙහෙකෙරෙමින් ජීවත් වීමි. එතකුදුවූවත් ගෞතම ගොත්රදයෙහි උපන් හෙයින් ගෞතම නම්වූ පසැස් ඇති සර්ව ඥයන්වහන්සේගේ ශාසනයෙහි ශ්ර ද්ධාසම්පන්න උපාසිකාවක්ව සොළොස් හවුරුද්දක් මුළුල්ලෙහි සිල් රක්ෂාහ කෙරෙමින් කායගතාසති ආදී කම්මස්ථාන මෙනෙහි කරන්නාවූ මට මෙබඳු සිතෙක් පහළවිය. ‘මෙපමණින්ම මාගේ වීය්ය් ක සන්තානය ශිථි‍ලවෙයි. වීය්ය් ව වඩා සිත තියුණුකරන්නෙම් දෙතිස් කුණපකොට්ඨාසයෙන් යුත් මේ කය ඒකාන්තයෙන් පෙන

සිංහල විමාන වස්තු ප්රමකරණය. 61

පිඩන්සේ බිඳීයන්නේය. එසේහෙයින් ඒ බුදුන්ගේ සත්තිස් බොධි පාක්ෂි ක ධර්ම සඞඛ්යාේත ශාසතෘශාසනයෙහි අප්රේමාදව වීය්ය් සත කටයුතුය’ යි සිතා බලවත් උත්සාහ ඇතිව විදර්ශසනා වඩා කෙලෙසුන් කෙරෙන් නික්ම ශාසනයට ඇතුළත්ව උතුම් ලොකොත්තර ගුණයෙහි පිහිටියෙමි”යි කියා ඉක්බිති ආය්ය්්ව මාර්ග යෙහි ගුණ දක්වන්නී මෙසේ කිව

“ සික්ඛාපදානං පඤචත්තං මග්ගො සොවත්ථියකො සිවො. අකණ්ටකො අගහණො උජු සබ්හිපවෙදිතො, නික්කමස්ස ඵලං පස්ස වථිදං පාපුණිත්ථිථකා, අමත්තනිකා ර‍ඤ්ඤොමහි සක්කස්ස වසවත්තිනො”

යනුහෙයින්, “යමෙක් නිත්ය ශීලවශයෙන් සමාදන්වූ පඤ්ච ශීක්ෂාකපද කොට්ඨාසයන්ගේ උපනිශ්ර“ය භාවයෙන්ද ඒ ශික්ෂාලපදයන්ගේ පාරිපූරිකත්ව යෙන්ද ලද්දාවූ ශික්ෂා පදයන් සම්බන්ධීේවූ ගුණයෙන් යම් සිතක හටගත්තාවූ සන්තොෂයෙක් ඕහට සර්වශප්රෂකාරයෙන් සැප එලවාද, එබැවින් යහපත්වූ කෙලෙස් සතුරන් කෙරෙන් වන උවදුරු නැති බැවින් ක්ෂෙරමවූ රාග නමැති විෂකටු නැති බැවින් පිරිසුදුවූ, මිථ්යා දෘෂ්ටි නමැති වනගහනයෙන් මිදුනු බැවින් වල්නැත්තාවූ, වඞක කුටිලභාවයක් නැතිහෙයින් ඍජුවූ, බුද්ධාදී මහොත්තමයන් විසින් ප්රිතිවෙධ කරණලද්දාවූ යම් ආය්ය්ි මාර්ග්යක් ඇද්ද, ඒ මාර්ගතයට යම් උපායකින්, යම් ඥානයකින්, පැමිණියෙම්ද, එම ථලානිශංස‍ය බලා වදාළමැනව. ඉසුරුමත් සක්දෙව් මහරජාණන්ගේ කෙලිකාලයෙහි ඔහු විසින් අල්ලාප සල්ලාපාදී ක්රීුඩාවට කැඳවිය යුතුවීමි” කියා ගිය දවස කළාවූ කුශලයත් එයින් පැමිණි අධිපතිභාවයත් ප්රීකාශකොට ඉක්බිති පරිවාර සම්පත් ප්රලකාශකරන්නී,

“ සට්ඨිතුරියසහස්සානි පටිබොධං කරොන්ති මෙ, ආලම්බො ගග්ගරො භිමො සාධුවාදි ච සංඝයො.

පොක්ඛරො ච සුඵස්සො ච වීණාමොක්ඛාච නාරියො නන්දඛවෙව සුනන්දාම ච සොණදින්නා සුචිමහිතා.

අලම්බුසා මිස්සකෙසී ච පුත්ඩරීකාතිදාරුණි, ඵණිභස්සා සුඵස්සා ච සුභද්දා මුදුවාදිනී.

එතා චඤ්ඤා ච සෙය්යාදසෙ අච්ඡරානං පබොධීකා තා මං ප‍ාලෙන්තුපාගනත්වාව අභිභාස‍න්ති දෙවතා.

හන්දං නච්චාම ගායාම හන්දව තං රමයාමසෙ නයිදං අකතපුඤ්ඤානං කතපුඤ්ඤාන මෙවිදං 62 සිංහල විමාන වස්තු ප්රයකරණය.

අසොකං නන්දංනං රම්මං තිදසානං මහාවනං, සුඛං අකතපුඤුඤානං ඉධ නත්‍ථි පරත්ථම ච, සුඛඤච කතපුඤඤාන ඉධ වෙව පරත්‍ථ ච”

යනුහෙයින්, ‘භෙරිවීණාදි තුය්ය් තංභාණ්ඩයන් අතුරෙන් එක් මුහුණින් යුත් සැලබෙරවීදුරුබෙර ආදීවූ ආතත නම් තූය්ය්ුය් විශෙෂයෙන් දොළසෙක, එසේම දෙමුහුණින් යුත් මිහිඟුබෙර ආදී විතත නම් තූය්ය්්සෙ විශෙෂයෙන් දොළසෙක, සර්වෙභාගයෙන් වෙළා කරණලද පණාබෙර ආදීවූ ආතත විතත නම් තූය්ය්වි විශෙෂයෙන් දොළසෙක, කුලුතාලම් ආදි කොට ඇති ඝන නම් තූය්ය් ‍ විශේෂයෙන් දොළසෙක. වස්කුළල් සක් සින්නම් ආදී සුසිර නම් තූය්ය්‍ෙෂ විශෙෂයෙන් දොළසෙකැයි මෙසේ පඤ්චාඞගික තූය්ය්ක් භාණ්ඩ විශෙෂයෙන් දොළස දොළසක් එකිනෙකට දහස දහස බැගින් පරිවාර හා සමග සැටදහසක් පමණවූ ආලම්බ නම් ගන්ධදර්වබ දිව්යාපුත්රපයාය. එසේම ගග්ගම ය, භිම ය, සාධුවාදී ය, සංසය ය, පුෂ්කර ය, සුඵස්සයයනාදි නොයෙක් ගන්ධ.ර්ව දිව්ය පුත්රආයන් හා වීණාමොක්ෂාබය, නන්දාරය, සුනන්දායය, සොණදින්කාය, අලම්ඛසාය, මිශ්රයකෙසීය, බුණ්ඩ රිකාය යනාදිවූ නොයෙක් දිව්යා ඞගනාවන් හා මෙකී නොකී සැට දහසක් පමණ නළුනාටක සෙනාව පඤ්චාඞගික තූය්ය්ා දභාණ්ඩ ගෙන යුක්ත ප්රකයුක්තවූ කාලයෙහි මා කරා එලැඹ භාවභාව ලීල දක්වා මෘද්රණ ප්රි්ය වචනයෙන් මෙසේ කියති. ‘හිමි, කුමක් කරමෝද නෘත්ය් කරමෝද? ගියනාකරමෝද? කවර ක්රීතඩාවක නුප සිත් ඇලේද? යනාදි ප්රි ය බස් කියා පද්මයක් ප්ර බොධකරන්නාසේ මාගේ සිත සතුටුකරවති. මා විසින් ලද්දාවූ මේ දිව ඉසුරු කුසල් කලවුන්ටම නියතවා විනා කුශල් නොකළවුන්ට නොලැබෙන්නේය. තවුතිසා වැසි දෙවියන්ගේ සිත් සතුටු කරවන්නාවූ සිත් කළුවූ මේ නන්දාන නම් උයණෙහි ක්රීිඩා සැප විඳිම්හ. ඉහලොක පරලොක සම්පත්තියද කුසල් නොකුළාවූ උභයලොකවාසීන්ටම නොලැබෙයි” කියා කුශල් කළවුන්ටම සාධාරණ බව දක්වන පිණිස? “ තෙසං සහව්යනකාමානං කත්තබ්බං කුසලං බහුං, කතපුඤ්ඤා හි මොදන්ති සබ්බභොග සමඞගි‍තො”

යනුහෙයින්, “ඒ තවුතිසා වැසි දෙවියන් හා එක්ව දිව්ය්සම්පත් අනුභවකරනු කැමැත්තන් විසින් දානශීලාදි වශයෙන් බොහෝ කුශල් කටයුත්තේය”යි කිව, එකල්හි මුගලන් මහ තෙරුන්වහන්සේ පිරිවර සහිතවූ ඒ දෙව්දුවට විස්තරවශයෙන් බණ වදාරා මිනිස්ලොවට වැඩ සියලු ප්රසවෘත්තිය බුදුරජාණන්වහන්සේට සැළකළසේක. බුදුරජාණන්වහන්සේ එම අ‍ෙන්ථී්ත්පතති

සිංහල විමාන වස්තු ප්රවකරණය. 63

කොට ගෙන එතැන්හි රැස්වූ පිරිසට ධර්මිදෙශනා කොට වදාළ සේක. ඒ ධර්ම දෙශනාව දිව්ය් මනුෂ්යටයන් සහිත ලොකයාහට සාර්ත්ථණකවිය.

මේ විමානවස්තු ප්රැකරණයෙහි චිත්රම ලතා වර්ගමයෙහි දාසී විමාන වස්තු වර්ණානාව කියා නිමවනලදි.


ලඛුමා විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි චිත්රා ලතාවර්ග්යෙහි දෙවනිවූ ලබුමා විමාන වස්තුව නම් කවරුයත්:- එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු. හේ කෙසේදයත්?

සර්වදලොක දිවාකරවූ භාග්යණවත් බුදුරජාණන්වහන්සේ එක් සමයෙක්හි බරණැන්නුවර ඉසිපතනාරාමයෙහි වැ‍ඩවාසයකරණ සේක. එසමයෙහි වෙට්ටචාර නම් වූ බරණැස්නුවර එක්තරා ද්වාරයෙක් ඇත්තේය. ඊට නුදුරුතෙන නිවට්ට නම් ගමය යි කියා කෙවට්ටද්වාරයටම ව්යිවහාරකරනු ලැබේ. ඒ නිවිට්ටගාම නම් වූ කෙවට්ටද්වාරයෙහි නුවණැත්තාවූ ශ්රේද්ධාසම්පන්න වූ ලබුමා නම් වු එක්තරා ස්ත්රිැයක්තොමෝ පිඬු පිණිස පැමිණෙන භික්ෂු්න්ට දන් දී නැවතීමට අසුන්ශාලාවක් කොට දුන්නීය. අනෙකවිධවූ ධාන්යධරශයෙන් පානයකිරීම පිණිස ආචාමකඤ්ජිකය යි පාන වර්ගවයක්ද පිළියෙළකොට දෙන්නීය. මෝ‍තොමෝ ප්ර ථම ඵලයයි කියනලද සෝවාන් ඵලයද මුගලන් මහතෙරුන්වහන්සේගෙන් අසනලද ධර්මනදෙශනාවශානයෙහි සකෘදාගාමි ඵලයටද පැමිණියාය. (මෙහි විස්තර කථාව උත්තරා වස්තුවෙහි ආ නියායෙන් දතයුතු) මේ විමානවස්තු ප්රථකරණයෙහි චිත්රම ලතා වර්ගයයෙහි ලඛුමා විමානවස්තුව වර්ණායව කියා නිමවනලදී.

ආචාම දායිකා විමාන වස්තුව

තවද මේ විමානවස්තු ප්රතකරණයෙහි චිත්රම ලතා වර්ගුයෙහි තෙවැනිවූ අචාම දායිකා විමානවස්තුව නම් කවරුයත්:- එහිපිළිවෙළ කථාව මෙසේ දතයුතු.

සර්වකලොකහිතානුකම්පිතවූ අනධිවරවූ තථාගත සම්මසම්බුදු රජාණන්වහන්සේ රජගහනුවර වෙළුවනාරාමයෙහි වැඩවසන

64 සිංහල විමාන වස්තු ප්රමකරණය.

සමයෙහි එම නුවර එක්තරා කුලයක් අහිවාතක රොගයෙන් නැසී එක් ස්ත්රිකයක් ඉතිරිව භිකතිය බඳ ගොස් එක්තරා ගෙයක පි පසදුඃඛ ජීවිකාවෙන් ජීවත්ව වසන්නී ආයුෂ්මත් මහා කාශ්යතප ස්ථවිරයන්වහන්සේට ලුණු නුමුසු පිළීන් කැඳි සතක් දී එදවස් රාත්රිකයෙහි කාලක්රිනයාකොට නමාතරතී නම් දිව්යතලොකයෙහි උපන්නේය. ශක්ර‍දෙවෙන්ර්ින්යෝ ඒ ස්ත්රිදය කාලක්රිියාකළ බව දැන මහාකාශ්යායප ස්ථවිරයන් වහන්සේ කරා ගොස් මෙසේ විචාළේ්ය.

“ පිණ්ඩාය තෙ චරත්තස්ස තුණහීභුතස්ස තිඪතො, දළිද්දා කපණා නාරි පරාගාරං අවස්සිතා.

යා තෙ අදාසි ආවාමං පසන්තා සෙහි පාණිහි, සා භිත්වාස මානුසං දෙහං කනනු සාදිසතං ගතා” ති.

යනුහෙයින්, “ස්වාමීනි, පිඬු පිණිස වැඩ තුෂ්ණිම්භූතව සිටියාවූ නුඹවහන්සේට පිළින නැඳිත්ත දුන් දිළිඳු ස්ත්රිප තොමෝ කාලක්රි යාකොට කොහි උපන්නේදැ?” වි‍චාළේය. එකල්හි මහතෙරහු මෙසේ වදාළසේක.

“ පිණ්ඩාය මෙ චරන්තස්ස තුණ්හිභුතස්ස තිඩ්ඪතො, දිළිද්දා කපණා නාරි පරාගාරං අවස්සිතා.

යා මෙ අදාසි ආචාමං පසන්නා සෙහි පාණිහි, සා භිත්වාස මානුසං දෙහ විප්පමුත්තා ඉතො වුතා.

නිම්මානරතිනො නාම සන්ති දෙවා මහිඬිකා, තත්ථි සා සුඛිතා නාරි මොදතා චාමදායිකා” ති

යනුහෙයින්, “ශක්ර දෙවෙන්ර්” ියෙනි, මට පිළිනි කැඳිත්තක් දුන් දුප්පත් ස්ත්රිිය ඒ කැඳිත්ත දුන් කුශලයෙන් නිර්මාරනරතී නම් දිව්යරලො‍කයෙන් උපන්නය”යි වදා‍ළසේක. (මෙහි විස්තර දෙශනාව පරච්ඡෙද පොතෙහි හෙළු බසින් ප්රාකාශවූ පැවින් මෙතැන්හි සංක්ෂොපවිය. විස්තර අසනු කැමැත්තහු දාන පරිච්ඡෙකයෙන් අසා දතයුත්තාහ) ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්ය ප ස්ථවිරයන් වහන්සේ ශක්ර්යා විචාළ නයාවත් මහතෙරහු වදාළ නියාවත් විස්තර වශයෙන් බුදුන්ට දැන්වුසේක. බුදුරජාණෝ එම අර්ත්ථොළත්පත්තිකොට ගෙන එතැන්හි රැස්වූ පිරිසට බණ වදාළසෙක. ඒ ධර්මරදෙශනාව බොහෝදෙනාට සාත්ථී කවිය.

මේ විමානවස්තු ප්රවකරණයෙහි චිත්රධලතාවර්ගනයෙහි ආචාම දායිකා විමාන වස්තුව කියා නිමවනලදි.

සිංහල විමාන වස්තු ප්රරකරණය. 65

තවද මේ විමාන වස්තු ප්රුකරණයෙහි චිත්රරලතා වර්ගොයෙහි සිව් වැනිවූ චණ්ඩාලිවිමාන වස්තුව නම් කවරැයත්:— එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු.

මහපොළොව සේ විස්තාරවූ ගුණ ඇති භාග්යරවත් බුදුරජාණන්වහන්සේ එක් සමයෙක්හි රජගහනුවර වැඩවසනසේක. එසමයෙහි බුදුරජාණන්වහන්සේ එක් දවසක් අලුයම්වේලෙහි මහා කරුණා සමාපත්තීන් නැගී විනෙයජනයන් දක්නා පිණිස මුළුලොව බලා වදාළසේක. එකල්හි රජගහ නුවර සමී‍පයෙහි එක්තරා සැඩොල් ගමෙක් ඇත. ඒ ගම වසන්නාවූ ගෙවුනුවු ආයු ඇතිව නරකයෙහි උපදනා අකුශල් ඇති එක්තරා චණ්ඩාල මැහැල්ලක් දැකවදාරා ඈ කෙරෙහි කරුණා උපදවා සිතා වදාරණ සේක්, “ස්වර්ග ලොක සම්පතට කාරණාවූ කුශලයක් ඈ ලවා කරවා නරකයට යන ගමන් වළකා දෙව්ලොව උපදවමි”යි සිතා වදාරා මහත්වූ භික්ෂුකසංඝයා පිරිවරා රජගහනුවරට පිඬුසිඟා වැඩිසේක. එසමයෙහි ඒ සැඩොල් මැහැළිතොමෝ සැරයටි දඬුකඩෙක එල්බගෙන නුවරින් නික්ම යන්නි මහසඟ පිරිවරා වඩනා බුදුන් දැක ඉදිරියෙහි සිටියාය. සර්ව්ඥයන්වහන්සේද ඈගේ ගමන් වළකන්නා සේ මහසඟ පිරිවරා මාර්ගාය මැද වැඩසිටිසේක. එකල්හි ආයුෂ්මත් මුගලන් මහතෙරුන්වහන්සේ බුදුන්ගේ අදහස් දැන එදවස් ඇගේ ආයුසංස්කාරය ගෙවෙන නියාව දැන ඈ කෙරෙහි කරුණා උපදවා බුදුන් සිරිපා වන්දාවා වැඩෙහි යොදනු පිණිස ඉදිරියෙහි සිටි සැ‍ඩොල් මැහැල්ලට මෙසේ වදාළසේක.

“ චණ්ඩාලි වන්දි පාදානි ගොතමස්ස යසස්සිනො, තමෙව අනුකම්පාය අඪාසි ඉසිසුත්තමො.

අභිප්පාසාදෙහි මනං අරහත්තමහි තාදිනි, ඛිප්පං පඤ්ජලිකා වන්දහ පරිත්තං තව ජිවිතං”

යනුහෙයින්, “එම්බා සැ‍ඬොල්, මැහැල්ල, මේ එසේ මෙසේ කෙනෙක් නොවෙයි. ෂට්විධ මුනීන්ටශ්රෙතෂ්ඨවූ නොහොත් විපස්සි බුදුන් ආදිකොට සත්වැනිව බුදුව සියල්ල දත් බුදුකෙනෙක, තී කෙරෙහි අනුකම්පාවෙන් නුවරට නොවැඩ මහසඟ පිරිවරා අතරමග වැඩසිටිසේක. සියලු දිව්යන මනුෂ්‍ නයන් විසින් කරණ ලද පූජාවට සුදුසුවූ බුදුන් කෙරෙහි සිත පහදවා ගනුව. තීගේ ජීවිතය බොහෝකල් නොපවත්නේය; දැන්ම බිඳී විනාශයට පැමිණෙන ස්වභාව ඇත්තේය. එසේහෙයින් ගෞතම සර්වවඥයන්


66 සිංහල විමාන වස්තු ප්රපකරණය.

වහන්සේගේ ශ්රී පාද වන්දගනයට නමස්කාර කරව. එපමණ කුශලකර්මවය තිට පිටවහල් වෙයි” වදාළසේක. ඒ බැව් ප්ර කාශකොට දක්වන්නාවූ සඞගීතිකාරක මහාස්‍ථවිරයන් විසින්,

“ වොදිතා භාවිතත්තෙන න සරීරනතිමධාරිනා, චණ්ඩාලි වන්දිව පාදානි ගොතමස්ස යසස්සිනො, තමෙනමවධී ගාවී චණ්ඩාලිං පඤ්ජලිං ඨිතං, නමස්සමානං සම්බුඬං අන්ධකාරෙ පහඞකරං.

“ ඛිණාසවං විගතරජං ‍අනෙජං, එකං අරඤඤමහි රහො නිසිත්තං, දෙවිඩිප තතා උපසඞකමිත්වාත වන්දාරමි තං වීර මහානුභාවං”

යනුවෙන් ප්ර කාශකරණලද්දේය. බුද්ධාදි මහොත්තමයන් විසින් භාවිතවූ ආය්ය්ාමිමාර්ගරයට පැමිණ එමමාර්ගන භාවනාවෙන් කෙලෙසුන් තවාසසර සැරිසරන්නාවූහවොත්පත්ති නැතිහෙයින් කෙළවර ආත්මය ධරන්නාවූ මුගලන් මහතෙරුන්වහන්සේ විසින් චොදනා කරණලද ඒ සැ‍වඬොල් මැහැල්ල බුඬාලම්බන ප්රීිති උපදවා ද්විපදොත්තමවූ ගෞතම සම්යලක්සම්ඬධයන් වහන්සේගේ ශ්රීන පිදවන්දිනය පසඟ පිහිටුවා වැඳ නැඟී සිට දොහොත් මුදුන් දී බුදුන් වැඳ වඩනා කල්හිද බල බලා බුද්ධාලම්බන ප්රීහතින් වැඳ සිටියාය. එකල්හි බුදුරජාණන්වහන්සේ, “මෙපමණෙක්ම මේ මැහැල්ලියට වැඩ පිණිස වන්නේව”යි සිතා වදාරා මහසඟ පිරිවරා ඇතුළු නුවරට පිඬු සිඟා වැඩිසේක. එකල්හි අලුත් වැදූ දෙනක් ළමා වස්සෙකු ගෙන කුළුව දිවන්නී බුදුන් බලා වැඳ සිටි චණ්ඩාල මැහැල්ලට අගින් ඇණ ඉරා එතන්හිම ජිවිතක්ෂ්යට පමුණුවාපුව. ශරීරයෙහි තල බිජුවටක් පමණ තැනින් නැගී රශ්මියෙන් අනත්තාපරිමාන සක්වල එකාලොක කරතත් පොහොසත්වූ, තවද සත්වමයන්ගේ නුවණ නැමති ඇස් වසා සිටි මොහාන්ධොකාර විධවංසනය කොට ප්රිඥා නැමති ආලොකයෙන් නිවන්මග එලිය ‍කළාවූ සම්යාක් සම්බුද්ධ සර්ව්ඥරාජොත්තමයාණන්වහන්සේගේ ශ්රීස පාදවන්දානයට නමස්කාර කළාවූ කුශලයෙන් එම චණ්ඩාල මැහැල්ල තවුතිසා දෙව්ලොව මහත්වූ රන්විමනෙක උපන්නිය. එකෙණෙහිම දිව්යතඍද්ධිප්රාවප්තවූ ඒ දීව්යා ඞගනාතොමෝ ඇගේ දිව ඉසුරු බලා, “කවර කුශලකර්ම‍යක් හෙතු කොටගෙන මෙබඳු සම්පත්ති ප්රරතිලාභයෙක් මට වීදැ?යි යටගිය දවස කළාවූ සුචරිතකම්මය නුවණැසින් බලන්නී, මුගලන් මහතෙරුන්වහන්සේගේ නියෝගයෙන් බුදුන්ගේ ශ්රීුපාද වන්දනනයට නමස්කාර කළාවු කුශලකර්ම්යෙන් ලද්දාවූ ඉෂ්ටවිපාකයයි සිංහල විමාන වස්තු ප්ර්කරණය. 67

දැක මහත්වූ සන්තොෂයට පැමිණ බුදුගුණ හා මහතෙරුන් වහන්සේගේ ගුණ සිහිකොට එදවස්, “මහතෙරුන්වහන්සේ දක්නට යෙමි”යි සිතා විමානය හා සමග මිනිස්ලොවට අවුත් එක්තරා වනාන්තරයෙක ඡායාසම්පන්න රුකක් මුල එකලාව කායවිවෙකයට පැමිණ දිවාවිහරණයෙන් වැඩහුන්නාවූ මුගලන් මහතෙරුන්වහන්සේ කරා එළැඹ විමානය ආකාශයෙහි රඳවා විමානයෙන් බැස, “මහානුභාවසම්පන්න මහාවීරයාණන්වහන්ස, නුඹවහන්සේට නමස්කාර කෙරෙමි” කියා නමස්කාර කළාය. එසේ සහපිරිවරින් අවුත් නමස්කාරකොට ශරීරප්ර්භාවෙන් සියලු වනලැහැබ එකාලොක කෙරෙමින් දිළිහි දිළිහි සිටි දිව්යාරඞකනාව දැක මුගලන් මහතෙරුන්වහන්සේ මෙසේ විචාළසේක.

“ සුවණණ වණණා ජලිතා මහායසා විමානමොරුය්හ අනෙක විත්තා, පරිවාරිතා අච්ඡරානං ගණෙන කා ත්වංත සුභෙ දෙවතෙ, වන්දසසෙ මමං”

යනුහෙයින් “අනෙකප්රාකාරවූ විචිත්ර චිත්රළ කර්මාාන්තයෙන් හෙබියාවූ දිව්ය විමානාරූඪව ලක්ෂසයක් දෙවඟනන් පිරිවරාකනක රූපයක්මෙන් දිළිහි දිළිහි මා කරා එළඹැ නමස්කාරකොට එකත්පස්ව සිටියාවූ තෙපි කවරහුදැ?”යි විචාරා වදාළසේක මෙසේ මහතෙරුන්වහන්සේ විසින් විචාරණලද ඒ දිව්ය”ඞගනා තොමෝ මහත්වූ ආදර බහුමාන ඇතිව මහතෙරුන්වහන්සේගේ වචනය මුදුණෙන් පිළිගෙන ගියදවස කළාවූ සුතරිත කර්මේය හා ඒ සියලුම ප්ර වෘත්තිය මහතෙරුන්වහන්සේට දන්වන්නි මෙසේ කිව,

“ අහං භන්තෙ, චණ්ඩාලී තයා වීරෙන පෙසිතා, වන්දිංං අර‍හතො පාදෙ ගොතමස්ස යසස්සිනො.

සාහං චන්දි්ත්ව් පාදානි චුතා චණ්ඩාලයොනියා, විමානං සබ්බතො භද්දං උප්පන්තමහි නන්දිනෙ.

අච්ඡරූනං සතසහස්සං පුරක්ඛත්වාහන තිඪති, තාසාහං පවරා සෙඪා වණ්ණෙන යසසායුනා.

පහුකතත කල්යාසණා සම්පජානා පතිස්සතා මුනිං කාරුණිකං ලොකෙ තං භන්තෙ, චන්දිනමාගතා”

යනුහෙය්න්, ‘වීය්ය්ාන සම්පන්නවූ ඍධිමතුන් කෙරෙහි අගතැන්පත් ස්වාමින්වහන්ස, නුඹවහන්සේ විසින් බුදුගුණ කියා, චණ්ඩාල මැහැල්ල, බුදුන්ගේ ශ්රි පාදවන්දනය වදුව’යි නියොග කරණ ලදුව ගෞතම බුදුන්ගේ ශ්රීාපාද යුගලයට නමස්කාරකළාවූ 68 සිංහල විමාන වස්තු ප්රණකරණය.

චණ්ඩාල මැහැල්ල නම් මමය. එදවස් අලුත වැදූ දෙන ළමා වස්සකු ගෙන කුළුව දිවන්නී බුදුන් බල බලා වැඳ සිටි මා එතනම ඇණ මැරුවාය ඒ නමස්කාරමය කුශලය ස්වල්පවී නුමුදු පින් කෙත සාරවත් හෙයින් ඒ චණ්ඩාලාත්මභාවයෙන් චුතව තවුතිසා දිව්ය ලොකයෙහි රන්රිදී ආදීවූ නොයෙක් රත්නයෙන් නිමිහෙයින් සර්‍වප්රයකාරයෙන් යහපත්වූ දුටුවන් සිත් සතුටුකරවන්නාවූ දිව්යහවිමානයෙක උපන්මි. ලක්ෂ යක් පමණවූ මේ දිව්යාරඞගනාවන්ට වඩා ශරීරවර්ණෙ යසශ්රීර ආදියෙන් උතුම් වීමි. එසේ නමස්කාර වශයෙන් කරණලද කල්යාණ කර්මවය හෙතුකොටගෙන උපන්නාවූ ඉෂ්ටවිපාකය සිහිකරන්නාවූ මම තුනුරුවන් කෙරෙහි විශෙෂයෙන්ම සතුටුව සත්වූලොකයා කෙරෙහි පතළ මහා කරුණා ඇති බුදුන්ගේ ගුණයද එසේම නුඹවහන්සේගේ ගුණයද සිහිකොට නුඹවහන්සේ වඳනා පිණිස ආයෙමි”යි කීවාය. ඒ බව ප්රයකාශකොට දක්වන්නාවූ සඞගීතිකාරක මහාස්ථවිරයන් විසින්,

“ ඉදං චත්වාකන චණ්ඩාලී කතඤ්ඤු කතවෙදිනී, වන්දිදත්වාට අරහතො පාදෙ තත්ථෙවවන්තරධායථා”ති.

යනුහෙයින්, “නියතව සිටි අපාය මාර්ග්ය වළකා ස්වර්ගථලොක සම්පත්තියට කාරණාවූ වන්ද නාමය සුචරිතකර්ම‍ය කියා කෙරෙව් උපකාර සැලකීමෙන් කෙළෙහිගුණ දන්නාවූ ඒ චණ්ඩාල දිව්යාතඞගනාතොමෝ මේ සියලු ප්ර වෘත්තිය මහතෙරුන්වහන්සේට කියා ඉක්බිති මහතෙරුන්වහන්සේගේ ශ්රීෙපාද වන්දඉය නමස්කාර කොට එතන්හිදීම අතුරුදන්ව දෙව්ලොවටම ගියාය”යි ප්රපකාශ කරණ ලද්දේය.

ඉක්බිති ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන්වහන්සේ භාග්යාවත් බුදුරජාණන්වහන්සේට එපවත් දැන්වූසේක. බුදුරජාණන්වහන්සේ එම අර්ත්ථොණත්පත්තිකොටගෙන එතැන්හි රැස්වූ පිරිසට ධර්මව දෙශනාකොට වදාළසේක. ඒ ධර්මනදෙශනාව බොහෝදෙනාට ප්රමයෝජනවත් විය.

මේ විමානවස්තු ප්රතකරණයෙහි චිත්රවලතා වර්ගමයෙහි චණ්ඩාලි විමාන වස්තුව වර්ණකනාව කියා නිමවනලදී

භද්රාන විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රසකරණයෙහි චිත්රහලතා වර්ග්යෙහි පස් වැනිවූ භද්රාම විමාන වස්තුව නම් කවරුයත්:— එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු. සිංහල විමාන වස්තු ප්රතකරණය. 69

සකල ජන හෘදයානන්දනකරවූ භාග්යිවත් බුදුරජාණන්වහන්සේ එක් සමයෙක සැවැත්නුවර ගොදුරු ගම්කොට දෙව්රම් වෙහෙර වැඩවසනසේක. එසමයෙහි කිම්බිල නම් නුවර තුනුරුවන් කෙරෙහි ප්රවසන්න සිත්ඇති ශ්රයබුඬිසම්පන්න ශීලාචාර ගුණ ඇති රොහක නම් වු එක් සිටුපුත්රසයෙක් ඇත්තේය. එසේම එම නුවර උපභොග සම්පත් ඇති සමාන කුලයෙක යහපත් රූපශ්රී න් යුක්තව භද්රාඋ නම් එක්ත‍රා උපාසිකා කුමාරිකාවක් ඇතිතීය. ඕතොමෝ ශ්රිද්ධාසම්පන්න වූව, ශීලසම්පන්න වුව, යහපත් ආචාර සමාචාර ඇති බැවින් ප්රනකෘති නාමයෙන්ම භද්රාශ නම් වූවාය. එසමයෙහි රොහක කුමාරයාගේ මවුපිය දෙදෙන භද්රා වගේ මවු පියන් හා කථාකොට අවාහ විහායට සුදුසු අවස්ථාවෙහි ශුභවූ නක්ෂනත්රය දිනයෙක භද්රාාව රොහකයන්ට සරණ පාවාදුන්හ. එතැන් පටන් ඔහු දෙදෙන සමගි සතුටුව ප්රි ය සංවාසයෙන් වසන්නාහු ඒ කුමාරිකාතොමෝ ස්වාමිපුත්රසයාටද මවුපිය නැදි මයිල් වැඩි මහල්ලන්ටද ආචාර සමාචාර ඇති බැවින් භද්රාතවයයි කියා සියලු නුවර මුලුල්ලෙහි ප්ර සිද්ධවූවාය.

එසමයෙහි අග්ර්ශ්රාධවකවූ සැරියුත් මුගලන් දෙදෙනාවහන්සේ පන්සියයක් භ්ක්ෂුිසංඝයා පිරිවරා දනව් සැරිසරන්නාවූ අනුක්රනමයෙන් කිම්බිල නුවරට පැමිණියාහුය. එකල්හි රොහක නම් සිටු පුත්ර යා සැරියුත් මුගලන් දෙදෙනාවහන්සේ ඒ නුවරට වැඩි බව අසා දැන මහත්වූ සන්තොෂ ඇතිව මහතෙරුන් කරා ගොස් නමස්කාරකොට’ “ස්වාමිනි’ සෙට දවස මා කෙරෙහි අනුකම්පාවෙන් ම‍ාගේ දානය ඉවසා වදාළ මැනවැ’යි කියා සෑමදෙනාවහන්සේටම දන් පවරා දෙවන දවස් අහර පිළියෙළකොට ප්රාණීතවූ ඛාදා භොදාදියෙන් සෑමදෙනාවහන්සේම වළඳවා ඉක්බිති පුත්රළ දාරාවන් හා සමග මහතෙරුන් වැඳ එකත්පස්ව හිඳ කාලානුරූප වශයෙන්වදාරණලද ධර්මමදෙශනාව අසා අවවාදයෙහි පිහිටමින් සරණයෙහි පිහිටා පන්සිල් සමාදන්විය. ඔහුගේ භද්රාහ නම්වූ භාය්යා ව වනාහි නිරන්තරයෙන් පඤ්චශීලය රක්ෂා් කෙරෙමින් අ‍ටවක් දිනය, තුදුස්වද් දිනය, පසළොස්වක් දිනය, පාටිපදිකය යන මේ පොහෝදවස්හි පෙහෙවස් වෙසෙමින් අතිශයින්ම ශීලාචාර ගුණයෙන් යුක්තවූවාය. එසේහෙයින් දෙවතාවන් විසින්ද කරණලද අනුකම්පා ඇතිහෙයින් ඒ භද්රා වගේ හිසමත්තෙහි මිථ්‍යාවාද වශයෙන් වැටුණාවූ ලොකාපවාද සන්හිඳුවා ශීලාදි ගුණය ලොවට ප්රථකාශකරණලදුව අතිශයින්ම ගුණකීර්තාතිය දශදිග පැතිර ගියේය. ඒ කෙසේවූ මිථ්යාශ වාදයෙක්ද යත්:— එසමයෙහි එක් දවසක් ඒ භද්රායවගේ ස්වාමිවූ රොහකයෝ වෙළඳාම් පිණිස


70 සිංහල විමාන වස්තු ප්ර කරණය.

කිම්බිල නුවරින් නික්ම තක්සලා නුවරට ගියෝය. එකල තක්සලා නුවරවාසීන්ගේ නැකැත්කෙළි නම්වූ උත්සව දිනය සම්ප්රා.ප්ත විය. එදවස් රොහකයන්ගේ යහළුවෝ රොහකයන් කරා ගොස් “යහලු රොහකයෙනි, නැකැත් කෙළියට යම්හ” යි කියා නැඳවූහ. එබැවින් රොහකයන්ටද නැකැත් කෙළියට යන අභිප්රාහ ඇතිවිය. එකල්හි යටකියනලද ඔහුගේ භාය්යාට වවූ භද්රාා නම් කුමාරිකාව කිම්බිල නුවර වෙසෙයි. ඒ උත්සව දිනයෙහි නැකැත් කෙළියට යන අභිප්රාකය රොහකයන් සිත හටගත් කෙණෙහිම ඒ භද්රාිවගේ ශීලානුභාවයෙන් ඒ ගෙයි අධි‍ගෘහිත දෙවතාවා විසින් ඔහුගේ දිව්යා නුභාවයෙන් ඇගේ ස්වාමීවූ රොහකයෝ යම් තැනක වෙසෙද්ද ඒ සමාගමයට පමුණුවා රොහකයන් හා නැකැත් කෙළියට යොදවනලදුව එදවස් ස්වාමිපුත්රියන් හා ප්රිෙය සංවාසයෙන් භද්රාහව කස දරු බිජුවටක් ඇතිවිය. නැවත ඒ දෙවතාවා විසින් ඒ කුමාරිකාව කිම්බිල නුවරට පමුණුවනලදුව අනුක්රිමයෙන් දරුගැබ මහත්ව ගර්භනීභාවය ප්රබකටවූ කල්හි. “අනාචාරයේ හැසිර සොර සැමියන් හා වැස දරු ලද්දීය”යි කියා නැදිමයිල් ආදීවූ සැක ඉපදවූහ. එකල්හි එම දෙවතාවා විසින් ඔහුගේ දිව්යා්නුභාවයෙන් ඒ ශඞඛාව නැතිකරවනු පිණිස මහත්වූ ගංගා ජල ප්රගවාහය සියලු කිම්බිල නුවර වසා රළ නැඟී පැතිර එන්නාසේ වායු වේගයෙන් ඉතිර නංගවනලද්දේය. එකල්හි ඒ භද්රාතවගේ පතිව්ර තාධර්මඑ සඞඛ්යා ත සත්යර ක්රි යා බලයෙන් ඒ ජලපුවාහය නැවත වාතවෙගයෙන් පෙරසේම ගඟටම බැස ගියේය. එකල්හි නැදිමයිල් ආදීන්ගේ ශඞකාව සුලන් දුටු පරඬලා පතක්සේ දුරු විය. ඉක්බිති ඇගේ ස්වාමිපුත්රටයා විසිනුදු පෙර නැදිමයිල් ආදීවූ සැක කළාසේම, “අනාචාරයේ දරු ලද්දීය” යි කියා සැක කරණ ලද්දීය. එකල්හි තක්සලා නුවරදී ඔහු විසින් දෙනලද පේරැස් මුද්ද දක්වා ඔහුගේ සැක දුරුකොට මෙසේ යහපත් ශීලාචාර ගුණ සම්පත් ඇති බැවින් ස්වාමිපුත්රදයා හා මවුපිය නැදිමයිල් ආදී සියලු නෑයන් ගේද නුවර වැසියන්ගේද සැක දුරුකොට දිව්යය මනුෂ්ය යන් සහිතවූ සියල්ලවුන්ගෙන් කීර්ත්ති ප්රූශංසා ලැබ අතිශයින්ම ලොකයෙහි ප්රමසිද්ධවුවාය.

ඉක්බිති ඒ භද්රාන නම් උපාසිකා තොමෝ එයින් පසු නොබෝ දවසකින් කාලක්රි යාකොට තවුතිසා දිව්යාලොකයෙහි උපන්නීය. එසමයෙහි භාග්ය්වත් බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර ගණ්ධබ්බ වෘක්ෂලමුලයෙහිදී යමකප්රා්තිහාය්ය්රූ කෙරෙමින් තීර්ත්ථ ක මර්ථධනයකොට තුන්පියවරකින් තවුතිසා භවනයට වැඩිකල්හි සක්



සිංහල විමාන වස්තු ප්ර්කරණය. 71

දෙව් මහරජාණෝ දෙව්පිරිස් පිරිවරා බුදුන් කරා එළඹැ නමස්කාරකොට ඉක්බිති බුදුන්ට වැඩහිඳීමට නිසි අස්නක් පරික්ෂාඹ කරන්නාහු, “පාණ්ඩුකම්බල ශෛලාසනයට වඩා උතුම් ආසනයක් මේ දිව්යනලොකයෙහි නැත්තේය. මේ ශෛලාසනය දිග සැට යොදුන, පුළුල පනස් යොදුන, බුදුරජාණෝ දොළොස්රියන් උස ඇතිසේක. මේ අස්නෙහි වැඩ උන්කල මහත් පර්වදතයක් මත්තෙහි සිටි වටු කුරුල්ලකුසේ ප්රමකාශව නොපෙනෙනසේක්දෝ හෝ”යි සැක සිතසිතා බුදුන් වඩාගෙන ගොස් පාණ්ඩුකම්බල ශෛලාසනය බුදුන්ට පිළිගැන්වූහ. එකල්හි සර්වලඥයන්වහන්සේ ඔවුන්ගේ අදහස් දැන, “දෙවතාවෝ බුදුබල නොදන්නාහුය”යි සිතා වදාරා දිග නව වියත් පුළුල සවියත් සුගත් සිවුර සතර පටක් කොට මහත් රන්පලසකින් කුඩා පුටුවක් වසන්නාසේ බැලු බැලූ දිග සිවුරම විනා පඬුපුල් අස්න නොපෙනෙනසේ වසා අතුට ආසනය පුරා වැඩහුන්සේක. එකල්හි දෙවතාවෝ, ‘අහෝ! ආශ්චය්ය්“බලමත් බුදු බලයක් බලව” යි කියා සාධුකාරයක් පැවැත්වූහ. මෙසේ ඒ බුදුරජාණණ්වහන්සේ තවුතිසා භවනයට වැඩ පරසතු ගසමුල පඬුපුල් අස්නෙහි වැඩහුන්කල්හි දසදහසක් සක්වළ දෙවතාවෝ බුදුන් කරා එළැඹ නමස්කාරකොට එකත්පස්ව උන්නාහු ඒ දෙවතාවන් අතුරෙන් ඒ භද්රාළ නම් දිව්යාඋඞගනාවද බුදුන් කරා එළැඹ නමස්කාරකොට එකත්පස්ව සිටියාය. එදවස් දශදහසක් සක්වල දිව්යාබ්රකහ්මයන් මධ්යකයෙහි ඒ භද්රාා නම් දිව්යා ඞගනාවගේ ‍ෛඑශ්චය්ය්ළැඹ සම්පත්තියත් ගියදවස කළාවූ කුශල කර්මහයත් ප්රරකාශකරවනු පිණිස බුදුරජාණන්වහන්සේ මෙසේ විචාරා වදාළසේක.

“ නීලා පීතා ච කාළා ච මඤ්ජෙ ඪා අථ ලොහිතා, උච්චාවතානං වණ්ණානං කිඤ්ජක්ඛපරිචාරිතා.

මන්දාවරවානං පුප්ඵානං මාලං ධාරෙසි මුඤචති, නයිමෙ අ‍ඤ්ඤෙසු කායෙසු රුක්ඛාසන්ති සුමෙධසෙ.

කෙන කායං උප පත්තා තාවතිංසං යසස්සිනි, දෙවතෙ, පුච්ඡිතාවික්ඛ කිස්ස කම්මස්සිදං ඵලං” ති

යනුහෙයින්, “එම්බා දිව්යාකඞගනාව, තී වනාහි නීල පීත ලොහිතාවදාන මඤ්ජ්යිඨපභස්සරය යි කියනලද අනෙක ප්ර‍කාර වර්ණ සම්පන්න පත්රපකිඤ්ජල්ක කෙශරපඞක්තියෙන් හෙබියාවූ මදාරා මලින් ගොතා කරණලද මුදුන්මල්කඩින් හා ‍අනෙකප්ර කාර විචිත්රක චිත්රන කර්මාඤන්තයෙන් හෙබියාවූ මල් වඩම්වලින් සැරහී සෙසු දෙවතාවන් මධ්යායෙහි දීප්තිමත්ව බබලන්නෙහිය. මේ දෙව්ලොව සෙසු දෙවතාවන් අතුරෙහි මෙබඳු මල් ගස් නැත්තේය. අනෙක් 72 සිංහල විමාන වස්තු ප්ර්කරණය.

දෙවතාවන් අතුරෙහි බෙඳු සැරසීමක් නැත්තේය. මහත්වූ යශශ්රීන ඇති එම්බා දෙවතාදුව, ගියදවස, තී විසින් කරණලද කවර කුශල කර්මියක් හෙතුකොටගෙන මේ තවුතිසා භවනයෙහි උපන්නීද? මා විසින් විචාරණලද මේ පැණය මේ දෙව් බඹ පිරිස් මැද ප්ර්කාශකරව. යම් කුශල කර්මකයකින් මෙබඳු දිව්යණශ්රීඹසම්පත්තියක් ලබනලද්දේ වීනම්, ‘ඒ කුහල කර්මඑයාගේ මේ ඵලය’ යි කියා ප්ර‍කාශකරව”යි වදාළසේක. එකල්හි ඒ දිව්යාුඞගනා‍තොමෝ, ‘එසේය, ස්වාමීන්වහන්සැ”යි බුදුන් වදාළ වචනය මුදුණෙන් පිළිගෙන දොහොත් මුදුන් දී සිට මෙසේ ප්රරකාශකළාය.

“ භද්දිත්ථිති මං අඤ්ඤිංසු කිම්බිලජයං උපාසිකා, සඬා සීලෙන සම්පන්නා සංවිභාගරතා සදා.

අච්ඡාදනඤ්ච භත්තඤච සෙනාසන පදීපියං, අදාසිං උජුභූතෙසු විප්පසන්තෙන චෙතසා.

චාතුද්දසිං පඤ්චදසිං යාච පකඛස්ස අට්ඨම්, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞග සුසමාගතං, උපොසථා උපවසිස්සං සදැ සීලෙසු සංචුතා.

පාණාතිපාතා විරතා මුසාවාදා ච සඤ්ඤතා, ත‍ෙථය්යාා ච අතිචාරා ච මජ්ජපානා ච ආරකා.

පඤ්චසික්ඛාපදෙ රතා අරියසච්චාන කොවිදා, උපාසිකා චක්ඛුමතො අප්පමාදවිහාරිණී.

කතාවාසා කතකුසලා තතො යුතා, සයං පභා අනුවිචරාමි නන්දානං භික්ඛු චහං පරමහ‍ිතානුකම්පකෙ, අභොජයිං තපස්සියුගං මහාමුනිං.

කතාවාසා කතකුශලා තතො යුතා, සයං පභා අනුච්චරාමි නන්දානං. අට්ඨඞගිකං අපරිමිතං සුඛාවහං, උපොසථං සත්තමුපාවසිං අහං

කතාවාසා කතකුසලා නතො යුතා, සයං පභා අනුවිවරාමි නන්දානං” ති.

යනාදීන් දක්වනලද හෙයින් ශ්ඬාසම්පන්නව යහපත් ආචාර සමාචාර ඇති හෙයින්ද නුවර වසා ගලා එන්න‍ාසේ ඉතිර සිංහල විමාන වස්තු ප්ර කරණය. 73

නැංගාවූ ගංගා ජලප්රසවාහය පතීව්‍රතා ධර්මක සඞඛ්යා7න සත්ය‍ ක්රිලයා බලයෙන් සන්සිඳුවා නුවර වාසීන් විස්මය පත් කරවූ අඛණ්ඩාජිද්රරවූ සිල් ඇති බැවින්ද යහපත් උත්තම ස්ත්රිීයයි යන අර්ත්ථඛයෙන් කිම්බිල නුවර වාසීහු මට භද්රා් නම් උපාසිකා යයි කියා දනිත්මය, ආමන්ත්රාණය කෙරෙත්මය. එබැවින් ස්වාමීනි, ශ්රසද්ධාශීලාදී ගුණ සම්පන්නව තුනුරුවන් කෙරෙහි පැහැද දාන සංවිභාගයෙහි ඇලුම් ඇතිව ඉහලොක පරලොකාර්ත්ථ දැන වසන්නෙම්, චීවර, පිණ්ඩපාත, සෙනාසන, ගිලාන ප්රගත්යනය යන සිවුපසය දානයෙන් අෂ්ටාය්ය්ග පුද්ගල මහා සංඝයාට උපස්ථාන කෙළෙමි. අන්තපාන වස්ත්රාෙභරණ මාලා ගන්ධන විලෙපන සෙය්යට ආවාස ප්ර දීප යන දශවිධ දාන වස්තුවෙන්ද පූජා සත්කාර කෙළෙමි. තුදුස්වක්, සළොස්වක්, අටවක් පාටිහාරිය පක්ෂ ය යන පොහෝ දවස් අෂ්ටාඞග සමන්විතව බුදුසවුවන්ගේ ගුණයට අනුකූලව පෙහෙවස් විසීමි. නිරන්තරයෙන් පංච ශීලය රක්ෂා කෙළෙමි. එබැවින් විශෙසයෙන් ප්රාරණඝාතයෙන් දුරුවීමි. ලේඩිත්තකු‍ත් නොනැසීමි. වි‍වශේෂයෙන්ම අදත්තාදානයෙන් දුරුවීමි. පර සන්තක බව දැන නූල් රැළක් පමණවත් සොර සිතින් වේවයි, බලාත්කාරයෙන් වේවයි, අනුන් අයිති බඩුවක් නොගතිමි. විශෙෂයෙන්ම කාමමිථාචාරයෙන් දුරුවීමි. කිසි කලෙකත් මා සමනාණන් හැර රාගයෙන් පෙරළුනාවූ සිත් ඇතිව පර පුරුෂයන් මුහුණ නොබැලීමි. විශෙෂයෙන්ම මුසාවාදයෙන් දුරුවිමි. කෙළි පිණිසවත් බොරු බසක් නොකීමි. විශෙෂයෙන්ම සුරා පානයෙන් දුරුවීමි. පිනි බිඳක් පමණවත් රා ටිකක් නොබීවෙමි. තවද ශ්රාද්ධා නැමති ධනය, ශීලය නැමති ධනය, පාපයෙහි ලජ්ජා වශයෙන් පවත්නා හිරි නැමති ධනය, පාපයෙහි ලජ්ජා වශයෙන් පවත්නා හිරි නැමති ධනය, සසර භය වශයෙන් පවත්නා ඔත්තප්ප නැමති ධනය, මහණ බමුණන් කරා එළැඹැ ඇසූ පිරූ තැන් ඇති බැවින් ශ්රැිත නැමති ධනය, දන් දීම් වශයෙන් පවත්නා ත්යාපග නැමති ධනය, ප්ර ඥා නැමති ධනය යන මේ සත් වැදෑරුම් වූ ආය්ය්සර ධනය පෙර කළ පිනින් ලත් බැවින් බුදුරජාණන් වහන්සේගේ ෂාසනයෙහි අප්රේමාද විහාරිවූ උපාසිකාවක් වීමි. එසමයෙහි අග්රස ශ්රාඅවක දෙදෙනා වහන්සේ ලැබ ප්රාණීතවූ භොජනයෙන් සන්තර්ප ණය කෙළෙමි. මෙසේ කරනලද කුශල් හෙතුකොටගෙන මේ දිව්යභ සම්පත් අනුභව කෙරෙමි”යි කිව. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්යය පුත්රකයා ප්රකධානකොට ඇති දස දහසක් සක්වල දිව්යජ බ්ර හ්මයන්ට තුන් මාසයක් මුලුල්ලෙහි ජල පොළවසේ අති ගම්භිර වු අභිධර්මණ පිටකය දෙශනාකොට වදාරා ඉක්බිති මිනිස්

10


74 සිංහල විමාන වස්තු ප්රමකරණය.

ලොවට වැඩ භික්ෂු් සඞඝයාට ආමන්ත්රාණය කොට භද්රාල නම් දිව්යාකඞගනාවගේ විමානය ප්රිකාශකොට බණ වදාළසේක. ඒ ධර්ම් දෙශනාව එතන්හි සම්ප්රා ප්ත පිරිසට ප්රියොජන විය.

මේ විමානවස්තු ප්රයකරණයෙහි චිත්ර ලත‍ා වර්ගදයෙහි භද්රාම විමාන වස්තු වර්ණිනාව කියා නිමවනලදී.

6. සොණදිනන විමාන වර්ණ නාවද, 7. උපොසථ විමාන වර්ණ‍නාවද, 8. සද්ධා විමාන වර්ණානවද, 9. සුනන්දාි විමාන වර්ණනනාවද, පළමු කී නයින් දතයුතු

භික්ෂාීදායිකා විමාන වස්තුව

තවද මේ විමාන වස්තු ප්රිකරණයෙහි චිත්රරලතා වර්ග යෙහි දස වැනිවූ ශික්ෂා දායිකා විමාන වස්තුව නම් කවරුයත්:— එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු.

අසරණ සරණවූ කරුණා නිදානවූ භාග්ය වත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩ වසන සේක. එසමයෙහි උත්තර මධුරා නම් නුවර සමීපයෙහි නුවරින් පිටත වසන්නාවු ගෙවුනාවූ ආයු ඇතිව අපායෙහි උපදනා අකුසල් ඇත්තාවූ එක්තරා ස්ත්රීනයක් ඇත්තීය. එසමයෙහි භාග්යඋවත් බුදුරජාණන් වහන්සේ එක් දවසක් අලුයම් වේලෙහි මහා ‍කරුණා සම්පත්තීන් නැගී මුලු ලෝ බලා වදාරන සේක්, ගෙවුනාවු ආයු ඇතිව අපායෙහි උපදින්ට සුදුසුවූ ඇති ඒ ස්ත්රි ය දැක වදාරා අපායට යන ගමන් වළකා සුගතියෙහි උපදවන කැමතිව කරුණාව විසින් චොදනා කරන ලදින් හුදකලාව උත්තර මධුරාවට වැඩ පෙරවරු භාගයෙහි හැඳ පෙරව පා‍ සිවුරු ගෙ නපිටි නුවරට පිඬු සිඟා වැඩි සේක. එසමයෙහි ඒ ස්ත්රී‍ තොමෝ අහර පිස එකත් පසෙක තබා පැන් තොටට ගොස් දිය නහා ඉක්බිති පැන් කළයක් ගෙන ගෙට යන තැනැත්ති අතර මගදී බුදුන් දැක, “කිමෙක්ද, ස්වාමීනි, නුබවහන්සේ විසින් යම් කිසි භොජනයක් ලබන ලදදැ?යි විචාරා, “මතු ලබම්හ”යි බුදුන් විසින් වදාළකල්හි අහර නොලත් බව දැන පැන් කළය බිම තබා බුදුන් කරා එළඹැ නමස්කාර කොට, “ස්වාමීනි, නුඹවහන්සේට පිණ්ඩසපාතය දෙමි, මාගේ දානය සිංහල විමාන වස්තු ප්රිකරණය. 75

ඉවසා වදාළ මැනව”යි ආරාධනා කළාය. එකල්හි බුදුරජාණන් වහන්සේ මුවෙන් නොබැණ ඉවසා වදාළ‍සේක. ඒ ස්ත්රීු බුදුන් මුවෙන් නොබැන දානය ඉවසු බව දැන පභමුවෙන්ම ගෙට ගොස් දිය හිස යහපත්කොට හමදනා ලද භූමි ප්රදදේශයෙක්හි ආසනයක් පණවා බුදුන් වඩිනා පෙරමග බල බලා සිටියාය. බුදුරජාණෝ ගෙට වැඩ පණවනලද ආසනයෙහි වැඩහුන් සේක. ඉක්බිති ඒ උපාසිකාව පිළියෙලකරණලද භොජනයෙන් වැළඳවූවාය. කරණලද අහරකිස ඇති බුදුරජාණෝ අතින් පහකරණලද පාත්රෙය ඇතිසේක් දානානුමෝදනාවෙන් බණ වදාරා වැ‍ඩිසේක. ඒ ස්ත්රීත අප්රදමාණවූ ප්රීුතියෙන් පිරුණාවූ සිත් ඇතිව එසේ උපන් ප්රීවතිය නොහැර වඩිනා බුදුන් යම්තාක් ඇසට විෂයව පෙනේද ඒ තාක්කල් බුද්ධාලම්බන ප්රීහතියෙන් බල බලා වැඳ සිටියාය. ඊට අනතුරුව ඒ උපාසාකාව කීප දවසක් ගිය කල කාලක්රිීයාකොට තවුතිසා දිව්යිලොකයෙහි උතුම්වූ රන් විමනෙක උපන්නීය. පරිවාර ස්ත්රීසහුද දහසක් පමණවූහ. එසමයෙහි ආයුෂ්වත්වූ මුගලන් මහතෙරුන්වහන්සේ දෙචාරිකාවෙන් වඩනාසේක් බුදු මුඛ‍යකිනුත් කියා නිමාවාලිය නොහැක්කාවූ ශ්රී සමපත් අනුභවකරන්නාවූ ඒ දිව්යාතඞගනාව දැක මෙසේ විචාළසේක.

“ අභික්කන්තෙන වණ්ණෙන යා ත්වංි තිට්ඨසි දෙවනෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධි විය තාරකා”

යනුහෙයින්, “එම්බා දෙවතාදුව, තී ඔසධී තාරකාවක්සේ දස දිග් එකාලොක කෙරෙමින් බබලන්නීය. මේ දිව්ය, සම්පත් ලැබීමට කළාවූ කුශල කර්මොය කවරේදැ?”යි විචාරා වදාළසේක. එකල ඒ කුශල කර්මූය ප්රිකාශ කරන්නාවූ දිව්යාකඞගනා තොමෝ මෙසේ ප්රාකාශ කළාය.

“අහං මනුස්සෙසු මනුස්සභුතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ, අද්දසං විරජං බුඬං විප්පසන්නමනාවිලං තස්ස ආදාහං භික්ඛං පසන්නා සෙහි පාණිහි තෙන මෙ තාදිසො වණ්ණො-පෙ-පභාසති”

යනු හෙයින්, “ස්වාමීනි, මම මිනිස් ලොව උපන් සමයෙහි බුදුන් දැක සතුටුව ආහාර දානයක් දිනිමි. එපමණ කුශලය හේතුකොට ගෙන මෙබඳු දිව්යෙ ශ්රීු සම්පත්තියක් ලදිමි”යි කිව. ඉක්බිති මුගලන් මහ තෙරුන්වහන්සේ මිනිස් ලොවට වැඩ


76 සිංහල විමාන වස්තු ප්රහකරණය.

බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදුරජාණෝ එම අර්ත්ථොරප්පත්තිකොට ගෙන එතැන්හි සම්ප්රාැපිත පිරිසට ධර්මු දෙශනාකොට වදාළ සේක. ඒ ධර්මත දෙශනාව බොහෝ දෙනාට ප්රායෝජන විය.

දුතිය භික්ෂා්දායිකා විමාන වස්තුවද මේ නයින් දතයුත්. මේ විමානවසුතු ප්ර්කරණයෙහි චිත්ර ලතා වර්ග්යෙහි භික්ෂාාදායිකා විමාන වස්තු වර්ණනාව කියා නිමවනලදී