පියදාස සිරිසේන නවකථා එකතුව- 05-පළමුවන පාසැල ii

09. පරිච්ජේදය

    මේකී කථාන්තරය තාම අතට ලැබී තිබෙන ලියමනට බලවත් සාක්ෂිය්ක බව වසන්තට වැටහුනේ ය. චන්ද්රාී ගේ රූපයත් කතා බසුත්නුවණත් ශික්ෂිත්්‍ භාවයත් තමා පැමිණි ටික වේලාවේදි ම හොඳින් ප්රබත්යරක්ෂ කරගත් වසන්ත මැන්චිහාමිට ස්තුති කොට දැන් ආයම්මා චන්ද්රාර පිළිබඳව කී කතා ප්රුවෘත්තිය අසාගෙන වුන්නා. ඔය  කී කරුණු  නිසාක වු හොඳින් දන්නා කරුණු ද නැතහොත් චන්ද්රාු හෝ වෙන කෙනෙක් කියාපු කරුණු දැ”යි ඇසුයේ ය. “අනේ හාමු මහත්මයා, ඒ මා කී වචන එකක්වත් කාගෙන් වත් අසාපු එකක් නොවේ. මම බර්ඩ් මහත්නු ළඟ රක්ෂාවට අවුත් අවුරුදු දහයකටත් වැඩි ය. චන්ද්රා  නෝනා ගේ මෑනියන් හා- හාමු මහතා ගේ මෑනියන් ගුණතිලක මැතිණිය ගැණත් දැනගෙන අවුරුදු දොළහකටත් වැඩි ය. චන්ද්රාක මා සමග නිත්යෙ ආශ්රායට අවුත් අවුරුද්දකටත් වැඩි ය. ඉතින් මට වඩා හොඳන් මේ චන්ද්රා  නෝනා ගැන දන්නා කිසිවෙක් නැත. බාගවෙලාවට ඒ චන්ද්රාා නෝනා වත් එය‍ා ගැන මා තරම් ‍ෙහාඳන් දන්නේ නැත’යි කීවා ය.
      “ඔව්, අයම්මා ගේ කීම මම විශ්වාස කරමි. මක්නිසාද මගේ චරිතය මා ආශ්රුය කරන යහපත් මිත්ර යන් මටත් වඩා හොඳින් දන්නා බව මට වැටහුනා. ඉතින් චන්ද්රාඳ නෝනා සමගත් පැයත් හමාරක් කථා කරන්ට කැමතියි. කරුණාකර ආයම්මා අර ඉස්තෝප්පුවේ කාරමයේ ඉඩ දෙන්නට කැමති ද?. කිමති නම් චන්ද්රාා නෝනා සමඟ රහසින් වා‍ගේ කතා කරන්ට වුවමනා බැවින් අයම්මා එන්ට කමක් නැත කීවාම ඊට අතිශයින් සතුටුව මැන්චිහාමි චන්ද්රා? වෙත ගොස්- අන්න නෝනා අර කාමරයට ගොස් හාමු සමඟ තීක්ෂණ බුද්ධිමතියෙක් ලෙස කතාබස් කොට මේ සතියේම ගුණතිලක මැතිණිය වෙන්ට. මැන්චිහ‍ාමිවත් මතක නැති කරන්ට එපාය”යි විහිළු වශයෙන් කියා ගේ ඇතුළට ගියා ය.




පියදාස සිරිසේන නවකථා එකතුව 507

චන්ද්රාස උගත් නිර්භිත භය ලැජ්ජා සහිත කුල ස්ත්රී යක් මෙන් පොත්පත් හා ලියන මේසාදියේන පරිපුර්ණ කන්තෝරු කාමරයට ගොස්- ලියන මේසය පසෙක්නි ති‍බෙන පුටුව පිටවුන් වසන්ත චන්ද්ර ගේ රූපශ්රීිය දැකීමෙන් ප්රොමුදිතව විලිබරින් මඳ මඳව ඇස්පිල්ලන් ගසතත් වසන්ත කුමක් අසන්නේ දැයි ඉවසිලි නැති විය.

වසන්ත - අද මා මේ ස්ථානයට පැමිණියේ මිට කලින් චන්ද්රාී ගේ තොරතුරු ටිකක් දැනගත් බැවින් වැඩි දුරටත් එය දැන ගන්නා පිණිසයි. ඉතින් සතුටු නම්-චන්ද්රාබ මගේ භාර්යාව විමට කැමති ද?.

චන්ද්රාබ - සැඩ පහරකට අසුව්-ජිවිතාලයෙන් දඟලන කෙනෙකු යම්කිසි විර්යවන්ත ශක්ති සම්පන්න සත්පුරුෂයෙකු විසින් සැඩ පහරින් මුදා ගන්ට දැයි අසනවිටි අර චන්ඩ ඕඝයේ දඟලන ජිවිත ආශාව ඇති අය යම්සේ සතුටුවන්නේ ද එමෙන්ම- ම‍ාාගේ දුඃඛිත අනාථ අසරණ භාවයෙන් ගැලවිමට කැමති ඔබ වැනි බුද්ධාංකූරයෙකුට-කුමාරයෙකුට භාර්යාව විමට කැමති ‍නොවෙතොත් පුදුමයක් නොවේ ද?.

වසන්ත - මේ ප්රයශ්නය පළමුවෙන්ම ඇසුවේ-චන්ද්රාව වෙන තැනකට බහ දී ඇති තැති බවත්- වැඩි ධනවත් කමක් නැති මා කෙරෙහි කැමතිවේද යන බවත් දැන ගැණිමටත් ය. ඉතින් මා කෙරෙහි කැමති නම් මා සමඟ විවාහ විමට බාධාවකුත් නැති නම්- දැන් වැඩි කතාවක් වුවමනා නැත. නමුත් මට එක කාරණයක් අවශ්යියෙන්ම දැනගන්ට ඕනෑ ය. චන්ද්රාව ගේ පළමුවෙනි පාසැල ගැනයි.”

චන්ද්රාැ - මගේ “පළමුවෙනි පාසැල” ඉතාමත් ප්රැශස්ත එකකි. සුධාර්මා විජයසේකර නමැති මෑණියන් ගේ පිරිසිදු ගර්භය මගේ පළමුවෙනි පාසැලයි” ලජ්ජා භය නමැති ආභරණ පැළදි-ඒ මගේ මෑණිය්න වහන්සේ අලෝභ අදෝෂ අමෝහ යන කුසල් සිත් බහුල වශයෙන්ම ඉපදී වු කෙනෙකි. ඒ අනුව දාන සීල භාවනා යන පින්කම් ද ශක්ති තරමින් නිරතවු කෙනෙකි. පරාර්ථචර්යාව පුරුදු කළ ඒ මෑණියන් වහන්සේ-රත්නත්රදය කෙරෙහි පැවැත්වු භක්ත්යාුදරය කවදාවත්ම අඩුවුනේ නැත. ඒ නිසාම ප්රැඥාව වැඩි දියුණුකළ ඒ මෑණියන් ගේ සිතිවිලි ආත්ම ගෞරවය-ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය යන ධෛර්ය





508 පළමුවන පාසැල


සම්පන් සිතිවිලි ය. කාගේවත් පිහිට- කාගේවත් වහල් භාවය- ආත්මාර්ථකාමි පහත් අදහසක් කවදාවත්ම සිත් තුළ නොපැවති ඒ මෑණියන් වහන්සේ අපේම ජාතියේ ශ්රේ ෂ්ඨ භාවයත්-ඒ ජාතිය කෙරෙහි අචල ප්රේනමයත් ඇති කෙනෙක් ය. දේවාන්ම පියතිස්ස දුටුගැමුණු පරාක්රරමබාහු ආදී තේජවන්ත රජුන් හා විහාර මහා දේවි ආදී බිසෝවරුන් ගැනත් නිතරම මෙනෙහි කළ අපේ මෑණියන් වහන්සේ පිරිසිදු උසස් කුසල් සිත් වලින් සත්වයා උසස් වන සැටිත්- ලේභ ද්වේෂ මෝහ යන පාප සිත්වලින් සත්වයන් පව්කාරයන් වන හැටිත් දැනගන වුන් කෙනෙකි. ගුණතිලක මැතිණිය නමින් රටේ ප්රුසිද්ධව විසු තමුන්නාන්සේගේ මෑණියන් වහන්සේගේ හිතෛෂි මිතුරියක්ව විසීමෙන්ම තමුන්නාසේට අප මෑණියන් ගැන කියන්නට වුවමනා නැත. නුමත් මා ඉගෙණගත් දෙවෙනි පාසැලේ කළමනාකාර මහාත සමඟ අ‍පේ පියා එක් දිනක් කථා කරද්දි මමත් ළඟ සිටියෙමි. ඒ කතාවට හේතුව ඒ කළමනාකාර සිල්වා මහතාට එදින මඟුල් ගේකට යන්ට තිබුණ නමුත්- උන්නැහේගේ නෝනාට ගෙණා ඔසරිය-රුපියල් තිස්පහක ඔසරිය. ‍ෙහාඳ මදිය කියා මඟුල් ගෙදර නොයාමෙන් ගෙදර කලබලයක් ඇති වු බවත් ඒ නිසා ඉස්කෝලයට ඒම ප්රගමාද වු බවත් කිවුවිට අපේ තාත්තා කිවේ. “සිල්වා මහතාණනි, මා විවාහයට ඇතුළත්ව දහඅට අවුරුද්දකි. මේ දීර්ඝ කාලය තුළ මේ ඇඳුම් නරකය-මේ ද්ර ව්යත නරක යයි මේ තාක්ම අසන්ට ලැබුනේ නැත. මොනම නරක දෙයක් ගෙණ ගියත්- ඉතාම හොඳ යයි මා සතුටු‍කොට ඒ ඒ දේ ඒ විධියට යොදවන්ට පුරුදු කරගත් මගේ භාර්යාව වැනි ඉවසිලිවන්ත ස්ථානේචිත ඥානයෙන් යුත් ස්ත්රීරන් විරලවිමම අපේ ජාතිය දියුණු නොවන්නට හේතුව තිබේ” යයි කියුන අසා සිටි මට- මගේ පියාණන් හා මෑණියන් කෙතරම් සමගියෙන් කල් යැව්වෝ ද යන වග ‍ෙහාඳින් වැටහුනා. ඉතින් එබඳු පියෙකුට දාව-සදාචාර ගුණ සම්පන්න මෑණි කෙනෙකු ‍ෙග් ගර්භය නමැති පළමුවෙනි පාසැලේ නවමස් පසළොස් දිනකුත්-ඉන් ඉක්බිති ඒ ගුණවත් මවුපියන් ගේ අශ්ර යේ තවත් අවුරුදු පහකුත් ඉන්පසු ලක්දිව තිබෙන ඉතාම හොඳ පාසැලේ ආචාර්යවරියක්ව වුන් මෑණියන් ගේ ආරක්ෂා‍වේ දස අවුරුද්දකුත්-ඒ මාතාවත් ගේ මරණයෙන්





පියදාස සිරිසේන නවකථා එකතුව 509


පසු අවුරුද්දක් ආචාර්යව සිට-එතන අයුතු අශෝභන තැනක් බැවින්-ඒ අත් හැර මේ ඉන්නා ඉතා වැදගත් ශිෂ්ටාචාර සම්පන්න ඉංග්රීබසි‍ මහතුන් සමඟ අවුරුද්දකුත් කල් ගතකරණ මගේ බාහිර ඔපය හා රූප ලක්ෂණ මදිවා මිසක් ධන සම්පත් නැ පිරිස් ආදීයෙන් හැනවා මිසක්-උසස් ගතිගුණ ආදියෙන් කිසිම ඌනතාවයක් නැති බව මහතාණන් ඉදිරිපිට නිර්භයව කියා සිටිමි.

වසන්ත - ඔව් චන්ද්රාත සමඟ වැඩි වේලාවක් කතාකරන්නට සිතා සිටි නමුත් දැන් වුවමනා නැති බව සලකිමි. ඉතාමත් ටිකෙන් වුවත් මා විසින් දැනගත යුතු සියල්ලක්ම චන්ද්රාක ගේ කථාවෙන් ප්රකකාශ විය. දැන් ඉතින් උවමනා කරන්නේ අපේ විවාහය සිදුකර ගන්නා හැටියි. බර්ඩ් මහතුන් ගේ පවුල ලක්දිවින් පිටත්ව යන්නේ කවදා ද?

චන්ද්‍ිනා - ඒ මහත්තැන් නුවරඑළියට ගියේ ඊයේ සෙනසුරාදා ය. නැවත බ්රදහස්පතින්දා ‍ෙකාළඹ එන බවත් එදාම රෑ ‍හෝ සිකුරාදා උදේ දහයට පමණ නැව් නඟින බවත් කීවා. මටත් යුරෝපයට යන් කතා කළා. ම‍ගේ ගමන ඉෂ්ට නොවෙතොත් ඒ මහත්තැන් මෙහාට එනතුරු කොයිබවත් නොගොස්-මේ ආයම්මාත් සහ කුස්සි අම්මත් සමඟ මෙහිම ඉන්ට කීවා. ඉතින් ඒ මහත්තැන් එනතුරු මේ බංගලාවෙන් පිට යාම මගේ යුතුකමක් නොවේයයි කීවාම- “ඔව් චන්ද්රාේ බොහොම හොඳයි” එතකොට ඒ මහත්තැන් අවුත් එංගලන්තයට යන දවසේ රෙජිස්ට්රාතර් ජලරාල් කන්තෝරුවේදි නීති ප්ර්කාර අපට කසාද බඳින්නට පුළුවන. මගේ මිත්ර ස්කොට මහතාට කිවාම-ඉඩ තිබෙතොත් බර්ඩ් මහතාත් ඒ නෝනාත් ඉදිරිපිටම අපේ විවාහය රෙජිස්ටර් කරන්නට පිළිවන. යම් හෙයකින් සිකුරාදා උදේම හෝ ඊට කලින් ඒ මහත්තැන් නැව් නැග්ගොත්-හරියටම උ‍දේ නවයකුත් තිස්පහට රෙජිස්ට්රා ර් ජනරාල් කන්තෝරුවට එන්ට. මම මගේ මිත්රේ ස්කොට් මහතා සහ මගේ කටයුතු කරණ අල්විස් පෙරකදෝරු මහතාත් සමඟ හරියටම නවයකුත් තිහට රෙජිස්ට්රා්ර් ජනරාල් කන්තෝරුවේ විවාහ සිදුකරන ශාලාවේ ඉන්නෙමු. ඒ සඳහා උවමනා කතා බස් ලිය කියවිලි ආදිය සුදානම් කරගෙන ඉන්නෙමු. චන්ද්රාා මෝටර් රථයක් ගෙන්වාගෙන එහි නැගි ධෛර්යමත් නුවණ ඇති සිංහල ස්ත්රීඳයක්





510 පළමුවන පාසැල


මෙන් එන්ට. මගේ මැණිය්න මට අන්තිම අවවාදය වශයෙන් කියා තිබෙන්නේ නීති ප්රසකාර විවාහ වෙනතෙක් කිසිම ස්ත්රී යක ගේ අතක් වත් ස්පර්ශ නොකරන්ටයි. ඒ අවවාදය නිසා අවුරුදු පහකට වැඩි කාලයක් ලෝකයේ තනියම ඇවිද්ද මම මේතාක් ස්තරීදය යකට අතට අත දිමෙන්වත් කිළුටු නුනෙමි. චන්ද්රාස මගේ සපත්තු දෙක අල්වාගෙන වැඳ නමස්කාර කළ වේලාවේවත්- චන්ද්රා් නැගුටුවා මුහුණ සිඹ මගේ ප්රේඅමය නොදැක්වුයේ ඒ මගේ ගුණවත් මෑණියන්ගේ අන්තිම අවවාදයට ගරු කරන පිණිසයි. චන්ද්රාවත් ස්වකීය මෑණියන්ගේ අන්තිම අවවාද දසය හොඳින් පිළිපදින කෙනෙක් බව සලකමි. විරියත් නුවණත් ඉවසීමත් හැම වේලේම ඉදිරිපත් කරගෙණම ජිවත් නුනොත්- අපේ ආත්ම තිරිසන් ආත්මවලට වඩා දෙවෙනි ‍ෙනාවේ. ඉතින් මම යන්නෙමි. චන්ද්රා ට මා කියාපු කරුණු මතකද?. එසේම ඉෂ්ට කරන්ට පිළිවන්දැ”යි වසන්ත චන්ද්ර පුටුවෙන් නැගිටිමින් ඇසුවේ ය. රාජාභිෂේකය ලත් බිසොව්ක මෙන් සතුටෙන් හරිත වු චන්ද්රාේ-වසන්ත ඉදිරිපිට බිම වැටි නමස්කාර ‍ෙකාට “ඔබගේ අදහසත් කීමත් මට හොඳින්ම වැටුහනා. නියම කළ අන්දමට සිකුරාදා උදේ එන්නෙමි”යි කියා වසන්ත සමඟම ඒ කන්තෝරු කාමරයෙන් එලියට ආවා ය.

    වසන්ත හා චන්ද්රාි කරන කථා කොයි වේලේ අවසාන ව‍න්නේදැයි නොඉවසිලිවන්තව එහෙ මෙහෙ ඇවිදිමින් වුන් මැන්චිහාමි අයම්මා වසන්ත ඉදිරියමට අවුත් “මොකද හාමු මහත්මයා-චන්ද්රාඅ නෝනා සමඟ ඉතාමත් ස්වල්ප වේලාව්ක කතා කළේ? මා හිතා වුන්නේ පැයක දෙකක දීර්ඝ සාකච්ඡාවක් ඇති වේය කියා යි. ඉතාමත් ඉක්මනින් කටයුතු තීරණය කරගත්තා දැයි සිනාසෙමින් ඇසුවා ය.  “ඔව් ආයම්මා. මේ අපි දෙදෙනාටම එක හා සමාන පළමුවෙනි පාසැල්වල නමුත් කතා බස් කරගත හැකි” කියා යන්ට පිටත්වුනාම ගේට්ටුව ළඟට දිව ආ ආයම්මා-“හාමු මහත්මයා ඉන්නේ කොයිබද-චන්ද්රාට නෝනා මේ බංගලාවේ ඉන්නා බැවිනුත් මහත්තැන් එන්නේ බදාදා බැවිනුත් හෙට උදේ රික්ෂෝ රථයකින් හාමු මහතා පදිංචි ස්ථානයට එන්නෙමි”යි කීවාම-ගේ පිහිටා තිබෙන ස්ථානයත් එහි නොම්මරයත් කියා වසන්ත යන්ට ගියේ ය.






පියදාස සිරිසේන නවකථා එකතුව 511


   ඔහු ස්වකීය බංගලාවට ගොස් වතුර නා දහවලක් බත් අනුභව කොට නිමි සැනසිල්ලේ උන්නේ ය. සවස හතරට පමණ මඟුල් ජෝඩු කිරිමේ නියුක්ත අවුනේරිස් අප්පු තවත් කෙනෙකුත් සමඟ වසන්ත හාමු සම්භවිමට අවාහ. “මාව හාමු මහතා අඳුනනවානේද? ම මඟල් කපුවෙකි-මේ අවුත් ඉන්නේ සිරිවර්ධන රාළහාමිලා ගේ ලියන මහත්මයා ය. මා අවේ එදා කතා කරගෙණ ගිය අන්දමට සිරිවර්ධන රාළහාමිගේ දියණිය ජෝඩු කිරිමටයි.  අක්කර පනහක පොල්වත්තකුත් අක්කර හතලිහක රබර් වත්තකුත් ‍ෙකාළඹ කුරුඳුවත්තෙන් ලොකු බංගලාවකුත් ‍ඊට උවමනා දැව භාණ්ඩත මුදලෙන් -රුපියල් දස දාහකුත් රුපියල් හත්දාස් පන්සියයක රන්‍‍  මිණි මුතු ආභරණත්-අළුත් සැලුන් කාරයකුත් දයාද වශයෙන් දෙන බව කියා මේ මඟුල ඉක්මණින්ම ජෝඩු කරන්ටයයි සිරිව‍ර්ධන ළමාතැනි කීවා. මම ඉක්මන් කරන්නේ නැත කියා මේ ලියන මහත්මයාවත් පිටත් කර ඒව්වාය”යි අවුයන්රිස්  අප්පු කීයේ ය. මොකද අවුනේරිස් හදිසි අසනීපයක් ද-පොල්, රබර්, ගෙවල්, මුදල්, ආභරණ, කාර් යන සියල්ලම දීලා-ඔය මන්මාපලිය දෙන්ට හදන්නේ තදබල අසනීපයක්දැයි” යි ස‍ිනාසෙමින් වසන්ත චන්ද්ර  ඇසුවේ ය. “නැහැ ඒක නොවෙයි- එක දවසක් මම හාමු මහතා ගැන කරුණු කීවා. ඉතින් ඊයේ හාමු මහතා ආනන්ද ශාස්ත්රො ශාලාවේ මහාත සභාවේ ඉන්නා බව  දුටු සිරිවර්දන ළමාතැනිත් තරුණ සිරිවර්ධන මැතිනිය-මනමාලිත්, මහත් ප්රීණතියට පැමිණ මංගලයය ඉක්මනින් ජෝඩු කරන් යයි මට කීවා”යි අවුනේරිස් අප්පු කීවාම  “ආ වුනේරිස්-මට වඩා ශක්තිමත්  දේහයක් ඇති-රදල පවුලක කෙනෙකුට වුවත් ඔපමණ වතුපිටි දේපල ආදිය සමඟ හිරයක් දෙන්ට බැරි ද?.  මොකද  ඒ‍ෙගාල්ලට මාවම ඕනෑ කරන්නේය”යි වසන්ත ඇසුවේ ය. “හාමු මහතා වැදගත් පවුලක උපන් ශිල්ප ශාස්තර කර හොඳින් උගත්;-ධන සම්පත් ඇති-රූප ලක්ෂණයෙන් යුත්  නිසා මිසක් දුප්පත් පහත් මිනිහෙකුට නම් දෙන්නේ නැත. ඊයේ මහත්මයා දුටු වේලේ පටන් ඒ මනමාලිට ඉවසිල්ලක් නැත. සිරිවර්ධන රාළහාමිටත් එසේම ය. ඒ නිසා තමයි මේ රුපියල්  ලක්ෂයකටත් වැඩි දායදයක් දෙන්නේ” “අනේ අවුනේරිස් නිවි සැනසිල්ලේ ඉන්නා මට රුපියල් ලක්ෂ ගණන් දි මාව වාලෙට ගන්ටයි හදන්නේ ?  සිරිවර්දන රාළහාමි බොතේජු නෝනා කියන ස්ත්රීා සමඟ රහසින් එක්විම නිසා-සිරිවර්ධන මැතිණිය දික්කසාදය ඉල්ලා දාපු නඩුව අවුනේරිස් අප්පු දන්නවාද?.  තරුණ සිරිවර්ධන මැතිණිය දේශපාලන සභාවල හා තව සමාජවලත් සියලුම නැටුම් නටන 





512 පළමුවන පාසැල


කෙනෙකි. කුලඟන සමිති වලත් බල කුනවකි. ඉතින් පියා පරස්ත්රි්න් සමඟ හැසුරුණා-මුව පුරුෂයාට විරුද්ධව නඩු පවරන්ට ඇවිද්දා-දුව ‍ලෝකේ කාපු නැට්ටුක්කාරි- ඉතින් ‍ෙලාකු ධනයක් දීලා ඒ තරුණියට මිනිහෙකු ගන්ටයි හදන්නේ. මේ තරම් හුඟක් කරුණු කීවේ ඔවුන්ගේ ලිපිකරුවෙකුත් ඉන්නා නිසයි. මට ඕනෑ තරම් ඉඩම් කඩම් ගේදොර ආදිය තිබෙනවා. ඒ නිසා මට උවමනා ‍හොඳ “පළමුවෙනි පාසැලකි” උගත් තරුණියෙකි. මින් පසු මට මඟුල් ජෝඩු කිරිමෙන් කමක් නැත” කියා ඔවුන් පිටත්කර යැව්වේ ය.
    අවුනේරිස් අප්පුත්-ලිපිකරුවාත් සිරිවර්ධන වලව්වට ගොස් සිනහ සෙමින් වසන්ත චන්ද්රේ ගුණතිලක මහතා සංක්ෂේපයෙන් කිවු සිර්වර්ධනලාගේ නොපණත් කම් එකට හතක් කොට කියා ඔවුන් දුර්මුඛ කළාහ. “උඹේ වැරැද්දෙන් තමයි මේ නින්දාව”කියන කොට- සිරිවර්ධන රාළහාමි විසින් කරපු දුශ්චරිත තම මායියා එකින් එකට ස්වකීය පුත්රක දුහිතෲන් ඉදිරියේම කියමින් පාරම් බාන්ට පටන් ගන්නා ලද. රහසින් කරණ දුසිරිත්-‍ෙනාපණත්කම් කාටවත්ම යටපත් කොට සඟව්නට බැරි හැටි !.


10. පරිච්ජේදය

     පසු දින සඳුදා උදේ අටට මැන්චිහාමි රික්ෂෝ රථයක නැගි වසන්ත චන්ද්රකගේ බංගලාව සොයා ගෙණ එහි පැමිණියා ය. ඒ වෙලාවට වසන්ත චන්ද්රක මිත්රරයෙකු සම්බවිමට එම විදියේම ගෙදරකට ගොසින් ය. වසන්ත චන්ද්ර ගේ මහළු කුස්සි අම්මාත් අත් උදව්කාරයෙක් වන ලුවිස් අප්පුත්- කොළුවා විලියුනුත්-තේ වතුර බී නිශ්කලංකව සිටි වේලාවය. ආයම්මා ආවොත් නවතින්න කියාපන්නැයි කුස්සි අම්මාට කියා ගිය බැවින්-කුස්සිඅම්මා මැන්චිහාමිට වාඩිවෙන්ට සලස්වා බුලත් විටකුත් දි සංග්ර හ කළා ය. ටිකක් කලබල ඇති ස්ත්රී යක් වන මැනිචිහාමි බංගලාවේ හැම තැනම ඇවිද බලා එහි ඇත්ල් විය. පැරිස් නුවරින් ගෙන්වන ලද රන් පවුන් සියේ ඇඳත්-අල්මාරියත්-කුඩා මේස ආදියත් බැළූ මැන්චිහාමිගේ හිත විකල විය. මෙබඳු ඇඳක සහනය කරන්ට ලැබෙන ස්ත්රීමන් පස්දෙනෙක් වත් අපේ සිංහල රටේ නැත. අනෙ අනේ-මවු පියන් නැති අනාථ චන්ද්රා්ට ලැබෙන්ට යන ඉසුරුයයි-




පියදාස සිරිසේන නවකථා එකතුව 513


වේෂ හිතින් හිතමින්-කෑම කන කාමරය-සාලය-කුස්සිය-ඉතා අලංකාර වු සුදු පිඟන් ගඩෝල් අල්ලන ලද නාන කාමරය -වැසිකිළිය ආදිය බලා මහත් ඊර්ෂාවෙන් යුත් මැන්චිහාමි-ලුවිස් අප්පුත් සමඟ එක්වි අක්කර භාගයක් පමණ වු වත්තේ-අලංකාර මල්ගස්-දොඩම් පැපොල් ආදි පළතුරු ගස් තැන් තැන්හි තබා තිබෙන ලක්ෂණ මල් පෝච්චි ආදිය වලා පුදුමව “‍ආ ලුවිස් අප්පු, මේ අලංකාර වත්තටත්-මේ බංගලාවටත් කොපමණ මුදලක් මාස්පතා ගෙවනවාදැ”යි ඇසුවාය.

   “මොකද ආයා, අපේ හාමු මහත්මයා කුලී ගෙවාගෙණ අනුන්ගේ බංගලාවක ඉන්නා කෙනෙකි ද? හාමු මහත්මයා එරෝපයේ සිට අවුත් මාස දෙකක් යන්ට ඉස්සරීන් මේ බංගලාව හා ඉඩම රුපියල් විසිපන්දාහකට අත් මුදලට ගත්තා. ඒ ගත්තාට පසු රුපියල් පන්දාහකටත් වඩා වියදම් කර බංගලාව රෙපරේරු කොට-රුපියල් පසන්සියේකට වඩා වියදම්  කොට මේ මල් උයන හරිගැස්සුවා. මේ බංගලාවේ තිබෙන බඩු වලින් කැලි තැන හතරක් ඇර අනිත් ඔක්කොම එරෝප්පෙන් ගෙන්වාපු බඩුය. එක දවසක් මිත්රැ මහතෙකු සමඟ මහතා කීවා- එරොප්පෙන් ගෙන් වු බඩු ‍ෙතාගයට රුපියල් දොළොස් දාහක් ගිය බව. ඉතින් අපේ හාමු මහතා අන‍ ුන්නගේ ගේවල කුලියට නුන්නාට උන්නැහේ‍ෙග් කාසි රුපියල් හැට හැත්තෑදාහක් බැංකුවල තිබේනවා. මාසේකට රුපියල් දාහකට වඩා උපයන කෙනෙකි. එබඳු කෙනෙක් වාඩ මොකද මොටෝකාරයක් ගන්නේවත් -උජාරුවට ස්ටයිල් කරන්නේවත් නැති පුදුම උත්තමයෙක්යැ”යි ලුවිස් අප්පු ගේ විස්තරය මැන්චිහාමිට කියා ඉවර වෙන්ටත් පෙර වසන්ත චන්ද්රා ගෙදර ආයේ ය.
   “මොකද-ආයම්මා උදේම ආවා ද?. චන්ද්රාෙට එන්ට බැරි වුනා ද?  හරි-චන්ද්රා  නීති ප්ර“කාර විවාහ වි එනතුරු අපේ දුප්පත් බංගලාවට එන එකකුත් නැතැ”යි කවට වශයෙන් සිනහ සෙමින් කියා- මැන්චිහාමිට තේ වතුරෙන්ද සංග්රතහ කරන්නට මෙහෙකරුවන්ට කීවේය. මැන්චිහාමි තේවතුර බීවාය. නමුත් ඇගේ හි‍ත‍තේ අටගත් ඊර්ෂ්යාම ගින්න  කෙතරම් දැඩිද කී‍ෙවාත් මාවැලි ග‍්ඟේ වතුර බිවත් සංසි‍ඳෙන්නේ නැත. එහෙත් තේ වතුර කෝප්පයත් බි ඇල්වතුර විදුරුවක් ද බි ගත්තා ය. “මහත්තැන් ගෙදරක මොකක් නමුත් මෙහෙය්ක කරණ-මවු පිය සහෝදරාදි කිසිවෙක් නැති- ඉතාම ලක්ෂණ රූපයකුත් නැති අසරණ චන්ද්රාවට- වසන්ත චන්ද්රාව හාමු වැනි කුමාරයෙක් ලැබනේනට යන හැටි! වසන්ත හාමුට මෙවැනි ලකෂණ ගේකුත් මේ තරම් ධනයකුත් තිබෙන බව මා 




514 පළමුවන පාසැල


කලින් දැනගෙන වුන්නා නම් චන්ද්රාු නරක එකියක්ය කියා කලකිරවනවාමයි. මා හිතුවේ වසන්ත රුපියල් දෙතුන් දාහකවත්- වත්කමක් නැති කුඩා කුලි ගේක ඉන්නා කෙනෙකු කියලියි. කොයි විධියකින්වත් චන්ද්රාාට කුමාරි වේනට ඉඩ නොදෙමි. එසේ කළොත් මා වාගේ මොඩියෙක් නැතැ”යි යන ද්රෝ හි හිතින් ස්තෝප්පුවට අවුත් එහි තිබුණු වේවැල් පුටුවක වාඩි ගත්තාය. එවේලාවට පත්රපයක් බලමින් වුන් වසන්ත “කොහොමද අයම්මේ - අපේ බංගලාව හොද ද? මේකට චන්ද්රාර සතුටු වේයිදැ”යි ඇසුවේය.

    “අනේ හාමු මහත්මයා සමාවෙන්ට-මම චන්ද්රා් නෝනා ගැන දන්නා කාරණ කියන්ට තමයි මෙහාට ආවේ.  ඊයේ බර්ඩ් මහතුන්ගේ ගෙදරදී - චන්ද්රාා නෝනා ඉන්නා නිසා ඇගේ වැරදි මොකවත් කියන්ට බැරිවුනා. ගාල්ලේ ස්කෝලයක උගන්වද්දි ඉස්කෝලේ මැනේජර්ගේ පුතා සමඟ ‍ගොස් අසුවි ඉස්කෝලෙන් දොරට දැම්මාට පසු බර්ඩ් ගෙදර අප්පු කෙනෙකුගේ ආධාරයෙන් එතනට රිංගා ගත්තා. එහිදි නම් උපාසිකාවක් වගේ පෙන්වනාවා-  නමුත් අලි අමාරුකාරි-හාමු මහත්මයා චන්ද්රාුත් සමඟ මොනවා කථාකර ගත්තා ද කියා මම නොදනිමි. නමුත් ඈ විවාහ කරගන්ට නම් එපා. හාමු මහතාට පිරිසිදු පැවතුම් ඇති නෝනා කෙනෙකු උසස් පවුලකින් බඳින්ට ඉඩ තිබියදි මවු පිය සහෝදරාදි කිසිවෙක් නැති හිතුමනාපේ  - අවකල් ක්රි යා‍වේ හැසිරෙන මෙබඳු මෙහෙකාරියක් බඳින්නට සුදුසුදැ”යි ඉතා වේගවත් ලෙස මේ දුෂ්ට හැතිරි කීවාය.
    “අනේ අ‍පේ රටට ගිය කල, මේ දුෂ්ට ගැහැණ‍ි ඊයේ උදේ වර්ණනා කරන ලද නිර්දොෂ තරුන කාන්තාව අද ඉතාමත් වනචර අශික්ෂිත ගැහැණියක් වුයේ මන්ද?  මගේ  බංගලාවත් එහි තිබෙන් දැව භාණ්ඩාදිය්ත මේ ලක්ෂණ පුංචි වත්තත් දැකලා-ඒවා චන්ද්රාහට හිමි වන බැවින්- ඉවසිය නොහැකි ඊර්ෂ්යා වෙන් දැන් මා කලකිරවන්නට හදරන සැටි ! වර්තමාන කාලේ මෙරට ඉන්නා ගැහැණුන් හා පිරිමින්-සියේට අනුවක් තරම අනුන්ට ලැබෙන යසසට-සැපතට ඊර්ස්යා් කරයි. තමන්ට කිසි අලාභයික් හානියක් නොවෙතත්-බාගවෙලාවට තමාටත් යම්කිසි ලාභය්ක ප්ර යෝජනයක් ලැ‍බෙතත් අන්යවයෙකුට ලැබෙන සැපත නැති කිරිමට අපේ රටේ ගැහැණු පිරිමි කෙතරම් උත්සාහ කරද් ද?.  තමන්ගේ දේ නැති කරගෙන බලවත්-මහන්සි වි‍ඳලාවත් අනුන්ට ලැබෙන යහපත විනාශ කරණ පවුකාර අධම ස්ත්රිලන්ගේ කුසවල ත්රිායේතුක කුසල් සිත් වලින් යුත්  පින්වත් දරුවන් කොහොම උපදින්ට ද?  “පළමුවෙනි




පියදාස සිරිසේන නවකථා එකතුව 515


පාසැලේ” වරද දැන් මට හොඳටම ප්ර ත්ය ක්ෂ වුයේ යැ”යි වසන්ත චන්ද්ර සිතමින් ඒ කිසිවක් නොහඟවා “හොඳයි ආයම්මා ඊයේ බොහොම පාරට්ටු කළා නිසා මම චන්ද්රාක සමඟ ටික වේලාවක් කථා කළෙමි. දාන් චන්ද්රාම විස කදුරක් හා සමානය කී නිසා-ඒ කල්පනාව වෙන්ස කරමි. චන්ද්‍ා් ගේ හොඳත් නරකත් දෙකම කීවේ මැන්චිහාමි බැවින්- මට කාරණය්ක නැතැයි”මැන්චිහාමිට ස්තුති කොට ‍වසන්ත චන්ද්රහ තමාගේ කොටුවේ කන්තෝරුවට යන්ට ගියේ ය.

 මැන්චිහාමි ආයම්මා තමා ආ රික්ෂෝ රථයේ නැගි තමා  ඉන්නා බංගලාවට ගියා ය. මැන්චිහාමි එනතුරු නොයිවසිලිවන්තව බලාවුන් චන්ද්රාග මැනිචි ආ හැටියේම “මොකද ආයම්මාට වසන්ත හාමුගේ ගෙදර සොය ගන්ට ලැබුණාද-උන්නැහේත් ගෙදර උන්නාද- කො‍හොමද ඉන්න හැටි-සතුටුදායකදැ”යි ඇසුවාය.  කෝපාවිෂ්ට වු සැපින්නක් මෙන් මැනිචිහාමි ඇඳුම් ඉවර කරන්නෙත් නැතිව ලඟ තිබුණ පුටුව පිට වාඩිවි චන්ද්රානගේ ‍ෙගාතා තිබුණු වරලත් අතට ගනිමින් 	“අ‍නේ චන්ද්රාු ‍නෝනා දැන් කා‍ෙල් මිනිස්සු කොහොම විශ්වාස කරන්ටද?  චන්ද්රාා නෝනා වසන්තත් කුමකින් කුමක් ඊයේ කථා කර ගත්තා ද?  වසන්ත වැදගත් මවුපියන්ගේ හොඳ දරුවෙක් යයි මම රැවටිවුන්නා. චන්ද්රා් නෝනාගේ වාසනාවට මම අද ඔහු බලන්නට ගිය නිසා අපි ගැලවුනා. වසන්ත අපි කුපාඩියෙක්. මේ ‍උදේ අටටත් අඩි ගහගෙන  නරක තරුණියන් දෙදෙනෙකු සමඟ කොලොප්පම් කර කර වුන්නා.	කැම්බල් පාර්ක එක පැත්තේ මුඩුක්කුවක-කෑලි තුනේ ගේ පැලක ඉන්නවා. කබල් පුටු දෙකක් තුනක් තිබේ. දෙගොඩ හරි වයසේ ගැහැණියක් උයන්ට පිහන්ට ඉන්නවා. ඔහුගේ නමනම් “වසන්ත චන්ද්රැ ගුණතිලක” නම නම් බො‍ෙහා අගෙයි. මිනිහා නම් බේබදු කුපාඩි හිඟන්නෙක් චන්ද්රාහ නෝනාට රත්රන් කැල්ලක් වගේ ඉලන්දාරි‍යෙක්-මාසේකට සැහෙන ‍ලෙස සම්භ කරන වැදගත් තරුණෙක් මම ම ජෝඩු කර දෙන්නම්-වසන්ත ගැන තිබුණු කල්පනාව එහෙම පිටින්ම අත් හැර දමන්ට ඕනෑ ය”යි කියා මැන්චිහාමි ඇඳුම් මාරු කරන්නට කාමරයට ගියා ය.
    “අනේ අපේ රටේ හැටි  !  වසන්ත හාමුගේ යස ඉසුරුත් උත්කෘෂ්ටභාවයත් දැක ඊර්ෂ්යාඇවෙන් පීඩිත මේ දුෂ්ට ගෑණි නොඅනුමානව මගේ වරදි ඉතාමත් ගර්හිත අන්දමින් හාමු මහතා සමඟ කියන්නට ඇති. දැන් මා සමඟ කියන එතුමාගේ වරදි ගැන මේකිගේ කටට පිළිකා ඇතිවනු නිසැකය. ගුණතිලක මැතිණියගේ 





516 පළමුවන පාසැල


ගර්භය නමැති “පළමුවෙනි පාසැලේ” උගත් ඒ බුද්ධාංකුරයාණන් මේ හෙර කියන්නාවු පාදඩයෙක් විය හැකි නම් ගින්නේ සෙවෙල් ඇති වෙන්නට බැරි නැත. මගේ ගතිගුණ මම දිනිමි. මගේ මෑණියන්ට වඩා හැම අතින්ම උත්කෘෂ් ට වු ගුණතිලක මැතිනිගේ එකම පුත්රක රත්නය නිසැක බුද්ධාංකුරයෙකි. ඉතින් ඒ උත්තමයා පාදඩයෙකි විය හැකි නම්-මා තුළ පවත්නා ඥාණය-වීර්යය අධිෂ්ඨාන බලය පරාර්ථකාමි භාවය-ආත්ම ගෞරවය-ආත්ම ශක්තිය-ආත්ම විශ්වාසය- රත්නත්රාය කෙරෙහි භක්ත්යාගදරය කෙසේ ඇතිවිය හැකි ද?. අනේ මේ දුෂ්ට ගැහැණිට මම නම් මුළා නොවෙමි. මගේ ස්වාමිදරු බුදුධාංකුර හාමු මා තරමටවත් මේ අධම ස්ත්රි යගේ කීම කිසිසේත් පිළි නොගන්නා බව මට ඒකාන්ත ය”යි ධෛර්යමත් ප්රඅමුදිත සිතින් උනස්නෙන් නැගිට මැන්චිහාමි‍ගේ කාමරයට ගොස් “ඉතින් ආයම්මා මොකවත් සංග්රතහයක් කළේ නැද්දැ”යි සනහසෙමින් ඇසුවාය. “මොනවද චන්ද්රා‍ ‍නෝනා- එතන වුන් අභිචාරිකාවන් දෙසත් ගෙදර දොර තබාගෙන සිටින හැටිත් ඒ හාමු හැටිත් බැලුවාම-මම තබා හිඟන්නෙක්වත් එතන සංග්රනහයක් බාර ගන්නේ නැත. ‍” කියා චන්ද්රාවත් සමඟ එලියට ආවා ය.

    ඔවුන් එලියට එන කොටම, මැන්චිහාමිගේ දුව ඇලිස්ව කසාද බැඳ ඉන්නා ඇල්බට්ගේ මලයා වන  ඩ්ර්යිවර් සර්නේලිස්-මොටෝකාරය ගේට්ටුව ළඟ නවත්වා මැනිචිහාමිට පණිවුඩයක් කියන්ට ආයේ ය. මැනිචිහාමිගේ දුවගෙන් රුපියලක් ඉල්ලා යවා තිබුණ බැවින් -රහසින් එ ගෙනත් දී-ගේට්ටුව ළඟට අවුත් “සර්නේලිස් උඹට හොඳ වැඩක් කර දෙන්ට පුළුවන.අර ඉන්නා චන්ද්රාට නෝනා ඉතා හොඳ පවුලක ඉතාමත් ශාක්ෂිත් තරුණියෙකි. එයාට කුමාරයෙක් වැනි ධනවත් හාමු කෙනෙකු ලැබෙන්නට ගොස් මම ඒක  වැලැක්කුවා. දැන් අපේ මහත් තැන් මේ සුමානේ ම රට යනවා.  ඒ මහත්තැන් ගියාම මේකිට යන්ට තැනක් නැත. මම උඹලා  ගේ ගෙදරට එක්කර ගෙණ එන්නෙමි. ඇලිස් (මැන්චිගේ දුව) අක්කා සමඟ දෙදිනක් ඉන්න කොට උඹ සමඟ කසාද බඳින්ට පිළියෙළ කරගත හැක. අදම ඒ ලමිස්සිව උඹට ජෝඩු කරන්ටදැ”යි කියා ඇසුවා ය. අපේ මහත්මයා-මැන්දිස් මහත්මයා අර අද්වකාත් ගෙදර බැස්සා උන්නැහේ මා කාර්එක  ගෙනෙනතුරු බලා ඉන්නවා-ඔය නැන්දා කියන කාරණය ගැන නැවත කතා කරගනිමුය”යි සර්නේලිස් කීවේ ය.
  
     “සර්නේලිස් උඹ ආ වෙලාව නම් බො‍ෙහාම අගෙයි. මම මැන්දිස්




පියදාස සිරිසේන නවකථා එකතුව 517


මහතා අඳුනමි. මැන්දිස් එක ආයාට රුපියල් දහ වියදම් කළ නිර්ලෝභි ධනවතෙකි. උඹ චන්ද්රාස පෙන්වා ඈ කසාද බදින බව කිවොත් උඹට පඩිත් වැඩිකොට රුපියල් දාහක් හමාරක් ලබාගන්නටත් පුළුවන. ඉන් නිසා මහත්මයාත් නග්ගව‍ාගෙන මේ පාර දිගේ වරෙන්. එතකොට මම කාරණය හරිගස්සන්නෙමි”යි කීවාම-කපටියෙක් වන සර්නේලිස් තමා‍ගේ ස්වාමියා වන-මැන්දිස් මහතාවත් නංවාගෙන බර්ඩ් මහතුන් තමාගේ ‍ගේ ළඟට ආවේ ය. කපටි අධර්මවාදි මැන්චිහාමි ගේට්ට‍ුව ළඟටම අවුත්-මහත්මයා කරුණාකර මේ බංගලාවට ආවොත් ඉතා ‍ෙහාඳ ආරංචියක් කියන්නෙමි”යි කීවාම සල්ලාල කමින් අගතුන් පැමිණි මැන්දිස් ද මේ දුෂ්ට ගෑණිගේ ආරාධනාව එක පාරටම පිළිගෙන කාරයෙන් බැස ඉස්තෝප්පුවට අවුත් පුටුවක් පිට වාඩි ගත්තේ ය. මැන්චිහාමි චන්ද්රාසට කථා කළාම මේ කිසිත් ‍ෙනාදත් චන්ද්රාල ඉස්තෝප්පුවේ මහ දොර ළඟ අවුත් සිටියා ය.

      ඉතාමත් මෘදු-අත‍ිශයින් නිල්පාට වු කේස කලාපය ‍ෙගාතා-පිරිසිදු ලා රෝස පාටැති සාරියක් ඇඳ සිටි චන්ද්රා‍ දුටු මැන්දිස්ගේ සිත විකල් විය. “මේ කවුද-ආයම්මාගේ යාළුවෙක් දැ”යි මැන්දිස් ඇස්වේ ය. “මගේ ම දුවක් වගේ ඉන්නා වැදගත් ළමයෙකි. මෙතන ගුරුවරියක් හා මැහුම් ගෙතුම් වැඩ උගන්වනවා. මේ මහත්තැන් අද හෙට රට යන බැවින් මේ චන්ද්රාම නෝනාට යමක් සිද්ධවනතුරු සර්නේලිස්ලා‍නගේ අයියගේ (මගේ බෑනාගේ)  ගෙදර නවතින්ටයි කල්පනාව” කියනකොට ඉවසුම් නැතුව චන්ද්රාේ දෙස බලා “එන්ට අයම්මා කාර් එකට මම කාරණයක් කියන්නම්”කියා මන්චිත් සමඟ කාර්එක ළඟට ගොස් එහි වාඩිවි තමාගේ ඩ්ර්යිවර් සර්නේලිස් හා මැන්චිත් සමඟ කතා කරන්ට පටන් ගත්තේ ය. මේ විකාරය බලාවුන් චන්ද්රාැ  “උඹලා මට කරන් එන විපත මට තේරෙන නමුත් ධර්මය රක්ෂා කරන තැනැත්තා ඒ ධර්ම්ය විසින්ම ආරක්ෂාට කරනු ලබල බැවින් මගේ හිතේ කිසි භයක් නැත”යි සිතමින් කිසිත් නොදන්නා කෙනෙක් මෙන් ඈත තිබෙන කුස්සියට ගොස් කුස්සි අම්මාත් සමඟ දහවල් ආහාර පිළියෙල කළා ය.
   මැනිද්ස් අවුරුදු තිස්පහක් පමණ වයසැති දරු සදෙනෙකුගේ පියෙකි. විශාල ධනවතෙකි. ගර්හිත සල්ලාලයෙකි. රූපත් තරුණියන් උදෙසා රුපියල් දහස් ගණනක් වියදම් කරන්ට තරම් නිරලෝභි කෙනෙකි.  විවාහවි අවුරුදු තිස් පහක් හතලිහක් වයස් වනවිට කාමුක මිනිස්සු අතිශයින් ම කාමාතුර විම ලෝක ස්වභාවයකි. මැන්දිස් ඒ 




518 පළමුවන පාසැල


ලෝක ස්වභාවයේ නින්දිත වාලෙකි. ඉතින් මැන්දිස් ලෙස බලා කපටි මැන්චිහාමි මෙසේ කීවා ය. “මහත්මයා රුපියල් හත් අටසීයක් වියදම් කර‍ෙතාත් අපේ සර්නේලිස්ට චන්ද්රාි නෝනාව කසාද බඳින්ට පුළුවන. සර්නේලිස්ට යමක් කමක්-‍හොඳ සුට් තුන හතරක් තිබෙන පදිංචියට ගෙයකුත් ඊට උවමනා ඇද පුටු මේස ආදි ලී බඩුත් තිබෙතොත් චන්ද්රාිව කසාද බඳවා ගත හැක. ඊට පසු මහත්මයාට කැමැත්තක්ද කරගත හැකැ”යි මැන්දිස්ට කිවා ය. මේ වචන අසා මැන්දිස්ගේ කෙළ හැලෙන්නට විය. “සර්නේලිස් උඹ කැමති ද? උඹ චන්ද්රා් කසාද බඳිතොත්- මගේ ආධාර උපකාර ලබාගන්ටත් සතුටු නම්-අද දිනම උඹට උවමනා සියල්ල දෙන්නෙමි. කොටහේනේ පහළ විදියේ ඇරි තිබෙන ලක්ෂණ බංගලාව දෙන්නෙමි. එය මාසේකට රුපියල් හතලිස් පහට දෙන ගේකි. එක ගෙට අවමනා කරණ ලී බඩු දැන් අපි යන ගමන්ම අරන් දෙන්නෙමි. දැන් උඹට රුපිය්ල පනහක් පඩි දෙන නමුත් අඹ කසාද බැන්ද හැටියේම මසකට රුපියල් සියයක් පඩි දෙන්නෙමි. උඹටත් චන්ද්රාිටත් ඇඳුම් ගන්නා පිණිසත් වෙන වෙන වියදම් වලටත් දැන් බැංකුවට ගිය හැටියේම රුපියල් දාහක් දෙන්නෙමි. ඉතින් සර්නේලිස් උඹ කැමති දැ”යි ඇසුයේ ය. “ඔව් මහත්මයා-මට උපකාර කරතොත් ගෙයක් හා බඩු මුට්ටු අරන් දෙතොත් මම කැමතියි”යි කිවාම ප්රීවතියට පත් මැන්චිහාමි සිනා සෙමින් පදිංචියට තැනකුත් බඩු මුට්ටුත් මුදලුත් මහත්මයා සර්නේලිස්ට දෙන්ට. චන්ද්රායව කසාද බඳවා දිම මට භාරයයි කීවාම ප්රිනතියට පත් මැන්දිස් කලිසම් සාක්කුවේ අත දමා මුදල් පොදිය්ක එලියට ගෙන රුපියල් සියක් මැන්චිහාමිට දී- චන්ද්රාලගේ හිත හදාගන්ටය කියා මැන්දිස් සහ ඩ්රනයිවර් කොටුවට ගියහ. රුපියල් සීයක් එකපාරටම ලැබුනු මාන්චිහාමි මීට පෙර කවදාවත් නොතිබුණු තරමට චන්ද්රාලට ආදයත් සැලකිල්ලත් දැක්වුවා ය. චන්ද්රාුගේ හිස පිරන්ට, ඇඳුම පිළියල කර දෙන්ට, ආහාර පානවලින් සංග්රුහ කරන්ටද පටන් ගත්තා ය. මේ අමුතු සැලකිල්ල චන්ද්රා්ට ‍ෙහාඳින් වැටහි සිත තුළ සිනහ ඇතිව මැන්චිහාමිගේම දියණියක් ලෙස හැසුරුණාය. මැන්දිස් බැන්කුවට ගොස් චැක් පතක් මාරුකර සර්නේලිස්ට රුප‍ියල් දාහක් දි-ඔහුත් සමගම අවුත් පිටකොටුවේ ලී බඩු වෙළඳ ශාලාවකින් රුපියල් හයසියක් වටිනා ඇඳ පුටු මේස ආදි ගෘහයකට වුවමනා සියලුම දේ අරන් දී ‍ෙකාටහේනට ගොස්- හිස්ව තිබෙන තමාගේ ගෙය සර්නේලිස්ට භාර දුන්නේ ය.

   චන්ද්රාලව පෙන්විමෙන් සර්නේලිස්ටත් මැන්චිහාමිටත් ලැබුණු වාසිය





පියදාස සිරිසේන නවකථා එකතුව 519


සිංහයෙකු ආශ්රනය කරණ කැනහිලුන්ට ලැබෙන වාසියට සමාන ය. මැන්දිස්ව කුරුදුවත්තේ තිබෙන තම නිවසට ඇරලා සර්නේලිස් තමාගේ ගෙයි ලි බඩු ආදිය තැනපත්කොට බො‍හෝ රෑවෙලා ගෙදර ගියේ ය.

    අඟහරුවාදාට එලි විය. සර්නේලිස් සමඟ විවාහවිමේ ආනිසංස නොයෙක් අන්දමින් පෙන්වා දෙන මැන්චිහාමිට “මොනවද අයම්මේ යම් කෙනෙකුට මුදල් හදල් ආදිය කොපමණ තිබුණත් පදිංචියට තමාගේම ගෙයක් නැත්නම් ඔහු රස්තියාදු කාරයෙකි. සර්නේලිස් සමඟ කසාද බඳින්ට ම‍ගේ අසතුටක් නැත. ආයම්මා කියන සර්නේලිස් ගේ මහතාට කියා සර්නේලිස්ට පුංචි ගෙයක් අරන් දෙන්ටය”යි කීවාම මැන්චි හිමිගේ සිත අත්ශයින් සතුටු ව-“ඔව්   නෝනා මම ඒ සියල්ලක්ම කියන හැටියට ඉෂ්ට කර දෙන්නෙමි. චන්ද්රා  නෝනා කී උතුම් අවවාදය මෙන්ම, මේ අ‍පේ බෑනා සමඟ කසාද බඳින්නට සතුටු විම නිසා නෝනා කියන ඕනෑම දෙයක් මම ඉෂ්ටකර දෙන්නෙමියි කීයා ය.
  අඟහරුවාදා සවස සර්නේලිස්ම මැන්චිහාමිව සම්බවෙන්ට ආයේ ය. මැන්චිහාමි මහත් ප්රීසතියෙන් බෑනා වැළඳගෙන ඔන්න උඹට මම කුමාරියක් ලෑස්ති කර දුන්නා. ඒ පින්වති ජෝඩු කළ හැටියේම උඹට රුපියල් දහකුත්-රුපියල් හයසියක් බඩුත් ලැබුණා. දැන් උඹට තව වැඩක් කරගන්ට පුළුවනි. ඒ  ගුරුකම කීවේ චන්ද්රා් නෝනාමයි. මැන්දිස් මහතා උඹට පදිංචියට දුන් කොටහේනේ ගෙය උඹටම සින්නක්කරයේ ලියවා ගනින්.  “උඹ කියන්නේ මෙච්චරයි. තමන්ගේම නිවාසයක් නැති කෙනෙකු සමඟ චන්ද්රා. කසාද බඳින්නේ නැත කියාපන්. එසේ  කියු හැටියේ මැන්දිස් මහත්මයා උඹට ‍ගේ ලියා දෙනවා ඇත. මැන්දිස් චන්ද්රා  දැකලා ඇතිවුනු ආලය මට වැටහුනා. ඔය ගේ තබා මැන්දිස්ගේ ඉතා විශාල වසතුවක් වුනත් දෙනවාට අනුමානයක් නැතැ” යි කිවාම කපටි සර්නේලිස් ද ඒ බව වැටහි මැන්දිස් මහතාගේ ගෙදරට ‍ෙගාස් කනගාටුවෙන් මෙන් පැත්තකින් උන්නේ ය. “මොකද සර්නේලිස්-උඹ චන්ද්රාප බලන්ට ගියා ද? කනගාටුවෙන් ඉන්නේ වැඩේ හරියන්නේ නැද්දැයි ඇසුවේය.නැන්දා ඇගේ සිත සතුටුකරවා ගෙන තිබේ. නමුත් තමන්ටම හිමි ගෙයක් නැති කෙනෙකු සමඟ දිවි ගියත් කාසද බඳින්නේ නැතිළු. ඉතින් මම පැළක්වත් හදා ගන්නා තුරු	 චන්ද්රාා නෝනාටන කසාද බඳින්න බැරි ය. මහත්මයාට කැමැත්තක් කරගන්ට සම්පූර්ණයෙන් ඉඩ දෙමි. පිළිවන් නම් කුඩා ගෙයක් වත් මා නමට ලියන්ට යයි කී‍වේ ය.  “නැ සර්නේලිස් ඒ කොට‍හේනේ




520 පළමුවන පාසැල


ගෙයම උඹ නමට ලියන්නෙමි. හැබැයි මේ සුමානේම ඈ කසාද බැඳගන්ට ඕනැය”යි කියා - ඔහුත් සමඟ සිංහල නොතාරිස් කන්තෝරුවකට ‍ෙගාස් රුපිය් දසදාහක් වටිනා ගෙයත් ඉඩමත් සර්නේලිස් නමට ලියවා දුන්නේ ය.අ‍ොහ් රාගයේ කැත !න අවුරුුද තිස්පහක් වයසැති මේ මිනිහා රූපත් කාන්තාවක් දුටු පමණින් රුපියල් දොළොස් දාහක් පමණ නැතිකර ගත් කල වර්තමාන කාලයේ ලක්දිව පවත්නා “පළමුවන පාසැල්වල” ගර්හිත පහත් භාවය කාට නොවැටහේ ද?.

  අඟහරුවාදා රෑ විය. රාත්රී  දුම්රියේන බර්ඩ් මහතා සහ පවුලත් නුවරඑළියෙන් පිටත්ව අවුත් බදාදා උදේ කොළඹට පැමිණියාහ. ‍ෙකාළඹ ඔවුන්ගේ නිවසත් එහි තිබෙන සියලුම බඩු මුට්ටුත් ඉංග්රිමසි මහතෙකුට භාරදි තිබුණුන බැවින්-බදාදා දවල් දහයට පිටත්වන නැවෙන්  ඔවුහු යුරෝපයට පිටත්ව ගිය හ. චන්ද්රාබට හා සිටි අනිත් අයටත් තෑගි බෝග සහතික පත්රප ආදිය දිමේ කාලය උදේ නවය දක්වා පැවතුනු බැවින් සහතික පත්රි ආදිය දිමේ  කාලය උදේ නවය දක්වා පැවතුනු බැවින් එකන තිබුනු  කලබල නිසා චන්ද්රාරට මොකවත් කල්වනා කළ නොහැකිව සිට මහත්තැන් පිටත්ව ගිය පසු තමාට පැමිණ තිබෙන මාරක අපලය ගැන මොකවත් කරමියි සිතා වසන්ත චන්ද්රා  මහතාට ලියමනත් ලයන්නට අදහස් කොට මෙසේත් කල්පනා කළා ය. වසන්ත චන්ද්රම හාමුත් මාත් ඉතාමත් ‍ ‍ෙහාඳ “පළමුවන පාසැල්වල’ උගත් අය බව අප දෙන්නාම සිතා සිටිමු.  ඒ ඇත්ත දැයි නිශ්චය කර ගැනිමට මේ පැමිණි තිබෙන විපත්තිය ප්ර්මාණවත් එකකි. අනිද්දා හෙවත් ලබන සිකුරාදා නවයකුත් තිස්පහට රෙජිස්ට්රාණර් ජෙනරාල් කන්තෝරුවට කො‍ෙහාම  නමුත් මම යන්නෙමි. වසන්ත හාමුත් ඒවි ද?  මැන්චි හාමි මා විනාශ කිරිමට කියා තිබෙන දුරුභාෂිතය පිළිගන්නා තරම් කෙනෙක් නම්-වසන්ත චන්ද්ර? මහතා වර්ණා කරන “පළමු වෙනි පාසැලත්” බලසම්පන්න එකක් විය නොහැක. වසන්ත හාමු පිළිබඳව මට කියන ලද බොරු මට වැටහුනේත්-මැන්චි යොදන ලද මඟුල ඔවුන්ට අවමඟුලක් කරන්ට මට පිළිවන් වන්නෙත් මා මුලින් ඉගෙන ගත්  “පළමුවෙනි පාසැලේ” පාඩම් නිසාය. මට පිහිටි ගති ගුණ වලටත් වඩා උසස් බලයක් ඇති පිරිමියෙක් වන, වඩා පුණ්යාවන්තයෙක් වන, ලෝකයේ තොරතුරු සියැසින් බලා ඉගෙණගත්, නොයෙක් ධර්ම ශාස්ත්රම ප්රහගුණ කොට බහුස්සෘතත්තව ඉන්නා-වසන්ත චන්ද්ර, ගුණතිලක මහතා කිසිසේත් තමා කළ අදහස වෙනස් කළ නොහැක්කේය. ඉන් නිසා එතුමාට මහතුන් බාලපොරොත්තු දිනට දෙදවස කට 





පියදාස සිරිසේන නවකථා එකතුව 521

ඉස්සරින් ගිය බව පමණක් දැනුම් දෙමි යි සිතා මෙසේ ලියන්නට කල්පනා කළාය.


නමො බුද්ධාය

ආදරනිය හාමු මහතාණනි,

   අප බලාපොරොත්තු වු දිනට ඉස්සරින් අද (බදාදා) අදහයට බර්ඩ් පවුල නැව් නැංගාය. සිකුරාදා උදේ වෙනතුරු-මට ඉන්ට සුදුසුම නැනත් නැති වුනත් මම මගේ ගෞරවය ආරක්ෂා කර ගන්නෙමි. මැන්චිගේ බලවත් ඊර්ෂ්යාතවෙන් අපේ අදහස් වෙනස් කළ හැකි නම් තණ සුලකින් මහා සාගරයත් උනුකරන්ට බැරි වෙන්නේ නැත. මම කොයිබ ගියත් නියමකළ දින නියම වේලාවට නියම ස්ථානයට එන්නෙමි.

මේ වගට, කීකරු, චන්ද්රා විජයසේකර,

   මේ ලියමන  ලියා ඇන්විලොප් එකක දමා ඉනේ තබාපත් නමුත් තැපැල් කරන්ට ඉඩ ලැබුණේ නැත. චන්ද්රාා තමාගේ ඇඳුම් කැඩුම් බඩු මුට්ටු තමාගේ ට්ර්න්ක් පෙට්ටි දෙකක දමා එතනට ආ අළුත් වුරකාරයින්ට භාර‍ෙකාට සුදුසු අන්දමට ඇඳ පැළඳගෙන ගමනට සැරසුණාය. මැන්චිහාමි ද හොඳට සැරසී චන්ද්රාට ස්වකීය දියනියගේ ගෙරදට කැඳවාගෙන යාමට සුදානම් වි සිටියාය. ධනවත් මැන්දිස් මහතාත් ඔහුගේ ඩ්රවයිවර් වන සර්නේලිසුත් ‍ෙලාකු සැලුන් කාර් එකකින් ආහ. මැන්චිහාමිත් චන්ද්රාර නෝනාත් පසු ආසනේ වාඩි ගත්හ. මැන්දිස් ඩ්ර5යිවරුත් සමඟ ඉස්සරහින් වාඩි වුහ. කාරය කුරුඳුවත්තේ තැපැල් කන්තෝරුව ළඟට පැමිණිවිට චන්ද්රාි එය නවත්වන්නට කියා කාරයෙන් බැස ගොස් වසන්තට ලියා තිබුණු ලියමන තැපැල් කළාය. ඒ කාටදැ යි මැන්චිහාමි ලියා ඇසුවිට කුරුණෑගල ඉන්නා තමාගේ නැන්දා කෙනෙකුට යයි කි නමුත්-මැන්දිස්වත් මැන්චිහාමිවත් එය විස්වාස නොකළාහ. මැන්චිහාමිගේ දුව පදිංචි පරණව‍ාඩිය පාරේ බව චන්ද්රාවට මැන්චිහාමි කලින් කියා තිබුණේය. නුමුදු දැන් කාරය මරදාන පසුකර යන බව් දැක “මොකද ආයම්මේ අප යායුතු අයම්මගේ දියනිය පදිංචි පරණවාඩි පාරටය. නමුත් ඒ පැත්ත පසුකර වෙනතක යන බව පෙනේ. කලින් නියම කරගත් පිළිවෙල වෙනස් කරන්ට හේතුව කුමක් දැ”යි ඇසුවාය. කුල්මත්ව සිටි මැන්දිස් චන්ද්රාන දෙස බලා- පරණවාඩිය පාරේ සර්නෝලිස්ලාගේ අයියා පදිංචි ගේ ඉතාමත් කුඩා එකකි.  ඒ




522 පළමුවෙන පාසැල


නිසා කොටහේනේ ඉතා සැප පහසු ගෙයක් සුදානම් කර තිබේ. අපි කල්පනා කළේ එතනට යාමටය”යි කෙල හැලෙමින් කියේ ය. මොකද අයම්මේ නිති ප්ර කාර විවාහ වනතුරු ආයම්මත් සමඟ පරණවාඩියේ පාරේ ඉඳිමටයි පොරොන්දු-එසේ නුනොත් මගේ බලාපොරොත්තු කඩ වේ. වඩා සැප පහුස ඇත තැනකට නැවත යා හැක. දැන් ආයම්මා ඉන්නා තැනමට යා යුතුයැයි චන්ද්රාන කීවාය. කවුරුත් ඒ අසා බියප්ත ව‍ුහ. ඈ විසින් තැපැල් කරන ලද්දේ පොලීසියට ලියමනකැයි ද ඔවුන් සැලකූහ. “ඉතින් ‍නෝනා කසාද බැඳලම යන්ට ඕනැය කියතොත් කෙළන්ම කච්චෙරියට හෝ-රෙජිස්ට්රාටර් කන්තෝරුවට යමුදැ”යි මැන්දිස් ඇසුවේ යත. එවිට චන්ද්රාස මඳක් සිනාසින ආයම්මා දෙසබලා- “මොකද අම්මා බුඬාගමේ නොවෙද-අද මසේ පෝයයි-හෙට රිට්ටාවයි. ඉතින් අදත් ‍හෙටත් විවාහ විම ඉතාමත් නරක ය. අපි අනිද්දා (සිකුරාදා) උදේ නවයකුත් තිස්පහට යෙදෙන සුභ මුහුර්තයෙන් කසාද බැඳ වඩා සැප පහසු තැතකට යමුය”යි කියනකොට මැන්දිස් මහතාට හෝ සර්නේලිස්ට කිසිවක් කියාගත නො හැකිව- චන්ද්රා ගේ කීම මුදුනෙන් පිළිගෙණ පරණවාඩියේ මැන්චි හාමිගේ දියණියගේ ගෙදරට පැමිණියා හ.

   මැන්චිහාමිගේ දුවත් තමාට ඥාතිවෙන්ට එන චන්ද්රාි දැක පුදුමව ඉදිරියට අවුත් සිපාචාර කළා ය. ඔවුන්ගේ ගෙයි එකම කුඩා කාමරය චන්ද්රාවට පිළියෙළකර දුන්නා ය. චන්ද්රාන කිසි අමනාපයක් හෝ කනස්සල්ලක් නැතිව මැන්චිහාමිත් අනිත් අයත් සමඟ කෙළි කවට කරමින් ඒ කුඩාගෙයි  විසුවා ය. “අපේ සර්නේලිස්ට අලංකාර ගෙයකුත්- රුපියල් හයසියෙක් ලී බඩුත් රුපියල් දාහකුත් සමඟ ගැණු ලක්ෂයකින් තෝරාගත නොහැකි චන්ද්‍ියා නෝනාත් ලබා දුන් මට වඩා හපනියක් ලංකාවේ ඉන්වාවදැයි කියමින් බ්රලහස්පතින්දා උදේ මැංචිහාමි නටන්ට පටන් ගත්තා ය. චන්ද්රා්ට හිනා අවුත් “අනේ මොවුන් කරගන්ට යන විනාශය”යි සිතමින් වුන්නා ය.
    බ්රසහස්පතින්දා උදේ කැම්බල් පාක්හි “චන්ද්රවභාගි” නිවසට චන්ද්රාුගේ ලියමන ලැබුණේ ය. එදා කොයිබවත් නොගොස් වි‍වේකව වුන් වසන්ත චන්ද්රව ලියමන බලා ප්රී තිව-මැන්චි නමැති ද්රෝැහා ගෑණි චන්ද්රානට බලවත් කරදරයක් ඇතිකර තිබෙන බව මේ ලියමනෙන් පෙනේ. නමුත් චන්ද්රාල උස් පළමුවන පාසැලක උගතියක් නිසා හෙට දහයේ පටන් ඈ ප්රීිති වෙන්ට පිළිවනැයි සිතා ගත්තේ ය.





පියදාස සිරිසේන නවකථා එකතුව 523


   චන්ද්රාන මැන්චිහාමි සහ ඇගේ දියණියත් සමඟ වතුර නා හොඳට කා‍ බි කෙළි සෙල්ලමින් බ්රාහස්පතින්දා දවස ගතකළාය. මැන්දිස් හා සර්නේලිස් විස්කි-හැම‍-බේකන්-විස්කෝතු-කේජු හාල් තුනපහ ආදි සියලු දේ කොටහේනේ අභිනව නිවසේ ලැහැස්තිකර තැබුහ.  එතනට ‍ෙහාඳ කුස්සි අම්මා කෙනෙක්ද බෝයි කෙනෙක්ද ලැහැස්ති කළ හ. පසුදා උදේ අටට පමණ සර්නේලිස් මොටෝ රථයත් රැගෙන ‍ හොඳට ඇඳ පැළඳගෙන පරණ වාඩියට ආ‍ොයේ ය. මැන්දිස් මහතා ද වෙනින් කාරයකින් අටහමාරට පරණවාඩියට අවුත්  “සර්නේලිස් උඹ කාරය ඩ්රෙයිව් කරන්ට එපා. මේ පිරිස් කාරයා ඩ්රසයිව් කරනාව ඇත. උඹ ඔහුත් සමඟ ඉස්සරහින් සිටපන්-චන්ද්රාපට පමණක් පසු ආසනය දීපන්. මම මේ ලොකු කාරයේන අවුත් පිටිටනියේම ඉන්නා. කසාදය බඳින කොට සාක්ෂි සඳහා මටත්- උඹ සමඟ යන කාරයේ පිරිස්ටත් කතා කරපන්නැ’යි තීන්දු කර ඔහුට ඉවසිලි නැතව නවයටත් ප්ර ථම රෙජ්ස්ට්රාටර් ජනරාල් කන්තෝරුව ළඟට යන්ට ගියේ ය. චන්ද්රාය තමා ළඟ තිබෙන ආභරණත් ඔසරිය්ත ආදි ඇඳුම් ඇඳගෙන හරියට නවයකුත් තිහට කාරයේ නැග ගත්තා ය. මැන්චි‍හාමිත් ඒසමඟම යන්ට සුදානම් වි සිටියා ය. හුදකලාව යනවාට වඩා තවත් බවලතෙකු සමඟ යාම ‍ෙහාඳයයි සිතා චන්ද්රා  ද ඊට සතුටු විය. හරියටම නවයකුත් තිස්පහට රෙජිස්ට්රාිර් ජනරාල් කන්තෝරුවේ පෝටිකෝ එක යටට කාරය පැමුණුනා ය. විවාහ ‍‍ ලේකම් ශාලාවේ ජනේලයකින් වසන්ත චන්ද්රා ඉන්නා බවදුටු චන්ද්රා්ට කුමක් සිතෙන්ට ඇද්ද?  චන්ද්රා  පළමුකොට සොල්දරයට නැග විවාහ ලේකම් ශාලාවට ඇතුල් ව‍ුනා ය. වසන්ත චන්ද්රොත් ඔහු‍ගේ යහළුවන් වන ස්කොට් මහතා සහ නීතිඥ අල්විස් මහතාත් බැවින් ඒ ශාලාවේ දොර ඒ ශාලාවේ ‍ෙදාර වසා-දෙවෙනි රෙජිස්ට්රාතර් ජනරාල් මහතා නීති ප්රරකාර වසන්ත චන්ද්රෙ ගුණතිලක හා චන්ද්‍අලාං විජයසේකර සරණ බන්ධනයට ඇතුළත් කොට සාක්ෂ‍ිකාරයන්  දෙදෙනාගේද අත්සන් ගෙන ශුභා ශංසනය කළේ ය. තවමත් තරප්පුව මුල ඉන්නා සර්නේලිස්ට හා මැන්චිහාමිට ඉහළට අඬගසතැයි බලා ‍ වුන් නමුත් මිනිත්තු විස්සක් යන තුරුත් හැල‍ෙහාල්මන්ත නැති විය. විවාහයට පත් වසන්ත චන්ද්රු හා චන්ද්රාලත් යන දෙදෙනා  කන්තෝරුවේ ‍බස්නාහිර දොරටුවෙන් ස‍ෙකාට් මහතා සහ නීතිඥ අල්විස් මහතාත් සමඟ මිත්ර්යන් කීප දෙනෙකු විසින් පිළියෙල කර තිබුණු භෝජන සංග්රිහය සඳහා බ්රිරස්ටල් හෝටලයට  ගියා හ.
  පිට්ටිනයේ කෙළ හැලි වුන් මැනිදිස් මේ පුදමය බලා ඉඳ





524 පළමුවන පාසැල


නොඉවසිලිවන්තව සර්නේලිස් හා මැන්චි ඉන්නා තැනට දිව අවුත්- ආ! ජඩයෝ-ආ! සුනඛියේ” -ඔය චන්ද්රාි කසාද බැන්ද හැටිදැ”යි කියමින් සර්නේලිස්ට මැන්චිටත් බිම දමාගෙන හොඳටම තුවාල වෙනතුරු ගසන්ට පටන් ගත්තේ ය. පොලිස් භටයන් පැමිණ-අනකුත් කකුලකුත් කැඩුනු මැන්චිවත්-පිහියා පාරකින් බලවත් ලෙස තුවාල වු සර්නේලිස්ව ඉස්පිරිතාලයටත් “මැන්දිස් මහත්මයා” පොලිසියටත් ඇරගෙණ ගියහ.

පෑ දු ල පසක් කළ නුවණැත් දෙසැට ව සේ සි හ ල දෑ කතුරු සිරි‍සෙන් නමැති ර සේ රූ දු ල පිණැති සිහලුන් ලක වැඩි වන සේ ‘පා සැ ල පළමුවන’ විස්තර කළෙ නිසි සේ



සිද්ධිරස්තු