නීල කොබෝ සන්දෙශය-මැණික් ගඟ වැනුම්

      85

ඇ යා බර අමර’සිලු එපිල සක් ලඟ

ව සා7 පැමිණ එන ව‍ර8 මියුරු නෙක් වග

අ සා ඔවුන’තින් ලප් පෙරටු දික් මග

ප සා ර කර ගොස් වදු වෙත මැණික් ගඟ


     86

අ යැ දු ම් බ සි න් අසමින් එ මග තොරතුරු9

ගෙවමින් ගොසින්10 පැමිණුනු සෙයිනි මගතුරු

තුනු වන් ගි ම න් සි‍ඳෙනා තෙක් ම ම මිතුරු

බල මින් නු ව න් තුටු කර එගඟ විසිතුරු


     87

තෙර තෙර සු සැ දි තු ර තු ර කුමුදු සිර සිර

ව ර ව ර ල මි නි හැ ර හැ ර කුසුම1 පර පර

ත ර ත ර ගු’ ද ක ක ර ක ර සුවඳ තිර තිර

ස ර ස ර කෙළින තෙර තෙර කොමල කර කර


     88

බැලි බැලි විටෙහි අහනන්2 එගහ ඇලි ඇලී

වැලි වැලි තෙලෙහි3 මුතු යුරු පෙනෙත4 දිලි දිලී

ර ළි ර ළි නේ යතුරු පල කැටිනි5 ගිලි ගිලී

සැලි සැලි කමින් මින් කැල කෙළිති පිලි පිලී


     89

ගොස ගනවන් ව න් ගඟ දිය6 තුලේ තුලේ

කෙළින සරන් ර න් පෑ සෙ විදුලේ දුලේ

නිති7 දැකුමෙන් මෙන් තුටු සිකි පිලේ පිලේ

ලෙසින පසන් ස න් දෙති ඉඳ කුළේ කුළේ


     90

උ ව න්8 ස ස නුමුසු සඳ දෙ තන හස යුරු

ලි ය න් බැස කෙළින9 නිති අමර සර යුරු

ගු ව න් කු ස නදින් ඉන් එ ගඟ විය යුරු

මුවෙන් ය ස කෙලෙස මම වනමි ඇති යුරු


     91

හැර රුදු ගිමන සනහා දිය එගඟ වැද

පි රි සි දු වෙමින් තම සිතු වඩවමින් නද

සුර නි ඳු පුරවර සෙ යස සිරි’සිලු නො මද

ප ර සි දු කතරගම වෙත එලඹෙව සබඳ




85      ඇ සා බර අමර’සිලු එපිල                 සක්  ලඟ
          ව සා පැමිණ එන වර මියුරු             නෙක් වඟ
          අසා ඹවුන’තින් ලප් පෙරටු                දික්   මඟ
          ප සා ර  කර ගොස් වදු වෙත            මැණික්  ගඟ
    අන්වය  :  බර ඇසා අමර ඉසිලු එපිලයක් ලඟ වසා පැමිණ නෙක් වග මියුරු එන වර අතින් පෙරටු දික් මඟ ලප් අසා පයාර කර ගොස් මැණික් ගඟ වෙත වදු.
        අර්ථ   :  ස්කන්ද දෙවියන් ඉසිලුවා වූ ඒ මොනරා සමීපයෙහි වාසයට පැමිණිලා-නොඑක් වර්ගයෙහි වූ මයුරයන් එන කල්හි ඒ මොනරුන් ගෙන් ඉදිරි දික් ම‍ඟෙහි (=ඉදිරියට ඇති දීර්ඝ මාර්ගයෙහි) මං සලකුණු අසා පියඹා ගෙිස් මැණික් ගඟ (සමීපය) ට වදුව.
       සංලකුෂ්ය(ය  :   මැණික් ගඟ-මේ ගඟට කතරගම ගඟය කියනුයේ මේ ගංගා තීරයෙහි ම කතරගම පිහිටි නිසාත් එය සුප්රයසිද්ධ වන්දනා ස්ථානයක් නිසාත් විය යුතු. ලක්ෂ සංඛ්යාේත ජනයා වැඳුම් පිදුම් සඳහා යන කතරගමට මේ ගඟ දෙවියන් ගේ මෙත් දඟර ඉසීමක් වැනිය. යාලේ වනොද්යා නය වූ අභය භූමිය හරහා ගලමින් යාලේ සමීපයෙන් මුහුදට වදනා මේ දිය දහරට ඒ පෙදෙසෙහි දී යාලේ ගඟ යයි ද කියති. මේ ගඟ බඩ මැණික් සම්භවන නිසා ගඟ යන නම අන්වර්ථය යි කිව හැක.

86 අ ය දු ම් බ සි න් අසමින් එමඟ තෙරතුරු

         ගෙවමින් ගොසින්  පැමි‍ණුනු සෙයිනි                මඟතුරු
         තුනුවන් ගිමන් සි‍ඳෙනා තෙක් ම                       ම මිතුරු
         බලමින්  නුව න් තුටු කර එගඟ                          විසිතුරු


 අන්වය  :  අනාකූල යි.
  අර්ථ1  :   ඒ මාර්ගයෙහි තොරතුරු අයැදුම් කිරීමේ වචනයෙන් අසමින් පසු කරමින් ගොස් ම මිතුර ශරීරයෙහි ගිමන (=ග්රිරෂ්මය) සි‍ඳෙනා තෙක් ම මැණික් ග‍ඟෙහි විසිතුරු බලමින් නෙත්රනයන් සතුටු කරව.

සංලක්ෂ්යෙය  : නුවන් - නෙත්, නෙත්රැයන් (නයන < නුවන්)

87 තෙර තෙර සුසැදි තුර තු ර කුමුදු ‘සිර සිර’

           ව  ර   ව ර   ලමිනි   හැර  හැර  කුසුම    පර  පර
           ත ර   ත ර  -ඟු’දක  කර  ක ර  සුවඳ     තිර   තිර.
           ස ර   ස ර   කෙළිතිතෙර  තෙර  කොමලකර  කර

අන්වය  : තෙර තෙර සුසැදි තුර තුර කුමුදු ඉසිර ඉසිර වර වර පර පර කුසුම හැර හැර ලමිනි තර තරඟ උදක තිර තිර සුවඳ කර කර තෙර තෙර සර සර කොමල කර කර කෙළිති.

    අර්ථෙ  :  ඉවුරක් බවුරක් පාසා මනාව පිහිටියා වූ වෘක්ෂයක් වෘක්ෂයක් පාසා පුෂ්පයන් විසිරුව විසිරුවා වරින් වර මලානික මලානික පුෂ්පයන් මුදි මුදා හරිමින් මහත් වූ රළ සහිත වූ ජලය අධික සුගන්ධවත් කෙරෙමින් උභය තීරයන්හි (රූපශ්රී යෙන්) සාර වූ කාන්තාවෝ කොමල කරමින් ක්රී ඩා කරති.
88      බැලි බැලි විටෙහි අඟනන් එගඟ             ඇලි  ඇලී
          වැලි වැලි  තෙලෙහි මුතු යුරු පෙනෙන    දිලි   දීලි
          ර ලි රලි නේ යතුරු පල නැටිනි                ‘ගිලි  ‘ගිලී
          සැලි සැලි  කමින් මින් කැල කෙළිති          ‘පිලි ‘පිලී
  අන්වය  :   එගඟ මුතු යුරු දිලි දිලි වැලි වැලි තෙලෙහි අඟනන් ඇලි ඇලි බැලි බැලි විටෙහි පෙනෙත නැටිනි ඉගිලි ඉගිලි රළ රළින් යතුරු පල සැලි කමින් මින් කැල ඉපිලි ඉපිලි කෙළිති.
   අර්ථ.  :  ඒ ගංගායෙහි මුතු වැනි දිළිහි දිළිහි පෙනෙන වැලිතලාවක් පාසා අඟනන් ඇලි ඇලී (ඇති බව) බැලු බැලු විටෙහි පෙනෙන්නේය. නැටියෙන් ගැලවෙමින් අළපහරින් යන්නා වූ පලතුරු සෙල්ලි සෙල්ලි කමින් මත්ස්යම සමූහයෝ ඉල්පි ඉල්පි ක්‍රිඩා කරති.


89 ගොස ගනවන් ව න් ගඟ දිය තුලේ තුලේ

      කෙළින සරන් ර න් පෑ                    සෙ  විදුලේ  දුලේ
      නිති දැකුමෙන් මෙන් තුටු                සිකිපිලේ     පිලේ
      ලෙසින පසන්  ස න් දෙති ඉඳ                 කුළේ කුළේ
 අන්වය  :   ගනවන් ගොසවන් ඇතුලේ ගඟ දිය තුළේ කෙළින විදුලේ රන් පෑ දුලේ සරන් නිති දැකුමෙන් තුටුමෙන් සිකිපිලේ ඉපිලේ කුළේ ඉඳ පසන් ලෙසිනි සන් දෙති.
      අර්ථු   :  මෙඝ ගර්ජනාවක් වැනි වූ ඝොෂයෙන් යුක්ත වූ උතුම් වූ ගංගා ජලය අභ්ය න්තරයෙහි ක්රීිඩා කරන්නා වූ ද විදුලිය එළිය සේ රන් වන් පැහැයෙන් බබළන්නා වූ ද කාන්තාවන් නිරතුරුව දර්ශනයෙන් සතුටු සිත් ඇත්තා වූ මොනරු පිල් විදහා ගනිමින් පර්වත කූට පාසා ඉඳ ගෙන ප්රරසන්නාකාරයෙන් නාද කරත්.
       සංලක්ෂ්යරය   :  පෑ සෙ - “සේ” යනු මාත්රාි හානි කොට ජන්දස සඳහා “සෙ” යි යෙදිණ.
     

90 උ ව න් ස ස නුමුසු සඳ දෙ තන හස ‘යුරු

         ලි ය න් බැස කෙළින නිති අමර සර                       ‘යුරු
         ගුවන් කුස  නදිය  ඉන් එගඟ විය                            ‘යුරු
          මුවෙන්  යස කෙලෙස මම වනමි ඇති                    ‘යුරු
      අන්වය   :  සස නුමුසු සඳ උවන් හස අයුරු දෙ තන අමරසර අයුරු. බැස නිති කෙළින ලියන් එගඟ ගුවන් කුස නදිය අයුරු විය. ඇති අයුරු යස මුවෙන් මම කෙලෙස වනමි.
  අර්ථි  :   සස ලපය හා මිශ්ර  නො වූ චන්ද්රායා වැනි වක්ත්ර  ඇත්තා වූ ද හංසයන් බඳු වූ දෙ පියයුරු ඇත්තා වූ ද දිව්යාවඩ්ගනාවන් බඳු වූ බැස නිතර ක්රීූඩා කරන ස්ත්රී්න් ඇත්තා වූ ඒ ගඟ ආකාශ ගංගාව වැනි විය. (මෙ සේ හෙයින්) ඇති ආකාරය නිසි වූ පරිද්දෙන් (එහි) යසස් කීර්තිය එක මුඛයකින් මම කව්රාකාරයකින් වර්ණනනා කරම් ද?

91 හැරරුදු ගිමන සනහා දිය එ ගඟ වැද

       පිරිසිදු   වෙමින් තම සිතු වඩවමින්                     නද
       සුරනිදු   පුරවර   සෙ යස සිරි’සිලු නො               මද
       පරසිදු  කතරගම වෙත සිරි එලඹෙව                 සබඳ


 අන්වය  :  සරල යි.
  අර්ථය   :  එම ගඟෙහි බැසලා ජල ස්නානය කොට තද ග්රී ෂ්මය නිවා ගෙන පිරිසිදු වෙමින් තමන් ගේ සිතේ සතුට වැඩි දියුණු කරමින් ශක්ර  පුරය මෙන් බොහෝ සේ කීර්ති ශ්රීැය ඉසිලුවා වූ කතරගම් නුවර කරා මිත්රනය පැමිණෙව.
     සංලක්ෂ්යකය   :  සුරනිඳු පුරවර (සුරනිඳු-සුරන්+ඉදු) දෙවියන් ගේ අධිපති වූයේ ශක්රනයා යි. සුරනිඳු පුරවර යනු ශක්ර  පුරය යි. ගුත්තිල කාව්යරයෙහි 404-437 තෙක් පද්ය යන්ගෙන් ශක්ර පුරයේ සහ ශක්රලයා ගේ වර්ණහනාවක් ඇත. (15 වැනි පද්ය යෙහි 1වැනා සංලක්ෂ්ය්ය බලන්න)