ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-III-‍සුරාසොඬ ප්රිකරණය

සුරාසොඬ ප්ර කරණය. (ක්රිප.ව.1916)

ශ්රීක ලංකාද්වීපයේ ජයවර්ධනපුර අගනුවර කරගෙණ දැහැමින් රජකම් කළ හවෙනි පරාක්රරමබාහු මහාරජෝත්තමයානන්ගේ ශ්රීුහස්තයෙන් සන්නස් ලබා බණ්ඩාරනායක නිලය ලත් ආය්ය්්ර යකාමදේව බ්රාුහ්මනොත්මයාගේ මුණුබුරු පරම්පරාවෙන් ලංකාවේ පැවතෙන උතුම් පවුලකට අයත් පේද්රි‍ක් හියූ දැයැස් බණ්ඩාරනායක මැතිතුමන්ට මෙම සු‍රාසොඬ ප්රමකරණය තුටුපඬුරක් වශයෙන් ඔප්පුකරමි.

සත් සිත් ගන්නා කුළුණු ගු‍ණයෙන් මව්කෙනෙක්මෙන් ලෙවන්ගේ පින් පව් තේරී වසන සොඳසේ සත් උගත් පින්වතුන්ගේ නාමේ බෝකල් අප තුඩතුඩේ ආදරෙන් බෝ තිබෙන්ටා මේ ගත් දැන් මම් පුදමි මැති‍ඳේ ඉන් වැඩත්මැය් ලෙවන්ටා

බීමෙන් වන්නා රුදුරු විපතා පෙන්නමින් ‍දම් විලස්නෙන් ඇත්තේමැයි මේ සිහල පෙදෙසේ නෙක් සමාගම් තැනින් තැන් ඒවායින් දැන් ලැබෙන පලසේ මේ පොතෙන් සිංහලුන්ටා අත්පත් වේමැයි විපුලපල බෝ නෑ සැකක් මා මැතින්දේ

පින්වත්නී මේ පබඳ පතුරා ලක්වැසියන් වෙත් දයාවෙන් අච්චුගස්වා දමනු මැනවි ඉන් ලැබේ පින් බොහෝසේ සව්සම්පත්දී කුටඹු මැතිඳා සාසනේ තුම් බුදුන්ගේ රක්නා වෙන්දෙව් රකිනු සෙතදී ‍සව්රුපුන් දප් සිඳාලා

මේ වගට,

නීතිඥ ජෝන් ද සිල්වා.

වර්ෂ 1916 ක්වූ අගෝස්තු මස 11 වෙනි කිවිදින උදේ අටට පමණ වේලාවේදී මෙම නාටකය සංජෝශප් වීථියේ නොවැම්බර් 23 දරණ සොල්දර ගෙයිදි ප්රේබන්ධකර නිමකරන ලදී.






238 සුරාසොඬ ප්ර කරණය

නමොතස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස

නැට්ටුවෝ.

තැබෑරුම්කාරයා - රා අරක්කු විකුණන්නා, මීනච්චි - බිජු ආදිය තම්බා තැබෑරුමේ තබාගෙන විකුණන දෙමළ ස්ත්රිොයක්, කලිසන් බබී - බීමට වැටුන සිංහල ස්ත්රිතයක්, කිල්ලපොනේ - සිංහල බේබද්දෙක්, සූත්ර දාරි - පුවත කියන්නා, නැට්ටුක්කාරි - පුවත කීමට පැමිණෙන ලියක්, සූදුකාරයෝ හතරදෙනෙ‍ෙක්, තෝං අයකරන්නෙක්, සලකම්බුජ - එනම් සල්ලාලයෙක්,සිලෝනා - කිල්ලපොනේගේ දුව, ඉලංගනා - කිල්ලපොනේගේ ස්ත්රි්ය, පෙම්බරා - කිල්ලපොනේගේ පුතා, වෙශ්ය ස්ත්රි්යෝ තුන්දෙනෙක්, කුඩා නැට්ටුක්කාරියෝ හදෙනෙක්, මොංගෝලියා - රටවෙස් ගත් සිංහල ගෑනියෙක්, පොලිස්කාරයෙක් - විනිශ්චකාරයෙක් - ජූරියසභාවක් - අවකත් දෙදෙනෙක් - තෝල්කමුදලි - හිරගේ මුලාදෑනියා - අළුගෝසුවා - නැයෝ දෙනෙකේ - දෝස්තර කෙනෙක්.

පුවත

සූත්රෑධාරි පැමිණ කියයි.

සූත්රෑධාරි - සව්නේ දත් සෑසි සදහම් සඟුන් මා දෝතා සාදා මත වැඳ බැතිනේ නළුකර පාමී ඇතිදොස බීමේ ධර්මෙ මගේ යන ලෙසපජනා මෝහ නසන බෝ මේ ප්රජකරණයේ ලා ඇත සින්දුගී සතසෙ බීමා නින්දිත දුරලමු සිංහල හම නම දරණා මෙ අපි සැමා නොකිපි අසා මෙම රම්යඅ ග්රවන්ථයේ සිතට ගණිත්වා සිදුකරුණු ෴

(පන්තේරුවක් රැගෙණ නාටිකාංගනාවක් පැමිණේ)






ජෝන් ද සිල්වා 239

නාටිකාංගනා - සැරදේ සුත්ර ධාරිතුමා

සූත්රවධාරි - සැරදේ නළඟන

නාටිකාංගනා - අද රාත්රි යේ ඔබතුමා දක්වන්ට අදහස් කරතිබෙන නාටකය කුමක්ද ?

සූත්රදධාරි - නාටකයක් නොවේ - එය ප්රටකරණයකි.

නාටිකාංගනා - ඒ දෙකේ වෙනස මොකද ?

සූත්රාධාරි - යම් රජෙක් ගැන විස්තර දෘශ්ය කාව්යාකර දක්වනවා නම් එය නාටකයෙකි - මේ රටේ පවතින සිරිත් පරීක්ෂාකර බලා ඉන් කථාශරීරයක් මවා නාට්‍ය ශාස්ත්රකය අනුව ගොස් කරන ප්රශකරණයකි.

නාටිකාංගනා - ඔහෝ දැන් මට තේරුණා - ඔය නිසාද මරණානුස්මෘති ප්රිකරණය, සිංහල පරාභව ප්රතකරණය කියා සමහර නාට්යකවලට නම් වැ‍ටී තිබෙන්නේ.

සූත්රැධාරි - ඒ නිසා තමා.

නාටිකාංගනා - අද රාත්රි්යේ දක්වන ප්රකකරණය කුමක්ද ?

සූත්රාධාරි - සූරා සොඬ ප්ර කරණය

නාටිකාංගනා - ඒ ගුඪ වචන මට තේරෙන්නේ නෑ.

සූත්රාධාරි - බේබද්දා ගැන ප්රෑබන්ධයකි.

නාටිකාංගනා - මොකටද සූත්රදධාරිතුමා ඔය ප්රධබන්ධ

සූත්රාධාරි - අනේ ප්රි‍ය නළඟන, මේ වාසනාවන්ත රටේ සිට වෙන තරම් අපරාධ බීම නිසා බව පෙණීයයි. එබැවින් අපේ ජනයන්ට හැකිතරමින් එහි දෝෂ හිතට වැද්දෙවුවොත් යහපතක් වේයයි කල්පනා කර මෙම ප්රතකරණය පෙන්වන්ට අදහස් කෙලෙමි.

නාටිකාංගනා - ටිකක් බීවාට නහර කුලප්පුවක් ටිකවේලාවකට සැදී හිත ප්රීකතිවෙනවා - ඒ නිසා ටිකක් බීවාට ඇති වරද මොකද ?


240 සුරාසොඬ ප්රාකරණය

සූත්ර ධාරි - නළඟන, මේ උතුම් මනුෂ්ය ශරීරයේ මිලකරන්ට බැරි වටිනා වස්තුවක් තිබේ. එම වස්තුව නම් ඤාණය බව දැනගණින්. එහි මලකඩ බඳින කෑමක් හෝ බීමක් ටිකක්වත් පාවිච්චිකිරීමෙන් ඉන් පැමිණෙන දෝෂය තමන්ට පමණක් නොව තමන්ගේ පැවත එන දරුමුණුබුරු පරම්පරාවටම උරුමවී යන හෙයින් එය පාවිච්චිකළ නොයුතුයි.

නාටිකාංගනා - කවුද ඔහොම කියන්නේ.

සූත්රාධාරි - තුන්ලොවටම ගුරුකම් දුන් බුදුහාමුදුරුවෝ එසේ වදාළසේක. ඒ ඇරත් මේ වර්තමාන කාලේ සියලුම පණ්ඩිතවරු බීම මනුෂ්යනයා උමතු කරණ විලිබිය නැතිකරන ඉතා නපුරු නින්දිත පානයක් බව කියති.

නාටිකාංගනා - එමෙනම් ඒ ගැන නාට්ය් මණ්ඩපයේ රැගුම් පෙන්නා අපේ ජනයින්ට යහපතක් කරමු.

සූත්ර්ධාරි - ඒක යහපත් අදහසකි - ඔවුන්ගේ මුදල් නාට්යි පෙන්නා ගන්නා අතරම මුදලේ වටිනාකම අපේ ශක්තිපමණින් වෙන අතකින් දීලායන්ට අරිමු ඔය පන්තෙරුව ගසා වන්නමක් කියා නටා සභාව සතුටු කර නික්මයමු.

නාටිකාංගනා - එසේ යහපති.

පිනවන සිය ජන මනනෙත්, නටවන රඟ සබ මෙම ගත්, සතොසින සැමදෙන අපවෙත්, බලනුමැ නා වෙරිවෙන දියබොන සැමසත්, මුනිබණ දැනගෙණ සිටිතත්, සතතින එය කඩකරලත්, නුනුවනි නා සැමදෙන සියහම නමලත්, වෙරිවෙන මෙමදිය නො බොතත්, මෙදෙසින උවදුරු දුරුවෙත්, එසැණෙකිනා අපගැන නොමකර ඉසිසිත්, අසමැන ‍මෙහි ඇති රසවත්, මන වන ගීකව් සින්දුත්, දෙසවනි නා ෴

(නික්මයති.)




ජෝන් ද සිල්වා 241

1 අංකය.

I ජවනිකා - තැබෑරුම.

කැල්දරේ අරක්කු රා බෝතල වීදුරු තබා තිබේ. එක පැත්තක බතල තාරාබිජු හරක්පීකුදු සීනිසම්බෝල ආදිය තබාගෙණ මීනච්චි සිටී. තැබෑරුම්කාරයා සහ මීනච්චි සිටිත්.

තැබෑරුම්කාරයා - හොඳින් බොන්ටෑකි රාරක්කු සම්බෝල කාලා

මීනච්චි - තාරාබිජුත් තම්බාලා

තැබෑරුම්කාරයා - සෙම් කැපී යය් යය් යය් ලාබෙත් ලැබෙන්නා මෙදීපාංගනාගේ

මීනච්චි - ලජ්ජා බයත් සුන්වෙන්නා

තැබෑරුම්කාරයා - ඒ නිබොරුය් අම්මා

මීනච්චි - සම්බෝල හරක්පීගුදු කා රාරක්කු බොය් සය්යා ඉන් ලාභවී රන්කාසි පිරේ මා මල්ලේහි අය්යා

තැබෑරුම්කාරයා - සූර්වෙන්ට රාබිව්වාම නැත දොස් මීනච්චි ලක්දිව්තලේ සැම්පින්ය කියා රාත් පාවිච්චි

දෙදෙනා - බීලා කාලා මත්වී බෝසේ දෙත් ඝොෂා දැන් රටේ කොල්ලෝ

තැබෑරුම්කාරයා - මීනච්චි අම්මේ බොහොම පුරාණ බීමක්වද මේ අරක්කු

මීනච්චි - බොහොම පුරාණ බීමක් තමා - රාග් කියන අරාබි වචනයේ තේරුම දාඩිය යනුයි. අරක්කු කියන්නේ රා උණුකර ලබන දාඩියටයි. සුරා පුරාණ නමයි.

තැබෑරුම්කාරයා - සුරා ලංකාවේ තිබුණානම් එය පුරාණ මිනිසුන් පාවිච්චිකරන්ට ඇති.



242 සුරාසොඬ ප්ර කරණය

මීනච්චි - හොරෙන් එකෙක් දෙන්නෙක් හැලි අරක්කු පාවිච්චිකරන්ට ඇති. බුද්ධාගම පවතින රට වල සුරා පිළිකුල් කර සලසනු ලැබේ.

තැබෑරුම්කාරයා - අර ගෝඩිම්බර යෝදයා දුටුගැමුණු රජු සහ එළාල රජු අතරේ සිදුවූ යුද්ධ නිමවුනායින් පසු ෂෝක් කළ හැටි අහලා තිබෙනවාද

මීනච්චි - නෑ.

තැබෑරුම්කාරයා - දෙමළ ජනයා රටින් නෙරපාදමා දුටුගැමුණු රජ සිංහල ද්වීපය එකච්ඡත්රකකර සිටින කල ගෝඩිම්බර යෝධයා එය සිහිපත්කර ෂෝක් කරන්ට ඔහුගේ ස්ත්රීිට හැලි අරක්කු ටිකක් පෙරා කෑම ටිකක් ලෑස්තිකරන්ට කීවේය. ස්ත්රීලය එය ලෑස්ති කළ කල කෑම සුවඳ ගැසූ මහසෝණා පැමිණියේය. ගෝඩිම්බරයා හොඳටම බීලා මහසෝණාට පයින් ගැසුවාම හිස ගලවා ගියේය. එවිට මහසෝණා වලසෙක් අල්ලා උගේ හිස ගලවාගෙණ තම හිස වෙනුවට තබා ගත්තේය. මෙසේ ජය පානය කළ ගෝඩිම්බර බීලා දුටුගැමුණුරජ සම්භවෙන්ට එනබව රජුට දානගන්ට ලැබී වාසල දොරටුව වසන්ට රජ නියම කළේය. ගෝඩිම්බර එම ශෝකයෙන් ලංකාව ඇර ගියාලු.

මීනච්චි - ඔයින් පෙණෙන්නේ පුරාණ රජදරුවන් බීමට පිළිකුල් කළ බවයි.

තැබෑරුම්කාරයා - ඒක එහෙම තමා - කාලය හේතුකොටගෙණ ලෝකය අමුතුවන්නේය. ඒක ලෝකධර්මායකි.

මීනච්චි - ඔන්න එනවා බබි අක්කා සහ කිල්ලපොනේ.

තැබෑරුම්කාරයා - බබි අක්කා දවසකට අරක්කු බෝතලයක් බොනවා - කිල්ලපොනේ එකහමාරක් බොනවා මේ සිංහල රටේ ඔන්න ඔය දෙන්නා වාගේ මිනිස්සු සිටිත් නම් අපේ වෙළඳාමෙන් බොහොම ඉහළ නගින්ට පුළුවනි.





ජෝන් ද සිල්වා 243

මීනච්චි - බබි අක්කා බීලා රෙද්ද කැහැපටගන්නාගෙණ උඩ පැනලා පිරිමින්ට ගහනවා මම දැක්කා.

තැබෑරුම්කාරයා - ගෑනු බොන්ට පුරුදුඋනාම විළිබිය දෙකම නැතිවෙලා විකාර කරන්නේ ඔහොම තමා.

(කලිසන් බබී සහ කිල්ලපොනේ පැමිණෙති)

කලිසංබබී - කෑම බීම දෙකම තිබේ - ඔව් ඔව් ඔව් -

කිල්පොනේ - අරගෙණ බිජු කමුකෝ - බබී අක්කේ - හා හා හා

කලිසංබබී - බොනකොට නහර සවි - ෂෝක් ෂෝක් විළිබිය භංගකෙරේ භවෝ

කිල්ලපොනේ - බතල කකා බොතැකි සුරා තිබෙන කැල්දරේ ගසමු බබියෙ දෙදෙන පළමු අඩිය මේවරේ ෴

තැබෑරුම්කාරයා - බීපු කාපු අයට කෙරේ - පව් පව් පව්

මීනච්චි - රටතොට එලිය වැටේ වැනෙන කොටේ

කලිසංබබී - හහා හහා හහා

කිල්ලපොනේ - සිලිමක දමනු සුරා - බොම් බොම් බොම්

මීනච්චි - කනු මෙම බිත්තර තම්බපු

කලිසංබබී - අරක්කු රා දෙකම දමා මෙමට බොන්ටදෙන් හිතට කයට මෙමට ලැබෙන සැපය ඉස්තරම්

(තැබෑරුම්කාරයා බීම වක්කර දෙයි)

කිල්ලපොනේ - මේ සිලිමේ අරක්කු දියන්

තැබෑරුම්කාරයා - අරක්කු දැන් ලාභනෑ සිලිමට මේ වීදුරුවෙන් එකයි.

කිල්ලපොනේ - මෙහෙම තුණක් හතරක් ගැසුවත් සූර්වෙන්නේ නෑ.


244 සුරාසොඬ ප්රාකරණය

තැබෑරුම්කාරයා - සූර්වෙන්ට බෝතලයක් බීපන්.

කිල්ලපොනේ - ඔව් ඔව් උඹලට මොකද අපට හෙණගහලා ගියාත් අපෙන් නොව කාසි යන්නේ.

තැබෑරුම්කාරයා - උඹෙන් කාසි ගියාට අපෙන් අරක්කු යනවා දොගොල්ලන්ටම හරි හරි.

කලිසංබබී - අරක්කු ශත විසපහක වීදුරුවකට දමලා පැහිච්ච ඔන්න රා ශත තුණක ඊට මිශ්ර කරපන් ඉඳා කාසි.

(තැබෑරුම්කාරයා මිශ්රපකර දෙයි බබී බොයි)

ඔන්න හොඳ පදම - බලාගෙණ ඉන්දැද්දී සූර් නගිනවා.

කිල්ලපොනේ - මටනම් ඔය පුරුදු නෑ. බබිච්චි කෙලින් ඉන්නා හැටි.

කලිසංබබී - මම කෙලින් තමා ඉන්නේ - ඔය වෙන ගෑනු වාගේ හොරෙන් බීම ගෙදෙට්ට ගෙන්වාගෙන බොන්නේ නෑ - කෙලින්ම තැබෑරුමට ඇවිත් බොනවා.

කිල්ලපොනේ - හරි හරි මමත් කරන්නේ ඒක තමා - කාටවත් භයේ රහසේ බොන්නේ මන්ද - බොන්ට හොඳ නම් එලිපිට බිව්වාම මක්වෙනවාද?

කලිසංබබී - කිල්ලපොනේ හැන්දෑවෙනකොට අත පය රිදෙනවා බඩ පිපෙනවා - එතකොට අ‍ඩියක් ගැසුවාම එය නවතිනවා.

කිල්ලපොනේ - ඔන්න තව කීපදෙනෙක්ම එනවා. අපි අඩියක් ගහලා යමු.

කලිසංබබී - හොඳයි. අප දෙදෙනාට අර පළමු විධියට වක්කරපන්.

(තැබෑරුම්කාරයා වක්කර දෙයි)

කිල්ලපොනේ - මට දැන් රුපියලක පෙවුනා.

කලිසංබබී - රා කලවන් කරලා බිව්වානම් එච්චර යන්නේ නෑ

කලිසංබබී - මීනච්චි අම්මා මට ඔය පීගුදු කැල්ලක් දීපන්


‍ජෝන් ද සිල්වා 245

මීනච්චි - ඉඳා, ශත 12 යි.

කිල්ලපොනේ කාසිනොදී යන්ඩ හදනකොට මීනච්චි ‍සරොමෙන් අල්ලාගණී - දෙදෙනා පොරකන කල කලිසංබබී රෙද්ද කැහැපට ගන්නා ගෙණ උඩපැනලා මීනච්චිට පයින්ගසා මෙසේ කියයි)

කලිසංබබී - ඉඳා මීනච්චි දෙබිච්චිය කැඩිලා යන්ඩ බබිච්චිගෙන් කාලා වරෙන්

(නික්මයයි)

මීනච්චි - බලන්ඩ අය්යා අර නොසණ්ඩාල ගෑනිගෙ ක්රිනයාව

තැබෑරුම්කාරයා - නොසණ්ඩාලනම් කොච්චර හොඳද මට පෙණෙන්නේ චණ්ඩාල බවයි.

(නික්ම යති)

II ජවනිකා - විථියක්.

(කලිසංබබී සහ කිල්ලපොනේ ගමන් කරති)

කලිසංබබි - තාන තිනානේ බළ ලා පාන පුවාවට පැන ලා මූන පුරා අළුගාගෙ ණ ගෑනු නටති රා බීගෙ ණ

කිල්ලපොනේ - බබි අක්කා සිංහල කවි දන්න හැඩයි.

කලිසංබබී - මළඉලව් හත්කෝලම ඔකත් අහන්ඩ කථාවක්ද මගේ ජාතිය සිංහල බව දන්නේ නැද්ද ?

කිල්ලපොනේ - ජාතිය සිංහල වුනාට කීදෙනෙකුට පුළුවන්ද සිංහල.

කලිසංබබී - ඒ සිංහල බැරි බොරු උජාර කාරයින්ටයි. තවත් කවියක් අහන්ට මනාපද ?



246 සුරාසොඬ ප්රාකරණය

						බීම පුරාණේ තිබූ 				නා

කෑම ඉතා රස වැටු නා පාඩි හාලේ බත් පිසගෙ ණ කාපි එලවළුත් සමගි න

කිල්ලපොනේ - බබිඅක්කේ මේ අරක්කුවල ගුණයක් උඹ දන්නවාද ?

කලිසංබබී - ඇයි නොදන්නෙ බිව්වාම තමා සිංහලයා සිංහයා නොබී ඉන්නකල් බයගුළු බංගලියා.

කිල්ලපොනේ - ඒ කොහොමද බංගලියා වෙන්නේ.

කලිසංබබී - මොනවද කිල්ලපෙ‍ාානේ උඹ මහාවංසේ රාජාවලිය ආදී පොත් කියවලා නැද්ද?

කිල්ලපොනේ - ඒවා බලා තිබෙනවා නුමුත් සිංහලයා බංගලියා බව මේවෙනකල් අසා නෑ.

කලිසංබබී - කිල්ලපොනේ උඹේ විද්යා වට නොපෙණෙන රහස් අහස පොළව දෙකේ එමට තිබේ. සිංහලයා බංගලියා නොවේ නම් කවුද? අර විජයරජ කවුද බංගලියෙක් නොවෙද.

කිල්ලපොනේ - වංගදේසේ කුමාරයෙකි. බංගලියෙක් නොවෙයි

කලිසංබබී - හඃ හඃ හඃ හඃ යකෝ වංග ආල දැනගණින් වංගාල, වයන්න බයන්න මාරුවෙන බවත් දැනගණින් එතකොට බංගාල - පිළිපෙරලා ගත්තාම බෙංගාල - ආල කියන්නේ වාසය යන තේරුමයි - වංග කුමාරයා වාසයකල දෙශයට වංගාල හෙවත් බෙංගාල කියා නම වැටුනා. ඉතින් අපේ මුත්තන් බෙංගාලෙන් ආවානම් උන්ගෙන් පැවතෙන අප බංගාලි වෙන බව තර්ක සංගිලියේ පුරුක් පරීක්ෂාපකරබලා දැනගණින්.

කිල්ලපොනේ - බබිඅක්කා අරක්කු බොන්ට දැනගත් තරමට සිංහලත් ඉ‍ගණගෙණ තිබෙන හැඩයි.

කලිසංබබී - මම බිව්වාට හිතන්ට එපා සිංහල ඉගණගත්තේ නැත කියා. සිංහල නොදන්න සිංහලයා ගොනා.



ජෝන් ද සිල්වා 247

කිල්ලපොනේ - අයිසේ බබිඅක්කා උඹ දන්නවාද බයිලා නැටුම්.

කලිසංබබී - මම නොදන්න නැටුමක් නෑ. මොකද අර අයිසේ කිව්වේ.

කිල්ලපොනේ - ඒක දැන් සිංහල කථාකරණකොට සමහරු අයිසේ කියා පටන්ගන්නවා. මටත් ඉබේම කියවුනා.

කලිසංබබී - උන්ට දෝදු උඹටත් දෝදු නොදන්න දෙමළෙට ගොසින් ව‍රිගෙ නහනවා ඔන්න ඕවාට තමා මගේ මාළු නටන්නේ

කිල්ලපොනේ - බයිලා සින්දුවක් කිය කියා නට නටා යමු.

කලිසංබබී - උඹත් අල්ලනවානම් මම කීයඤ්ඤා.

කිල්ලපොනේ - ඔව් ඔව් මමත් අල්ලඤ්ඤා.

කලිසංබබී - උඹට උඹයි මම උඹටයි දෙදෙන එක උස යි රුවට රුවයි වත කදිමයි මක්වුනත් එක යි

කිල්ලපොනේ - උඹට තිබෙන ආදර මම කියලා දෙ න්ට ගසක තිබෙන තල්කොල මදි ලියාලාදෙ න්ට

කලිසංබබී - මොකද කිල්ලපොනේ උඹ ඔයහැටි මට ආදර

කිල්ලපොනේ - එක වීදුරුවේ බොනහින්දා නොවෑ.

කලිසංබබී - එකට බිව්වාට බොක්ක වෙනයි. ඔයහැටි මොකද ආදර.

කිල්ලපොනේ - ආදරේ හොඳ එකකි. සාගරේ වාගේ විශාලයි. ඒ ගැන උඹ කෝපවෙන්ට එපා.

කලිසංබබී - කෝප‍යක් නොවෙයි නුමුත් ඔය සුකුර්තන් වඩා හොඳ නෑ.

කිල්ලපොනේ - මොන සුකුර්තන්ද?

කලිසංබබී - නොදකින් ‍මගෙ මාළු නටනවා. ආදරේ ! කාට ආදරේ ?

කිල්ලපොනේ - තරහවෙන්ට එපා වල්ගේ නැති බැල්ලියෙක්ව‍ාගේ මොකට බුරණවාද ?


248 සුරාසොඬ ප්රකකරණය

කලිසංබබී - තෝ මාව අඳුනන්නේ නෑ. වල්ගෙ ඇද්ද නැද්ද කියා බලපිය ඉඳා කාලා වරෙන්.

(උඩපැන ගසයි)

කිල්ලපොනේ - බබිඅක්කේ ගසන්ඩ එපා. මගේ එක පොලොස් අඩියට යටයි උඹේ චීනඩි.

කලිසංබබී - කුනුබලු ගෙඩියා පොලොස් අඩි ඈ? ඉඳා මේකත් කාපන් (කම්මුලට ගසයි)

(කිල්ලපොනේ මරහඬදී දුවයි)

මන්ද වල් ආදර මට කෙරුවේ - අර විකල් කිල්ලපොනේ මහපාරේ, බැටකාලා, මෙමවාරේ - දිව්වෙ ඇය් කුක්කෙකු ව‍ාගේ - මාගෙන් බොස්තාදු කෑ ජනෝ බෝමා වෙරිවෙන බීමේ නැත දෝෂ - ගෑනි උනත් බිව්වොතින් - අම්මපා ගෑනි උනත් බිව්වොතින් පැන්නැකී චීනඩි බෝසේ ෴

III ජවනිකා - සුදුම‍ඩුව.

(හතරදෙනෙක් සුදු කෙළිති. තෝංකාරයෙක්ද සිටී.)

තෝංකාරයා - උඹලා අද කීයවෙනතුරු සූදුකෙළින්ට කල්පනා කරගෙණ සිටිනවාද ?

සූදුකාරයා - රෑට බත්කාලා පටන්ගණිමු.

තෝංකාරයා - කීදෙනෙකුට වාගේ කෑම ලෑස්තිකරන්ටද ?

ii සූදුකාරයා - විස්සකට පමණ ලෑස්තිකරණවා හොඳයි.

තෝංකාරයා - උඹලා මනාප මොනවාටද ?

iii සූදුකාරයා - කුකුල්මාළුයි බතුයි


ජෝන් ද සිල්වා 249

තෝංකාරයා - බොන්නේ මොනවාද ?

iv සූදුකාරයා - ස්නප් ජින් විස්කි ආදිය හොඳයි.

i සූදුකාරයා - මට පරණ අරක්කු.

තෝංකාරයා - කඩදාසි කුට්ටම් හේම ඕනෑකරනවාද ?

i සූදුකාරයා - ඔව් ඔව් බේබිකපන්ට පොන්නකෙළින්ඩ එය ඕනෑ කරයි.

තෝංකාරයා - දාදුත් ඕනෑද?

ii සූදුකාරයා - ඕනෑද කියා අහනවා. බම්බුවකුත් ඕනෑ.

තෝංකාරයා - අර පොසත් රාලහාමි අල්ලාගන්ට බැරිද ?

iii සූදුකාරයා - උන්හැහේව අල්ලනවානම් පොන්නකෙළියටයි ඒකට මේ යෝදයා සමර්තයා (4 සූදුකාරයාව පෙන්නයි.)

තෝංකාරයා - තව උදවිය එනකල් උඹලා පටන්ගණිල්ලා රුපියලට ශත 10 බැගින් තෝං දෙන්ට ඕනෑ.

i සූදුකාරයා - ඒ ගැන අපි මැලිනෑ එහෙනම් පටන්ගණිමු.

තෝංකාරයා - ඉඳා බම්බුව දාදුකැට

ii සූදුකාරයා - ඒවා මට දෙන්න.

(සියලුදෙනාම බිම පැදුරක් දමාගෙණ වටේ ඉඳගණිති. ලාම්පු එලියක් පත්තුවේ)

(සූදුකාරයෝ ඉඳගෙණ මෙසේ කියති)

සූදුකාරයෝ - බම්බු හොඳා ලාමු දාදු - වාඩිවී - වාඩිවී - ක්රෝකයි පෙරලා - කාසිදිනා - බොඤ්ඤ ර‍ා -ජින් විස්කි- මස්කාලා- බම්බු හොදා ලාමු දාදු- වාඩිවි--වාඩිවි- අපි පෑසී - ඉඳ කාසී - කර ඔට්ටු - ලමු දාදු - නැත රට්ටු - පාරට්ටු - අපෙ ඔට්ටු - පාරට්ටු ෴




250 සුරාසොඬ ප්ර කරණය

බම්බු හොඳා ලාමු දාදු - වාඩිවී - වාඩිවී - කිල්ලපොනා - මොට්ට ගොනා - කල්නෑරා - එයි බීලා බේබද්දා - බම්බු හොඳා - ලාමු දාදු - වාඩිවී - වාඩිවී - උගෙ බාරී - කටකාරී - ගුටිකාවී - බැටකාවි - එමකාරි - ඇතතේරී - මහමෝඩී - ඒ ගෑනී ෴

( කිල්ලපොනේ පැමිණේ.)

කිල්ලපොනේ - මටත් ටිකක් ඉඩදීපල්ලා

(සුදුකාරයෝ ඉඩදෙති)

සූදුකාර‍යෝ - ඉඳගන්න - ඉඳගන්න - මෙහි පිළිවෙල දන්නවාද ?

කිල්ලපොනේ - මොකද පිළිවල

සූදුකාරයෝ - රුපියල් 50ක් පෙන්නාලා ඉඳගන්ට ඕනෑ

කිල්ලපොනේ - මන්ද කල්ඇතුව දැන්නුවේ නැත්තේ. මාගාවා තිබෙන්නේ රුපියල් විස්සයි. ඊට මනාපනම් ඉඳගඤඤා.

සූදුකාරයෝ - එහෙම බෑ රුපියල් 50ම අරන් වරෙන්.

කිල්ලපොනේ - රුපියල් 20 පැරදුනොත් පස්සෙ ගෙනෙඤ්ඤා.

සූදුකාරයෝ - පොඩි පනුවෙකුගෙන් ලොකු ලූලෙක් අදීන්ඩ යන හැඩයි. ඔය මගඩිවලට අපි අසුවෙන්නේ නෑ.

කිල්ලපොනේ - තෝංකාර මහත්මයා තමුසේගේ රෙගුලාසිය මෙහෙමද ?

තෝංකාරයා - මගේ රෙගුලාසිය නොවේ. ඔය සෙල්ලම කරන අයගේ රෙගුලාසියයි.

සූදුකාරයෝ- ඒක අපේ රෙගුලාසිය තමා මනාපනම් රුපියල් 50ක් පෙන්නාපන්.

කිල්ලපොනේ - එහෙනම් ඉතින් ගෙදරවත් ගොසින් අඩුපාඩු හදාගෙණ


ජෝන් ද සිල්වා 251

එඤ්ඤා (තෝංකාරයාට කථාකරයි.) තමුසෙට බැරිද මෙම හවඩිය තියාගෙන රුපියල් 30 ක් දෙන්ඩ.

තෝංකාරයා - බැරි නෑ කෝබලන්ඩ - මේක රුපියල් 50ක් තරම වටිනවා මම රුපියල් 30 ක් දෙඤ්ඤා. උඹලා මෙයාටත් සෙල්ලම් කරන්ඩ ඉඩ ඇරපල්ලා.

සූදුකාරයෝ - මහත්මයා වගකියනවා නම් අපි ඉඩදෙඤ්ඤා පැරදිලාහේම නයතියන්ඩ ආවොත් අපි නරක මිනිස්සුයයි කියන්ට එපා.

කිල්ලපොනේ - ඒ පැරදුනොත් නොවැ දියණුවොත් කොහොමද.

සූදුකාරයෝ - අපි සියලුදෙනාම ඉඳගන්නේ දිනන්ඩ හිතාගෙණ යි. නුමුත් යන්නේ පැරදිලයි.

කිල්ලපොනේ - හිතන දේ කරන්ට පුළුවන්නම් සූදුවට එන්ඩ ඕනෑද ? උඹලාගේ පණ්ඩිතකම් මට මොකටද ?

සූදුකාරයෝ - එහෙනම් ඉඳගෙණ සෙල්ලම කරමු.

කිල්ලපොනේ - හොඳයි - බම්බු දාදු මගෙ අතට දෙන්න.

i සූදුකාරයා - ඉඳා

(කිල්ලපොනේ ඉඳගණී)

කිල්ලපොනේ - ඔට්ටුයි ඔය රුපියල් 20 ම දිනනවා

ii සූදුකාරයා - ඔට්ටුයි පරදිනවා

(කිල්ලපොනේ දාදුව දමයි)

කිල්ලපොනේ - පෙරලියන් පුතා ත්රෝදයි

ii සූදුකාරයා - එකදෙක පෙරළිලා තිබෙන්නා. මට ජයයි.

කිල්ලපොනේ - (තෝංකාරයාට කියයි) මහත්මයා රුපියල් 30 මට දෙන්න



252 සුරාසොඬ ප්ර කරණය

තෝංකාරයා - ඉඳා

කිල්ලපොනේ - ඔ‍ට්ටුයි රුපියල් 30 ම පරදිනවා

ii සූදුකාරයා - ඔට්ටුයි දිනනවා (බම්බුව අරන් දාදුව දමයි) ඔන්න පෙරළනවා තුණ තුණ - මටයි දිනුම දීපන් රුපියල් තිහ.

කිල්ලපොනේ - දෑතට කම්මුතුයි - මොකටද එලිවෙනකල්කරන්නේ. තව රුපියල් 20ක් ඔය හවඩිය ගණනට මහත්මයා දෙනවාකෝ.

තෝංකාරයා - හවඩිය එපමණ වටින්නේ නෑ. දෙන්ට බෑ.

කිල්ලපොනේ - එහෙනම් මම යන්ඩද ?

තෝංකාරයා - හොඳයි ගොසින් කාසි සොයාගෙන එන්න.

කිල්ලපොනේ - මට අඩියක් දෙන්ඩ.

තෝංකාරයා - මොනවාද හොඳ. ?

කිල්ලපොනේ - සිලෝන් හොඳයි.

(කිල්ලපොනේ වීදුරුවක් පුරවාගෙන අඩියක් ගසා මෙසේ කියයි)

පරාදය් කාසී සංගිලිත් උගස්වී නින්දාව මෙසේ අතිවී පාඩු දැන් බෝමය් වාඩු අල්ලඤ්ඤා විගසේ - පරාදය් කාසි මාගෙ ගෑනි හොඳය් ඉල්ලු වොත් දෙයි කාසිත් මේ තක්කඩින්ට බැටේ දෙඤ්ඤා - මම් - මම් ගෙණත් මුදල් පැරදිච්ච කාසිත් දිනාගඤ්ඤා වන්ස් මෝර් නෝ මෝර් - ඉතින් නැතේ නස්පත්ති බලයි ම උත්පත්ති සූර් සූර් සෑර් සෑර් රැජාමෙ එඤ්ඤා මෙ පොන්න කෙලින්ඩ ‍මම් කාසී සපයා

(නික්මයයි.)



ජෝන් ද සිල්වා 253

තෝංකාරයා - කිල්ලපොනේ වෙරිවෙලයි ගෙදරයන්නේ - ගෙදර සණ්ඩුනූනොත් ඇති.

සූදුකාරයෝ - සූදුවට බැස්සාම ඔහොමතමා - කාගෙ බෙල්ලහරි කඩා කාසි ගෙනෙන්ටමයි හිත.

(නික්මයති)

11 අංකය

I ජවනිකා - කිල්ලපොන්ගේ ගෙය.

ඉලංගනා - පව්ල මේ දුක්වී සිටිනා බොනවා ‍මාව‍ාහේ අන්නෑවේ බොන්ඩ ගොස් එයි කෙළ සූදු ජාමේ

සිලෝනා - අපෙ කරුමේ දැන් විනාසේ පිතුරාගේ දෝසේ මත් පානෙන් සිදුහානි නෑ පෙනීලා දේසේ ෴

පෙම්පරා - හාමතේ දැන් ඇග පණනෑ කුමටා මා මැවිවේ බත් මාළුත් කන්ඩහ නැත්තේ කළ පව් කිම් පූර්වේ

ඉලංගනා - පෙරුපතකම් ජම්මපත්රෙ න් පැහැදීලා යන්නේ දැක්කානම්පිය කේන්ද්රේෙ නෑ වීවාහේ වෙන්නේ ෴

සිලෝනා - ඇයි අම්මා බඳින්ඩ පෙර තාත්තාගේ කේන්දරේ නොබැලෙව්වේ.

ඉලංගනා - මගේ දෙමව්පියෝ කේන්ද්රඩ ශාස්ත්රේය විශ්වාසකළේ නෑ. ඒ නිසා බැලෙව්වේ නෑ.

පෙම්බරා - සසර දික්කරගන්ට ආශා ඇති උදවිය කේන්දර බලනවා

සිලෝනා - අසුර ගහන තරම කාලයක්වත් භවේ ඉන්ට බුදුහාමුදු‍රුවෝ කැමැති නැති බව වදාළ සේක. අම්මා අපේ තාත්තා බඳින්ඩ පෙර ඔය කේන්දරේ නොපල්පු එක වඩා හොඳයි. අපට දැන් පෙණීයනවා චතුරාර්යසත්ය යෙන් පළමුවෙනි සත්යෙය වන දුක්ඛහත්යචය.



254 සුරාසොඬ ප්රයකරණය

ඉලංගනා - දුක්ඛසත්ය ය යමෙකුට අවබෝධවෙනතුරු නිවන් සැපේ වටිනාකම පෙණීයන්නේ නෑ.

පෙම්බරා - අම්මා අපට පෙව්ව කිරිවල පවු ගෙවෙන්ඩවත් යමක් සම්භකර මව් පෝෂ්යෙකර පින්කරගන්ඩ අ‍ෙප් අතපය සවී උනොත් හොඳයි - දැන් හාමතේ ඇඟට පණ නෑ.

ඉලංගනා - එක වේලක්වත් කාලා දිවි රැකගම්මු. පියා බීමට සූදුවට වැටී අපට තමා දුක - අනේ මේ බොන ජනයෝ කීදෙනෙකුට දුක් දෙත්ද ?

සිලෝනා - බීම මෙපමණ නපුරු එකක් බව සමහරු නොදිනිති.

ඉලංගනා - නොදන්නවා නොවෙයි දුවේ උන්ගේ බඩජහරිකම.

(කිල්ලපොනේ සුරුට්ටුවක් පත්තුකරමින් වැනි වැනී එයි.)

කිල්ලපොනේ - හවඩි මා ගත්තේ උගස් අයකෙරූ තෝන් මුදල් සූදු - ලොක්කා ලොක්කා නෑ අතමිටේ කාසී කාසී - සුන්දරී යාපත් කෑමට බත්සදා උයාලා ඇත්තේ මාලුමොනවදා

ඉලංගනා - බත කන්ඩ සම්බෝලවත් ජාඩි නෑ ලෑස්ති කාගෙන් හිඟන්ට යමි මම් මම් මම් නොදකීම් නොදකීම් අවමාන් අවමාන් -

කිල්ලපොනේ - සුන්දරී යාපත් කෑමට බත් සදා උයාලා ඇත්තේ මාලු මොනවදා බාරි බැණවැදී බෝම කිපුනි දැන් සිඹිම් මම මුනල්ලා ෴

ඉලංගනා - කෝ අප්පුහාමි හවඩිය.

කිල්ලපොනේ - ඒක රුපියල් 30 ට උගස්තියා සුදුකෙලියා - පැරදුනා - නුඹේ ඔය කඩුක්කම් ජෝඩුව දීපන් - කාසි ටිකක් අරන් ගොසින් පරාදය හරිගස්සගන්ට ඕනෑ.



ජෝන් ද සිල්වා 255

ඉලංගනා - පළමුවෙන් හිතාගෙණ ගියේ එහෙම තමා - තිබුණ එකත් නැතිවුනා.

කිල්ලපොනේ - සූදු කෙළින මිනිහාව හිතෙන්නේ අනුන්ට ගිනිදීම තමා.

ඉලංගනා - පවුල් නැතිවෙන කරුණු තුණක් ඇත - බීම සූදුව සහ ‍වේසකම - පෙරකාලේ මගුලක් ඇසුවාම ස්ත්රීනගේ දෙමව්පියන් කපුව‍ාගෙන් මනමාලායා ගැන විභාග කරන කරුණු තුණ ඔයතුණ තමා - දැන් ඒ වෙනුවෙන් කලිසම් අඳිනවාද කොන්ඩේ කපලාද සිගරැට් බොනවාද යනාදිය මනාමාලය‍ාගේ යහපත් ගුණසේ සලකති.

කිල්ලපොනේ - මාගේ හාමිනේට හොඳයි කීයා හිතෙනවානම් මේ කොණ්ඩෙකපා කලිසමක් ඇඳලා සිගරැට් එකක් බොඤ්ඤ

ඉලංගනා - ඉලව් හැපිච්චි මට හො‍ඳෙයි කීවා නොවෙයි. මේ රටේ දැන් තිබෙන ස්වභාවයි කීවේ.

කිල්ලපොනේ - අනේ පණේ දීපන් කඩුක්කම් කුට්ටම.

ඉලංගනා - අනේ අනේ හිතක හැටි බබලත් අපේ හිත ඔයිට වඩා දමනය කරගතැකි - ඉඳා අරගෙන පලයන් - දැන් ඉතින් වටිනා බඩුවක් මා ගාවා නෑ. අඳින කම්බායත් අනික්පාර දෙන්ට වෙයි. (කඩුක්කම් ජෝඩුව දෙයි)

(කිල්ලපොනේ නික්මයයි.)

සිලෝනා - අම්මා පවුල නමැති කුඹුරට පියා වැටය මව් නියරය ඉතින් වැටත් නියරත් ගොයම් කනවානම් ඒ කුඹුරෙන් ඇති කාරිය කුමක්ද ?

ඉලංගනා - අනේ දුවේ පූර්වෙ කරුමයක් මට සිද්ධවුනා - නරක යාළුවන් සමග පියා එකතුවෙලා මේ කැත නින්දිත ක්රිකයා පුරුදුඋනා - මත්පැන් බින්දුවක්වත් පාවිච්චිකරන කිසිවෙක් කිසිකලක විශ්වාසකරන්ට එපා. මෙන්න මේ දම්පියා ගාථාව මතකනැති කරන්ට එපා.




256 සුරාසොඬ ප්රයකරණය

නභජේ පාපකේ මිත්තේ නභජේ පුරිසාධමේ භජේත මිත්තේ කළ්යා ණේ භජේත පුරි සුත්තමේ.

පෙම්බරා - අම්මේ තිලෝගුරු බුදුහාමුදුරුවෝ මේලොකේ කල්අර්න්ට ඕනැ විධිය අපට උගන්නා වදාළසේක. ඒවා නොදැන නොමග අපේ සිංහල ජනයා යන්නේය. මොකද කරන්නේ.

මග හොඳට තිබේනම් යන්ට දෑසත් පෙණේනම් කිම බැදිවල යන්නේ මංමුලාවූ එකෙක්සේ මිහිරි දිය ත‍ිබේනම් පැන් කැමැත්තෙක්ද වී නම් මිරිඟුවට දුවන්නේ මක්නිසාදෝමුවෙක්සේ

(නික්මයති.)

II ජවනිකා - වීථියක්

(තරුණ ස්ත්රීේයෝ තුන්දෙනෙක් තමුන් සිටින වේසගෙට ගමන්කරති.)

ස්ත්රිුයෝ - බීලා බ්රැමන්ඩි කාලා සැන්ඩිවිච් සිත්තුටුවෙය් මේ සැන්දෑවේ දුක්නැත මෙලොවේ - බෝසැප ඇතිවේ රූපෙ නිසා නැසෙතීලන්දාරී.

සම්පත්ති බෝ පුදලා රාගෙන් සියල්ල දීලා එන්නෝය කාමලෝලා මේ වීථි වාසි බීලා ෴

ගාලා පවුඩර් ලා සැන්ට් ජැස්මින් තුප්පෙ තබා මෙපිරාකෙස් - දේහ බබලනා - සෝබන බරණා - ඇන්දා අපේ උවනින් සිත් තොස් වෙය් -

මේවාගෙ ලෝක මායා දුක් රෝග ලංකරායා බේරෙන්ට දෝෂපායා දුන්නේය ධර්මරාජා ෴



ජෝන් ද සිල්වා 257

ස්ත්රී - රවි චන්ද්ර කුජ රාහු සුරගුරු කේතු බුදහු ශුක්ර සැණි කියා ග්ර හයෝ නමදෙනෙක් සිටිති. ඔය නමදෙනා අතුරෙන් මනමාල ග්රසහයා දන්නවාද ?

ii ස්ත්රීි - අපට තේරුම් නෑ. මට හිතෙන හැටියට අප තුන්දෙනාටම එම ග්රනහයා එකම රාශියක පිහිටලා ඇත. නැත්නම් මෙහෙම චරිතයකට බහින්ට හේතුවක් නෑ.

iii ස්ත්රීු - මගේ කේන්දරේ සිකුරා හත්වෙන් රාශියේ උපදිනකොට සිටි බව පෙණීයයි.

i ස්ත්රීත - අපොයි අපොයි එම යෝගය ගැන යමක් කියන්ට පවා ලජ්ජයි. අහුන්ගල්ලේ ගුරුතුමා මට ඒගැන හුඟක්දුරට කියාදුන්නා.

ii ස්ත්රීා - ඔය ග්රනහයන් කොහොම සිටියත් වීරිය හේතුකොටගෙන යහපත් චරිතයක් ඇතිකරගන්ට බැරි නෑ.

iii ස්ත්රීබ - වීරිය පාරමිතාවක්ය - වීරියෙන් නොයෙක් අමාරුකම් මග අරවාගන්ට පුළුවනි.

(කලිසන් තොප්පි පැළඳගත් සකලම්බුජ ‍නම් සල්ලාලයා පැමිණේ. ස්ත්රීින් දැක එක් ස්ත්රීබයෙකුගේ අත අල්ලා මෙසේ කියයි.)

සකලම්බුජ - සන්දා ඔමරියා සුංගා ඉඟටිය, පානාදර ලියා යයිදෝ කැඩී -

i ස්ත්රීන - අත රිද්දා කඩයි මේ ජාලයා

සකලම්බුජ - අංගේ රංගේ දේවාංගනා මෙන් ලියා

i ස්ත්රීන - හායි හායි

සකලම්බුජ - අංගේ රංගේ දේවාංගනා මෙන් ලියා

iii ස්ත්රීන - රාගෙන් මත්වෙලා

සකලම්බුජ - දැන් පටලැවිනා මගේ හෘදේ කොණ්ඩේ - රූපෙන් තිගේ



258 සුරාසොඬ ප්රයකරණය

පෑදී මගේ නෙත්යුගේ දෙන්නෙම් උයන් රන්දා අසුන් පන්නා රුපුන් චෝලි ඉඳා සාරි සොඳා මීරා නඳා මේවා හොඳා ගත්තැකී ඒවා දීපාන් කීස්

i ස්ත්රී - දෙනවාකෝ මුදල් රුපියල් හොල්ලා කාසි නැතොත් දුවන් බලාලා

ii ස්ත්රී - බෝකැත කිරියා පාරේ එපා එපා

iii ස්ත්රී - සල්ලි ඕනෑ ආලේ පාන්ටා

සකලම්බුජ - හායි හූයි ෴

i ස්ත්රී - මහත්මයා කූඩුකතත් තිරිත්තමට කන්ට ඕනෑ - මේක වීථිය බව දන්නේ නැද්ද ?

සකලම්බුජ - වීථිය බව මතක නැතිවුනා - සංසා‍රයක් අපට මතක නැති කරවන්බනේ උඹලා තමා.

ii ස්ත්රීේ - ඒක අපේ වැරැද්දක් නොවෙයි. හිත මැඩපවත්වා ගන්ට බැරි උඹලාගේ වැරැද්දයි. බබලතා කියන්නේ දුර්වල තැනැත්තාය. ඉතින් දුර්වල අපට ගුරුකම් දෙන්ට ඉන්න උඹලා මොකට අපේ දැලේ වැටෙනවාද ?

සකලම්බුජ - උඹලා එකතුවෙලා ගෙයක් අරගෙණ ඔය දැල අටවාගෙණ ඉන්නකොට ගුරෑන්නාන්සේ පවා ඔය මඩියේ වැටෙනවා. අර දුප්පත් කාලිදාසත් වැටුනේ ඔය දැලේ තමා.




ජෝන් ද සිල්වා 259

ii ස්ත්රී - අපේ දැල මකුළු දැල වාගේය. ඔය සකලම්බුජ වාගේ මැස්සෝ ඒකේ අසුවෙති. නුමුත් රාගාදි කෙලෙස් තුනිකරගන්නා පඬිමැස්සෝ දැල බිඳගෙණ බේරීයති. ඒ නිසා සකලමබුජ මේ දැල බිඳගන්නා ශාස්ත්ර ය සොයා දැනගණින්.

සකලම්බුජ - උඹලා දන්නවාද ඒ ශාස්ත්රදය.

i ස්ත්රීා - අපි දන්නේ දැල අටවන ශාස්ත්රලයයි. එය බිඳින ශාස්ත්ර්ය ඉගණගත්තානම් සකලම්බුජට අප එක්ක ඔය විහිළුදහළු කරන්ට ලැබෙන්නේ නෑ.

සකලම්බුජ - කිල්ලපොනේ හේම උඹලාට සම්භවුනාද ?

ii ස්ත්රීල - සම්භවුනා - බීගෙණ ගෑන‍ිගෙ කූරක් අරන් සූදු මඩුව දිහාට ගියා - දිනුවොත් අප සම්භවෙන්ට එනවයි කිවා.

සකලම්බුජ - එහෙනම් මමත් එහාට ගොසින් කිල්ලපොනෙත් සමග එඤ්ඤා - අපට කෑම සාදා තබාපල්ලා.

iii ස්ත්රීබ - එය ලෑස්ති කර තබඤ්ඤා - අඩිත් ඕනෑද ?

සකලම්බුජ - අඩිත් ඕනෑද කියා අහනවා - ඒක නැත්නම් විළිබිය නැතිකරගන්නේ කොහොමද ?

i ස්ත්රීහ - ඔය අඩිගහන අයට විළිබිය නැද්ද ?

සකලම්බුජ - විළි කියන්නේ ලජ්ජාවයි - බිය කියන්නේ භයයි - මේ දෙකම නැතිඋනාම මනුෂ්යොයා පිස්සා. ඉතින් මනුෂ්යකයා පිස්සු කරන අඩිය නැතුව උඹලා වසන තැනට ඇවිත් කිසි පලක් නෑ. ආයුබෝවන් - මම එඤ්ඤා කිල්ලපොනේත් සමග

(නික්මයයි)

ස්ත්රීකයෝ - මූනූ අපේ පද්මා විලස්වී පෙණීලා කාසි දීලා එති රැවටීලා මෙහි - නෙක සල්ලාලයෝ බ්‍ා ැන්ඩි බීලා - සරාගී බෝජනෝ එති වේසගේ සොගමින් දී කාසී බෝ නිරෝගී වෙන්ට නම් කාටවත් නොහැක්කී බැව් පෙණීයය් බෝ



260 සුරාසොඬ ප්රයකරණය

කළත් දැන් වේසකම් ඉන් ‍දොස්පෙනේ සත්තය් වදන් මේ කිව් කාටත් විනාසේ මින් යෙදීලා මෙලෝ පරලෝ සැපත් සුන්වෙයි -

කරුම දෝසේකි තමා වේසී වෙන්නේ ලඳා කාසී හින්දාම ගි‍යා ලජ්ජා ගෑනුන්ගේ මෙඳා

දොස් බෝවී රටෙ දුප්පත්වී මෙජාතී ජාතී ඇතොත් කන්ටා මෙසේ වල්කම් නෑ වෙන්නේ වෙන්නේ කෑම බීමට වාරාංගන වුනි ලන්දා ෴

(නික්මයති)

III ජවනිකා - සුදුමඬුව.

(පළමු සිටි සූදුකාරයෝ සහ තෝංකාර‍යාත් සිටිත්)

i සූදුකාරයා - දිනඤ්ඤා සීයක් රුපී - දාදු දමා දිනාගතෑකී මම් සීයක් රුපී - දිනඤ්ඤා සීයක් රුපී දාදුදමා දිනාගතෑකි

ii සූදුකාරයා - ඔ‍ට්ටුයි මුදල් තබඤ්ඤා කිව් කාසි පරදිඤ්ඤා ෴

iii සූදුකාරයා - දිනඤ්ඤා මේකත් පගා - ත්රෝදයිය වැටී දිනීම වේවා දැන් මේකත් පගා - දිනඤ්ඤා මේනත් පගා ත්රෝ යිය වැටී දිනීම වේවා

iv සූදුකාරයා - කව්රුත් කරන්නෙ ඔට්ටුයි මා ඔට්ටු පරදිඤ්ඤා ෴

(i සූදු කාරයා දාදුව දමයි - පරාදය පෙරළෙයි)

ii සහ iv සූදුකාර‍යෝ - අපටයි වාසිය දියල්ලා කාසි දියල්ලා කාසි - (කාසි ගණිති)

තෝංකාරයා - තෝං දමාපල්ලා පෙට්ටියට


ජෝන් ද සිල්වා 261


ii සහ iv සූදුකාර‍යෝ - මෙන්න තෝං බොහොම සන්තෝෂයෙන්ම ඔය බෝතලෙයි වීදුරුවයි මෙහාට දෙනවාකෝ -

(තෝංකාරයා විස්කිබෝතලයයි සෝඩා බෝතලයයි දෙයි සූදුකාරයෝ එය වක්කරගෙන බොති.) (කිල්ලපොනේ පැමිණේ.)

කිල්ලපොනේ - කුඩුක්කම් ජෝඩුවක් මේ බලා පාන් රුපියල් විස්සක් දැන්ම දී පාන් පරාදේ දොක්කම්වී වාසිවේ බාන් කඩුක්කම් ජෝඩුව මේ බලා පන්

දාදු ලෑම නැත පුරුදු මත්පැන් සේ යාලූ දෙන්කෝ මට බොන්ටා සිලෝන් වෙන්ට වෙරි - දෙන්කෝ බොන්ටා සිලෝන් වෙන්ට වෙරි දිනා මිල මාගෙ ගඤ්ඤා-ජිං බ්රැනණ්ඩි බොඤ්ඤා පිසවා කමී මේසහාල් ෴

තෝංකාරයා - (කඩුක්කම් අතට ගෙන කියයි) රුපියල් විස්සකට වැඩිය දෙන්ට බෑ - මේ විස්ස අරගෙණ සෙල්ලම්කර බලාපන්.

කිල්ලපොනේ - ඔය සිලෝන් බෝතලේ මෙහාට දෙන්ටකෝ (වීදුරුව පුරවා බොයි) - රුපියල් විස්සද

තෝංකාරයා - ඔව් තවත් ඉල්ලන්ට එපා.

කිල්ලපොනේ - එතකොට හවඩියට රුපියල් තිහයි මෙම විස්සයි සේරම පනහයි.

තෝංකාරයා - ඔව් ඔවි.

(කිල්ලපොනේ සූදුවට වාඩිවී මෙසේ කියයි)

කිල්ලපොනේ - යාලුවනි ඔය බම්බුවයි දාදුවයි මගෙ අතට දීපල්ලා. (සූදුකාරයෝ දෙති) ඔට්ටුව රුපියල් විස්සක් පරදිනවා

i සූදුකාරයා - ඔට්ටුයි දිනනවා.



262 සුරාසොඬ ප්ර කරණය

(කිල්ලපොනේ දාදුව දමයි - ඔට්ටුව පෙරළී රුපියල් විස්සක් දිනාගණී)

කිල්ලපොනේ - ඒක මටයි ඔට්ටුයි රුපියල් හතලිහම දිනනවා

iii සූදුකාරයා - ඔට්ටුයි පරදිනවා.

(කිල්ලපොනේ දාදුව දමයි ත්රෝටයි පෙරලෙයි)

කිල්ලපොනේ - ඒකත් මට - ඔට්ටුයි රුපියල් අසූවම පරදිනවා.

ii සූදුකාරයා - ඔට්ටුයි දිනනවා.

(කිල්ලපොනේ දාදුව දමා ඔට්ටුව පෙරළෙයි)

කිල්ලපොනේ - ඒකත් මට - දැන් - ඉතින් මගේ පරාදේ හරි. ඔය රුපියල් පනහ අරන් මගේ හවඩියයි කඩුක්කම් ‍ජෝඩුවයි දෙන්ට හොඳා

තෝංකාරයා - ඉඳා යන්තමි බේරුණා - ඉතින් හිටින්ට එපා පලයන්

කිල්ලපොනේ - සූදුව අතත් එකයි දෑතත් එකයි - මගෙ කෙළිය ඔහොම තමා - තව අඩියක් මට ගන්නොත් හොඳා

(බෝතලේ අරන් බොයි නික්මයයි)

සූදුකාරයෝ - මේක අනේ ඕකා දෙවෙනි සැරේ වැද්දත් කරුණෙන් තමා - අපිත් ඉතින් අදට මේක නවත්වමු

(නික්මයති)

II අංකය

I ජවනිකා - වේස ගේ - ඇඳක් ති‍බේ.

වෙශ්යාං්ගනෝ තිදෙනෙක් ඉතා අලංකාරලෙස පැළඳ‍ෙගණ වාඩිවී සිටිත්. කෙල්ලෝ හදෙනෙක් ගීකියා නටති



ජෝන් ද සිල්වා 263

කෙල්ලෝ - මෙ දීප පුරාංගන කොණ්ඩේ සරා මල් පේවී මනාලිසේ වාඩිවී - රංග රංග සින්දු සින්දු කියම්මෝ ලන්දු සන්තෝසේ තෑගි දෙත්වා පාමු පාමු පාමු තාලයෙන් නෙරාගා දැන් දකිවා ශෘංගාර බෝ මේ සබේ - දැන් දක්වා ශෘංගාර බෝ හා මේ සබේ - වේසාගේ ෴

i වෙසඟන - නැටුම නවත්වව් - කිල්ලපොනේ සහ සකලම්බුජගේ කටහඬ ඇසෙනවා.

කෙල්ලෝ - ඔව් ඔව් කවුද ගොජ දමාගෙණ එනවා. (කිල්ලපොනේ සහ සකලම්බුජ පැමිණෙත්)

කිල්ලපොනේ - අයිසේ මදලේනා මට මට මට ඇඳක් -

i වෙසඟන - එන්ඩ එන්ඩ එන්ඩ මෙහෙන් හාන්සිවෙන්ඩ.

(කිල්ලපොනේ ඇ‍ඳේ හාන්සිවී වමනේ දමයි)

සකලම්බුජ - මදලේනා අද උඹලාගේ පගාව බේරගත්තෑකි - ඔය යෝදයා ගාවා හවඩියක් කඩුක්කම් ජෝඩුවක් සහ රුපියල් එකසිය හැටක් තිබෙනවා.

ii වෙසඟන - මේ යෝදයාට කිසි සිහියක් නෑ.

සකලම්බුජ - ඕවා සියල්ලම අතවත ගාගෙණ මටත් රුපියල් 50ක් දීපල්ලා - මම ඒක කාටවත් කියන්නේ නෑ.

ii වෙසඟන - යහපත් කල්පනාව ! ගොජදමන බෙබේට ඔහොම පජකමක් කළාට වරදක් නෑ.

සකලම්බුජ - ඉනඉහ සෝදිසිකර කාසිපනම් ආදිය මා ඉදිරිපිටම ගණිල්ලා.

i වෙසඟන - හොඳයි හොඳයි (කාසි බඩු ආදිය සියල්ලක්ම ඉනෙන් එලියට අරන් කාසි ගනන්කර මෙසේ කියයි) රුපියල් එකසිය හැටක් තිබෙනවා.


264 සුරාසොඬ ප්ර කරණය

සකලම්බුජ - මට රුපියල් 50ක් දීපල්ලා - මම මෙහි නොසිට යන්නෙමි

i වෙසඟන - ඉඳා අරන් පලයන් (රු50 දෙයි)

(සකලම්බුජ නික්මයයි)

කිල්ලපොනේ - ඕඃ (වමනේ කරයි)

ii වෙසඟන - නොදකිම් මේ නරකාදි සතා - දැන් පිත පුපුරලා නහින්ට පුළුවනි.

iii වෙසඟන - මූන කට කැඩිලා යන්ට ඇ‍ඳෙන් තල්ලුකර දමමු.

i වෙසඟන - එපා ඒක කරන්ට මේ යෝදයාට සිහිවෙලා කාසි හෙව්වොත් මොකද කියන්නේ ?

ii වෙසඟන- මෙතනට නොයෙක් දෙනා පැමිණෙන ස්ථානයක් නිසා කවුරු අරන්ගියාද කියා නිච්චි නැති බව කියමු.

ii වෙසඟන - ඒක හොඳා - දරුමල්ලන් ඇති මේ යෝධයාට හොඳ පාඩමක් උලන්නලා අරිමු.

i වෙසඟන - බොහොම නපුරු සතෙකි - වැඩි කෝලම් නොකර ඔහෙ බුදියගන්ට අරිමු.

ii වෙසඟන - දුප්පතාට ලුනුකැඳ ටිකක් බොන්ට සාදවා දෙමු.

ii වෙසඟන - ටිකක් බඩගිනි වෙන වේලාව බලා ලුනුකැඳ දෙමු අපි යමු ලුනුකැඳ හදන්ට.

(නික්මයති)

II ජවනිකා - වීථිය

සකලම්බුජ සහ මොංගෝලියා ගමන්කරති.

සකලම්බුජ - හාහා මාගේ නුවන් පිනන මොංගෝලියා බොහොම කලකින් අප දෙදෙනා මුන ගැහුනාවද




‍ජෝන් ද සිල්වා 265

මොංගෝලියා - මුන ‍ගැහුනදාට මූන නොහැහුන කාලේ වාඩුවත් අල්ලන්ට වාගෙයි.

සකලම්බුජ - නෑ නුඹ සමග කථා කර කර යනකොට ‍කාලේ ගමන්කරණ බවවත් මාන්සියවත් දැනෙන්නේ නෑ.

මොංගෝලියා - ඒක එහෙම තමා - නුමුත් පිරිමි අප පාත අඩියට දමා සිටින එක තමා වැරැද්ද.

සකලම්බුජ - ඒක එපමණ වැරැද්දක්ද? ගෑනු පිරිමි තරමට ක්රිටයා කරන්ටනම් යෙහෝවඃ වහන්සේ පිරිමියාගේ ඉල ඇටෙන් ස්ත්රී-ව මවන්නේ නෑ. හිස්කබලෙන් මවනවා ඇති. ඉලඇටෙන් මැවූ කරුණෙන්ම පෙණෙන්නේ පාත්ව ක්රි්යාකරන්ට ඕනෑ බවයි.

මොංගෝලියා - ඔය ඉලඇට උපමා කථාවෙන් ඔ‍ හොම තර්කමනයක් උපුටාගන්ට පුළුවන් බවක් නොදනිමි. ඔය නිසාද මගුලක් ඇසුවාම දෑවැද්ද කොච්චර දෙනවාද කියා මනමාලිගෙන් අහන්නේ ?

සකලම්බුජ - ගෑනු සතාගෙන් පිරිමි සතා හම්බුකරගෙන කන ස්වභාවධර්මයක් නැත - නුමුත් දෑවැද්ද දෙන්ට ගෑනු ලෑස්ති‍ වෙලා ඉන්නකොට ගත්තාට වැරැද්දක් මොකද

මොංගෝලියා - දුන්නොත් ගත්තාට වැරදි නෑ. නමුත් ඉල්ලා සිටින එක තමා නින්දාව.

සකලම්බුජ - ඉල්ලන්නේ දැන්කාලේ විධියට ෂෝක් කරකර ඉන්නටයි. මේකාලේ ස්ත්රිදය ගොඬුබෙල්ලා වාගේ සිටිය යුතුයි.

මොංගෝලියා - ඒ මොකද ? සෙම පෙරාගෙන ඉන්ටද ?

සකලම්බුජ - නෑ නෑ මොංගෝලියා ගොඬුබෙල්ලා උඹ දන්නවාද ?

මොං‍ගෝලියා - මොකද නොදන්නේ - අර පුවක්ගස්වල බඩගාන බෙල්ලා - කළුතඑ පලාතේ බොහොම ඉන්නවා.


266 සුරාසොඬ ප්රයකරණය

සකලම්බුජ - උගේ ශරීරය පරීක්ෂා කර බැලුවාද ? උගේ කටුව උගේ ගෙ - ඒක ඇතුලේ ඌ සිටිනවා? ඌ යන තැන ගේත් අරන් යනවා - ඉතින් මේ දෑවැද්ද නිසා ස්ත්රිේ යන නාමවචනයෙන් අද තේරෙන්නේ ගෑනි පමණක් නොව ගේදොර වතුපිටි කාසි පණම් මේ සියල්ලක්ම ඇති මනුෂ්ය දුවයි.

මොංගෝලියා - භාෂාවක වචනවල ‍තේරුම පෙරළී යනහැටි ඉනින් සිංහල ස්ත්රී සිංහල ගොඩුබෙල්ලී. අනේ මේ පිරිමි පුතාලා පණපිටින් නිවනි පලයල්ලා - මඳැ මෝහෙන් දුවන දුර සකලම්බුජ මුන්නැහේලා භාවකුතුහල කියවලා නැද්ද - අන්න ඒ පොතේ තිබෙනවා ගෑනියෙක් බඳින්ට ඕනෑනම් කොහොම කෙනෙක් තෝරලන්ට ඕනෑද කියා.

සකලම්බුජ - භාවකුතුහලෙන් කුතුකවන්ට බෑ - මුන්ට කාසිමයි ඕනෑ.

මොංගෝලියා - කාසි ඔයහැටි සොයා ඉන් ‍මක්කරණවාද ?

සකලම්බුජ - බොනවා කනවා කාරඩිස් ගහනවා දුවනවා පනිනවා ෂෝක් කරනවා ඔජවඩවනවා බොරු උජාර කරණවා ලෝකෙ අනිත් අතට පෙර‍ළනවා.

මොංගෝලියා - සකලම්බුජ මේක විනාශ කාලයක්.

සකලම්බුජ - විනාශ කාලේ විපරීත බුද්ධිඃ යනු උඹ අහලා නැද්ද ?

මොංගෝලියා - මේ සියල්ලක්ම වෙන්නේ නූගත්කම නිසායි.

සකලම්බුජ - මුන්ගේ සිතිවිල්වල බැඳී තිබෙන මලකඩ ඇරගන්ට හොඳ සෝඩා පවුඩර් එකක් තිබෙනවා. ඒකනම් බුදුන්ගේ ධර්මයයි - ඒක උගත් මටත් ඉඳලා හිටලා තණ්හාව හිතුනාම නොමග යන්ට වෙනවා - ඒ හිත දුර්වල නිසායි.

මොංගෝලියා - සෙක්ස්පියර්ගේ හැම්ලෙට් නාටකය උඹ කියවලා තිබෙනවාද

සකලම්බුජ - කොලිජියේ ඉන්න කාලේදී කියෙව්වා දැන් වැඩිය මතක නෑ

මොංගෝලියා - හැම්ලෙට් තනියම මරණය ගැන කරන කථාව මතකද ?



ජෝන් ද සිල්වා 267

සකලම්බුජ - මට වැඩිය මතකනෑ - උඹ පටන්ගත්තොත් මමත් ටිකක් කියඤ්ඤා.

මොංගෝලියා - එහෙනම් මතක්කරගණින්

පැනක් තිබේ විසඳන් ටා - ලොව ඉඳුම මරණ මෙදෙකින් සොඳ ගන් ටා කොයි එකදැයි දැන ගන්ටා ටා - වැඩි පහසු නොමැත සිහි ඇති ජනයින් ටා

සකලම්බුජ - නිවත් ‍කමේ සැර පහ රා - විඳ සිටින්නෙමිද නැතහොත් මෙම ලොතරා ඇති පිරි කරදර සයු රා - බිඳ දමන්නෙම්ද ගොස් කර යුද නොහැ රා

මොංගෝලියා - මරණය නින්දක් වේන ම් - ඉන් සතහට ඇතිදුක කම්මුතු වේන ම් එම නින්දට කැමතිව ම ම් - ලොව සිටිමි දුරැර උපදින හද එබිර ම්

සකලම්බුජ - මරණය නින්දක් වේන ම් - ඉන් ගොරතර දුක්දෙන හීන පෙන්න ම් මරණ නින්ද ගැන එහෙන ම් - මම සිටිමි බියව සිහිකර දුක නොතර ම්

මොංගෝලියා - නැතොත් පැවැත්මක් සත ටා - තම මරණින් පසු සසරෙහි වැස ඉන් ටා කුමට නෙරෙක්කු විඳින් ටා - මෙම ලොවෙහි සිටිම්දැයි නොහැ‍ඟෙය මෙම ‍ටා

සකලම්බුජ - මරණින් පසු යන දේසෙ න් - නැත කිසිවෙක් ආපසු එනු මෙවිලාසෙ න් ඇති දුක්විඳ සන්තෝසෙ න් - අපි නොදත් එදුක් වෙත නුදුවමු පස්සෙ න් ෴

මොංගෝලියා - සකලම්බුජ ධර්මිෂ්ඨ ජීවිතයක් ගතකරන එක කොපමණ හොඳද.



268 සුරාසොඬ ප්ර කරණය

සනලම්බුජ - එහෙම කරන්ට බැරි හෙණේවද දැන් හැදිලා තිබෙන්නේ - ගිය ගිය තැන බීම, සූදුව, වෙශ්යා්ක්රිෙයාව - ඉතින් කැමැති හොඳිජ්ජෙක් නරිජ්ජෙක් වෙනවා.

මොංගෝලියා - ඉන් බේරෙන්ට අපේ ජනයින්ට ඤාණේ නැද්ද ?

සකලම්බුජ - ඤාණේ නැතුවා නොවෙයි - සමාගමේ නරක්වුනාම ඥානේ නැතිවෙනවා. ඊයේ රෑ හොඳ එකක් කෙරුණා. මොංගෝලියා කාටවත් නොකියනවානම් මම කියඤ්ඤා.

මොංගෝලියා - රහස් එලිකිරීම මිත්රුද්රෝමහියන්ගේ වැඩකි. තවම මම එහෙම පංතියකට පෙරළුනේ නෑ.

සකලම්බුජ - ඊයේ රෑ කිල්ලපොනේ වේසගේකට අහුවෙලා වේස ගෑනු රුපියල් 160ක් කොල්ලකෑවා - මටත් රුපියල් 50 ක් ඉන් ලැබුනා - යමන් පිටකොටුවේ සාප්පුවකට උඹට ගවුමකට රෙදි අරන් දෙඤ්ඤා.

මොංගෝලියා - චී සකම්බුජ - උඹ ඔහොම නීච ක්රි යා කරන බව මම දන්නේ නෑ. දැනුයි මම උඹව අඳුනාගත්තේ චිකේයි චිකේයි චිකේයි - ඇහැ‍ට නොපෙණී පලයන්.

(සකලම්බුජ ලජ්ජාවෙලා යයි)

දීප වනසන්ට දුෂ්ට චාර බෝවුනා රටේ කාසි හින්දාම නින්දාව වෙය් වෙය් වෙය් පාපේට වාලා නිගා බෝ ලබාවි තණ්හාව හින්දාම දුක් හොඳ චරිතේ - තෙදබලැතේ කාඩ චාරේ දෝසේ පෙණේය මෙම දීපේ ධම්ම සින්දා සිටින්නා දොස් වෙන්නා අහෝ ආගමත් නැතිකරමින් කාසි හින්දාම නින්දාව වෙය් වෙය් වෙය් ෴ (නික්මයයි.)




ජෝන් ද සිල්වා 269

III ජවනිකා - කිල්ලපොනේගේ ගෙදර

ඉලංගනා සිලෝනා සහ පෙම්බරා සිටිත්.

ඉලංගනා - ප්රාත්රිග පුත් දැන් සැමියාගේ දුකෙන් වෙන්නා සිත් ‍තාපේ හාමත්වී වෙන්නා සිත් තාපේ හාමත්වී ‍ක්ලාන්තා වේ බීම විනාසේ අල්ප බුද්ධියෙන් වුනි බංගේ ඤාණෙන් නිවසව් ලෝකේ බීම විනාසේ ජීවිකාව නෑ පියාගේ බොන්ට යන්නා දෙවේලේ ෴

සිලෝනා - ඇය් අපේ දුක් මෙම දීපේ නොදැක්කාසේ පෝසත්තු ජින් බ්රැේණ්ඩි රා රක්කු දෙත් ගෙණ කාසි නාස්තිවෙන්ට යය් අප පව්ලා මාපිත් වෙරිවෙය් බීලා දුක්වුනි මාතා ඇය් දයාව ලෝකයාටා නැත්තෙ පෝසත් මහත්මා ෴

පෙම්බරා - ඇය් අපේ දුක් නොපෙ‍ණීදෝ පොවන්නේ දැන් තාත්තාටා කම්පා නෑ පෝසත්තු වසුතුවටාලේ කිම්ද වස්තුවෙන් ඇති ලාබේ බීමෙන් නැසුනොත් දීපේ ඉන් ඇත පාපේ දම් නොදන්න මෝඩයාසේ මද්යනපානෙන් රැකෙන්නේ

ඉලංගනා - අනේ දුවේ අනේ පුතේ අපට වීතිබෙන මෙම අන්තරාව කිසි සිංහලයෙකුට පෙණෙන්නේ නෑ. පෙණුනත් දුප්පත් අප කෙරෙහි අනුකම්පාවක් නෑ.


270 සුරාසොඬ ප්රයකරණය

සිලෝනා - මොකද අම්මේ කරන්නේ - වස්තු තණ්හාවෙන් දුවන අයට හොඳ නරක තේරෙන්නේ නෑ.

පෙම්බරා - බුද්ධාගම්කාර අපේ පියාට වීතිබෙන සාපයනම් බුදුහාමුදුරුවන්ගේ ආඥාවලට පයින් ගසා ලෝකමායාවලට ගොදුරු වුනු වැරැද්දයි. ඒ සාපය දරුමුනුබුරු පරම්පරාවට යනවා නිසැකයි.

ඉලංගනා - තිලෝගුරු බුදුහාමුදුරුවන්ට බුද්ධාගම්කායෝයි කිය කියා සුරා බිබී සමහර සිංහලයෝ ඔලොක්කු කරති. මේ පාපය එසේ මෙසේ එකක් නොවේ.

සිලෝනා - තිලෝගුරු බුදුහාමුදුරුවන්ට බුද්ධාගම්කාරයෝයි කිය කියා සුරා බිබී සමහර සිංහලයෝ ඔලොක්කු කරති. මේ පාපය එසේ මෙසේ එකක් නොවේ.

සිලෝනා - අපේ පියාට බොන්ට දෙන අයවල් දුප්පත් අපේ ලේ මස් කන බොන නපුරු ජනයෝයි - ඔවුන්ගේ පවුල් වලට ඔවුන් විසින්ම වස දමාගණු ලැබේ.

(කිල්ලපොනේ පිහියක් ඇතුව පැමිණේ)

ඉලංගනා - අපි සියලුදෙනාම හාමතේ සිටිනවා තමුසේ දැන් ඒවී දැන් ඒවි කියා සිත සිතා.

කිල්ලපොනේ - තුඃ තුඃ නොදකින් - බැන්දදා හිටන්ම කස්තීගු කරච්චල්.

කිල්ලපොනේ - ඇයි දෙයියනේ මගේ වැරැද්ද මොකද?

කිල්ලපොනේ - මූසල බකමූනා.

ඉලංගනා - නැති වැරදි සොයන හැඩයි - කඩුක්කම් ජෝඩුවටත් තට්ටුකළා ව‍ාගෙයි.

කිල්ලපොනේ - කඩුක්කම් ජෝඩුවද ලොකු මමද ?

ඉලංගනා - කඩුක්කම් ජෝඩුව මගේ පියා අරන් දුන්නේ රුපියල් තිහටයි - ඒක මට එච්චර ලොකු එකක් නොවෙයි අප්පුහාමි අපේ කුසගින්න නිවනවානම්.

කිල්ලපොනේ - ඔය ආඩම්බර වචන මට දොඩන්ට එපා.

ඉලංගනා - ආඩම්බර වචන නොවෙයි - තමුසේවාගේ බේබද්දෙකු තවත් ඇතැයි සිතන්ට බෑ. ‍ ජෝන් ද සිල්වා 271

කිල්ලපොනේ - ගෙරි බැල්ලි වැඩිය කථාකරන්ට එපා.

ඉලංගනා - කථා නොකර උඹට භයේ ඉන්න හින්දා තමා මේ විපත්ති.

කිල්ලපොනේ - මට භය නැත්නම් තී කාට භයද පල්ලරී (මෙසේ කියා කෙසෙන් අල්ලා බිමදමයි) (දරුවෝ හඬා කෑගසති)

දරුවෝ - අනේ තාත්තේ අපේ දුප්පත් අම්මාට ගසන්නට එපා. ඊයේ රෑට කෑවෙත් නෑ.

කිල්ලපොනේ - මේ කටහැකර හැතිරී මාව කෝප කරනවා - තොපි අහක්වෙයව්.

දරුවෝ - තාත්තේ තාත්තේ ගසන්ට එපා. අනේ අම්මාට ගසන්ට එපා.

කිල්ලපොනේ - මේකිව මරණවා දැන්.

දරුවෝ - අනේ බුදු තාත්තේ ගහන්ඩ එපා.

කිල්ලපොනේ - පලයව් අහකට (පිහිය ඇදලා ගණී)

දරුවෝ - තාත්තේ තාත්තේ පිහිය වීසිකරපන්.

කිල්ලපොනේ - පිහියෙන් තමා මේකිට දෙන්ට ඕනෑ.

දරුවෝ - අම්මාව මරන්ට එපා - අපව මරපන් තාත්තේ (පුතා පිහිය තිබෙන අතේ එල්ලෙයි)

කිල්ලපොනේ - (පුතාව අහකට තල්ලුකර ස්ත්රීරට පිහියෙන් අනි) ඉතින් කම්මුතුයි

ඉලංගනා - දරුවනි නුඹලාට තුණුරුවන්ගේ පිහිටයි. (මැරෙයි)

දරුවෝ - අ‍පොයි අපොයි අපොයි - අපේ මාතා මාතා මාතා - අනේ අනේ අනේ - දුප්පත් අම්මේ ඉතින් අපට කවුද - අප කූඩුකරගෙණ සිටිය දුප්පත් අම්මා මැරුණා මැරුණා මැරුණා.

(පොලිස්කාරයෙක් පැමිණේ)



272 සුරාසොඬ ප්රාකරණය

පොලිස්කාරයා - මේ ස්ත්රී ව මැරුවේ කවුද?

කිල්ලපොනේ - මමතමා මැරුවේ - අල්ලගෙණ පලයන්.

පොලිස්කාරයා - දික්කරපන් අත්දෙක (මාංචු දමයි) යමන් පොලිසියට

(කිල්ලපොනේව පොලිසියට අරන් නික්මයයි)

දරුදෙදෙනා - බෝදුකා වේහදා ‍මව්මෙහි මළාය - එකපාරටා - පියා බීලා දිවාරෑ විනාසේ උනා මේ පිහියෙන් ඇනා - මව් මෙහි මළාය එකපාරටා - මිල තකා මත්පැනා විකුනා විනාසේ වෙන්නා තහනම් වෙළඳාමා බව පෑදී යන්නා ලෝකේට විනාසේකි සුරා‍පැන් බොන්නා අප දුප්පත් මේ මවුගේ පණ හංගා දැම්මා දුකවේදනා, තෝරාගෙනා, දෙසුවේ බණා, තිලෝනා විනා - මව් මෙහි මළාය එකපාරටා ෴ (නික්මයති)

IV අංකය

I ජවනිකා - විනිශ්වයශාලාව.

විනිශ්චයකාරයා ආසනේ සිටී - ජූරිසභාව පැත්තකින් වාඩිවී සිටී - ආණ්ඩුවේ නීතිඥතැන පෙණීසිටි විත්තිකාරයා කූඩුවේ දමා සිටි - ඔහු වෙනුවට නීතිඥයෙක් පෙණී සිටී. තෝල්ක මුදියන්සේ සිටී.

ආන්ඩුවේ නීතීඥ - ස්වාමීනි ජූරිසභාවේ මහතුනි දැන් අප ඉදිරියේ සිටින මෙම අවාසනාවන්ත හිරකාරයා තම දුප්පත් ස්ත්රිජට පිහියෙන් ඇන ප්රානණය හානි කළ එම අපරාධයට මොහුට විරුද්ධව පවරා තිබෙන නඩුව ලංකාවේ දණ්ඩනීතියේ අංක දරණ වගන්තියේ ප්රෙකාර මිනීමැරීමේ දඬුවමයි මුදලිතුමා ඒක විනිශ්චයකාරයාට තෝරාදී වරදකාරයාද නිවැරදිකාරයාද කියා අසන්නට හොඳා.

තෝල්කමුදියන්සේ - නුඹ මේමස 25 වෙනි දින රෑ 8ට පමණ වේලාවේදී නුඹේ ගෙදරදී නුඹේ ස්ත්රී් වන ඉලංගනාට පිහියෙන් ඇන ඇගේ



ජෝන් ද සිල්වා 273

ජීවිතය හානිකළ නිසා නුඹට විරුද්ධව ලංකාවේ දණ්ඩනීතියේ අංක දරණ....... අපරාධය පිට ගෙණත් තිබෙන වරදට උඹ වරදකාරයාද නිවැරදිකාරයාද?

කිල්ලපොනේ - පින්වත්නි - බීලා සිහිය නැතුව මාගේ අසරණ ස්ත්රී ට මම පිහියෙන් ඇන්නේ - මම වැරදිකාරයාය.

විනිශ්චයකාරයා - බීම ලෝකේ තිබුන පලියට බොන්ට ඕනෑනෑ බීලා මිනීමරන්ට ඉඩදෙන්ට අපට බෑ. ජූරියේ මහතුනි මේ ගැන උඹලාගේ කල්පනාව කුමක්ද?

ජූරියේ 1 වෙනියා - මොහු මිනීමැරීමේ වැරැද්දට දඬුවම විඳිය යුතුයි.

විනිශ්චයකාරයා - (කළු තොප්පිය දමාගණී - සියලුදෙනාම නැගිට සිටිත් - ) අවාසනාවන්ත හිරකාරයා - තොප විසින් තොපේ ඉලංගනා නම් අසරණවන්ත ස්ත්රීායගේ පණ හානිකළ වැරැද්දට මෙතන සිට හිරගෙට අරන්ගොස් මාසයක් ගියායින් පසු තොපේ බොටුවේ වැල දමා තොපේ පණ යනතුරු එල්ලා මරන්ට මෙසේ නියමකරමි - දෙවියන්වහන්සේ තොපට සැනසිල්ල දේවා !

හිරකාරයා - අනේ ස්වාමිනි මට සමාව දුනමැනවි. (පොලිස්කාරයා කිල්ලපොනේට මාංචුදමා කූඩුවෙන් පිටතට ගෙණයති)

(නික්මයති)

II ජවනිකා - වීථියක්

කිල්ලපොනේගේ නෑයෝ දෙදෙනක් දුක් කියාගෙණ යති.

1 නෑයා - ලෝසසුන් දෙක දැන්ඉතින් වනසන්නටනම් සිංහල ජනා මත් පැනින් හැකි බැව් මරුලංවුනා කිල්ලේපොනා

2 නෑයා - දුක්දොමින් දෙන මත්පැනින් ගැලවෙව් තිලෝගුරු බණ දැනා දැන් සිටන් වෙරි‍පැන් නොබොව් අපරාද ලක්දිව වැඩි වුනා




274 සුරාසොඬ ප්ර කරණය

1 නෑයා - නෑකළේ වරදක් අනේ අර දුප්පතී ඊලංග නා සුන්කළේ ඇගෙදිව් අනේ වෙරියෙන් තමා කිල්ලේපො නා

2 නෑයා - දැන් කලේ අපදිව්තුලේ වැසි බෝදෙනා බී මත්පැ නා සිංහලේ නරිලේ කරත් බුදුදම්සිඳා ගොන්නුන් මෙ නා

1 නෑයා - දෙයිය නේ අර දුප්පතුන් හට අත්වුනේ කරුමේ ත මා පා සෙ නේ සිටි මව් අනේ නැත මේවුනේ බීමෙන්තමා

2 නෑයා - දේ ව‍ නේ බුදු සාසනේ රැක ඉන්න මේඔබ වී‍ පෙ මා මේ හෙණේ නවතන් අනේ සියවංස සුන්වෙනවා ත මා

1 නෑයා - මාගෙ බන්දු පිලෝ කිල්ලපොතෙගේ දරුදෙන්නා බලන්ට යමු.

2 නෑයා- අනේ අනේ මේවා දැක දැකත් අපේ ම්නිස්සු බොනවාද පපුද ගල්ද-යමු මස්සිනේ බලන්ට.

(නික්මයති)

III ජවනිකා - හි‍ර ගේ.

කිල්ලපොනේ එල්ලුම්ගහට නගී. අළුගෝසුවා පෝරකේට කිල්ලපොනේ නංවා එල්ලන්ට සූදානම් කරයි. හිරගෙයි මුලාදෑනියා සහ දොසිතර්ද නඩුකාරයාද සිටිත්.

හිරගෙදර මුලාදෑනියා - උඹේ ආගමේ කටයුතු සිහිකරගණින්.

කිල්ලපොනේ - මගේ අන්තිම කථාව ස්වාමිනී කරන්ට මට මිනිත්තු පහක් කාලය දුනමැනව.

හිරගෙදර මුලාදෑනියා - හොඳයි උඹට අවසර දෙනවා.

කිල්ලපොනේ - ‍අනේ ස්වාමිනි මට මේලොවත් නැතිවුනා පරලොවත් නැතිවුනා - මගේ මේ අන්තිම වචන ලංකාද්වීපයේ වැසියන්ට දැනගන්ට පත්ර යක ප්ර සිද්ධ කරනලෙස ඉල්ලමි.

හිරගෙදර මුලාදෑනියා - හොඳයි කියපන්.



ජෝන් ද සිල්වා 275

කිල්ලපොනේ - ලංකාදීපේ නොබොව් අපවංසේ ජනෝ මාමරු ලංවී එසුරා නිසා - ලංකාදීපේ දේවාති දෙව් අපේ කිව්වේ මෙදොස් පාදා බීවාම ඤාණේ සුන්වේ සදා මාමරු ලංවී එසුරා නිසා ෴

ලංකාදිපේ නොබොව් අපවංසේ ජනෝ මාමරු ලංවි එසුරා නිසා - ලංකාදීපේ - මාගේ ඉලංගනා අයියෝ මතක්වෙන්නා දූ පුත් මගේ කෝ දැන් දෙය්යනේ මා මරු ලංවී එසුරා නිසා ෴

හිරගෙදර මුලාදෑනියා - මිනිත්තු පහ කම්මුතුයි

(අළුගෝසුවා කිල්ලපොනේගේ පණයනකල් එල්ලයි)

(නික්ම යති)

IV ජවනිකා - කිල්ලපොනේ ගෙදර

සිලෝනා සහ පෙම්පරා හඬ හඬා පැදුරක සැතපී සිටිත්.

පෙම්බරා - අනේ අක්කේ අපේ පියත් නෑ මවුත් නෑ දේපලත් නෑ කන්ඩත් නෑ.

සිලෝනා - බුදු මල්ලියේ අපි හිඟාකමු - අපට මේරටේ අනුකම්පා කරණ උදවිය ඇතැයි සිතන්ට බෑ.

පෙම්බරා - ඇයි අක්කේ - බොන අයවල් නිසාද අපට වෙච්ච මේ අන්තරාව උන්ට පේනවානම් ඔය බීම කවදාවත් කටේ තියන්නේ නෑ.

සිලෝනා - අනේ අපට අනුකම්පා නොකරණවානම් මේ ලෝකේ අනුකම්පා කරන්ට ඕනෑ වෙන කාටද?

පෙම්බරා - මගේ දුප්පත් අම්මා මතක්වෙනකොට අක්කේ මගේ පපුව පැලී යනවා.



276 සුරාසොඬ ප්රනකරණය

සිලෝනා - අනේ මල්ලියේ මටත් එහෙම තමා.

(නෑයෝ දෙදෙනා පැමිණෙති.)

1 නෑයා - පෙම්බරා පුත් දූ සිලෝනා අම්මාගේ ම‍රණේ බෝම දෙය් දුකා කාටත් මෙදීපා

සිලෝනා - පිය කෝ මාතා කෝ බෝදුක් ගින්නෙන් දාය මා ළය්යා දේවාති දේවනේ මේ දුක් කියන්නේ කාට ෴

2 නෑයා - දුක් ජලේ සංසාර මූදේ ඒ බෝසේ ඇත මාපුත්රේ මේ වුනේ ඒවා පෙණෙන්ටා

පෙම්බරා - මැරුවා බීලා තාත්තා මව් මාගේ ඉන් යෙදී හානී බෝ ශෝක ගින්දරෙන් දායය් අහෝ දැන් හෘද

1 නෑයා - සිලෝනා දුවේ නුඹලාගේ පියා අද උදේ හයට එල්ලාදමනලදී. එම මෘතදේහය මෙහි ගෙණත් නෑදෑයින්ට දන්වා භූමදාන කරමු.

සිලෝනා - අනේ මාමා ගොසින් අපේ අසරණ පියාගේ මළකුණවත් අපට දකින්ට මෙහාට අරගෙණ එන්ට ඉල්ලමි.

පෙම්බරා - අසරණ පියා අසරණ මාතා - බීම නිසා දෙදෙනාම අපට නැතිවුනා.

2 නෑයා - සිලෝනා දුවේ මරුවාට අග්රය අමාත්යපයෙක් ඕනෑකර ප්රමසිද්ධ කලාම ක්ෂනයරෝගය, වසූරිය, ජලසන්නිය, මහමාරිය, පැපොල්, සරම්ප, උපදංස, බරවා, ලාදුරු ආදී නොයෙක් ඉල්ලුම්කාරයෝ එම නිලය ඉල්ලුවෝය - මරුවා එම නිලය මේ කිසිවෙකුට නොදී දුන්නේ කාටද, බීමට බව දැනගණින් - ඉතින් යමෙක් බීමෙන් පැමිණෙන හානිය නොදැන සුරාපැන් බොන්නේය - ඒ බොන තැනැත්තා මරුවාගේ අග්රු අමාත්ය්යා බව නුඹලාට දැන් තේරීගොස්



‍ජෝන් ද සිල්වා 277

ඇත. දැන් ඉතින් කරන්ට දෙයක් නෑ පියාගේ මෘතදේහය අපි ගොසින් ගෙනෙඤ්ඤා.

සිලෝනා - හොඳයි මාමා. (නික්මයති)

II ජවනිකා - වීථියක්

නෑයෝ දෙදෙනා සහ තවත් දෙදෙනෙක් කිල්ලපොනේගේ මිනිය පෙට්ටියක තබා කර ගහගෙණ යති.

සියලුදෙනා - දුප්පත් ‍අපේ මෙකිල්ලපොනේ පෝරකේ මැරුණා පෝරකේ මැරුණා දේහ මේ පෙට්ටියේ රඳ නා දුප්පත් අපේ මෙකිල්ලපොනේ පෝරකේ මැරුණා බීලා ඉලංගනා මැරුවා පිස්සුවී හදියා ෴

එල්ලුම් ගහෙන් එදේහ අරන් දැන් යමව් ගෙදරා දූ පුත් හඬා සිටිත් වැලපී දැක්මට පිතුරා එල්ලුම් ගහෙන් ‍එදේහ අරන් දැන් යමව් ගෙදරා ෴

(නික්මයති)

II ජවනිකා - කිල්ලපොනේගේ ගෙදර.

සිලෝනා සහ පෙම්පරා සිටිත්.

සිලෝනා - මල්ලි. ඔය ධනවත් විලෝපනා රාලහාමිගේ වලව්වට ගොස් මේ සිදුවුන විපත්තිය කියා පින් පිණිස රුපියල් 10ක් ඉල්ලාගෙණ වරෙන් - අපට කන්ට මොකවත් ගන්ට ඕනෑ.

පෙම්බරා - අක්කේ එතැනින් යමක් ලබාගන්ට අමාරුයි. උන්නැහේලා ‍ලෝකේ නැග්ගේ රාඅරක්කු වෙළඳාමෙන්ය. එබඳු අයවලුන්ගේ පපුවේවත් කම්මුල්දෙකේවත් කෙස් නැත.

(මිනිය අරන් නෑයෝ පැමිණෙති. පෙට්ටිය ඇරලා ‍දරුදෙදෙනා මිනිය බලා කෑගසා මෙසේ කියා හඬති.)



278 සුරාසොඬ ප්ර කරණය

සිලෝනා සහ පෙම්බරා - අපේ දුප්පත් තාත්තා අකේ ඉතින් කවදා අපට දකින්ට ලැබේදෝ අයියෝ අයියෝ අයියෝ

සිලෝනා - නැත මාතා තාත්තා අපේ මත්පැන් බී වෙච්චි විනාසේ අපටවූ මේකෙන් ලොව මට්ටුවේමැය් කිසිවෙක් අපේ වංසේ මේ අසා බොයිදෝ සුරාපැන්

පෙම්බරා - අපරාදේ තාත්තා මළේ ඇය් බොන්නේ මත්පැන් මෙලෝකේ මෙසිරි ලංකාවේ ඇත බුද්ධ ධර්මේ නොගණිව් අනේ මත්පැන් සිල්ගණිව් තබලා සමාගම් ෴

(නික්මයති)

IV ජවනිකා - වීථිය.

සිලෝනා සහ පෙම්බරා කළු ඇඳුමෙන් මුදුපොල්කටු දෙකක් තට්ටුකරමින් හිඟමනේ යති.

දෙදෙනා - අම්මා පිතුන් සුන්වී කරුමේ දාය පපුව ශෝකගින්නෙන් දැන් පැලියේ ගින්නෙන් දැන් පැලියේ ෴

අම්මා පිතුන් සුන්වී කරුමේ කාට කියමු කන්ට කන්ට නෑ කෙට්ටුයි සිරුරේ නෑ කෙට්ටුයි සිරුරේ ෴

අම්මා පිතුන් සුන්වී කරුමේ බීම කරපු දෝෂ නැද්දෝ මින් පෙණුනේ නැද්දෝ මින් පෙණුනේ ෴

අම්මා පිතුන් සුන්වී කරුමේ ලෝක නසන බීම තාත්තාගෙන් පෙණුනේ තාත්තාගෙන් පෙණුනේ ෴




‍ජෝන් ද සිල්වා 279

අම්මා පිතුන් සුන්වී කරුමේ ධර්ම මුනිඳු දුන්න තේරේ දැන් මෙරටේ තේරේ දැන් මෙරටේ ෴

(නික්මයති)

සියලුම නැට්ටුවෝ කියති.

ශාසන මේලංකාවේ රක්නා දෙයියෝ ඉංග්රී සින් - බූපති තුම් දුක්සින්දා දැන් දේහේ රෝගා සින්දා රැක්මා දෙත්වා දි සෙත් සාරා පෙන්නා ප්රේිමා -

ලංකාදීපේ කෝලාහාලා සින්දී සෑසී ධර්මේ තේරී මේත්සිත් කාටත් පාලා, වැස්සෝ වාසවෙත්වා ලංකා තොස්නෙන් - මෝහ සුන්වී ධර්මේ ලෝකේ අත්පත් වේවා සව් ලෙව්වන්ටා ෴

෴ නිමි ෴

සිද්ධිරස්තු - ජයස්තු