ගිරා සන්දේශ විස්තර වර්ණනා

ගිරා සන්දේශ විස්තර වර්ණනා

අන්වය - නන් වන් රුවන් රූවන්, සහ අකුරු මියුරු තෙපලෙන් සව් ලෙව් සතන් හදනා කිර රද සඳ සැරද.

අර්ථය - නොයෙක් පැහැති රතන රූපයක් වැනි වූ, අකෂර සහිත මධුර වචනයෙන් සියලු ලෝකයාගේ සිත් ඇද ගන්නා ගිරා රාජොත්තමය, බොහෝ කල් ජීවත් වව.

විස්තර - (1) සිංහලයේ සම්භාව්යස ගණයෙහි ලා සැලකෙන සන්දේශ කාව්යු අටක් ඇත. ඒවා නම් තිසර, මයූර, කෝකිල, පරෙවි, සැළලිහිණි, ගිරා, හංස හා සැවුල් යන සන්දේශයන්ය. මේ සෑම කාව්යසයක්මත් අවශේෂ, සන්දේශ සියල්ලමත් පාහේ ආරම්භ වනුයේ ‘සැරද’ යන පදයෙනි. එසේම පක්ෂි‍යාගේ නමට අගින් උත්තමාර්ථවාචී ‘සඳ’ යන පදයද එක් කොට ඇත. සැළලිහිණියා හැරුණු විට අනික් හැම පක්ෂියෙක්ම තමථ වර්ගයට අයත් රාජයෙකි. ‘කිර රද’ ‘සැවුලිඳු’ ආදි යෙදුම්වලින් ඒ බව හැඟවෙයි. පක්ෂියෙකු වුවත් රාජයෙකු දූත කාර්යක යෙදවීම නුසුදුසු බව වටහා ගත්තේ නුවණින් මුහුකුරා ගිය රහල් හිමියන් පමණකි.

(2) සාමාන්යුයෙන් දූතයන්ගේ වර්ණනා කෙරුණේ රූප ලාවණ්ය යයි. එහෙත් මයූර, කොවුල්, සැළලිහිණි හා ගිරා යන පක්ෂීන්ගේ කට හඬද වර්ණනා විය. සෙසු පක්ෂීන් ශබ්ද පමණක් නඟන අතර ගිරා, සැළලිහිණි දෙදෙනාට අකුරුද උච්චාරණය කළ හැකිය. එය ‘සුලකළ ‘කුරු’ යැයි සැළසිහිණියා සම්බන්ධයෙන් කියිවිණි. ‘සහ’ කුරු මියුරු


59











60

තෙපලෙන්’ යැයි ගිරවා සම්බන්ධයෙන් පැවසිණ. කුමාරතුංග මෙම වචනය ‘යහ’ කුරු - යහපත් අකුරු යැයි ගන්නා නමුත් පැරණි සංස්කණවල එන, ‘සහ ‘කුරු’ යන්න වඩා සුදුසු යැයි සිතේ. හරකාගේ හැඬීමට අපි ‘තප්පුලනවා’යි කියමු. ඒ වනාහි ‘තෙපුල් ලනවා’ යන්නෙහි විකෘතියකි. මෙසේ තෙපුල් ලනවා’ ආදි තැන්වල මෙන් අකුරු රහිත ප්ර කාශයද තෙපුලක් විය හැකිය. ගිරව‍ාගේ මියුරු තෙපල අකුරු සහිතය. එනම් ඌට මිනිසෙකුට මෙන් ශබ්දෝච්චාරණය කළ හැකිය. සැළලිහිණියේ එන ‘සුලකළ’කුරු’ යන්න දෙනුයේද ‘යහ ‘කුරු’ යන්නට වඩා වෙනස් තේරුමකි.

(3) කාව්යේය යනු ශබ්ද රසයේත් අර්ථ රසයේත් සංකලනයක් යැයි පෙර සිටම සැලකේ. නමුත් හොඳ කවියක නොයෙක් විට දෘශ්ය රසයක්ද පවතී. දෘශ්යග රසය යනු සුන්දර වාක් චිත්ර යක් ඉදිරිපත් කිරීමයි. ‘නන් වන් රුවන් රූවන්’ යැයි කී විට මෙම පැදියේ ශබ්ද අර්ථ යන රස දෙකට දෘශ්යී රසයක්ද එක් වෙයි. දූත වර්ණනයක ලා හොඳම දෘශ්යක රසය ඉදිරිපත් කරන්නේ ගිරා සන්දේශකරුවාය. සමස්ත වසයෙන් ගත් කල එතරම් වර්ණවත් නිර්මාණයක් නොවන හංස සන්දේශයේද මීට කිට්ටු දෘශ්යශ රසයක් ගැප් වෙයි.

(4) සතන් - සන්තානය, සිත

2 අන්වය - දැක්වීම අවශ්යන නැත. අර්ථය - දේ දුන්නෙහි පැහැය ජයගත් ශරීර ශෝභාවෙන් බබලන මාගේ මිත්රකය, කාන්තාවන්ගේ යහපත් යටිතොල වැනි ඔබේ ඔය හොට දුටු කල්හි කවරෙක් නම් සතුටු වී ලෝහ බැඳ ආදරය නොකරයිද? වනයෙහි (නුග ආදි) වන ප්රහධාන ගස්වලත් නගරයෙහි නගර ප්රහධානීන්ගේ මැඳුරුවලත් ප්රිකයංකර පහස නැතහොත් ප්රි්යාවන්ගේ අත් පහස නිතර ලබා සතුටුව හැම දාම උසස් ක්රීරඩාවන්හා යෙදෙමින් කල් ගෙවන්න.




61

ලෝකයෙහි දක්නා ලැබෙන සියලු පක්ෂීන්ගෙන් ගෞරවනීයව යහපත් කීර්ති කදම්බය කියවන (පතුරුවාලන) නුවණින් යුක්තව සෘෂිවරයෙකු මෙන් නිරන්තරව ප්රාබණඝාතයෙන් වැළකී කැමති පලාපල කමින් සතුටින් දවස් ගෙවන්න.

විස්තර - (1) වෙනත් සන්දේශවල දූත වර්ණනාවන්හි නැති තරම් දෘශ්යර රසයක් මෙහිද දක්නට ලැබේ. මීට ආසන්න වර්ණනයක් දක්නට ලැබෙන්නේ සැළලිහිණි සන්දේශයෙහිය. මෙය කියවන අපට ගිරවාගේ වර්ණවත් භාවයත් ඌ වනයේ විශාල ගස්වල මෙන්ම මහා මන්දිරවලත් කෙළිදෙළෙන් වාසය කරන සැටිත් මැවී පෙනෙයි.

(2) ඉඳු දුනු - ඉඳු නම් ඉන්ද්රර දෙවියාය. ඔහු පෙරදිගට මෙන්ම වර්ෂාවටද අධිපති දෙවියා හැටියට පුරාතනයෝ සැලකූහ. දේ දුන්න ඔහුගේ දුන්න යැයි කියනු ලැබේ. ‘ඉඳු දුනු පැහැ දිනූ තුනු සිරිනු ‘දුල’ යැයි කීමෙන් ගිරවා දේ දුන්නටත් වඩා ලස්සණ බව කියවිණ.

වනපති තුර- මෙනමින් (1) මල් නැතිව ගෙඩි හට ගන්නා ගස් (2) නුග ගස් (3) වනයෙහි ප්රඩධාන ගස් යන තුන් වර්ගයම ගැනේ. පුරපතීන් සමග සමාන වනු පිණිස මෙහිදී තුන්වැනි අර්ථය ගැනීම සුදුසුය.

පිය පියකර පහස - (වනයෙහිදී) ප්රි.යාවන්ගේ ප්රිමයංකර පහස හෙවත් සම්භෝගය (පුරයේදී) ප්රි(යාවන්ගේ-කාන්තාවන්ගේ ප්රිවය වූ හස්ත ස්පර්ශය යන තේරුම් දෙකම දෙයි.

පණිවායෙන් - ප්රා(ණඝාතයෙන්

පවර කෙළි නෙළ කෙළ - මෙයට කුමාරතුංග දෙන අර්ථය ‘වල්ලභයන් (ස්වාමිපුරුෂයන්) විසින් කෙළිනු ලබන කෙළිය’ යනුයි. ඒ මුදලිඳු ඩබිලියු. ඇfප්. ගුණවර්ධන කෝකිල සන්දේශයේදී දෙන සැක සහිත අර්ථ කථනයක් අනුව යැයි සිතේ. පවර යනු වල්ලභ අර්ථයක යෙදී ඇති බවක් අපි නොදනිමු. ‘පවර’ යන්නෙහි නියම තේරුම ප්රඅවර හෙවත් උසස් යනුයි. එය මෙතැනට නොගැළ-





62 පෙන්නේ නොවේ. මහා වෘක්ෂවලත්, මහා මන්දිරවලත් වෙසෙන ගිරවා පිළිහුඬු ආදි පක්ෂීන් යෙදෙන පහත් ක්රී ඩාවල යෙදෙන්නේ නොවේ. ක්‍ී ගඩාවන් අතුරෙන් උසස්ම ක්රී්ඩාව රති ක්රීකඩාව සේ ගතහොත් එයද මෙතැනට නොගැළපෙන්නේ නොවේ.

සියොතුන්ගෙන් ගුරුව - මෙය කුමාරතුංග ‘සියොතුන්ගේ ගුරුව’ යැයි සකස් කොට යොදයි. ‘ගිරවා සියලු පක්ෂීන්ගේ ගුරුය. පිරිසිදු අක්ෂරෝච්චාරණය ඇති හෙයිනි’යි අර්ථකථනයද කෙරෙයි. ගිරවා සෙසු පක්ෂීන්ට ඉගැන්වූයේ කුමක්ද ඌට පිරිසිදු අක්ෂරෝච්චාරණයක් තිබූ පමණින් ගුරු වූයේ කෙසේද?

‘ගුරු’ යන පදයෙහි ‘ගෞරවනීය’ ‘ගරු කටයුතු’ යන අර්ථද ඇත. (මෝනියර් විලියම්ස් - සංස්කෘත ශබ්දකෝෂය බලන්න.) සියලු පක්ෂීන් අතුරෙන් කවියාට අනුව ගෞරවනීය වූයේ ගිරවාය. එසේ වීමට හේතු තිබේ. මී ළඟ පද්යෙයෙන් දැක්වෙන පරිදි සියලු පක්ෂීන් අතුරෙන් ශාස්ත්රටයට අධිපති සරස්වති‍යගේ අතට පිවිසෙන්නට වරම් ලද්දේ ගිරවාම පමණකි.

නිසි යස රැස කියවන නුවණින් සරුව - කෙනෙකු බුද්ධිමත් කාර්යක් කළ කල්හි සෙසු ලෝකයා ඒ ගාන කතා කරති. ගිරවා මෙ කියන නුවණින් සාරවත්බව 5, 8 හා 9 යන පද්යටවලින් ප්රිකාශිතිය.

සං තුඬ, මැඳුර යන පද වර්තමාන සිංහලයෙහි තුඩ, මැදුර යනුවෙන් අනුනාසිකය රහිතව යෙදේ.

3 අන්වය - සරසවි නිසි බැලුම් අසක් ලද යම් කෙනෙක් කොතරම් වුවත් මුළු ලොව අතවැසි කෙරෙති. එතරම් පසිඳු සරසවි දෙවිය අත වැසි මනරම් සුබැසි, පරසිදු කෙනෙක් තෙපිමය.

අර්ථය - සරස්වතීගේ සුදුසු බැලුම් අංශුවක් (මාත්රැයක්) ලැබූ යම් කෙනෙක්, තරම කුමක් වුවත් මුළු ලෝකයාම ශිෂ්ය බවට පත් කෙරෙති. ඒ තරම් ප්රකසිද්ධ වූ සරස්වතී දේවියගේ අතෙහි වසන්නා වූ සිත් ඇද ගන්නා යහපත් වචන ඇත්තා වූ ප්රමසිද්ධ කෙනෙක් (තැනැත්තා) ඔබමය.





63

විස්තර - සරසවි - මුල් යුගයේ හින්දු විශ්වාසයන්ට අනුව වචනයට අධිපති දෙවඟනය. පසුව ඇය සියලු ශාස්ත්රුයන්ටම අධිපති සේ සැලකෙන්නට වූවාය. ඈ වාසය කරන්නේ ලෝක නිර්මාතෘ මහා බ්රුහ්මයාගේ මුවෙහිය. අත් හතරකි. එක අතක වීණාවක් වන අතර තවත් අතක ගිරවෙක් සිටී. යුදෙන් සැරසී සිටින ශ්රරභ්ර. වර්ණ ඇගේ වාහනය හංසයෙකි. බෞද්ධ හා ජෛන ග්‍රන්ථවල සරස්වතිය ගැන නිතර සඳහන් වෙයි. කවිත්වය ලැබෙනුයේ ඇගේ බැල්මෙනැයි කියති. ‘සරසවිය බැලුම’ සෙක්නි වෙත්වා කිවි දන’ යැයි කව්සිළුමිණෙහිද සඳහන් වෙයි.

අතවැසි - මෙහි නෛරුක්තික තේරුම ශිෂ්ය යනුයි. ව්යෙවහාර සිංහලයෙහි එය සේවත අර්ථයෙහිද යෙදෙයි. ඒ දෙකම මෙතැනදී ශත හැකි නමුත් ශිෂ්යළ යන්න වඩා සුදුසුය. (අන්තේ+වාසික>අතවැසි= ළඟින් වසන්නා) ආදියෙහිදී ශිෂ්‍ක්යෝ ගුරුන් වෙත වසමින් ඔවුන්ට ආවතේවකම්ද කළහ. දූතයාගේ ස්වාමියා උත්කර්ෂයෙන් වර්ණනා කිරීම වක් මගකින් දූතයා වර්ණනා කිරීමක්ම වන්නේය.

පසිඳු - පසිඳු, පරසිදු යන දෙකම ඒකාර්ථයි. මේ නිසා කුමාරතුංග සංස්කරණයෙහිදෙවැන්න ‘පිරිසුදු’ යැයි වෙනස් කොට ඇත. වඩා පැරණි සංස්කරණවල එනුයේ පරසිදු ක්රි්යාමය. සිංහලයෙහි දක්නට නැතත් පසිඳු හෙවත් ප්ර්සිද්ධ යන්නට වෙනත් තේරුමක් දීමටද බැරිකමක් නැත. එනම් ‘උසස් දෙයක් සිද්ධ කර ගත්’ ‘උසස් තත්වයකට පැමිණි’ යන්නයි. සරස්වතිය සම්බන්ධයෙන් එසේ කීම වැරදි නොවේ. ලොව උසස්ම ගෞරවය ලබන ශාස්ත්රහයට අධිපති බවට ඈ පත්ව සිටින බැවිනි.

සරසවි දෙවිය - මෙම ස්ත්රීවවාචි දෙවි ශබ්දය දුර්ලභය. එහෙත් ‘සරසවි කලි කල් නම්-දෙවි සිරිය කළ යැදමෙන්’ යැයි එය කව්සිළුමිණේද එයි.

පරසිදු සුබැසි - කුමාරතුංග සංස්කරණයෙහි මෙය එනුයේ ‘පිරිසුදු’ යනුවෙනි. ‘සුබැසි’ යැයි කී විට බසේ පිරිසිදුකම එයින්ම ඇඟවෙයි. සරස්වතී දේවියගේ අතෙහි වාසය කරන බවට ප්ර සිද්ධ තැනැත්තා ගිරවාය.






64

අන්වය - මනකල මිතුර, ලෙවන් විපුල සැප නොයෙක ලෙස කීවත්, මෙවන් ගුණෙන් යුතු තොපගේ පිය තෙපල සවන් පුරා පැමිණෙත නිවන් දකින තෙක් බල සැප නම් එමැයි.

අර්ථය - සිත් ගන්නාසුලු මිත්රමය, ලෝකයා මහත් සම්පත්තින් නොයෙක් ආකාරයට කීවත් මේ ආකාර ගුණයෙන් යුත් ඔබගේ ප්රිිය වූ වචනය කන් පුරා පැමිණෙන කල නිවන් දකින තුරු බලවත් සැපත නම් එයමැයි.

විස්තර - නිවන් දකින තෙක් - තුරු, තෙක් යන නිපාත යොදන විට ‘නිවන් නොදකින තුරු’ නිවන් නොදක්නා තෙක්’ යනුවෙන යෙදිය යුතු යැයි සමහරු කියති. නමුත් මෙයින් පෙනී යන්නේ අද බහුජන ව්ය වහාරයෙහි පවත්නා ආකරයට එම නිපාත පුරාතනයන් විසිනුත් යොදා ඇති බවයි.

විපුල සැප - මහත් වූ සැපත

5

අන්වය - පුරාතනෙහි තුර දිරා වැටන තුරු නොහැර තොසේ ඉඳ මුළු තෙ - දිය කුසේ ඒ ගුණ රැස පරසිදු ගිරා ‍කුලෙහි උපන් සකි තොපගෙ ඒ පුරා මිතුරු දම් සිත් ලෙස අමුතුව වනනු කෙසේ.

අර්ථය - අතීතයෙහි, ගස දිරා වැටෙන තෙක්ම අත් නොහැර සතුටින්, ගිරා කුලයෙහි උපන්නා වූ මිත්රේයා, ඔබේ ඒ පුරාණ මිත්ර් ධර්මය හිතේ හැටියට අලුතෙන් වර්ණනා කරන්නේ කෙසේද?

විස්තර - (1) ගිරා කුලයෙහි අතීතයෙහි උපන්නෙකුගේ ගුණ රාශිය දැනටමත් ලොව පුරා පතළය. එම කුලයෙහි උපන් ගිරවාගේ මිත්රෙ ධර්මයෙහි අගය හිතේ හැටියට අමුතුවෙන් වර්ණනා කිරීම දුෂ්කරය.

(2) පුරාතනෙහි - ‘පුරාතනයෙහි’ යනු ව්‍යවහාරයට ආසන්න වන පරිදි ‘පුරාතනෙහි’ යැයි යොදා ඇති සැටි සලකන්න. භාෂාවක් දියුණු වනුයේ මෙවැනි ව්ය වහාරයන්ට ඉඩ සැලසීමෙනි.





65

දිරා වැටෙන තුරු තුර නොහැර ඉඳ - මේ වනාහි පන්සිය පණස් ජාතකයෙහි 415 වැනි ජාතකය හැටියට එන මහා ගිරා ජාතකය ගැන ලද සඳහනකි.

එක් කලක බෝසත් තෙමේ ගිරාව ඉපද හිමාලය වනයෙහි දිඹුල් ගසක වෙසෙයි. ඒ ගසෙහි ගෙඩි නැති විට හෙතෙම දලු කොළ අනුභව කරන්ට විය. ඒවාච නියඟින් නැතිව ගිය කල්හි අන් ගසකට නොගොස් එහිම සුඹුලු ආදිය කා ජීවත් වෙයි. ඔහුගේ ගුණය නිසා ශක්රියාගේ පඬුපුල් අස්න රත් වී අවුත්, ඒ ගැන විමසූ විට ගිරවා කියන්නේ තමාගේ දිවි රැකීම සඳහා එතෙක් සිටි වෘක්ෂය හැර නොයන බවයි. ඔහුගේ මිත්ර් ධර්මය ගැන පැහැදුණු සක්දෙවි තෙමේ එම ගස තම බලයෙන් ඵල එල්ලව සහිත කොට ආපසු ශක්රප භවනයට යයි.

මෙහිද ‘තුරු’ යන නිපාතය යෙදී ඇති සැටි විමසන්න.

තෙදිය:- තුන්ලෝකය. මෙය කාම, රූප, අරූප, දිව්යන, මනුෂ්යබ (මර්ත්යය), පාතාල (නාග) ආදි වසයෙන් නොයෙක් ආකාරයට දක්වනු ලැබේ. මෙතැනදී මෙහි දැක්වූ දෙවැනන ගැනීම වඩා සුදුසුය.

පුරා මිතුරුදමි - මේ කවෙන් විස්තර වන පැරණි මිත්රහ ධර්මය. එයි කොයි තරම් ප්රනකටද යතහොත් දැන් සිත් ලෙස විස්තර කිරීම දුෂ්කරය.

6

අන්වය - පෙමා වඩන ඉටු සකි සඳිනි, නුවන යොමා මුළු මෙලෝ කුස දස දෙස බැලුවත්, මෙමා සිතන කටයුතු සිද් කරන ලෙස පමා නොවන මිතුරෙක් මෙතොප මිස නැත.

අර්ථය - ආදරය ඇති කරන්නා වූ ඉෂ්ට මිත්රෝපත්තමය, ඇස් මෙහෙයවා මුළු ලෝකයෙහි දස දිසාව බැලුවත් මා සිතන්නා වූ කටයුත්ත ඉටු කරනු පිණිස ප්ර මාද නොවන මිත්ර යෙක් මේ ඔබ විනා නොමැත.

විස්තර - ඉටු සකි සඳිනි - ඉෂ්ට මිත්රු උත්තමය. මෙතැන ‘සඳිනි’ යන්න අනවශ්යගයැයි සිතේ.


5




66

දස දෙස - සතර දිසා, සතර අනුදිසා හා උඩ යට දස දිසාවට ඇතුළත්ය. දිසාවට ඇතුළත් ය.

පමා නොවන - පරක්කු නොවන යන තේරුම මෙන්ම සැලකිලිමත් උද්යෝවගිමත් යන තේරුමද මින් ගත හැකිය - අප්පමාද පදයෙන් මෙනි.

තමන්ට පැවරූ කාර්ය ඉටු කිරී‍මේ ලා ඇතැම් විට මනුෂ්යියෝද ප්ර‍මාද වෙති. සුදොවුන් රජුගේ දූත කාර්ය ඉටු කිරීමට කාළුදායි ඇතුළු දහසක් ඇමැත්තන් ප්රිමාද වූ සැටි ප්රවකටය.

7 අර්ථය - උසස් (අපූරු) පියාපත් විසිතුරු වූ පිරිසිදු පැවතුම් ඇති උතුම් මිත්ර ය, පක්ෂීන් අතුරෙන් ඔබම පණිවුඩ ගෙන යෑමෙහි යෙදවීම පෙර සිරිතක්ම නොවේද?

විස්තර - පක්ෂ පත්ර - පියාපත්,

පවිත්ර චාරිත්රක - පිරිසිදු සිරිත් සිරිත් නම් පුහුණු කළ යුතු දේයි. විරිත් නම් නම් වැළකිය යුතු දේයි. කුමාරතුංග සංස්කරණය ‘චාරිත්රප’ යන පදය වෙනුවට ‘චාරිත්රව’ යන පදය මෙහිදී ගන්න නමුත් වැළකිය යුතු දේ පිවිතුරු සේ ගැන්ම කොතරම් උචිතදැයි නොකිව හැකිය.

නො - නොවේද? මේ නිෂේධාර්ථ නිපාතය මෙහිදී ප්රඋතිෂ්ඨාර්ථයෙහි යෙදී ඇත.

8 අන්වය මෙන්ම අර්ථයද ‍පැහැදිලිය.

විස්තර - හිමසෙල් - හිමාලය පර්වතය. මෙම පර්වත මුදුන සීතලට හිමෙන් වැසී පවත්නා නිසා මෙනම යෙදී ඇත. කෙළ ලක් - කෝටි ලක්ෂයක් - ඉතා විශාල සංඛ්යා‍වක් යන තේරුම දීමට යෙදිණ.

කුවෙර - කුවේරයා හෙවත් වෙසමුණි. පාද තුනක් දත් අටක් ආදි වසයෙන් විරූපි ශරීරයක් ඇති නිසා මෙනමින් හැඳින්වෙන මොහු යක්ෂයන්ගේ අධපතියාය. එමෙන්ම උතුරු දිශාවටද අධිපති මොහු සතරවරමු දෙවිවරුන්ගෙන්



67

කෙනෙකි. ඉතා ධනවතෙකු වූ ඔහු වාසය කරන්නේ කෛලාස පර්වතයෙහි පිහිටි අලක පුරයෙහිය. (ආලකමන්දාව)

අබතුර - අභ්යයන්තර - කුවේරයාගේ අඹ ගසෙහි නමයි.

ලොහොදැල් තුළට ‍වැද මී අඹ ගෙන දෙමිනි - පෙර බ්රඹහ්ම දත්ත නම් රජ කෙනෙකුගේ බිසව කුවේරයාගේ අඹ ගසේ ගෙඩි කෑමට ආශාවක් ඇති කර ගත්තාය. රජු විසින් අඹ ගෙන ඒම සඳහා තම ගිරවා යොදවන ලදි. ලෝ දැල්වලින් වසා රාක්ෂසයන් විසින් ආරක්ෂා කරනු ලබන අඹ ගස සොයා ගිය ගිරවා රාත්රිසයෙහි මුරකරුවන් නින්දට ගිය පසු ලෝ දැල්වල එල්ලා තිබූ මිණි ගෙඩි නාද වුයෙන් මුරකරුවෝ නැඟිට ගිරවා අල්ලා ගත්හ. තමා මරන්නට සූදානම් වූ රකුසන්ට ඌ කියා සිටියේ ස්වාමියාගේ කාර්යෙහි යෙදී මරණයට පත්වන තැනැත්තා ස්වර්ගයෙහි උපදින නිසා තමා මැරුවාට කමක් නැති බවයි. ස්වාමිභක්තික රකුසෝ මෙයින් සතුටුව ඌට මී අඹ කඩාදී යැවූහ.

මේ විස්තරය එනුයේ ජාතක පොතෙහි 284 වැනි අභ්ය න්තර ජාතකයෙහිය.

(2) මේ වනාහි ස්වාමි භක්තිය හැරෙන්නට වීර ක්රියයාවක්වත් ශූරකමක්වත් නොවේ. එහෙත් මෙහිදී අප සැලකිය යුත්තේ පැරණි සමාජයේ ස්ථාවරත්වය බොහෝ දුරට ස්වාමි භක්තිය මත රඳා පැවති බවත් එය අගය කරනු ලැබූ බවතය.

(3) රකුසන් විසිනි... කළ - මේ භාෂා ප්රවයෝගය බලන්න. ‘විසින්’ නිපාතය සමග ‘කරන ලද’ ‘කැරුණු’ ආදි යෙදුම් අවශ්ය‍ නොවන බව මින් පෙනී යයි.

9

අන්වය හා අර්ථයද සුගමයි.

විස්තර (1) මෙයින් විස්තර වනුයේ උම්මග්ග ජාතකයෙහි සඳහන් ප්‍රවෘත්තියකි. බ්ර්හ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටයාගේ උපදෙස් පරිදි දඹදිව රාජ්යඳය පතා වේදේහ හැර සෙසු



68

රජුන් විස යෙදූ මත්පැන් පොව‍ා මරන්නට වැඩ පිළිවෙළ යෙදූහ. තම චරපුරුෂ ගිරවාගේ මාර්ගයෙන් මේ පුවත දැන ගත් මහෞෂධ පඬිතුමා ඒ විස මත්පැන් බඳුන් විනාශ කොට රජුන් බේරා ගති.

(2) රදුන්හට - කුමාරතුංග මේ කොටස ගෙන ඇත්තේ ‘බඹදත් රද රදන්හට’ යනුවෙනි. තේරුම ‘බඹදත් රජු අන් රජුන් හට’ යනුයි. එවිට චූලනී බ්රිහ්මදත්ත රජු අසු නොවන බව සැබවි. එහෙත් වේදේහ රජු ඉන් බේරෙන්නේ නැත. මේ නිසා වෙනස අර්ථ විරහිතය.

(3) ණෙන් පිරි මහ ඔසු පඬි - මහසත් ගුණ නම් බෝසත් ගුණයයි. මහෞෂධ පඬිතුමා බෝසතෙකු බැවින් මෙය අමුතවෙන් කිව යුතු නොවේ.

දිය සෙත් - ලෝක ශාන්තිය.

කිරි‍ෙඳකු - කිරි+ඉඳු = ගිරා රාජයෙකු

සඳා - නිසා

(4) දෙවැනි පද්ය යෙන් ආරම්භ කොට මෙතෙක් කෙරුණේ දූත වර්ණනාවකි. කාව්යෙ රසය අතින් බලන කල මෙය සැළලිහිණිය හැර වෙනත් සන්දේශවල එන දූත වර්ණනාවලට වඩා යහපත්යැයි සිතේ. සැළලිහිණියෙහි දූත වර්ණනාව වසයෙන් ඇත්තේ පද්ය දෙකක් පමණකි. ඒ දෙක අර්ත රසය අතින අනික හැම දූත වර්ණනාවකටම වඩා උසස්ය.

10

මෙහිද අන්වය, අර්ථය යන දෙකම පැහැදිලිය.

විස්තර (1) දූතයා කළ යුතු කාර්ය ප්රෙකාශ කිරීම මේ පද්යූයෙන් ආරම්භ වෙයි.

(2) දැන් වන - දැන් සිදු වන්නා වූ, මෙය ‘දැන්වෙන’ -දන්වනු ලබන’ යනුවෙන්ද ගත හැකිය. අතීත සේවය ගැන කීමෙන් ඉක්බිතිව කෙරෙන නිවේදනයක් නිසා ‘වර්තමානයෙහි සිදුවන’ යන තේරුම මෙතැනට වඩා ගැළපේ.





69 11 අර්ථය - කෛලාස පර්වතයෙහි රශිමියෙන් උජ්ජ්වලිත වූ කුවේරය‍ාගේ ආලකමන්දා නගරය මෙන් ප්ර සිද්ධ වූ නිතරම චන්ද්රරයා මෙන් මුළු ලෝකයෙහි බබලන්නා වූ නාථ දේවයාගේ සිනිඳු ශරීර කාන්තියෙන් ඒකාලෝක වන්නා වූ, පෙර සිට අතිශයින් හිතවත් වූ විසිතුරු තොටගමු විහාරයෙහි ස්ථිරසාර ගම්භීර ගුණයෙන් හා පිරිසිදු ප්රිතිපත්තියෙන් (යුක්තව) සිත් ගන්නා, පූජනීය සංඝ සමූහයා සමග වැජඹෙන්නා වූ ත්රි්පිටකය නමැති සාගරය මනාව උඩු යටිකුරු කර කලඹා ගැඹුරු තේරුම් නමැති මැණික් ලෝකයට දෙන්නා වූ ත්රිුපිටක වාගිශ්වර විජයබාහු ස්ථවිරතුමාහට ඉක්මනින් ගොස් සිට මේ සන්දේශය දන්වන්න.

විස්තර - හර ගිර - හර යනු ඊශ්වරායට නාමයකි. ඒ නිසා ඔහු වසන කෛලාස පර්වතය හරගිර නමින් හැඳින්වේ.

දිනිසුරු - දන ඉසුරු>දනිසුරු>දිනිසුරු. ධනයට අධිපති හෙයින් කුවේරයාට මේ නම යෙදේ. (8 වැනි කවියේ විස්තර බලන්න.)

නතිඳු - නාථ දිව්යර රාජයා; මහායාන බුදු සමයට අයත් බෝධිසත්වවරයෙකි. අවලොකිතේශ්වර යනුවෙන් හැඳින්වෙන්නේද මොහුමයැයි කියනු ලැබේ. වැඩි විස්තර සඳහා කේ. ජයතිලකගේ විමර්ශන සහිත තිසර සන්දේශයෙහි 04 – 211 පිටු බලන්න. විජයබා පිරිවෙනෙහි මහායාන අදහස්ද පැවති බැවින් එහි මොහු‍ගේ පිළිරුවක් විය.

ඉටු - හිතවත්කම

තෙ-වළා - අභිධර්ම, සූත්රි, විනය යන තුන් පිටකය.

රුවන’කර - රුවන්වලට ආකරයක් බැවින් සාගරයට රත්නාකරයැයි කියති.

තෙවළා රුවන’කර අළලා . . . විජයබා තෙරිඳු ත්රිාපිටකය ඉතා හොඳින් දන්නා නිසා එය ඒ මේ අත පෙරළා ගැඹුරු අර්ථ ඉදිරිපත් කිරීමෙහි සමත් වේ. ඒ ගැඹුරු අරුත් මැණික් මෙන් වටී.





70

තෙවළා වදනි’ සුරු - ත්රිිපිටකය පිළිබඳ මනා දැනීමක් ඇති බව මෙයින් කියවෙයි.

විජයබ තෙරිඳු - බෞද්ධ භික්ෂූන් වහන්සේලා නොයෙක් විට හැඳින්වුණේ තමන් ප්රරධානත්වය දරන අධ්යාෂපන ආයතනයේ නමිනි. මයූරපාද පිරිවෙන්පති මයූරපාද හිමි නම් විය. ගතාර පිරුවන් හිමි ගතාර හිමි නම් විය.

නොවළා - සැඟවීමක් නැතිව යනු මෙහි ප්රමකට තේරුමයි. ‘වැළකීමක් නැතිව’ යන තේරුමද ඉන් ගත හැකිය. පද යෝජනය අනුව එය මෙතැනට වඩා සුදුසු බව පෙනේ.

12


අර්ථය - මිත්ර ය, ඒ සන්දේශය ඉදිරියට කියන්නෙමි. ගිය තැන්වලදී විමසන ජනයා පුදුම වන ආකාරයට දැන් මේ නගරයෙහි ශ්රීිය විශේෂ කොට වර්ණනා කරන මේ වචන සතුටින් අසන්න.

විස්තර - (1) සන්දේශකරුවා ජයවර්ධනපුරය වර්ණනා කරන්නට අදහස් කරන්නේ එය ඇති පරිද්දෙන්ම නොවන බව මෙයින් කියවෙයි. එසේ කියන විට විමසන ජනයා විස්මයට පත් වන්නේ නැත. ඒ නිසා විශේෂයක් කළ යුතුය. කවි සමයානුගතව කිවහොත් එසේ වෙයි. (2) සබඳ - බැඳීම් ඇති තැනැත්තා=මිත්රවයා පිළිවිසින - විචාරන, ප්රතශ්න කරන විස්ම - සමහරු මෙය ‘විෂ්මය’ කියා ලියති. එය වැරදිය. වෙසෙස් කර - විශේෂත්වයක් ඇති කර - මෙහිදී කවි සමයානුගතව, එය කරනු ලැබේ. මෙවදන් මිණි කොඩොල් තා සවන් සද - හොඳින් අසන්න යන අර්ථය වක්රා මාර්ගයෙන් කියූ සැටියි. පද්යහයේදී කවීහු නොයෙක් විට මේ වක්රෝාක්තිය ප්ර්යෝජන කර ගනිති.

13 අන්වය - මිතුර, ජයවද්දන දැනුම් ඇති පවර මැති යුත් රුපු මද්දන ගජ හය සෙන් නිතොර පිරි සග මොක් නොවරද්දන මුනි දහම් අකර ජයවද්දනපුර මෙය දනු. ‍



71 අර්ථය - මිත්රදය, ජය වර්ධනය කරන්නා වූ දැනුම සහිත උතුම් අමාත්ය යන් ඇති, සතුරන් මර්දනය කරන හස්ති අශ්ව සේනාවන් නිතර පිරුණු ස්වර්ග මෝක්ෂ සම්පත් නොවරදවා (ලබා දෙන) බුද්ධ ධර්මයට ආකරයක් වූ ජයවර්ධනපුරය මෙයයි දැන ගන්න.

විස්තර - (1) ජයවර්ධනපුර කෝට්ටේ ඉදි කරන ලද්දේ ගම්පළ 3 වැනි වික්රරමබාහු රජුගේ රාජ්යන කාලයේදී (නිස්සංක) අලගක්කෝනාර විසිනි. අලගක්කෝනාර හෙවත් අලකේශවරවරුන් අතර ඉතාමත් ප්රවකට තැනැත්තා මොහුය. එකල ලියවුණු නිකාය සංග්රඅහය ආදි පොතපතෙහි මේ බව අතිඋත්කර්ෂයෙන් සඳහන් වෙයි. කෝට්ටේ යුග‍යේ ලද හැම සන්දේශයකමත් මේ නගරය සඳහන් වන නමුත් ඒ කිසිවෙක් අලගක්කෝනාර ගැන සඳහන් කරන්නේ වත් නැත. මීට හේතුව ඔහු ගැන 6 වැනි පරාක්රසමබාහු රජතුමා තුළ පැවති නොපැහැදීම විය හැකිය. අද මෙන්ම එදාත් විරුද්ධවාදීන්ගේ නම් පිස දැම්මේ උත්සාහයක් පැවතිණි.

(2) ජයවද්දන - ජයවර්ධනය කරන, ජය වදන හෙවත් ප්ර්වේශ කරන යන තේරුම් දෙකම මින් ගත හැකිය. එහෙත් මද්දන යන වචනය බලන කල මුල් තේරුම ගන්නා ලදැයි සිතේ. වඩා ගැළපෙන්නේද ඒ අර්ථයයි. කෙසේ වුවද වර්ධන, මර්දන යන සංස්කෘත වචන දෙකම නියමාකාරයෙන් සිංහලයට තද්භව විය යුත්තේ වඩන, මඩන යනුවෙන් ‘ඩ’ කාරය සහිතවය. එහෙත් හැම සන්දේශයකම එන්නේ ජයවද්දන පුර යන යෙදුමය. එය අර්ධ - තත්සම පදයක් සේ ගත හැකියි.

හය - අසුන්

මුනිදහම’කර - බුද්ධ ධර්මය උගත් පඬිවරුන් සිටියාක් මෙන්ම බෞද්ධ පොත පතද ජයවර්ධන පුරයෙහි පැවති බව මෙයින් කියවෙයි.









72 14

අන්වය - වෙනස්ව ඇත්තේ පද දෙක තුනක් පමණි. එය ඔබටම පිළිවෙළ කර ගත හැකිය.

අර්ථය - මහ බඹු පළමුවෙන් ලෝකයෙහි ප්රමමාණය නොදැන මෙතැනම අඹා තිබූ චක්රයවාට පර්වතය මෙන් ප්රෙභාව විහිදුණු ප්රාාකාරයට, අනන්තයාගේ දරණ යොමු කොට (ඒ හා සමාන කොට) හරි නොයන්නේද යන්තමක් තමායැයි නොබියව කියමි.

විස්තර - (1) සක්වළ වටා පවුරක් මැවීමට මහා බ්රබහ්මයාට අවශ්යය විය. ඔහු එය මැව්වේ ජයවර්ධන පුරය වටේටය. එය සක්වළ සඳහා ප්රමමාණවත් නොවන බව දුටු ඔහු එය එහිම තිබෙන්ට හැරියේය. මේ ජයවර්ථනපු‍රයේ විශාලත්වයත් ඒ වටා ඇති ප්රාඑකාරයේ ප්රසභා සම්පන්නබවත් ව්යංවග්ය යෙන් කී සැටියි. වෙනත් වචනවලින් කියතොත් එය පුංචි ලෝකයක් වට කිරීමට වුවද ප්ර මාණවත්ය.

(2) බඹා.......ලොව පමණ නොදැන - වෛදික හින්දු විශ්වාසයට අනුව ලෝකය මැවූයේ බ්ර්හ්මයාය. (තමන්ම මැවූ ලෝකයේ ප්රවමාණය ඔහුම නොදැන සිටීමට ක්රේමයක් නැත.)

සක්වළ ගිරි සෙ මෙතැනමා - ලෝකයේ ප්රමමාණය නොදත් බ්රිහ්මයා සක්වළ ගිර මවා ඇත්තේ ජයවර්ධනපුරයෙහිය. චක්රරවාල පර්වතය යනු ලොව වටා ඇතැයි හින්දුන් විශ්වාස කරන පවුරක් වැනි පර්වතයකි.

නත - අනන්ත නම් නාගරාජයා. ‘අනත’ යන්නෙහි ‘අ’ ලෝපයෙන් මෙය සෑදී ඇත. කෙළවරක් නැති යන තේරුමක් ඔහු අනන්ත නම් වෙයි. ඔහුට මුව දහසක් ඇතැයි කියනු ලැබේ. හින්දු විශ්වාසයට අනුව විෂ්ණු මොහුගේ දරණ වැළ මත සැතපෙයි. අනන්තයා අගක් මුලක් නැති විශ්වය සංකේතවත් කරයි.

(3) මෙය ඒ තරම් රසවත් කවියක් නොවේ. කවියා යොදා ගන්නේ පැරණි කවීන් විසින් නිතර භාවිතා කිරීමෙන් පිළුණු වී ගිය උපමා රූපකය. ඒවා පවා පැහැදිලි චිත්ත





73 රූපයක් මැවෙන පරිදි ඉදිරිපත් කර නොමැත. පවුර සක්වළ ගිරටත් අනන්තයාගේ දරණ වැළටත් එකවර උපමා කරන්නට නොගියේ නම් අඩු වසයෙන් පද්යකයේ සරලත්වයවත් ආරක්ෂා වීමට ඉඩ තිබිණ.

15 අන්වය - පෙර කිරිසිඳු දුව තුටුව මෙපුර එන කල සිඳු රද විසින් ඇය රැකවරණට පිරිසිඳ කැටව එවුණු සිඳු කඩක් එව් පටුව නොව ඇම සඳ දිය පිරුණු අගල දුටුව ලොබ වෙයි.

අර්ථය - පූර්වයෙහි ශ්රීට කාන්තාව සතුටින් මේ නගරයට එන කල්හි සමුද්රව රාජයා විසින් ඇගේ ආරක්ෂාවට කපා එවන ලද මුහුදු කැබෙල්ලක් මෙන් විශාලව, හැම කල්හිම ජලයෙන් පිරුණු අගල දුටු කල්හි ආශාව ඇති වෙයි.

විස්තර - (1) කලින් පද්යනයෙන් නගරයෙහි මහත් බවත් පවුරෙහි ශෝභාවත් යන දෙකම එක වර වර්ණනා විය. මෙම පද්යකයෙන් නග‍රයේ සමෘද්ධිමත් දිය අගලෙහි විශාලත්වයත් එක වර වර්ණනා වෙයි.

කැබෙල්ලක් වුවත් මුහුදේ කැබෙල්ලක් වීම නිසා එය විශාලත්වයෙන් අධික විය.

(2) කිරි සිඳු දුව - ලක්ෂ්මි - සෞභාග්යදයට අධිපති දෙව්දුව ඇයයි. සුරයන් කිරි මුහුද අළලද්දී ඉන් පහළ වූ වස්තු දහහතර අතර ඈද වූවාය. එ බැවින් ඈ කිරි මුහුදේ දියණිය නැතහොත් කිරි සිඳු දුව නමින් හැඳින්වෙයි. මැය විෂ්ණු විසින් සිය භාර්යාව හැටියට ගන්නා ලදි. (ඇගේ වාහනය බකමූණාය. ආලෝකයට බකමූණා ඇස වසා ගන්නාක් මෙන් සෞභාග්යසමත් පුද්ගලයාද උගත්කමට ඇස් වසා ගන්නා බව මින් අදහස් කළා විය හැකිය.)

ලක්ෂ්මිය ජයවර්ධන පුරයට සතුටින් පැමිණියේ එය සමෘද්ධිමත් ස්ථානයක් වූ නිසාය.

ඇය රැකවරණට - පෙර රජවරුන් තම දුවණියන් වෙනත් රටකට සරණ යවන විට ඇගේ රැකවරණට පිරිසක් යැවීම සිරිතක් විය. විජායි කුමරිය විජය රජු වෙත. එන විටත් භද්දකච්චානා කුමරිය පඬුවස්දෙව් රජු වෙත එන විටත් මෙසේ පිරිස් පැමිණියහ.




74

කුස ජාතකය වැනි ජාතක කතාවන්හිද මේ සිරිත සඳහන් ‍වේ.

සිඳු කඩකෙ’ව් - සිඳු කඩක් + එව්; සින්ධු නම් සාගරයයි. එව් යන්නෙහි අර්ථය වැනි යනුයි.

පටුව නොව ඇම සඳ දිය පිරුණු - හැම විටම දිය පිරි පවත්නා විට අගල වීමට ඉඩක් නැත.

16 අන්වය - මිතුර, මනහර සුවිසල් අගල දිය තුළ පෙනෙන රළ අවුල් සසල පැහැසර රිවි සඳ මඬල තුඟු තුල් පවුරු හිස පැන යනු බැරිව හැර හැම වර රසහල් පිවිස යනු වැනි.

අර්ථය - මිත්රරය, සිත් ඇද ගන්නා සුවිශාල අගලෙහි පෙනෙන තරංගයන්ගෙන් අවුල්ව චංචල වූ රිවි (මඬල) හා සඳ මඬල උස මහත ප්රානකාරයට උඩින් යා නොහැකිව හැමවිටම රසාතලයට පැමිණ යන්නාක් වැන්න.

විස්තර - (1) ජයවර්ධන පුරය වටා ඇති පවුර ඉතා උසය, චන්ද්රි සූර්යයන්ට පවා එයට ඉහළින් යෑම දුෂ්කරයැයි සිතෙන තරම්ය. ඒවායේ ප්රපතිබිම්බ මහා දිය අගලෙහි පෙනෙන විට ඉර සඳ පවුර පැන යනු නොහැකිව යටින් රිංගා යනු වැනිය.

(2) තුඟුතුල් - උස හා මහත රසහල් - රසාතලය; පෘථිවියෙහි යට ප්රයදේශය. පුරාණ නාමාවලිය නාග ලෝකයට නමක් සේ දක්වයි.

17 අර්ථය - චන්ද්රමයා හා සූර්යයා තමන් රාහු මුඛයට පත් වූ අවස්ථාවන්හි රෑ දවල් ගන අඳුර බිඳ එළි කරනු පිණිස තම රශ්මිය නමැති වස්ත්රරය ප්රාවසාදාග්රනයෙහි බැඳ ගියාක් මෙන් යහපත් රන් රිදී කොඩි නගරයෙහි බබලයි.

විස්තර - (1) නගරෙයෙහි ගෙවල් මුදුනේ සුදු කොඩින් රන්පැහැ කොඩිත් ඔසොවා ඇත. එය සමෘද්ධියෙහි සංකේතයකි. නමුත් කවියාට මේ කොඩි කුමක් වැනිද? චන්ද්ර යාත්




75

සූර්යයාත් වරින් වර රාහු මුඛයට පත් වෙති. පරාර්ථයම ප්රාමර්ථනා කරන ඔවුන් විසින් ඒ අවස්ථාවලදී ලෝකය එළි කරන පිණිස තමන්ගේ රශ්මියෙන් ටික ටික බැඳ තබා ගියාක් වැන්න. සඳ රැස් සුදුය. එහෙයින් එය රිදී කොඩි වාන්න. හිරු රැස් රන් පැහැ නියා ඒවා රන් කොඩි හා සමානය.

(2) රහුමුව - පුරාතනයන්ගේ සාමාන්ය විශ්වාසයට අනුව චන්ද්රනග්ර්හණ හා සූර්ය්යාග්රුහණ ඇති වන්නේ ඒ ග්ර හයන් වරින් වර රාහු මුඛයට පත් වීමෙනි.

කිරි මුහුද අළලන අවස්ථාවේ පහළ වූ අමෘතය දෙවිවරා පානය කරන්නට වූහ. අසුරයෙකු වූ රාහුද දෙවියෙකු හැටියට වෙස් වළාගෙන ඉන් බිඳක් පානය කෙළේය. ඒ දුටු චන්ද්රායා විෂ්ණුට ඒ බව දැන්වීය. විෂ්ණු තම ගදායුධයෙන් ගසා එම අසුරයා දෙපලු කෙළේය. ඔහුගේ හිස පෙදෙස රාහු වූ අතර පහළ කොටස කේතු නම් විය. ඔහු නොමළේ අමෘතය බී සිටි බැවිනි.

තමාට විපත් පැමිණියේ හිරු සඳු නිසා බව දත් රාහු වරින් වර ඔවුන් ගිල දමන්නට විය.

අඳර - අඳුර යන පදයේ ස්වර සමීකරණයෙන් සිද්ධයි. දෙවෙහි - දව +එහි=දවෙහි=දෙවෙහි, දවල් කාලයෙහි කිරණ පට - රශ්මිය නමැති වස්ත්රණය.

18

අන්වය - හය කුර ගසින් නැඟි රදසින් අඹර හිවි, ගජ කන් තලින් එන පවනින් යුත් මෙපුර, නිතොර කෙළි සන්තොසින් රැඳි සලෙළුන්හට සැඬකර රැසින් සැඬ ගිමනින් කවර දුක්?

අර්ථය - අසුරන්ගේ කුර ගැසීමෙන් නඟින ධූලියෙන් ආකාශය වැසුණු, ඇතුන්ගේ කන්පෙති (ගැසීමෙන්) එන සුළඟින් යුතු මේ නගරයෙහි නිතරම ක්රී ඩා සන්තෝෂයෙන් සිටින සල්ලාල ජනයාට සූර්ය රශ්මියෙන් (හා) තද ග්රීිෂ්මයෙන් කුමන දුකක්ද?





76

විස්තර - (1) මේ එම නගරය ඇතුන්, අසුන් හා ප්රීරතිමත් තරුණයන්ගෙන් ගහණව පැවති බව ව්යංටග්යනයෙන් කියූ සැටියි. එහි අසුන් නිතරම ගමන් ගන්නා නිසා උන්ගේ කුර වැදී දූලි අහසට නඟී. මේ දූවිල්ල වියන් පටක් මෙන් අහසේ රැඳී තද හිරු රැස වළක්වා ලයි. ඒ නිසා තාපයක් ඇති නොවේ. අසුන් මෙන්ම අධික වූ ඇතුන්ගේ කන් පහරින් වදින සුළඟින් වීදිවල දූලි පහව යනවා පමණක් නොව ජනීජනයාට සිසිලසක්ද ඇති කරයි. එසේ නැතිව නගරය දූවිල්ලෙන් පිරී යන්නේ නම් එය කොතරම් දුකක්ද?

(2) හයකුර ගසින් - හය = අසුන්; ගසින්=ඝර්ෂයෙන්; අසුන්ගේ කුර පහරින්

රදසින් - දූවිල්ලෙන්; රජස් නම් ධූලියි.

හිවි - ගැවසි

සලෙළුන් - ක්රී ඩා ලෝල තරුණයන්; සල්ලාල යන්නට අද තරම් අවමානාත්මක හැඟීමක් එදා තිබෙන්නට නැති බව පෙනේ.

සැඬකර - චණ්ඩ වූ රශ්මිය ඇති නිසා සූර්යයා මෙනමින් හැඳින්වෙයි.

19 අන්වය - විසල් මෙපුර, අගිල් කපුරු දුම් කද පැතිර පිහිකුළු රන් දෙදෙන් උදුළ පහ කුළු, කුළු සිරස ළකල් සුර අඹ සිදු ලිය කෙළි ලකුළු හිමවු ගිරි කුළු සියල් සිරි රැපැයි.

අර්ථය - විශාල වූ මෙම නගරයෙහි අගිල් කපුරු දුම් පැතිරීමෙන් වැසුණා වූ රන්වන් කොඩියෙන් බබලන ප්රාළසාද මුදුන්, කඳු මුදුන් මත සිත් ගන්නා දෙවඟනන් හා සිද්ධාංගනාවන් ක්රීළඩා කළ අලංකාර හිමාල පර්වත ශිඛර සියල්ලෙහි ශෝභාව ගෙන හැර දැක්විය.

විස්තර - (1) හිමාලයෙහි පර්වත ශිඛර රාශියක් ඇත. එමෙන්ම මේ නගරයෙහිද විශාල මන්දිර රාශියක් වෙයි. හිමෙන් වැසුණු පර්වත ශිඛර පෙනෙනුයේ සුදු පාටටය. මන්දිරවල අගිල් කපුරු දවන නිසා ඒවායින් නඟින දුමෙන් ඒවාද සුදු





77

පැහැයෙන් පෙනෙයි. ගිරිකුළුවල දිව්යාංෙගනාවෝත් සිද්ධාංගනාවෝත් නටති, නගරයේ පහ මුදුනේ ලෙළ දෙන රන්වන් කොඩි එසේ නටන සිදඟනන් හා දෙවඟනන් වැන්න.

කාල්පනික ස්වරූපය නිසා මේ පිළිබඳ චිත්ත රූපය මවා ගැනීමට සමහරුනට දුෂ්කර විය හැකිය. එය මවා ගැනීමට හැකි වුවහොත් චමත්කාරයක් ලද හැකි කවකි. (2) අගිල් කපුරු - අගිල් හෙවත් අගරු, දල්වන විට සුවඳ විහිදෙන ලී වර්ගයකි. අද පවා ගෙවල මේ ද්රයව්යඑ දවනු ලැබේ.

පිහිකුළු - වැසුණු

රන් දෙදෙන් - රත්රන් කොඩියෙන්

සිදු ලිය - සිද්ධාංගන‍ාවෝ, සිද්ධයෝ නම් කැමති විටක කැමති වෙස් ගැනීමට සමත් දේව යෝනියකි.

සිරිපැයි - සිරි පෑය = සිරි පෙන්වීය

ළකල් හා ලකුළු = මේ වචන දෙක වෙනස් තේරුම් දෙයි. ළ + කල් යනු සිත් ඇද ගන්නා යනුයි. ලකුළු නම් ‘අලංකාර කළ’ යන්නයි.

(3) මෙම පද්යසයේ කුළු යනු ‍එකම තේරුමෙන් තෙවරක් යෙදී ඇත.

20 අන්වය - මෙපුර හය කුර ගසිනි උලැඟි රොන් පට පහ අග දිලි රන් කැරලි වසමිනි පැතිර අඹර ඇඹරී දද අතින් පිස යනු කෙවැනි? නි‍තොර සොඳුරු ගුරු පිරියම් කරනු වැනි.

අර්ථය - මෙම නගරයෙහි අසුන්ගේ කුර ගැටීමෙන් උඩට නැඟුණු ධූලි පටලය ප්රායසාදාග්රෙයෙහි බැබලෙන රන් කොත් වසමින් පැතිර, ආකාශයෙහි ඇඹරුණු කොඩි නමැති අතින් පිස යෑම කෙබඳුද? නිතරම හොඳ හැටි ගුරු ගාන්නාක් වැන්න.

විස්තර - (1) නගරයේ සිටින අසුන්ගේ කුර ගැටීම නිසා අහසට දූලි නඟී. ඒවා ගෙවල් මුදුනෙ ඇති රන් කොත් මත



78


පතිත වන නමුත් එහිම බැඳ ඇති, සුළඟට සෙලවෙන කොඩිවලින් පිස දැමෙයි. එය හරියට නිතරම ඒවායේ ගුරු පිරියම් කරන්නාක් වැන්න.

(2) ජයවර්ධනපුරයේ අසුන්ගේ කුර පහරින් අහසට දූලි නඟන බව මීට ඉහත පද්ය2යකින්ද කියවිණ. මෙසේ ටය නැවතත් කීම සුදුසු නැත. කොඩිවලින් කෙරෙන්නේ දූලි ගෑමක් නොව පිස දැමීමකි. එය පිරියම් කිරීමක් හැටියට දැක්වීමද සුදුසු නොවේ. ඔප දැමීමක් හැටියට දක්වන ලද්දේ නම් මැනවි.

(3) දිලි - ජ්වලිත; මෙය ‘දිළි’ යනුවෙන්ද යෙදේ.

කැරලි - විශාල මන්දිර මත සවි කොට ඇති කොත් වැනි දෙය මෙයින් අදහස් කෙරේ.

උලැඟි - උඩට නැගි

පට - පටම පටල. මෙහි දූලි පටලය ගැනේ.

පිරියම් - පිරි + කම් = පිරියම්; සායම් ගෑම.

21 අන්වය - අසීරු නැත.

අර්ථය - අලංකාර වූ විවිධ ප්රා සාදවල මැණික් බිත්තිවල පෙනෙන උදය රැස් සහිත සූර්ය මණ්ඩලය මේ පුරයෙහි සිටින සිත් ඇද ගන්නා කුල කාන්තාවන්ගේ මුහුණ නමැති පියුම්, මන්දිර ඇතුළට වැදි වැදී බලන්නාක් වැන්න.

විස්තර - (1) නගරයේ මන්දිරවල ලස්සණ කාන්තාවෝ වාසය කරති. ඔවුන්ගේ මුහුණු නෙළුම් මල් මෙන් ලස්සණය. නෙළුම් මල් හා සූර්යයා අතර ඥාති සම්භන්ධයක් ඇතැයි කවියෝ කියති, කෙසේ වුවද නෙළුම් උදෑසන පුබුද වන නිසා සූරුයයා ඒවා පුබුදන බව කවි සමය කියයි. උදෑසන හිරු පායා එන විට ප්රාාසාද බිත්තිවල පතිත වන සූර්ය බිම්බය, හිරු, මැදුරු ඇතුළට වැදි වැදී කාන්තාවන් ගේ මුහුණු නමැති පියුම් බැලීමක් වැන්න.

(2) මිණි බිතිනි - මැණික් බිත්තියෙන්; කිරි ගරු‍ෙඬන් කළ බිත්තිවලට පිළිමිණි බිත් යැයි කියනු ලැබේ. එහෙත්




79 මෙතැන ‘මිණි’ නිල් මිණිය. ඉන්, ඔප ලූ කළු ගල් බිත්ති අදහස් කළා විය හැකිය. නෙළුම් පිපෙන්නේ ජලයෙහිය. ජලය නිල්පාට නිසා මෙතැනට උචිත වනුයේද නිල් බිත්තිය.

22 අර්ථය - සකල ශ්රී යෙන් පිරුණු මෙහි ප්රාතසාදයන්හි කොත් කැරලි අග (ඇති) මහත් වූ නිල් මැණික් ප්රවභාව ආකාශයෙහි පැතිරී රාහු පරිද්දෙන් සූර්යයාටත් චන්ද්රතයාටත් ළංවී ආකාශ ගංගාවෙහි (දිය) සෙවෙල් ලෙසින් පෙනෙයි.

විස්තර - (1) ප්රාසසාදයන්හි කොත් අග නිල් මැණික් සවි කොට ඇත. ඒවායින් නිකුත් වන්නේ නිල් පැහැයකි. එය කොතරම් ඉහළට විහිදෙන්නේද යතහොත් රාහු අසුරයා පරිද්දෙන් ඉරට හා හඳටද ළං වෙයි. දිය සෙවෙල් රාහු, දිය සෙවෙල් යන ආකාර දෙකෙන්ම දැක්වීම එතරම් උචිත නොවේ. ඇරත් මීට ඉහත 20 වැනි කවෙන් කියවෙනුයේ පහ අග කොත් කැරලි රනින් කළ බවයි.

(2) කවියා දැන් කවි පහකින්ම (17, 19, 20, 21, 22) කෙළේ නගරයේ ගෙවල් හා එහි කොටස් පිළිබඳ වර්ණනාවන්ය. එසේ වුවත් ස්වාධීන යැයි කිව හැකි කිසිදු විස්තරයක් ඉදිරිපත් කොට නැත. ගතානුගතික වර්ණනා පුන පුනා ඉදිරිපත් කිරීමෙන් මේ වර්ණනාව නීරස වී ඇත.

(3) අහස් ගඟ - මෙය කවීන්ගේ මනසෙහි උපන්නක් වන නමුත් ඒ පිළිබඳ නොයෙක් අන්දමේ විස්තර දක්නා ලැබේ. බෞද්ධ පොතපතෙහි එන පරිදි අහස් ගඟ අනවතප්ත විලෙන් පටන් ගෙන ඒ වටා තුන් වරක් පැදකුණු කොට දකුණු පස ඇති ගල් තලාව දිගේ සැට යොදුනක් ගලා ගොස් පර්වතයක හැපි තුන් ගව්වක් අහසින් ගමන් කරයි. අහස් ගඟ කියන්නේ ඒ කොටසටය. සුදු පැහැති මෙහි දිව්යාං ගනාවෝත් සිද්ධාංගනාවෝත් නාති.

පුරාණ නමින් හැඳින්වෙන හින්දු ග්ර න්ථවලට අනුව විෂ්ණුගේ මැපටැඟිල්ලෙන් පටන් ගන්නා මෙය ඊශ්වරයාගේ ජටාව වටා තුන්වරක් කැරකැවී පොළොවට පතිතව ගංගා, සින්ධු ආදි හතක් වසයෙන් මුහුදට ගලා යයි.






80

රාමායණයේ එන පුවතකට අනුව භගිරථගේ පුත්තු සැට දහසක් කපිල සෘෂි‍ගේ ශාපයෙන් දැවී අළු වී යති. භගීරථගේ යාච්ඤාවෙන් පැහැදෙන ගංගා නම් දෙවඟන ඔවුන්ට පණ දීම සඳහා ගංගා නදිය පොළොවට එවන්නීය. එය පිළිගැනීමට පොළොව ශක්තිමත් නොවන නිසා පළමුවෙන් ශිවගේ ජටාවට බැස එතනින් සාගරයට ගලා ‍ගොස් පුතුන්ට පණ දෙයි.

සුර මග - ආකාශය

(4) ගඟ - සංස්කෘත ආදි ඉන්දීය භාෂාවලින් ගංගා යනු නදියක නමක් පමණකි. නමුත් සිංහල ව්ය වහාරය අනුව හැම නදියක්ම ගඟකි. ලාංකික පාලි ග්රනන්ථද එම ක්රසමය අනුගමනය කර ඇත.

23 අන්වය - පහසුය.

අර්ථය - පබළු, මුතු මැණික් ආදියෙන් ආභරණ තනා පැළඳ ගෙන සඳලු තලවල සිටි තරුණ ස්ත්රීකහු අපූරු පල්ලව පත්රු, මල්, ගෙඩි බෙහෙවින් දරා, ස්වර්ණ පර්වත ප්රා න්තයෙහි ඇති කනක ලතාවන් වැන්නෝය.

විස්තර - (1) විශාල මන්දිරවල සඳලු තලයන්හි තරුණ කාන්තාවෝ පබළු, මුතු, මැණික් ආදියේන තැනූ ආභරණ පැළඳ ගෙන සිටිති. ඔවුහු රන්වන් පාට වෙති. ඒ ප්රාරසාද රන්වන් පාටය. විශාල බැවින් පර්වත බඳුය. ඒ නිසා කාන්තාවන් පෙනෙන්නේ පර්වත ප්රානන්තවල ළා දලු, මල් ගෙඩි සහිත ස්වර්ණ ලතාවන් ලෙසිනි. පබළු ළාදලුද, මුතු මල්ද, මැණික් ගෙඩිද වේ.

(2) සඳලු - විශාල මාලිගාවන්හි උඩුමහලෙහි සඳ එළිය ලැබෙන පරිදි තැනූ ආලින්දයන්.

කනා ලියන් - රත්රන් ලතාවන්

රන්ගිරි - මහමෙරට නමි.

බෙයද - පර්වත පාර්ශවය




81 24 අන්වය හා අර්ථය දෙකම දුෂ්කර නොවේ.

විස්තර - (1) රූමත් තරුණ ස්ත්රීමන්ගේ පියවුරු හංසයන් වැනි යැයි කියනු ලැබේ. මේ නගරයෙහි ස්ත්රීෂන්ගේ පියවුරු සුදු හංසයන්ටත් වඩා ලස්සණය. ඒ දකින හංසයෝ පරාජයට පත්ව ලජ්ජාවෙන් කැලයේ විල්වලට යති. එයින් උයන්වල විල් අවලස්සණ වී යා හැකිය. කාන්තාවන්ගේ තනපට බැඳීම ඔවුන්ගේ එ ලජ්ජාව නැති කොට ආපසු ගෙන්වීමේ ප්රේයත්නයක් වැන්න.

(2) මෙයද අලුත් අදහසක් නොවන නමුත් පුර වර්ණනා වසයෙන් මෙතෙක් ඉදිරිපත් කළ සෙසු කවිවලට වඩා රසවත්ය. පැහැදිලි චිත්ත රූපයක් මැවෙන පරිදි වචන මනා ලෙස හසුරුවා මෙම පද්යරය රචනා කොට ඇත.

ගෙදිගුවිල - ගෙවල් සමීපයෙහි තනන ලද දිගටි විල් අලංකාරය පිණිස මේවායේ හංසයෝ ඇති කරනු ලබති.

(3) අඟනන් වසති - අන්තර් වාක්ය යක උක්තය කර්ම විභක්තියෙනුත් ආඛ්යාැතය බහු වචනයෙනුත් තැබීම පැරණි සිංහල රීතියකි. සමහරු අදද මෙය අනුගමනය කරති.

25 අන්වය - මනකලා වත් කලා සපිරි සිසි වත, පිලා ඉඳු දුනු වන් නිලා තිබෙන බැම, රන හස පිලා වන් තනන දුලා තන පුර කලාවන් බලා පයැ’ද යනු බැරි.

අර්ථය - සිත් පිනවන වර්ණ සහිත සියලු කොටස්වලින් පිරි සඳ වැනි නිල්ව තිබෙන ඇහි බැම ස්වර්ණ හංස පැටවුන් මෙන් නලියන්නා වූ දිලෙන පියයුරු (සහිත) පුර ස්ත්රිමන් දැක පය නඟා යෑමටය නුපුළුවන.

විස්තර - වන් - මෙතැන පැහැය ගත හැකිය.

කල - ස‍ෙඳන් දහසයෙන් කොටස ‘කලා’ නමි. ඒ සියලුම කලා පිරුණු කල්හි පුන්සඳයි.


6





82

පිලා - කුඩා; නියම තේරුම ‘පැටවා’ යනුයි.

තනන - නටන, සෙලවෙන.

හස පිලා වන් - හංස පෝතකයන් වැන්න. ලොකු හංසයන්ට මෙන් නොව, හංස පැටවුන්ට එක විදියකට සිටිය නොහැකිය. ස්ත්රීටන්ගේ පියවුරුද එසේම චලනය වෙයි. පුරකලා වන් - නග‍රයේ ස්ත්රිටන්

26

අන්වය - දුෂ්කර නැත. ‘රොද ‘ක් කන අලක’ යන්න ‘අක් කන අලක රොද’ යැයි ගන්න.

අර්ථය - කන කෙළවර කියඹු වැල මුතු පට හා ගොතා බැඳ සඳ වැනි මුහුණෙහි සිත් සතුටු කරවන මඳ සිනහවක් පා උඩුමහලින් ටිකක් එළියට පෙනෙන පරිදි සිටි යහපත් තරුණ පුර ස්ත්රී හු විශේෂයෙන් දිව්යාංෙගනාවන් වැන්නාහ.

විස්තර - (1) පුරඟනන් සුරඟනන්ට උපමා කිරීමකිසි සේත් අලුත් අදහසක් නොවේ. එහෙත් මේ දක්වා අප ගිරා සන්දේශයේ උගත් කොටසේ එන රසවත්ම කවිය මෙය යැයි කිව හැකිය. කවිය කියවන අපට ලස්සණට මුහුණ හා හිස සරසා ගෙන මතු මහල් තලයේ සිට අඩක් එළියට පෙනෙන සේ මඳ සිනා පා සිටින කාන්තාවෝ මැවී පෙනෙති.

යම් කිසි සුන්දර දෙයක් සම්පූර්ණයෙන් පෙනෙන කල්හිද එහි අගය අඩු වෙයි. එහෙයින් ‘මඳක් එළි පෙනී’ යැයි කීම සුදුසුය. එසේම සම්පූර්ණ සිනාවට වඩා අඩ සිනාවද සිත් ගන්නාසුලුය.

(2) අක් කන - කනෙහි කෙළවර ‘ග’ යන්න හල් වූ විට නොයෙක් තැන්වල ‘ක්’ හැටියට සිටී.

අලක - අලංකාරය සඳහා කන අගින් නවා පහතට හෙළන කෙස් රොද. මෙයට කියඹු වැල යයිද කියනු ලැබේ.

මඳහස - මන්ද හාසය - අඩ සිනහව.

ලද - තරුණ.

උදක් - විශේෂයෙන්

83

27 අන්වය - වෙරළ ඉගිළ උතුළ උලෙළ රළ වැළ ලෙස නැබළ පටළ පෙළ ලෙළවමිනි කෙළ කෙළ මොළ කරළ කෙරළ බළ දළදප පහළ පුවළ දළ සිහළ බළ මුළු නිති ඔසළ.

අර්ථය - සමුද්රළ තීරය ඉක්මවා ඉතිරුණා වූ චංචල රළ පන්තිය ලෙස මහත් වූ පලිස් සොලව සොලවා ක්රීළඩා කරමින් මහත් සේ කර්කශ කේරළ හමුදා එඩි පහ කළා වූ ප්රෞ ඩ හා මහත් සිංහල භට සේනාවෝ නිතර එක් රැස් වූහ.

විස්තර - (1) මෙය අර්ථය හා සරලතවය අතින් එතරම් උසස් නිර්මාණයක් නොවේ. එසේ වුවත් මෙහි යොදා ඇති වචනවලින් නඟින ශබ්ද ධ්වනිය ප්ර ස්තූතයට ඉතාමත් උචිතය. පලිස් උඩට ඔසවා ගෙන ලෙළව ලෙළවා එක් රැස්ව සිටින සේනාවක් ධ්වනිත කිරීම සඳහා ඒ අතිශයින්ම සුදුසුය.

(2) ඉගිළ තුළ - මෙහි ඉගිළ + උතුළ හෙවත් උතුරා ගිය යන අර්ථය ගැනීම වඩා සුදුසුය. ඉගිළ + උතුළ යන පද මෙසේ සන්ධි වීමට පුළුවන. රජ + උතුමා = රජතුමා වන්නාක් මෙනි.

නැබළ - මහත්.

පටල - මෙහි අර්ථය පලිස් යැයි කෝෂ ග්රනන්ථවල එයි.

කරළ - කර්කශ

පුවළ - මහත්.

දළ - දෘඪ, මහත්

ඔසළ - රැස් වූ.

28 හා 29

අර්ථය - මහාසේන හෙවත් කඳ කුමරුගේ වික්ර මයෙන් සාර වූ මහා සේනාව නිතර සිටින සියලු ඓශ්චර්යෙන් විශේෂයෙන් පිරුණු ශක්රව පුරය වැනි ඒ නගරයෙහි උතුම් වූ ඉසුරෙන් ශක්ර්යා මෙන් ප්රශසිද්ධ, විරුද්ධ රජුන් නමැති ඇතුන්ට සිංහයෙකු (බඳු) නිතරම සුචරිත ක්ර මය අවුල් නොකොට පුරුදු කළ සුන්දර වූ සිරි පැරකුම්බා නිරිඳු වෙසෙයි.


84

විස්තර - (1) ගිරාකරු එක් මාතෘකාවක් යටතේ කළ යුතු වර්ණනය කොට වෙනත් මාතෘකාවකට බසින බොහෝ තැන්වල විරිත වෙනස් කරන බව පෙනේ. මෙහිද පුර වර්ණනයෙන් ඉක්බිතිව රාජ වර්ණනය ආරම්භ කිරීම සඳහා විරිත වෙනස් කළ බව පෙනේ.

(2) මහසෙන් - ස්කන්ධ කුමාරයා. ඔහුට මහත් වූ සුර සේනාවක් සිටී නිසා මෙනමින් හැඳින්වේ.

කඳ කුම‍රුගේ පියා මහේශ්වරයාය. මව පාර්වතියයි. මේ දෙදෙනාගේ එක් වීමෙන් කඳ කුමරුගේ උපත සිදු වූ අයුරු විස්තර කරමින් කාලිදාස ‘කුමාර සම්භව’ නම් වූ කාව්යමය ලියා ඇත.

විකුම්සරු - වික්රවමයෙන් සාර වූ

දම්බා විරිදු - ජම්භ නම් අසුරයාගේ විරුද්ධකරු - ශක්රකයා සුරා’සුර යුද්ධයේදී මොහු අසුරයන්ගේ නායකයෙක් විය. මිගිඳු - මිග + ඉඳු, මෘගයන්ගේ රජු = සිංහයා

සතත - නිතර

වැජඹි - කුමාරතුංග මෙය ‘වජඹි’ යනුවෙන් වෙනස් කරයි. එහෙත් තවත් බොහෝ තැන්වල වර්තමානය හැඟවීමට අතීත ක්රිසයා පදය යොදා ඇත. විස්තර සඳහා විමර්ශන සහිත තිසර සන්දේශය බලන්න.

30 අර්ථය - නැවතද, මේ තමන්ගේ බාහු බල පරාක්රදමයෙන් ජය ගත් අන්යර රාජ සමූහයා විසින් වික්ර-මයන් පසස්නා ලද ලෝක චක්රේවර්ති සිරි පැරකුම්බා මහ රජතුමාගේ යුද්ධ වික්රරමාධිකකම, තේජස, දානය යසස ආදියෙහි ඒකදේශයක් (ස්වල්පයක්) අසව.

විස්තර - (1) ගැඹුරු වචන සමූහයක් යොදා ඇති නමුත් ඒ වචනවල ශබ්දයේ තරමට අර්ථයක් නොමැත. සාඩම්බර සංස්කෘත වචන යෙදී‍මේ ලා සිංහල බෝධිවංසාදියෙහි කතුවරුන් මෙන් මේ සන්දේශකාරයා දක්ෂ නොවේ. පද්යව රචකයෙකුගෙන් එය බලා‍පොරොත්තු විය යුත්තක්ද නොවේ.




85 සමහරවිට කතුවරයා මේ ගැඹුරු වචන භාවිතා කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ පරාක්රරමාබාහු රාජයාගේ බල පරාක්ර මය පිළිබඳ ඉඟියක් කිරීම විය හැකිය.

(2) නිජ භුජ බල - තමන්ගේ හස්ත බලය

පරාක්රපමාක්රා න්ත - පරාක්රතමයෙන් ජය ගත්

පරරාජචක්ර - අන්ය- රාජ වළල්ල හෙවත් සමූහය

භූ චක්ර්වර්ති - පොළෝ තලයට චකුවර්ති

වික්ර්මාතික්රතම - අතිශය වික්ර්මය

ප්ර්තාප - තේජස; තාප - තවන ගතිය

ප්ර්දාන - දීම

කීර්ත්යා‍දි - කීර්ති ආදි; කීර්තිය නම් යසසයි

ගුණෛ‍කදෙශයක් - ගුණ+එක දේශයක්; ගුණයෙහි එක කොටසක්

31 අර්ථය - මේ රජ තෙමේ ගුණයෙන් සියලු සතුන්ගේ සිත් සනසා ලීය. නිතර (දෙන) දානයෙන් චින්තාමාණික්යේයකැයි විශ්වාස කරවීය. ලෝකයෙහි මහත් වූ බලයෙන් බල-භච්ද්රනයාගේ ශක්තිය පෙන්වා සතුරු රජවරුන් කඩුව නමැති වැස්සෙන් නැහැවීය.

විස්තර - (1) වෙනත් සංස්කරණවල 3 වැනි 4 වැනි පද්යෙ පාද වෙන වෙනම වාක්යමයක් සේ ගන්නා ලදි. එයින් වඩා නිරවුල් වඩා හොඳ තේරුමක් ලැබෙන බැවිනි.

(2) සිතුමිණ - දිව්ය ලෝකයෙහි ඇතැයි කියන, සිතූ පැතූ සම්පත් දෙන මැණිකකි. තවත් මෙබඳු වස්තු හතරක් එහි ඇතැයි කියති. ඒවා නම් භද්ර ඝටය, කල්ප වෘක්ෂය, කල්ප ලතාව හා සුරබි දෙනයි.

බලදෙවි - කෘෂ්ණගේ වැඩිමල් සොහොයුරා වන මොහු බල රාම, බල භද්රට යන නම්වලින් ප්ර දිද්ධය.

බලදෙවි හැවිය පෑ දුහද රදුන් - බලභද්රනයාගේ ශක්තිය පෙන්වා සතුරු රජුන්; සුහුද යනු මිත්ර වාචී වන අතර දුහද යනු අමිත්ර‍වාචි වෙයි. භවිම හැවි; ස්වාර්ථ තද්ධිතයි.



86

දලදර - ජලය දරන නිසා වලාකුළට නමි. ‘ජලධර දිවස’ යනු ධර්මප්රමදීපිකාවෙහි තේරුම් කර ඇත්තේ වැසි දවසක් හැටියටය.

(3) සතුරු රජවරුන් කඩුව නමැති වැස්සෙන් නැහැවීය යනු මනා කාව්යත සංකල්පනයක් නොවේ. කඩුව වලාකුළට උපමා කිරීම අනුචිතය.

32

අන්වය - සත සිත රැඳි නිමල් ගුණ පසිඳු විකුම් ඇති සිරිකත සිරි කමල් වැනි මෙනිරිඳුගේ තද තෙද, අග, මෙසියල් දියත නිති දිව නොනැවති රුපු කත නෙත සිලිල් සිඳු තෙර වැද නැවති.

අර්ථය - සත්වයාගේ සිතෙහි රැඳුණු නිර්මල ගුණයත් ප්රිසිද්ධ වික්රතමයත් ඇති, ශ්රීත කාන්තා‍ව‍ගේ ශ්රීත පද්මය වැනි මේ රජුගේ මහත් වූ තේජස් ගින්න මේ මුළු ලෝකය පුරා නිතරම දිව ගොස් නොනැවතී සතුරු අඹුවන්ගේ කඳුළු නමැති සමුද්රු තීරයට පැමිණ නතර විය.

විස්තර - (1) මේ කවියෙන් වර්ණනා කර ඇත්තේ පැරකුම්බා රජුගේ එකිනෙකට වෙනස් ගුණාංග දෙකකි. මුල් පද දෙකෙන් ඔහුගේ ශ්රීේ සමෘද්ධියත් අග පද දෙකෙන් තේජසත් වර්ණනා වෙයි. එසේ නැතිව එකම ගුණයක් හෝ එකිනෙකට ළංව යන ගුණ දෙකක් වර්ණනා කරන ලද්දේ නම් වඩාත් මැනවි.

(2) ශ්රීෙ කාන්තාව (15 වැනි කවියේ විස්තර බලන්න) වාසය කරන්නේ පද්මයකය. පැරකුම්බා රජු ශ්රී කාන්තාවගේ ශ්රීැපද්මයයි කීමෙන් ඔහුගේ ඉසුරුමත් බව හැඟවේ.

(3) රජුගේ තේජස මුළු ලොව පුරා දිව ගොස් නැවතුණේ සතුරු කාන්තාවන්ගේ ඇස කෙළවරය. ඒ කාන්තාවන්ගේ කඳුළු සමුච්ද්රුයට උපමා කිරීමෙන් විශාල වශයෙන් ඔවුන් හැඬූ බව හැඟවෙයි. එවිට අග්නිය කුමක්ද? ඒ ඇඬීමෙන් රතු වූ ඇස්ය.

(4) කමල් - නෙළුම් මල

තදතෙද’ග - මහත් වූ තේජස නමැති ගින්න




87 රුපු කත - සතුරු කාන්තාව; සතු‍රාගේ බිරිඳ

නෙත සිලිල් - ඇසේ වතුර = කඳුළු

33 අන්වය - රුපුන් පා කර මෙදියත වැජඹි මෙරද ස-ගුණ මහල්, සිව් උපා සිව් බිතින් යුත, දස රජ දම් මිණි පා තද අණ මැඳුරත සතත සතන සතපා සුබ සෙත කෙළෙය.

අර්ථය - සතුරන් පහ කොට මේ ලෝකයෙහි විසුවා වූ මේ රජ තෙමේ සය ගුණ නමැති මහල් හා සතර උපාය නමැති බිත්තියෙන් යුත්, දස රාජ ධර්ම නමැති මැණික් පාද ශක්තිමත් වූ ආඥා නමැති මන්දිරයෙහි නිතරම සත්වයාගේ සිත් සතුටු කරමින් ශුභ ශාන්තිය කෙළේය.

විස්තර - (1) මෙයද ඒ තරම් සිත් ගන්නාසුලු කාව්යය සංකල්පනාවක් නොවේ. කවියක් රසවත් වීමට නම් එක්කො ඉන් ඉදිරිපත් කරන අර්ථය සාරවත් විය යුතුය. නැත්නම් චිත්ත රූපය ප්ර බල විය යුතුය. චිත්ත රූපය පටලැවී තිබීම මෙම කවියේ රසයට මහත් බාධාවකි.

කෙසේ වුවද පහත සඳහන් විස්තර මගින් එහි ඇති ස්වල්ප වූ රසය තරමක් අලංකාරයකි. එසේම එය කැපී පෙනෙන ලක්ෂණයක්ද වේ. රජුටද ස-ගුණ අලංකාරයක් මෙන්ම කීර්තියට හේතුවක්ද වේ. සතර භික්තියෙන් ගෙය ආරක්ෂා වන්නාක් මෙන් සතර උපාය නිසා ඔහුද ආරක්ෂා වෙයි.

(2) ස-ගුණ - ප්රලබල රජෙකු තුළ පිහිටිය යුතු ගුණ සය. ඒවා නම් (i) සන්ධි - සතුරන්ට තෑගි දිමාදියෙන් තමන්ට සම්බන්ධ කර ගැනීම (ii) විග්රිහ - සතුරාට විපත්ති පැමිණවීම (iii) යාන - තම රටේ රැකවල් තර කර සතුරා මැඬීමට යෑම (iv) ආසන - සටනට සුදුසු කල් පැමිණෙන තුරු නතර වී සිටිම ආසන නමි. (v) ද්වෛධ - අවස්ථාවට සුදුසු පිරිදි පිල් මාරු කිරීම. (iv) ආශ්ර්ය - බලවත් සතුරෙකුගෙන් ගහට පැමිණෙන විට වෙනත් බලවතෙකු ඇසුරු කිරීම - මේවා අද වුවද දේශපාලන ක්ෂේත්ර-යේ දක්නට ලැබේ.






88

සිවු උපා - උපාය සතර - සාම, දාන, භේද, දණ්ඩ, මෙය ‘භේද කොට පාලනය කරනු’ යන ඉංගිරිසීන්ගේ අධිරාජ්යඋවාදී න්යාවය සමග සසඳන්න.

දස රදදම් - දශ රාජධර්මය - (i) දානය, (ii)ශීලය, (iii) පරිත්යාවගය, (iv) සෘජුබව, (v)මෘදුබව, (vi) තපස (vii) ක්රෝ‍ධ නැතිකම, (viii) අවිහිංසාව, (ix) ක්ෂාන්තිය (x) අවිරෝධතාව යන දශය

මිණි පා -මැණික් කණු. මන්දිරයක පාද හැටියට සැලකිය හැක්කේ එහි කුලුනුය.

අණ මැඳුරත - රජුගේ ආඥාව මන්දිරයකට සමාන කෙරිණ.

34

අන්වය - පසිඳු මොහුගෙ දල දන් දලදර, දිළිඳු සිතෙහි පබඳ කලිමල දෙවියේ මතුද? කිවිඳු වදන් බිම නිබඳ බැබලුම් කළ සිනිඳු යසස් ලිය නොමඳ සුහුඹුල් කෙළෙ.

අර්ථය - ප්රබසිද්ධ වූ මොහුගේ දත් නැමති ජල ධාරාව දුප්පතුන්ගේ සිතෙහි තදින් බැඳුණු ලෝභය නමැති කිළුට සෝදා හැරියා පමණක්ද? (නොවේ). කවීන්ගේ වචන නමැති භූමිය නිතර අලංකාර කළ කුඩා කීර්ති ලතාවද වර්ධනය ‍කළේය.

විස්තර - රජු එක දිගටම දන් දෙන නිසා එය ජල ධාරාවක් වැනිය. මේ ජල ධාරාව කාර්ය දෙකක් ඉටු කරයි. පළමුවැන්න, යාචකයන්ගේ සිතෙහි බැඳුණු ලෝභය නමැති කිළුට දුරු කිරීමයි. දෙවැන්න කාව්ය කෘති නමැති භූමියෙහි හට ගත් කීර්ති ලතාව වර්ධනය කිරීමයි.

දළ - මහත් වූ

දලදර - ජලය දරන හෙයින් වලාකුළද වැස්සච මෙනම් වේ. මෙතැන ජලධාරාව යනු වඩා සුදුසුය.

කලිමල - ලෝභය නමැති කිළුට

බැබලුම් කළ - රජුගේ කීර්තිය නිසා කවීන්ගේ කවි අලංකාර වූ බව කියූ සැටියි.





89

සිනිඳු - ගසක් කුඩා කල සිනිඳුය. මහත් වූ කල ගොරහැඩිය. එහෙයින් සිනිඳු යසස් ලිය යනු කුඩා යසස් ලතාවයි.

සුහුඹුල් - මහත්, ශක්තිමත්, සහබල යනු මෙහි මුල් රූපයයි.

35

අන්වය - එතරම් දුෂ්කර නැත.

අර්ථය - විෂ්ණු වැනි උතුම් වූ පරාක්ර්මබාහු රජුගේ සමර්ථ වූත් මහා බලවත් වූත් සිත් දැඩි චතුරංගිනී සේනාව ලෝකයේ කෙළවරට පැමිණ පැහැර නොගත් සතුරු නගරය කුමක්ද? යුගාන්ත සාගරයෙහි රළ නොවැදුණු ස්ථාන කවරේද?

විස්තර - යුගයක් විනාශ වන විට මුලින්ම හිරු සත් දෙනෙක් පායා දවාලයි. ඊට පසු මහා වැස්සක් වැස මුළු ලෝකයම යටකර දමයි. ඉන් පසු මහා වාතයක් හමා ගල් පර්වත පෙරලා දමා සාගර ජලය හැම තැනම පතුරවයි.

සකත - සක් + අත; සකක් හෙවත් චක්රාවයුධයක් අතේ ඇති තැනැත්තා; චක්රියක් අතේ ඇත්තේ විෂ්ණුගේය.

සිවුරඟ සෙනඟ - චතුරංගිනි සේනාව; ඇත්, අස්, රථ, පාබල යන අංග හතරින් යුත් සේනාව.

ළතර -‘ළ’ යනු සිතයි. සිත දැඩි වූයේ ළ තරයි.

නොපහළ - පළමුවැනි ‘නොපහළ’ යනු ‘පැහැර නොගත්’ යන තේරුමද දෙවැන්න ‘ස්පර්ශ නොකළ’ යන තේරුමද දෙයි.

යුගත සයුරු රළ - යුගයන්ගේ කෙළවරදී ලෝක විනාශය සිදු වෙයි. ඒ අවස්ථාවේදී සාගරය ලෝකයේ හැම තැනම යට කර ගනී. ප්ර ලයෙ හිනනමය්යා්ථා දා - භවන්ති කිල සාගරාඃ (ලෝක විනාශ කාලයෙහි සාගරයෝ බිඳුණු වෙරල ඇත්තාහු වෙති.)

පහළ - ‘පහර’ යන ධාතුවෙන් නිපන් අතීත කෘදන්ත රූපය; ‘පහර දුන්’ යන තේරුමදේ.

36

අන්වය - පොරණ, වෙන වෙන රුදුරු වෙස් ගෙන ‍සොරකම් කර සුරුකම් කළ දියබඳහු නරතුරු සොඳුරු එක වෙස සිට නොයෙක් පැරකුම් පැ පැරකුම් රජුට සරියයි කවුරු පවසති?


90

අර්ථය - පුරාණයෙහි වෙනස් වෙනස් රෞද්ර වේෂ රැගෙන සොරකම් කොට ශූරකම් කළා වූ විෂ්ණු, නිරන්තරව සුන්දර වූ එකම වේෂයෙන් සිට නොයෙක් පරාක්රමම පෙන්වූ පරාක්රවම රජුට සමානයයි කවුරු පවසති?

විස්තර - (1) මීට ඉහත කවියෙන්ම පරාක්රකම රජු විෂ්ණු හා සමානයයි තමාම කියා මේ කවියෙන් එසේ කියන්නේ කවුරුදැයි ඇසීම සුදුසු නොවේ.

(2) සිංහල කවීන් නොයෙක් විට හින්දු සංකල්ප හා දෙවිවරුන් ගෞරවයෙන් සැලකූ නමුත් ඒ මුළු සිත්න්ම නොවන බව පෙනේ. විෂ්ණු වැනි නිතර ගෞරවයෙන් සැලකූ දෙවියෙකු මෙසේ උපහාසයට භාජනය කිරීමෙන්ම ඒ බව පෙනී යයි. වාමන වෙස් ගෙන බලි අසුරයා පැරදවීම වැනි තැන්වලදී විෂ්ණු ක්රිෙයා කර ඇත්තේ සෘජුව නොවේ. ‘සොරකම් කර’ යැයි කීයේ එහෙයිනි.

(3) වෙන වෙන වෙස් - විෂ්ණුගේ දස අවතාරයක් ඇත. ඒ සලකා මෙසේ පැවසිණි. (1) මත්ස්යස, (2) ඉබි, (3) ඌරු, (4) නාරායණ, (5) වාමන (6) පොරෝ රාම, (7) රාම, (8) බල රාම, (9) බුද්ධ, (10) කල්කි යනු දස අවතාරයයි.

දියබඳහු - ලෝකය විනාශ වන්නට ගිය බොහෝ අවස්ථාවලදී, හින්දු ආගමට අනුව, එය බේරා ගන්නා ලද්දේ විෂ්ණු විසිනි. ඒ නිසා ලෝකයාගේ ඥාතියා යන අර්ථයෙන් විෂ්ණුට දියබඳයයි කියනු ලැබේ.

සොඳුරු එක වෙස - විෂ්ණු සපන්කම් කෙළේ රෞද්ර වූ වෙන වෙන වේෂයන් රැගෙනය. පරාක්රයමබාහු ‍රජු සපන්කම් පෙන් වූ එකම වේෂය පවා සුන්දර වූවකි.

37 අන්වය - දෙසින් දෙසම දිසි, මෙනරනිඳු යසසට, තරිඳු අසින් අසක් වත් සරි වේ නම්, ලොව සැමට ඇසින් ඇස එක බඳු පෙනෙත, උළිඳු මසින් මස කුමකට අඩු වෙද?






91

අර්ථය - දේශයෙන් දේශයම දෘශ්යකමාන වූ මේ රජුගේ කීර්තියට චන්ද්ර යා අංශුවෙන් අංශුවක් සමාන වන්නේ නම් (රජුගේ කීර්තිය) ලෝකයේ සියලු දෙනාටම, ඇසින් ඇසට එක සේ පෙනෙන කල්හි චන්ද්රුයා මාසයෙන් මාසය කුමක් සඳහා අඩු වේද?

විස්තර - (1) පැරකුම් රජු‍ෙග් කීර්තිය හැම දා හැම දෙනාටම එක සේ පෙනෙන අතර චන්ද්රදයා මාසයේන මාසය අඩු වන නිසා ඒ දෙක සමාන නොවන බව, එසේ නැතහොත් රජුගේ කීර්තිය වඩා උසස් බව මේ කවියෙන් කියවෙන අදහසයි. එහෙත් එය මඳක් පැටලිලි සහිත බව පෙනේ.

(2) සඳ අඩමසක් වර්ධනය වී අඩමසක් අඩු වෙයි. ඒ නිසා අඩුවීම මෙන්ම වැඩිවීමද මසින් මස සිදු වන්නක් සේ සිතිය හැකිය.

(3) අසින් අසක් - කොටසින් කොටසක්. ඇසින් ඇස - ඇසක් පාසා යන තේරුම දෙයි

උළිඳු - උළු + ඉඳු, උළු නම් තාරකායි. තාරකාවලට ප්රහධාන නිසා සඳ උළිඳු නමි.

38 අන්වය - ළඳුන් සිනිඳු කොමළ’ත් වැලඳි සිහිලසේ ගුණ රැසේ බදන නඳුන් මෙහිමි සොඳ අතුරු නුදුන් බඳ උරගුන් තොසේ දරණ කළ සඳුන් තුරෙක සරියයි කෙසේ කියමෝද?

අර්ථය - කාන්තාවන්ගේ සිනිඳු කොමළ අතින් වැළඳ සීතල ගුණ රාශිය බදා ගත්, සිත් සතුටු කරවන මෙම ස්වාමීන්ගේ අන්තරායක් ඇති නොකළ සර්පයන් යහපත් ශරීරය සතුටින් වැලඳ ගත් සඳුන් ගසකැයි කෙසේ කියමුද?

විස්තර - මෙම කවියට අප අර්ථ කියා ඇත්තේ වෙනත් සංස්කරණවලට වඩා වෙනස් ආකාරයකටය. ඒ පහත සඳහන් කරුණුද සැලකිල්ලට ගැනීමෙනි.

සර්පයන් සිසිලස් ගුණය පතා සඳුන් ගස් වටේ එතෙතැයි කියනු ලැබේ. කාන්තාවෝද සිසිලස් ගුණය පතා රජුගේ බඳ වෙළා ගනිති. කාන්තාවන්ගේ අත්වල උණුසුම් ගුණ




92

පිරිමින් ප්රි ය කරන ලක්ෂණයක් නිසා එම අර්ථය ගැනීම වඩා මැනවි. සඳුන් වෙලා‍ ගෙන සිටියත් සර්පයෝ අනුන්ට අන්තරාය ගෙන දෙති. එහෙත් රජුගේ බඳ වෙලා ගත් කතුන්ගේ අත් එවැනි අනතුරක් ගෙන දෙන්නේ නැත. මේ නිසා ‘අතරක් නොදී වෙළා ගත්’ යන අර්ථයට වඩා ‘අන්තරායක් නුදුන් අත්’ හැටියට අර්ත කීම වඩා සුදුසුය.

(2) උරගුන් - සර්පයන්; උරයෙන් ගමන් කරන යන තේරුමෙනි.


කියමෝද - ‘කිය’ ධාතුවෙන් උපන් උත්තම පුරුෂ බහු වචන රූපයකි.කියමුද? යන අර්ථය දේ.

39 අන්වය - සුරතුරු අතු අත රැඳි කනා ලිය අයුරු රූ සිරිසර මනාලිය නිරතුරු සිටින පියකරු මෙරද, රුසිරෙන් මද දිනා ලිය. ඉන් සුරගුරු හටද වනා ලිය නොම හැකි.

අන්වය - දිව්යු වෘක්ෂයන්හි අතු කෙළවර රැඳි රත්රන් වැල් පරිදි රූපශ්රීොයෙන් යුක්ත කදිම ස්ත්රී න නිතරම සිටින ප්රි්යංකර මේ රජතෙමේ රූපශ්රීැයෙන් අනංගයා පැරදවීය. ඒ නිසා ඒ (රූපශ්රීිය) බෘහස්පතිට වුවද වර්ණනා කිරීමට නුපුළුවන.

විස්තර - (1) දිව්යී වෘක්ෂයන්හි අතු අග රන් ලිය වෙයි. පැරකුම් රජු අසල ලස්සණ ස්ත්රීයහු වෙති. මෙයින් ඇත්ත වසයෙන්ම රජුගේ රූපශ්රී්යෙහි විශේෂතාවක් කියවුණේ නැත. යන්තම් හෝ කියවෙන්නේ ‘මද දිනාලිය’ යන්නෙනි.

(2) කනා - කනක හෙවත් රත්රන්

සුරතුරු - දිව්ය් වෘක්ෂ පහක් ඇතැයි කියවේ. ඒවා නම් (1) මන්දාර (2) පාරිජාත (3) සන්තාන (4) කල්ප වෘක්ෂ (5) භරි චන්දන යනුයි. මෙයින් කල්ප වෘක්ෂය බෙහෙවින් සාහිත්යියෙහි සඳහන් ලබයි. එහෙයින් නොයෙක් විට සුරතුර යනුවෙන් එයම ගැනේ.





93 මද - අනංගයා - Cupid යනුවෙන් බටහිර හැඳින්වෙන ආදරයට හා රාගයට අධිපති දෙවියාය. මොහු අතිශයින්ම රූමත්ය. උක්දඬු දුන්නක් රැගෙන එහි මල් හී යොදා ඉන් විද ප්රේ.මවන්තයන් මන් මත් කරවයි. ඒ නිසා ඔහු ‘මද’, ‘මන්මද’ ආදි නම්වලින්ද හැඳින්වේ. අනංගයා අතිශයින් රූමත්ය.

(3) සුරගුරු - දෙවියන්ගේ ගුරුවරයා. වෘහස්පති. මොහු මහා උගතෙකි. මෙතරම් ප්රවසිද්ධ නොවුවත් අසුරයන්ටද මෙවැනි ගුරුවරයෙක් සිටී. ඒ අසුරගුරු නම් සිකුරුය. මේ අය බහුශ්රැසතයන් වෙතත් වර්ණනාවෙහි දක්ෂයන්හැටියට නොසැලකිය හැකිය. වර්ණනාවෙහි ශූරයෝ කවියෝය.

40 අර්ථය - මේ රජුගේ මේ අකාර වූ ගුණ නමැති මැණික් සමූහය හදවත නමැති නිධානයෙහි තැන්පත් කොට ආදර සිතින් සිහි නමැති මුද්රාකව නොකඩා (මතු සම්බන්ධයි)

විස්තර - (1) ගිරවා දැන් යන්නේ රජු වැඳ අවසර ගන්නටය. එදේ යන අවස්ථාවේදී මෙතෙක් කතුවරයා ඔහු සිතේ රජු කෙ‍රේ ආදරයක් ඇති කරලීමට කියූ වචන අමතක නොකරන ලෙස කී සැටියි.

(2) අද - හද > අද; ‘හ්’කාර ලෝපයෙන් නදන්හි - නිධානයෙහි

සි අස් - සිහිය නමැති මුද්රා්ව. පෙර රජුන් යමකට මුද්රාන තැබීමට ගන්නා ලද්දේ හංස සටහන සහිත මුද්රා-වකි. හස් > අස්

අදස - අදස යනු අදහස යන අර්ථය දීමට යෙදෙන බව සිංහල ශබ්ද කෝෂය කියයි.

41 අන්වය - මෙය දීර්ඝ කවියක් වුවත් සාමාන්යෙ ගද්යශ වාක්යයයක පද පෙළ බොහෝ දුරට අනුගමනය කර ඇත.






94

අර්ථය -අහස් ගඟෙහි රළ පෙළ මැදට පැමිණි පූර්ණ චන්ද්රගයා පරිද්දෙන් බඳින ලද සුදු වියන් යට, වටා මුතු වැල් යෙදූ සිත් ගන්නා නිර්මල දළ පුඬු සේයතින් අලංකාර කළ හැම විටම දිලිසෙන පිරිසිදු කෛලාස පර්වතය හා සමාන සිංහාසනයෙහි, ශරත් ආකාශයෙහි උදය සූර්යයා මෙන් වර්ණවත් ආභරණ රශ්මියෙන් සභාව ඒකාලෝක කොට, ස්ත්රීෙන් රන් මිණි වළලු හඬ නඟන මොළොක් අතින් සලන සුදු සිනිඳු සෙමෙර පවන් විඳිමින් විවිධ දිව්ය් සේනාව මැදට පැමිණි ආනන්දජනක ශක්රදයා පරිද්දෙන් ඉතා උතුම් ශ්රීධ පරාක්ර මබාහු රජතුමා උන් කල්හි (මතු සම්බන්ඛයි)

(1) විස්තර - මේ වනාහි මෙතෙක් අපට ගිරා සන්දේශයෙහි කියවන්නට ලැබුණු ඉතාම සුන්දර පද්යතය පමණක් නොව මුළු ගිරා සන්දේශයෙහිම එන උසස් පද්ය ස්වල්පයෙන්ද එකකි. ඉතාම උචිත වාං මාලාවකින් අපූරු කාව්යබමය සංකල්පනයක් මැවීමට මෙහිදී කවියා සමත් වී ඇත. සියලු සුදු වස්තූන් උචිත පරිදි එකිනෙ’ක ඉදිරිපත් කරමින් ඉතා පූර්ණ ධවල චිත්ර යක් මැවීමෙන් ඉක්බිතිව ඒ මැද තේජස්වි රජුගේ ප්රරතිබිම්බය වර්ණවත් ලෙස මවා ඇති සැටි මනස්කාන්තය. එකම දෝෂය හැටියට දැක්විය හැක්කේ එක තැනකදී රජු උදාගිර අරා සිටි දිවයුරු වැනියැයි පවසා නැවත සුර සෙනඟ මැද උන් සුරනිඳු වැනියැයි කීම පමණකි. එයද තැන්වල මෙන් එකිනෙකට එතරම් පටහැනි නො‍වේ.

(2) සුර ගඟ - ආකාශ ගංගාව

සෙල් වියන් - සේල විතාන, සුදු වියන්

දළ පුඬු සේසත - ඇත් දළින් කළ පුඬුව (මිට) සහිත සුදු ඡත්රරය

හරසෙල් - හර නම් ඊශ්වරයාය. ඔහුගේ පර්වතය කෛලාසයයි. එයද ඉතා සුදුය.

සරා උදය - ශරත් කාලයෙහි උදය. වප්, ඉල් දෙමස ශරත් කාලයයි. මේ කාලයේ ආකාශය ඉතා පැහැදිලිය.

සරා බරණ - වර්ණවත් ආභරණ





95 වල් විදුනා - සෙමෙර වලිගයෙන් තනා ගත් පවන් ගසන උපකරණය.

42 අන්වය හා අර්ථය - පැහැදිලිය විස්තර - සුරඹ - සුර + අඹ = දිව්යාංසගනාවන්

සලඹ - පයෙහි දමන ගිගිරි වළලු, ශිලම්බු යන දෙමළ පදයෙන් භින්න වූවකි.

ගොසින් - ඝෝෂයෙන්, ශබ්දයෙන්

රණහස රැව් නිසරු කොට - ‘සලඹ ගොසින් රන හස රැව් නිසරු කෙළේය’ යන්නෙන් අදහස් වනුයේ සලඹෙහි නාදය හංසයන්ගේ හඬට වඩා මිහිරි වූ බවයි.

43

මෙයද දුෂ්කර කවියක් නොවේ. ඒ නිසා තේරුම් ගැනීම පහසුය.

විස්තර - සුබඳ - යහපත් කොට බඳනා ලද

සිවු වේ - චතුර්වේදය, සෘග්, යජුර්, සාම හා අථර්වන් යන සතර

කසුන් හූ - රත්රන් නූල්, මෙතැන කහපාට ගෑ පූන නූල සඳහා යෙදිණ.

ජය තුති නද - පෙර රජ වාසල්වල රජුන්ට ස්තෝත්රා ගායනය සිරිතක්ව පැවැතින.

අනතුරුව - පසුව

44

අන්වය - නොයෙක රද නිය ඉගෙන අදිකරණ දැන නිතින පෙමින් ලක මුළු සත් වගරකින, එදින පැමිණ කටයුතු නිසැක දන්වා දෙපස සිටින හැම මහ මැතිවරන් දැක (මතු සබඳි)

අර්ථය - නොයෙක් රාජ නීති ඉගෙන, යුක්තිය අයුක්තිය විසඳන ක්රැමය දැන නිරතුරුව ආදරයෙන් ලංකාවේ සියලු සත්ව වර්ගයා ආරක්ෂා කරන්නා වූ, එදින පැමිණි කාර්යන් නිසැක ලෙස දන්වා දෙපැත්තෙහි සිටින සියලු මහා ‍මන්ත්රීාවරුන් දැක (මතු සම්බන්ධයි)




96

විස්තර - ‍රදනිය - රාජනීති

අදිකරණ - යුක්ති අයුක්ති විනිශ්චය

45

අන්වය - ඇමකලා සැඬ නෙලෙනි මුදලිඳු බෙයද වැද වැද උළැඟි වන සිඳු තරඟ සිරි උසුලා රද පද තඹුරු කිරුළු අග මිණි රැසින් ගලා වැඳ වැඳ නැ‍ෙඟන පිරිවර නරනිඳුන් බලා (මතු සම්බන්ධයි)

අර්ථය - (1) මෙයද මනහර කවි කල්පනාවකි. මුහුදු රළ එකක් වෙරළේ වැදී උඩට නැඟී ආ පසු යන කලියෙන් තව එකක් අවුත් එහි වදී. මෙසේ තොරතෝංචියක් නැතිව රළ වදින්නාක් මෙනි, පැරකුම් රජු වෙත ප්රාවදේශික රජවරුන් පැමිණ වැඳ වැඳ නැඟී සිටීම. රළ සුදු පාටය. එහෙත් කිරුළු මිණි විවිධ වර්ණය. ඒ නිසා මෙය නොගැළපෙතියි කෙනෙකුට සිතීමට පුළුවන. එහෙත් මහා මේරු පර්වතයෙහි එක එක පැති එක එක වර්ණයෙන් යුක්තය. ඒ වර්ණය මුහුදු රළටද වදින නිසා මෙය නොගැළපෙන්නේ නොවේ.

(3) මුදලිඳු - මෙයද ‍මහාමේරු පර්වතයට නමකි.

බෙයද - පර්වත ප්රාුන්තය

උලැඟිවන - උඩට නැ‍ෙඟන

ගලා - නිමග්න කොට

46 අන්වය - දුෂ්කර ලෙස පෙනුණත් එසේ නොවේ. පද්යනය ලියා ඇත්තේ බොහෝ දුරටම පද පිළිවෙළ අනුවමය.

අර්ථය - වෙනත් රටවලට අධිපති රජවරුන් විසින් එවන ලද අලංකාර වූත් විචිත්ර වූත් මහත් සේ අගනා මැණික්, මුතු, රත්රන්, වස්ත්රව, පබළු, පිරිසිදු කපුරු, කස්තුරි, යහපත් කසී සළු (ආදී) ප්රි,ය උපදවන තෑගි රජුහට දැක්වූ ඉක්බිති (මතු සම්බන්ධයි)




97 විස්තර - දෙස’තුරු - දේශාන්තරයෙහි, වෙනත් රටවල; අන්තර් යන පදය දෙනුයේ ‘ඇතුළ’ යන තේරුම පමණකි. මෙය ඊට වෙනස්ය.

පියෙදු - එවන ලද

පට - රෙදි

කසී සළු - කසී රට පෙර පටන්ම මහඟු වස්ත්රඊ සඳහා ප්රගසිද්ධය.

පැසුළු - පසුව යන අරුති.

47 අන්වය - දස අට රට පරසිදු කිවිඳු තෙපුලෙන් බැඳි මෙනිරිඳු විරිදු නම් තෙසිය සැට නොහැරම, ලෙළ විදු රත් අත් රැඳි වැඳි ගණ දෙපිට සිට, දලනිදු ගොස එව්, තුති ගොස කර නැවති විට. (මතු සබඳි)

අර්ථය - දහ අට දේශයෙහි ප්රරසිද්ධ කවීන්ද්රනයන්ගේ වචනයෙන් බැන්දා වූ මෙම රජුගේ විරුද නම් තුනිසය හැට අත නො හැරම, ලෙළ, දෙන්නා වූ විදුලිය වැනි අත් සහිත ස්තුති ඝෝෂා කර නැවති කල්හි

විස්තර - (1) මීට කලින් පද්යනයකද (43) ජය තුති ගායනයක් ගැන කියවිණ. ඒ පරෙවි බමුණන්ගේය. මේ වන්දි භට්ටයන්ගේ විරුද ගායනාය.

දසට රට - මෙය ක්ර්මදෙකකට දැක්වේ. එක් ක්රිමයකට අනුව ජම්බු, ජලක්ෂ, ශාල්මලි, කුශ, ක්රෞරඤ්ච, ශාක, පුෂ්කර, ඉන්ද්රන, කුශේරුමත්, තාමුවර්ණ, ගහස්තිමත්, නාග, සෞම්යම, ගන්ධර්ව, වාරුණ’ හලාවෘත්ත්, සර්ව, චන්ද්රමදිත්යතසම්ප්ර්භ යනු දසට රටයි.

අනික් ක්රසමයට අනුව, සිංහල, ශෝණක, ජාවක, චීන, තුලක්, කුඩව, කොංගන, කණ්ණඩ චෝළ, තෙළිගු, කලිඟු, වංග, කංග, මගධථ කඩක, ගෞඩ, කෝශල, ද්රණවිඩ, යන දහ අට ගැනේ. මින් දෙවැන්න ගැනීම වඩා සුදුසුයැයි සිතේ.


7





98

විරිදු නම් තෙසිය සැට - විරුදාවලි 360, කෙනෙකුගේ ගුණ වර්ණනාත්මක අතිරේක නාම. පැරකුම්බා රජුට මෙවැනි නම් තුන්සිය හැටක් තිබූ බම මින් කියවේ. ඉන් සමහරක් පැරකුම්බා සිරිතෙහි දක්නා ලැබේ.

වැඳි - වන්දි භට්ටයෝ. පැරණි රජවරුන්ට ස්තෝත්රම ගායනය සඳහා වැටුප් ගෙවා යොදවා සිටි පිරිසකි. මොවුහු ක්ෂත්රිරය පියෙකුගෙන් හා ශුද්රා මවකගෙන් පැවතෙන වෙනම කුලයකට අයත් සේ සැලකෙති.

දලනිඳු - සමුද්රකය

අර්ථය - කාන්තාවන් කියන්නාවූ ලයාන්විත ගී අත් ‍නොහැර රස විඳිමින් වියන වර්ණවත් කරන මැණික් රශ්මියෙන් යුතුව උන්නා වූ උතුම් වූත්, සිත් සතුටු කරන්නා වූත් පරාක්ර ම රජු හැඳින ගෙන. එකල්හි ඔබ යන්නා වූ ගමන දන්වා වහා අවසර ගන්න.

ලිය ගී - ලයාන්විත ගී; තාලයට අනුකූලව ගයන ගී.

වියන රඳන මිණි කිරණ - රජු‍ෙග් ඔටුන්නෙහි මැණික් කොතරම් දීප්තිමත්ද යතහොත් එහි කාන්ති වියනේ වදි.

නයන නඳන - ඇස පිනවන්නා වූ

ගන’වසර - ගන් + අවසර

49 අර්ථය - සිත්කලු මැණික් භූමි හා භික්ති කාන්තියෙහි ගිලී නොපෙනී, කාන්තාවන් කියන ගී ලොබින් නොසිට ඒ සභාවෙන් ටික දුරක් අවුත් (මතු සම්බන්ධයි)

විස්තර - මැණික් බිමෙන් මෙන්ම බිත්තිවලින්ද කාන්තිය විහිදෙයි. ඒ නිසා අවශ්යේ නම් ගිරවාට එහි නොපෙනී සිට ගීතවලට සවන් දිය හැකිය.

50 අන්වය - මිතුර, පෙර උවිඳා ගිරිඳා ගෙන කිරි සයුර කලඹන දා නැඟි නොමඳා ගොස අයුරු තුරු සමුදා ඇමදා නොහැර නදා දෙන දළදා ගෙට වැද දළදා වඳු.




99

අර්ථය - මිත්රැය, අතීතයෙහි විෂ්ණු මන්දාර පර්වතය ගෙන කිරි මුහුද කළඹන දිනයෙහි නැඟුණ අනන්ත වූ ඝෝෂාව පරිද්දෙන් වාද්ය භාණ්ඩ සමූහය දවසක් නෑර නාද දෙන්නා වූ දළදා මැඳුරට වැද දන්ත ධාතුව වඳින්න.

විස්තර - පුරාණොකිතීන්ට අනුව අතීතයේදී අසුරයන්ගෙන් දෙවිවරුන්ට හෙවත් සුරයන්ට බොහෝ හිරිහැර සිදුවිය. අමෘතය පානය කළහොත් තමන් අමරණීය වන බව දත් දෙවිවරු එය ලබා දෙන ලෙස ශක්රවයා අයැදියහ. මෙහිදී දෙවිවරුන් වෙනුවෙන් විෂ්ණු මන්දාර පර්වතය දණ්ඩක් හැටියටත් වාසුකී නාගරාජයා රැහැනක් හැටියටත් ගෙන කිරි සයුර කැලඹීය. මෙහිදී අමෘතය මෙන්ම ලක්ෂ්මිය ආදි වටිනා වස්තු දහහතර පහළ විය. දළදා මැඳුරේ තූර්ය ඝෝෂය මේ අවස්ථාවේ නැඟුණ ඝෝෂාවට උපමා කෙරිණ.

(2) උවිඳා - උපේනද්රතයා, විෂ්ණුට නමකි.

ගිරිඳා - පර්වත රාජයා, මහාමේරූවට නමි. නමුත් මෙහිදී මන්දාර පර්වතය අදහස් කෙරිණ.

තුරු සමුදා - තුරු සමුදාය. තූර්ය භාණ්ඩ සමූහය.

51 අන්වය - දළදා පුදට දිවසෙන් එන ගුවන් මග, දුටුවන් නුවන් දඟ කර ඇමදා දිලෙන, කිරණ විහිදා බබලන රන් කැරලි අග සුසදා බඳ අග මිණක් රඟ මඳක් ඉඳ.

අර්ථය - දන්ත ධාතු පූජාවට දිව්යම සේනාව එන්නා වූ ආකාශ මාර්ගයෙහි දක්නා අයගේ ඇස් බැඳ ගෙන සැමදාම දිලිසෙන්නා වූ කාන්ති විහිදා බබලන්නා වූ රන් කොත් මුදුනෙහි අලංකාර කොට බඳින ලද අග්රහ මාණික්ය්යක් සේ ටික වේලාවක් ඉඳ

විස්තර - (1) මෙයද මනහර කවිසංකල්පනාවක් ඉදිරිපත් කරයි. රන්කොත අග වර්ණවත් ගිරවා සිටීම පියකරු දර්ශනයකි.

(1) නුවන් දඟ කර - ඇස් හිර කර ගෙන - වෙනත් දෙයක් දෙස බලන්නට ඉඩ නොතබා.




100

සුසදා - අලංකාර කොට

(3) දළදාවට ඉහළින් දූතයාට හිඳින්නට කීස සාමාන්ය් බෞද්ධ සම්ප්රසදායට එතරම් එකඟ නොවේ.

52

අන්වය - ඔබ තෙල රතු තුඩු අගින් පියාසර මැද, සල සිත් නොවී සතොසින් පියාසර කොට සර පියා යන නිල් උපුල් කලබ විලසින් නිල් අඹර අරා සෙද පියාසර කෙරෙමින්......

අර්ථය - ඔබේ ඔය රතු හොට කෙළවරින් පියාපත් සමූහය මැද සිත චංචල කර නොගෙන සතුටින් ප්රි්ය වූ නාද කොට විල හැර යන නිලු’පුල් මිටියක් මෙන් නිල් අහසට නැඟී වහා පියාඹා.....

විස්තර - පියාසර යන පදය මෙහි සතර වරක් යෙදී ඇත. ‍ඒ අරැත් සතරකිනි. මින් පළමු පියාසර යන්නට නොයෙක් දෙනා නොයෙක් ආකාරයට අර්ථ කියා ඇත. සමහරු එය පියා + අසර කියා විසන්ධි කොට පියාපත් ආශ්රතය හෙවත් පියාපත් එකට ඇලී තිබීම ගනිති. සමහරු සාරවත් පියාපත්යැයි පවසති. අප මෙහි ගෙන ඇත්තේ සමූහය යන අර්ථයයි. අන් එකද අර්ථයක් වත් ගැනීමට වෙනත් පැරණි යෙදුම් යන තේරුමට ‍වැඩියෙන් ප්රඅභා සමූහය යන තේරුම ගැනීම මැනවැයි සි‍තේ. ‘සර කොට පියා’ යන්නට කුමාරතුංග ‘චලනය කොට’ යන තේරුම දෙන නමතු එය පියා සර කොට යනුවෙන්ම ගෙන ප්රි ය වූ ශබ්ද කොට කීම වඩා සුදුසුය. චංචඤල සිත මැඬ ගැනීමට සතුටින් නාද කිරීම සුදුසු බැවිනි. ගිරවාගේ නාදය ප්රිදය බැවින් එය පියා සරකි.

(2) නිල’පුල් කලබ - නිල් + උපුල් යනු නිලපුල් යැයි සන්ධි කිරීම ව්යා2කරණ විරෝධිය. නිලපුල් කලබ යනු නිල් මානෙල් මිටියකි.

සර - විල යන අර්ථයි.






101 අන්වය - ගිරව, ති-දිව පුර සුර කුමරුවන් මිළි සරිව, නුවරුවන් සුරුව, උතුරුව මැළි නොව තරව ඉඳ ලොලව රන් රුවන් කිළි තබමින් කෙළනා සොඳ ‍රුවන් කෙළි බලව.

අර්ථය - ගිරව, දිව්යන පුරයෙහි දිව්යර කුමාරයන් සමූහයක් මෙන් නගර වැසියන් දක්ෂව, උත්තරව (එකිනෙකාට යට නොවී) උනන්දුවෙන් ස්ථිරව සිට ආශාවෙන් රන් රුවන් ඔට්ටු තබමින් කරන රුවන් ක්රීකඩා බලව‍.

විස්තර - (1) මෙය මෙතෙක් කියවූ සෙසු කවිවලට වඩා මඳක් දුෂ්කර වූවකි. වඩා හුරු පුරුදු නොවන වචන කිහිපයක් මත් දක්නට ඇත.

ති - දිව - ත්රි් දිව, තුන් වැනි දිව්යශ ලෝකය යන තේරුම මෙන්ම පොදුවේ දිව්ය ‍ලෝකය හැඳින්වීමටද යෙදේ. ‘දිව’ යනු දිව්යව ලෝකයයි. දිවංගත ආදිය විමසන්න.

මිළි - මුළුව, සමූහය

සුරුව - ශූරව නැතහොත් හුරුකම් ඇතිව

උතුරුව - උත්තරව හෙවත් සෙසු අයට දෙවෙනි නොවී

කිළි - ඔට්ටුව යන තේරුම දෙන දෙමළ වචනයකි.

54

අන්වය - 3 වැනි පාදය පමණක් ‘මනහර සුර අඹ ලා ගෙන පැතිර යන එන’ යනුවෙන් සකස් කර ගන්න.

අර්ථය - නිරන්තරයෙන් නාද දෙන්නා වූ මැණික් නූපුර දමා ගෙන යටිතොල, පතුල්, අත්තලවලින් සන්ධ්යාර වලා රැගෙන මනස්කාන්ත දිව්යාං ගනාවන් පරිද්දෙන් විසිරී යන එන උතුම් පුර ස්ත්රීාන්ගේ සැටි වීදි මාර්ගයෙහි බලා ගෙන

විස්තර - (1) මෙයද තරමක් සංකීර්ණ පද්‍බලයකි. එහෙත් ඒ සංකීර්ණත්වයේ තරමට දෙන ගැඹුර අර්ථයක් නොමැත. (2) එහා මෙහා යන එන ස්ත්රී න්ගේ යටිතොල, අතුල් පතුල් රතුපාටය. ඒ නිසා ඔවුන් සන්ධ්යාථ වලාකුළු රැගෙන යන්නාක් වැන්න. මෙතැන ගිගිරි නාදය වර්ණනා කිරීමට අවශ්යායතාවක් ඇත්තේ නැත.



102

(3) සරණ - පා (4) ලාගෙන - ආකාරයෙන්

55

අන්වය - මෙතෙක් ලද අභ්යාරසයෙන් මේ කවෙහි අන්වය පිළිවෙළ කර ගැනීම ඉබට අපහසු නොවිය යුතුය.

අර්ථය - මිත්ර්ය, දීප්තිමත් චන්ද්රි කා ශාලාවල සෙල්ලම් කරන්නා වූ කාන්තාවන්ගේ යටිතොල් ඉතා රතුව බබලන කෝවක්කා ගෙඩියයි ආදර කොට ඇති තතු නොදැන ගොස් අසු නොවී (නොරැවටී) වහා අවුත් මේ විහාරය ඇතුළත...

විස්තර - බිඹුපල - කෝවක්කා. කාලිදාස විසින්ද මේඝ දූතයෙහි තන්වී ශ්‍යාමා ශිඛර දසනා පක්ව බිමිබාධ‍රොෂ්ඨී’ යනුවෙන් තොල් බිඹුපලවලට උපමා කර ඇත.

මේ වෙහෙර - සන්දේශකරු මෙකියන විහාරයෙහි සිටි බව මෙයින් හැඟවෙයි. වෙහෙර නමින් අද සමහරුන් දාගැබද ගන්නා නමුත් පෙර එය යොදන ලද්දේ භික්ෂූන් වාසය කරන ස්ථානය හැඟවීමටය. ‘විහාර’ නම් වාසයයි.

56

අන්වය - මුනි සඳ සසුන් නැව සැදි ගන කසුන් කුමි අයුරු සිවු දළ දප හරන විනය නය දම් නය නුවණ පහනින දැක දැන දහම් විදුරු පාරින පිළි-ඇදුරු අරින සොඳුරු දහම් ඇදුරු මාහිමි සඳ සහ නිබඳ යහපත් සිල් සුවඳ විලවුන් ගෙන මෙත් පිරි නැණ කුලුණු මිණි අබරණ පැලඳ කෙලෙසුන් සිඳ පසිඳ දිය සෙත් කර වසන පිළිවෙත් සරු මහර මහ සඟ ගණ නැමද,

අර්ථය - බුදුන් වහන්සේගේ ශාසන නමැති නැව සජ්ජිත කළාවූ ඝන රන්කුඹක් වැනි සතර පිරිසිදු ශීලය නමැති චතුරංගිනී සේනාව ගෙන පාප බල නමැති රෞද්රූ අනංගයාගේ දැඩි දර්පය දුරු කරන, විනය නීතිය හා ධර්ම නීතියද නුවණ නමැති පහනින් දැක දැන ගෙන ධර්ම නමැති වජ්රන පහරින්





103 විරුද්ධ ආචාර්යවරුන් දුරු කරන යහපත් ධර්මාචාර්ය මාහිමි උතුමා සහ නිතරම සිල් සුවඳ විලවුන් ගා ගෙන මෛත්රි්ය පිරි, ඥානය හා කරුණා නමැති මැණික් ආභරණ පැලඳ කෙලෙසුන් සුනු විසුන් කොට ලෝකයට සෙත් කර වසන ප්රආතිපත්ති ගරුක පූජාවට සුදුසු මහා සංඝ සමූහයා වැඳ,

විස්තර - ඉතා අගනා ලෙස ආරම්භ කළ පද්ය යකි. එහෙත් එය ගොතා ගෙන ‍යන්නා හාම කවියා උපමා රැසක පටලැවී පිටතට ආ ‍නොහැකි ලෙස හිර වී ගිය බව පෙනේ. මේ බලන්න:

දහම් ඇදුරු මා හිමි බුදු සසුන නමැති නැවේ කුඹ ගසය. ඊ ළඟට උන් වහන්සේ සතර පිරිසිදු ශීලය නමැති සිවුරඟ සෙනඟ ගෙන පාප බල නමැති අනංගයාගේ එඩි මඩින සේක. ඊට පසුව නුවණ නමැති පහනින් විනය නීති, ධර්ම නීති දකිති. ධර්මය නමැති වජ්ර පහරින් විරුද්ධ ආචාර්යවරුන් දුරු කරති.

සෙසු සංඝයා වෙත එන කල කලින් චතුරංගිනී සේනාවක් යයි කී ශීලයම සුවඳ විලවුන් බවට පත්වෙයි. නුවණ මිණි අබරණ වෙයි. මේවා එකිනෙකට පටහැනි චිත්තරූප මවා පායි.

(පිළි ඇදුරු යන්නෙහි කුමාරතුංග ශ්ලේෂාර්ථයක් දකී. ඇදුරු යන්න පර්වතයටද ව්යරවහාර වන නිසා එය නුසුදුසු නොවේ. ‘පිළි’ යනු උපසර්ගයක් වුවත් සිදත් සඟරාවේ කියන පරිදි මෙහි වෙනම පදයක් ලෙස යෙදී ඇත.)

(3) සිව්, සිවු යන දෙකින් කුමක් ලියුවත් නිවැරදිය.

 (4)	කසුන් - රත්රන්

කුම් - කුඹ ගස, කූපය.

සිවු පිරිසිදු සිල් (1) ඉන්ද්රියය සංවර (2) ප්රාඋතිමෝක්ෂ සංවර (3) ප්රගත්ය් සංනිඃශ්රි ත (4) ආජීව පාරිශුද්ධ යන ශීල සතර

සිවුරඟ සෙනඟ - ඇත්, අස්, රථ පාබල යන සතර විධ හමුදාව







104

මල්සැව් - අනංගයා; මලින් කළ චාපයක් හෙවත් දුන්නක් ඇති තැනැත්තා මල් සැවු. අනංගයාගේ දුන්න මල්වලින් තනා ඇතැයිද උක් දඬුවකින් තනා ඇතැයිද සඳහන් වේ. දුනු දිය බිඟු වැලකි. ඔහු මල් වර්ග පහක් පාවිච්චි කරන්නේ ඊතල හැටියටය.

වීදුරු - වජ්ර , දියමන්ති

මහරු - මහාර්ග, පූජාවට සුදුසු.

57

අන්වය - මිතුර තොප පවර යතුරට පොරණ රුසින් කී රිවි දින නිදොසින් දිනකර නැකත කිවි සුරගුර නොහැර සිටි කුමරි රැසින් තොසින් මෙත් සුතුර සිහිකර වඩින්

අර්ථය - සරලයි.

විස්තර - ගිරවා යෙදෙන්නේ උතුම් යාත්රා වක හෙවත් උතුම් ගමනකය. පෙර සිංහලයන් හැම වැදගත් ගමනක්ම ආරම්භ කෙළේ නැකතකිනි. ඉරු දින අවයෝග, මරයෝග ආදි දෝෂයන්ගෙන් තොර හත නැකතෙහි සිකුරු, බෘහස්පති දෙදෙනා කන්යා රාශියෙහි සිටි අමෘතයෝගය ගමන් සඳහා සුදුසුයැයි සැලකිණි.

විස්තර - පොරණ රුසින් - පුරාණ සෘෂිවරුන්. ‘සෘෂි’ යන පදය ‘ඉසි’ ‘රුසි’ යන දෙයාකාරයෙන්ම සිංහලයෙහි සිටී.

යතුර - යාත්රාීවට, ගමනට

දිනකර නැකත - හත නම් වූ නැකත

කුමරි රැසින්- කන්යාත රාශියෙන්

කිවි - සිකුරු

සුරගුරු - බෘහස්පති

මෙත් සුතුර - කරණීය මෙත්ත සූත්රනය

58

අන්වය - මී රැඳුණු විලඳ, රස ඇති මී අඹ පල කැමති දිගු උගු, සොඳට පැසුණු දෙළුමුදු තුරුණු කොමළඟ ළඟ ගෙන එන ත යන දකුණු දිග මග පැවති පෙර නිමිති මඟ. 105 අර්ථය - මී පැණි මිශ්ර විලඳ, රසවත් මී අඹ ගෙඩි, ආශා උපදවන දිග උක් දඬු, හොඳින් පැසුණු දෙළුම්ද, තරුණ කාන්තාව ළඟ ළඟ ගෙන එන්නා වූ ඔබ යන මාර්ගයෙහි තිබුණු පෙර නිමිති බලන්න.

විස්තර - (1) නැකත මෙන්ම පෙරමග නිමිතිද ගමන් යෑමේදී පුරාතනයෝ වැදගත් කොට සැලකූහ. මෙය මිථ්යාා විශ්වාසයක් ‍වන්නේ වී නමුත් එය මගියා කෙරේ චෛකසික බලපෑමක් ඇති කරයි.

(2) කොමළ’ඟ - මුදු මොළොක් ශරීරයක් ඇත්තිය, කාන්තාව

මග - මාර්ගය, මග්ග

මඟ - බලව

59

අන්වය දුෂ්කර නැත. පහත සඳහන් වචන තේරුම් ගැනීමෙන් අර්ථයද වටහා ගත හැකිය.

විස්තර - නරපා - මෙහි පා යන උතුම් අර්ථයෙහි යෙදිණ. හිමිපා (ස්වාමිපාද) යනාදියෙහි මෙනි.

හිම් බැඳ - භික්ෂූන්ගේපොහොය ගෙවල් තැනීමට කලින් කලින් සීමාවන් ඇති කර ගත යුතුය. ඒ තුළ සාදන මාලකය සීමා මාලක නමි. එය කරන්නේද භික්ෂූන් විසින්මය. ‘සඟන ගෙන’ යැයි කීවේ ඒ නිසාය.

පොහොය කරවන - භික්ෂූන් එක් රැස්ව විනය කර්මනවල යෙදීම පොහොය කිරීම හෙවත් ප්රායතිමෝක්ෂ දෙසීම නමින් හැඳින්වෙයි. මේ සඳහා කැප වූ වෙනම ශාලාවක් තිබිය යුතුය. දිවයිනේ නොයෙක් ප්රයදේශවල නොයෙක් මාදිලියේ පොහොය ගෙවල් ඇත.

60

අන්වය - ඇමදාම වටින නොයෙක් බඩු ඇරගෙන වටින මිලට නොවි‍කොට වෙළඳාම කොට සිටින ලියන් දැක බණ දාම සිහි කර කෝම් ගස සෙවණේ නොරඳාම වඩින්.



106

විස්තර (1) මෙය සාමාන්යරයෙන් රසවත් රචනයක් සේ හඳුන්වා දීමට පුළුවන. එය කියවන විට ගසක් යට හෙට්ටු කරමින් වෙළඳාමෙහි යෙදී සිටින ගැහැනුන් පිරිසකගේ චිත්තරූපය අප සිතෙහි මැවී යයි. මෙය අද වුවද දක්නට ලැබෙන සමාජ දර්ශනයකි.

(2) අසාධාරණ ලෙස වෙළඳාම කරන ගැහැනුන් දකින විට ගිරවාට බණ දහම සිහි කරන්නට කීයේ එවැන්නක ඇති අනිෂ්ට විපාක බුදුන් වහන්සේ පෙන්වා දී ඇති හෙයිනි.

මෙහි එක්තරා උපහාස රසයක්ද ගැප්ව ඇත.

61

අන්වය - සුනිල් වරලස කුසුම පටියෙන ගවසා, තනන තන රන තිසර පැටියන වෙහෙසා, ත-ගනු අටියෙන සහසා දිවෙන ලිය දැක මිතුර යටියන නොසිට නොලසා යා ගන්.

විස්තර - (1) යටියන නමැති ගමේ තරුණියෝ තමන්ගේ නිල් වරල මල් දම්වලින් සරසා ගෙන තමන්ගේ (සම්පූර්ණයෙන් නොවැඩුණු) ළපටි පියයුරු නටව නටවා ගිරවා අල්ලා ගනු අටියෙන් දුව එති. ඔවුන් දැක නතර වුවහොත් ඔවුන්ට අසු වනු නියති. එවිට මේ ගමන යා නොහැකිය. ඒ නිසා ඉක්මනින් යන්නට අණ කෙරිණ.

(2) කුසුම පටියෙන - පටිවලින් එකට ඇමුණු කුසුම්; මල්දම්

තනන තන රන තිසර පැටියන වෙහෙසා - ගැහැනු දුවන විට ඔවුන්ගේ ළපටි පියයුරු සෙලවි වෙහෙස වෙයි. පියයුරු ළපටි නිසාත් රන්වන් නිසාත් රන තිසර පැටියන්ට උපම‍ා කෙරිණ.

සහසා - වහා

ත - ගනු අටියෙන - පිටපත්වල එනුයේ ත-වෙත, තැවෙන, ත-යන යෙදුම්ය. තා-ගනු අටියෙන යනු වඩා සුදුසුය. මක් නිසාදයත් ගිරවා දකින තරුණියන්ට ඌ අල්ලා ගන්ට ආශා ඇති වන හෙයිනි.




107 62

අර්ථය - මිත්රිය, ඔබ එතැනින් ගොස් සූර්යයා අහස් ගැබින් බැස සමුද්රවය නමැති බබලන යහනෙහි වැටෙත්ම, පැපිලිය‍ානේ වෙහෙරට වැදී...

විස්තර - පැපිලියාන - මෙය වර්තමාන කොහුවල, පිලියන්දල මාර්ගයේ පිහිටා ඇත.

63

අන්වය - නුබ ගඟ වතුරු ලෙස පුන්සඳ කිරණ එත, තුරු රැස සමගව නන් කොඳ කුමුදු දිලෙත මුනිඳු පුදයට පසඟතුරු ගොස දුන් සඳ පවුර අස මිහි අඹ තුරු හිස මන් බැඳ ලගින්.

අර්ථය - ආකාශ ගංගාවෙහි ජල ප්රඳවාහය පරිද්දෙන් පූර්ණ චන්ද්ර් රශ්මිය එන කල්හි, තාරකා සමූහයා සමග නොයෙක් කොඳ, කුමුදු දිලිසෙන කල්හි බුද්ධ පූජාව පංචාංගික තූර්ය නාදය කළ විට, ප්රාකකාරය අසල මී අඹ ගස මුදුනෙහි සිත අලවා වසන්න.

විස්තර - (1) තවත් උත්කර්ෂවත් වර්ණනයකි. එහෙත් සුදු සඳරැස් මහා වතුරක් මෙන් ගලා එයි. මෙහෙන් නොයෙක් සමන් මල් වර්ගත් සුදු මානෙලුත් පිපෙයි. ඒ අතරින් බුද්ධ පූජාව සඳහා පවත්වන පංචතූර්ය නාදය ඇසේ. මෙමගින් කවියා මවන්නේ චමත්කාර ජනක දර්ශනයකි.

(2) බුද්ධ පූජාව පටන් ගන්නේ ඒ තරම් රෑ බෝ වී නොවේ. ඊටත් කලින් ලැගුම් ගන්නට කීමෙන් ගිරවාට වේලාසනම නින්දට යෑමට කී බව පෙනේ.

(3) වතුරු - අද වතුර කියා යෙදෙන්නේ මෙම ශබ්දයයි. අද මෙන් නොව එදා එය යෙදී ඇත්තේ ‘ජල ප්රනවාහය’ යන අර්ථයෙනි.

කොඳ - කුන්ද, සමන් මල්

කුමුදු - කෞමදී, සුදු මානෙල් යැයි සමහරු කියති. මේවා පිපෙන් නේ රෑටය.

පසඟතුරු - (1) ආතත (එක් පැත්තක් ඇති බෙර) (2) විතත (දෙපැති බෙර) (3) විතතාතත (හැම පැත්තෙන්ම වැසුණු බෙර) (4) ඝන (කයිතාලම් ආදිය) (5) ශුෂීර (නළා)



108

පවුර’ස - පවුරු + අස; පවුර ළඟ

64 අන්වය - උදා දිනිඳු සිය රැස් සහස මුහුද රත් මිණි කිරණින් වෙසෙස රඳා රතු කර උදා සිරස වැනුවා මෙන් එදා ඉඳුරු දෙස අරුණු දිසි සඳ නුඹ ගසින් බැස.

අර්ථය - උදය සූර්යයා තම රැස් සමූහය මුහුදෙහි රතු මිණි රැසින් විශේෂයෙන් වර්ණ ගන්වා රතු පාට කර උදයගිර මත වැනුවාක් මෙන් නැ‍ෙඟනහිර දිශාවෙහි අරුණා‍ලෝකය පෙනුණු විට නුඹ ගසින් බැස (ම. ස.)

විස්තර - (1) මෙයද ඉතා කාව්යේෙචිත වර්ණනයකි. රත් මිණි කිරණ, රතු කර, රැස් සහස ආදි සියලු යෙදුම් මනහර උදයක ඇති වර්ණවත්භාවය ධ්වනිත කරයි.

(2) රඳා - රංජිත කොට, පාට පොවා

රැස් සහස - සූර්යයාට රැස් සහස්රොයක් හෙවත් දහසක් ඇතැයි කියනු ලැබේ. මෙයින් ඇත්ත වසයෙන්ම අදහස් කරන‍ුයේ රැස් සමූහයයි.

ඉඳුරු දෙස - සතරවරම් දෙවිවරුන් අතුරෙන් ඉන්ද්ර. අධිපති වනුයේ නැ‍ෙඟනහිරටය. ඒ නිසා එදෙසට ඉඳුරු දෙසයැයි කියනු ලැබේ.

එදා - මෙහි එදා යැයි කියූ නමුත් ගිරවා බසින්නේ පසුවදාය. නුඹ ගසින් බැස - කුමාරතුංග සංස්කරණයෙහි එනුයේ ‘නොගොසින්ම බැස’ යනුවෙනි. ගසින් නොබැස ඊ ළඟ පදයේ කියවෙන පරිදි පෙති පිළිම වඳින්නේ කෙසේද?

65

අන්වය - මිතුර, රිවිකුල දිවයුරුට දිනිතිය අයුරු, ලෙවු වැසි මන් තුටු කර රැඳි සුපිරිසුදු මවු බිසොවුන් උදෙසා අප නිරිඳු සඳු කරවූ තුනු රුවන සතු සොඳුරු වන වෙහෙරෙහි මුනි මැඳුරතට සිතු සතොසින් සපැමිණ තට සග මොක් සිදු වන ලෙස, සුගත් පසිඳු ගුණ තුඬ අග වැකි මතින් මහත් සසර සයුනේ නිසගය නැඟුණු කුසිත් තබා මුනිඳු ගුණ අගය කියමින් මහගය පෙති පිළිම වැඳ පින් අත් බඳුව.





109

අර්ථය - මිත්රුය, සූර්ය වංශයෙහි සූර්යයාට මව වූ අදිතිය මෙන් ලෝකවාසීන්ගේ සිත සතුටු කර සිටි මවු බි‍සොව වෙනුවෙනු අප රජතුමා විසින් කරවන ලද, රතනත්රයය සතු වූ සුන්දර වූ වෙහෙරෙහි බුදුගෙයට සිත් සතුටින් පැමිණ ඔබට ස්වර්ග මෝක්ෂ සම්පත් ලැබෙන ලෙස, බුදු ගුණ මුව අග වැකුණු ප්රැමාණයෙන් මහත් සංසාරයෙන් නිසර්ගයෙන් ලැබුණා වූ වැරදි සිතුවිලි පසකට දමා බුදු ගුණ අගය කියමින් මහත් අගය ඇති අඳින ලද හා අඹන ලද (බුද්ධ) ප්රගතිමා වැඳ පින් අයිති කර ගන්න.

විස්තර - (1) මෙහි ‘මහත් සසර සයුරින් නැඟුණු නිසගය කුසිත් තබා කියමින් මුනිඳු ගුණගය’ යන කවි පද දෙකට අප අර්ථ කියා ඇත්තේ වෙනත් සංස්කරණවලට වෙනස් ආකාරයකටය. මක් නිසාද යත් සසරේදී නිසර්ගයෙන්ම නරක සිතුවිලි කෙනෙකුට පහළ වීමට ඉඩ ඇති බැවිනි.

(2) දිනිතිය දිවයුරුට අදිතිය - අදිති සූර්යයාගේ මවය. එහෙයින් අදිති සූර්ය වංශයට ඉතා වැදගත්ය. එමෙන්ම සූර්ය වංශයෙහි උපන් පැරකුම්බා රජුට මව් බිසව වැදගත්ය.

රිවි කුල - මනුෂ්යවයන්ගේ මුල් රජු මනුය. මනු සූර්යයාගේ පුත්රුයෙකි. එහෙයින් ඔහුගේ වංශය රිවි කුලයයි.

දිනිතිය - ජනයිත්රී , මව,

පින’ත් බඳුව - පින් + අත් බඳුව, පින් ලබාගනුව

පෙතිපිළිම - අඳින ලද හා අඹන ලද බුදු පිළිම. පෙතිපිළිම යන්නේ සාමාන්යව තේරුම රෙදිවල ඇඳි රූපය.

මහග - මහාර්ඝ, බොහෝ අගනා

65

විස්තර - (1) මෙම පද්ය ය ඉතා පහසුය. එය රසවත් පද්යයයක්ද වේ. බිතු සිතුවම් හැටියට ඇඳි අඹ ගස්වල ගිරා රූපද වෙයි. ඒවා කොතරම් ස්වාභාවිකද යතහොත් මේ ගිරවා ඒවා නියම ගිරවුන් යැයි සිතා ගොස් රැවටීමට බැරි නැත. ඉන් වළකින ලෙස මින් දූතයාට අවවාද කෙරිණ.

	(2) පෙලෙනු’දුල - පෙලෙන් + උදුල; ගෙඩිවලින් බබලන



110

67 අන්වය - වසවතු දප් බිඳ බුදු වූ ගුණ නදන අප දියබප් මුනි දා ගැබ නදන කර මුළු කප් කල පවතින ලෙස කළ නඳන දහගප් දින නඳන වඳිනා සඳ වඳු.

අර්ථය - වශවර්ති (මාරයා) ගේ එඩි බිඳ බුද්දත්වය ලැබූ ගුණ නිධාන වූ අපගේ ලෝකපිතෘ වූ බුදුන්ගේ ධාතු අභ්ය න්තරයෙහි නිධාන කොට මුළු කල්ප කාලයක් පවත්නා ලෙස ‍කළ සිත් පිනවන්නා වූ දාගැබ භික්ෂූන් වඳින කල්හි වඳුව.

විස්තර - (1) බොහෝ සංස්කරණවල දින නඳන යනු එනුයේ ‘දිය නඳන’ හැටියටය. එහෙත් කුමාරතුංග සංස්කරණයෙහි එන දින නඳන යනු වඩා හොඳ අර්ථයක් දෙයි.

(2) වසවතු - බෝසතුන් බුදු වන අවස්ථාවෙහි දස බිම්බරක් මාර සේනාව රැගෙන පැමිණියේ මෙම වශවර්ති මාරයාය. මෙය ඒ අවස්ථාවෙහි බෝසතුන් සිතට නැඟී ආ නොයෙක් ක්ලේශයන්ට පුද්ගලාරෝපණය කර දැක්වීමකි.

ගුණ නදන - ගුණයන්ට නිධාන වූ

දියබප් - ලෝකයාට පියා වූ; ‘බාපු’ යන වංග වචන සමග සසඳන්න.

දින නඳන - ජින නන්දන: නන්දන යනු සිත් සතුටු කරන යන අර්ථයත් පුත්රග යන අර්ථයත් දෙන්නකි. මෙතැන පුත්රෝ අර්ථය දේ. ජින නඳන යනු භික්ෂූහුය.

68

අන්වය - දුෂ්කර නැත.

අර්ථය - මිතුර, ස්වභාවයෙන්ම නිවන ගෙන දෙන්නා වූ බුදුන් උපදින දිනයෙහි එකට ඉපදී (බුදුන්ට) බෙහෙවින් පිහිටව සිට ලෝකාග්රන පූජාවද ලැබුවා වූ බෝධි වෘක්ෂයට ස-දෙව් ලෝ සැප සිදු වන ලෙසට නමස්කාර කරන්න.

විස්තර - නිසග - නිසර්ගයෙන්, ස්වභාවයෙන්

අපවග - අපවර්ගය; නිවනට නමකි; කෙළවර, මිදීම යන තේරුම් එම පදයෙහි ඇත.



111 සමග ඉපිද - දඹදිව ශ්රීන මහා බෝධිය සිදුහත් උපන් දිනයෙහිම පහළ වූ බව කියනු ලැබේ.

ලොව’ග පුද - ලෝකාග්රට පූජාව, බුදුන්ගෙන් පූජාවක් ලැබෙතොත් ඊට වැඩි පූජාවක් තවත් නැත. බුදුන් සතියක් මුළුල්ලේ බෝධිය දෙස ඇසි පිය නොහෙලා බලා සිටීම ඒ ‍ලෝකාග්රන පූජාවයි. එය ලැබූ වෙන කෙනෙක් හෝ වස්තුවක් තවත් නැත.

දූම රදු - බෝධිය සියලු ගස් අතර අග්රවය. එහෙයින් එය ‘ධූමරාජ’ නම් වෙයි.

69

අන්වය - මනහර එවෙහෙර’තුර රඳන මහරු සඟගණ මෙතින් සොඳුරු පිරිසිදු හිය මගෙහි යොදා නිතින් තිලෝගුරුහට පිළිවෙතින් පුදා හර දළ නෙත් අග වන් හිවි තව තෙදින් බබලන සුතුරු, විනය, අබිදම් පෙළ අමා අකර තමා නැණ තරිඳු කිරණින් උදම් කළ නොමඳ පුබුදු වියත් ගඟ රළ වැළ සේ නිබඳ දිමුත් සිවු පිරිසිදු සිල් පුරුදු මහත් මුනි බණ පැහැද දෙසුමෙහි පසිඳු සුනෙත් මහ දෙවි පිරුවන් තෙරිඳු නැමද.

අර්ථය - සිත් ගන්නා එම විහාරය තුළ සිටින මහාර්ග වූ භික්ෂු සමූහයා මෛත්රිනයෙන්, යහපත් පිරිසිදු හිත මාර්ගයෙහි යොදා නිතර බුදුන් වහන්සේට ප්රහතිපත්තියෙන් පූජා කොට, ඊශ්වරයාගේ නළලේ ඇස මෙන් උස් තාපස තේජසින් බබලන, සූත්රක, විනය, අභිධර්ම පාඨ නමැති ක්ෂීර සාගරය තමාගේ ඥානය නමැති සඳ රැසින් උද්දාම කළ මහත් වූ ප්රේබුද්ධ ආකාශ ගංගාවේ රළ පන්තිය මෙන් නිතර දීප්තිමත් සතර පරිශුද්ධ ශීලය පුරුදු කළ මහත් වූ බුදුබණ ප්රළසාදයෙන් දේශනා කිරීමෙන් ප්රරසිද්ධ සුනේත්රාක දේවී විහාර‍ාධිපති ස්ථවිර තුමා වැඳ.

විස්තර - (1) කොතරම් අලංකාර ලෙස කිරීමට තිබූ වර්ණනයක්ද? අනවශ්යි විශේෂණ පද රාශියක් යොදා ගෙන ඇති සැටි බලන්න. මනහර, මහරු, සොඳුරු, පිරිසිදු, හිවි, නොමඳ, පුබුදු, දිමුත්, පිරිසිදු, මහත්, පසිඳු ආදියෙන් කීයක් නම් පහසුවෙන් අත් හැරීමට ඉඩ තිබුණේද?






112

(2) හිය මග - හිත මාර්ගය, නිවන් මග

තිලෝ ගුරු - තුන්ලොවට ගුරු යන අරුතින් බුදුන්ට තිලෝගුරු යයි කියති.

හර දළ නෙක් අග - ඊශ්වරයාගේ නළලෙහි පිහිටි ඇසේ ගින්න. ඊශ්වරයාට කෝපයෙන් ඇති වූ විට ඔහුගේ නළල් ඇසෙන් ගිනි පිට වෙයි. අනංගයා මළේද එම ගින්නෙන් පිළිස්සීමෙනි.

හිවි - උස්

තව තෙදින් - තාපස තේජසින්

අමාකර - අමා + අකර, අමෘතයට ආකර වූයේ කිරි මුහුදයි.

සුතුරු, විනය’බිදම් - විනය, සූත්රම, අභිධර්ම

වියත් ගඟ - ආකාශ ගංගාව; වියත යනු අහසට නමි.

සුනෙත් මහ දෙවි පිරුවන - 6 වැනි පරාක්රුමබාහු රජු තම මෑණියන් වෙනුවෙන් පැපිලියානේ තනා පූජා කළ විහාරය. මෙය අද දක්වාත් මෙනමින් පවතී.

70 අන්වය - අපහසු නැත.

අර්ථය - බුද්ධ පූජාවට පැමිණි කාන්තාවන් බැලුවහොත්, ඔවුන්ගේ ඇස්වල කාන්තිය වැදි ඔබේ තුඬ කිළුටු වෙයි. එවැනි කිළුටක් ඇති වන තෙක් ඔවුන් ළඟ නොසිට අහසට නැඟී සිත් සේ යා ගන්න.

විස්තර - (1) කාන්තාවන්ගේ ඇස්වල කාන්තිය නීල වර්ණය. එය ගිරවාගේ රතු තුඬට වැදුණු කල්හි තුඬ මලානික පැහැයක් ගනියි.

(2) සවන් - සර්වඥ යන පදයෙන් භින්න විය.

මලින - කිළුටු

පවන් මග - පවනෙහි මාර්ගය, ආකාශය

මන ර‍ෙඟ් - සිත් පරිදි



113 71

පහත සඳහන් විස්තර කියවූ කල්හි අන්වය මෙන්ම අර්ථයද පැහැදිලි වෙයි.

විස්තර - (1) පැපිලියාන ළඟට ගිරවාට හමු වන ස්ථානය අත්තිඩියයි. අත්තිඩියේ පිරිමින් රජුගේ යුද හමුදාවේ සේවය කළ බව මින් පැවසෙයි. ඔවුන්ට හොඳින් පඩි ලැබේ. ඉන් ගෘහිණියන්ගේ සිත් සතුටු වෙයි. ඔවුන් මාත්රාන වැඩියෙන් ගී ගායනා කරන්නේ ඒ නිසාය. සාමාන්යුයෙන් මාත්රාඔ වැඩි කොට ගී ගයන්නේ මන මතින් නොව සු‍රා මතිනි. එහෙත් සු‍රා ගැන මෙහි කියවෙන්නේ නැත.

(2) ලද ලිය - තරුණ ස්ත්රීගන්

72

මෙයද පහසුය.

විස්තර - ගව මී රළ - එළ හරක් මී හරක් රංචු. ගිගිළියෙන් - ගිගිරීමෙන්, පෙරට යන හරකුන් නඟන නාදයෙන්.

මොරටු එළිය - මෙ පෙදෙස දැනට මොරටුව නමින් ප්ර සිද්ධය.

73

අන්වය - බොහෝ දුරටම පද්යපයට අනුගතය.

විස්තර - (1) පද්යය බන්ධනයෙහිලා ගිරාකරු කොතරම් ශූර දැයි මෙවැනි කවිවලින් පෙනී යයි. මෙම පද්ය1ය රචනා කර ඇත්තේ සාමාන්යෙ ගද්යක පාඨයක් ලියා ගෙන යන තරම් පහසුවෙනි. වෘත්තිය හා එළිසමය රැකීම සඳහා පද මාරු කර ඇත්තේ ස්වල්ප වසයෙනි.

(2) නොකමසේ - අතරක්, ඉඩක් නොතබා

74

අර්ථය - නිල් ආකාශයෙහි හැසිරෙන්නා වූ වලාකුළු ආකාරයට මුහුදු තීරයෙහි යන එන නැව් ඔබට පෙනෙයි. ශරීරයට ඇති වන දුක් පීඩා නොසිතා තදින් පියාපත් සලා පානදු‍රේ ගඟින් එතෙරව එපිට යන්න. 8 114

විස්තර - (1) මෙයද අපූරු නිර්මාණයකි. ගොඩ සිට මූදුකරයට එන පක්ෂියා කලින් පද්යතයේ කී පරිදි දුටුවේ සරුවට වැවී ඇති පොල් වතු සමූහයයි. ඉන් ඔබ බලන ඔහුට දැන් මූදේ යන එන නැව් පෙනෙයි. ඒවා කොයි තරම් සංඛ්යාදවෙන් මෙන්ම ප්රටමාණයෙන්ද විශාලද යතහොත් අහ‍ෙස් පාවෙන වලාකුළු වැන්න.

(2) නීල’ඹරේ - නීල + අඹරේ - නිල් අහසේ; නීල යන සංස්කෘත පදයත් අඹර සිංහල පදයත් මෙහි සන්ධි වී ඇත. මෙවැනි තැන් භාෂාවේ තවත් බොහෝ ඇත.

පෑර තරේ - තරයේ පැහැර; පැහැර යන්නෙහි ‘හ’ ලෝප වී ‘ඇ’ දීර්ඝ වීමෙන් පෑර කියා සෑදෙයි.

75

අන්වය - මිතුර, කන උපුල් ලා, කෙස් වැටිය මල් ගවසා, පොකුරු අකුරු බිඳලා මුතු හර සැටිය කර ගවන් බැඳලා ගවපලු ලියන් වෙත සිටිය පොතුපිටිය තො බලා යන්.

අර්ථය - මිත්රපය, කනෙහි මහනෙල් පැළඳ, කෙස් වැටියෙහි මල් ගවසා, නෙළුම් අංකුර කඩා මුතු හරක් ලෙස සාදා, ගවයන් බැඳ උන් වෙත සිටිය ගවපලු ලියන් බලා ගෙන ඔබ යන්න.

විස්තර - උපුල් - මානෙල්

පොකුර’කුරු - නෙළුම් අංකුර

බිඳලා - කඩා

ගවන් - ප්ර්කෘතිය ‘ගව’ බැවින් මෙය ගවයන් විය යුතුය. එහෙත් මෙය ව්යා කරණ විරෝධි නොවේ. ‍ලියන්, දනන් ආදි යෙදුම්ද විමසන්න.

තො බලා යා-ගන් - සමහර පිටපත්වල නොබලා යැයි සඳහන් වෙයි. එහෙත් ගමන් ප්රරමාදයට හේතු නොවන මෙබඳු දර්ශන බලා ගෙන යන්නටම කියවෙන බැවින් ‘තො-බලා’ යන යෙදුම මැනවි.





115

76 අන්වය - දුල් පුටු නළල් තලාය තලාය දී පුල් රතු උපුල් මලාය සවන ලාය ගල් කුළු මුදුන්වලාය සිටි කලාය ඇල් ගෙවිලියන් බලාය තෝ පලාය.

අර්ථය - බබලන පටු නළල් තලයෙහි තිලකය ඇඳ පිපුණු රතු මානෙල් කනෙහි ලා ගල්කුළු මුදුන්වල සිටි සිත් ඇද ගන්නා ඇල්ගෙවිලියන් බලා ඔබ යන්න.

විස්තර - (1) තල=තලාය; මල්=මලාය ආදි වසයෙන් මෙහි පද විකෘත කර ඇත. ඇතැම් කවිවල අර්ථය වැදගත් වන අතර තවත් ඒවායේ ශබ්දය වැදගත් වෙයි. මේ එබඳු කවියකි. පද විකෘත කිරීමේ හිලව්වට මෙහි ශබ්ද මාධුර්ය වර්ධනය වී ඇත. මේ වනාහි ගී යුගයෙන් පසුව සිංහල කවියේ ඇති වූ වර්ධනයකි.

(2) තලා - තිලකය

කලා - කල්ය-, මනස්කාන්ත; කල් යනු කාන්තාව හා කාලය සඳහාද යෙදේ.

මුදුන්වලාය - මුදුන්වල, සිංහලයෙහි බහු වචනාර්ථය දීම සඳහා 10 වැනි සියවසෙහි සිට ‘වල්’ ප්ර්ත්යුයද යෙදෙන බව පෙනේ. එය දෙමළ ‘කල්’ ප්රුත්යටයෙන් ලැබුණකැයි කියති.

ඇල්ගෙවිලියන් - ඇල් (වී) කුඹුරු රැක බලා ගන්නා කාන්තාවන්ය.

77

අන්වය - මග දෙපිට වෙනේ මියුරු පල රස විඳ සෙනේ වඩා සිය නෑ සිය වෙතට වැද ගිමන් දුක් දුරු කරමින් ගිය තොපට මෙගොඩ කළුතොට සොඳුරු පලතුරු පෙනේ.

අර්ථය - දුෂ්කර නැත.

විස්තර - සිය නෑ සිය - තමන්ගේ ඥාති සමූහයා, මෙහි මුල සිය යන්න තම යන තේරුමද අග සිය යන්න සමූහය යන තේරුමද දෙයි.

සොඳුරු පලතුරු - ගිරවාගේ ප්රුධාන ආහාරය පලතුරු බැවින් එයට මෙසේ අවධානය යොමු කෙරිණි.




116

විමර්ශනය - ගිරවා දැන් සිටින්නේ පාර දෙපස වනයේ පලතුරු අනුභව කොට ශරීරයෙහි දුක නැති කර නෑසියන් වෙත ගොස් මනසෙහි දුකද දුරු කරගෙනය. මේ අවස්ථාවේදී නැවතත් පලතුරු පෙනෙන බව කීම අනවශ්යකය.

78

පේළි දෙකක්ම ඇත්තේ නාම ලේඛනයක් හැටියටය. එහෙයින් අන්වය පහසුය. අර්ථය පහත සඳහන් විස්තර අනුව අවබෝධ කර ගත හැකිය.


විස්තර - කලත් - කෝල්ලු

මාරුතු - මෙනේරි

                 තණ - තණ හාල්

විවග - විවිධ වර්ග

දෝතලු - පුවක් වර්ගයකි.

රඹ - කෙසෙල්

උගු - උක්

මනරඟ - සිත් සතුටු කරන යන තේරුම මෙන්ම සිතේ අයුරු යන තේරුමද මෙහි ඇත. මෙහි එය පළමුවැනි අර්ථයෙන්ද 70 පද්යෙයේ දෙවෙනි අර්ථයෙන්ද යෙදී ඇත.

79

අන්වය - අවසන් වචන තුන හැරුණු විට පද්යනයේ එන පරිදිමය.

අර්ථය - ලංකාව නමැති කාන්තාව සමනල කන්ද නමැති හිසින් ගොතා හැරියා වූ මනහර මල්ලිකා මල්දමින් යුත් කෙස් වැටිය මෙන් (දිය) හැලි සිය ගණනකින් ඉතාමත් දිලිසෙන කළු ගඟ ළඟට ගොස් ශරීරයෙහි ගිමන හරින්න.

විස්තර - (1) ලංකාව කාන්තාවකි. ඇගේ හිස සමන්කුළය. කළු ගඟ ගොතන ලද ඇ‍ගේ කොණ්ඩයයි. ග‍ෙඟහි ඇලි හේතු කොට ගෙන සුදු පෙණ නැඟි. ඒවා කෙස් වැටියෙහි ඇමුණූ දැසමන් මල් වැනිය.

(2) මලිගිය මල් - මාලතී මල්


117 80 අර්ථය - සිසිල් වූ දිය බින්දු වැදී ග්රීසෂ්මය අවසන් කරන්නා වූ එහා මෙහා පියාසර කරන මී මැස්සන්ගේ නාදය සමග මල් සුවඳ ඇද ගෙන හමන්නා වූ මෘදු මන්ද මාරුත ස්පර්ශය විඳිමින් ඔබේ සිත සතුටු කරන්නා වූ ගසි මුදුනක සිට

විස්තර - නිමන - සියුම් ප්රුභේදයක් පමණක් ඇතිව අවසන් කරන, නැති කරන යන තේරුම් දෙකම මෙහි ඇත. ඉන් ව්යුක්ත ව්යයවහාරයේ පවතින්නේත් මෙතැන ගත යුත්තේත් පළමු වැනි තේරුමයි.

තරඟ රොන් - කුඩා දිය බින්දු අදහස් කෙරිණ.


81

අර්ථය - අහස් ග‍ෙඟහි ජල ක්රීරඩා කරන දිව්යේපුරයෙහි ස්ත්රී න්ගේ සිහින් වූ ශරීරයෙහි ශෝභාව යහපත් වූ රූපශ්රී යෙන් පරාජය කොට තමන්ගේ ආකාරය දුටු ලෝකයාගේ සිතද ව්යාපකුල කොට ග‍ෙඟහි ජල ක්රී්ඩා කරන්නා වූ ශෝභා සම්පන්න ස්ත්රී්න් බලන්න.

විස්තර - සුරගඟ - අහස් ගඟ; විෂ්ණුගේ මහපටැඟිල්ලෙන් පටන් ගන්නා මෙය ඊශ්වරයාගේ ජටාව වටා තුන් වරක් කැරකි පොළොවට බසී. එසේ බස්නා කොටස අහස් ගඟ නමි. දිව්ය ස්ත්රීඑන් මෙහි ජල ක්රී්ඩා කරතියි කියනු ලැ‍බේ.

තුනුවඟ - තුනු + අඟ, සිහින් වූ ශරීරය. සිහින් ශරීර ඇති නිසා කාන්තාව මෙනමින් හැඳින්වේ.

82

අන්වය - මුදු වරලීය මල් අවල මනරඟ කොමළඟ ගඟ ඉවුරෙහි නොහැලියා සිට සෙද ‍පැන හෙන රඟ වියොවග උදුලියා දද ලෙළ සිරි කියෙලියා.

අර්ථය - මෘදු වූ කෙස් වැටියෙහි මල් ගවසා ගත් සිත් ගන්නා කාන්තාවන් ගං ඉවුරෙහි නො ඇලී ඉඳ වහා පනින ආකාරය අනංගයාගේ බබලන ධජය ලෙළ දෙන ආකාරය ප්ර කාශ කෙළේය.




118

විස්තර - (1) ග‍ෙඟහි දිය නාන කාන්තාවෝ වරින් වර ගොඩට අවුත් මොහොතක් වත් ඉවුරේ රැඳී නොසිට ආපසු දියට පනිති. ඔවුන්ගේ සිරුර රන්වන්ය. එය දුටුවන්ගේ සිත මත් කරවනසුලුය. මේ අංග දෙකම සැලකීමෙන් ඔවුන්ගේ මේ පැතීම අනංග ධජය ලෙළ දීමකට උපමා කරන ලදි.

(3) මල’වල - මල් + අවල; මලින් ගැවසි

වි‍යොවග - අනංගයා; වෙන් වීමෙහිදී ගින්නකට සමාන වේදනාවක් ඇති කරවන නිසා මෙසේ හැඳින්වේ.


83 අන්වය - කෙළනා ලිය පියයුරු බිත ගැසෙමිනි විදුනා රළ රොන් වැද වැද වෙසෙසිනි සොබනා නඳ විලිසිනි. සොමි වුවනත අම කිරණින් රඳනා පිරි සඳ වැනි.

අර්ථය - ක්රිාඩා කරන්නා වූ ස්ත්රීාන්ගේ පි‍යොවුරු ප්ර්දේශයෙහි වදිමින් විහිදෙන සිහින් දිය බින්දු වැදීමෙන් විශේෂයෙන් අලංකාර වූ සිත් සතුටු කරවන කාන්තාවන්ගේ සෞම්යන මුහුණ අමෘත රශ්මීන් බබලන පූර්ණ චන්ද්ර්යා වැනිය.

විස්තර - (1) අතිශයෝක්තිය සාමාන්යදයෙන් කාව්යුයෙහි ලා පිළිගත් සම්ප්රෙදායකි. එසේ වුවත් මෙය නම් ඒ සම්ප්රමදායද ඉක්මවා යන්නකි. පියයුරු බිත්තිවල රළ වැදී ඉන් නඟින දිය බින්දු මුහුණට විහිදෙතියි කීම එතරම් මනහර චිත්ත රූපයක් ඇති නොකරයි.

(2) පියවුරු බිත - මෙයින් පියවුරුවල විශාලත්වයද ඇඟවිණි.

රළ රොන් - භිත්තියෙහි හැපී කුඩා බින්දු බවට පත් වන රළ.

සොමි - සෞම්යර

84

අන්වය - බල පෑ වාසි වෙන වෙන කියමින් දිය තුල බෝ කල නොපෙනී ඉඳිමින් දුල විදුලියේ සේ තැන පෙනෙමින් දිය කෝකිල ගසමින් කෙළ කෙළ යෙති.




119 අර්ථය - (ගැහැනු) ශක්තිය ප්ර කාශ කළ කයිවාරු වෙන වෙනම කියමින් දිය යට බොහෝ වේලා නොපෙනී සිටිමින් බබලන විදුලිය මෙන් තැන තැන පෙනෙමින් දිය කෝකිල ගස ගසා ක්රී ඩා ක‍රමින් යති.

විස්තර - (1) ජලය නිල් පාටය. එහෙයින් ආකාශය වැනිය. ස්ත්රීහහු රන්වන් වෙති. එහෙයින් විදුලිය වැන්නාහ. බොහෝ වේලා ජලය යට සිට ක්ෂණිකව මතු වී නැවත යට යන ස්ත්රීැන් පෙනෙන්නේ අහසෙහි විදුලි කෙටීම මෙනි. අලංකාර කාව්යය සංකල්පනයකි.

වාසී - වහසි බස්; හපන්කම්.

දිය කෝකිල - දියබුන් ගැසීම වැනි ක්රීදඩා විශේෂයකි. මෙහි වර්තමාන නාමය කුමක්දැයි කිව නොහැකිය.

85

අන්වය - නොමැලි විලසින් දිය කෙළ කෙළ යන, වෙසෙසින් ඉපිලී නැඟි රඝ රොන්, පහසින් තම එක සරියැයි ගඟ එකලී සතොසින් ලොමු දැහඅ ගත් සිරි කියෙලි.

අර්ථය - කඩිසර කාන්තාවන් ජල ක්රීැඩා කරමින් යන කල්හි විශේෂයෙන් මතුවී නැඟුණු රළ බින්දු ස්පර්ශයෙන් තමන් හා සමානයැයි ගඟ එකල්හි සන්තෝෂයෙන් රෝමෝද්ගමනය කළ ආකාරය ප්රාකාශ කෙළේය.

විස්තර - (1) කාන්තාවන් කඩිසර ලෙස දිය කෙළයෙහි යෙදෙන විට කුඩා ජල බින්දු විසිරෙයි. ග‍ෙඟන් ජල බින්දු උඩට නැඟී සිටීම ග‍දෙඟිහි ලොමු දැහැ ගැන්මක් වැන්න. එසේ වන්නේ සන්තෝෂයෙනි. සන්තෝෂය ඇති වන්නේ කාන්තාවන්ගේත් තමන්ගේත් ස්පර්ශය සමාන බැවිනි. එනම් දෙකම මෘදුය.

පබවත පොකුණට බට අවස්ථාව විස්තර කරන කව්සිළුමිණකරුද මෙවැනි වර්ණනාවක් කරයි.

(2) නොමැලි - මැලි, මැළි යන දෙකම නිවැරදිය. නොමැලි යනු කම්මෑලි නැතිකමය. එනම් කඩිසරකමය.





120

86 අර්ථය - කොමළ කාන්තාවක මුහුණ උඩුකුරු කොට තමාගේ අත් එක් කොට බැඳ දිය මත පිහිනන කල්හි (එය) චන්ද්රුයා ඉදිරියේ සියලු නෙලුම් මල් හැකිලෙනුයේ මේ ආකාරයට යයි සූර්යයාට පෙන්වන්නාක් වැන්න.

විස්තර - (1) දියෙහි පිහිනන කාන්තාවන්ගේ මුහුණ සඳ වැනිය. අත් නෙලුම් වැනිය. ඒවා පපුව මත එකට බැඳ ගෙන සිටින විට හැකිළුණු නෙලුම් මල් වැනිය. එය හරියටම සඳ ඉදිරියේ නෙලුම් හැකිළීම හැ සමානය. එවිට මේ ක්රි.යාව සූර්යයාට පෙන්වන්නේ ඇයි? සූර්යයා නෙලුම්වල නෑයාය. නෙලුම්වල නිවට හැසිරීම පෙන්විය යුත්තේ එහි නෑයා වන සූර්යයාටය. (එය අපහාසාත්මක පෙන්වීමකි.)

(2) වුවනත - මුහුණ; වුවනම වුවනතයි. ස්වාර්ථ තද්ධිතයකි.

මුහුල’ත් - මුහුල + අත්; පොහොට්ටුවක් මෙන් ඇකුළුණු අත්.

87 අන්වය - එතරා ගඟ ඉසිරී අඹරා දිසි දිය දහරින් හුණු පතරා සසිරී ඉඳුසැව් සිය විසිරි ගිය ලතු කොකුම් අඟරා අසිරි සිතුවම් දැක්වී.

අර්ථය - එකල්හි ගංගාව විසිරී ආකාශයෙහි දෘශ්ය මාන වූ ජල ධාරාවෙන් වැටුණා වූ මහත්, සශ්රීකක දේදුනු ශතය (විශාල ප්රමමාණය) විසිරී ගියා වූ ලතු, කුංකුම හා අංගරාග (ආදි‍යෙන්) ආශචර්යවත් සිතුවම් පෙන්වීය.

විස්තර - (1) ග‍ ෙඟහි කාන්තාවන් ජලක්රීරඩා කරන විට ජලය අහසට විසි‍රෙයි. ඒ විසිරුණු ජලයට හිරු රැස් වැටුණු විට සිය ගණන් දේදුනු දිස් වෙයි. ‍එසේම කාන්තාවන් ඇ‍ෙඟහි ගෑ ලතු’කුංකුම ආදිය සේදි ගොස් ගඟ දියෙහි පැතිරී ඇත. මේ සියල්ල ගඟ විසින් පෙන්වන ලද අසිරිමත් සිතුවමක් වැන්න.







121

(2) ඉසිරී - ඉහිරී යනුවෙන් දැන් ව්යුවහාරයේ එයි. මෙහිදී දෙනුයේ විසිරී යන අර්ථයයි.

ඉඳුසැව් - ඉන්ද්රියාගේ දුනු, දේදුනු

පතර - පුරාණ ස්ත්රී්න් අත් පා පාට කිරීමට ගත් රතු පාට ද්රිවයකි.

කොකුම් - කුංකුම

අඟරා - අංගරාග, ශරීරයෙහි ගාන සුවඳ ද්රටව්යා

එතරා - එකල්හි, මෙහි පාලි තේරුම ‘මෙකල්හි’ යනුයි.

88

අර්ථය - පහත ඇති විස්තරය කියවීමෙන් අර්ථය වඩාත් හොඳින් තේරුම් ගත හැකිය.

විස්තර - (1) මිනිස්සු ගඟ දෙපැත්තේ සිට ග‍ෙඟ් ජලස්නානය කරන ගැහැනුන් දෙස බලා සිටිති. ඔවුන්ගේ ඇස්වලින් නිකුත් වන කාන්තිය ලණුපොටවල් වැන්න. ඔවුහු ඒ රැහැන්වලින් ගැහැනුන් බැඳ තමන් වෙතට අදිති. ඒ අනුව එගොඩ මෙගොඩ පිනා යන රන් පැහැති කාන්තාවන් පෙනෙන්නේ ගිරවාගේ ගමනට රත්රන් පාලමක් බඳින්නාක් මෙනි.

(2) රන් හේ - රත්රන් ඒ දඬු

යතුරට - යාත්රානවට, ගමනට

89

අන්වය - සෙද නා ලොවින් ආ ළඳුනා ලෙසිනා රළිනා ලෙළෙනා සොබනා ගතිනා නඳනා ගඟ නා කෙළනා ලියනා දකිනා මතිනා හද තොසිනා නා.

අර්ථය - වහා නාග ලෝකයෙන් පැමිණි කාන්තාවන් පරිද්දෙන් රළින් ලෙළ දෙන ශෝභන ශරීරයෙන් සිත් සතුටු කරන ග‍ෙඟහි නාමින් සෙල්ලමි කරන්නා වූ ස්ත්රීරන් දුටු පමණින් ඔබේ හදවත සතුටින් නැහැවී යන්නේය.




122

විස්තර - (1) ග‍ෙඟහි රළ පහර නිසා එහි නාන ස්ත්රීගන්ගේ ශරීරය ඇද වෙවී පෙනෙයි. නාගයා ගමන් කරන විටද ශරීරය ඇද වෙයි. ඒ නිසා මේ ස්ත්රීරහු නාලොව සිට වහා එන නාග කන්යාගවන් වැන්නෝය. මේ චමත්කාරජනක දර්ශනය දකින ගිරවාගේ සිත ප්රී‍තියෙන් පිනා යයි.

(2) හද නා තොසිනා - හදවත සතුටින් නෑවි යයි.

90

අන්වය - ලද අඟනන් සොබනා තුනු රුසිරින් දන මන් බැඳ නිල් අඹර ලෙළෙනා සොඳ රන් දද මෙන්, සතොසින් වැද රළිනා ගැල ඉපිලෙමින්, මෙලෙසින් කෙළනා සඳ.

අර්ථය - තරුණ ස්ත්රිසන් මනා වූ ශරීර රූපශ්රීනයෙන් ජනයා‍ෙග් සිත් ගෙන, නිල් ආකාශයේ බබලන රත්රන් කොඩි පරිද්දෙන් සන්තෝෂයෙන් (ගඟට) වැදි රළින් ගිලී ඉල්-පෙමින් මේ ආකාරයට ක්රීවඩා කරන කල්හි.

විස්තර - (කොඩි සුළඟට සෙලවෙන විට, වරින් වර නොපෙනී යන්නාක් බඳු වෙයි. රළින් ගිලෙන කල කාන්තාවෝද එසේ වෙති.

(2) ගැලිපිලෙමින් - ගැල + ඉපිලෙමින් යනු සන්ධි, විය නොහැකිය.

91

අන්වය - පහසුය

අර්ථය - සෞම්යි වූ මුහුණින් ක්රීීඩා කරන ස්ත්රීනන් ජය ගැනීමට මෙන් තාරකා සේනා රැගෙන එන්නා වූ පූර්ණ චන්ච්ද්රවයාට විශේෂයෙන් ආකාශය ඉඩ දී යන පරිද්දේන් සූර්ය බිම්බය කීර්තියෙන් බස්නාහිර ආකාශයට යනු බලන්න.

විස්තර - ‍(1) කාන්තාවන්ගේ මුහුණ සෞම්ය වනුයේ ඔවුන් සතුටින් සිටින නිසාය.

(2) කෙසේ වුවද මෙය එතරම් අලංකාර කාව්ය් නිර්මාණයක් නොවේ. සෞම්යරකමෙන් සෞම්යද මුහුණ ජය ගැනීමට සේනා සන්නද්ධ සටනක් අවශ්යව නොවේ. සූර්යයා ඉවත්ව ගොස් අහස හිස් කරන්නේද රණ බිමක් සකසනු සඳහාය. තවද එවැන්කට ඉඩ සලසා සූර්යයා



123 කීර්තියෙන් යුක්තම බැස ගිය බව කීමද අනුචිතය. මක් නිසාද යත් ඉන් පරාජයක් ධ්වනිත වන බැවිනි. කෙසේ වුවද සූර්යයා තමාගේ කීර්තිය පලුදු කර නොගෙන ගියේය යන අදහස ඉන් ගත හැකිය.

(3) පැළ’ඹරට - පැළ + අඹරට, බටහිර ආකාශයට

92

අන්වය - වෙනස්ව යෙදී ඇත්තේ පද කිහිපයක් පමණි. පද්ය,ය තේරුම් ගැනීමට එය බාධාවක් නොවේ.

අර්ථය - මිත්රවය නොකඩවා දිලිසෙන්නා වූ සූර්යයා නමැති මධ්ය මාණික්ය යෙන් බොහෝ කොට විරාජමාන වන්නා වූ සන්ධ්යා වලා නමැති ආභරණ පැලඳූ ප්රෝසන්න, ශෝභන අපරදිග කාන්තාව දුටු කල්හි තුඬු රැසින් බබලන ඔබේ බිරිඳ (ඔබට) සිහි වෙයි.

විස්තර - (1) සැළලිහිණි සන්දේශයේ එන සන්ධ්යා වර්ණනය කියවා පුරුදු කෙනෙකුට මෙය කිසි සේත් චමත්කාර ජනක වර්ණනයක් නොවේ. සන්ධ්යා්ව ‘කාන්තාවකි. ගිරවාගේ බිරිඳද කාන්තාවකි. සූර්යයා සන්ධ්යා කාන්තාවගේ අබරණ මැද බැඳි ප්ර ධාන මාණික්යඳයයි. රැස් විහිදෙන්නේ එයිනි. ඒ දකිනා විටය, ගිරවාට බිරිඳ මතක් වන්නේ, ඇගේ රැස් විහිදෙන්නේ රතු පාට තු‍නෙඬනි.

      (2) පබඳ - ප්රහබන්ධව - නොකඩවා

දිනමිණි - දවසට මැණිකක් බඳු හෙයින් සූර්යයා දිනමිණි නමි.

වොරැඳි - විරාජමාන වූ

සඳවෙල - සන්ධ්යාන වලාකුළු

පැළ දිග’ඟන - පැළ දිග් + අඟන; පශ්චිම දිශාව නමැති කාන්තාව

93

අර්ථය - අපර පර්වතය නමැති මහේශ්වරයා සූර්යයා නමැති නළල් නෙතින් දවස නමැති අනංගයා අත් නොහැර ජය ගන්නා කල්හි පැතිරී නැඟුණා වූ ගිනි දැල් හා ගිනි පුපුරු සේ සන්ධ්යාන වලා (හා) තාරකා මඳින් මඳ පෙනේ.



124

විස්තර - (1) මෙයද ඒ තරම් උචිත කවි කල්පනාවක් නොවේ. බැස යන හිර ඊශවරයාගේ ලලාටාක්ෂියට උපමා කළත් දවස අනංග‍යාට උපම කෙළේ කවර හේතු සාධක මතද? කවියෙකු උපම‍ා උපමේය යෙදිය යුත්තේ සිතට ටන පළියට නොව පාඨකයා වෙත කිසියම් රසයක් හෝ පණිවුඩයක් ගෙන ඒම සඳහාය.

(2) අවර ඇදුරු - හිරු පර්වතයකින් උදා වන්නාක් මෙන්ම පර්වතයකින් බැස යන්නේ යැයිද පැරණි කවි සමය ඇදහීය. ඇදුරු (අද්ර ) යනු පර්වතයට නමකි.

දළ නෙතින - ජටාවෙහි පිහිටි ඇසින්

මින්දද - අනංගයා; අනංගයාගේ කොඩියෙහි සලකුණ මත්ස්ය්යෙකි.

නලසිළු - ගිනිදළු

ගි‍නිරොන් - ගිනිපුපුරු

94

අන්වය - මිතුර, නඳා සුපුන් හිමකර පියකර තිසර සිනිඳු සුදු රැස් දිගු පිය පතර. විදා නුඹ තඹර අකර සිත් අඹ සියපත් සදා උදා දෙසෙන් නැඟ එන රඟ බල.


අර්ථය - සිත් සතුටු කරන්නා වූ පූර්ණ චන්ද්ර්යා නමැති හංසයා සිනිඳු රැස් නමැති පියාපත් සමූහය විහිදා ආකාශය නමැති පියුම් විල සුදු වලාකුළු නමැති නෙළුම් මල් අලංකාර ක‍රමින් නැ‍ෙඟනහිරින් නැඟී එන ආකාරය බලන්න.

විස්තර - (1) ඉතා චමත්කාර ජනක වර්ණනයකි, ශාන්ත පරිසරයක සඳ උදාව දුටුවෙකුට මින් ලද හැකි රසය ඉමහත්ය.

(2) හිමකර - සඳ; හිම ඇති කරන හෙයින් සඳට හිමකර යැයි කියති.

සදා - සජ්ජිත ‍කොට; ස‍ෙඳ් පැමිණීමෙන් වලා අලංකාර වන්නා සේ හංසයා පැමිණීමෙන් නෙලුම්මල් අලංකාර වේ.

සති’බ - සිත් + අබ‍; සුදු වලාකුළු, අබ = අභ්රි යනු වලාකුළට නමකි.




125

තඹර’කර - තඹර + අකර; නෙලුම්වලට ආකර වන බැවින් විල තඹර’කර නමි.

95

අන්යව - කිරණව රළ පැහැ පැහැස දිගත විසුළ සුර ගඟුලැ’ලි දිසි විලස වියත උදුල දියත පතළ වෙසෙස පිරිසිදු සඳ රැස් ගතෙහි සරතැස දැහැ තනෙත පුරා දකු.

අර්ථය - කිරි මුහුදු රළවල වර්ණයට පරිහාස කොට, දිගන්තයෙහි විසිරී ගිය අහස් ග‍ෙඟහි ඇලි පෙනී ගියාක් මෙන් ආකාශයෙහි බැබලුණු ලෝකය පුරා පැතිරී ගිය විශේෂයෙන් පිරිසිදු සඳරැස්, ඔබේ ශරීරයෙහි වෙහෙස දුරු කර ඇස් පුරා බලා යන්න.

විස්තර - වියත - ආකාශය.

කිරණව - ක්ෂීරා’ර්ණවය - කිරි සයුර.

පැහැස - ප්රීහසනය කොට හෝ ස්පර්ශ කොට.

සරතස - ශ්රාපන්තිය - වෙහෙස.

96


අර්ථය - රාහු විසින් අල්ලා ගනු ලැබූ කල්හි විහිදුණු විෂද? (එසේ නැත්නම්) සියලු කොටස් එකතු වීමේදී නොපෑසුණු මැද ඉරද?(එසේත් නැත්නම්) මාතංග සෘෂිවරයා බැස්සා වූ මාර්ගය තවම නොමැකුණේද? මිත්ර්ය, මේ ආකාරයට සැක ඇති කළා වූ සඳ ‘ලපය බලන්න.

විස්තර - (1) පුරාණ ප්ර වෘත්ති කිහිපයක්ම මේ කුඩා කවිය තුළ ගැප් කර ඇත. කවියෙන් වැඩි රසයක් ලබා ගත හැක්කේ ඒ ප්රරවෘත්ති පිළිබඳව දැනීමක් ඇති අයටය.

(2) පලඟ ගහණ කළ සඳ - හඳ රාහු ඇල්ලූ කල්හි; සුරයන් හා අසුරයන් එක්ව කිරි සයුරු අලළන අවස්ථාවේදී එක් අසුරයෙක්ද සුරයන් මැද සිට අමෘතය බිඳක් පානය කෙළේය. ඒ රාහුය. ඔහු කළ හොරකම දුටු චන්ද්රස සූර්ය දෙදෙන එය විෂ්ණුට සැළ කළහ. විෂ්ණු තම අතෙහි වූ අවියෙන් රාහු දෙපලු කෙළේය. ඒ වන විට අමෘතය බිඳක්



126

ශරීරගතව පැවති නිසා ඔහු නොමළේය. දෙපලු වූ ඔහුගේ ශරීරයෙහි හිස කොටස රාහුද පහළ කොටස කේතුද විය. රිවි සඳු දෙදෙනා තමන්ට කළ අයුක්තිය නිසා රාහු ඔවුන් කෙරේ වෛර බැඳ ගෙන වරින් වර ඔවුන් ගිල ගන්නා බව පුරාණ කතාවන්හි සඳහන් වෙයි. මෙසේ ගිල ගත් කල්හි රාහු මුවෙහි පැවති විෂ සඳට ඇතුළු වීමට පුළුවන.

කලා - හ‍ෙඳන් දහසයෙන් පංගුව දිනකට මෙයින් එකක් එක් වීම හෝ අඩූ වීම සිදු වෙයි. මේවා පෑහී‍මේ මැද අවස්ථාවේ ඇති වූ ඉර නොමැකුණේදැයි කවියා ප්රවශ්න කරයි.

නොහැසුණු - නොපැහෑසුණු; හැසුණු පැහැසුණු දෙකම එක අර්ථය දේ.

මතඟ ඉසිහු - දිට්ඨ මංගලිකාවගේ සැමියා. සැ‍ෙඬාලෙකු වූ මෙතෙම බමුණන්ගේ මන් බිඳිනු සඳහා සෘද්ධි වඩා ‍සඳට ගොස් සඳ පලා ගෙන එළියට පැමිණියේය. මාතංග අමාවතුරෙහි දිට්ඨමංගලිකා කථාවෙහිය.

බලග - බල, කිය ආදී විධික්රිායා පදවලට ‘ග’ ප්රුත්යෙය එක් වන බව පෙනේ.

97

අන්වය - සබඳ, සඳරැස් පිරි තුරු වැළ උදුල නුබ ගැබද මුමන බිඟු රැළ පිරි පුල් මල් වන වන හිසද ලෙළ රළ වතළ පෙණ පිඬු සැදි සමුදුරද මන දොළ වඩා දැක දැක උන් සඳ.

අර්ථය - මිත්රඬය, චන්ද්රක කාන්තිය පිරුණා වූ තාරකාවලියෙන් බබලන අහස් කුසද නාද කරන මී මැසි සමූහයාගෙන් වැසී ගත් පිපුණු මල් සහිත් වන මුදුනද සැලෙන රළ හා පැතිරුණ පෙණ කැටිවලින් අලංකාර වූ සමුද්ර්යද සිතෙහි ආශාව වර්ධනය කරමින් දැක දැක උන් කල්හි.

විස්තර - (1) ස්වභාව සෞන්දර්ය්යිවර්ණනා කිරීමට ගිරාකරු තුළ ඇති දක්ෂතාව මෙයින්ද පෙනී යයි.

මුමන - ගුමු නාදය කරන. රාත්රි කාලය නිසා භෘංගයන් පිරි වනය විස්තර කිරීම අනුචිතය.

වනහිස - වනාන්තරයෙ මුදුන



127 අන්වය - උදය ගිරි ගං දැඩි කුඹුතලට සිඳුරුව, අඳුරු දිය පිරි නුබ සමුදුරට වළබව ඉඳුරු දිග් අඹට රත් අඹර එක ලෙස පහළව අරුණු රැස් සොඳුරුව පෙර අඹරට පැතිරෙයි.

අර්ථය - උදය පර්වතය නමැති ඇතාගේ තද කුම්භස්ථලයට සින්දරම්ව, අන්ධකාරය නමැති වතුර පිරි, ආකාශය නමැති සමුද්රකයට වඩබාග්නියව පෙරදිග නමැති කාන්තාවට රතු වස්ත්රඅයක් ලෙසින් පැන නැඟී, අරුණ‍ා‍නලෝකය සුන්දරව පෙරදිගට පැතිරෙයි.

විස්තර - සිඳුරුව - සින්දුරම්; රතු සායම් විශේෂයකි. ඇතැම් සංස්කරණවල මෙය ‘රිහිරිව’ කියා දක්නට ලැබේ. වඩා සුදුසු පාඨය එය ලෙස ගතහොත් ‘රුධිරය’ යන තේරුම ඉන් ලැබේ. සිංහයා විසින් ඇත් කුඹ බිඳලූ කල්හි ඉන් වැගිරෙන ලේ ධාරාව ඉන් අ‍පේක්ෂිතයි.

සිංහයෙකු ගැන මෙහි නොකියවෙන නිසා අප ගෙන ඇති පාඨය වඩා සුදුසුය.

වළබ - වඩබාග්නිය; කල්ප විනාශයේදී ලොව පහළ වන අග්නිය වෙළඹකගේ වෙසින් පාතාල ලෝකයෙහි හැසිරෙතැයි කියනු ලැබේ. ඈ මුඛය විවෘත කළ විට රතු ගිනි දැල් සාගරය මැදින් පහළ වන්නේලු.

ඉඳුරු දිග - නැගෙනහිර; ඉන්ද්රමයාට අයිති දිශාව යන අර්ථයෙන් එය යෙදේ.

අඹ - කාන්තාව; දිගඹ යනු දිශාව නමැති කාන්තාවයි.

අඹර - වස්ත්රගය, ‍ආකාශය

අරුණු - අරුණාලෝකය, ඉරපෑයීමට පෙර ඇති වන එළිය.

විමර්ශනය - මීට ඉහත කවියෙන් කියන ලද පරිදි දූතයා සඳ රැසත් එයින් ප්ර්බෝධමත් වූ ලෝකයත් බල බලා සිටියදීම ඉර උදාවෙයි. ඔහු රාත්රිායෙහි සැතපීගත් බවක් මේ කවි එකකින් වත් නොකියවේ.




128 99

අන්වය - දරුණු උලැඟි කෝ නල වන් සිත් සතන, කුලුණු මෙත් සිසිල් ගුණ පහ වන ලෙසින පෙරදිගින අරුණු කිරණ රැස් පැතිරී ගුවන පිරුණු තරිඳු රැස් තුරු වියැකෙයි.

අර්ථය - දරුණුව නැඟී සිටි ක්රෝනධ නමැති අග්නිය වැදුණා වූ සිත් සතන්වලින් කරුණා, මෛත්රීය සිසිල් ගුණ පහ වන ආකාරයට නැගෙනහිරින් හිරු රැස් පැතිරී ආකාශයෙහි පිරී තිබූ සඳරැස් හා තාරකා ක්ෂය වෙයි.

විස්තර - (1) ක්රෝ ධය ගින්න මෙන් උණුසුම්ය. එය සිතෙහි වර්ධනය වන විට මෛත්රීහ කරුණාදී සිසිල් ගුණ පහවී යයි, එසේම චණ්ඩ සූර්ය රශ්මිය පැතිරෙන විට සිසිල් සඳරැසත් ක්ෂය වී යයි.

(2) කෝනල - කෝ + අනල, පරස්වරලෝප සන්ධයෙන් කෝනල; ක්රෝ2ධය නමැති ගින්න.

අරුණු කිරණ - රතු රශ්මිය ඇති තැනැත්තා; සූර්යයා වියැකෙයි - ක්ෂය වෙයි.

100

අර්ථය - විලෙහි මඳින් මඳ පිපෙන්නා වූ නෙලුම් ආශ්රමය කර ගෙන හෙන්නා වූ මී මැසි සමූහය දෘශ්ය මාන ඒ වේලාවෙහි මුහුද අසල ගම් බිම් අත නොහැර බලා මිත්රසය, ඔබද සිත් සතුටින් ඉක්මනින් ගමන් කරන්න.

විස්තර - පියුමාකර - පියුම්වලට ආකර වූයේ පියුමාකරයි; විල සිලිලාකර - සිලිලට - ජලයට ආකර වූයේ සිලිලාකරයි. මුහුද යා කර - යාත්රාල කරව. ගමන් කරන්න.

සෙද - වහා

101 අර්ථය - මිත්රාය, ගස් සෙවනැල්ල සූර්ය රශ්මිය දුරු කළ, අනංගයා නටන රංග භූමිය වැනි සුදු වැල්ලෙහි සිතේ හැටියට ඇවිදින ප්රිසය වූ ස්ත්රී්න් සමූහය ඉදිරි මාර්ගය අලංකාර කළා වූ කලමුල්ල බලන්න.

විස්තර - (1) වෘක්ෂ ඡායවේන සෙවණ වුණු සුදු මුහුදු වැල්ලෙහි ඔබ මොබ ඇවිදින්නා වූ සුන්දර කාන්තාවන් නිසා ඉදිරි මාර්ගය අලංකාර වී ඇත.

(2) පතඟ - සූර්යයා

නරඟ - අනංගයා

සිතඟ - සිතැඟි; සිතෙහි කැමැත්ත

102

අන්වය මෙන්ම අර්ථයද පහසුය.

අන්වයි - වයි යා කරන් - ඉක්මනින් යන්න. ‘වයි’ යනු වහා යන අර්ථය දේ. ‘වයි යා කරන් මග සලකුණු නියම දැන’ යනුවෙන් සැළලිහිණියේද එයි.

පල’රම් - පල + අරම් = පලතුරු වතු

103

අර්ථය - සිත් සනසන්නා වූ රතු තොල් කෝවක්කා ගෙඩිය. ළං වන්නා වූ මිනිසුන් මත් වන්නා වූ මිහිරි වචනය. මිත්රොය, ඔබේ ඇස් දෙක ලත් ප්‍ මයෝජනය අත් වන, මත්ගොන ක්රීසඩාශීලි කාන්තාවන්ගේ ආකාරය දැක යන්න.

විස්තර - ලවනත - තොල්; ලවනත + අත. මෙහි අත යනු ස්වාර්ථයි. ලවනත ස්වාර්ථ තද්ධිතයකි.

බිඹු පල - කෙම් ගෙඩි, කෝවක්කා ගෙඩි

සකි - මිත්රෙය

104

අර්ථය - ස්වර්ණ පත්රා (පැලඳි) කන් ඇති නොකිළිටි මුස්ලිම් කාන්තාවන් සිටින රත්රන් හා මැණික්වලින් පිරි සල්පිල් වලින් අලංකාර වූ ගෙවල්වල බැඳි නොයෙක් කොඩිවලින් බබලන, මුහුද අසල බේරුවල (ට) ඔබ සන්තොසින් පිවිසෙන්න.

විස්තර - රන්පත් සවන් - බේරුවල ස්ත්රීලන් රනින් කළ පත්රි, කනෙහි පැළඳ සිටි බව මින් කියවේ. ‘පන්’ යනු ‘පර්ණ’ යන්නෙන් හින්නයි.


9

130

නිමල - නිර්මල; බාල ස්ත්රී න් අදහස් කළා විය හැකිය.

යොන් ලිය - අද මෙන් එදාද බේරුවල යොන් ලියන් හෙවත් මුස්ලිම් කාන්තාවන් සිටි බව පෙනේ.

රන් රුවන් - අදද බේරුවල මැණික් ආදියට ඉතා ප්රහසිද්ධය.

සන් - සැදි, සජ්ජිත වූ

බන් - බඳනා ලද

සිඳුනා - සිඳු යනු ගංගාවලටද නමි. ගංගාවන්ට නායක හෙයින් මුහුදට ‘සිඳුනා’ යි කියති.

105 අර්ථය - යහළුව, මත් වන්නා වූ ඉතා කර්කශ අබින් හා කංසා කා අත්තන මල් හා රත් මල් කනේ පැළඳ අලංකාර කර ගෙන පොලු ලෙළවා ගත් ගමන්ම රැවුල ඇද හිතේ හැටියට කැරකෙන බර්බරයන් බලන්න.

විස්තර - අබිං කංසා - අභිඵෙණ හා ත්රෛිලෝක විජයාතපත්ර ; මේ දෙකම මත් ද්ර්ව්ය ය.

රළුපරළු - අබින් හා කංසාවල නරක විපාක දැක්වීම සඳහා මෙසේ කියවිණ.

මුගුරු - ‍පොලු

බබුරන් - බර්බරයන්; මොවුන් අප්රිමකානු බර්බර්වරුන් යැයි සමහරුන් කියන අතර තවත් සමහරු ම්ලේච්ඡයන් යයි කියති. මෙපෙදෙස පෙර අප්රිඅකානු ජාතිකයන් සිටි බවද සිතිය හැකිය.

106

අන්වය - මල් පිටින් විදෙන වරලස නොබැඳ, පටින් පටින් ගිලිහෙන සළු තරව නොහැඳ, ත-වෙත පැහැද ලිය වටින් පිටින් දිව එත, සබඳ, තුටින් නොසිට බෙන්තොටින් යා ගන්න.

අර්ථය - මල් සහිතව පිට දිගේ විහිදී යන කේශකලාපය නොබැඳ පටින් පට ගිලිහී යන වස්ත්ර් තදින් නොහැඳ තා කෙරේ පැහැදී කාන්තාවන් වටින් පිටින් දිව එන කල්හි මිත්රගය සන්තෝෂයෙන් (එහි) නොසිට බෙන්තොටින් යා ගන්න.


131 විස්තර - (1) මල් පැළඳි කෙස් විදා ගෙන ඇඳි වත ලිහිල් කර කාන්තාවන් දිව ඒම සන්තෝෂයෙන් එහි නතර වීමට කාරණයක් නොවේ.

(2) මල් පිටින් - මල් සහිතව, මෙය කතා ව්යලවහාරයෙහිද එන යෙදුමකි.

පටින් පටින් - කාන්තාවන් සළුව පට කිහිපයකින් ඇඳ තිබූ බව පෙනේ.

107

අර්ථය - මිත්ර්ය, අනාගතයේ බොහෝ ස්වර්ග මෝක්ෂ සැප විඳින පිණිස වනවාස විහාරයට ගොස් ඇතුළුව ජීවමාන බුදුන් දුටුවාක් මෙන් පැහැදී සිට බොහෝ සෙයින් ගෞරව කරමින් වැඳ.

විස්තර - සග මොක් සිරි - මෙහි සිරි යනු සැපතය.

වන වාසේ - පොළොන්නරු යුගයේදී, ලංක‍ාවේ කලින් පැවති මහා විහාර, අභයගිරි භේදය යටපත් වී ගොස් වන වාසි, ග්රාලමවාසි භේදය ඇති විය. මින් බෙන්තොට වනවාස විහාරය ඉතිහාසයෙහි ඉතා ප්රදසිද්ධය.

දිවමන් - ජීවමාන, ජීවත් වන

බුහුමන් - ගෞරව

108

අන්වය - පරතරකය වැද, රුසිරින් දිව අසර කය දන සකය පෑ තිලකය ඇඳි නළලතෙහි අලකය සැදි නිසැකය සිටි ළද කොමළ අඟනක් දැක මග නොවැළක යව.

අර්ථය - පරතරකයට පැමිණ රූපශ්රීකයෙන් දිව්යො අප්සරාවන්ගේ ශරීරය ජනයාගේ ඇස්වලට පෙන්වූ තිලකය ඇඳි නළලෙහි කියඹුවැල ගැවසුණු සැකක් නැතිව සිටි තරුණ කාන්තාවන් දැක මග නොනැවතී යන්න.

විස්තර - දිව’සර - දිව + අසර, දිව්යඇප්සරාවන්; ගන්ධර්ව නම් වූ දිව්ය කුලයට අයත් අප්ස‍රාවෝ ඉතා රූමත්හ. නැටුම් ගැයුම්හි දක්ෂයහ.

කය - ශරීරය

සක - ඇස


132

109

අන්වය - රිවි අවට එළි කොට සිඳු මැඳුරතට බට, එක විට ලොවට එළි බට ගන අඳර කඳට සඳ රොස කොට යුදට අඹරට එන කලට මග නොසිට ලැගුමට වැලිතොට ගමට ගොස්

අර්ථය - සූර්යයා හාත්පස ආලෝක කර සමුද්රමය නමැති මන්දිරය ඇතුළට පිවිසි කල්හි එක වරම ලෝකයට පැමිණි ඝනාන්ධකාර සමූහයට චන්ද්රමයා කෝප වී යුද්ධ පිණිස ආකාශයට පැමිණෙන කල්හි මග නොනැවතී නවාතැන් පිණිස වැලිතොට ගමට ගොස් (ම. ස.)

විස්තර - (1) ‘මෙහි එළිකොට අවට’ යනුවෙන් කියවෙනුයේ සූර්යයා ගැනය. ඔහු සිඳු මැදුරතට බැස්සේ අවට එළි කොට නොව, අඳුරු කොටය. සූර්යයා ලෝකය එළි කරමින් සිටියේ දිවා කාලය තුළය.

(2) අඳර කඳ - අන්ධකාර සමූහය, ජල කඳ, වාතස්කන්ධය යනුත් මෙබඳුම යෙදුම්ය.

රොස කොට - කෝප වී; ‘රොසින් මෙන් එකලා-පහන නිවුවා කටින් පිඹලා’ යනු කව්සේකර යෙදුමි.

110

අන්වය - අම්බලම කෙරේ, නිල් පැහැ බර කොළ අතු විසිතුරු මැඳුරු, දිගු තරසර මනහර වීදි කඳ නොවිතර පියකර බිඟු දද සෙනඟ රැඳි, තුරු කඳවුර සැතපෙව.

අර්ථය - අම්බලම අසල නිල් පැහැයෙන් යුක්ත කොළ අතු නමැති විචිත්රව වූ මන්දිර, දික් වූ ස්ථිරසාර සිත් ගන්නා මහා වීදි නමැති කඳන්, අප්රදමාණ මීමැස්සන් (නැතහොත් සලෙළුන්) නමැති බමුණු (නැතහොත් පක්ෂි) සේනාව සිටියා වූ ගස නමැති කඳවුරෙහි සැතපෙන්න.

විස්තර - (1) මෙයද ඒ තරම් සිත් ගන්නාසුලු වර්ණනයක් නොවේ. ගසක් කඳවුරකට උපම‍ා කිරීම කොයි තරම් අනුචිතද? කොළ අතු මන්දිරවලටත්, කඳන් වීදිවලටත් උපමා කිරීම වැනි දේ කෙසේ ‍නම් රසිකයෙකුගේ සිත් ගන්නේද?



133

(2) දද - ද්විජ, බමුණෝ; දෙවරක් උපන්නේය යන අර්ථයෙන් බමුණෝද පක්ෂීමුද විජ නම් වෙති. බ්රාදහ්මණයන් දෙවෙනි වර උපදින්නේ උපනයනයෙනි. පක්ෂීන් බිජුවටින් එළියට ඒමෙනි.

නොවිතර - බොහෝ

111

විස්තර - නිවාස ග්රිහණය - නවාතැන් ගැන්ම

ශාලො’පගත - ශාලා + උපගත ‍= ශාලාවට පැමිණි

නෛක ජන - නොයෙක් ජනයා

අන්යොනන්යව වර්ණනාලාප - උනුන් වර්ණනයට කියන කියුම්; ආලාප යනු වචනය. (කියුම්ය)

ස්වර්ණාලංකාර - කනට අලංකාරයක් වනුයේ කර්ණාභරණයි. එය ස්වර්ණයෙන් කළ විට වඩාත් වටී. කනට රන් බරණක් කරන්නට කීමේ අර්ථය ඉතා හොඳින් අසා ගන්න යනුයි.

විමර්ශනය - මේ ප්රිවේශයෙන් පසු ආරම්භ වනුයේ සිංහල සන්දේශ සාහිත්යයයට සුවිශේෂ ආභරණයක් බඳු විස්තර වර්ණනාවකි. කවියා පැරකුම්බා රජ කෙරේ තමා තුළ ඇති භක්තිය ප්රවකාශ කිරීමට මේ අවස්ථාව උපයෝගි කර ගෙන ඇත්තේ ඉතා සියුම් ලෙසය.

112, 113 අර්ථය - වෙනත් දේශයන්ගෙන් පැමිණ මග ගමනින් වෙහෙසට පත්ව, (එහි) සැදී තිබූ නොයෙක් පලතුරුවලින් සන්තර්පිතව සතුටු වූ ජනයා අතුරින් සමහරු අපාය මාර්ගය වළක්වන්නා වූ බොහෝ සම්පත් ගෙන දෙන්නා වූ සිංහල බණ (කතා) ඉගෙන බුදුන්ගේ ගුණ කියති.

විස්තර - දෙසතුරින් - දෙස්+ අතුරින් = වෙනත් දේශවලින්, දේශාන්තර යන්නෙහි තේරුම වෙනත් දේශ යනුයි. මෙසේම ‘ජාත්යුන්තර’ යනු වෙනත් ජාතීන්ය. ඒ නිසා ජාතීන් අතර යන තේරුම දීම සඳහා යෙදිය යුත්තේ ‘අන්තර් ජාතික’ යනුයි.



134

සැතපුණු - සන්තර්පණය වූ

අවා මග - අපාය මාර්ගය

අවරණ - ආවරණය කරන, වළක්වන

එළු බණ - සිංහල බණ කතා

114, 115


අර්ථය - නොයෙක් කාව්ය නාටක රස දැන ගත්තා වූ මිථ්යාන දෘෂ්ටි ගත් කෙනෙක් පූර්වයෙහි තම තමන් ඉගෙන ගත්තා වූ රාම සීතා කතා කියති. උදාරම් (උදාරකම් සිතට ගත්) සමහරු ඔවුනොවුන්ට අවස්ථාව දෙමින් වචනයෙන් වචනය පාදා සිත් නාම පද තෝරා කියති.

විස්තර - මිස දිටු - මිථ්යාො දෘෂ්ට; එක් ආගමක් අදහන් තැනැත්තා අනික් ආගම් මිථ්යා දෘෂ්ටි හැටියට සලකයි.

රාම සීතා කතා - රාමායණයේ කතා

උදාර - මෙහි තේරුම උසස් යනුයි. ඒ උසස්කම බොරුවට හිතට ගත්විට කටවහරෙහි එයට ‘උදාරම්’ යැයි කියනු ලැබේ. ‘උජාරු’ යනුත් එම තේරුම දෙයි. මෙහිදී වඩා ගැළපෙන්නේ කටවහරෙහි එන ඒ තේරුමයි.

වාරා - වාරය, අවස්ථාව

බසින් බස සාරා - පදයෙන් පදය මතු කරමින්

සිත් නාම - දැනට තුන් තේරවිලි, නොපිට පද ආදි වසයෙන් ගැනෙන තේරවිලි විය යුතුයි.

116, 117

අර්ථය - සමහරු වෙන වෙනම එක් වී (තැන් තැන්වල කාණ්ඩ ගැසී) එකිනෙකාට වහසි බස් කියමින්, සිනාසී සීපද, දෙපද බොහෝ කියති.

තවත් අයෙක් සතුරන්ගේ එඩි බිඳ ලූ, ලෝකය කෙළවර ජයකොඩි නැංවූ රජුගේ නාමයෙන් බැඳවූ සින්දු කියති.

විස්තර - වාසි - වහසි බස්, අභියෝග කිරීම්

දෙපද - සීගිරි කවීන් බොහෝ විට ගී හඳුන්වා ඇත්තේ ‍ ‘දෙපද’ හැටියටය. 135

දිය දද - ජය කොඩි, ලෝකය කෙළවර ජය කොඩි බැඳවිය හැක්කේ ලෝකය ජය ගත් අයෙකුට පමණි.

118, 119

අර්ථය - සමහරු රජුට බඳනා ලද සුන්දර, විචිත්රි කීර්ති ශ්ලෝක මිහිරි පදාර්ථයන් කියා දැන ගෙන කට පාඩම් කරති.

සමහරු ඔවුන්ගේ කියමන්වලින් පිබිදී ඉඳ විශේෂයෙන් රජුගේ විරුදාවලී මහ හයියෙන් සතුටින් කියති.

විස්තර - යස සොලෝ - කීර්තිය පුකාශ කරන සිලෝ හෙවත් ශ්ලෝක

වන පොත් කරති - කට පාඩම් කරති.

සැඬ ගොසින් - චණ්ඩ වූ ඝෝෂාවෙන්, හය්යෙන්

විරුදාවලි - විරුද + ආවලි; ප්රසශස්ති රචනා පන්ති

120

ඉතා පහසුය.

121, 122, 123, 124, 125

අර්ථය - ඥානයට ඇසක් වැනි වූ මුළු ලෝකයේ ආඥා චක්ර්ය ප්ර5කාශ කළ පඬි රජු විරුද්ධ (රාජ) සමූහය ජය ගත්තේකැයි ඔහුගේ විශේෂයක් කියති.

චෝළ, පාණ්ඩ්යය, ලාට රට, ගුජ්ජර, තුළුවර, මහා රාෂ්ට්ර්, තෙලිඟු, වංග ආදි රටවල සිට පැමිණි ජනයා තිම තමන්ගේ රටවල විරුද්ධ රජවරුන් ජය ගෙන, සියලුම දිළින්දන් සතුටු කර නන්දන වූ සියලු ශ්රීර විඳ රජවරුන් රජ කරන ආකාරය කියන කල්හි, අප රජුගේ කීර්තිය නොකියා ඔවුන් සාහසික ලෙස පවසන වචන අසා උසස් නුවණ ඇති ජනයා, විශේෂයෙන් සූර්ය වංශයට අග තැන් පැමිණියා වූ රජවරුම යහපත් වෙති. ඒ නිසා අප රජුගේ ප්රූවෘත්ති අසවයි මෙසේ කියති.

විස්තර - පඬි - පාණ්ඩ්ය දකුණු ඉන්දියාවේ පිහිටි ප්රවධාන දෙමළ රාජ්ය් තුනෙන් එකකි. අනික් දෙක සොළී හා කේරළයි.



136

නැණසක් - වෙනත් සංස්කරණවල මෙයට අර්ත කියා ඇත්තේ ඥාන නමැති ඇස් කියායි. එහෙත් ඥානයට ඇසක් බඳු යන්න වඩා ගැළපේ යයි සිතමු.

විරුදුසක් - විරුද්ධ චක්ර ය, සතුරු සමූහය

සොළී - චෝල දේශය, මෙය චෝළ මණ්ඩල හෙවත් කොරමන්ඩල් වෙරළෙහි පිහිටියේය.

ලාට රට - ඉන්දියාවේ නැ‍ෙඟනහිර මෙන්ම බටහිරද ලාට රට නමින් ප්‍හිදේශයක් තිබුණි.

ගුජර - වර්තමාන ගුජරාටය

තුළුවර - තුළු නම් ද්රුවිඩ ගණයට අයත් භාෂාව කතා කරන වැසියන් සිටින ප්රුදේශය.

මහරට - මහා රාෂ්ට්රව හෙවත් මරාඨ දේශය

තෙළිඟු - වර්තමාන ආන්ධ්රාු ප්රාදේශය

වගු - වංග හෙවත් බෙංගාලය

සහසා - සාහසික ලෙස

දිනමිණි කුල - සූර්ය වංශයයි. ලංකාවේ රජවරු නොයෙක් විට තමන් සූර්ය වංශයට අයත් බව ප්රබකාශ කර සිටියහ.

126, 127

අර්ථය - තේජසින් සූර්ය බිම්බය හා සමාන වූ පරාක්ර මබාහු රාජොත්තමයා සතුරන් නමැති සමුද්රසය කළඹා වීරත්වය නමැති ශ්රීා කාන්තාව තම බිරිඳ බවට පත් කෙළේය.

උතුම් වූ අපගේ මේ රජතුමා මනුනීති චාරිත්රත සම්පූර්ණ කොට සතර සංග්ර හය අත නොහැර නිරන්ත‍රයෙන් ලෝකයාට සත්කාර කෙරෙයි.

විස්තර - රිවි බිම්බා - සූර්ය බිම්බය හෙවත් රිවි මඬල

කුල’ම්බි - කුල + අම්බා = කුල කාන්තාව - සංස්කෘතයෙහි අම්බා යනුවෙන් හැඳින්වෙනුයේ මවය. එහෙත් සිංහලයෙහි මෙය භාර්යාව සඳහා භාවිතා කරනු ලැබේ.


137 මනු නය - මනු නීතිය - මෙය මනුස්මෘති, මානවධර්ම ශාස්ත්ර- යන නම්වලින්ද හැඳින්වෙන නීති ග්ර න්ථයකි. පුරාණ රජවරුන් රාජ්යව කිරීමේදී අනුගමනය කළ යුතු වූ චාරිත්රන වාරිත්රන මෙහි දැක්වේ.

128, 129

අර්ථය - අපේ මෙම රජතුමා රාජධර්මය සිතෙහි රඳවා ගෙන සන්තෝෂ නමැති සාගරයෙහි ගිලුණේ බොහෝ බ්රාමහ්මණයන්ට නිතර දන් දෙයි.

නව නිධානය ලැබුණු කල්හි මෙන් පාපය අතුරුදහන් කොට තමාගේ සිත සතුටු කර අවුරුදු පතා මහ දන් දෙයි.

විස්තර - නවනදන් - වෛශ්රටවණයා සතුව, කොතෙක් ගත්තද අඩුවක් නොවන මහා නිධාන නවයක් ඇතැයි කියනු ලැබේ. ඒවා නම් පද්මය, මහාපද්මය, ශංඛය, මකරය, කක්ෂපය, මුකුන්දය, නීලය, ඛර්වය යනුයි.

130

අර්ථය - ප්ර සිද්ධ වූ සූර්ය වංශයට පැමිණියා වූ මෙරජු නිතර ප්රතශංසා කිරීමෙන් මුළු ලොවට හිංසාවක් නොවේ.

විස්තර - මෙම පද්ය‍යට ව්යාරඛ්යාණනකරුවන් දී ඇති අර්ථය මඳක් පැටලිලි සහිත බව පෙනේ. ‍අප දී ඇති අර්ථය වුවද එතරම් පැහැදිලි නැති බව කිව යුතුය. කෙසේ වුවද ප්ර ශංසාවට නුසුදුසු තැනැත්තෙකු වෙනුවෙන් කරන බොරු ප්රේශංසා මුළු ලෝකයාටම හිරිහැරයක් වන බව අප විසින් සලකා ගෙනය මෙම අර්ථකථනය කරන ලද්දේ.

131, 132

අර්ථය - මේ රජුගේ ශ්රීර පාදය (වෙනත්) රජවරුන්ගේ මුදුන් ආභරණයයි. ශ්රීව කාන්තාවට ආරක්ෂා ස්ථානයයි. මුළු ලොවට එකම පිහිට වෙයි.

මේ අපගේ නර ශ්රේෂ්ඨයා ශ්රී. ලංකාවේ සිටින මනහර මහා සංඝ සමූහයා අත නොහැර අවුරුදු පතා පිරිකර දෙයි.




138

විස්තර - මුදුන් බරණය - මෙහි මුදුන නම් හිසය. වෙනත් රජවරු මේ රජුගේ පා වඳිති. එවිට මේ රජුගේ පය ඔවුන්ගේ හිසෙහි ආභ‍රණයක් බවට පත් වෙයි.

වරණය - ආවරණය හෙවත් ආරක්ෂා ස්ථානයයි.

සරණය - පිහිට

පිරිකර - අට පිරිකර, පාත්ර ය, තුන් සිවුර, පටිය, දැලි පිහිය ඉදිකටුව, පෙරහන්කඩ යන අට

133, 134

මේ පද්ය යන්ගෙන් රජුගේ ආගම භක්තිය ගැන කියවේ. අර්ථකථනයක් දැක්වීමක් අවශ්යර නොවේ.

135, 136 අන්වය - අපමණ විකුම් අප හිමි ගිරි දුදුළු බල කොට තෙද රළු බළසෙන් සමඟ තැන තැන උන් අඹුළු නැබුළු විකුම් ඇති නොයෙක් රජ මුළු ජය ගෙන මුළු දෙරණ තමා තෙද අණ පෙන්වා ලක එක හිරවරණ කෙළේ.

අර්ථය - අප්රරමාණ වික්රමම ඇති අප ස්වාමියා ගිරි දුර්ග බලස්ථාන කර ගෙන තේජසින් රළු (ක්රෑඅර) වූ භටසේනා සමග තැන් තැන්වල සිටි අඹුළු මහත් වික්රනම ඇති බොහෝ රාජ සමූහයා ජයග්රකහණයකර මුළු ලෝකයටම තමාගේ තේජසද ආඥාවද පෙන්වා ලංකාව එක සේසත් කෙළේය.

විස්තර - බල කොට - ශක්ති සම්පන්න කොට, මෙහි ගිරි දුදුළු බලසම්පන්න කිරීම නම් සතුරන්ට ඒවායින් පැමිණිය නොහැකි පරිදි ආරක්ෂක විධවිධාන යෙදීමයි.

ගිරි දුදුළු - ගිරි දුර්ග, පර්වතවල අමාරුවෙන් යා හැකි තැන; දුර්-ගම වූයේ දුර්ගයි.

අඹුළු - මේ වනාහි ගැටලු සහිත පදයකි. මුනිදාස කුමාරතුංග සංස්කරණයෙහි එය ‘අමුළු’ යැයි ගෙන ‘අමූඪ’ යනුවෙන් අර්ථ දක්වා ඇත. මකුළුදූවේ හිමියෝ වර්ගයට අයත් සතෙකුගේ නම හැටියට එය ගනිති.

නැබුළු - මහත්, ‘නැබුළු යකෙක් මා අත ගති තදේයා’ (කුස)




139 හිරවරණ - හිර අවුරන නිසා සේසත හිරවරණ නමි. ලක එක හිරවරණ කිරීම නම් ලංකාව එක්සත් කිරීමයි.

137 අන්වය පහසුය. දුලබ පදයක් ඇත්තේ ‘තෙවිකුම්’ යන්න පමණකි. එය විෂ්ණුට නමකි.

විස්තර - වන්නි - වන්යත යන්නෙන් බිඳුණකි. විශේෂයෙන් වයඹ පළාතේ කැළෑ ප්ර්දේශ; පෙර මේවා කුඩා රාජ්යය හැටියට පැවතිණි.

138 අර්ථය - ශ්රීව ලංකාවේ සියලු රජවරු තමන්ගේ මුදුන් මිණි කැලුම් නමැති ජලයෙන් පා සෝදා රජුගේ අදහස් හොඳින් දැන සිටිති.

විස්තර - (1) ප්රා දේශික රජවරුන් රජු වැඳ පසකට වී සිටි අයුරු මෙයින් කියවිණ.

(2) සිළු මිණි දෝ - ශිඛා මාණික්යු කාන්තිය; ‘ජ්යෝ්ති, යන්නෙන් ‘දෝ’ යනු බිඳී ඇත.

සිලිලින් - වතුරෙන්

දෝ කර - දොවා, සෝදා

139, 140

විස්තර - මෙහි දුෂ්කර වචනයකට ඇත්තේ බල දෙවි යන්න පමණකි. ඉන් අදහස් වනුයේ බලභදුය. හින්දු කතාවලට අනුව කෘෂ්ණගේ බාල සහෝදරයා වන මොහු වික්ර ම වන්තයෙකි.

141, 144

අන්වය - (141) තම තෙද අණට සතර දලනිඳු උදු හිම් කර, සැඬ විරිදු පිම්බූථ පසිඳු රුදු කන්නඩි නිරිඳුගේ

(142) ගිරි දුදුළු දස අටක් ජය ගෙන, රුපු අමුළු විකුම් තෙද රළු දප හළ, මරසෙන් අයුරු දරුණු බළ මුළු

(143) මෙර මත වැද අඹළ වෙරළ ගල සිඳු දිය කඳ ලෙස නොමඳ ගොස කර අවුත් එක යුදට වන් කල



140

(144) යුද ඔද පසින්දා ඔවුන් ලුහුබන්දා බිඳ යස දස අත අන්දා මුළු දඹදිවට නින්දා කෙළේ.

අර්ථය - (141) තමාගේ තේජසටද ආඥාවටද සතර සාගරය කෙළින්ම සීමා කර, චණ්ඩ වූ විරුදු ගායනා කරන්නට සැලැස්වූ ප්රතසිද්ධ රෞද්රස කණ්ණඩි රජුගේ

(142) ගිරි දුර්ග දහ අටක් ජය ගෙන විරුද්ධ රාජ සමූහයාගේ වික්රමමය, තේජස, (සහ) චණ්ඩ වූ දර්පය දුරු කළා වූ මාර සේනා වැනි දරුණු භට සමූහය.

(143) මහ මෙර වැදී ඇඹරුණා වූ වෙරළට ගලා ගිය සමුද්රණ ජලස්කන්ධය මෙන් මහත් වූ ඝෝෂා කොට අවුත් එක සේ යුද්ධයට වැදුණු කල්හි

(144) සටන් එඩි ප්රදච්ඡින්න කොට ඔවුන් ලුහුබැඳ පරදවා කීර්තිය දශ දිශාවෙහි අඳවා මුළු ජම්බුද්වීපයටම නිග්රඩහ කෙළේය.

විස්තර - උදා හිම්කර - සෘජුව සීමා කොට - අතර මග නතර වීමක් නැතිව සතර මහා සාගරය දක්වා යන අර්ථයයි.

සතර දලනිඳු - පැරණි විශවාසයට අනුව මහ මෙර සතර පැත්තේ සතර සාගරය පිහිටියේය. මෙහි ගණන් ගැනෙනුයේ ඒවාය.

සැඬ විරිදු පිම්බූ - සාමාන්යඒ තේරුම ‘ආඩම්බරයෙන් හඬ නඟා කියවූ’ යන්නයි.

කන්නඩි - කර්ණාට දේශය, වර්තමනා කන්නඩ ප්රාබන්තය

පසින්ද‍ා - සිඳ යනු කඩා යන අර්ථයි. ‘පසිඳ’ යනු විශේෂයෙන් කඩා හෙවත් බිඳ යනුයි.

145, 146, 147

අර්ථය - පූර්වයෙහි සිට මේ ලංකාවේ රජුන් හට යටත් නුවූ ආර්ය චක්ර‍වර්තිට (එරෙහිව) යුද්ධයට බොහෝ භට සේනා යවා වේදනා ඇති කොට ඒ රජු එලවා ගොස් ඔහුගේ එඩි මැඩ මාමා, ඤාති සහෝදරයා හා බාල සහෝදරයාද බැඳ මන්ත්රීර සේනාව යොදා වහා යාපන රාජ්යාය අල්ලා නෙ අවුරුදු පන්දහසකට කීර්තිය තබා ලීය.





141

විස්තර - ආරිය සක්විති - දහතුන් වැනි ශතවර්ෂයේ සිට යාපනයෙහි රජ කළෝ ආරිය සක්විතිවරුය. මොවුන් බලය අල්ලා ගත් තැන් සිට යාපනය සිංහල රාජ්යසයට අවනත වීමෙන් වැළකී සිටියේය. ‘මෙලක නිරිඳුන්හට අවනත නුවූ පෙර සිට’ යැයි කීයේ ඒ නිසාය.

මයිල් නා බෑ මලුන් - මාමා, ඥාති සහෝදරයා හා බාල සොහොයුරා ‘මයිල්නා’ යනුවෙන් ඇතැමුන් ගන්නා යෙදුමෙහි අර්ථයක් නොමැත.

පස්වා දහස් - අවුරුද පන් දහසක්

148, 149, 150

අර්ථය - ප්රෙවර වූ මෙරජු විසින් බඩු පුරවා හරින ලද නැව් අතර මගදී මලවර (ජාතිත) උදුර ගත්තේයැයි ඉන්දියාවේ සොළී රටෙහි අදිවිරරාම නැව් තොටට වහාම මහා නෞකා පිටින් මහා සේනාව යුද්ධය සඳහා යවා නිරන්තරයෙන් යුද්ධයට ආශා කළ දෙමළ භට සේනාවන්ගේ මානය නැති කොට ජම්බුද්වීපය නිහඬ කොට ශ්රී ලංකාද්වීපයට ජය (ගෙන දෙන) වැඩ කෙළේය.

විස්තර - රාමන් මලවරායා - පැරකුම්බා සිරිතෙහිද මොහු ගැන සඳහන්ය. මලබාර් ජාතිකයෙකු විය යුතුය. රාමන් යනුද මලයාලම් නමකි.

පටන - නැව්තොට යන අර්ථ ඇති ‘පට්ටනම්’ යන දෙමළ වචනයෙන් බිඳී ආවකි.

යුද සොඩ - යුද්දයට කැමති

දියවැඩ - මෙහි දිය යනු ජය යන අර්ථය දේ.

151, 152, 153

පැරකුම්බා රජුගේ වර්ණනය ඉදිරිපත් කෙරෙන සෙසු ලඝු කවි මෙන්ම මේවාද සරලය. එහෙයින් අර්ථ දැක්වීමක් අවශ්යෙ නොකෙරේ. මෙම වර්ණනය සමස්ත වසයෙන් ගෙන පරාක්රහම රාජ වර්ණනයක් කිරීමට උත්සාහ ගන්න.






142

විස්තර - දස රද දහම් - යහපත් රජුන් සතු දාන, ශීල පරිත්යානග, සෘජුත්ව, මෘදුත්ව, තපස්, අක්රෝසධ, අවිහිංසා, ක්ෂාන්ති, අවිරෝධතා යන ගුණ දහය.

විස්තර - ස සමය - ෂඩ් දර්ශනය; ගෞතමගේ න්යාණය, කණාදගේ වෛශෙෂික, කපිලගේ සාංඛ්යා, පතංජලිගේ යෝග, ජෛමිනීගේ මීමංසා, ඛාදරායනගේ වේදාන්ත යන හතයි.

154 මිලිඳු රජු - මිනැන්ඩර් නමැති ග්රී,ක් රජු; බෞද්ඛ සාහිත්යයයේ එන මිලිඳු රජු නොයෙකුත් සමය සමයාන්තරවල නිපුණයෙකු හැටියට හැඳින්වේ. මේ රජු නියම වසයෙන්ම සිටි අයෙකු නොව මිලින්ද ප්රහශ්නය රචනා කිරීම සඳහා මැවූ චරිතයක් සේ සමහරු ගනිති. කෙසේ වුවද මෙතෙම බෞද්ධ භික්ෂුවක වූ නාගසේන තෙරුන් සමග වාද කොට පරාජයට පත් විය.

155, 156

අර්ථය - (155) ආයුධ ශිල්ප හරඹය දැන, විරුද්ධවුන් දුරු කොට රාජනීති නමැති ආශ්රයමයට වැදී සියලු කාව්යව නාට්යධ අත් නොහැරම ශ්ර වණය කෙළේය.

(156) ශ්රී‍ ලංකාව අලංකාර ලෙස ආරක්ෂා කොට සියලු සත්වයාගේ සිත් සතුටු කළා වූ බැබලුණු අප නරේන්ද්රශයා ලෝකයට පහළ වූ පිරිසිදු පින් කැටියකි.

විස්තර - රද නීති අසරම වැද - ‘රාජ නීතියම පිහිට කොට’ යැයි මෙයට කුමාරතුංග සංස්කරණය අරුත් කියන නමුත් ‘අසරම’ යනු ‘ආශ්රිමය’ යැයි ගැනීම වඩා සුදුසු බව පෙනේ.

157, 158, 159

අර්ථය - (157) කරුණාවෙන් දුකට පැමිණියන්ගේද, තීක්ෂණ ඥානයෙන් උගතුන්ගේද, විකුමයෙන් බලවතුන්ගේද, නිතර දෙන්නා වූ මහා දානයේන් දුප්පතුන්ගේද

(158) මෛත්රිෙයෙන් රජවරුන්ගේද, සුදුසු තනතුරුවලින් මන්ත්රීනන්ගේද, වර්ධනය කිරීමෙන් කුලවතුන්ගේද, මහත් වූ භක්ති ප්රේදම මනසින් ශ්රලමණයන්ගේද,




143

(159) වචනයෙන් යහපත් දේ කියන්නවුන්ගේද, (රූප) විලාසයේන කාන්තාවන්ගේද මේ ආකාරයට ලොකවාසීන්ගේ සිත් ගත්තේය.

විස්තර - නිවතුන් - මෙහි ‘වත්’ නම් වස්තුවය; වස්තු නැත්තෝ නිවත්තුය.

වැඩුමෙන් කුලැතියන - කුලවත්තු නොයෙක් විට තම කුලය වර්ධනය වනු දැකීමට කැමති වෙති.

සිය - තම

සියන් - ඥාතීන්

විලසින් - විලාසයෙන්, රූපයෙන්

විලසියන් - විලාසිනින්, කාන්තාවන්.

160, 161, 162

අර්ථය - (160) අනාගතයෙහිද ලංකාව තම පරම්පරාවට එක්සත් වන ආකාරයට රාජ චාරිත්ර් පෙන්නුම් කොට මනු රජු මෙන් මධ්යිස්ථ විය.

(161) මොහුගේ ජය ඝෝෂාව, යුගාන්තයෙහි සාගර ඝෝෂාව පරිද්දෙන් මුළු ලෝක කුක්ෂියට වැදී විරුද්ධ රජුන්ගේ කීර්තිය මර්දනය ‍කොට කවර තැනක නම් නොපැතුරුණේද?

(162) දශ දිශාවට ගොස් පෙනුණා වූ මොහුගේ ආඥා චක්රකය සැණකෙළි මල්දම් අයුරින් කවර නම් රජෙක් විශේෂයෙන් හිසින් නොදැරුවේද?

විස්තර - (1) මධ්යආස්ථ රජෙකු සිටින විට එය ඔහුගේ පරම්පරාවේ අයටද වාසියකි. ඒ අයටද ඔහුගේ ගති ගුණ පිහිටා ඇතැයි මහජනයා සිතන බැවිනි. පැරකුම්බා රජු මනු රජු මෙන් යහපත්ය. ඒ වනාහි මතුත් ඔහුගේ පරම්පරාවට ලංකාව එක්සත් කළ හැකි වන ගුණයකි.

රජු මධ්යතස්ථ වී යයි කීවද ඥාති සංග්‍රහයෙහි යෙදුණුබව ‘ඉසුරින් සිය කුල සියන්’ සිත් ගත්තේයයි කීමෙන් පෙනී යයි.




144

(2) යුග කෙළ සයුර - යුගාන්තයේදී (ලෝක විනාශයේදී) මහා සාගරය මහා හඬ නඟමින් ගොඩ ගමන් ගනී.

අණසක - රජෙකුගේ ආඥාව චක්රපයෙන් සංකේතවත් කෙරෙයි.

163, 164, 165

අර්ථය - (163) සියලු ලෝකයෙහි දිලිසී සිටි මොහුගේ නිර්මල ආඥාව හැර කවරෙකුගේ බලවත් ආඥාව අන්ය1 රජුන් නමැති ඇතුන්ට හැකිලි (යදම්) වීද?

(164) සෑම දුර්ගයකම වාසය කරන රෞද්රත සතුරු රජුන්ගේ එඩි දුරු කෙළේ, විෂ්ණුද ඉක්මවා ලීය. මොහු නොකෙළේ කවර වික්රගමයක්ද?

(165) දස දහසක් යොදුන් ජම්බුද්වීපයෙහි සියලු විරුද්ධකරුවන් ජයගත් ධර්මා6ශෝක රජු හැර කවරෙක් මේ රජුට සමානද?

බලී - බලවත්

විස්තර - පර රජ ගජන් හැකිලි - පැරකුම්බා රජුගේ අණ වෙනත් රජවරුන් නමැති ඇතුන්ට හැකිල්ලක් විය. මෙහි අදහස ඔහු ඔවුන් අවනත කළ බවයි.

උවිඳු - උප්රේයන්ද්රට; විෂ්ණු - වරක් විෂ්ණු ඉන්ද්ර යාට (ශක්ර යාට) බාල සොහොයුරුව උපනි. ඒ නිසා ඔහුට (උප + ඉන්ද්ර්) උපේන්ද්ර යැයි කියනු ලැබේ.

දප’ළේ - දප + අළේ; දප හැරියේ. දර්පය නැති කෙළේය.

දම්සෝ - දඹදිව එක්සත් කළ ධර්මා‍ශෝක රජතුමා. ලංකාවට බුද්ධාගම එවන ලද්දේද මෙතුමා විසිනි. මොහු ලෝකයේ සිටි ශ්රෙරෂ්ඨම රජුන්ගෙන් කෙනෙකි.

166

මේ කවිය ඉතා පහසුය.






145 167 අන්වය - සරණ අවි තුරු සිරේය රැව් කෙරේය. පුල් සරේය බිඟු පැහැද හැසිරේය. අරුණු රැස් තුමුල් ගන අඳරේය හැර පෙර අඹරේය පැතිරේය.

අර්ථය - කුකුළා ගස මුදුනේ හඬලයි. පිපුණු පියුමෙහි භෘංගයා ප්රැසන්නව හැසිරෙයි. අරුණාලෝකය මහත් වූ ඝනාන්ධකාරය දුරු කර පෙරදිග අහසෙහි පැතිරෙයි.

විස්තර - සරණ’වි - සරණ + අවි; සරණ හෙවත් කකුල අවියක් කර ගත් තැනැත්තා, කුකුළා; කුකුළා පහර දෙන්නේ පයිනි.

සිරේ - මුදුනෙහි

සරේ - විලෙහි; පියුමෙහි යන අර්ථ දෙකම දෙයි.

තුමුල් - මහත්

වීමර්ශනය - කලින් දින රාත්රි යේද නිදා නොගත් (98) දූතයා මෙදිනද නිදි නොලද බව පෙනී යයි.

168

අන්වය - මඳ පවන් වැඳ ලෙළ දෙන ලිය වදල සහයුරු පලු කසට කට පරපුටු තෙපුල් මඳ මඳ ඇසේ.

අර්ථය - මඳ සුළඟ වැදී සෙලවෙන්නා වූ වැල්ගොමුවල මී අඹ දලු (කෑමෙන්) කහට වූ කටින් (එන)කෝකිලයන්ගේ නාදය ටික ටික ඇසේ.

විස්තර - ලිය වදල - වැල් එකට එතී ගොනු වූ තැන් ලිය වදල හෙවත් ලිය වදුල් නමින් හැඳින්වේ.

සහයුරු පලු - සහකාර පල්ලව; මී අඹ දලු; සහකාර නම් මී අඹයි.

පරපුටු - කෝකිලයා; කෙවිලිය බිජු දමන්නේ කපුටු කූඩුවෙහිය. කපුටිය ඒවා රකිනු ලැබ පැටවුන් එළියට අවුත් වැඩෙන්නට වූ කල කොටා පන්නා දමයි. මලු කාලයේ තම මව නොව වෙනත් තැනැත්තියක විසින් පෝෂණය කරනු ලැබූයෙන් කෝකිලයා පරපුටු යන නාමය ලබයි.

10



146

169

අර්ථය - මිත්රිය, චන්ද්ර් රශ්මිය නමැති වතුර ලෝකයෙහි පිරී බසින විට ගස් මුදුන් අතරෙහි විසිරී රැඳුණාවූ පෙණ සමූහය මෙන්, එදා උදය බො‍හෝ වූ කැලෑ මල් දැක සිතේහි සන්තෝෂය වර්ධනය කර මඳක් තැන් ගොස් ....

170

අන්වය - පබළ කැල සමග රැඳි පෙණ පෙළ ලකළ තරඟ විසුළ පුවළ නිල් සිඳු පළ කළ, සුළඟට ලෙළ දළු මල් තුරු වැළ වතළ උදුළ නැබළ වන ගළ පෙර මගබල

අර්ථය - පබළු සමූහය සමග රැඳුණා වූ පෙන සමූහයෙන් අලංකාර වූ රළ විසිරුණු ප්රෞයඩ වූ මුහුදෙහි (ආකාරය) ප්රළකාශ කළ, සුළඟට ලෙළ දෙන දළු මල් (සහිත) වෘක්ෂ සමූහය වැතුරුණා වූ බබලන, මහත් වනරේඛාව ඉදිරි මාර්ගයෙහි බලන්න.

විස්තර - (1) ඈත වන ඝටය නිල්ය. එහි රතුපාට දළුද සුදු පාට මල්ද විසිරී තිබේ. ඒවා හරියටම පබළුවලින් හා පෙණවලින් ගැවසී සමුද්රඑය වැන්න. මේ දළු හා මල් සුළඟින් සෙලවීම මුහුදේ පබළු හා පෙණ තරඟවලින් චලනය වීම වැනිය.

(2) පුවළ සිඳු - ප්රෞපඩ වූ සාගරය

වන ගළ - වන ඝටය, වන පන්තිය

171 අන්වය - ගිරි කුළේය සිකි පිල් සත් කෙළේය. තුරු බෙළේය, රොන් සක් සක අඹළේය. ගජ රළේය. බිඟු දැල් වම් උදුළේය. වන ගෙළේය රජ සිරි අත් කෙළේය.

අර්ථය - පර්වත මුදුනෙහි මොනරා පිල් නමැති ඡත්රයය (ඇති) කෙළේය. ගස නමැති බට තෙමේ රොන් වළල්ල නමැති චක්රුය (චක්රඡයුධය) කරකැවීය. හස්ති සමූහව මීමැසි සමූහය නමැති සන්නාහයෙන් දිලිසිණි. (මෙසේ) වන ඝටය රාජශ්රීයය හිමි කර ගති.



147 විස්තර - (1) අර්ථ රසය ගත් කල්හි මෙම පද්යරයේ එතරම් විශේෂත්වයක් ඇත්තේ නැත. කව්සිළුමිණ වැනි උසස් කාව්ය්යන්හිත් යෙදී ඇති නමුත් රේණු සමූහය චක්රතයකට (රොන් සක් සක) උපමා කිරීම සුදුසු නොවේ. එසේ වෙතත් මේ කවිය ශබ්ද රසය අතින් අනූන වූවකි. බොහෝ තැන්වල අතිරේක ‘ය’ කාරය අර්ථයක් ගෙන නොදෙන නමුත් ඉන් ශබ්ද රසය තීව්ර් වෙයි. මින් ඉදිරි කවිවල මේ ලකෂණය විද්යාෙමාන වේ.

(2) සිකි - මොනරා

සත් කෙළේය - පර්වත මුදුනේ මොනරා පිල් විදහූ කල එය කූඩයක් එසවීම වැනිය.

රොන් සක් සක - රේණු සමූහය නමැති චක්රිය

වම් - සන්නාහය

172

අන්වය - ඇද හැලීය දිලියෙහ ගඟුලැලිය, ගිලි මල් රොන් අවුලිය. සුදුවැලීය, මද මත් හස කැලීය, වන විලීය. මන කලීය වන මලීය, දැක යව.

අර්ථය - ඇද වැටී බබලන්නා වූ දිය ඇලිද පතිත වුණු රේණුවලින් ගැවසි ගත් සුදු වැලි (තලා) ද මද මත් හංද සමූහයා සහිත වන විල්ද (සහිත) මනහර වන පන්තිය දැක යන්න.

විස්තර - ගඟුලැලි - ගඟුල් + ඇලි, දිය ඇලි

මද මත් - (මල් පැණිවල) මදයෙන් මත් වූ

හස කැලි - හස කැල, හංස සමූහය

වන මලී - වන මාලාව, එකින් එක පිහිටි වන පන්තිය

173

අන්වය - තුරු රැසාය, අතු අතින් ඇද ගසාය සඟතොසාය කෙළන පන්දු ලෙසාය මග අසාය වන හිසාය පැන ගෙන යන වඳුරන් නිසාය ලසාය නොව.





148

අර්ථය - ගස් සමූහය අතු නමැති අතින් ඇද ගසමින් සතුටින් ක්රීයඩා කරන පන්දු ආකාරයෙන් මාර්ගය අසල වන මුදුනෙහි පැන ගෙන යන වඳුරන් නිසා ප්රුමාද නොවන්න.

විස්තර - (1) මෙම කවියෙහි තාලය වුවද වඳුරන් ගසින් ගසට පනින විලාසය ධ්වනිත නොවන්න. ලසාය නොව - ප්රමමාද නොවන්න.

174

අන්වය - තඹ පබා අඹ දලු නොතබායා සිඳ ගෙන තම පිය අඹා තුඬු අග තබායා රති ලොබා දෙපිය ගබායා සිඹ සිඹ උන් පරපුටු සුබා නරඹා සකි යා

අර්ථය - තඹ පැහැති අඹ දලු ඉතුරු නොකොට කඩා රැගෙන තම ප්රිඅය භාර්යාවගේ තුඬ අඟ තා කාමාශාවෙන් පියාපත් අතර සිප සිප සිටි කොවුලන්ගේ සැටි බලා මිත්රඟය, ගමන් කරන්න.

විස්තර - තඹ පබා - තඹ පාට

දෙපිය ගබායා - පියාපත් දෙක අතර

නරඹා යා - නරඹා යන්න.

175

අන්වය - ඉඳුනිල් කොළ අතුරා එ පැහැ අයුරායා විලිකුන් අඹ අවුරා තුඬු අගින් ඉරායා එන රස උර උරා ලොබ නොහැරායා රඳන පෙළ ඉඳුරායා නරඹ.

අර්ථය - ඉන්චද්රරනීල කොළ අතරෙහි ඒ පැහැයෙහි ආකාරයෙන්ම ඉදුණු අඹ වසා ගෙන හොට අගින් සිදුරු කොට එන්නා වූ රසය උර උරා ආශාව අත් නොහැර සිටින ගිරා පන්තිය කෙළින්ම බලන්න.

විස්තර - ඉඳුනිල් - තද නිල් පැහැයට ඉන්ද්රානීල යැයි කියනු ලැබේ. මේ නමින් මැණික් වෙසෙසක්ද වේ.

විලිකුන් - ඉදුණු

176

අන්වය - එන දුලා රිවි බිඹු බලායා ගිරි අග ගිරි නීල් මල් තුලා පිල් සසලායා පිල් හෙලා නිල් ගෙලා දිගු කර හඬලායා රඟන මොනර බලා නොසිට පලා යා.


149 අර්ථය - (නැඟ) එන්නා වූ දිලිසෙන සූර්ය බිම්බය බලා කඳු මුදුන්හි ගිරි නිල් මල් හා සමාන පිල් සොලවා නිල් බෙල්ල දික් කොට දිගට හඬ ලා නටන්නා වූ මයූරයන් බලා නොනැවතී ‍යන්න.

විස්තර - තුලා - සමාන

සසලා - හොඳින් සොලවා

177

අන්වය - ඉතා යා වරල දුනුකේ පෙති ගොතා පිපි මල් රොන් ගතා තවර ගතායා, වියොවග යුද පතායා වන සර කතා එන එවන පෙතායා නොකර කතා යා.

අර්ථය - ඉතා යහපත් කෙස් වැටියෙහි දුනුකේ මල් පෙති ගොතා පිපුණු මල් ‍රේණු ශරීරයෙහි තවරා ගෙන අනංග යුද්ධය සඳහා වනචාරි කතුන් එන එම වනාන්තරයෙහි කතා නොකර යන්න.

විස්තර - (1) එම වනයෙහි වනචාරි (වැදි) කාන්තාවෝ මදන යුදයට සැරසී ගෙන එති. එම නිසා කතා නොකර යෑම යහපත්ය. පරතරකයේන ඔබ පෙදෙස එදවස වනාන්තරයක් වූ බවත් එහි වැද්දන් පව සිටි බවත් මින් හැඟවේ.

(2) ඉතා යා - ඉතා යහපත්.

වියොවග - අනංගායාට නමකි.

වියොවග යුද පතා - අනංග ක්රීමඩාව බලාපොරොත්තුවෙන්

වනසර කතා - වනචාරි කාන්තාවන්

178

අන්වය - දුෂ්කර නැත.

අර්ථය - වනචාරීන් හෙවත් වැද්දන් දැක තම සිතෙහි බිය ඇති කර ගෙන වලා ගැබෙහි ලෙළ දෙන්නා වූ විදුලිය ආකාරයෙන් වනය තුළ ‍එහෙ මෙහෙ ඉක්මනින් පැන යන්නා වූ මුවන් සමූහය තන්හි තන්හි දැක සතුටින් යන්න.

විස්තර - වනය නිල්වන්ය; ඝන වලාකුළක් වැන්න. ඒ තුළ ඉක්මනින් දිව යන රන් පැහැති මුවෝ වලාවෙහි විදුලිය වැන්න. මේ වනාහි ගිරාකරුගේ කවිත්වය විදිහා දක්වන තවත් අපූරු කවි කල්පනයකි.



150 179

අන්වය - මඳ ප්රියත්නයකින් යොදා ගත හැකිය.

අර්ථය - කැලෑවෙහි විල්වල පිවිස ඝන සෙවෙල ශරීරයෙහි තවරා ගෙන වල් පඳුරු සමූහය ඉදිරි පාවලින් උදුරා රැගෙන දික් වූත් උල් වූත් අං එල්ල කොට බෙල්ල කරකවා ඔවුනොවුන්ට එරෙහි වන (පොරට සූදානම් වන) මහිෂයන් නුදුරෙහි බලව.

විස්තර - බොල් - බහල, ඝන

අතින් - මෙහිලා ඉදිරි පාද අදහස් කෙරිණි.

සිඟු - අං, ශෘංග

පිළිමල් වන - ප්රිතිමල්ල වන්නා වූ; එරෙහිව සටනට සැරසෙන

180

අර්ථය - විල් ඉවුරුවල වළවල් හාරා ලැග මඩ ගා ගෙන ආශාවෙන් සුදු නෙලුම් අල උදුරා කමින් ඝන වූ, පෙණ කැටි සහිත කෙළ මුව දෙපසින් වගුරමින් කැලෑ වැදී යන ඌරන් කෙළින්ම බලන්න,

විස්තර - (1) පද ගැළපීම එතරම්ම මනහර නොවෙතත් මෙද සිත් ගන්නා වාක් චිත්රරයක් ඉදිරිපත් කරයි.

(2) හෙව - නිදා ගෙන; මෙහිදී ලැග යන අරුත ගත හැකියි

නෙළුඹ’ල - නෙළුඹු + අල = නෙලුම් අල

දෙකෙළින් - කට දෙකෙළවරින්

181

අර්ථය - එකිනෙකාට පසු නොවී වහා අවුත් මී අඹ වලු අතින් ගෙන කඩමින්. ඇද ඇද ගස් පන්තිය එකට එක් කරන ආකාරයෙන් රංචු ගැසී එන රිළවුන් සන්තෝෂයෙන් බලව.

විස්තර - (1) මෙද කලින් පද්යත දෙකටත් වඩා අපූරු චිත්රදයක් ඉදිරිපත් කරයි. වඳුරන් රංචු ගැසී ගසින් ගසට පැනීම ඒ ගස් ඇද ඇද එකට එක් කිරීමක් වැන්න.

(2) ගළපන - එකට එක් කරන

රොද බැඳ - රංචු ගැසී


151

අන්වය - නිති තුරු හිමියන් වැල - ලා ගෙන, එන බමරුන් පලු පත් අතිනි දැහැ කුල අඟන මෙනී සිටි පිපි ලිය දැක, සකි ලස නොව තොස වඩමිනී යව.

අර්ථය - නිතරම වෘක්ෂ නමැති සැමියන් වැලඳ ගෙන, එන්නා වූ මීමැස්සන් දළු කොළ නමැති අත්වලින් පලවා හැර කුල ස්ත්රීසන් මෙන් සිටියා වූ (මල්) පිපි ලතාවන් බලා, මිත්රුය, ප්රිමාද නොවී, සන්තෝෂය වර්ධනය කරමින් යන්න.

විස්තර - (1) මේ කැලයෙහි ලතාවෝ කුල කාන්තා‍වන් වැන්න ඔවුහු නිතරම සිය සැමියන් වැළඳගෙන සිටිති. තමා වෙත මී බොන්නට එන බමරුන් නමැති පර පුරුෂයන් අතින් ගසා පලවා හරිති.

(2) දැහැ - දුරු කොට

පලු පත් අතිනී - පල්ලව පත්රර නැමති අතින්

183 අන්වය - මහ වන ගැබා ගිරවුන් ලොබ කොට දුන් තුඬු පබා අසු කොට නොහැරම ඇතුළත තබා බිඹු වැළ සුබා පිටතට පෑ අයුරු ත නෙතට පෙනෙනුය.

අර්ථය - මහා වන ගර්භයෙහි ගිරවුන් ආශා උපදවා දුන්නා වූ හොටෙහි, ස්වභාවය අල්ලා අත් නොහැර ඇතුළත තබා ගෙන කෝවක්කා ගෙඩිවල විලාසයෙන් පිටතට පෙන්වූ ආකාරය ඔබේ ඇසට පෙනෙන්නේය.

විස්තර - (1) ගිරව් කෙම් ගෙඩි කැමට ආශා කරති. ඒවාත් ඔවුන්ගේ තුඬුත් පැහැයෙන් එක හා සමානය. මේ සමානකම ගිරවා ගෙඩි කෑමට ගැසූ තුඬ හසු කළ කෙම් ගෙඩිය ඒ පැහැය උකහා ගෙන ඇතුළත තබා ගෙන පිටතට පෙන්වීමක් වැන්න.

(1) තුඬු පබා - තුඬු ප්ර භාව, හොටෙහි පැහැය.

බිඹු වැළ - ඉදුණු කෝවක්කා ගෙඩි







152

184

අන්වය - වෙනේ නිකසළ වැලිතල, පිටුවල වෙන වෙනේ පිල් අඹල සිකි කැන් ලෙස, රොන දොළ බිඟු මුළු රැඳි පැහැදුල මල් කස තුරු පෙළ තැන තැන පෙනේ.

අර්ථය - කැලෑවල පිරිසිදු වැලිතලා මත වෙන වෙනම පිල් විදහා ගත් මොනර සමූහයන් මෙන් ‍රොනට ආශා කළ මී මැසි සමූහයා සිටි, පැහැයෙන් බබලන මල් (සහිත) ගස් තන්හි තන්හි පෙනේ.

විස්තර - පිල් අඹළ - පිල් විදහා ගත්

රොන දොළ - රොනට ආශා කළ

185

අන්වය - නිමල් වන දෙව් කලා මනකලා දිසි මිණි මෙවුල් ලෙස රැඳි මිදෙල් මල් කැන් බලා කොඬොල් මිණි සිරි උසුලා යව.

අර්ථය - නිර්මල වූ වනය නමැති දෙව් ලියගේ සිත් ගන්නා, දෘශ්ය මාන මණි මේඛලාව වැනිව රැඳී ගත් මිදෙල්ල මල් සමූහය බලා මැණික් කුණ්ඩලාභරණයක සිරි උද්වහනය කර යන්න.

විස්තර - වන දෙව් කලා - වනය නමැති දිව්යන කාන්තාව

මිණි මෙවුල් - පුරාණ කාන්තාවන් ඉණෙහි පැළඳි ආභරණයකි.

කො‍ණෙඬාල් මිණි - කුණ්ඩලාභරණ

186

අන්වය - ඇති සැ‍ටියෙන් වුවද ගත හැකිය.

අර්ථය - වන දෙව් ලියන්ගේ පයෙහි ලතු තැන තැන තැවරුනු ආකාරයට බැබලුණා වූ කැලයෙහි ගස් මුදුන්වල රැඳුණ ළපටි කොළ (දළු) එකල්හි සිත් සතුටු කර බලන්න.

විස්තර - ලා - ලතු, අත් පාවල ගාන රතු පාට ආලේපය.

ළදලා - ලපටි කොළ, දළු



153 187

අර්ථය - ආකාශයෙහි පැතිරුණා වූ සූර්ය රශ්මියට බියෙන් ඒ කැලයෙහි සැඟවෙමින් සැලෙන්නා වූ අන්ධකාර කැටි ආකාරයෙන් එල්ලෙන්නා වූ වවුල් සමූහයා පෙනෙයි.

විස්තර - සූර්ය රශ්මියට අන්ධකාරයද වවුල්ලුද බිය වෙති. හිරු පායා එන විට අඳුර කැටි ගැසී වෙව්ලමින් ගස්වල එල්ලි සිටින්නාක් මෙනි, වවුලන් පෙනෙන්නේ. මෙද චමත්කාරජනක වර්ණනයකි.

188

අර්ථය - යහළුව, ඒ වනය නමැති රජුගේ මහත් වූ තේජස් සමූහය අවට හැසිරෙන විලාසය ඉතා අලංකාර ලෙස පෙන්වා විල් අසල හැසිරෙන්නා වූ වලි කුකළු රංචු ඔබේ හිතේ හැටියට බලන්න.

විස්තර - විල’ස - විල් + අස; විල අසල

ත-මන ලෙසට - ඔ‍අබේ හිතේ හැටියට; ඇති තරම්

189

අන්වය - සබඳ, අවට තුරු යට නොමඳ රැසින් රැඳුණු කරඳ කුසුම් දැක, විලඳ වෙදැයි සිත සැක කොට ගොසින් නිවට නොවන්.

අර්ථය - කිසි සේත් දුෂ්කර නැත. ‘නිවට නොවන්’ යනු ලජ්ජාවට පත් නොවන්න යනුයි.

190

අන්වය - ගඟුලැලි ව‍ැදේ විසිර හෙන මල් මුවර‍ෙඳ් තවර ගෙන බමර රැව් මඳ ම‍ෙඳ් ඇද පැතිර එන මඳ නල වි‍ෙඳ්.

අර්ථය - ගඟුල් හැලි වැදී විසිරී වැටෙන මල් රේණු තවරා ගෙන මී මැසි නාදය ටික ටික ඇද පැතිරී එන්නා වූ මඳ සුළං (සුවය) විඳ (මතු සබඳි)

විස්තර - මඳ සුළඟ ගඟුලැලිවලින් උකහා ගත් කුඩා දිය බින්දුවලින් යුක්තය. ඒවා සුළඟට එක් වනුයේ මල් රේණු සහිතවය. මේ නිසා සුළඟ සිසිල්ය. සුවඳවත්ය. එසේම ගීතවත්ය.



154 191 අන්වය - පහසුය.

අර්ථය - ග්රීයෂ්මය දුරු කරන පිණිස සලන්නා වූ මැණික් විජිනි පත් මෙන් දෙපියා පත් ගසමින් යන්නාවූත් එන්නාවූත් ස්වකීය පක්ෂීන් (ගිරවුන්) සමූහය දකින්න.

විස්තර - නිසා - සඳහා

තල් වට - වටාපත

සිය සියොතුන් - තම පක්ෂීන්, ගිරවාට තම පක්ෂීන් වනුයේ ගිරවුන්ය.

192

අර්ථය - මිත්රටය, ශරත් ආකා‍ශයෙහි තාරකා සමූහය මෙන් බොහෝ කොඳ කුසුම් පිපිලතා මඬුලු තුළ ඉඳ පල රස වින්දනය කොට සතුටුව (ම. ස.)

විස්තර - සරද නුබ - ශරත් (වප් ඉල් දෙමස) ආකාශය. මෙකල ආකාශය ඉතා පැහැදිලාය.

කොඳ - ඉද්ද, සමන්පිච්ච වැනි මල් විශේෂයකි.

ලියමඬු - ලතා මණ්ඩප; වැල් එකට එතීමෙන් සෑදුණු මඬු

193

අන්වය - කොවුල් නොකමසේ කුල්නා තුරු හිසේ සුපුල්, මල්, කමල් විල් වෙත මුව රැසේ රැඳි විසල් වල් තොසේ දැක ගොස්...

අර්ථය - කෝකිලයන් කෙළවරක් නැතිව නාද කරන ගස් මුදුන්හි හොඳින් පිපුණු මලුත්, නෙළුම් විල් අසල මුව රංචුත් හොඳින් රැඳි විශාල වනය සන්තෝෂයෙන් දැක ගොස්

විස්තර - නොකමසේ - අතරක් නැතිව

කුල්නා - කූජනය කරන, නාද කරන

කමල් - නෙලුම් මල්

විසල් වල් - විශාල කැලෑ


155 194 අන්වය - සිඳු මැදට බැස දිය ගෙන ඇවිටුව ලා නුබ කුස යනු බැරිව වෙරළ අවලා සිටි නොමඳ වලාකුළු ලෙස ඇම දවස දිසි මුහුදු වලා තුරු පෙත වැද ‍සතොස ඉඳ

අර්ථය - මුහුද මැදට බැස ජලය ගෙන ආශා වී ලා අහස් ගැබට යා නොහැකිව මූදු තීරයෙහි ආකූලව සිටි බො‍හෝ වලාකුළු ලෙස සියලු කල්හි පෙනුණා වූ මුහුදු කැලෑවෙහි ගස් සමූහයට වැද සතුටින් ඉඳ

විස්තර - අතිරික්තයක් සේ පෙනෙන මෙම කවිය ඒ තරම් ව්යෙක්ත නිබන්ධයක්ද නොවේ. ‘ඇවිටුව ලා’ යන්නට හැම දෙනාම දී ඇති තේරුම ‘ආවිෂ්ටව හෙවත් පිරී’ යන්නය. සෝරත හිමියන් ධම්පියා අටුවා ගැට පදය ප්රකමාණ කර ගනිමින් දක්වන ‘ආශා වී’ යන්න වඩා සුදුසු අර්ථයකැයි සිතමු. කෙසේ වුවද ‘ව’ ‘ලා’ යන පූර්ව ක්රිසයා දෙකින් ‘ලා’ යනු ගිරාකරුවාට එතරම් හුරු පුරුදු යෙදුමක් නොවේ. ‘මුහුදු වලා’ යන්නට ‘මුහුදු බඩ කැලය’ යන තේරුම දීමද එතරම් ප්රවශස්ත නොවේ. එය තුරුපෙත් සමගද නොගැළපේ. ‘මුහුදෙන් වට වූ’ යන තේරුම මෙයට දිය හැකිද?

195

අන්වය - මිතුර, දෙතෙර හැසිරෙන සියොතුන් පා පහරින් නිති කම්පා වන තුරු මල් රොන් පැතිර එන දිය දහර ලැබ තද ගිම් පා කර මහ දම්පා මෝදර දැක යව.

(ගිම් පා කර මහ දම්පා මෝදර දැක යව කිවද මහ දම්පා මෝදර දැක...ගිම් පා කර යව කිවද වරදක් නැති සේ පෙන්. ගිරවා ගොඩබිමින් පියාසර කරන නිසා ගිම් නිවා ගෙන අහසට නැඟුණු පස් මෝදර බලන්නට සැලසීම වඩාත් සුදුසුය.)

අර්ථය - යහළුව, ඉවුරු දෙකෙහි සංචාරය කරන කුරුල්ලන්ගේ පාද ප්ර හාරයෙන් නිතර සෙලවෙන ගස්වල මල් රේණු පැතිරී එන්නා වූ ජල ධාරාව ලබා තද ග්රී ෂ්මය පහ කොට මාදම්පා මෝදර දැක යන්න.






156

විස්තර - සියොතුම්පා - සියොතුන් + පා = කුරුලු පාද

ගිම් පා කර - ග්රීාෂ්මය දුරු කොට

මෝදර - මුවදොර; ගඟක් මුහුදට වැටෙන ස්ථානය

196

අන්වය - වෙරළ වැද වැද දෙන විහිගුම් සිඳු ගොස ආයෙන් සල සිත්ව බා නොගොසින් තො කසායෙන් සෙද ගොසින්....

අර්ථය - වෙරළෙහි වැදි වැදී දෙන්නා වු මහත් සමුද්ර් ඝෝෂාව පැමිණීම නිසා චංචල වූ සිත් ඇතිව භයට පත් නොවී ඔබ කහවෙන් ‍ගොස්

විස්තර - විහිගුම් - මහත්

ගොසායෙන් - ගොස + ආයෙන්, ඝෝෂාව පැමිණි නිසා; මෙතැන මෙය මනහර ලෙස යෙදී නැත

සල සිත්ව - සිත චලිතව

බා නොගොසින් - භයට පත් නොවී

කසාය - අද මෙ පෙදෙස ‘කහව’ නමින් හැඳින්වේ. ගොසායෙන්, කසායේන යනු ‘ගොසාවෙන්’ ‘කසාවෙන්’ යැයි ගත්තේ නම් වඩා මැනවි.

197

අන්වය - විහිගුම් සමුදුරු වෙරළ අත හමුව විදි බිම් බට සුර පුර මෙන් අළ මුව වඩවන, විසිතුරු පල අරම් ගෙවුයන් සුමුව සැදි සව් සිරි පිරි මනරම් තොටගමුව දකු.

අර්ථය - මහත් වූ සාගර වෙරළෙහි කෙළවර දක්වා විහිදී, බිමට පැමිණි දිව්යෙ ලෝකය මෙන්, අයා ගත් මුවවල් වැඩි කරන්නා වූ විචිත්රව වූ පලතුරු උයන්, ගෘහෝද්යා,න සමූහයෙන් අලංකාර වූ සියලු සම්පත්තීන් පිරි තොටගමුව දකින්න. විස්තර - වෙරළත හමුව - වෙරළ අත හමුව. වෙරළෙහි කෙළවර හමු වනුයේ නගරය සමුද්රනය දක්වා විහිද තිබුණොතිනි.



157 අළ මුව වඩවන - පුදුම දෙයක් දුටු විට මුව විවෘත වීම ස්වාභාවිකය. එසේ විවෘත වන මුඛ ගණන තොටගමුව වැඩි කරයි.

සුමුව - සමූහය

198

අන්වය - වෙන් තමා උදුළ තරළ මිණි හැර ගතැයි පුවළ නතිඳු හට පමුණන ලෙසින් තරළ නැබළ රළ බමා ගොස පහළ කර දමා වෙරළ වතළ සිඳු රඟ නෙත් යොමා බලග.

අර්ථය - විෂ්ණු තමාගේ බබලන ප්රිධාන මැණික ඇර ගත්තේ යයි ප්රෞලඪ වූ නාථ දෙවියන්ට පැමිණිලි කරන ආකාරයට චංචල වූ මහත් තරඟ භ්රධමණය කොට ශබ්ද නඟා වෙරළෙහි වැතිර ගත් මුහුදෙහි ආකාරය ඇස් යොමු කොට බලන්න.

විස්තර - තරළ මිණි - ප්රොධාන මධ්යය මාණික්යෞය; ලොකුම මැණික, කිරි මුහුද අළලන විට පහළ වූ කෞස්තුභ නම් මාණික්යණය ගැන කළ සඳහනකි. කිරි මුහුදට අයත් වූ මැණික ගැන කීමට සාමාන්යණ සාගරයට අයිතියක් නැත.

නතිඳු - නාථ දෙවියා; මහායාන දෙවියෙකු වූ ‍මොහු හින්දු විශ්වාසයට අනුව නම් විෂ්ණුට වඩා බලවතෙකු සේ සැලකීමට ඉඩක් නැත. එහෙත් මහායානයට ගරු කළ අය මොහු වඩා බලසම්පන්න සේ සැලකූ බව මේ පද්යායෙන් පෙන්.

වෙන් - විෂ්ණු

තරළ නැබළ රළ - සෙලවෙන ‍මහත් වූ තරඟ; මෙතැන තරළ යනු ‘සෙලවෙන’ යන තේරුම දේ.

199

අර්ථය - ඉතා නිල් පොල් වනය නමැති පියාපතින් විරාජමාන වන සිත්කලු විහාරය නමැති ගුරුළු රාජයා විශාල වූ සාගරය තුළින් ගත් නාගරාජයෙකු වැනි පිරිසිදු වැල්ලෙන් අලංකාර වූ අඩි පාරට පැමිණ.






158

විස්තර - (1) තොටගමු විහාරය මෙහි ගුරුළෙකුටත් එයට යන සුදු වැලි අතුළ අඩි පාර නාගයෙකුටත් සමාන කර ඇත. ගුරුළාගේ පියාපත්, විහාරය දෙපස පිහිටි පොල් වතුය.

නාලොව පිහිටා ඇත්තේ සමුද්රරය යට යැයි කියනු ලැබේ. ගුරුළා නාගයා මුහුදෙන් ඇද ගත්තේ ඒ නිසාය.

නෙරළු - පොල්

වොරඳනා - වැජඹෙන, බබලන

සයුරතින් - සාගරය තුළින්; අත යනු ඇතුළ යන තේරුව දේ (රුවන්මල 690)

පුලින - වැලි

පෙත් මඟ - අඩි පාර, විහාරය කොතරම් විශාල වුවත් එයට යෑමට තිබී ඇත්තේ අඩි පාරකි. රියෙන් පැමිණෙන ජනයා වුවද ගෞරවය නිසා ඈත රිය නතර කොට පයින් එහි ගියා විය හැකිය.

200

අන්වය - මිතුර, පළමු කොට වෙහෙර අතුරට සෙද නොගොසින් අවට පවර සුරිඳු නඳුන් එව් දිසි, වනපෙතට පිවිස නිතොර මල් පල සුසැදි අරම් සිත සතුටු කොට නරඹව.

අර්ථය - මිත්රයය, ප්රපථමයෙන් විහාරය තුළට ඉක්මනින් නොගොස් වටේට, උතුම් සුරේන්ද්ර යාගේ නන්දන නම් උයන මෙන් පෙනුණා වූ කැලයට ඇතුළු වී නිතරම මලින් හා ඵලයෙන් සජ්ජිත වූ ආරාමයන් (උයන්), සිත සතුටු කර බලව.

විස්තර - වෙහෙර’තුරට - වෙහෙර + අතුරට, වෙහෙර තුළට නඳුනුයන - නන්දන උයන, ශක්ර-යාගේ උයන

ආරාම - උයන

201

අර්ථය - වෙනස් වෙනස් ආකාරයට බඳනා ලද දිය කඩිතිවල ජලක්රී ඩා කොට යන්නා වූත් එන්නා වූත් කුරුලු සමූහයා

රාව ප්ර තිරාව කළ, මිනිසුන්ගේ සිත් සතුටු වන රස ඵලවැල දිලි වටේට තැන් තැන් වල බබලන නොයෙක් රුක් පෙළය.

විස්තර - තෝතැනි - ගස් අසල ජලය පුරවා කළ කුඩා ජලාශ, ජපානය ආදි මහායාන බුදු සමය පවත්නා රටවල පන්සල් වල මෙවැනි ජලාශ බහුලය. විජයබා පිරිවෙන මහායානය පැවති ස්ථානයක් නිසා එහි මෙබඳු කු‍ඩා ජලාශ තනවා තිබෙන්නට ඇත.

සියොත් - පක්ෂීන්

රැව් පිළිරැව් - රාව ප්ර තිරාව; එකෙකු කළ නාදය හා එයට පිළිතුරු වශයෙන් කරන නාදය

පලවැල - කුඩා ගෙඩි හා ලොකු ගෙඩි, ඵලාඵල යන්නෙන් බිඳී ඇත.

202

අන්වය - රැළින් රැළ බිඟුන් කෙළ වතළ, කෙළින් කෙළ දිමුතු තඹර අචල පොකුණු නුමුතුය. පළින් පළ මිණිමුතු සුරත් නිල් මල් පෙළින් පෙළ විහිදි සුසැදුණු මල්වතුය.

අර්ථය - රංචුවෙන් රංචුව මීමැස්සන් ක්රීිඩා කරමින් විසිරුණා වූ කොනින් ‍කොන දීප්තිමත් නෙලුම් ගැවසි පොකුණුවලින් විනිර්මුක්ත නොවේ. තැනින් තැන පිපුණු රතු සහ නිල් මල් පේළියෙන් පේළියට විහිදුණා වූ හොඳින් සෑදුනු මල් වතුය.

විස්තර - රැළින් රැළ - මීමැස්සන් හැසිරෙන බව කියා ඇත්තේ රංචුවෙන් රංචුවය.

කෙළින් කෙළ - කෙළවරින් කෙළවරට

නුමුතුය - මුක්ත වූයේ නොවේ; ගහනය

මිණිමුතු - මිණියෙන් (මණියෙන්) මුතුයේ මිණි මුතු; පිපුණු

203

අන්වය - පසෙක, නොයෙක සුවඳ මුවරඳ හෙන පිවිතුරුය සුපුල් සල් කොළඹ ඉළු විසිතුරය. දෙසෙක අතුරුය නොව සසක සහසකර කිරණ එව් සුපිපි සපු නා කිණිහිරි තුරුය.



160

අර්ථය - පැත්තක (ඇති) නොයෙක් සුවඳ මකරන්ද වැටෙන පවිත්රක, මනාව පිපුණු සල්, කදම්බ වනය විසිතුරුය.

පැත්තක, අතරක් නැතිව චන්ද්රි සූර්ය රශ්මිය මෙන් මනාව පිපුණු සපු නා හා කිණිහිරි ගස්ය.

විස්තර - (1) පැත්තක ඇති සල් හා කොළොම් ගස්වලින් නොයෙක් (එකිනෙකට වෙනස්) සුවඳ සහිත රේණු පතිත වෙයි. අනික් පැත්තේ ඇති සපු, නා හා කිණිහිරි මල් අතරක් නැතිව චන්ද්රප සූර්ය රැස් පැතිරී සිටින්නාක් වැනිය. මෙහි නාමල් සුදු නිසා චන්ද්රප රශ්මයටද, සපු කිණිහිරි රතු නිසා සූර්ය රශ්මියටද උපමා කර ඇත.

(2) ඉළු - වනය, කැලෑව

සසක - සස + අක, සාවා අංකය හෙවත් සලකුණ හැටියට ඇත්තේ යමක්ද ඒ සසකයි. චන්ද්ර යායි.

නොව’තුරුය - අතුරු + නොව; අතරක් නැතිව

204

අර්ථය - පළොල්, හීන්කෙන්ද, ඇසළ, සමන්පිච්ච, සව්කෙන්ද, උල්කෙන්ද, නිල් මානෙල්, අංකෙන්ද, සීනිද්ද (යන මේවායේ) සුවඳ අතරක් නොතබා දස අතේ විහිදෙයි.

205

අන්වය - තුරු සිරේය මල් රොන් නිරතුරේය පවන් වැදී මළු අතුරේය ඉසිරේය. බිඟු තුරේය ලොබ කර නොවිතරේය දම් පිළිරැව් යුරේය නද කෙරේය.

අර්ථය - ගස් මුදුන්හි මල් රේණු නිතරම සුළං වැදී මිදුල් මත ඉහිරී යයි. මී මැස්සෝ තද ආශා උපදවා අප්රතමාණ ධර්මය ප්රේතිරාව කරන්නාක් මෙන් නාද කරති.

විස්තර - නොවිතර - විතර නැති; අප්රිමාණ

පිළිරැව් යුරේය - ප්රපතිරාව ආකාරයෙන්

206

අන්වය - සබඳ, නොමඳ බමර අකුරු රැඳි මල් රෙහෙණු පට සිය අතු අතට ඇර ගෙන වෙහෙර වට තුරුද කොවුල් රැවු තෙපලෙන් නිතොර දහම් මිහිරි කොට පවසන වැනි.


161 අර්ථය - යහළුව, බොහෝ වූ මී මැසි නමැති අකුරු රැඳුණා වූ මල් රේණු නමැති වස්ත්රැය තමන්ගේ අතු නමැති අතට රැගෙන විහාරය වටා ඇති ගස්ද, කෝකිල රාව නමැති වචනයෙන් නිතරම ධර්මය මිහිරි කොට පවසන්නාක් වැනිය.

විස්තර - (1) මෙය අපට රහල් හිමියන්ගෙ පහත සඳහන් කවිය සිහිපත් කරවයි.

දෙසන බණ සඟවැ ළ උගත් ගිරවුන් නිකස ළ කියත ඉඳ බිළ තුළ තුරුදු බණනෙ’ව් මගද ගා පෙළ (කාව්යන ශේඛරය 1.56)

මෙහි අර්ථ බීජය අශ්වඝෝෂගේ බුද්ධ චරිත කාව්ය්යෙහි එයි.

(2) වෘක්ෂයෝ බණ කියති. ඒවායේ අතු අත්ය. මල් රේණු බණ ලියූ වස්ත්රරයයි. එහි හැසිරෙන බමරු අකුරුයි. කොවුල් නාදය ශබ්ද නඟා බණ කීමට සමානය.

(3) පට - වස්ත්රරය; අතීතයෙහි ලිවීම සඳහා රෙදිද පාවිච්චියට ගැනිණ.

207

අන්වය - එවෙහෙර අතුර රඳන මහරු මහ සඟන නිරතුරු රඳ සිවුරු පැහැ දියුණු කර පිපි සොඳුරු නිමල් නඳන මල් කැන් සැදි රුසිරු ඇසළ තුරු නොයෙක තැන බබලයි.

අර්ථය - ඒ විහාරය තුළ වසන මහාර්ග මහා සංඝයා නිතර රංජනය කරන්නා වූ (පඬු පොවන) සිවුරුවල පාට දෙගුණ කරමින්, පිපුණා වූ සුන්දර පිරිසිදු මල් පොකුරු සැදි සිත්කලු ඇසළ ගස් නොයෙක් තැන බබලයි.

විස්තර - රඳන - රැඳි සිටින යන තේරුම මෙන්ම රංජනය කරන. වර්ණවත් කරන යන තේරුමද දේ. දෙවන රඳන යනු සිවුරු පඬු පෙවීමයි.

11





162

208

අර්ථය - ගස් අතුවලින් වැටුණු පුංචි ලේනුන් රැගෙන සිතේ ආශාවේන පිඹ ඇඟ හෙමින් පිරිමැද, මල් ගොටුවලින් වතුර පොවමින් අතින් අතට (ගනිමින්) බාල භාවයෙහි සිටි සාමණේරවරුන්ගෙන් ශෝභමාන වෙයි.

විස්තර - (1) විහාර ආරාමයෙහි සිටි පුංචි හෙරණුන් පිළිබඳ කදිම විස්තරයකි.

(2) යටියෙන් - යෂ්ටියෙන්, මෙතැන ගස්වල අතුය.

සිතු අටියෙන් - සිතේ කැමැත්තෙන්

පැටි ලෙහෙනුන් - ලේන් පැටියන්; නොයෙක් විට මෙබඳු තැන්වල විශේෂණ විශෙෂ්යටයන් මාරු වී සිටි. ලමා ළපටින් = ළපටි ළමයින්, පොඩි මුට්ටි = මුට්ටි පොඩි ආදි වසයෙනි.

මල ගෙටියෙන් - ගස්වල කොළ කුඩා මලක් මෙන් රවුම් කර තැනූ ගොටුව; ගොටුවෙන්ම ගෙටියෙන්

පැටියෙන් සිටි - බාල බවින් සිටි, ළමා

හෙරණුන් - සාමණේර භික්ෂූන්

209

අන්වය - වෙනස්ව යෙදී ඇත්තේ වචනයක් දෙකක් පමණි.

අර්ථය - ගස් යට මනාව පිපුණා වූ නිල් කටරොළු මල් සමූහය අභිභවා දික් නිල් ඇස් (සහිත) පිල් රැස විදහා මනස්කාන්ත වූ ගෘහ මයූර ගණයා නටන්නා වූ මුතුපටක් හා සමාන පිරිසිදු සුදු වැලිතලාය.

විස්තර - මල් කුලය - මල් සමූහය

පැටි කොට - පුංචි කොට, පරදවා

ඇස් පිල් - මොනරාගේ පිල් කලඹෙහි ඇස් ලකුණ දක්නට ලැබේ.

පිල් කැලය - පිල් සමූහය, එකම අදහස වෙන වෙන වචනවලින් ප්රටකාශ කිරීමට සිංහල කවි සම්ප්ර-දායෙන් ඉඩ ඇත.

සුදුසු - සදෘශ, සමාන



163 210 අන්වය - එහි තුරින් තුර පල රස බී සැනහී කුසුම් රදසින් තැවරි සැරි සතොසින් වෙහෙරට ගොසින්

අර්ථය - එහි ‍ගසින් ගසෙහි පල රස පානය කොට සන්තර්පිතව මල් රේණුවලින් සැරසී සන්තෝෂයෙන් විහාරයට ගොස්

විස්තර - කුසුම් රදසින් - කුසුම් රජසින් හෙවත් මල් රේණුවලින්

සැරී - සැරහී යන්නෙහි ‘හ්’ ලෝපයෙන් නිපදී ඇත. මල් රේණු තැවරීම සැරසීමක් ලෙස දැක්විණ.

211

අන්වය - දද බඳ ලැල් පැහැ රද දස අතේ පැතිර නඳ සඳ කැල්මෙන් කෙලෙස කුළු යුතේ දිලි කොඳ සඳ කල් සුනුවම් උදුළ පල බිතේ, වහසල් කැරලි මුදුනතේ මඳ කල් ඉඳ

අර්ථය - කොඩිවල බඳිනා ලද මුතුවැල්හි වර්ණ කාන්තිය දස අතේ පැතිර (සිත්) සතුටු කරවන සඳ රැසින් කෛලාස කූටය මෙන් දිලිසුණ කුමුදු හා සඳුන් මෙන් මනහර ලෙස සුනු ගෑම් කළ පියස්සෙන් හා බිත්තියෙන් බබලන වාසල කොත් කැරැල්ල මුදුනෙහි ස්වල්ප වේලාවක් ඉඳ

විස්තර - (1) තොටගමු විහාරය ඉදිරිපිට විශාල දොරටුවක් වෙයි. බිත්තියෙහිත් වහලෙහිත් සුදු හුණු පිරියම් කොට ඇත. ඒ නිසා එය කෛලාස පර්වතය වැන්න. මෙහි බඳ කොඩිවල කුඩා මුතුවැල් එල්ලා ඇත. ඒවායින් වාසලට වැටෙන දීප්තිය කෛලාස පර්වතයට සඳ රැස් වැටී බබලනු හා සමානය.

(2) ලැල් - ලතිකා, මුතුපට

පැහැරද - ප්රරභාරාජිය; මුතුවලින් නික්මෙන වර්ණ කාන්තිය.

කොඳසඳ - කුමුදු හා සඳුන්; මෙහිදී සුදු සඳුන් ගැනේ.

කල් - විලාසය (රුවන්මල 121)




164

වහසල් - මෙය දොරටුව යන අර්ථය ඇති දෙමළ වචනයකි. පසුව මාලිගාව හැඟවීම සඳහාද මෙය යෙදෙන්නට විය.

212

අන්වය - බොහේ දුරට ඇති සැටියෙන්මය.

අර්ථය - පැහැදිලිව පෙනෙන සුදු වලාවන්හිද තුෂාරයෙහිද හිමාලය පර්වතයෙහිද ආනුභාවය දුරු කොට ආකාශ ගංගාවෙහි පැතුරුණා වූ තරඟ පන්තියෙහි ශෝභාව පරදවා, (කලඹන අවස්ථාවෙහි) ඇඹරුණා වූ කිරිසයුරෙහි පෙණ සමූහය මෙන් වැහැරී නොගොස් බබලන්නා වූ විහාරයෙහි පෝය මළුවෙහි ශ්රී සමෘද්ධිය බලන්න.

විස්තර - පහළ - ප්රහකාශිත, පැහැදිලිව පෙනෙන.

සිත’බ - සිත් + අබ = ශ්වෙතාභ්රී, සුදු වලාකුළු

වතළ - වැතිරුණා වූ

හිම - පින්න

මහිම - මහිමය, ආනුභාවය (අනුභාව)

කිරණ - කිරි + අණ = ක්ෂීරාර්ණවය, කිරි මුහුද

පොහොය මළු - උපෝසථාගාරයෙහි මිදුල, භික්ෂූන් විනය කර්ම කරන ගෙයි මළුව.

213

අන්වය - මිතුර, නිතොර මුනි පුදට රඳන සඳ රස් ලෙස සතර මළු පිට නොහැර බැබලි පැහැසර පැතිර ඇඹර කඳ ගෙන අවට සිටි මෙන් උදුල මහ අවුර දුට සතුටු වෙයි.

අර්ථය - මිත්රවය, නිතරම බුදු පුදට රැඳීක සිටින සඳ රැස් මෙන් (විහාර) මළු සතර මත එක දිගට බබලන ප්ර භාසාරය විහිදී ඇඹරී ස්කන්ධගතව වටේට සිටියාක් මෙන් බබලන මහා ප්රා කාරය දුටු කල්හි සතුට ඇති වෙයි.

විස්තර - (1) තොටගමු විහාරය සුදෙන් බබලන බව එක දිගට කීමෙන් එහි පාරිශුද්ධිය ධ්වනිත වේ.කලින් කී පරිදි එහි වාසල සුදු පාටය. දැන් කියවෙන පරිදි වෙහෙර මළුවද සුදු පාටය. ඒ අවට ඇති ප්රාදකාරයද සඳ රැස් කැටි වුවාක් මෙන් සුදු පාටය.


165 (2) රඳන - රැඳී සිටින.

පැහැසර - ප්රාභා සාරය. පැහැයෙහි තදගතිය.

කඳ ගෙන - පැහැය ඝන වස්තුවක් බවට පත් වීම මින් අදහස් කෙරේ.

මහ’වුර - මහ + අවුර, මහා ප්රා.කාරය; අවුර යනු ප්රාළකාරයයි. ‘මහ පවුර’ වුවද මහවුර වීමට පුළුවන.

214

අන්වය - ගුවන් කුස පැතිරි රන් කැ‍රලි මිණි රැසේ. පවන් වැද ලෙළෙන දද මිණි කිකිණි ගොසේ හිම ගිරි කුළු එක ලෙසේ ලෙවන් සතුටු කළ, ඉඳුරු දෙසේ දිලිහෙන සවන් මැඳුර බල

අර්ථය - ආකාශ ගර්භයෙහි පැතුරුණා වූ රන් කොත්හි මාණික්යු රශ්මියෙන්ද සුළඟ වැදී සෙලවෙන කොඩිවල මිණි කිංකිණ නාදයෙන්ද (යුක්ත වූ) හිමාලය පර්වත කූටය මෙන් ලෝකයා සතුටු කළා වූ. නැ‍ෙඟනහිර දිශාවෙහි දිලිසෙන්නා වූ බුදු මැඳුර බලන්න.

විස්තර - මිණි කිකිණි - මැණික් අල්ලා කළ කුඩා මිණිගෙඩි. ‘රසු’ යනුවෙන්ද පුරාණ පොත්වල එයි; ගෙජ්ජි

ලෙවන් - ලෝකයා

සවන් මැඳුර - සවන් යනු සර්වඥ යන්නෙන් බිඳුණේය. එහෙයින් බුදුන්ට නමකි. සවන් මැඳුර යනු බුදුගෙයයි.

ඉඳුරු දෙසේ - ඉන්ද්රන හෙවත් ශක්රියා අධිපති දිශාව, නැ‍ෙඟනහිර

212

අන්වය - නරණ නොකමසේයා සකොබ කළ සඳ කිරණ අමරස පිඬුව දිසි ලෙසේයා. දෙරණ පසිඳු එවෙහෙර වම් දෙසේයා කිරණ විහිදී දහ ගැබ තොසේයා බල.

අර්ථය - විෂ්ණුහු විසින් එක දිගටම කැළඹූ කල්හි ක්ෂීර සාග‍රයෙහි අමෘතය කැටිව පෙනුණාක් මෙන් ලෝකයෙහි ප්රුසිද්ධ ඒ විහාරය වම් පැත්තෙහි කාන්ති විහිදුණු දාගැබ සතුටින් බලව.



166

විස්තර - නරණ - නාරායන, විෂ්ණුට නමකි.

සකොබ කළ - සංක්ෂෝභ කළ, හොඳින් කැළඹූ.

216

අන්වය - යහළු, විදු කිඳු වැලඳි මුදුනත කළු අබ කුළු රැඳි, උදු රුදු කෙලෙස ගිරි කුළු පැහැ සිරි රුකුළු මුදු දිදුලන දළු නිල් සා බර ලකළු සුදු රුදු කඳින් උදුල දුමිඳුන් බල.

අර්ථය - මිත්රුය, විද්යුරත් කාන්තිය වැලඳගත් මුදුනෙහි කළුවලාකුළු රැඳුණා වූ සෘජු විශාල කෛලාස පර්වත ශිඛරයෙහි වර්ණශ්රීලය ගෙන හැර පෑ මෘදු දළු බබලන නිල් පැහැති අතුවලින් බර අලංකාර සුදු මහත් කඳින් බබලන බෝ ගස බලන්න.

විස්තර - විදුකිඳු විද්යුිත් කාන්තිය, විදුලියෙහි කැල්ම

රුකුළු - ගෙන හැර දැක්වූ; ‘රුකුර’ ධාතුවෙනි.

දිදුල - දිලිසෙන්නා වූ

දුමිඳු - බෝ ගස, ගස්වල නායකයා

217

අන්වය - පතඟ කිරණ දුරු කළ දද ගළපාය සරඟ කවුළු බිම් බිතු පිළිපාය දිලි සුරපහ සිරි වෙළපාය නිසග බැබලි විජයබ මහ පාය උතුරු දිග බලග.

අර්ථය - සූර්ය රශ්මිය දුරු කළා වූ කොඩි එක් කොට බැඳ වර්ණවත් කවුළු භූමිය නියම කොට පෙන්වූ දිව්යූ ප්රාුසාදයෙහි ශෝභාව ඉක්මවා නිසර්ගයෙන් බැබලුණු විජයබාහු මහා ප්රා්සාදය උතුරු දිශාවෙහි බලන්න.

විස්තර - (1) මෙය තරමක් පැටලිලි සහිත කවියකි. මෙයට කුමාරතුංග දී ඇති තේරුම මෙසේය.

‘කොඩි ගළපා (බඳැ) සූර්ය රශ්මිය දුරු කළාවූ, කාවාට, භූමි, භිත්ති (ආදි) අංගයන් සාර (ශක්තිමත්) වූ ස්ඵටික පාද (පළිඟු ටැම්) බැබැළුණාවූ දිව්යර ප්රානසාදයෙකැ ආකාරය විජම්බනය කොටැ නිසර්ගයෙන් (සම්භාවයෙන්) දිලිහුණා වූ, විජයබාහු මහා ප්රා සාදය උත්තර (දිශායෙහි) බලන්නැ’.


167 ‍ මෙහ ‘සරඟ’ සර + අඟ = අඟසර ‘අංගයෙන්සාර’ හෙවත් ‘ශක්තිමත්’ යැයි අරුත් පවසා ඇත. එබඳු තද බල විකෘත කිරීම්වලින් පසුව ලැබෙන ‘අඟසර’ පදයෙහි පවා ‘ශක්තිමත්’ යන තේරුම ඇද්ද යනු අතිශයින්ම සැක සහිතය.

පිළි මිණි පවුරු ගැන සඳහන් වෙතත් ‘පිළිපා’ ගැන සඳහන් වන තැනක් නොලැබේ. ඉන් ‘පළිඟු ටැම්’ යන අදහස ලැබේද යනුත් සැක සහිතය.

(2) අප අර්ථයට අනුව මෙහි ‘දද’ ‍යනු සූර්ය රශ්මිය වළකනු පිණිස ජනෙල් අසල බැඳි කොඩිය. ඒවා සරඟය. එනම් වර්ණවත්ය. ඒ නිසා බිත්තිවල ජනෙල් පිහිටි ප්ර දේශය නියම කොට දැක්වෙයි. ‘පිළිපා’ යන්නෙහි ඒ අර්ථය ඇති බව සෝරත ශබ්ද කෝෂය කියයි.

(3) පතඟ - පතංග, සූර්යයා

සරඟ - නියම කොට දැක්වීම

පිළිපා - නියම කොට දැක්වීම

විජයබ මහ පාය - විජයබා පිරිවෙන් බිමේම විජයබ නමින් ගොඩනැඟිල්ලක් වූ බව මින් පෙනේ.

218

විස්තර - විශුද්ධ - ඉතා ශුද්ධ

සමෘද්ධ - ආඪ්යද

අසාධාරණ - වෙනත් ස්ථානවලට පොදු නොව

219

අර්ථය - සිත් ගන්නා වූ විහාරයෙහි තැනින් තැනට පැමිණ සිතුවම් සහිත බණපොත් වැසුම් දිග හැර සිතෙහි අපමණ සන්තෝෂයෙන් බුදු ගුණ සිහි කරමින් අභිධර්ම පාඨයන්හි අර්ථ විමසා බලන සංඝ සමූහයාය.

විස්තර - බණ වසුන් - බණ පොත් වසා බැඳි රෙදි කඩ. මේවායේ චිත්රඒ ඇඳ තිබූ බ ‘සිතියම් බණ වසුන්’ යැයි කීමෙන් පෙනේ.





108

විදහා - දිග හැර යන අර්ථයෙනි.

අබිදම් පෙළ - අභිධර්ම පාළිය; බුදු දහම ප්රිධාන වසයෙන් විනය, සූත්ර , අභිධර්මයැයි පිටක තුනකට බෙදේ. ඉන් සිත පිළිබඳ විවරණය වන පිටකය අභිධර්ම පිටකය නමි. පෙළ හෙවත් පාළිය යනු අටුවා ආදිය ලිවීමට කලින් පැවති මුල් පාඨයයි.

අභිධර්මය බුදුන් වහන්සේ විසින් දෙවියන්ට දේශනා කරන ලැදැයි ඇතැම් පොත්වල සඳහන් වන අතර එය බුද්ධ භාෂිත‍යක් නොවේයැයි නූතන සමහර පඬිවරු කියති.

220

අන්වය - උතුරු ගුණෙන් පිළිවෙත් මගය සපැමිණ සත වෙත මෙත් මහ ගඟය පතුරුවමින් සිවු අව මගය අතුරදහන් කෙරෙමින් සුතුරු දහම් පවසන සමහර සඟය.

අර්ථය - ඉතා උසස් ගුණයෙන් ප්ර තිපත්ති මාර්ගයට සම්ප්රාපප්ත සත්වයා වෙත මෛත්රිම නමැති මහා ගංගාව යොමු කොට සතර අපාය මාර්ගයන් නැති කරමින් සූත්රර ධර්මය කියන්නා වූ සමහර සංඝයාය.

විස්තර - සිවු අව මග - සතර අපා මාර්ගය; නරකය, තිරිසන් යෝනිය, ප්රේ,ත යෝනිය, අසුර නිකාය යනු සතර අපායයි. සුතුරු දහම් - සූත්රු පිටකය; පිටකත්ර්යේ දෙවැන්න. මෙය දීඝ, මජ්ජිම, බුද්දක, සංයුක්ත, අංගුත්තර නමින් නිකාය පහකට බෙදේ.

221

අන්වය - සමහර සුපිළිපන් සඟ ගණ මන මෙනය පුවතර අරුත් ටීක වෙන වෙනය ගෙන පැණසර ඇදුරු උවදෙස් බස් දැන ගෙනය විනය නය ගැඹුරු තැන් නොම හැර විමසති.

අර්ථය - ඇතැම්, මනා වූ ප්රඹතිපත්ති සහිත සංඝ සමූහයා සිත් වූ පරිදි, ප්ර්සිද්ධ අර්ථ ටීකා වෙන වෙනම ගෙන ප්රතඥාවෙන් සාර වූ ආචාර්ය උපදේශ වචන දැන ගෙන විනය න්යා යයන්හි ගම්භීර ස්ථාන අත නොහැර විමර්ශනය කරති.



169 විස්තර - (1) ඉහත සඳහන් පද්යර දෙකෙන් කියවුණේ ත්රි පිටකයේ අභිධර්ය, සූත්රධ යන පිටක අධ්යනයනය කරන සංඝයා ගැනය.

(2) සුපිළිපන් - සුපටිපන්න. යහපත් ප්රකතිපත්තීන්හි පිහිටි

අරුත් - අර්ථ කථා, සමන්ත පාසාදිකා ආදි ග්රපන්ථ.

ටීකා - අර්ථ කථාවන් සඳහා කළ ව්යාතඛ්යා න; මේවා දුරවබෝධ පදවලට කළ අර්ථ කථනයන්ය.

විනය - භික්ෂූන් සඳහා වූ ශික්ෂාපද ආදිය ඇතුළත් පිටකය.


222 අන්වය - සොඳ පත් පොත් රැගෙන, වෙහෙර පසෙක ඉඳ නොයෙක ගැඹුර තැන් සිත් ලෙසින පිළිවිස යෙදෙන සන් සඳ අරුත් නොහැර සලකමින් වියරණ වනපොත් කරන හෙරණ රැසක.

අර්ථය - උසස් පොත් පත් ගෙන විහාරයෙහි පැත්තක ඉඳ ගෙන නොයෙක් ගම්භීර ස්ථාන අභිමත පරිදි විමසමින් යෙදෙන්නා වූ සංඥා, සන්ධි හා අර්ථයන් සලකා බලමින් ව්යාිකරණ කට පාඩම් කරන්නා වූ සාමණේර සමූහයකි.

විස්තර - (1) විහාරයෙහි ධර්මය උගන්වන භික්ෂූන් ගැන කීමෙන් ඉක්බිතිව මෙතැන් සිට ශාස්ත්රා හදාරන අය ගැන විස්තර කෙරේ.

(2) සන් සඳ - සංඥා හා සන්ධි; සිදත් සඟරාවෙහිද සඳහන් වන ව්යා2කරණ විධි දෙකකි. වනපොත් කරන - කට පාඩම් කරන


223 අන්වය - දැමුණු සිතින් වෙහෙර පූරණ කර ඉඳ, තියුණු නැණින් සැත නිවාරණ කෙරෙමින් එකින් එක සමය කාරණ පමුණුවමින් බමුණු රැසෙක් වෙද අරුත් දාරණ කෙරෙති.

අර්ථය - හික්මුණු සිත් ඇතිව විහාරය පුරා ඉඳ, තීක්ෂණ ඥානයෙන් සැක පහ කෙරෙමින් එකින් එක ආගමික මතවලට හේතූන් ගෙන හැර දක්වමින් බ්රාමහ්මණ සමූහයක් වේද අර්ථ ධාරණය කරති.



170

විස්තර - (1) තොටගමු වෙහෙරෙහි බුදු සමය පමණක් නොව වෙනත් ආගම්ද ඉගැන්වුණු බව මෙයින් පෙනේ.

(2) සැක නිවාරණ කෙරමින් - සැක දුරු කරමින්

සමය - ආගම්

කාරණ - කාරණ යන වචනයෙහි නියම තේරුම හේතු යනුයි. ‘සාධක’ වැනි තේරුමක් එහි නැත. මේ අනුව කරුණු හා කාරණ යනු අර්ථ දෙකක යෙදෙන බව පෙනේ. ‘කිමද නොසතුටු වන්ට කාරණ?’ (ගුත්තිලය) ආදි තැන්වල කාරණ යනු යෙදී ඇත්තේද හේතු යන තේරුමෙනි. කෙසේ වුවද අද මේ වචනය යෙදෙන්නේ ‘කාරණා’ අර්ථය දීම සඳහා යෙදීම අනුමත කළ හැකිය.

වෙද’රුත් - වෙද + අරුත්; වේදයන්හි අර්ථ; ලෝකයේ ඇති පැරණිම ලේඛන අතර ගැණෙන වේද හින්දූන්ගේ ශුද්ධ ග්රුන්ථ වේ. මුලදී වේදය කොටස් තුනකින් යුක්ත විය. සෘග්, යජුර්, සාමන් යනු එහි නම්ය. ත්රි වේදය නමින් හැඳින්වුණු මෙයට අථර්ව වේදය එක් වීමෙන් චතුර්වේදය ඇති විය.

224

අන්වය - පබා තුරු ලෙසින් නොමද බොල්ලන් ගෙන නිල් පලග මැද පෙළින් පෙළ තබා ඇද සෙද බබා තැනින් තැන ගණන් බැඳ, ඉඳ සමහරු පබාකර සිදත් ගණිති.

අර්ථය - ප්රනභා සහිත තාරකා වැනි බොහෝ බෙල්ලන රැගෙන නිල් ඵලක මධ්යයයෙහි පේළියෙන් පේළියට තබා අදිමින් වහා භාග කෙරෙමින් තැනින් තැන ග්රෙහ ගණන් බැඳ ඉඳිමින් සමහරු සූර්ය සිද්ධාන්තය ගණිති.

විස්තර - (1) පුරාණ කාලයෙහි නක්ෂත්ර්, ග්රතහ ගණිත උගත් ආකාරය මෙයින් විස්තර වේ.

(2) පබා - ප්රමභාව

බොල්ලන් වර්තමාන ව්ය වහාරයෙහි ‘බෙල්ලන්’ යැයි එයි.




171 නිල් පලග - දාම් ලෑලි වැනි ලී පුවරුවල; ග්රාහ මණ්ඩලය පිහිටුවන ලද්දේ මේ පුවරු මතය.

පබාකර සිදත - පබාකර යනු සූර්යයාය. එහෙයින් පබාකර සිදත නම් සූර්ය සිද්ධාන්තයයි. සූර්යයා විසින් මය නම් වූ අසුරයාට උගන්වන ලදැයි කියන ජ්යොයතිශ්ශාස්ත්රය ග්ර න්ථයකි.

225

අන්වය - එහි වෙදවරු, ඇම දමස උවදුරු දුර ඇර සත්වග වෙසෙස රකිනුව මුනි විරු දෙසූ සදහම මෙන් පෙර ඇදුරු ඉසිවරන් නොයෙක ලෙස පැවසූ වෙද සතර සතොස පිරුවති.

අර්ථය - එහි වෛද්යුවරු හැමදා උපද්රැවයන් දූරීභූත කොට සත්ව වර්ගය විශේසයෙන් ආරක්ෂා කරනු පිණිස මුනීන්ද්රව වීරයා දේශනා කළ සද්ධර්මය මෙන් පූරුවාචාර්ය සෘෂිවරුන් විසින් නොයෙක් ආකාරයට ප්රධකාශ කරන ලද වෛද්යව ශාස්ත්රරය සතුටින් පාඩම් කරති.

විස්තර - මුනිවිරු - මුනි වීරයා; බුදුන් වහන්සේ

ඉසිවරන් - සෘෂිවරුන්

වෙද සතර - වෛද්යද ශාස්ත්රවය; ආයුර්වෙද මතයට අනුව මෙය මහා බ්ර හ්මයා විසින් ලොවට දෙන ලද්දකි. සමහර ග්ර;න්ථවල භාරද්වජ මගින්ද සමහර ග්ර‍න්ථවල ධන්වන්තරී ආදි වෙනත් සෘෂිවරු මගින්ද එය ලැබුණු බව පැවසේ. සුරයන් කිරිසයුර කැළඹූ අවස්ථාවේ ධන්වන්තරෟ බෙහෙත් මංජුසාවක් රැගෙන ඉන් මතු වූ බව කියති.

226

අන්වය - සමහරු පෙර පටන පරසිදු මනහර පොත් රැගෙන එහි පද අරුත් කියන ලෙස නොහැර දැන ගෙන සුරගුර අවත් වනපොතින් උතුරු දෙම්හයි නොයෙක් තැන අත් සතර පිරුවති.

අර්ථය - ඇතැම් අය පුරාණ කාලයේ සිට ප්ර්සිද්ඛ මනහර පොත් රැගෙන ඒවායේ පදාර්ථ කියන ආකාරය අත් නොහැර දැන ගෙන බෘහස්පතිට වුවත් කටපාඩමින් උත්තර දෙම්හයි නොයෙක් තැන්වල අර්ථ ශාස්ත්ර්ය පාඩම් කරති.



172

විස්තර - තොටගමුවේ විජයබා පිරිවෙනෙහි ගිහියන්ට අවශ්යප ශාස්ත්රප විෂයන්ද ඉගැන්වූ බව පෙනේ. වෛද්යව ශාස්ත්රිය වුවද භික්ෂූන් ප්රයගුණ කළ නමුත් අර්ථ ශාස්ත්රෙය වැනි ඒවා ගිහි විෂයන්ය. අර්ථ ශාස්ත්රෂය යනු කෞටිල්යළ නම් බ්රා්හ්මණ පඬිවරයා විසින් ලියන ලද දේශපාලන තන්ත්ර ය පිළිබඳ ග්ර න්ථයකි. එහි විෂය දැනට අප අර්ථ ශාස්ත්රතය නමින් ගන්නා කරුණුවලට වෙනස්ය.

කෙසේ වුවද මෙතැන අදහස් කරන්නට ඇත්තෙ අර්ථ ශාස්ත්රපයද යනු සැක සහිතය. අර්ථ ශාස්ත්රතය ‘අත් සතර’ යනුවෙන් වෙන තැනක සඳහන් වී නැත. රජුන්ට ‘අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ’ බව පැරණි පොත්වල නිතර කියවෙන නිසා මෙය එදිනෙදා කටයුතු කර ගැනීමේ ශාස්ත්රනය විය යුතුය.


227

අන්වය - පෙර කිවියර සිරි රුකුළු, සඳ ලකර වියරණ දැන ගත් වියත් මුළු සිරිමත් සොඳුරු එවෙහෙර ලකුළු තැන තැන ඉඳ සකු. මගද, එළු. දෙමළ කව් නළු පවසත්.

අර්ථය - පුරාණ කවිවරයන්ගේ ආකාරය ගෙන හැර දැක්වූ, ඡන්දස්, අලංකාර, ව්යායකරණ දැන ගත්තා වූ උගතුන් සමූහය ශ්රීදමත්, සුන්දර එම විහාරයෙහි අලංකාර කරනු ලැබූ තැන් තැන්වල හිඳ සංස්කෘත, පාලි, සිංහල හා දෙමළ කාව්යු නාටක ප්රවකාශ කරති.

විස්තර - (1) පොළොන්නරු යුගයේදී කාව්යත නාටක ආදිය භික්ෂූන් ඉගෙනීම හෝ ඉගැන්වීම නොකටයුතු ‘ගර්භිත’ විද්යාක’ හැටියට සැලකිණි. එහෙත් මෙම පිරිවෙනේ ‍ඒවා ඉගැන්වුණු බව පෙනේ.

(2) ලකුළු තැන තැන - අලංකාර කරනු ලැබූ තැන් තැන්වල; නාට්යාගදිය පෙන්විය හැක්කේ සරසන ලද ස්ථානවලය. ඒ නිසා මෙසේ කියවිණ.

රුකුළු - ඉදිරිපත් කළ. ප්රමකාශ කළ





173 සඳ ලකර - ඡන්දස් හා අලංකාර; පද්ය‍වල වෘත්තාදිය උගන්වන ශාස්ත්රදය ඡන්දස්ය. කාව්යන අලංකාර කරන, රසවත් කරන ලක්ෂණ උගන්වන ශාස්ත්ර ය අලංකාරයි.

මගද - මාගධි, පාලි භාෂාව; බුද්ධ ධර්මය මාගධියෙන්ද ජෛන ධර්මය අර්ධ මාගධයෙන්ද ලියවී ඇත.

සකු - සංස්කෘත

කව්නළු - කාව්ය හා නාටක

228

අන්වය - දැමිටු ම - ඉටු මිතුර. පවර එ වෙහෙර පෙර තොප නුදුටු නොඇසූ මෙබඳු සිරිසර නෙත සිත සතුටු කර දැක පුදයට පිවිටු දන කොලහල නැවති වර මුනි මැඳුර තුර වැද

අර්ථය - ධර්මිෂ්ඨ වූ මාගේ ඉෂ්ට මිත්රහය. උතුම් වූ ඒ විහාරයෙහි කලින් ඔබ නුදුටු නොඇසූ මේ ආකාර ශ්රී සාරය, ඇසත් සිතත් පිනවමින් දැක පූජාව සඳහා ජනයාගේ කලබල නැවතුණු කල්හි බුදු මැඳුර ඇතුළට පිවිස

විස්තර - පෙර තොප නුදුටු - මෙසේ කියන්නට ඇත්තේ වෙනත් පිරිවෙන්වල මෙබඳු විෂයන් නූගැන්වුණුනිසා විය හැකිය.

සිරිසර - ග්රීව සාරය; ශ්රී සම්පත්තිය

පිවිටු දැමිටු ම-ඉටු මිතුර - ප්රතවිෂ්ට වූ, පැමිණියා වූ මාගේ ඉෂ්ට මිත්රයය

කොලහල - සාමාන්ය යෙන් පවත්නා කලබලකාරි ගතියද කොලහල නමින් හැඳින්වේ.

229

අන්වය - ලක රද ඉසුරු ලද දද කැලණිතිස් මහ රද යුවරද වරද තතු ලෙස පිරිසිඳ නොදැන නිවරද වරද යතිඳුට වරද කළ ස‍ෙඳ් සුරන් සිත් කිපියෙන් සිඳු වෙරළ මැඬ ගෙන එත මෙලක සෙත නිසා සක් දෙවිඳු මැවූ ඒ මුහුද පැහැම වූ දිසා පිළිම රුව දැක. රුදුව සෙනඟ ගෙන යුදට ආ වසවතු


174

මුදුව බිණූ තෙපලෙන් ජය ගෙන බුදුව ලොවට නොයෙක් සෙත් කළ මුනිඳුහට අදර බැති පෙම් සිත් දියුණු කොට වඳුව.

අර්ථය - ලංකා රාජ්යව ඓශ්චර්ය ලැබූ මුග්ධ කැලණිතිස්ස මහරජු යුවරාජයා‍ගේ වැරැද්ද නියම පරිදි විනිශ්චය කොට නොදැන වැරැද්දක් නැති කල්හිත් (නැතහොත් නිර්විණදායි) ස්ථවිරතුමාට වරද කළ කල්හි දෙවියන්ගේ සිත් කුපිත වූයෙන් සමුද්රණය වෙරළ ඉක්මවා එන කල්හි මේ ලංකාවේ ශාන්තිය සඳහා ශක්රෙ දේවේන්ද්රායා නිර්මිත කළ ඒ මුහුදෙහි පාටම වූ දිසා ප්ර තිමාව දැක, රෞද්රේ සේනාව රැගෙන යුද්ධයට ආ වසවර්ති මාරයා මෘදුව කියූ වචනයනේ ජය ගෙන බුදු වී ලෝකයට නොයෙක් ශාන්ති කළ අප බුදුන්ට ආදර භක්ති ප්රේලම සිත් වඩා නමස්කාර කරව.

විස්තර - දද - මෝඩ

කැලණිතිස් මහරද - කාවන්තිස්ස රජු දවස කැලණියේ රජ කළ නිරිඳු. මොහු විහාර මහා දේවියගේ පියාය. මොහුගේ බිසව රජුගේ මලණුවන් සමග මිත්රරව සිටියාය. ඔහු ඇයට ලියූ ලිපියක් රහත් තෙර නමක විසින් ලියන ලදැයි සැක කළ රජු එම රහත් තෙර උණු තෙල් කටාරමක ලා මැරවීය. මෙයින් කෝප වූ දෙවියන් මුහුද ගොඩ ගලන්නට සැලැස්වූයෙන් තම දූ වූ විහාර මහා දේවිය මුහුදට බිලි දෙන්නට රජුට සිදු විය. මෙම පද්යහයෙහි සඳහන් වනුයේ එම සිද්ධියයි.

නිවරද වරද - නිවැරදි කල්හිද; ‘වරද’ යන පදයට ‘නිවන් සලසන’ යන තේරුමද දීමට පුළුවන.

දිසා පිළිම රුව - මෙය කවර පිළිම විශේෂයක්දැයි කීමට නොදනිමු. දිසාවෙහි ප්රුධාන ප්ර තිමා රූපය, මුහුද ගැලීම වළක්වනු පිණිස ශක්රවයා මැවූ ප්රාතිමාව යන තේරුම් සෝරත හිමියෝ දෙති.

මුදුව බිණූ - මෘදුව කියූ






175

අර්ථය - මහත් වූ සංසාර සාගරයෙහි නිමග්නව හැසිරෙන කෙළවරක් නැති සත්වයා නිර්වාණ පුරයට ගෙන යන අදහසින් නිතර සොඳුරු බෝධිසත්ව ගුණධර්ම පුරන්නා වූ ලෝක ප්රනකට ශෝභන නාථ දෙවිඳුන් දැක ගොසින්.

විස්තර - කුමුටුව - කිමිදී, ගිලී

අනත - අන්තයක්, කෙළවරක් නැති.

සතත - නිරන්ත‍රයෙන්

බුදුකුරු - බුදු + අකුරු, බුදුධාංකුර, බුද්ධාංකුරයෝ නම් බෝධිසත්වයෝය.

231

අන්වය - මිතුර, පවර රුසිරු මහ සඟ සමග බෝතුරු බැති පෙම් සිතිනි නොහැර නැමද පිවිතුරු වෙහෙර පසඟතුරු රැවු පුද නොදෙන තුරු සැදි සොඳුරු පහ අතුරු වැද

අර්ථය - (1) මිත්රොය, උසස්, සිත්කලු මහා චෛත්යබය සමග බෝධි වෘක්ෂයද, භක්ති ප්රේයම සිතින් අත් නොහැර වැඳ පවිතු වූ විහාරයෙහි පංචාංගික තූර්ය නාද පූජා පැවැත්වීමට පෙර අලංකාර සුන්දර ප්රාවසාදය තුළට සන්තෝෂයෙන් වැදී.

(2) පසඟතුරු රැවු - පංචාංගික තූර්ය නාදය; ආතත, විතත, විතතාතක, ඝන. ශුෂිර යන තූර්ය භාණ්ඩ වර්ග පසින් දෙන නාදය.

232

අන්වය - කඳවුරුගම් කුල දලනිඳු ලකළ මුදලිඳු. පිවිතුරු සොඳුරු උතුරුමුල මහ තෙරිඳුට මුනුබුරු මහරු ගුණ සරු, පිළිවෙත් ගැඹුරු, ඇම කල තම තෙපුල් කිවිකුල මුදුන් මල් කළ, නිකසළ මනරම් මුනි සසුන් වැඩ පිණිස පැරකුම් රජු විසින් සුත පෙමිනි ඇති කළ සිරිබර මෙසිරි ලක අඟන පැලඳි පිරිසිදු පුවතර මහ වෙහෙර වැසි සිනිඳු ගුණ තෙර මනහර රුවන් වැළ මැද බඳ මිණි එක බඳු පවර විජයබ පිරුවන් තෙරිඳු නම කර.





176

අර්ථය - ස්කන්ධවාරග්රාවම කුලය නමැති සමුද්රිය අලංකාර කළ මහා මේරු පර්වතය වැනි, පිරිසිදු සුන්දර උත්තරමූල මහා ස්ථවිරයන්ට මුනුබුරු, මාහරභ ගුණයෙන් සාර, ප්රුතිපත්තීන්ගෙන් ගැඹුරු, සියලු කල්හිම තමන්ගේ වචනය කවීන් සමූහයාගේ මුදුනෙහි පළඳින පුෂ්පය බවට පත් කළ, නොකැළැල්, මනරම් බුද්ධ ශාසනයෙහි හිත පිණිස පරාක්රලම රජු විසින් පුත්රක ප්රේ මයෙන් ඇති කළා වූ සිරියෙන් බර මේ ශ්රීර ලංකා නමැති කාන්තාව පැළැන්දා වූ පවිත්ර , ප්ර සිද්ධ මහා විහාරවාසි ස්නිග්ධ ගුණ (ඇති) ස්ථවිරවරුන් නමැති ම‍නෝහර රත්නාවලිය මැද බැඳි මැණිකක් හා සමාන උතුම් විජයබාහු විහාර (අධිපති) ස්ථවිරතුමාට නමස්කාර කරව.

විස්තර - කඳවරුගම් කුල - ස්කන්ධවාර වංශය; සිරි රහල් හිමියන් උපන්නේ මෙම වංශයෙහිය. කඳවුරු පුරය නමින් හැඳින්වෙන්නේ පොළොන්නරුවයි. එහි සම්බන්ධයක් නිසා කඳවුරු ගම් කුලය ඇති වූයේ යැයි සමහරුන් කියතත් එය පිළිගැනීම දුෂ්කරය. මේ කාලය වන විට පොළොන්නරුව වැනි විශාල නගරයක් හැඳින්වීම සඳහා ‘ගම්’ යන වචනය භාවිතා කෙළේ යැයි සිතීම දුෂ්කරය.

දලනිදු - ජලනිධිය; ජලයට නිධාන වන නිසා සමුද්රටය දලනිදු යැයි හැඳින්වේ.

මුදලිඳු - මහාමේරු පර්වතය

උතුරුමුල මහ තෙරිඳු - උත්තරමූල යනු පෙර පැවති සංඝායතනයක නමකි. ගලතුරුමුල, විල්ගම්මුල, මහනෙත්පාමුල, කපාරා මූල සේනාධිපති මූල ආදි වසයෙන් මෙවැනි ගුරුකුල අටක් තිබිණ. අනුරාධපුර යුගයේදී ආරම්භ වූ මේ ආයතන ගැන දැන් එතරම් විස්තර ලබාගත නොහැකිය.

සුත පෙමින - පුත්ර ප්රේ්මයෙන්; රහල් හිමියන් කුඩා කල පුත්රමයෙකු හැටියට හදා වඩා ගනු ලැබුයේ හවන පැරකුම්බා රජු විසිනි.

මහ වෙහෙර - අනුරාධපුරයෙහි මහාවිහාරය.





177

		විජයබ පිරුවන් තෙරිඳු - විජයබා විහාරාධිපති. නොයෙක් විට විහාරයක අධිපති හිමියෝ විහාරයේ නමින් හැඳින්වුණහ. මයූරපාද හිමි ආදි වසයෙනි. මෙහි කියවෙනුයේ සිරිරහල් හිමි ගැනය.

233

විස්තර - අසදෘශ - අසමාන

ප්ර්ඥාපාටව - ප්රුඥව නිසා ඇති වු දක්ෂකම

ප්ර්ශස්තතර - වඩා පැසසිය යුතු

ත්රිතපිටක වාගීශ්වර - ත්රි පිටක වචනයට අධිපති; ත්රි‍පිටකයෙහි ඕනෑම දෙයක් ක්ෂණයකින් කිව හැකි.

වාග් + ඊශ්වර ‍ = වාගීශ්වර

වර්ණ භාෂණයක - ගුණ කීමකි.

කර්ණභූෂණය කර - කර්ණ පළඳනාවක් කරව; හොඳින් අසන්න යන අර්ථයයි.

234

අර්ථය - ගම්භීර වූ අභිධර්ම පිටකය නමැති ක්ෂීර සාගරය නිතරම සොඳුරු වූ නුවණ නැමිත මහාමේරු පහරින් කලඹා මිහිරි වූ පදාර්ථ නමැති අමෘතය ලෝකයාට ගෙන දෙන්නා වූ ඒ යතිවරයාට මේ කාලයෙහි කවුරු නම් සමාන වෙත්ද?

විස්තර - විජම් පෙළ - අභිධර්ම පාළිය; මෙය ‘ධම්ම සංගණී’ ආදි ප්ර කරණ හතකින් යුත්තය; අබිදම්> බිදම්> විදම්> විජම්; ‘ද’ යන්නට ඇතැම් විට ‘ජ’ ආ‍දේශ වේ. බුදස් = බුජස් ආදි තැන්වල මෙනි. බීජ. වීජ යනාදි තැන්වල ‘බ’ කාරයට ‘ව’ කාරාදේශයද සිදු වේ.

සකොබ කොට - සංක්ෂොභ කොට, කලඹා

235

අර්ථය - මහත් වූ විවිධ කිලුටු දෘෂ්ටි නමැති ග්රී ෂ්මය දුරු කොට උතුම් වූ ස්වර්ග මෝක්ෂ ඵල සම්පත් ලෝකයට දෙන්නා වූ

12

178

බුදුන් වහන්සේගේ සූත්ර ධර්ම නමැති උස් වූ දිව්යද වෘක්ෂයට මනස්කාන්ත ඔහුගේ ඥානය නමැති භූමියම පිහිට විය.

විස්තර - (1) කලින් කවියේන විජයබා තෙරුන්ගේ අභිධර්ම විශාරදත්වය ප්ර්කාශ කළ කවියා මෙයින් උන් වහන්සේගේ සූත්ර ධර්ම ඥානය පිළිබඳව කියයි. සුත්ර ධර්මය විශාල ගසකි. ඉන් මිථ්යාත දෘෂ්ටි නමැති ග්රීිෂ්මය දුරු වෙයි. එහි හට ගන්නා ගෙඩි වනුයේ ස්වර්ග මෝක්ෂ සම්පත්තීන් මේ මහා වෘක්ෂය පිහිටියේ විජයබා පිරිවෙන් හිමිගේ ඥානය නමැති පොළොවෙහිය.

(2) විහිගුම් - මහත් වූ

විහිට - විහිදුවා, දුරුකොට

නරදම් සැරි - පුරුෂ දම්යළ සාරථි යනුයි. දමනය කළ යුතු අය දමනය කරන යනු එහි තේරුමයි.

සුරතුර - දෙව්ලොව දිව්යය වෘක්ෂ පහක් වේ. ඉන් කල්ප වෘක්ෂය සඳහා මෙසේ කියන ලද බව සැලකීම සුදුසුය.

236

අන්වය - මුනිවර සසුන් මිහි මඬලෙහි නදනා කළ මනහර විනය පද අරුත් මහ මිණි අදනා පෙර ඇදුරන් උවදෙසුන් ලැබ නැණ පතළ දනා ඇර ගෙන දෙමින් යති ගණ ‍නඳනා කරවයි.

අර්ථය - බුද්ධ ශාසනය නමැති පොළෝ තලයෙහි නිධන් කළ සිත් ගන්නා විනය පදාර්ථ (නමැති) මහත් මැණික් අදින්නා වූ, පුරාණ ආචාර්යවරුන්ගේ උපදෙස් ලබා ඥානය නමැති ප්ර කට ධනය රැගෙන දෙමින් යතීන් සමූහයා සතුටු කරවයි.

විස්තර - (1) බුද්ධ ධර්මය වඩාත් පහසුවෙන් තේරුම් ගැනීම සඳහා අටුවා ඉදිරිපත් කළෝ බුද්ධඝෝෂෘචාරීහුය. ඔවුන් එසේ කෙළේ ඊට කලින් සිටි පුරාණ ආචාර්යවරුන්ගේ





179

මතද සැලකිල්ලට ගනිමිනි. මේ පුරාණාචාර්යවරුන්ගේ මත පොළොවෙහි නිධන් කළ මැණික් මෙන් අර අටුවාවල අන්තර්ගත වෙයි. තොටගමු වෙහෙර වැසි යතිවරු මේ පුරාණාචාර්ය මත නමැති ඒ මැණික් මතු කර දීමෙහි සමත් වෙති.

(2) මිහි මඬල - පෘථිවි මණ්ඩලය


237

නැණ පතල දන - ඥානය වනාහි පෙර පටන්ම ප්රයකට ධනයකි.

අන්වය - සතර පහළ කළ පොරණ ඇදුරන් සෙ අට වියරණය නොහැර සිත සෙ දැන ගෙන සත සතොස කරන පවර පබඳ බැඳ සියලු දෙරණ නිතොර පසිඳු කරවියත

අර්ථය - ශාස්තුයන් ඇති කළා වූ පුරාණ ආචාර්යවරුන් මෙන් අෂ්ට ව්යාගකරණය අත් නොහැර සිත් සේ දැන සත්ව‍යාගේ (ලෝ වැසියාගේ) සන්තෝෂයට හේතු වූ උසස් ප්රතබන්ධ බැඳ මුළු ලෝකයෙහි නිතර ප්ර සිද්ධ කරවීය.

විස්තර - අට වියරණය - ශාස්ත්රනය පහළ කළා වූ පුරාණාචාර්යවරයන් දැන සිටියේ සංස්කෘත ව්යා කරණයයි. එහෙයින් මෙහි අදහස් කරනුයේ ඉන්ද්රළ, චන්ද්ර , කාස්කෘත්සන, අපිශල, ශාකටායන, පාණිනි, අමර, ජෛනෙන්ද්ර යන අට දෙනාගේ ව්යායකරණයන්ය. රහල් තෙරණුවෝ ඒ සියල්ල දත්හ. උන් වහන්සේ බුද්ධිප්පසාදනී, පඤ්චිකාප්රකදීප යන ව්යා කරණ විවරණ පොත් දෙකක්ද රචනා කළහ.

පවර පබඳ - උසස් ප්රපබන්ධ; සංස්කෘත වියරණ දැනසිටි පමණින්ම, කුමාරතුංග අදහස් කරන පරිදි, මේවා සකු ප්ර;බන්ධ විය යුතු නොවේ. රහල් හිමියෝ සැළලිහිණිය, කාව්ය ශේඛරය ආදි උසස් ප්රිබන්ධ සිංහලෙන් කළහ. මින් ඒවාද අදහස් වන්නේ විය හැකිය.

238 අන්වය - සසමය, සතර සිඳු අගතිසි කරතලය සපිරි පිරිසිදු ගුණ ඇම කලය අසමය. මෙසමය දියතෙහි පසිඳු එහිමි තෙපලය විසමය ඇදුරු තුරු උදුරන සැඬ නලය.



180

අර්ථය - ෂඩ් සමය නැමැති සතර සාගරයට නැතහොත් ආගම සහිත ශාස්ත්රක නමැති සාගරයට අගස්ති සෘෂිහුගේ අත්තල බඳු හොඳින් පිරුණු පිරිසිදු ගුණ හැම කල්හිම අසමානය. මේ කාලයෙහි ලෝකයෙහි ප්රිසිද්ධ නමැති ගස් උදුරා ලන චණ්ඩ මාරුතයකි.

විස්තර - සසමය- න්යාහය, වෛශෙෂික, සාංඛ්යන, යෝග, මීමංසා, වේදාන්ත යන දර්ශන විධි හය. සසමය යන්නට නිවැරදි දර්ශනය යනුවෙන්ද අරුත් කිව හැකිය.

අගතිසි-අගස්ත්යය සෘෂිවරයා; වරක් ඉන්දු විසින් ලුහු බඳිනු ලැබූ අසුරයෝ දිව ගොස් මුහදෙහි සැඟවුණහ. මෙවිට අගස්ත්යර සෘෂිවරයා මුහුදෙහි දිය දෝතින් ගෙන පානය කොට ඔවුන් දැක්වීය. මෙහි එන සඳහන ඒ ගැනය. අගතිසිට අත්ලට ගත් වතුර ගැන හොඳ දැනුමක් ඇත. ෂඩ් දර්ශනය ගැන විජයබ හිමියන්ට ඇත්තේද එබඳු දැනුමකි

කරතල - හස්ත කලයෙහි; අත්තලෙහි

විසමය ඇදුරු තුරු - මිථ්යාබ දෘෂ්ටි නමැති ගස්

සැඬ නලය - චණ්ඩ වූ මාරුතයයි.

239

අන්වය - සේ පිරියත් මහ කව් යෙහෙන දැන ගෙන, සියපත්, කොඳ සඳ සේ සොබන යස රැස් පෑ දියතෙහි නිතින දියකොත් බඳවා ඒ නඳන සිරිමත් යති බබලයි.

අර්ථය - දක්ෂ භාවයේ කෙළවරට (ගොස් බඳනා ලද) මහා කාව්යනයන් හොඳින් දැන ගෙන නෙලුම්, කුමුදු හා චන්ද්ර(යා මෙන් ශෝභන යශෝරශ්මිය පෙන්වා ලෝකයෙහි නිතර ජයකොඩි බඳවා ඒ නන්දනීය වූ හිමිතුමා බබලයි.

විස්තර - සේ පිරියත් = ‘සේ’ යනු ඡෙක හෙවත් දක්ෂ භාවයයි. එහි කෙළවරට ගියේ සේ පිරියත්ය.

දියකොත් බඳවා - ජය කොඩි නංවා




181 240 අන්වය - පසිඳු, රුසිරු සරසවි ලිය නිතර රැඳි, කිවිඳු සවන් බිඟු වැල නොහැර තුටු කළ පුබුදු සොඳුරු පවර ඔහු මුව තඹරට, සඳ ලකර සිනිඳු සුවඳ මුවරඳ විය.

අන්වය - පසිඳු, රුසිරු සරසවි ලිය නිතර රැඳි, කිවිඳු සවන් බිඟු වැල නොහැර තුටු කළ පුබුදු සොඳුරු පවර ඔහු මුව තඹරට, සඳ ලකර සිනිඳු සුවඳ මුවරඳ විය.

අන්වය - ප්රුසිද්ධ වූ, සිත්කලු සරස්වතී කාන්තාව අනවරතයෙන් සිටි කවිඳුන්ගේ කන් නමැති මී මැසි සමූහයා අත් නොහැ සතුටු කළා වූ ප්ර්බුද්ධ, සුන්දර ඔහුගේ මුඛ පද්මයට, ඡන්දෝලංකාර සිනිඳු සුවඳ රේණු විය.

විස්තර - (1) විජයබා පිරුවන්පති හිමියන්ගේ මුහුණ නෙලුම් මලකි. එහි සරසවි වසන බව කීමෙන් උන් වහන්සේගේ කවිත්වය ධ්වනිතය. ඒ කවිත්වයෙන් කවීන්ගේ කන් නමැති මී මැස්සෝ සතුටු වෙති. එසේම ඒ පියුමෙහි රේණු ඡන්දස් අලංකාරයැයි කීමෙන් එම ශාස්ත්රතයන් විෂයෙහි උන් වහන්සේගේ නිපුණත්වය ප්රරකාශ වේ.

(2) සරසවි ලිය - සරසවි යැයි කී විට ‘ලිය’ යනු අනවශ්යගය. එහෙත් බැමිණිලීය, බිසෝලඳ ආදි ව්යාවහාර සිංහලයෙහි දක්නට ලැබේ.

සඳලකර - කවිවල විරිත් පිළිබඳව උගන්වන ශාස්ත්රටය ඡන්දස්ය. අලංකාර විධීන් උගන්වනුයේ ලකරය.

241

අන්වය - තිවට, කසුබු ඉසි, සුරගුරු මෙන් සුබද, ඒ යති සඳු‍ෙග් ලොවට කලණ නොමඳ සුමට වදන් දුළ විසිතුරු මහ මුහුද. දස අට ‍පොරණ රළ පතරින් නිබඳ පිරි. අර්ථය - මහා බ්ර හ්මයා, කාශ්යරප සෘෂි, හා බෘහස්පති මෙන් ඉතා භද්රත වූ ඒ යතිතුමාගේ, ලෝකයට කල්යාමණ වූ, බොහෝ වූ ඉතා මටසිලුටු වචන නමැති බැබලුණු විචිත්රෝ මහ මුහුද, දහ අට පුරාණ නමැති රළ සමූහයෙන් නිතර පිරුණේය.

විස්තර - තිවට - මහා බ්රගහ්මයා; වට හෙවත් පැවතුම් තුනක් ඇති නිසා මහා බ්ර්හ්මයාට තිවට යයි කියනු ලැබේ. මේ පැවතුම් තුන නම් ලෝකය මැවීම. ආරක්ෂා කිරීම සහ විනාශ කිරීමය.


482

කසුබු ඉසි - කාශ්යකප නම් සෘෂිවරයා - හින්දු දේව කතාවලට අනුව හොහු මහා බ්ර හ්මයාගේ මුණුබුරෙකි. සියලු ප්රාණණීන්ගේ ආදි පුරුෂයා ඔහු යයි සලකන ලදි.

සුබද - සුභද්රග, ඉතා යහපත්

දසඅට පොරණ - බ්රේහ්මම, පද්ම, විෂ්ණු, ශිව, භගවත්, නාරද, මාර්කණ්ඩෙය, අග්නි, භවිෂ්යාත්, බ්රීහ්මවෛවර්ත, ලිඬග, වරාහ, ස්කන්ධ, වාමන, කුර්මු, මත්ස්යා, සුපර්ණ, බ්රරහ්මාණ්ඩ යන නමින් ඇති පුරාණ ශාස්ත්රද අට‍ළොස.

242

අන්වය - අවට ඉඳින අඩදැණි පඬිවරුනටද පෙර ඇදුරන් පැමිණි ලෙස සිතට සතුටු වන සොඳ පද අරුත් සරණි, රුවට කියන ඔහුට දස අ විදු තැන් සිය පවෙණි විය.

අර්ථය - වටේට ඉන්නා වූ අඩදැණි පඩිවරුන්ට, පූර්වාචාරයවරුන් පැමිණි ආකාරයට සිතට සන්තෝෂය ඇති වන යහපත් පදාර්ථ සමූහය විචිත්රට ලෙස කියන්නා වූ ඔහුට අෂ්ටාදශ විද්යාද ස්ථාන ස්වකීය ප්ර වේණිය විය.

විස්තර - (1) රහල් හිමියන් පුරාණ ශාස්තුයන්හි අර්ථ පැහැදිලිකර දක්වනුයේ ආධුනිකයන්ට පමණක් නොවේ. පඩිවරුන්ටත් ඔවුන්ගේ සිත් සතුටු වන ආකාරයට එසේ කරති.

(2) අඩදැණි - දණ නමා සිටින

සරණි - සමූහය

දස අට විදු තැන් - පුරාණයෙහි විද්යාිවෝ කොටස් දහ අටකට බෙදා දැක්වුණාහ. ඒවා මෙසේය: (1) ශික්ෂා (2) කල්ප (3) ව්යා්කරණ (4) නිරුක්ති (5) ඡන්දස්ශාස්ත්ර (6) ජ්යො)තිශ්ශාස්ත්රධ (7) සෘග්(8) යජුර් (9) සාම (10) අථර්ව්න් (යන වේද සතර) (11) මීමංසා (12) න්යාසය (13) ධර්ම9 ශාස්ත්රි (14) පුරාණ (15) ආයුර්වේද (16) ධනුර්වෙරද (17) ගාන්ධර්වධ (18) අර්ථ ශාස්ත්ර‍

පවේණි - පරම්පරාවෙන් පැවත එන උරුමය.




183 243 අන්වය - මිසදිටුවන් අබඳ බස් නොසී කරන නිසී නැණ ඇති පැරකුම් රජුට සැක සිත පසිඳ නඳ රසී ගැඹුරු තෙපලෙන් සූවාසූ දහසක් දහම් කඳ දෙසී.

අර්ථය - මිථ්යාලදෘෂ්ටිකයන්ගේ අසම්බන්ධිත වචන සිහිනොකරන්නා වූ යහපත් නුවණ ඇති පරාක්ර මබාහු රජුට සැක සිත නැති කොට සතුට ගෙන දෙන රසවත් ගැඹුරු වචනයෙන් අසූ හාර දහසක් ධර්මස්කන්ධය දේශනා කෙළේය.

විස්තර - අබඳ - පිටපත්හි නො එන නමුත මෙය ‘අබද’ යනුවෙන් ගෙන ‘අභද්ර ’ යැයි අරුත් කීම වඩා සුදුසු බව පෙනේ.

නො සී කරන - නොසිහි කරන; සිහියට හෙවත් මතකයට නොගන්නා.

නිසී නැණැති - යහපත් ඥානයෙන් යුක්ත

පසිඳ - ප + සිඳ; නැති කොට

රසී - රස ඇති; රසවත්

සූවාසූ දහසක් දහම් කඳ - බුදුන් වදහළ ධර්මය ස්කන්ධ (සමූහ) වසයෙන් අසූ හාර දහසක්යැයි කියනු ලැබේ.

244

අර්ථය - ඒ ස්වාමීන් නැමති කෛලාස පර්වතයෙන් වැටෙන්නා වූ යහපත් ධර්මය නැමැති ආකාශ ගංගාවෙහි දීප්තිමත් ජල ධාරාව වැදී අප්රෙමාණ සන්තෝෂය නැමැති අමෘත ඕජසින් පිරි නරේන්ද්රෝැත්තමයා නමැති කිරි මුහුද නිතරම විශේෂයෙන් බැබලුණේය.

විස්තර - රජු නමැති කිරි මුහුද ධර්මය නමැති ආකාශ ගංගාව වැටීමෙන් ප්ර භාවත් වූ බව මෙයින් කියවෙයි.






184

245

අන්වය - දන මන විකාසය කර දහම් දෙසන ගුණ නිවාසය සොබන එයති සඳුගේ වදන් නළු අඟන විසේසය පෑ රඟන පවර සබාසය රඟ බිම් විය.

අර්ථය - ජනයාගේ මනස පුබුදු කරමින් ධර්ම දේශනා කරන්නා වූ ගුණයට නිවාස වූ (ගුණවත්) ශෝභන ඒ යතිතුමාගේ වචන නමැති නාටිකාංගනාව විශේෂය පෙන්වා නටන්නා වූ උතුම් වූ ෂඩ් භාෂාව රංග භූමියක් විය.

විස්තර - රහල් හිමියන්ගේ වචන නළඟනක් නම් ඇය විශේෂත්වයක් පා නැටුම් දක්වන්නේ, ෂඩ් භාෂාව නමැති රඟ බිමෙහිය.

විකාසය කර - පුබුදුවා

සබාසය - සංස්කෘත, ප්රාිකෘත, මාගධී, පෛශාවි, ‍ෙශෟරසෙනි, අපහ්රංයස යන භාෂා සය.

246

අන්වය - පස් ඇස් පසැස් කර සොඳ ලෙසම වදහළ නිදොස් වෙසෙස් පිළිවෙත් සිරිත නොවිහිද සදොස් කෙළෙස් සතුරන් නොමඳ ඔද මැඬ නිබඳ අපිස් සතොස් ගුණයෙන් වැජඹෙයි.

අර්ථය - බුදුන් වහන්සේ විසින් ප්රඬත්ය ක්ෂ කර ගෙන සුදුසු ආකාරයට වදාරන ලද්දා වූ වැරදි රහිත විශේෂ ප්රනතිපත්ති, චාරිත්රෙ උල්ලංඝනය නොකර දොස් සහිත ක්ලේවශ නමැති සතුරන්ගේ බොහෝ වූ එඩි මර්දනය කොට නිරතුරුව අල්පේච්ඡ සන්තෝෂ ලක්ෂණයෙන් වැජ‍ෙඹයි.

විස්තර - පසැස් - පස් + ඇස්; ඇස් පසක් ඇති තැනැත්තා = බුදුන්; මසැස, දිවැස, පැණ ඇස, බුදු ඇස, සමතැස යන පංචාක්ෂීන් බුදුන්ට ඇතැයි කියති.

පසැස් කර - ප්ර්ත්යසක්ෂ කර

අපිස් - අල්පේච්ඡ





185

47

අන්වය - බැලූ බැල්මට දුෂ්කර සේ පෙනෙතත් එසේ නොවේ.

අර්ථය - සිල් නමැති සේනාවද, කීර්තිය නමැති චාමරද. මෛත්රීැ නමැති සේසත්ද. ගුණ නමැති ආභරණද, ධර්මය නමැති ඔටුන්නද, ඥානය නමැති කඩුවද, බිඳින ලද අනංගයා හෙවත් කාමයද, තපස් තේජස නමැති ආඥාවද ඇති රජුට සමාන ඔහු වෘහස්පති හැර කවුරු වර්ණනා කරත්ද?

විස්තර - (1) විජයබා තෙරුන් රජෙකුට සමාන කිරීමේදී ‘නැණකගහු’ යන්න දක්වා සුදුසු උපමා ලැබුණු බව පෙනේ. එහෙත් අනංගයා ජය ගැනීමේ ලක්ෂණය රජුට නැත. මෙහිදී ‘නරඟ’ යන්නෙන් ‘නරාග්රු’ යන අර්ථය ගැනීමට හැකි යැයි සමහරුන් අදහස් කරන නමුත් එය සුදුසු යැයි සමහරුන් අදහස් කරන නමුත් එය සුදුසු යැයි නොසිතේ. ‘නරාග්ර්’ යන්නෙන් රජුම ගැනෙන බැවිනි.

(2) යස සෙමෙරහු - යසසත් සෙමෙරත් දෙකම සුදුය. ඒ නිසා මේ උපමාව ගැළපේ.

නරඟ - අනංගයා

තව තෙද’ණහු - තපස බොහෝ බලවත් සේ පෙර සැලකිණි. ඒ නිසා තේජසට උපමා කෙරිණ.

48

අන්වය - සහස් ඇස් අයුරු සොඳුරු පැරකුම් නිරිඳුන්ගෙන් මහවෙල් ගොඩපිටිය ඇතුළුව නොයෙක නැත අමුතු මහ ගම් බිම් පමුණු කොට ලැබ ගෙන බහදුරු සිරි සිරින් නිතින් එහි වැජඹෙයි.

අර්ථය - (එතුමා) ශක්ර යා වැනි පරාක්ර මබාහු රජුගෙන් මහවෙල් ගොඩපිටිය ඇතුළුව නොයෙක් තැන අලුතෙන් මහ ගම් බිම් උරුම කොට ලැබ ගෙන සඳුන් රුකක් මෙන් නිතර වැජඹෙයි.

විස්තර - සහසැස් - ඇස් සහසක් හෙවත් දහසක් ඇත්තේ යමෙකුටද හේ සහසැස් - ශක්ර-යා




186

පමුණු කොට - ප්රයවේණි කොට; උරුම ‍කොට.

අමුතු ලැබ ගෙන - යමක් අමුතුවෙන් ලැබ ගැනීම නම් කලින් නොතිබී අලුතෙන් ලබා ගැනීමයි. එය පරම්පරා ගත වන පරිදි ලබා ගැනීම පමුණු කොට ලැබ ගැනීම වේ.

බහදුරු සිරි - භද්රඑ ශ්රීව-සඳුන් ගසට නමකි


249

අර්ථය - මිත්ර ය, ඒ යතිඳුන්ට දැන්විය යුතු සේ පළමුවෙන් දක්වන ලද අති උතුම්. සත් පුරුෂයන්ට අභිමත වූ සන්දේශයට දැන් පැමිණි ඉඩ ඇත්තේය. එයද අසනු මැනවි.

විස්තර - විඥාපනීය - දැන්විය යුතු

ප්ර්ථමොද්දිෂ්ට - ප්රපථම + උද්දිෂ්ට - පළමුවෙන් කියන ලද

සදිෂ්ට - සත් + ඉෂ්ට - මනා වූ අදහස් ඇති

ප්රා්ප්තාවසර - ප්රාඉප්ත + අවසර; පැමිණි හෙවත් ලැබුණු ඉඩ

ස්වර්ණැ කර්ණාවතංස කර - ස්වර්ණ කර්ණාවතංස යනු රනින් කළ කර්ණාභරණයයි. ස්වර්ණා කර්ණාවතංස කර යනුවෙන් අදහස් කරන්නේ හොඳින් අසා ගන්නා යනුයි.

250

අන්වය - පවර මුනි වදහළ පිළිවෙත් නොහැරම වසන, සසග පවර සැප සැබවින් සිදු කරන, මහඟු මහ සඟ ගණ සමග මෙහෙවරින මුළු ලොවට වැඩ වන, මෙමා පවසන තෙපලක. නිතොර සතන් වෙත මෙත් කුලුණු දක්වා මෙසිරි ලක්දිව නොහැර රැකුමෙහි දැපුණු මුනිඳු සිරි පද කමල උතුම් අඟ පැළඳි, සුසිරි මනු රද නීති කොමළ අඟ වැලඳි, ගැමුණු නරනිඳු සේ දහම් මග පැහැදි, මෙ සිරි පැරකුම් නරනිඳු සමග සුසැදි, (මතු සම්බන්ධයි)

අන්වය - උතුම් වූ බුදු රදුන් වදහළ ප්ර තිපත්ති අත නොහැර වාසය කරන දිව්යෙ ලෝක සයෙහි සම්පත් සත්යත වසයෙන්



187

සිද්ධ කරන මහාර්ඝ මහා සංඝ සමූහයා සමග සේවයෙන් සකල ලෝකයටම වැඩ සිදු වන මා කියන වචනයකි. නිරතුරුව සත්වයා වෙත මෛත්රී කරුණා පෙන්වා මේ ශ්රීක ලංකාද්වීපය අත් නොහැර රැකීමෙහි උදම් වූ, මුනිඳුන්ගේ ශ්රී පාද පත්මය හිසින් දැරූ යහපත් ශ්රී යෙන් යුක්ත මනුරාජ නීතිය නමැති කෝමල ස්ත්රිසය වැලඳ ගත් ගැමුණු රජු මෙන් ධර්ම මාර්ගයෙහි ප්රයසාදිතව, මේ ශ්රීස පරාක්රගමබාහු රජු සමග හොඳින් සජ්ජිතව,

විස්තර - ලක්දිව රැකුමෙහි දැපුණු - මෙහි අදහස රජු හොඳින් රට පාලනය කළ බවයි. එසේ කිරීම ඔහුටම ආඩම්බරයට හේතු වී තිබේ.

උතුමඟ පැළඳි - මෙහි අදහස හිස නමා වැන්දා වූ යනුයි.

සුසැදි - හොඳින් සැරසී සිටියා වූ

251

අන්වය - අවට සමුදුර ඟිම් සව් සිරි සපිරි සිරිලක, අමාකර කිරණ සේ. පිරිසුදු දිව ඇස කුලුණු ගුණයෙන් යොමා ඇම දවස, දැක, අමිතුරු - විස - වැසන් වෙසෙසින් අතුරුදන් කොට, රෝග බිය, යක් උවදුරු දුරට පන්වා, තමා බෝසත් බව මුළු ලොවට පෙන්වා, විජය සුබ සිරි සැප නොහැර. දියුණු කොට, නිතර සහ පිරිවරින් සිට රකින ලෙස, අදර සිතින් නතිඳුහට අයදින ලෙස, මිතුර ඒ යති සඳුට තොසින් සැළ කර.

අර්ථය - වටේට ඇති සමුද්රටය සීමා කොට, සියලු ශ්රී යෙන් මනාව පිරුණා වූ ශ්රීස ලංකාව චන්ද්ර- රශ්මිය මෙන් පිරිසිදු වූ දිව්යාකක්ෂිය කරුණා ගුණයෙන් යොමු කොට හැම දා දැක, සතුරු විෂ ව්ය සන විශේෂයෙන් නැති කොට රෝග බව යක්ෂ උවදුරු ඈත යවා තමා බෝධිසත්ව ලීලාව මුළු ලෝකයට පෙන්වා විජය සහ ශුභශ්රීස සම්පත්තිය අත් නොහැර වර්ධනය කර නිරන්තරයෙන් පිරිවර සහිතව සිට ආරක්ෂා කරන ලෙස ආදර සිතින් එකල නාථ දෙවියන් හට ආයාචනා කරන ලෙස මිත්රආය, යතීන්ද්ර්යා හට සන්තෝෂයෙන් දන්වන්න.







188

විස්තර - අමාකර - අමෘත වූ හෙවත් ප්රිඑයංකර වූ රශ්මියක් ඇති නිසා චන්ද්රවයා අමාකර නම් වේ.

අමිතුරු විස වැසන් - සතුරු විෂ හා ව්යහසන

සහපිරිවරින් සිට - රහල් හිමියන්ට සහපරිවරින් සිට ආයාචනය කිරීමට ඉල්ලීමක් කළ සේ සමහරු ගනිති. එහෙත් සහපිරිවර වඩාත් අවශ්යය වන්නේ රටක් රැකීමටය. ඒ නිසා නතිඳුන්ට සහපරිවරින් රට රක්නා ලෙස ඉල්ලූ ලෙස ගැනීම වඩාත් සුදුසුය.

252

අන්වය - මිතුර, පමණින් දස දහස් යොදුන් වූ දඹදිව සිට සිරි ලකට තුන්තරා ගමනක් වැඩ මුනි යක් සෙනඟ දුරුකොට මතු අන්තරා හැර දිව ඇසින් බලා සසුන් පිහිටන ලෙස සැලසීය. සුර අසුර ලොව එක ලෙස තුස්වා දිස්න බුදු සස්න වා පස්දහස් පවතින ලෙස ඇම වර සිත සතොස් නොහැර රකිනුව ලොව හිමකර සේ දක්වා යස විසිර වෙසෙසේ දිලි එම නතිඳුට යළි යදින ලෙස, පවර තෙරිඳුට සැළ කර.

අර්ථය - මිත්රවය, ප්රතමාණයෙන් දස දහසක් යොදුන් වූ ජම්බුද්වීපයෙහි සිට බුදුන් වහන්සේ ශ්රීස ලංකාවට තුන් වරක් පැමිණ යක්ෂ සේනාව පන්නා දමා අනාගත අන්තරායන් වළක්වා දිව්යාැඥානයෙන් බලා සසුන් පිහිටන ලෙස සැලසීය. සුරාසුර ලෝකයන් එක ආකාරයට සතුටු කොට දෘශ්යැමාන වන බුද්ධ ශාසනය අවුරුදු පන්දහසක් පවතින ආකාරයට නිතරම සිතෙහි සන්තෝෂය අත් නොහැර රක්ෂා කරනු සඳහා ලෝකයෙහි චන්ද්රනයාගේ ආකාරය පෙන්වා කීර්තිය ප්රයසාරණය කොට විශේෂයෙන් බබලන ඒ නාථ දෙවියන්ටම නැවතත් ආයාචනය කරන ලෙස උතුම් වූ ස්ථවිරයන්ට දන්වන්න.

විස්තර - තුන් තරා ගමනක් - යම් යම් ආගමික විස්තරවලදී තුන් යන්න වෙනුවට තුන්තරා යයි සඳහන් වේ. මෙහි තරා යනු අර්ථ රහිතය.






189 යක් සෙනඟ දුරු කොට - වරක් බුදුන් වහන්සේ ලංකාවට වැඩ යක්ෂයන් දමනය කිරීම පිළිබඳව කළ සඳහනකි මේ.

පස්වා දහස් - පන් දහසක් අවුරුද; ‘වා’ යනු වර්ෂයි.

හිමකර - හිම මෙන් සිසිල් වූ රශ්මියක් ඇති හෙයින් චන්ද්ර යාට මේ නම කියනූ ලැබේ. රාත්රිමයට හිම හෙවත් පිනි ඇති කරන හෙයින් චන්ද්රෂයා හිමකර නමින් හැඳින් වී යයි කීමටද පුළුවන.

යස විසිර - කීර්තියෙහි පැතිරීම. මෙහි ‘විසිර’ යනු පූර්ව ක්රියයා පදයක් හැටියට නොව නාම පදයක් හැටියට ගැන්ම සුදුසුය. මෙසේ ධාතු රූපයම නාම පදයක් හැටියට සිටින තැන් තවත් ඇත. පතර (පැතුරුම), බණ (දෙසුම) අණ (ඇණවුම) ආදි වසයෙනි.

253

අන්වය - සකි අප කී ලෙසට මෙතතු වදන් දන්වා අවට දිගු බිත කිතු ලිය මල් ගන්වා, සිතු සතොසින් ලොවට වැඩ සිදු කළ තොපට මතු දෙලොවින් සුබසිරි සිදු වෙයි.

අර්ථය - මිත්රිය, අප කී ආකාරයට මේ ප්රසවෘත්ති වචන දන්වා හාත්පස ලෝකයෙහි කීර්තිය ඇති කොට සන්තෝෂ සිතින් ලෝකයට වැඩ සිද්ධ කළහොත් තොපට අනාගතයෙහි මෙලෝ පරලෝ යන දෙකින්ම සුබසිරි ඇති වේ.

විස්තර - තතු වදන් - ප්ර වෘත්ති විස්තර කරන වචන

කිතුලිය මල් ගන්වා - කීර්තිය උච්චාවස්ථානයට පමුණුවා යන අර්ථයයි.

දෙලොව - මෙලෝ පරලෝ යන දෙකයි.

සුබ සිරි - යහපත් සම්පත්තීන්

254

අන්වය - ම-සග පියවී පිය ගිය ගමන් නොහැරම ගොස්, ගිය කාරිය සැළ කොට සිත් අග සිදු කර තොප යස රැස අග නොව සියල් දිය කියවා, සිය නෑ සමිතුරු සමග සියව පවතුව.

අර්ථය - මාගේ යහළුව, ප්රවකෘති ප්රි ය ගමන අත් නොහැරම ගොස්, ගියා වූ කාර්ය දන්වා චිත්තාග්රවය හෙවත් සිතෙහි අභිලාෂය සිදු කොට තොපගේ කීර්ති සමූහය කෙළවර නොවන පරිදි සකල ලෝකයෙහි කියවා තම නෑදෑයන් හා මිත්රතයන් සමග එක්ව ජීවත් වව.

විස්තර - පිය වී - මෙය ‘ප්රි‍ය වූ’ යනුවෙන් සමහරු අර්ථ කථනය කරති. එහෙත් ‘පියවී’ යන්නෙන් ‘ප්රි ය වූ’ යන තේරුම ලැබෙතැයි නොසිතමු. ‘පියවි’ යනු ප්ර්කෘතියයි. එය දීර්ඝ වී ඇත්තේ ඡන්දස් හේතුවෙනි.

සන්දේශකරු ගිරවාට පියවි ගමනින් යන්නටය කියා ඇත්තේ ඉක්මනින් සිදු කළ යුතුව තිබූ දූත කාර්ය දැන් අවසාන බැවිනි.

පිය ගමන් - පියඹා යෑම

නොවග - කෙළවර නොකොට

නෑ සිය - ඥාති සමූහයා

සියව - එක් වී