කෝකිල සන්දේශය-අරුත් වියකන-ii

අරුත් වියකන

තෙවළා දැනැ යෙහෙන දස අත යෙසෙන් හොබවන විජය බා පිරුවන කියන බණ මේ අසව් සතොසින’යැ යි,

ඔවුන් වහන්සේ මැ වදාරති (ක. සේ. i. 23 -25). ඔවුන් වහන්සේ යෙහෙන් තෙවළා දැනැ වදාළ බව ‘තෙවළා වදනිසුරු විජසබ තෙරිඳු තුමා’ යන්නෙන් මෙහි දී හෙළි කැරේ.

පඤ්චිකා ප්රවදීපයෙහි:- ‘සත්ථන්තරේ ච විවිධේ සමයන්තරේ ච භාසන්තරේ ච සකලේ පිටකත්තයේ ච ආවේරභාවමුපගම්ම භජාම පීතිං දීඝං ස ජීවතු පරක්කමබාහු රාජා’

(බැහැරි සතරේ ද, නන් අයුරු පර සමයයෙහි ද, පර බස්හි ද, සියල් තෙවළායෙහි දැ ඇදුරු බවට පැමිණැ තොස බජමි. ඒ පැරැකුම්බා රජ දිගු කල් දිවියෙන් සිටිවා) යි සිය යසස එ තුමෝ පළ කළහ.

‘තෙවළා සත් රුවන් හර’ යන තැනැ ‘සත් රුවන්’ යන්න ඇසෙන්නා හා මැ සිතට නැ‍ඟෙන්නේ අදහස් කරන ලද අරුතින් ඉඳුරා වෙනස් වූ දැයෙකි. සිදත් සඟරා කරුවෝ ‘හුණානිටු ගැමි අරුත් දොසැ’යි කියති එ වරදට.

මුව හෙවත් මූණු සයක් ඇත් නු යි කඳ කුමරුට ‘සමුව’ (සය මුණා) යන නම පැවැසේ. යුදට අධිපති දෙවියා වූ ඔහුගේ උගත් කම පිළිබඳ වැ ඇති සබඳ කම පළ වූවෙක් නො වේ. ඔහු ගේ සොහොවුරු ‘ගණ දෙවි‍යා’ නම් නුවණට අධිපති වෙයි. බාගෙ දා සිරි රහල් හිමියන්ගේ තෙද පල කිරීම පිණිසැ කඳ කුමරු සදහන් කළා හෝ වියැ හැකි. එහෙත් තමන් වහා සතර දන්නේ කඳ කුමර දෙවියාගේ වර ලැබීමෙතැයි:-

කොවුල් ස‍ඳෙස් ‘කඳවුරු කුලැ උපන් රැඳි තොටගමු පියෙස සෙද දත් සියල් කව් නළු මගද සකු බස කඳ කුමරිඳුන් වර ලද පසළොස් වයස වදහල රහල් වැඩි තැන් කලරැව් ස‍ඳෙස’ යැයි එතුමා මැ වදාරති.

එ හිමියන් දැන් වැඩැ සිටිනේ කඳ කුමර වර ලද කෙනෙකුන් සේ නො වැ නියම කඳ කුමරු සේ යැයි පළ කරයි ‘සබා සමුව ලොවැ වෙසින් පෙනුණු ලෙස’ යන්න. වත් පොහොසත් කම් ඇති සිය නෑයකු පැමිණෙනවා දැක්ම ඔහු ගේ කුලේ දනන්ගේ මූණ පුබුදු වීමට කරුණු වෙයි. සිය කුලේ වැදගත් බව රදා පවත්නේ ඔහු කෙරේ හෙයිනි ඒ. හිරු නෙළුම් කැලේ නෑයකු වෙතියි යෙති. එ හෙයින් හිරු දක්නා නෙළුම් මල් පුබුදු වෙයි.හිරු දක්මින් නෙළුම් මලි පුබුදු වෙන්නා බඳුයි, සිරි රගල් හිමියන් දක්නා කඳවුරු කුලන් පුබුදු වීම. කඳවුරු කුලවත්තු නෙළුම් මල් වෙත් නම් ඔවුන් පුබුදු කරවන සිරි රහල් හිමියෝ හිරු වෙත්. එ හිමියන් ගේ මුතුතණුවෝ ‘වුත්තමාලායෙහි’ සඳහන් වන උතුරු මුළැ මහ තෙර උතුමෝයි. (6) සිරි පැරැකුම් රජු ගෙන් පසු දවාලේ සඳ බඳු වූ සිරි රහල් හිමියන් සඟ රජු වැ සිටි බව:‍-

‘සාරිපුත්තමහාදිසාමි ජනනේ ජාතස්ස සම්බාවිතේ නත්තා උත්තරමූලරාහුල මහාථෙරස්ස සික්ඛාගරු විඛ්යාඋතෝ පදචාක්යෙතක්කකුසලෝ වාදීභසීහෝ සුධී සෝ වාචිස්සරසංඝරාජපවරෝ ව්යාසකාසා ටීකං ඉමං’ යැයි පදසාධන ටීකාව පළ කරයි. එහි ‘වාදීභසීහෝ’ යන්න බදුයි මෙහි ‘කුළු කිවි මත වරණ දප් කුළු බිඳි කෙසර යුරු’ යනු. සිරි රහල් හිමියන් ගේ නම ‘වාචිස්සර’ බවත්, ‘රහල්’ යන්න මුත්තණුවන් ගේ නම බවත් එයින් මැ හෙළි වෙයි.

අරුත් වියකන

‘පුබ්බකාලේ රාහුල භද්දනාමකං ඉදානි විජයබාහු සංඝරාජානං’ යන කල්යා ණ ලිපි වදන හා සැසැ‍ඳෙයි ‘විජයබ තෙරිඳු තුමා’ යන්න.

‘සබාස කව් බැඳැ සිටි සඳ’ යන්නෙන් සිරි රහල් හිමියන් දඹ දිවේ ඇදුරන් වෙසෙස් කොටැ දක්වන බස් සය දැනැ එයින් පබඳ කළ බවෙක් පළ වෙයි.

1. සංස්කෘත 2. මහාරාෂ්ට්රිස 3. සෞරසේනී 4. මාගධි 5. පෛශාවි 6. අපභ්රංීස

යැයි සය බස දක්වති අයෙක්. සංස්කෘතය හැරැ සෙසු බස් ‘ප්රා කෘත’ යන්නෙන් වෙසෙසනු ලැබේ. මැනැවින් ‘සංස්කෘතය’ දන්නා අයකු හට සෙසු ප්රාෘකෘත බස් දැන්ම බැරි දැයක් නො වේ. එ බස්හි වෙසස ඇත්තතේ අකුරු උසුරු කිරීමේ පමණක් හෙයිනි.

ප්රා කෘත මහා රාෂ්ට්රිබය දඹ දිවේ නළු ඇදුරන් ඇසුරු කෙළේ පැදි පිණිසැ යැ. ශෞරසේනිය ‘සංස්කෘතය’ නුහුරු වැදගතුන් බිණු බස හැටි එහි යොදා ඇති (සංස්කෘතය රජුනටත්, උගත් බැවින් ඉහළ පෙළේ බමුණනටත් ඇරුණේ වෙයි.) පෛශාචිය පිසසුන්ගේ බස හැටියට ගන්නා ලද්දේ වේ. එහෙයින් ඊට ‘භූත භාෂා’ යන නම ද වේ. නිසි පරිදි අකුරු උසුරු කිරීමේ නො සමත් පැටියනුත්, දස්සනුත්, බුදුනු පැවිද්දනුත් පිණිසැ ‘මාගධී’ බස ඇරුණේයි. අප විසින් ‘මුඩුක්කු බස’ යැයි කියනු ලබන කිසි නීතියක් රීතියකි නැති සංකර බස ‘අපභ්රංයස ය’ යි.

මෙ දිවයිනේ මුසිලිමයනට ‘ඇ, ඈ, බ’ යන අකුරු උසුරු කිරීම බැරි බව අපි දනුමු. එ හෙයින් එ වෙනුවට ඔහු උසුරු කරන්නේ ‘එ, ඒ, ව’ යන අකුරුයි. ‘ලෑලි’ යන්නට

කොවුල් ස‍ඳෙස් මුසිලිමයා තියන්නේ ‘ලේලි’ යනුයි. ‘ඇත්ත’ යනු ‘එත්ත’ යැයි ද ‘බල්ලා’ යනු ‘වල්ලා’ යැයි ද කියයි හෙතෙමේ. එ සෙයින් දඹ දිවේ නො එක් පියෙස් වැසි දනන් හට සකු වදන් නන් අයුරින් උසුරු යවයි.

මගද පෙදෙසේ වැසියාට ‘ර්’ සද නුහුරුයි. ඔහු එ වෙනුවට ‘ල්’ සද උසුරුවයි. ‘රාජා’ යනු ඔහුට ‘ලාජා’ යවයි. ‘ආර්ය’ යන්න මගදයා උසුරු කරන්නේ ‘අය්ය’ කියා යි. ‘කර්ය’ යනු ඔහුට ‘කය්ය’ වෙයි. සුරසෙන් වැසියා ‘අය්ය’ යන්න ‘අජ්ජ’ යැයි ද, ‘කය්ය’ යන්න ‘කජ්ජ’ යැයි ද හඬවයි. මගදයාට ‘ශ්, ෂ්, ස් යන තුන වෙනවට ඇත්තේ ‘ශ්’ යන්න පමණයි. පිශාවකයාට ‘ස්’ යන්න පමණයි. මහා රාෂ්ට්රි‘ ප්රායකෘතයේ බෙහෙවින් ගතකුරු හැළේ. ‘හෘදය” යන්න එ බසෙහි දි ‘හි අ අ’ යැයි සිටී. පෛශාවිය බෙහෙවින් පෙළ බසට හුරුයි. ප්රා”කෘත ‘මාගධී’ බස පෙළ (පාලි) බසින් ඈත් වෙයි. ශකාරී, ආවන්තික ඈ තව ද ප්රාිකෘත භෂාවෝ සංස්කෘත නාට්ය ග්රානථයන්හි දක්නට ලැබේ. වදනිසරු = වදන් ඉසුරු (වාගීශ්වර)


16 ලැඟුම් (8)


82 පු න් ස ඳ කිරණ පෙර දිගිනෙත විපුල්ලේ නන්කොඳ කුමුදු විකසිත වන ඇසිල්ලේ ‍මෙන් ගණ සොබන තුරු මැදැ වෙහෙර පල්ලේ ම න් බැ ඳ ලගින් කෙවිලඟනක තුරුල්ලේ

82. විපුල්ලේ පුන් සඳ කිරණ පෙර දිගින් එන, නන් කොඳ කුමුදු විකසිත වන ඇසිලිලේ වෙහෙර පල්ලේ ගණ මෙන් සොබන තුරු මැදැ කෙවිලඟනක තුරුල්ලේ මන් බැඳැ ලගින්.

උදාර වූ, පුරා හදේ කැලුම් හෙවත් රස් නැගෙනහිරි දෙසින් එන විටැ, නො එක් වගේ කොඳ (මල්), කුමුදු (මල්) පුබුදු වන්නා වු (ඒ) ඇසිල්ලේ වෙහෙර පාත, වැසි වලා සෙයින් හෙබනා ගස් වදල මැදැ කොහෝ කිරිල්ලක ගේ තුරුල්ලේ සිත බැඳැ ලගින්නෑ.

‘දුන් නද සපද තුරු මැද වෙහෙර තුල්ලේ’ යන පෙළ ගනිති අයෙක්. ‘වෙහෙර තුළැ මී මැස්සන් විසින් දෙන ලද නාද ඇති ගස් අස්සේ’ යි අරුත් ද පවසති. වෙහෙර තුළැ මි මැස් දෙන නාද එහි මිසැ ගස් අස්සේ වන්නේ. කෙ සේ ඳ? ගසුත් වෙහෙර තුළැ මැ වී ද? ඒ වනාහි:-

‘ පු න් ස ඳ කිරණ එත නුබ ගඟැ වතුරු ලෙස නන් කොඳ කුමුදු සමඟ වැ දිලෙන තුරු රැස දු න් ස ඳ මුනිඳු පුදයට පසඟ තුරු ගොස ම න් බැ ඳ ලගින් පවුරසැ මිහඹ තුරු හිස’ යන ගිරා අසුන් පැදිය (63) සිහි පත් වූ ලියන්නන් විසින් එහි තුන් වන පිය,

‘දුන් නද පසඟ තුරු වැදැ වෙහෙර තුලුලේ’ යි ගන්නා ලද නිසා වූ පෙරැළියෙකි.

දිගිනෙත = දිගින් එන කෙවිලඟනක = කෙවිලි අඟනක


17 නික්මුම් (8)


83 නැගි දිවයුරු දැකැ ගන අඳුර යෙත බබා ලැ ගි පියුමෙහි බිඟු මුවර‍ඳෙහි තුඬු තබා ලැ ගි තුරගින් නැඟි සිටැ පියෙහි මැළි අඹා හැ ගි ‍ලෙසැ මේ නුඹ නුබ වැදැ යන්නැ පිය අඹා


83 නැඟි දිවයුරු දැකැ ගණ අඳුර ඔබා යෙත පියුමෙහි ලැගී බිඟු මුව ර‍ඳෙහි තුඩු තබා, මෙ නුඹ ලැගි තුරු අගින් නැගී සිටැ පියෙහි මැළි අඹා, හැඟි ලෙසැ පිය අඹා යන්නැ.

පෑයූ (හෙවත් නංගා වූ) ඉරු දැකැ, ගත වූ අඳුරට බියට පත් වෙමින් යත් මැ බිඟු පියු මෙහි (නෙළුම් මලේ) ලැගි මුවරඳෙහි තුඩ තබා, මේ නුඹ ලැග්ගා වූ ලස් මුදුනින් නැගී සිටැ පියා පතෙහි අලස බව පලවා හිතුණු හැටියට ඉඟිළී යන්නැ.

දිවයුරු = දිව කරු (දවාල කරන්නා) තුරගින් = තුරු අගින්


18 මඟ වැනුම් (8)


84 ම හ ද ම පා මහමෝදර මැදැ තිබෙන ම න ර ම් පා ණෙහි ලිතු කුරු පෙළ නඳන වෙනම් පා වෙසෙතෙයි සිඳු හිමි අතින හොයකම් පා ඇරැ ගත් කැට පතක් මෙන

84. මහ දම්පා මහ මෝදර මැදැ තිබෙන, මන රම් පාණෙහි ලිතු නඳන අකුරු පෙළ වෙන පෙම් පා වෙසෙතැයි කම්පා හොය සිඳු හිමි අතින් ඇරැ ගත් කැට පතක් මෙනැ.

මා දම්පා මහ මෝදරැ ඇත් සිත අලවනසුලු ගලේ ලියන (කොටන) ලද පියකර අකුරු පෙළ අන් තැනකට සනා පෑ (හෙවත් ආදර දක්වා) වසනු ඇතැයි සැසැලුණු හොය මුද නැමැති හිටියා අතින් (ළියවා) ගත් පොරොන්දු පත්තරයක් වෙන් යැ. මාදම්පා ඔය මූදට මදිනා තැනැ මෝදර මහත් යැ. ඒ නිසා ඊට (මාදම්පා). මහ මෝදර යනු වහර වේ. ඒ මෝදර මැද්දේ සිත් ගන්නාසුලු ගලෙක් ඇත්තේයි. එහි කොටන ලද අකුරු පෙළෙකි. ඒ අකරු පෙළ මුද නැමැති (තම) හිමියා අන් අතෙකැ ප්රේ මය දක්වා වසනවා ඇතැයි සැසැලුණු ඔය නැමැති අඹුව වෙත අතෙකැ සතාව නො දක්වන බවට, ඔහු අතින් ලියවා ගත් පොරොන්දු පත්තරයක් සෙයින් පෙනෙයි.

ආදි යුවතියන් ගේත් පතියන් ගේත් ගිහි දමින් බැඳුම් අද සේ දැඩි නොවේ. කුල සිරිත් ආගම පිළිවෙත් අනු වැ යමින් අනැ නුල් බැඳැ පැන් වැඩීමෙන් දෙ දෙනෙකු අඹු හිමි බවට පත් කරනු මිසැ අද සේ රජ අන පනත් පරිදි ‘කසාද’ බැඳීමෙක් එ දා නො වී. එ හෙයින් අඹුවක ගේත් හිමියකු ගේත් වෙන් වීම එ දා ඉතා සුළු කිරියා වෙති. හිමියා හැරැ යාම අඹුවට හෝ අඹුව දමා යාම හිමියාට හෝ සිතුණු විටැ කළ හැකිව්. අඹු දමින් බැඳී සිටින්නවුන් එ සේ බැඳි සිටිනා වන මැ අන් අතැ පෙම් පෑ හැසිරිම කාත් නො ඉවසනසුලු නො පනතෙකි. ඒ අදත් එදත් එක බඳුයි. ඊට පිළියම් යෙදිම දුක සේ සුව කළයුතු ලෙඩකට ඔසුකම් කරන්නා බඳුයි.

‘තමා හිමි සිතු ලෙස දුටුවොත් වෙතනැ සනහස නුවන් කඳුළෙන් මිස යළිත් නො කියන් බසින් පිළිවෙස’ (කා සේ. X. 31) යැයි ඊට යෙදියැ යුතු සුළු පිළියමක් පෙරැ ඇඳුරෝ දක්වති. මේ දැඩිම දැඩි සිත් වෙයින දෙන පැවැත්මක් බව සිරි රහල් හිමියෝ ද පළ කොටැ වදාරති:-

‘ගෙ හිමි අන් නිවෙසා ලැග්ගයි කියන බසසා ඉඳින ලිය ඉවසා කවර තම් දැය නො ඉඳි ඉවසා’ යන්නෙන් (ක: සේ: xiii. 18)

මේ මදම්පා හොය නැමැති අඹුව කෙළේ වෙන අතැ පෙම් නො පානා සේ සිය හිමියා පොරොන්දු ගන්වමින් ඹහු ගෙන් එ අයුරු නො පනතෙනැ නො බැ‍ඳෙන බවට පොරොන්දු පත්තරයක් ලියවා ගැනීමයි. පොරොන්දු පත තමා හොය මෝදර මැදැ ගලේ කොටා ඇති අකුරු පෙළ.

මෝදර = මුව දොර ලිතකුරු = ලිතු අකුරු

85 තොට ගමුපාය රැදි මහ තෙරිඳු ගුණ හිව් ස ත සැ ප සේය යන ලෙසැ රැකැ තමන් දිව් කළ ස ල මේ ය තර කැරැ කැරැ වූ බැහැව් වැලිතොට ඒය සිරි දැකැ වඩනේ මැනැවි 85 සත තමන් දිවි රැකැ සැප සේ (ය) යන ලෙසැ තොටගමු පියැ රැඳි ගුණ හිවි මහ තෙරිඳු, කළ සල මෙය බැහැව් කර කැරැ කැරැ වූ වැලිතොට ඒයැ සිරි දැකැ වඩනේ මැනැවි.

මිනිසුනට තමනි ගේ පණ රැකැ ලෙනැ සුව සේ යා හැකි වනු පිණිසැ, තොටගමු පායේ වැඩැ වසන මහ ‍තෙර උතුමා (කලින්) කරන ලද ගල් කර්මාන්තය වැඩියක් තද කිරීමෙන් කැරැ වූ වැලිතොට පාලමේ හැටි දක්මින් යන්නැ. තෙරිඳු = තෙර ඉඳු

86 දු ල රන් රසු රැවු දී මෙවුල ඉකිළිය ලොල වඩවන සිතු සලෙළුව නො හැකිළිය තු ල රන් ලිය ලිය යන එන තුනු ලෙළිය බ ල ම මිතුරු සඳ කොස් ගොඩ වෙල් එළිය

86. ම මිතුරු සඳ ඉකිළියැ දුල මෙවුලැ රන් රසු රැවු දී, නො හැකිළි (ය) සළුව සිතු ලොල වඩවන, රන් ලිය තුල ලිය තුනු ලෙළි (ය) යන එන කොස්ගොඩ වෙල් එළිය බල.

අරුත් වියකන

ම ගේ උතුම් යහළුවාණෙනි, උකුළේ (බැඳි) බබළන මෙවුල් දමේ රන් මිණි ගෙඩි හඩවා, නො පසු බා සලෙළ දනන් ගේ ලොල් බව හෙවත් ආසාව වඩන්නා වූ රන් වැල් බඳු ගෑනුන් ඇඟ ලෙළ දෙවමින් යන එන කොස්ගොඩ වෙල් යාය බල.

රසු නම් කුඩා මිණි ගෙඩියි. රනින් කරන ලද රසු රන් රසුයි උකුළු මැ ඉකිළියි. කොස්ගොඩ පියෙස එ දා මහ කෙත් යායෙකි. එ මැදැනි ගම් වැසියන් ඔබැ මොබැ යන එන පිය මං වැටී ඇත්තේ. එ මං ඔස්සේ ලියෝ, යති එති. ඔවුන් ගේ උකුළු පියෙ‍සේ දිලෙන මෙවුල් දම් යැ. උන් පය නලත, ඔබන මෙවුල සැලෙයි. එ අනු වැ එහි එල්ලා ඇත් රන් රහු (රතින් කළ මිණි ගෙඩි) රැවු දෙයි. රන් වන් සිහින් සිරුරු ඇති ඌ තුමු රන් වැල් බඳුයා. ඔවුන් යන්නේ ඇඟ ලෙ‍ළ දෙවමිනි. උන් දක්නා සලෙළ දනන් ගේ සිතේ ලොල් බව වැඩේ. ඇඟ ලෙළවමින් යන එන ඔවුන් පෙනෙන්නේ (නල) ලෙළ රන් වැල් බඳුවැ යි.

87 බස රසි කය කියමින් වැද එකිනෙකය වෙරළස කය සිටි පෙනෙමින් දන සකය සුර සර කය සිරි තුනු අඟනන් දැකය පර තර කය විගසක් ඉඳුව තුරකය

87. එකින් එක (ය) රස බස් කියමින් වැඳැ දන සක (ය) පෙනෙමින් වෙරළ අසක (ය) සිටි, තුනු සුර සර කය සරි අඟනන් දැක (ය) පරතරක (ය) තරක (ය) විගසක් ඉඳු.

එකකට එකක් වැඩි වන රස බස් කියමින් වැදි හෙවත් පිවිසි දනන් ඇසැ පෙනෙමින් වෙරළේ පැත්තෙනැ සිටි දෙව් ලියන් ගේ සිරුර බඳු ඇගපත් ඇති ගෑනුන් දක්මින් පරතරකයේ ගසෙකැ මඳ වේලාවක් ඉඳිනු.

‘පරතරය’ යනු ‘කයිකාවල’ යන්න මැයි.

‘කයිකාවලෙහි දැකැ සෙබළුන් රැකැ සිටින’ යැයි ජයවද්දන පුර අසැ වු කයිකාවල සඳහන් කළ හ සිරි රගල් හිමියෝ. රුපුන් එනු වළක්වනට සෙබළුන් රැකැ සිටිනා නඳවුරයි ‘කයිකාවල’ යන්නෙන් අඟවන්නේ. ‘පරතරයකය’ යනුත් ඒ මැයි. පර දෙසින් පැමිණෙන සතුරනට මුහුණ පෑ සටන් කිරීමට සැදී සෙබළුන් සිටිනා කඳවුරෙකි ඒ. මේ පරතරකයද අද අවට ගම් වැසියන් විසින් සදහනු ලබන්නේ ‘කයිකාවල’ යන නමිනි.

මෙ තැන ඇත්තේ හැටියට සඳහන් නළෝ මියුරු අසුන් කරුවෝය.

‘පර තෙර පැමිණි අවි සිප් සමුදුරේ දුර වර තර සරම ඇමි ලෙසැ දනැ ගත් පවර වැර සර සමරැ සෙබළුන් රඳනා නිතොර පර තර කයේ කය සතපා යත් මිතුර’

යනුයි මියුරු අසුන් කර පවසන්නේ. ඒ තමා ඇත්තේ වැනුම. තිසර අසුන් කරුවෝ එහි පොල් උයනක් සඳහන් කෙරෙති. ගිරා අසුන් කරුවෝ:-

‘දිව ස ර කය රුසිරින් පෑ දන සකය සැදි අලකය ඇඳැ නළලතෙහි තිලකය සිටි නිසැකය ළඳ කොමළඟනන් දැකය පර තරකය වැදැ යව මගැ නො වැළැකය’ යැයි කොවුල් අස්න මැ අනුවැ යැයි.

කඳවුරක් ඇති තැනකට ගෑනුන් ගේ පිවිසීමට අසීරු වූවත් එක එක රැස බසු කියමින් සෙබළුන් ගේ දැඩි බව මග හරවමින් ඔවුන් එහි අදුණු බව පෙනේ.

රසිකය, එකිනෙකය, වෙරළසකය, දන සකය, දැකය,තුරඟය යන ‍තන්හි ‘ය’ යනින විරිතන් එළියක් නිසා වූයේයැ.


අරුත් වියකන එකිනෙක = එකින් එක වෙරළසක = වෙරළ අසෙකැ සුරසර = සුර අසර

88 නි ල් ල දුලන වරලස ගවසා මලින තු ල් ල කළැකි සරඟන වරඟන යනෙන වැ ල් ල වෙතැ මැ සැදි නඳුනුයනෙවි සොබන නි ල් ල පොළය වැදැ යා ගන් විඳැ පවන

88. සුරඟන තුල් (ල) කළැකි වරඟන නිල්ල ඳුලන වරලස මලින ගවයා යන එන, වැල්ල වෙතැ මැ සැදි කඳුන් උයන එම සොබන නිල්ල පොළය වැද පවන විදැ යා ගන්.

දෙව් ලියනට සම කළ හැකි කුල කතුන් නිල් පැහැය දිලෙන්නා වූ කෙස් වැටිය මලින් ගවයා යන එන, වැල්ල (මූදු වෙරළ) අසලැ මැ නඳුන් උයන සේ සැරැසී සිටිනා, හොබනා වූ නිල්ල පොළට වැදි පවන විදැ යා ගත්.

නිල්ල පොළ මූදු වෙරළ අසැ මැ පිහිටියේ වෙයි. එහි වන රොද හොබනේයි. නඳුන් උයන සේ සැදී සිටිනේයි. එහි කුලඟනෝ යති එති. ඌ තුමූ නිල්වරල ඇත්තෝයි. නිල් වරලේ මල් ගවසා ඇති. එ සෙයින් සෑදුණු ඔවුන් දෙව් ලියන් හා සම කළ හැකි.

නඳුන් උයන නම් තව්තිසා දෙව් ලෙවේ ඇතැයි යෙත මල් වත්තෙකි. මූද අසැ වූයෙක් එහි පවන් හමයි විඳිනට. කොවුල් ස‍ඳෙස් පරෙව් අසුන් කරුවෝ:- නි ල් ල ද ළ ය වන පෙතැ මුව ගණ කෙළන වැ ල් ල තු ළ ය මුතු රැස තුල මන නඳන වැ ල් ල දූ ළ ය කුසුමැති තුරු සුමු සොබන නි ල් ල පො ළ ය දකිමින් එ පිටැ යා ග ත’ යන්නෙන් නිල්ල පොළ යඳහන් කෙරෙති. කළැකී = කළ හැකි සුරඟන = සුර අඟන වරඟන = වර අඟන යනෙන = යන එන නුදුනුයනෙව් = නඳුන් උයන එව්


89 පින ආසය සිත වඩිමින් නොපටු කොට පැන ආසය සෙද ගොස් රම් ගිය රඟට වන වාසය බවයෙහි නො වනුව තොපට වන වාසය වෙහෙරෙහි වඳුව මුනිඳුට

89. සිතැ පින ආසය නො පට කොටැ වඩමින් ආසය පැනැ රම් ගිය රඟට සෙද ගොස්, තොපට බවයෙහි වන වාසය නො වනුව වනවාසය වෙහෙරෙහි මුනිඳුට වඳුව

සිතෙහි පින් ලොබ පටු (සිගිත්) නො වන සේ වඩා ගත්මත්, අහසට පැහැ (නැගී) රාම ශරය සේ වහා ගමන් කොටැ තොපට මේ සසාර්දී වෙතෙහි විසිමක් නො වනු පිණිසැ වනවාස වෙහෙරේ බුදුන් වඳුව.

රම් භීය (රාම් ශරය) යන්නෙන් මේ දිවයින් වැසියන් අඳුනන්නේ කිසි රැයෙකැ අහසේ ඇත් වී දැඩි වෙයින් ගමන් කරන එළිය දහරමයි.

අරුත් වියකන බෙන් තොටට නුදුරේ වූ වනවාස වෙහෙර ඉතා පසිඳු එකෙකි.

90 හි ම් කො ට නො දත හැකි මෙ තෙකැයි පුලු පු වල ග ම් ව ට සැදුණු මන හර වෙහෙරින් විපුල හෙ ම් ප ට පිළි සැදි වෙළඳුන් ගෙපිඵිවල බෙ ම් තො ට මෙ සිරි දැකැ ලබ ත නෙත ලත් පල

90 මෙ තෙකැයි හිමි කොටැ නො දත හැකි පුලුපු වල මන හර විපුල වෙහෙරින් ගම් අවට සැදුණු, වෙළෙඳුන් ගෙ පිළිවෙලැ හෙම් පට පිළි සැදි, බෙමිතොටැ මෙ සිරි දැකැ ත නෙත ලත් පල ලබ.

මෙන්නැ මේ දක්වායි ඉමක් කොටැ නො දැත හැක්කා වූ පොල් වනයෙන් යුත් වූ, සිත් ගන්නාසුලු මහ වෙහෙරින් අවට ගමි දැදී ඇති, වෙණද දනන් ගේ නිවෙස් අසැ පිල් කඳු මත්තේ රන් කමි කළ පට රෙදි සැදි ඇත් බෙන්තොටැ ඒ සැපත් දැකැ තා ඇස් ලැබූ පල විඳු.

පුලුපු වල (පොල් වනය) යැයි මේ සදහන් කරනට ඇත්තේ දඹ දෙවි අවදියේ දී බෙන්තොටැ සිටැ කළු තොටට කරවන ලද පොල් උයන වෙන්නට ඇති.

‘ගෙ පිළි’ යන තැනැ ‘පිළි’ යනු ‘පිළි’ යන්නේ බුහු බසයි. අද වහරේ ‘පිල්’ යැයි ඒ සිටි. ‘පිළි’ යන බුහු බස් පදයට බුහු බස අඟවන ‘වල්’ යන්න එක් කොටැ ‘පිළිවල’ යනුයෙන් යෙදීම හැඩ මදි. ‘පිළි යන්නේ බුහු බසු පදය ‘පිල්, පිළි, පිළිවල’ යන තුන් අයුරින් එක් ඇසුරකට තිබනු යෙදෙනත් ‘පිළිවල’ යැයි තිබීම ‘රටවල්වලැ’යි තිබන්නා සෙයින් නුසුදුසු වෙයි. 91 ව ළා වළඟ ලෙළ සොබනා ළ පෙම් කරු ස ළා දෙමින් කෙළෙනා ළදඟන සොඳුරු තොළා දෙ ඇසි පිය මගමින් වෙමින් තුරු ක ළා වියෙන් එ නෙර වැ යා කර මිතුරු

91. මිතුර, වළා වළඟ ලෙළ, සොබනා, ළපෙම්කරු, සළා දෙමින් කෙළනා සොඳුරු ළඳ අඟන ඇසි පිය නොළා බලමින්, තුරුවෙමින් කළාවියෙන් එ තෙරැ වැ යා.

යහළුව, සිහින් වූ ඉඟ ලෙල දෙන, ඔබින්නා වූ, සිතට පෙම උපදවන,(දිය) සුම් නංවමින් කෙළනා මනා වූ අඟයන් ඇසි පිය නො හෙළා බලා සටුතු වෙමින් කළාවියෙන් එ ගොඩැ වී ගමන් කරන්නැ.

කළාවිය නට දැන් කළුවා මෝදර තම තැනින් මුදු වදිනා දිය පාර යි. එ දා එහි සොඳුරු ළද අඟනෝ දිය සුළි ඇති කෙරෙමින් කෙළ කෙළැ නෑ හ. එ ළද අගනෝ (උකුළ පුළුල් හෙයින්) ලෙළවනු ලබන සිහින් ඉඟ ඇති, දුටත් ගේ සිතැ පෙම් ඇති කරවන දනෝ වූ.

92 මි තු රු දැකැ රැගෙනැ තුබුවා සේ රුවල ය තු රු කළ කරඬු මුතු මිණි තාරු කැල අ තු රු නො හැරැ සැදි සල් පින් නේ රුවල මි තු රු යතුරු කැරැ නරඹන් බ්රෙවල

92. මිතුරා, මිතුර දැකැ තාරුවල රැගෙනැ උරුවලෑ තුබුවා සේ මිණි මුතු මිණි කරඬු යතුරු කැරැ අතුරු නො හිරැ සැදී, නේ රූ අචල, සල්පිල්, (ඇති) බේරුවල යතුරු කුරැ නරඹන්.

ඉරු දැකැ තර රැස ඇරැගෙන උරි තුළ දමා තුබූ සෙයින් ම්ත මැණික් කරඬු යතුරු දමා අතරක් නො තිබා සෑදූ, නො එක් රූ ආකූල වෙණද පිල් ඇති බේරුවග ගොස් දකින්නැ.

රුවල = රූ අවල (තුන් වන පියේ) බේරුවලැ සල්පිල් ගැවැසියේයි. එ පිල් මත්තේ අතුරු නො පෑ පිළියෙළ කළ මුතු මැණික් කරඬු ඇති. ඒ පෙනෙන්නේ ඉර දැකැ තරු රැස අතුරුදන් නො වියැ දි ඇරැ නෙනැ කුඩා පෙට්ටි තුළැ දමා යතුරතු ලා තුබූ අයුරින්.

අරුත් වියකන

93 ම ත් ග ත කුළු ගණ සා තුරු බර පලය අ ත් ගෙ න සිටැ කෙළින් මියුරු තොපලය සි ත් ගෙ න ලිය සරනා සලෙළු තැපලය ම න් ගො න දැකැ නෙත් සනහමින් නො පලය

93. මන් ගන කුළු තුරු පල (ය) බර ගන සා අන් ගෙනැ සිටැ මියුරු තෙපල (ය) කෙළිනා ලිය සිත් ගෙනැ තැපල (ය) සලෙළු සරනා මන්ගොනැ දැකැ නෙත් සනහමින් තො පල (ය).

මුදුන් වැහි වලා බඳු ගස්හි පෙලෙන් බර, ගන වූ අතු අල්ලා ගෙනැ මිහිරි තෙපලින් යුතු වැ කෙළිනා ලියන් ගේ සිත් ගන්මින්, චපල වූ සුලෙළ දනන් ගැවැසෙන මග්ගොන දැකැ ලා ඇස් සනහා ගෙනැ තෝ පල.

94 වයියාකරණ නන්- දෙමළ කිවියුර රඳනා

  	 	පයියා ගල වෙහෙරැ-

මුනුඳු දැකැ නැමැඳැ යව සතොසින්

94. නන් දෙමළ කිවියර රඳනා පයියාගලැ වෙහෙරැ මුනිඳු දැකැ නැමැදැ සිත සතොසින් වයි යා කරන්.

නො එක් දෙමළ කවි කරුවන් රදන්නා වූ පයියාගල වෙහෙරේ බුදු රජු දැකැ නම කැරැ සිතේ සතුට ඇති වැ වහා ගමන් කරන්නැ.

මුනිඳු = මුනි ඉඳු

95 ව ත සි සි තු ල් ල දිගු නෙත නිලුපුල පුල්ල තු නු සි යු මැ ල් ල විසිතුරු රන ලිය දුල්ල ළ ඳ ලි ය ගො ල් ල කෙළිනා තුරු සෙවණැල්ල දැ කැ සකි ලොල්ල නො කරන් සිටැ කලඹුල්ල

95. සකි, වන සිසි, දිගු නෙත පුල් (ල) නිල් උපුල, සියුමැල්ල තුනු විසිතුරු දුල්ල රන ලිය තුල් (ල) තරු සෙවණැල්ල කෙළිනා ළඳ ලිය ගොල්ල කලමුල්ල සිටැ දැකැ ලොල් (ල) නො කරන්.

සහළුව, මූණ සඳ (වැනි වූ) දික් වූ ඇස පිපුණු නිල් උපුල (සම) සුකොමල සිරුර විසිතුරු වැ දිලෙන රන් වැල වැනි වූ, රුක් සෙවණ ඇත් තන්හි සෙල්ලම් කරන තුරුණු අඟනන් සමූහ කලමුල්ලේ සිටැ දකිමින් (ඔවුන් කෙරේ) ලොල් බව ඇත් නකාටැ කො ගනින්.

කලමුල්ලේ තුරුණු ලියෝ ගොලු ගොලු වී හෙවත් සමූහ සමූහ වැ රුක් සෙවණේ කෙළිති. ඔවුන් ගේ මූණ හඳ බඳුයි. ඇස් නිල් උපුල් වැනියි, සිරුර විසිතුරු රක් වැල වැනියි, මුදු මෙළෙක් ගු‍ණෙන් යුතුයි.

නිලුපුල = නිල් උපුල තුල්ල (තුල්), පුල්ල (පුල්), සියුමැල්ල (සියුමැලි), දුල්ල (දුල්), සෙවණැල්ල (සෙවණැල්ලේ), ලොල්ල (ලොල්) යන සියල්ල එළි විකාර යි.

19 ලැඟුම් (4)

96 තුං ගා අවර ගිරි සිරි දිනිඳු පත් වර නං ගා මදන එන සඳ සේ සත් පවර ගං ගා තිලක වෙහෙරෙහි මුනිඳු මනහර හැං ගා ලෙසින් වැඳෑ ලගු තැනෙකැ ම මිතුර

96. ම මිතුර, දිනිඳු තුංගා අවර ගිරි සිරැ පත් වරැ, මදන පවර සද සේසත් නංගා එන, ගංගාතිලක වෙහෙරෙහි මනහර මුනිඳු හැංගා ලෙසින් වැඳෑ තැනෙකැ ලගු. මා යහළුව, හිරැ උස් වූ අවර ගිරි මුදුනට පැමිණි විටැ අනංගයා උතුමි සඳ නැමැති සේසත ඉහළට නංවමින් එන විටැ ගංගාතිලක වෙහෙරේ සිත් ඇදැගන්නාසුලු බුදු රජු, හිතුණු හැටියකට නම කැරැ තැනෙක්හි ලගින්නැ.

දිනිඳු = දින ඉඳු නංගා = නඟවා මුනිඳු = මුනි ඉඳු

අරුත් වියකන තුංගා (තුඟු), යනු එළි පෙරැළි යි. 20 නික්මුම් (4)

97 අ ත් ගිරි තුරු සිරැ පුල් මල් පල පතර ග ත් ලෙස පෙනෙන සගතරු මිලි සිසිරකර සි ත් ලෙසැ ලැගා නිවෙසින් නැගි සිටැ මිතුර ය ත් මැනැවියැ දැකැ දිසි උදයගැ මිතුර

97. මිතුර, අන් ගිරි තුරු සිරැ පුල් මල් පතර පල ගත් ලෙසැ සහතුරු මිලි සිසිර කර පෙනෙන ලැගි නිවෙසින් නැගි සිටැ උදය අගැ දිසි මිතුර දැකැ සිත් ලෙසැ යත් මැනැවි යැ.

යහළුව, අවර ගිර නැමැති ගස මුදුනේ පිපුණු මල් ද මහත් වූ පල (ගෙඩි)යක් ද අට ගත් සේ තරු සහිත, බැබැළීම් රහිත වූ හෙවත් කිළිටි පැහැ වූ හඳ පෙනෙන විටැ ලැඟුම් ගත් තැනින් නැගී සිටැ උදා ගිර මුදුනේ පෙනෙන හිරු දක්මින් කැමති පරිද්දෙන් යනු මැනැවි.

අවර ගිර ගසක් හැටියට සලකත් හොත් අලු යමැ හඳරස් බැසැ ගොස් කිලිටි පැහැ ගත් හඳ- එ ගස මුදුනේ අට ගත් පලක් හැටියටත්, තරු රැස එ ගසේ මල් හැටියටත් ගණන් ගන්නට හැකියි. මේ කිම:-

‘පැ දු ම් නිසල් සල් තුරගෙහි රැඳි මහරූ කු සු ම් කැනෙකැ සිරි හිරු නො මැ ලබන තුරු’ යන තිසර අසුන් කරු ගේ පැවැසීමේ අනෙක් පිට යි.

රස් රහිත සඳ අවර ගිර මුදුණේ සිටිනු දක්නා ගස් අසුන් කරුවෝ මෙ කියත්:- ‘නො හැර සසල බව කර දි අවරතට එ ත ර දිනිඳු පැහැ පැහයූ ඇති බැවින් බට තු ස ර කිරණ බිඹු රග ඇති රගින් දුට මි තු ර ගැඹුර නිලකුණ සිහි වේ යැ තට’

කොවුල් අසුන් කරු පලක් ‍ෙකාට පෙන්වන්නේ ද එ ඇති රගින් පෙනෙන හඳයි.

21 මඟ වැනුම් (4)

98 දො ඹා සිළිල් කෙළිනා ලිය තෙනිඳු වර ප බා සුනිල් රැඳුණෙව් රුදු දිය දහර ස බා පහන් කළු ගඟ ලෙළ රළ පතර නො බා සෙමෙන් එ නෙරැ වැ පලයන් මිතුර

98. මිතුර, දොඩා සිලිල් කෙළිනා ලිය නෙත් ඉඳුවර සුනිල් පබා රුඳු දිය දහරැ රැඳුණු එව් සබා පහන්, රළ පතර ලෙළ, කළු ගඟ, නො බා, සෙමෙන් එ තෙර වැ පලයන්.

යහළුව, (ඉවුරේ සිටැ හෝ, රුක් අතු දොඹ අටලු ඈ යමෙක් හි සිටැ හෝ) දියට පැනැ දිය කෙළිනා ගෑනුන් ගේ ඇස් නැමැති මානිල් මල්හි තද නිල් පැහැය මහත් වූ දිය කඳට පෙවුණා සේ පවතින් මැ පෑදී පවත්නා, රළ සමුහය ලෙළ දෙන කළු ගඟින් සිතට බිය නො ගෙනැ සෙමෙන් සිටැ එ ගොඩැ වී ගමන් කරන්නැ.

කළු ගගේ ලියෝ දිය කෙළිති එ පිණිසැ ඌ උස් තැනැ සිටැ ගඟට පනිති. ‘දොඹ’ හෙනවායි කියන්නේ එ සෙයින් උඩට නැඟැ දියට පනිනවාට යි. කිසි තැනෙකැ එ සෙයින් නැඟැ පීනීම පිණිසැ නංවන ලද මැසි ඇත්තේ යි. එ මැසි ‘දොඹ අට හලු’ යන නමින් දන්නා ලැබේ. ‘කතක මුත් වරල්-දොඹ හෙත් හිවි අවට දැලැ’ යන කවි සිළුමිණි කරුවන් ගේ පැවැසීමේ ‘දොඹ හෙත්’ යැයි සඳහන් වන්නේ උසැ සිටැ දියට පිනීමයි. ඔවුන් මැ:-

දිගැසියක නිරිඳු-නැගෙන‘ස ‘දොඹ හල්ලට’ යන්නෙන් සඳහන ‘දොඹ අට හල්ල’ නම් දියට පිනීම පිණිසැ නගිනා මැස්සයි. එහි එ අඟන දොඹ අට හල්ල හැටියට ගත්තේ රජු ගේ උර හිස යි. එ හෙයින් ‘නිරිඳු අස දොඹ අටහල්ලට නැගෙන’ යනු කීයේ.

අරුත් වියකන

කළු ග‍ඟේ දිය කඳ ඉතා මහත් යැ. ඉතා පහත් යැ. පහන් (පෑදි) දිය සුනිල් පහැ වේ. කළු ගඟට එ නම ලැබුණේ ද දිය ක‍ඳේ සුනිල් පැහැය නිසා යි. දිය කෙළියට මෙ ගඟට පනිනා ලියන් ගේ ඇස් සුනිල් යැ.මානිල් මල් බඳු වැ සුනිල් යැ. මෙ ග‍ඟේ මහ දිය කඳ සුනිල් පැහැ වූයේ එ ගෑනන් ගේ මානිල් මල් වන් ඇස්හි කලුම් රුඳීමෙන් සේයි දුටුවන් හගින්නේ.

නෙතිඳුවර = නෙත් ඉඳුවර රැඳුණෙව් = රැඳුණු එව් 99 පි හි දි පුලුපු වල සුහුඹුල් කුමුකු තුරු වි හි දි සුවඳ අඹ කැනිනි විසිතුරු සු සැ දි වතු පෙළින් මඟ දෙ පසැ නිරතුරු පැ හැ දි මෙ සිරි සර දැකැ යන්නැ මමිතුරු

99. පිහිදි පුලුපු වල, සුහුඹුල් කුමුකු තුරු, සුවඳ විහිදි අඹ රඹ කැනිනි විසිතුරු වතු පෙළින් මඟ දෙපස අතුරු නිති සුසැඳි. ම මිතුරු මෙ සිරි සර දැකැ පැහැ දී යන්නැ.

පීදුණා වූ හෙවත් මල් අටගත් පොල් වනය යැ, සරුවට වැඩුණු පවකි ගස් යැ, සුවඳ පැතිරුණා වූ අඹ යැ, කෙසෙල් කැන් යැ යන මෙයින් විසිතුරු වූ වතු යායෙන් පාර දෙපැත්ත අතර පියෙස මනා සේ සැරැසුණේ යි. මා යහළුව මේ සිරි සාරය දක්මින් ගමන් කරන්නැ.

පාර දැලේ පාරටත් ඒ ඒ පසටත් අතරැ ඇත්තේ වතු යාය යි. එහි කැලෑ සෙයින් වැඩුණු පොල් ගස් ඇති, මහ සරුවට වැඩුණු පුවක් ගස් ඇති, අඹ කෙසෙල් කැන් යන දෙ වගේ සුවඳ පැතිරී යයි. එ අයුරු සිරියෙනි සරු පියෙස දක්මින් යන්නටයි ඒ කීයේ.

දෙ පස තුරු = දෙ පස අතුරු


100 ක ළු වැ ල් කපුරු දුමිනුදු සිරිනි රන් වැට සු වි පු ල් මිහිඟු සක් සත්නමිනි හැම විට ම න ක ල් මෙ ලෙස පවතින පුදු නිසි ලෙසට පැ හැ දු ල් ගණ්ඳු කෝවිල දැකැ යන් නො සිට

100 රන් වැට සිරිනි කළු වැල් කපුරු දුමිනුදු, සුවිපුල් මිහිඟු සක් සින්නමිනි හැම විට මෙ ලැසැ නිසි ලෙසට පවතින පුද ඇති, මන කල් පැහැදුල් ගණ්ඳු කෝවිල දැකැ නො සිටැ යන්.

රන් වැටි (පහන්) සැටි ගෙනැ දැවෙන කළුවැල් කපුරු යන දැයේ දුමිනුත්, මහත් වූ මිහිඟු, සක්, සිත්තම් නදිනුත් සියලු වේලෙහි සුදුසු පරිද්දෙන් මේ අයුරින් පුද පවත්නා සිත් ඇදගන්නා සුලු පැහැපත් වැ බබළන ගණිඳු කෝවිල දැකැ නො සිටැ යන්නැ.

කෝවිල් කොයි එකෙත් පුද පවත්නේ එක් ලෙසට යි. ‘ක ළු වැ ල් කපුරු දුම තුළැ ලෙළෙන දද පෙළ සු වි ස ල් මිහිඟු සක් සන් මිණි හඬ වතළ කැ රැ ලො ල් සතන් පවසන කියූ ගී දෙමළ ම න ක ල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ’

යැයි සිරි රහල් හිමියෝ ඉසුරු කෝවිලකැ පුද පවත්නා සැටි වදාරති. පැහැදුල් = පැහැ උඳුල් ගණිඳු = ගණ ඉඳු